Sunday, 25 March 2012

කදවුරු ජීවිත ( කෙටි කතාව )

ඈතින් පේන වණ ලැහැබේ රූස්ස ගස් වලට පහලින් හිරු බැස යන හැටි මම හැමදාම වගේ බලාගෙන හිටියේ පහුවදාට මේ වණ ලැහැඹට ඉදිරියෙන් තියෙන තැනි තලා බිමින් නැගෙන හිරු වෙනදාට වඩා ලස්සන උදාවක් වේවියි කියලා බලාපොරොත්තුව.. ඒත් පහුගිය අවුරුදු තුනම බලාපොරොත්තුව හිතේ එකතු උන තවත් එක සිතුවිල්ලක් විතරක්ම කරලා ගෙවිලා ගියේ මේ ජීවිත වල වටිනාකම කොයි වගේද කියන එක ගැන කාටවත්ම නොතේරී වීම ඇත්තටම පුදුමයක්..

මොනවද බං ඔතන්ට වෙලා තනියම කල්පනා කරන්නේ?”

කල්පනා කරන්නත් දේවල්ද නැත්තේ..”

අවුරුදු තුනකුත් දන්නෙම නැතුව ගෙවුනා..”

හ්ම්ම්ම්.. ඒත් අපි තාම එකම තැන.. වෙලාවකට හිතෙනවා කූඩු වෙලා කියලා..”

උඹට විතරක් නෙමෙයි බං.. මෙතන ඉන්න කාටත් දැන් ඕක දැනිලා තියෙන්නේ.. ඒත් ඉතින් අපි කොහේ කියල යන්නද?”

වචන පෙලම දිගු නිහැඩියාවකට අත වැනුවේ ඒකට හරි උත්තරයක් දෙන්න අපි දෙන්නගෙන් කවුරුවත්ම නොදන්න නිසා.. අපි දෙන්නා තියා එදා අපිත් එක්ක ආපු කවුරුවත්ම මේකට උත්තරයක් දන්නේ නෑ.. අපි කොහේ කියලා යන්නද?

...................................

අම්මේ නංගිවත් අරන් ඉක්මනට යන්න.. කොටි ගහනවා..”

කාලයක් පුරා සුපුරුදු වෙඩි හඬ අද වෙනදට වඩා ලගින් ඇහෙද්දි ටිකෙන් ටික හැම අතකම පැතිරිලා ගිය විලාප හඩ අපේ ජීවිත වලට වෙනදට වඩා මහා බයක් අරගෙන ආවේ මේ අවාසනාවට සාප කරගෙනම.. ඇදි වත විතරක්ම ඉතුරු වෙද්දි ජීවිත කාලයක් අමාරුවෙන් ඉතුරු කරපු හැම දෙයක්ම ගිණි ජාලා අතරට එකතු වෙද්දි තමන් ආදරය කරපු අය පවා ගිණ්නේ පිලිස්සෙනවා දකින්න තරම් අවාසනවන්ත උන මේ දෑස් වලින් එකින් එක කඳුළු බිංදු කඩාගෙන වැටුනත් කඳුළු කවුරුවත්ම දැක්කේ නෑ..

පුතේ අර වජිරා නේද?”

ඔවු අම්මේ.. තාමත් හුස්ම ගන්නවා..”

යන්තමින් හරි හුස්ම පොද වැටෙන කිසිවෙකුවත් පාපතරයන් ලග අන්තිම හුස්ම හෙලන්න තනි නොකර ගමන කොතරම්ම අපහසු උනත් පුළුවන් තරම් දුරක් ඔවුන් රැගෙන ආවේ ඒත් මම වගේම මනුස්සයෙක් නිසා.. අදුරු වණ ලැහැඹ අතරේ නොපෙනි යද්දි ගවු ගානක් දුරට ඇසුන මහා සද්ද මායිම් ගමේ ඉරණම වෙනස් කලේ කිසිවක් ඉතුරු නොකරම..

.........................

මොනවද  උඹ පාර තනියම කල්පනා කරන්නේ?”

