Thursday, 1 March 2012

ෆිල්ම් ගැන කතා

අපි හැමෝම වගේ චිත්‍රපටි පිස්සොනේ.. ෆිල්ම් හෝල් එකකට ගිහින් හරි එහෙම නැත්නම් ගෙදර රූපවාහිනියලගට වෙලා සීඩී එකක් දාගෙන හරි අපි නිවාඩු පාඩු වෙලාවට ෆිල්ම් බලනවා.. මගෙත් ඉරිදා දවසේ ප්‍රදානම වැඩේ ඕක තමයි.. කොහොමත් එදාට අඩුගානේ දවසට ෆිල්ම් තුනක්වත් බැලෙනවා..

ඔය කොහොම බැළුවත් ඉතින් හොරෙන් ගිහින් ෆිල්ම් එකක් බලනවා වගේ ත්‍රිල් එකක් ඔය මම කලින් කිවුව විදි වලින් නම් ගන්න බෑ.. ඒක ඉතින් බලපු කට්ටිය දන්නවනේ.. ඉස්කෝලේ කට් කරලා ගෙදරට බොරු කියලා ෆිල්ම් බලන්න ගිය හැටි ගැන මතක ගොඩ දෙනෙක්ට ඇති..

මමත් ඔය ගෙදරට හොරෙන් ගිහින් ඉස්සෙලම ෆිල්ම් එකකට බැලුවේරෑ දනියෙල් දවල් මිගෙල්සීරිස් එක තමයි.. ඕකම ගෙදරත් එක්කත් ගිහින් බැළුවත් ආයෙම යාළුවෝ එක්ක යන්න චාන්ස් එකක් ආවම ඒක මග ඇරියෙත් නෑ.. ස්කූල් යුනිෆෝම් එකෙන් විශේෂයෙන්ම් නිල් කොට කලිසම් අදින කාලේ ඉස්කෝලේ කට් කරලා යන්න බැරි නිසා හවස පන්තියක් කට් කරලා තමයි මම ඉස්සෙලම හොරෙන් ෆිල්ම් එකක් බැළුවේ.. මුල්ම වතාවේ ඉතින් ගෙදර ගියේ ටිකක් බයෙන්.. මොකද කවුරුවත් දැකලා පණිවිඩේ දීලද කියලා හිතේ බයෙන්..


මම ලංකාවෙන් එන්න ඉස්සෙල්ලා අන්තිමට ෆිල්ම් හෝල් එකකට ගිහින් ෆිල්ම් එකකට බැලුවේ අර චන්නයි පූජා උමාශංකරුයි හිටපු ෆිල්ම් එක.. මට දැන් ඒකේ නම මතක නෑ.. ඕක පූජා සිංහල ෆිල්ම් එකක හිටපු පළවෙනි සැරේ නිසා ගියේ එයාව බලන්න කියන එක ඉතින් රහසක් නෙමෙයි.. මට මතක හැටියට 2006 හෝ 2007.. ඉතින් ඔය කාලේ ගෙදරට බයේ යන්න දෙයකුත් නෙමෙයි උනත් ගෙදරට කිවුවේ නෑ..

කොහොම හරි ඉතින් ඕක අපේ අක්කටත් බලන්න උවමනාවක් ආවා.. එයාලා එක්ක යන්න එන්නයි කියලා හැමදාම කරදරේ.. බැරිම තැන මම ෆිල්ම් එකේ කතාව කිවුවා.. මම ඒක බලන ගියපු බව ගෙදරට කිවුවේ නෑ නේද කියලා මතක් උනේ අපේ අක්කාතමුසේ අපිටත් නොකියම ගියා නේද? ” කියලා නාහෙන් අඩන්න පටන් ගනිද්දි.. පස්සේ ඉතින් ආයෙම ගිහින් ඒක බලන්න උනා..

