Wednesday, 21 March 2012

ආදරණිය මල් සුවද... ඔබ...

මේ මාවත ඉස්සර තරම්ම සුන්දර නෑ.. ඔව් ඉස්සර ලස්සනට මල් පිපිලා තිබුන මාවතේ දැන් ඉතුරු අතරින් පතර අපිළිවෙලට වැඩුන ගස් විතරක්මයි.. කාලයත් එක්ක වෙනස් උන හැමදෙයක්ම අතරේ ජීවිතය කොහේ හරි නැවතිලා.. ඔවු ජීවිතය නුඹ ලග නැවතිලා..

අපිට හැමදාම මේ වගේ එකට ඉන්න පුළුවන් වෙයිද කසුන්?”

ඇයි ඔයා එහෙම ඇහුවේ?”

ඔය ඉතින් ප්‍රශ්ණෙකට තවත් ප්‍රශ්ණයක් අහන්නේ නැතුව උත්තර දෙන්නකෝ..”

හරි හරි...හ්ම්ම්ම්ම්ම්..”

මොනවද ඔයා ඔච්චර කල්පනා කරන්නේ? මම ඇහුවේ ඔච්චර අමාරු ප්‍රශ්ණයක්ද?”

නෑ ඉතින් මම කල්පනා කලේ හැමදාම ඔයා එක්ක කොහොම ඉන්නද කියලා..”

ඇත්තද? දවසක ඔයාට මාව නැති උනාම දැනේවී..”

දිරලා ගිහින් කඩාගෙන වැටෙන්න ලං වෙලා තිබුන මේ ලී බංකුව මත ඉදන් මීට කාලෙකට කලින් ඔයා තරහෙන් එහෙම කියද්දි අද වගේ වේදනාවක් දැනේවී කියලා ඇත්තටම හිතුවේ නෑ.. බංකුවේ කොනක ලී අතරේ සිතුවම් කල අපේ නම් වලින් අද ඉතුරු වෙලා තියෙන්නේ දිහා බලාගෙන ඉන්න මගේ නම විතරයි..

වසන්තයක් වෙලා තිබුන ජීවිතය මොහොතකින් වෙනස් උනේ ඇයි කියන්න මම තාම දන්නේ නෑ.. ඒත් එදා මේ මාවත කෙලවරදි ගිලිහුන දෑත් ආයෙම එක් නොව්වි කියලා අපේ හිත් එදා දැනගෙන හිටියනම්..

කසුන් මම යන්නද?”

යන්නද කියලා අහන්නේ.. දැන් ඔයානේ පරක්කු වෙනවා යන්න ඕන කියල නාහෙන් ඇඬුවේ..”

ඔයා හරි නරකයි කසුන්..”

මේ මොහොත ගෙවෙනවට මම කොහෙත්ම කැමති නෑ කෙල්ලේ.. හැමදාම මෙහෙම ලං වෙලා ඉන්න ඇත්නම් කියලා හිතෙන වෙලාවල් අනන්තයි.. ඒත් ඉතින් අපි ඉක්මනටම එකතු වෙනවනේ..”

මම ගිහින් එන්නම් කසුන්..”

හ්ම්..”

අත් ඇරලා යන්න බැරි හැගීමක් එදා හිතේ තිබුන නිසාම අපි අපි දිහාම ආයෙම හැරිලා බැලුවේ මේ දුරස් බවට සමුදෙන දවස ඉක්මනින්ම උදාවෙන්න කියලා හිතාගෙන.. ඒත්...

උපේකා..”

කවුරුවත් නැති පාළුවට ගිය මාවත උනත් අදත් එදා වගේම නුඹේ නම කියලා කෑ ගැහුනේ වෙන්වීම එදා වගේම හදවතට දැනුන නිසා.. නුඹ නිසලව වැතිර හිදි තැන තාම නුඹේ සුවද තියෙනවා මට දැනුනා.. අපිට එදා ඉක්මනින් වෙන්වෙලා යන්න නොහිතුනානම්..

හිරු හෙමින් නිවීගෙන යන
දම්පාට වළාවන් අතරේ
ඝණදුර ඈත පාවෙන
දේදුණු පාට හැන්දෑවේ
නෙතු මායිමේ
රිදුම් දෙන
සීතල කඳූළු අතරට
සිහිනයෙන් ගලා එන
නිසංසල හීන් ඉකිබිදුම ඔබ..

