Thursday, 22 March 2012

දත් දොස්තරලා


එදා මම ලිවුව බලු රාලගේ කවි පොඩිත්තට
ඉරිසියා කලේ හැමෝම හිතා බලු රාල වන්නට
ඉතින් හිතුනා මට අදත් මෙහි කියා යන්නට
ඒ වගේම දෙයක් ඉතාලියේදී මා නෙත ගැටුන..

ටිකක් ලැජ්ජයිත් වගේ මේ ගැන කියන්නට
ඒත් ඔහේ කියන්නම් මම ඔහේලට අහන්නට
මොනවා නැතත් මේ වගේ දේ දැනගන්නට
ලැදි අයත් ඉන්නවනේ මේ අවකාශේ පුරාවට..

හංදි ගානේ තැන් තැන් වල එකතු උන
කොල්ලො කෙල්ලෝ තනි වී උන්ගේ ලෝක වල
ආදරේ සොදුරු පහස විදින විට
දත් දොස්තරලා යැයි නම දුන්නේ අපේ අයියාය..

හේත්තු වී පාරේ නැවතුන ඩුකාති බයිසිකලයට
විවර වී මහ රූස්ස ගස් සෙවනේ සිට
පැද්දි පැද්දි පොඩි එවුන්ගේ සෙල්ලම් ඔන්චිලි වල
බැලු බැලු පැත්තෙ මෙහෙ ඉන්නේ දත් දොස්තරලාමය..

ඉස්සෙල්ලම ඔය වචනේ සවනත වැටුනු දිනේ
මමත් කල්පනා කලා මොකක්දැයි මේ හරුපේ
හැමදාම දකින විටදි දත් දොස්තරලා පාරේ
ලැජ්ජා බය නැති උනානේ ආසියාවේ හැදුන අපේ..

අපේ උනුත් ඉන්නා විට අහුමුලු වල අස්සේ
ලංකාවේ පුරුද්දට සැගවිලා වගේ
මොකට හැංගෙන්නද බං මේ යුරෝපේ
දැක්කම කියනවා මම යළුවෙක්නම් අයියගේ අපේ..

ඉදල හිටලවත් ඩෙන්ටල් එකකට ගියාට
උදේටවත් දත් නොමදින මුන් හැම
චුයින්ගම් එකක් කාලා කට සුවද වෙන්නට
එල්ලී ඉන්නවා තව එකෙක්ගේ කට ඇතුලට..

අවුරුදු දොළහා දහතුනේ පොඩි උන් පවා
ඉන්නේ හංදි වල කටවල් වල එල්ලිලා
First kiss එක යැයි  ඇතමුන් පවසන්නා
එවිට මටත් අපේ බාලය සිහි වෙන්නා..

දැන් දැන් දැකලම දත් දොස්තරලා පාර වල් වල
අමුත්තක් නැහැ ඒකට හුරුවෙලා හිත
ඒ හින්දම නෙත ගැටුනත් අහක බලා ගෙන මම
යන්නේ අපිට දත් දොස්තරලා වෙන්න බැරි හින්දම..

ලෝකය ගැන සිහියක් නෑ උන් හට
ලෝ සුපතල හාදුව සිහි වෙන්නේ මට
අදත් හිතන්න එපා ඉරිසියා හිතිලා කියා මට
නැත්නම් මඩ ගහාවි අදත් දිගට හරහට..






77 comments:

  1. අමුතුවෙන් කියන්න ඕනි නැහැ..මේකත් පැහැදිලිම ඉරිසියාවද මන්දා.... :-p

    ReplyDelete
    Replies
    1. අනේ ඉතින් ඔහොම කියන්න එපෝ... :)

      Delete
  2. Replies
    1. මොකද අද අපේ අක්කේ හිනාවක් දාලා ගියේ???

      Delete
  3. හික්ස් ඔයත් කවදහරි දත් දොස්තර කෙනෙක් වෙයි.

    ReplyDelete
    Replies
    1. ඒකත තව කල් තියෙනවනේ අක්කේ... :)

      Delete
  4. Replies
    1. ඔහොම හිනා වෙලා යන්න එපා.. ඇමරිකාව පැත්තෙත් ඇතිනේ මෙහෙම අය ඕන තරම්..