කාලකණ්නි දවස ගැන..”

දැන් අපි ගැන කොච්චර කල්පනා කලත් අතීතය වෙනස් කරන්න බෑ බං..”

ඒත් අපිට අනාගතයක් නැද්ද?”

ඇයි මොකක්ද මේ ජීවිතේ තියෙන නරක?”

අපේ කතා බහ අතරට ඈත තියාම උපහාසෙන් සිනාසී ආ ඔහු අපි හැමෝම ජීවත් වෙන්න අකමැති උන ජීවිතයෙන් මිදෙන්න කොහෙත්ම ආසාවක් නැති වූවෙක්..

“ ඔව් උඹලට නම් ඉතින් මේවයේ බරක් පතලක් තේරෙන එකක්යැ.. හම්බුවෙන දේ ගිලලා ඉන්නවා මිසක්..”

“ ඇයි දැන් උඹ කියන්නේ ඒක වැරදි කියලද?”

“ ඔව් ඉතින් උඹලා ඒ දවස් වල කලෙත් පිංබත් ගිලින එකනේ..”

“ මොකක්ද උඹ කිවුවේ?”

“ ඒයි.. නවත්තපල්ලා උඹලා දෙන්නම..”

හැමදාමත් මේ දේ ගැන කතා වෙද්දි වචනයෙන් රණ්ඩුවට යන ඔවුන් වෙලාවකට මහාම හිසරදයක් උන නිසාම මා ඔවුන් දෙපැත්තකට කලේ කාගෙවත් අදහස් වලින් ගත යුත්තක් නැති නිසාම..

“ උඹල දෙන්න මරා ගත්තා කියලා ප්‍රශ්ණ විසදෙන්නේ නෑ..”

“ අන්න අදත් ඇමති තුමා එනවා කියන්නේ..”

“ අදවත් එහෙනම් අපිට හොද උත්තරයක් ලැබේවි.. අනිත් කෑම්ප් එකේ හිටපු උන්ටනම් ආයෙම ගමට යන්න පුළුවන් වෙලා..”

“ උන්ට ඔය හිටියටත් වඩා හොද ගෙවල් ලැබිලා තියෙන්නේ.. ඒකයි මම කිවුවේ මෙහෙම ඉන්න එකේ වරදක් නෑ කියලා..”

“ යමං එහෙනම් බලන්න.. අදවත් මොකද කියන්නේ කියලා.. උඹ එන්නේ නැද්ද යන්න?”

“ ඔතන්ට ගියා කියලා වැඩක් වෙන්නේ නෑ.. උඹලා පලයල්ලා..”

බලාපොරොත්තු කියන දේවල් මිරිගුවක් විතරයි කියලා මේ අවුරුදු තුනට හොදින්ම තේරුම් ගිහින් තියෙද්දී තවත් බොරු බලාපොරොත්තු හිතේ පොදි බැද ගන්න බැරි නිසාම ඔවුන්ගේ කතා අහන්නට නොයන්න තීරණය කලේ දහවල් ඔය ආරංචිය ඇහුණ වෙලාවෙම.. බලාපොරොත්තුවක් හිතේ තියාගෙන දවසින් දවස දකින හීන මේ කාලේ කොතරම් බිද වැටුනත් තාමත් සමහරු ඒ බලාපොරොත්තු පස්සෙම යන්නේ ඇයි කියලා තේරුම් ගන්න බෑ..

හෙමින් හෙමින් ගස් අතරේ සැගවිලා ගිය හිරු අන්ධකාරයට ඉඩ දීලා නැති වෙලා යන්න ගිහින්.. මේ අදුර අතරෙම ගෙවුන ඒ කුරිරු දවස් මේ විදිහට අපේ ජීවිතයට අන්ධකාරයක් එකතු කරද්දි ඒ අදුරෙම වැළලුන උන්ගේ වේදනාව ඒ සාපයම, පාපතරයන්ව නසලා ඉවරයි..

.................................