තාරකා නෙතු ඇහැරී
එබී එබී
මතක කඳුළු දොර ලග
වැලපෙන හීනයේ
තවමත් සිත සොයන
ආදරයේ පෙම් සුවද... ඔබ...
ආදරණිය මල් සුවද... ඔබ...






 

66 comments:

  1. :( ඇයි දුක හිතෙන කතාවක් ?

    ReplyDelete
    Replies
    1. සතියටම එක කතාවනේ අක්කේ ලිවුවේ..

      Delete
  2. ආදරේ කරන කෙනෙක්ගෙන් වෙන්වෙන්නේ කොහොමද හිතකින්.

    ReplyDelete
    Replies
    1. ඒ තරම් වේදනා කාරි හැගීමක් තවත් නෑ..

      Delete
  3. අත් ඇරලා යන්න බැරි හැගීමක් එදා හිතේ තිබුන නිසාම අපි අපි දිහාම ආයෙම හැරිලා බැලුවේ මේ දුරස් බවට සමුදෙන දවස ඉක්මනින්ම උදාවෙන්න කියලා හිතාගෙන..
    දුකයි අනේ...ඇයි මෙහෙම වෙන්නේ...:(

    ReplyDelete
    Replies
    1. දෛවය තමයි ඉතින්..

      Delete
  4. ජීවිතය කියන්නෙ ලැබීම සහ නොලැබීම් අතර දෝලනය වන තුලාවක් වගේ දෙයක්, දුක හිතෙන කතාවක්..

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. දෙයක් ලැබෙද්දි තව දෙයක් නොලැබී යනවා.. ජීවිතේ හැටි එහෙම තමයි..

      Delete
  5. Replies
    1. හ්ම්ම්... අවාසනාව..

      Delete
  6. Replies
    1. :D :D :D අද කොල්ලට කවියක් ලියාගන්න බැරි වෙලා.....:P හූ......හූ.....!

      Delete
    2. නෑ නෑ.. හිනා වෙන මූණක්නේ දාලා තියෙන්නේ.. අඬන මූණක් දැම්මනම් හිතන්න වෙන්නේ ලියාගන්න බැරි වෙලා කියලා..

      Delete
  7. අනේ එදා යනකොට ඇක්සිඩන්ට් වෙලාද?? අනේ පව් කොල්ලා මල්ලි….

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ.. වේදනාත්මක සමුගැන්මක්..

      Delete
  8. කාටවත් එහෙම වෙන්නෙපා.. :(

    ReplyDelete
    Replies
    1. ඔව් අක්ක්.. අපි එහෙම ප්‍රාර්ථනා කරමු..

      Delete
  9. //තාරකා නෙතු ඇහැරී
    එබී එබී
    මතක කඳුළු දොර ලග
    වැලපෙන හීනයේ
    තවමත් සිත සොයන
    ආදරයේ පෙම් සුවද... ඔබ...//

    කඳුළු දොර ළඟ
    සිනා මල් පොකුරු ගෙන
    තරු නෙතු අතරින් එබී
    නුඹ සුවඳ දැනනෙ තුරු
    මග බලා හිදිමි මම...

    “ලස්සනයි..“

    ReplyDelete
    Replies
    1. මග බලාන මම තව
      මේ මාවත ඈත කෙලවරක
      කෙදිනක හෝ නුඹ
      යලි පිය මනින් තුරාවට..

      Delete
  10. ආදරේ දුකයි ගලන්නේ කඳුළු මල් තමයි :'(

    ReplyDelete
  11. දුක හිතෙන සිද්දිය.....
    :(

    ReplyDelete
    Replies
    1. මොනවා කරන්නද බීටා මල්ලියේ..

      Delete
  12. හ්හ්ම්ම් ......

    ReplyDelete
    Replies
    1. මෙහෙම වෙන්වීම් දරාගන්න අමාරුයි..

      Delete
  13. දුකයි තමා මොනා කොරන්නද අප්පා ?

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඔබා මාමේ.. ආදරේ කරද්දි ඉතින් දුක තමයි..

      Delete
  14. ආදරේ සමග තියෙන වේදනාවෙත් කවද හරි රහක් හමුවෙයි

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඒකනම් ඇත්ත.. ඒ වේදනාව දවසක සතුටක් වෙනවා..