ඕවා කොහොම උනත් ෆිල්ම් බැලීමේ හොදම ඉතිහාසය තියෙන්නේ අපේ අයියට.. ගොඩක් වෙලාවට එයා ඉස්සෙල්ලා ගිහින් බලලා අපිට බලන්න පුළුවන් එකක් නම් අපිව එක්කන් දෙවෙනි පාරත් යනවා.. නැත්නම් එයා දෙවෙනි පාරත් තනියම යනවා.. ඉතින් අයියා ඉස්කෝලේ යන කාලේ උන රසබර කතාවක් පස්සේ කාලෙක අපේ අම්මා මට කිවුවා.. මේ කියන්න හදන්නේ ගැන..

අපේ උපන් ගම ගාල්ල කියලා කවුරුත් දන්නවනේ.. ඉතින් ඔය කාලේ අපේ තාත්තා වැඩ කලේ ගාල්ලේ විදුලිබල මණ්ඩලේ.. අපේ ගෙවල් තිබුබේ බටදූවේ.. මම එක වසරේ පොඩි එකා වෙද්දි අපේ අයියා හිටියේ O/L පන්ති වල.. ඉතින්  දවස් වල  ඔය ගොඩක් බ්‍රේක් ඩවුන් රෙපයාර් කරන්න යන්නේ අපේ තාත්තා තමයි.. ඉතින් දවසක් අපේ තාත්තට යන්න වෙලා තියෙනවා ෆිල්ම් හෝල් එකක රෙපයාර් එකකට.. ඉතින් ගොඩක් වෙලාවට අපේ තාත්තා ඔය වගේ තැනකට ගියාම බ්‍රේක් ඩවුන් එකත් හදලා ෆිල්ම් එකකුත් බලාගෙනමලු එන්නේ.. විජය කුමාරතුංගයන්ගේ ෆිල්ම් එකක් කිවුවොත් අපේ තාත්තා ඒක නොබලා ඉන්නෙම නෑලු..

ඉතින් එදත් එහෙම ගිය වෙලාවක තිබිලා තියෙන්නේ විජයගේ ෆිල්ම් එකක්.. ඉතින් අර බ්‍රේක් ඩවුන් එකත් හදලා තාත්තා ඇතුළු කණ්ඩායමත් ලෑස්ති වෙලා අර ෆිල්ම් එක බලන්න.. තාත්තලට ටිකට් කඩන්නෙත් නෑලු දවස් වල.. රජයේ වරප්‍රසාද වෙන්න ඇති..

ඉතින් තාත්තා ෆිල්ම් එක බලන්න හිතාගෙන එද්දි දකලා තියෙනවා ඉස්කෝලේ කොල්ලෝ ටිකකුත් මේ පෝලිමේ ඉන්නවා.. හොදට බලද්දි අපේ අයියත් එතනලු.. මේකා ඉස්කෝලේ කට් කරලා ඇවිත් ෆිල්ම් එක බලන්න.. තාත්තගේ යාළුවොත් අයියව දන්න නිසා තාත්තට කර ගන්න දෙයක් නෑලූ.. තාත්තගේ යාළුවෝ අයියව දකින්න කලින් තාත්තා කරලා තියෙන්නේඅද තව තැනකට යන්න තියෙනව නේද මේක පස්සේ බලමුකියලා කට්ටියත් එක්ක එතනින් එන්න ඇවිත්..

කොහොම හරි තාත්තා අනිත් වැඩෙත් කරලා එද්දි පුතන්ඩියා ගෙදර ඇවිත් නෑලු.. ටිකක් හවස් වීගෙන එද්දි අයියත් එනවලු.. කොහොම හරි තාත්තා ගෙදර ආවට අම්මා එක්කවත් විස්තරේ කියලා නෑ.. අයියා එද්දි තාත්තා ඉස්තෝප්පුවේ වාඩි වෙලා ඉදලා තියෙන්නේ..

මොකො ලොක්කා අද පරක්කු?”  තාත්තා මුකුත් නොවුන ගානට අයියගෙන් අහලා..

මගේ යාළුවෙක්ගේ නෑදෑ කෙනෙක් නැති වෙලා මල ගෙදර ගියා තාත්තේ..”  තාත්තා හැමදේම දැනගෙනයි අහන්නේ කියලා නොදන්න අයියත් යාළුවෙක්ව උගසට තියලා බේරෙන්න හිතාගෙන..