“ පුතේ වජිරා..”

අදුර අතරින්ම ජීවිතය බේරගන්න දුවද්දී රහසේම ජීවිතයට සමුදීලා තිබුන ඇගේ නිසල සිරුර හිතට ගෙනාවේ තවත් එක් බරක් විතරක්ම නොවුනේ ඇය මගේ ජීවිතයම උන් නිසා..

“ පුතේ..”

“ නවතින්න එපා අම්මේ..”

කුරිරු අවි ගත්තෝ පස්සෙන්ම එලවන් එද්දි හිතේ වේදනාව කොතරම් තිබුනත් ඇය වෙනුවෙන් මොහොතක් නොනැවතී ඇගේ නිසල සිරුර දෑතින් අරන් දිව ආවේ ඇය වෙනුවෙන් අවසානයේ මට කලහැකි එකම දෙය එයම පමනක් උන නිසා.. තැනින් තැන ආලොකය නංවමින් හඩ නැගුන වෙඩි හඬ කාගේ තුවක්කුවෙන්දැයි කියන්නට නොහැකි තරමටම රජ උන අදුර හිතේ තිගැස්ම තව තවත් වැඩි කලා..

“ ඉක්මනට මේ පැත්තට එන්න..”

වෙඩි හඬට වඩා ඉහලින් ඇහුන ඒ සෙනෙහෙබර හඬ අදුර අතරින් දුව ආ ගමනේ අවසානය උනා..

“ ඉක්මනට මෙයා ගැන බලන්න..”

මා දෑතේ නිසලව උන් ඇය ගැන තව වරක් සොයා බලන්නට මගේ හිත උනන්දු උනේ බිදක් හෝ පණ නල ඈ ලග රැදිලා ඇති කියලා හිතුන නිසා.. ඒත්,

“ අපිට සමාවෙන්න..”

ඒ වචන පෙල අතරේ මා සතු හැම දෙයක්ම අහිමි උනා යන නිහඬ පනිවිඩය සවනත වැටෙද්දි දෑසින් කඳුළු බිදු එකින් එක වැටුනේ ගෙවුන හැම මොහොතකටම සාප කරගෙන..

................................

“ අදත් හරි උත්තරයක් නෑ.”

හිත පුරා අරක් ගෙන තිබුන මතකයෙන් මොහොතකින් මිදුනේ මා මිතුරාගේ බලාපොරොත්තු බිදුන හඬ නිසා..

“ ඇයි අද මොකද කිවුවේ?”

  තව අවුරුද්දක් වත් යාවි කියන්නේ..”

“ හ්ම්ම්ම්.. තවත් එක බලාපොරොත්තුවක්..”




නිමි..




62 comments:

  1. ඇඩුනද මන්දා...
    මේ වගේ සිද්ධි කොච්චර නං තියෙන්න ඇද්ද?

    ReplyDelete
    Replies
    1. මේ සම්බන්ද දේවල් වැඩියෙන් ඇහෙ කාලයක් පහු කරගෙන අපි අද මේ ඇවිත් ඉන්නේ..

      Delete
  2. හ්ම්ම් බලාගන යනකොට කදවුරු වල ඉන්න අය විතරක් නෙවෙයි අපි හැමෝම අලුත් බලාපොරොත්තු ඇති කර ගන හැමදාම ඒ බලාපොරොත්තු පස්සේ යන යාත්‍රිකයෝ තමයි

    ReplyDelete
    Replies
    1. එකගයි.. බලාපොරොත්තුවක් ඉටු වෙද්දි හරි බිදෙද්දි හරි ආයෙම අළුතින් බලාපොරොත්තුවක් හිතේ තියාගන්න අපි පුරුදු වෙලා ඉන්නේ..

      Delete
  3. හ්ම්ම්..ගොතපු කතාවක් වුනත් ඒ කාලෙ කී දෙනෙක්ගෙ ජීවිත වල මේක ඇත්ත කතාවක් වෙන්න ඇත්ද?