      Delete
    2. මම හිතුවා ඔයා ඔහොම කියයි කියලා... ඒත් මට ඔය වගේ දේවල් වැඩිය දකින්න හම්බවෙලා නැහැ...

      Delete
    3. එහෙනම් ඇමරිකාව ඉතාලියට වඩා හොදයි වගේ... :)

      Delete
  5. දත් දොස්තරලව පැත්තකට දාමුකො . . උඹ දාල තියන ඔය පින්තූරෙ පිටිපස්සෙ ලස්සන කතාවක් තියනව කියල උඹ දන්නවද ?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්... අයියේ.. ඒකනේ මම " ලෝ සුපතල හාදුව සිහි වන්නේ මට " කියලා දැම්මේ..

      Delete
    2. පුලුවන් නං ඒ කතාවට කෙටි කතාවක් හදල දාපං. මම හිතන්නෙ උඹට පුලුවං ඒක යසට කරන්න

      Delete
    3. මම කලින් හිතුවේ ඒ විස්තරේ දාන්න කියලා.. ඒත් අයියගේ අදහසත් හොදයි.. මට ටික දවසක් දෙන්න.. ආයෙම පොඩ්ඩක් ඒ ගැන කියවලා බලන්න ඕන..

      Delete
  6. හිකිස්....
    හපොයි....:)

    ReplyDelete
    Replies
    1. මොකද හපොයි කියන්නේ? මම කිවුවේ ඇත්තනේ..

      Delete
  7. රටකින් රටකට සංස්කෘතිය හා කල්ක්‍රියාව කොතරම් වෙනස් වෙනවද කියන එක දිනේෂ සහෝදරයා හොදට අතිවිඳලා තියනවා එහෙනම්..ඒත් මම සතුටු වෙනවා අපේ රටේ මේ වගේ සංස්කෘතියක් නැති එක..මොකද සැඟවිලා සිදුවන දේ රසය එලිපිට සිදුවන විට නැති නිසා

    ReplyDelete
    Replies
    1. "සැඟවිලා සිදුවන දේ රසය එලිපිට සිදුවන විට නැති නිසා"

      ඒකනම් සහතික ඇත්ත.. අපිට වඩා වෙනස් සංස්කෘතියක් තියෙන රටකට ආවම මුලින්ම මේ දේවල් මැජික් වගේ වෙනවා.. ඒත් කාලයක් යද්දි මේ තවත් එක සාමාන්‍ය දෙයක් විතරමයි..

      Delete
  8. මෙහෙ නම් ඉතිං ඕවා මහ පාරෙ වෙන්නෙ කලාතුරකින්නෙ

    ReplyDelete
    Replies
    1. මම නම් ලංකාවේ හිටපු අවුරුදු 20ටම දැකලා නෑ..

      Delete
  9. මේ පාර ඉරිසියාවට නෙවේ.. "තණ්හාවට" ද මන්දා.. හිකිස්..

    ReplyDelete
    Replies
    1. අන්න අන්න ඉතින්.. මොකට තන්හා කරන්නද සෑමෝ..

      Delete
  10. දත් නැති අය කොහොමද දන්නෑ ඔය වැඩේ කොරන්නේ!:p

    ReplyDelete
    Replies
    1. දත් නැත්තේ පොඩි උන්ටයි වයසක අයටයිනේ මචං.. ඒ ගොල්ලා මෙහෙම කරන්නේ නෑ.. :)

      Delete
  11. හි හී අරුම පුදුම දත් දොස්තරලා නොවැ.දත්වත් මදින්නේ නැති දත් දොස්තරලා....

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ.. මෙහේ අයගේ දත් මැදිල්ල ගැනනම් කියලා වැඩක් නෑ.. ඔන දෙයක් කාලා චුයින්ගම් එකක් කනවා දත් සුද්ද වෙන්න.. ඒක කොච්චර සාර්ථකද කියලනම් මම දන්නේ නෑ..

      Delete
  12. හෆොයි.... ඔච්චරට දත් දොස්තරලා වැහි වැහැලද??

    ReplyDelete
    Replies
    1. යුරෝපෙනේ අක්කේ.. කියන්න ඕන නෑනේ..