එතකොට මැරිච්ච එකාගේ මිණිට තිබුනේ ෆිල්ම් හෝල් එකේද?”


ඉතුරු හරිය ඉතින් කට්ටිය හිතා ගන්නකො මොකද උනේ කියලා.. මේ කතාව මටත් අමතක වෙලා තිබ්බේ.. ඊයේ මාරයා දාපු මේ පෝස්ට් එක නිසා තමයි මතකය අළුත් උනේ.. ශුවර් එකටම අපේ අයියටත් මේක දැන් අමතක ඇති.. පෝස්ට් එක කියෙවුවම තමයි එයාටත් මතක් වෙන්නේ..

මේ සිද්දිය වෙන කාලෙනම් ඇත්තටම මට මතක නෑ.. මම ඉතින් පොඩි එකානේ.. අර චන්ද්‍රිකා නෝනා ඉන්න කාලේ හැමදාම ලයිට් කපන කාලයක් තිබ්බනේ.. ඉතින් වෙලාවට කරන්න දෙයක් නැති උනාම අපේ අම්මා පරණ කතා කියද්දි තමයි මේක මටයි අපේ අක්කටයි කිවුවේ..

56 comments:

  1. හිකිස්....
    අයියට නම අමතක ෆිල්ම් එක “අංජලිකා“

    ReplyDelete
    Replies
    1. නංගී කිවුවමනේ මට ඒක මතක් උනේ.. ඇත්තමයි අමතක වෙලා හිටියේ..

      Delete
  2. සික් . . මට කවදාවත් ගෙදරට හොරෙං ෆිල්ම් එකක් බලන්න සෙට්වෙලාම නෑනෙ.

    ReplyDelete
    Replies
    1. අයියා බලලා නෑ කිවුවම පුදුමයි..

      Delete
    2. නෑ බං . . හැම ෆිල්ම් එකක්ම බලන්න මටයි මල්ලිටයි ගෙදරින් සල්ලි සහ අවසරේ ලැබුන.

      Delete
    3. එහෙනම් ඉතින් හොරෙන් යන්න උවමනාවක් නෑ නේන්නම්..

      Delete
  3. අය්යා විතරද. මල්ලි ගෙදරට අහුවෙලා නැද්ද???

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ අක්කේ.. එදා අර අපේ අක්කා ලග කට වැරදුනා ඇරෙන්න කවදාවත් අහු වෙලා නෑ..

      Delete
  4. //මම ඒක බලන ගියපු බව ගෙදරට කිවුවේ නෑ නේද කියලා මතක් උනේ අපේ අක්කා “ තමුසේ අපිටත් නොකියම ගියා නේද? ” කියලා නාහෙන් අඩන්න පටන් ගනිද්දි..//
    :D ඕකනෙ ගොඩක් දෙනෙක්ට අමතකවීමේ ගොම්බො කටට පනිනවා.. අපෙත් ඉන්නවා එ‍ක්කෙනෙක්.. :D

    මේ කතාව කියලා මං හිතන්නෙ ලංකාවට යන්න කාලෙ තවත් කෙටිවෙන්න ක්‍රමයක් වගේ.. :P

    ReplyDelete
    Replies
    1. සමහර වෙලාවට අමතක වෙනවනේ හලෝ.. මොනවා කරන්නද ඉතින්.. මේ කතාවෙන් කොහොමද මගේ කාලය කෙටි වෙන්නේ??

      Delete
  5. //අපිට බලන්න පුළුවන් එකක් නම් අපිව එක්කන් දෙවෙනි පාරත් යනවා.. නැත්නම් එයා දෙවෙනි පාරත් තනියම යනවා..//

    මේකනම් නියමයි...අයියට හීනියට මඩක් ගහල තියෙන්නේ..:)

    ReplyDelete
    Replies
    1. මඩක් කිවුවට ඉතින් අක්කේ ඇත්ත ඕක තමයි.. අපි නොබලපු එයා බලපු ෆිල්ම් ගොඩක් තිබ්බා..