    ReplyDelete
    Replies
    1. ගොඩක් කතා අපි ඇහුවා දැක්කා.. උදවු ඕන උන වෙලාවට උදවු කලා.. ඒ කාලය නිමා උන නිසාම අද ඔවුන් සතුටින්..

      Delete
  4. ඇත්තටම කතාව ගොඩක් ලස්සනයි දිනේෂ් අයියේ. අපි නොදන්නවා වුනාට කීදාහක් දෙනාගේ හිතේ මේ වගේ නොකියපු කතන්දර ඇත්ද. ?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මලයා.. වචන වලට නොපෙරලුන කතා බොහෝමයි මලයා..

      Delete
  5. මේ වගේ ඇත්ත කතා ඕන තරම් ඇති..

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ.. හිත් වල තියාගෙන දුක් විදිනවා ඇති..

      Delete
  6. මේත් මිනිස්සු පිරිසක් කියලා ඇයි අනිත් අය තේරුම්ගන්නේ නැත්තේ? එතනයි ප්‍රශ්නේ තියෙන්නෙ!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. ඇත්ත.. කන්න දුන්නා කියල විතරක් ප්‍රශ්ණ විසදෙන්නේ නෑනේ..

      Delete
  7. විශිශ්ට නිර්මාණයක්...සමාජයෙ අදුරු පැතිකඩක් පෙන්වා දුන්නා...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අයියේ..

      Delete
    2. වැඩිය හිතන්න පෙළඹෙන්නෙනැති පැත්තක්

      Delete
  8. සමාජයේ හැමදේම දේශපාලනීකරණය වුනාම සාමාන්‍ය ජනතාවගෙ හඬ,ඕනෑ එපාකම් නෑසී යනවා..

    ReplyDelete
    Replies
    1. ඒ දේවල් නෑසි යනවටත් වඩා අහන්න උත්සාහ කරන්නේ නෑ.. හැමදාම ඔවුන්ව ඒ තත්වෙම තියාගන්න කැමති කොටසකුත් ඉන්නවනේ..

      Delete
  9. වාසනාවන්ත රටක අවාසනාවන්ත මිනිස්සු....

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණ ඇත්ත කිරිල්ලී..

      Delete
  10. යුද සරණාගතයන්ට රටක් තියනවද...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. වැදගත් ප්‍රශ්ණයක්.. පහුගිය කාලේ එහෙම ගිය අයට වෙන රටවල පුරවැසිභාවය නම් ලැබුනා..

      Delete
  11. අනේ මන්ද අයියෝ.....

    මෙයාලට කවද ඉර පායයිඩ.....?

    ReplyDelete
    Replies
    1. අද හෙටම නැතත් ඉක්මනට ඒ දවස උදාවෙයි කියලා අපි ප්‍රාර්ථනා කරමු..

      Delete
  12. මේ රටේ මෙහෙම දෙබස් කියපු මෙහෙම හැඟීම් තෙරපගෙන විදවන ජීවිත එක්ක බැඳිච්ච මිනිස්සු අනන්ත ඇති..ඉන්න ඇති..

    උපරිමයි අයියේ!!!

    ReplyDelete
    Replies
    1. වාසනාවට ඒ කාලය නිමා වෙලා නංගී.. ඒ සුසුම් ආයෙමත් නොහෙලාවි..