      Delete
  13. එකෙක් හරි අපේ දිනේෂ් අයියට ඉරිසියාව කියලා කිව්වොත් බලාගමු. දත් ගලවනවා උන්ගේ.;)

    ReplyDelete
    Replies
    1. ඔය ඉන්නේ තව දත් දොස්තර කෙනෙක්.. නෑ නෑ මම කිවුවේ ලංකාවේ ඩෙන්ටල් එකේ ඉන්න ජාතියේ කෙනෙක්.. කවියේ ඉන්න අය නෙමෙයි... :)

      Delete
  14. ආ... මේ කට කන කට්ටිය ගැනනෙ...මන් මාතෘකාව දැක්කම හිතුවෙ අභීත ගැන කියල :-)

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව ඔබා මාමේ.. ඔස්ට්‍රේලියාව පැත්තෙත් ඇතිනේ.. අභීත අයියා ගැන මම මොනවා ලියන්නද??

      Delete
  15. හප්පේ මගෙ දත හිරිවැටුනා

    ReplyDelete
    Replies
    1. දත් දොස්තර කෙනෙක් ගාවට යමු නේ එහෙනම්..

      Delete
  16. කවුරු ගැනද මේ කියන්නෙ? අනේ මන්දා.....

    ReplyDelete
    Replies
    1. ඔය දාලා තියෙන පින්තූරේ ඉන්න අය ගැන.. :)

      Delete
  17. :D හිහිහී.. හෆොයි යුරෝපෙ.. :D

    ReplyDelete
    Replies
    1. ඇයි ඔයාලා ඉන්න හරියේ නැද්ද??

      Delete
  18. අනේ මන්ද මෙහෙමත් දත් දොස්තරලා. ඊරිසියාවක්ද............? නෑ මං හිතන්නේ.

    මං මාතෘකාව දැක්කම හිතුවේ වෙනින් දත් දොස්තර කෙනෙක් ගැන. දත් ගලවන අය නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. කිසිම ඉරිසියාවක් නෑ.. මේ අමූලික ඇත්ත කියන්නේ..

      Delete
  19. මල්ලිගෙ කවි ලිවීමේ හැකියාව නම් අපූරුයි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රූ අක්කේ.. කවි ලියන විදිහනම් වෙනස් කලේ ඔන්න අක්කත් කිවුව නිසා..

      Delete
  20. මරු දිනේෂ්... සිරාවටම මාරගති...

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් අයියේ..

      Delete
  21. ඉතාලියට වඩා ලොකුයිලු ඉරිසියාව.. :D

    මරු කවි ටික අයියෙ!!!

    ReplyDelete
    Replies
    1. ඔන්න කිවුවා කතාවක්.. දැන් කවුද කිවුවේ ඉරිසියාවයි කියලා..

      Delete
  22. අඩේ සිරා රටක් නෙව !
    ආස්ස්....සාවේ බෑ !!!

    ReplyDelete
    Replies
    1. තව තව සිරා දේවල් නම් එමටයි අයියේ..

      Delete
  23. :D නෑ නෑ දිනේෂ් ඉරිසියාවට නෙවෙයිලු...

    ReplyDelete
    Replies
    1. ඒකනේ.. අක්කා විතරයි මාව තේරුම් ගත්තේ..

      Delete
  24. අයියෝ බලන්න එපා අනේ එයාලා දිහා හෙහෙ

    ඔය යටම පින්තුරේ නයිට් ඇට් ද මියුසියම් 2 එකේ නේද.. අර පින්තුරේට පන ඇවිත් තිබුන :)

    ReplyDelete
    Replies
    1. පිස්සුද නංගියේ.. කාගෙවත් අය දිහා අපි බලන්නේ නෑ..

      ඔය පින්තූරෙට ඔය ෆිල්ම් එකට වඩා ලොකු වටිනකමක් තියෙනවා.. මම වෙලාවක ඒ ගැන ලියන්නම්..

      Delete
  25. මාත් යන්න ඕනෑ ඉතාලියට දතක්වත් ගලවගන්න.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ.. මෙයාලා දත් ගලවන්නේ නෑ.. සුද්ද කරනවා විතරයි.. :)

      Delete
  26. තව සති දෙකයි අප්පා ගෙදර යන්න...අපේ අනික් උං ඉරිසියාවේ ඉන්නේ...හික් හික් ....