      Delete
  6. මමත් ෆිල්ම් පිස්සෙක්.. ඉස්කෝලෙ කාලේ මාතලේ ඉදලා පේරාදෙනියෙ "තුසිත" හෝල් එකට ගිය හැටි මතක් වුනා.. ඒකට විතරයි හොඳම ෆිල්ම් ආවේ ඒ දවස් වල.. අනික අවුලක් නැතුව සුදු ඇදුමෙනුත් බලන්න දුන්නා.. ෂෝක් මැනේජර් පොඩ්ඩ...

    පළවෙනියටම හෝල් එකක බැළුවෙ "ජංගල් බුක්" හැබැයි අම්මට කියලා ගියේ.ඒත් වයස මදි කියලා මාව හෝල් එක ඇතුලට දාන්න බෑ කියලා කිව්වා, ඒ කාලේ මාතලේ "ටජ්මහල්" එකේ හිටපු මැනේජර්..(මම තනියම ගිය නිසා වෙන්නැති) ඒත් අඩලා වගේ කොහොම හරි බැළුවා.

    ගෙදරටනම් එක පාරක්වත් මාට්ටු වෙලා නෑ.. හැබැයි ෆිල්ම් බලන්න යන්න ඉස්කෝලෙ තාප්පෙන් පනිද්දි දෙපාරක් මාට්ටුවෙලා තියෙනවා "පිනා"ට. :)

    ReplyDelete
    Replies
    1. එහෙනම් අයියත් ෆිල්ම් බැලිල්ල ගැන හොද මතකයක් තියෙනවා වගේ.. අම්මෝ සෑහෙන දුරක් ගිහින් තියෙනවනේ ෆිල්ම් බලන්න..

      Delete
  7. කිසිම දවසක හොරන් ෆිල්ම් බලන්න ගිහින් අහුවෙලා නෑ. බලපු ෆිල්ම් නම් අප්‍රමාණයි.

    ReplyDelete
    Replies
    1. අහු උනේ නෑ කියන්නේ වැඩේ සාර්ථකයි කියන එකනේ..

      Delete
  8. හයියෝ හයියෝ... මිනිය බලන්න සෑහෙන වෙලා පෝලිමේ හිටගෙනත් ඉඳලනෙ අයියගෙ අයියා... පව් නෙ...

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව.. ජනප්‍රිය අයගේ මල ගෙවල් වල තියෙන පෝලිම කියන්න ඕන නෑනේ..

      Delete
  9. මරු කතාව..මට තාමත් හිතාගන්න බැරි ෆිල්ම් බලන්න යනවට ගෙදරින් අකමැති ඇයි කියලා..

    ReplyDelete
    Replies
    1. ෆිල්ම් බැලිමේ වරදක් නෑ..ඉස්කෝලේ කට් කරලා යන එකෙයි වරද තියෙන්නේ..

      Delete
  10. නෑදෑය චිත්‍රපට නළුවෙක් වෙන්න ඇති:P
    ඉතින් ගෞරවයක් වශයෙන් ෆිල්ම් හෝල් 1 අවසාන කටයුතු කරන්න ඇත්තෙ ;)

    ReplyDelete
    Replies
    1. ඔව්.. ගොඩක් කට්ටිය එන නිසා ගෙදර ඉඩ මදි වේවි කියලා තමයි ෆිල්ම් හෝල් එකේ අරන් තියෙන්නේ.. අයියා බැල්කනි ගිහින් බලලා තියෙන්නේ..

      Delete
  11. වෙන කාටවත් නෙවේ තාත්තටම මාට්ටු වුනාම අයියට තරු පේන්න ඇති...

    ReplyDelete
    Replies
    1. ඒකනේ.. හොද වෙලාවට අපේ තාත්තා ගෙදර ගිහින්ම ඒ ගැන කතා කලේ..

      Delete
  12. හි හී මරු වැඩේ වෙලා තියෙන්නෙ.මටාම් කවදාවත් ගෙදරට හොරෙන් ෆිල්ම් බලන්න ගිය අත්දැකීමක් නෑ. ඒ වගේ චන්ඩි වැඩක් කරන්න තියා හිතන්නවත් පුලුවන් පරිසරයක නෙවේ මම ජීවත් වුනේ.ආ පූජයි චන්නයි හිටපු ෆිල්ම් එක අංජලිකා නේද?