      Delete
  13. මේ කොමෙන්ට් එක උඹේ පෝස්ට් එකට අදාල නැතිවෙයි ඒක් මේ පෝස්ට් එක කියවද්දි මට මතක්උන සිද්දියක්.
    මම වතාවක් දවස් දෙක තුනක නිවාඩුවකට මහියංගනේ මගෙ යාලුවෙක්ගෙ ගෙදරක නවතින්න ගියා. ඒ දවස්වල එහෙ ඇවිත් නතරවෙලා හිටිය මගෙ යාලුවගෙ ඥාතී නංගිකෙනෙක්. වයස අවුරුදු 15ක් විතර ඇති. මේ කෙල්ලගෙ වැඩේ මහ සද්දෙන් කෑගහනව හිනාවෙනව. එකම කරච්චලයයි. මට ඉවසන්න බැරිම තැන මම කෙල්ලට බැන්න. ටිකක් වෙලා මගෙදිහා ඇස්වල කදුලු පුරෝගන බලාගෙන හිටපු කෙල්ල මට කිවුව, "සමාවෙන්න අයියෙ, මම මේ කෑගහල හිනාවෙන්නෙ ජීවිතේ පලවෙනි වතාවට. හැමදාම කොටින්ට බයේ කදවුරුවලයි, බංකර් කානු වලයි නිදාගන්න අපිට කවදාවත්ම හිනාවෙන්න, සතුටින් කෑගහන්න ලැබිල නෑ" කියල. ඒ කෙල්ල මායිම් ගමක කෙල්ලෙක්. එතනින් එහාට මට හිතුනදේ කියන්නම ඒනෙ නෑ නේද ???

    ReplyDelete
    Replies
    1. ඇත්ත අයියේ.. ඒ මිනිස්සු කරුවලටත් සාප කරන්න ඇති.. කරුවල වැටිගෙන එද්දි තන්ගේ ජීවිත අවිනිශ්ච්තයි කියලා දැන දැනම ඔවුන් පුළුවන් තරම් ඒ අදුරෙම ජීවත් උනා.. ඉතින් එහෙම කෙනෙක්ගේ ඒ බය නැති වෙද්දි මේ විදිහට හිනා වෙන එක සතුටු වෙන එක පුදුමයක් නෙමෙයි..

      Delete
    2. කෙල්ල කෑගහපු සද්දේ ඇහිලා ඕනයව ඒ ගෙදරින් එලෙව්වා කියන්නේ ඇත්තද....

      Delete
    3. හැහ් හැහ් . . .ඒ ගෙදර කෙල්ලොම 6 දෙනෙක් ඔය කියපු නංගිත් එක්ක. මගෙ යාලුවා තමයි ගෙදර ලොකු කෙලී

      Delete
    4. එහෙනම් අයියා ඉඩ ලැබෙන හැම වෙලේම එහේ යන්න ඇති..

      Delete
  14. විඳින දුක පාලකයෝන්ට දැනෙන්නේ නැහැ නේ.

    ReplyDelete
    Replies
    1. දැනුනත් සමහරු නොදැනුනා වගේනේ ඉන්නේ..

      Delete
  15. සමාජයේ ඉතාමත් අදුරු ඛේදණිය පැත්තක් මල්ලි ලස්සනට ලියලා....

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අක්කේ..

      Delete
  16. මේ වගේ සිද්දි අනන්තයි අප්පා...ඒවගේ කාලයක් ආයි නො ඒවා කියන එක තමයි එකම පැතුම....

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ.. මේ නිසා දුක් විදපු මිනිස්සු ගොඩක් අපි අතරේ ඉන්නවා..

      Delete
  17. හිතට වදින්න ලියල තියෙනව

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ඔබා මාමේ..

      Delete
  18. මේ දෙය අත්විදි කෙතරම් පිරිසක් අපේ රටේ ඉන්නවද .... තාමත් සුළු පිරිසක් හරි ඉන්නවා මගේ හිතේ ....

    ReplyDelete
    Replies
    1. ගොඩක් දෙනෙක් නම් මේ තත්වෙන් දැන් මිදිලා ඉන්නේ.. ඒක ඇත්තටම සතුටක්..

      Delete
  19. සමහරු මැරෙන්න අහදන අද ඊයෙ අහ්බවෙච්ච කවුරුහරි දාල ගියාම..... මේ අය මේ තත්ව යටතේ ජීවිතේම ඉන්නව.... :(

    ReplyDelete
    Replies
    1. 100% එකගයි අලියෝ.. පොඩි එකා උනාට උඹ නියම කතාව කිවුවේ..

      ඔව් ඒ මිනිස්සු ජීවත් වෙනවා.. මොකද ජීවිතේ වටිනකම හරි හැටි තේරුම් ගත්ත නිසා..