      Delete
  15. කිසිවක් නොකියමි....:‘(

    ReplyDelete
    Replies
    1. පාඨකයෝ මුකුත් නොකියා ගියාම අපි වගේ රචකයන්ට මොකද වෙන්නේ?

      Delete
  16. අපිට නං ඔය සීන් නැත! :D :(

    ReplyDelete
  17. ම්ම්ම්ම්ම්ම්ම්.... මේකෙ සමහර දෙබස් නිකන්...... ^_^ හෙන පුරුදුයි ව්අගේ... හික්ස්ස්.. ;)

    දැනුනා.. ලස්සනයි අයියේ!!

    මම ආසම පේලිය //මතක කඳුළු දොර ලග
    වැලපෙන හීනයේ
    තවමත් සිත සොයන
    ආදරයේ පෙම් සුවද... ඔබ...//

    ReplyDelete
    Replies
    1. එහෙනම් අපිට හංගන ගොඩක් දේවල් තියෙනවා වගේ හිතූ ලග..

      Delete
    2. අපෝ... හංගන්නෙ නෑ... පොඩි සුපුරුදු බවක් තියෙනවා..

      Delete
  18. මටත්....එදා....''ගිහින් එන්නම්'' නොකියා ''මම යන්නම්'' කියලම කියවුණු හැටි.. :(((

    ReplyDelete
    Replies
    1. ඕවා ගැන දැන් එච්චර හිතන්න එපා නංගී..

      Delete
  19. මොකක්ද මනුස්සයෝ මේ කරපු වැඩේ. මගේ කෙල්ලව මරාගත්ත නේද????

    ReplyDelete
    Replies
    1. පිස්සුද කසුනෝ.. මම සපෝට් පැත්තෙනේ.. එහෙම වැඩ මම කරනවද??

      Delete
  20. ඉක්මන් වෙලා ගියත් පරක්කු වෙලා ගියත් කාට වුනත් තමන්ගේ ඉරණම් ගමන යන්න ලියවෙලා තියන වෙලාවට යන්න වෙනවා කවුරු කෙමති අකමැති වුනත්

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත.. ඒ වෙලාවට තනි වෙන කෙනාට තමයි ජීවිතේ වැඩියෙන්ම දුක දැනෙන්නේ..

      Delete
  21. මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ. අපේ පන්තියේ හිටපු ගෑනු ළමයෙකුත් ඔය විදියට හදිසියේ නැති උනා. එදා ඒ කොල්ල අඩපු හැටි මට තාම මතකයි

    ReplyDelete
    Replies
    1. ඔය වේදනාව මමත් විදලා තියෙනවා රෙපා..

      Delete
  22. Replies
    1. අඩන්න එපා බං..

      Delete
  23. kellada marune.. therune naha awasaane

    ReplyDelete
  24. දුක හිතෙන කතාවක් !

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම්

      Delete
  25. කෙල්ල මලාද මල්ලි ???

    ReplyDelete
  26. අම්මෝ... පාළු මූසල මාවත උනත් මාත් එතන ඉන්නවාවගේ දෙනුනා ඒතරම් සජිවීයි කථාව..

    ReplyDelete
    Replies
    1. එහෙම දැනුනනම් මම ලියපු දේ සාර්ථකයි කියලා මම හිතනවා..

      Delete
  27. අනේ දුක දැනුනා ගොඩාක්.... ඇයි මෙහෙම වුනේ?

    ReplyDelete
    Replies
    1. දෛවය නිසා වෙන්න ඇති අක්කේ..

      Delete
  28. කතාවක් තියනවනේ අයියේ ඕනම දේක අගේ දැනෙන්නේ ඒ දේ නැතිවුණාම කියලා....ආදරේදිත් ඒක එහෙමම තමා....

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණ ඇත්ත නංගී.. ඒකනේ මම අදටත් පූජාට ආදරේ කරන්නේ

      Delete
  29. මේ හා සමාන සිද්ධි ලංකාවෙ මියුසික් වීඩියෝ වල ඇති තරම් තිබ්බ පහුගිය කාලෙ.....වේදනාත්මකයි නේද දිනේශ් අයිය....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. ඔව්.. මමත් දෙකතුනක්ම දැක්කා.. හැබැයි ඔන්න කොපි කලේ නෑ හොදේ... :)

      Delete
  30. :(
    දුක දැනුන කතාවක්..

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්