    ReplyDelete
    Replies
    1. ඒකත් ඉතින් අමුතු අත්දැකීමක් අක්කේ.. ඔව් අක්කේ අංජලිකා තමයි ෆිල්ම් එක.. කොහේද මට ඉතින් මතක නෑනේ..

      Delete
  13. මරු කතාව පොඩි කාලේ මතක් උනා. ඔයිට වඩා රස කතා පිරිලා ෆිල්ම් බැලිල්ලේ නම්...

    ReplyDelete
    Replies
    1. හැමෝගෙම කතා එකකට එකක් වෙනස්නේ අයියේ.. ඒත් අත්දැකීමනම් එකයි..

      Delete
  14. කතා කරලා වැඩක් නැහැ අපේ තාත්ත තාමත් අකමැති මන් ෆිල්ම් එකක් බලන්න යාලුවෝ එක්ක යනවට යන්න දෙන්නෙම නැහැ

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි තාත්තලා දුවලව පරිස්සම් කරන්නේ.. ආදරේට..

      Delete
  15. අයියට හොදට වදින්න ඇති නේද?
    මට මතකයි අපේ අයියත් යාළුවො කට්ටියක් එක්ක ෆිල්ම් එකක් බලන්න ගිහින් , අයියා ගෙදර එන්නත් කලින්ම තාත්තිට ආරංචිය ලැබිලා. කොහොමද දන්නේ නැහැ.
    අපේ අයියටත් හොදට වැදුනා. දැනටත් එයා එක මතක කරලා හිනා වෙනවා :)

    ReplyDelete
    Replies
    1. ගුටි කෑවද කියලනම් මතක නෑ නංගියේ.. එතකොට මම පොඩි එකානේ.. මේ කතාව කිවුවේ අම්මා පස්සේ කාලෙකදී..

      Delete
  16. අයියට ඊටපස්සෙ මළ ගෙවල් එපා වෙන්න ඇතිනේද දිනේෂ් අයියේ...ෆොටෝ එකනම් නියමයි..මේ අයිය වෙන්න ඕන ඉන්නෙ මයෙ හිතේ....

    ReplyDelete
    Replies
    1. මේ ඉන්නේ අයියා කියලා හිතුවට වරදකුත් නෑ.. ඊට පස්සේ මම හිතන්නේ ඇත්තටම මළ ගෙදරක උනත් යන්න උනේ නැද්ද කොහේද...

      Delete
  17. මට හොරෙන් ෆිල්ම් බලන්න යන්න අවස්ථාවක් ඇවිත් නෑ (අපරාදේ!). ඒ එහෙම බලන්න යන්න ඕනේ කියල හිතෙන විදිහේ ෆිල්ම්ස් මොනවත් පෙන්නුවේ නැති හින්ද වෙන්න ඇති. අනික තනියම ගෙදර ඉඳන් ෆිල්ම් බලන්න කැමතියි වගේම හෝල් වලට යන්න ගෙදරින් තහනමකුත් නෑ.

    ReplyDelete
    Replies
    1. දැන් තියෙන ෆිල්ම් නම් ඉතින් හොරෙන් තියා කොහොමවත් බලන්න හිතෙන්නේ නෑනේ.. ඒත් ඉතින් අර යාළුවෝ එක්ක යද්දි ඒකේ පොඩි ගතියක් තියෙනවනේ..

      Delete
  18. දිනේශ් අයියෙ අපිත් ගියා ගෙදෙට්ට හොරා ප්‍රින්ස් එකේ 18+ ඒව බලන්න. එලියට බැහැල මතු වෙන්නෙ යුනයිටඩ් පාමා එක ගාවින්.....හික් හික්

    ReplyDelete
    Replies
    1. අපි හොදයිනේ බොලේ.. අපි ගියේ නෑනේ ඔවා බලන්න..