      Delete
  20. තාමත් මෙහෙම අය ඉන්නවාද දන්නෙ නෑ...:((

    ReplyDelete
    Replies
    1. මාත් හරියටම දන්නේ නෑ.. ඒත් නැති වේවා කියන එක තමයි අපේ එකම ප්‍රාර්ථනාව..

      Delete
  21. මොනා කියන්නද කියලා හිතාගන්න බෑ.. හරිම සංවේදී :(
    මේවගේ කොච්චර මිනිස්සු දැනටත් ඉන්නවා ඇද්ද.. ඒ අතින් අපි කොච්චර වාසනාවන්තද..

    ReplyDelete
    Replies
    1. අපි වාසනාවන්තයි නම් තමයි.. ඒත් ඔවුන් අවාසනාවන්තම නෑ නංගී.. ඔය කදවුරු වලින් අයින් උනාම ජීවිතය වාසනාවන්ත කර ගන්න හැටි ඔවුන් දන්නවා..

      Delete
  22. යථාර්තයක් ලස්සනට අකුරු වලට අමුණලා තියෙනවා. මේ අත්දැකීම විඳවන අයත් කී දාහක්නම් ඇතිද මේ මහ පොලවේ

    ReplyDelete
    Replies
    1. ලංකාවේ තව දුරටත් මුහුණ නොදුන්නත් ලෝකයේ නම් ඉදිරියට තව ඇති වේවි..

      Delete
  23. හැමදාමත් වගේ අයියා අපූරු කතාවක් ලියලා... කඳවුරක කොටුවෙච්ච මිනිස්සු ගත කරන වේදනාත්මක ජීවිතේ පිටින් ඉඳං බලන අපට පෙනෙන්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. ඇත්ත නංගී.. මම මේ ලියපු දේ උනත් පුංච්ම පුංච් කොටසක් වෙන්න ඇති..

      Delete
  24. අතීතයට ගෙනිච්චා...

    ලෝකේ තව මෙහෙම දේවල් කොච්චර ඇතිද ?

    ReplyDelete
    Replies
    1. වාසනාවට ඒ හැම දෙයක්ම අතීතයක් විතරයි සෑමෝ..

      Delete
  25. හැමදාම නොදකින පැති වලින් කරන නිර්මාණ පට්ට අපූරුය........

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මලයෝ..

      Delete
  26. හැමකෙනෙක්ම හැමදෙනාවම එකම විදිහකින් බලනවනම්..මේ ලෝකේ මිට වඩා කොච්චර ලස්සන වෙන්න තිබුනද...

    හුඟාක් ලස්සනයි දිනේෂ් අයියේ..

    ReplyDelete
    Replies
    1. එහෙම සමතැන ඇත්තටම ලැබෙන්නේ නෑ මලයෝ.. කවුරු කොහොම කිවුවත්..

      Delete
  27. මට මතක්වුණේ සුනාමි ව්‍යසනයෙන් වුණ මේ වගේම සිදුවීමක්..
    ඒ ජීවිත වල ඉර හැංගිලාම ගිහින්ද..
    වෙනසක්..! :)

    “ හ්ම්ම්ම්.. තවත් එක බලාපොරොත්තුවක්..”

    ReplyDelete
    Replies
    1. බලාපොරොත්තු එක්කම ජීවත් වෙන මිනිස්සුත් අපි අතරේ ඉන්නවනේ නන්දු..

      Delete
  28. මේක නම් පට්ටම පට්ට...හිතට වැදුනා බන්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චම්මා...

      Delete
  29. අපි ගොඩක් වෙලාවට හිතන්නේ නැතුව නොසලකා හැරපු පැත්තක්..
    ගොඩක් සංවේදීව ලියලා තියෙනවා...

    ReplyDelete
    Replies
    1. ඉස්සරනම් වැඩියෙන් කතා උනත් දැන්නම් කතා නොවෙනම පැත්තක් වෙලා මේ ජීවිත..

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්