    ReplyDelete
    Replies
    1. මට මේ අවුරුද්දේ යන්න වෙන්නේ නෑනේ.. :(

      කට්ටිය මොකෝ ඉරිසියාවෙන් ඉන්නේ??

      Delete
  27. හිකිස්...
    මගෙත් ෆියුචර් ප්ලෑන්ස් ටික වෙනස් කරලා කොහොම හරි ඉතාලියට යන්න තීරණය කලා :D

    ReplyDelete
    Replies
    1. දත් දොස්තර කෙනෙක් වෙන්නද?

      Delete
  28. //උදේටවත් දත් නොමදින මුන් හැම
    චුයින්ගම් එකක් කාලා කට සුවද වෙන්නට// මේ කතාවනම් දිනේෂ් අයියේ ඇත්තම ඇත්ත තමා.

    පාරට බැස්සොත් දත් දොස්තරලා හැමතැනම.

    මේ ගැන ලියල තියෙන විදිහනම් ටිකක් මටත් සැකයි වගේ දිනේෂ් අයියේ...:DD

    ReplyDelete
    Replies
    1. සැකයි වගේ කිවුවේ මොකෝ මලයෝ? අනිත් අය ඉරිසියාවට කියද්දි උඹ විතරයි සැකයි කිවුව එක මට මාරම ප්‍රශ්නයක්..

      Delete
  29. මට පේන්නෙ මලයත් දැන් ඒ සිස්ටම් එකට පුරුදු වෙන්න වගෙයි යන්නේ....

    ReplyDelete
    Replies
    1. රෝමෙට ගියාම රෝමානුවෙක් වගේ ඉන්න ඕන කියලා කතාවක් තියෙනවනේ අයියේ..

      Delete
  30. මම දකිනවා තව පැත්තක් දිනේශ්.ඔහෙ කාම අපරාධ අඩුයි නේද අපේ රටට සාපේක්ෂව? අවුරුදු අසූපහේ ආච්චි අම්මල දූශණය කිරීම් වගේ?

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඒ කතාවනම් ඇත්ත.. ඔහොම දේවල් අහන්න වෙන්නේ ගොඩක්ම කලාතුරකින් තමයි.. ගිය අවුරුද්දෙනම් එහෙම බාලවයස්කාර කතාවක් ඇහුනා..

      Delete
  31. මම බ්ලොග්වෝකර්ගෙ කොමෙන්ටුවට එකඟයි...ලංකාවෙ වගේ යුරෝපීය රටවල් වල පාරක බැහැල යන්න බැරි තරමට අසහනකාරයො අඩු...ඔය වගේ දේවල් සාමාන්‍යීකටණය වෙලා නිසයි..සංස්කෘතිය රකින්න ඕනේ තමයි..ඒත් හදවතින්මයි..එහෙම නැතුව දැන් ඔය අපේ රටේ වෙනව වගේ...හිත්වල තියෙන කුණු සදාචාරයේ පිරුවටයෙන් වහන එක නෙවෙයි වෙන්න ඕනේ...

    ReplyDelete
    Replies
    1. කමෝන් මකුළු පැංචී..++++++++++++++++++++++++

      Delete
    2. හම්මෝ.. මකුළු නංගී හිතලා තියෙන දුර.. කොහොම උනත් කතාව ඇත්ත..

      Delete
  32. එහෙමලු එයාල දියුණුව මනින්නෙ.....

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව..

      Delete
  33. ඊයා..දත් මදින්නෙත් නෑලු.. :D

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි අක්කේ.. ඉතාලි කාරයෝ වැඩිය දත් මදින්නේ නෑ.. :)

      Delete
  34. ඔව්..එයාල පාරවල් වලම දත් ගලවනවා...ඒත් අපිට අපේම රටේ පාරක බැහැල තනියම ගමනක් යන්න බැරි උනාට මෙහෙ අපි අපූරුවට ඕනම වෙලාවක සැණසීමෙන් අපේ ගමන් බිමන් යනවා...(අපි අහක බලාගෙන යනවා..)

    ReplyDelete
  35. එයාල දත් ගලවන්නෙ එහෙම නෑනෙ! :O

    ReplyDelete
  36. පුබුදුවා31 March 2012 at 20:23

    දැන් නම් මෙහෙත් ඔහොම්ලු....ඊයෙත් දැක්ක හෙහ් හෙහ්

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්