      Delete
  19. මම හොරෙන් ගිහින් බැලුවද කියල මතකයක් නැහැ.කවදාවත් ගෙදරට කියල ෆිල්ම් බලල නැහැ.අම්මා තවම හිතන ඉන්නේ මම කවදාවත් හෝල් එකකින් ෆිල්ම් බලල නැහැ කියල.

    ReplyDelete
    Replies
    1. එහෙනම් ගෙදරින් හිතන් ඇත්තේ තාම අයියා හොද ළමයා කියලා වෙන්න ඇති.. :)

      Delete
  20. අෆොයි අසරණය. ඉතුරු ටික නොකියපු එක හොඳයි. මට දරාගන්න බෑ.:D

    ReplyDelete
    Replies
    1. මටත් දරාගන්න බෑ බං.. ඒකයි කිවුවේ නැත්තේ..

      Delete
  21. මම නම හොරාට ෆිල්ම් බලන්න ගිහිල්ලම නෑ, ඇරත් ෆිල්ම් හෝල් වලට යනවා අඩුය්, යන්න ඕන වෙලාවක හොරාට ;)

    ReplyDelete
    Replies
    1. යන්න යන්න.. එක වතාවක් ගිහින් බලන්නකෝ..

      Delete
  22. කෙල්ලෙක් එක්ක එහෙම ෆිල්ම් බලන්ට ගිහින් නැතෙයි

    ReplyDelete
    Replies
    1. නෑනේ මලයා.. ගියේම කොල්ලො සෙට් එකත් එක්ක.. එහෙම චෑන්ස් ආවේ නෑනේ..

      Delete
  23. මල්ලි බලලා තියෙන්නේ අංජලිකා කියන ෆිල්ම් එක !! ඒක මාර ගති ෆිල්ම් එකක් !
    මම නම් ඔහොම හොරෙන් ෆිල්ම් බලලා නෑ !!!

    ReplyDelete
    Replies
    1. ඒකේ ඉතින් අයියේ අපි වැඩියෙන්ම බලන්න ගියේ පූජා නිසානේ.. බලාගෙන යද්දි ගොඩ දෙනෙක් හොරෙන් ෆිල්ම් බලලා නෑනේ..

      Delete
  24. දෙයි හාමුදුරුවංගෙ පිහිටෙං මට නං ෆිල්ම් පිස්සු නෑ. අපේ සෑර් ඔහොම කතාවක් කිව්ව මතකයි... පස්සෙ දාන්නංකො :D

    ReplyDelete
    Replies
    1. ඒහෙම දේවලුත් තියෙන්න ඕන අලියෝ..

      Delete
  25. ඉස්කෝලෙන් පැනලා කොල්ලෙක්ගේ ගෙදරින් උගේ ටීෂට් ඇඳගෙන බැළුවා මතක විදියට Friday the 13th පාට් කීයද කියල නං මතක නෑ....

    ReplyDelete
    Replies
    1. අම්මෝ.. අයියලා බලලා තියෙන්නේ භයානක ෆිල්ම්නේ.. මම ඔය හොල්මන් ඒවා බලන්න බයයිනේ... :)

      Delete
  26. ඔය වගෙ අත් දැකීම්නම් මට එමටයි. කොහොමටත් වැඩිහිටියන්ව ගොනාට අන්දවන්න බැරි බව දැන්නම් මට තෙරෙනවා. ඒත් ඒ කාලෙ හිතුනෙ අපි තමා පොරවල් කියලා

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. එහෙම හිතලා කරපු වැඩනම් එමටයිනේ.. ඒත් කාලයත් එක්ක තමයි ගොඩක් දේවල් තේරෙන්නේ..

      Delete
  27. ටීවි ඉන්ටර්නෙට් නොතිබ්බා නම් අපිට කොච්චර ජීවිතය විඳින්න තිබ්බදදාද කාලේ අම්මලට කතා කියලා දෙන්න කොහෙන්ද වෙලා?

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. මේ දේවල් වලින් ලබන්න බැරි සතුටක් අම්මලාගෙන් අහන්න කතා වලින් ලබන්න පුළුවන්.. වාසනාවට වගේ කාලයක් මට ඒ අවස්ථාව ලැබුනා..

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්