Friday, 16 March 2012

දවසක්දා....











බයිසිකලේ නැගී යන විට මම මහ පාරේ
හිටියා යුවතියක් මාරු වන්නට කහ ඉර පාරේ
නවත්තලා මොහොතකට ඉඩ දුන්නා මම පාරේ
ඇයට මාරු වන්නට වාහන තද බද ඇති පාරේ..

පියකරු මුහුණ ඇගේ පාලොස්වක සද වාගේ
රන් පැහැ කෙස් කළඹ දැවටෙයි නෙත් මානේ
සීතල දැනුන මුත් ඈ හැද සිටි කොට ගවුමේ
රැලි උඩ යන විට මගෙ හිත නෑ මෙහි රැදුනේ..

ඔකද උනේ මගේ හිතත් හිස් අහසේ  “ සදරුගේ ” වාගේ
නෑ ගත්තේ මගේ දෑස ඇගෙ දිගු නෙත් අතරිනේ
බලා හිදි මොහොත කොපමනද නෑ දැනුනේ
ආවේ පියවි සිහිය අසුන විට වාහනවල නලා සද්දේ..

මුහුණ බලා සිනාසිලා ඈ යන විට පාරේ
දැක්කා ළමැද අතර හිර වී උන් බලු රාලේ
ඇස් උඩ ගියා මොහොතකට මගේ ආ‍යේ
ඌ හිටි තැන දැක තුරුළු වී ඇගෙ ළමැදේ..

ලතාවට නුඹ ගිහින් පාරේ එහා අයිනේ
තව තුරුළු කර ගද්දි ළමැදට නුඹේ බලු රාලේ
ඌට ඇති සැප අපිට නෑනේ සිතමින්නේ
මම යන්නට ගියා සුද්දන්ගේ බැනුම් අස්සේ..




ප.ලි - පහුගිය දවස් ටිකේම විරහව ගැනම ලිවුවා කියලා චෝදනා ගල් මුල් ආවනේ.. ඔන්න ඒ නිසා  වෙනස් එකක් ලිවුවා..

ප.ප.ලි - වැදගත්ම  දේ කියන්න බැරි උනා..  මේක සිතුවිල්ලක් පමණි........... නොවේ.. :)

68 comments:

  1. මමත් ඊයේ උදේ දැක්‌කා ඒ දේ ඇත්තටම.බය උනා මොකෙක්‌ද මේ ඔලුව දැම්මේ කියලා.පස්‌සේ දැක්‌කෙ බලුරාළයව.

    ReplyDelete
    Replies
    1. බය උනා කිවුවේ බලු රාලයා ඔළුව දැම්මේ කොහේ ඉදන්ද?

      Delete
    2. දැක්කා ළමැද අතර හිර වී උන් බලු රාලේ

      ඇස් උඩ ගියා මොහොතකට මගේ ආ‍යේ

      ඌ හිටි තැන දැක තුරුළු වී ඇගෙ ළමැදේ..

      Delete
    3. අහ්.. එහෙනම් කමක් නෑ.. මම ඒත් බැළුවා මොකො බය උනේ කියලා..

      Delete
  2. අත පය පරිස්සං කරගෙන ඕනේ දෙයක්...බලාගෙන පාරේ වාහනේක යනකොට ඕවා බලන්න නරකයි.....හික් හික් ...

    ReplyDelete
    Replies
    1. පාරේ යද්දි ඉතින් මේ වගේ බර වාහන දිහත් බැලෙනවනේ.. :)

      Delete
  3. Replies
    1. ඇයි අක්කේ???

      Delete
    2. හොදට හිටපු කොල්ලට මොකද මේ වෙලා තියෙන්නේ .....

      Delete
    3. මට මුකුත් වෙලා නෑ අක්කේ...

      Delete
  4. " මේක සිතුවිල්ලක් පමණි........... නොවේ.. :)"

    ඈ.. බන් කොල්ලෝ මොකද්ද මේ ...???

    ReplyDelete
    Replies
    1. නෑ.. මේ ගෑණු ළමයි දැන් දැන් ආදර කවි ලියලා දානවනේ සිතුවිල්ලක් පමණි කියලා.. ඒකයි මම මෙහෙම දැම්මේ...

      Delete
  5. හිකිස්.. සිතුවිල්ලක් පමනි නොවේ.. ඒක නම් හිතුනා කවි පද ටික කියවනකොටම.. හී හී

    ReplyDelete
    Replies
    1. ඔයාලා වගේ අපි බොරුවට සිතුවිල්ලක් පමණි කියලා දන්නේ නෑ.. :)

      Delete
    2. හපෝ.. අන්න අයියා පොඩියට මඩක් ගැහුවා.. :P :D

      Delete
    3. මඩ??? අනේ අපි ඕවට නෑනේ.. :)

      Delete
  6. අනේ වාසනාවන්...

    නෑ මේ වාසනාවන් කිව්වෙ ඔයාගෙ පෝස්ටු කියවන අපිට..කාලෙකින් විරහ කඳුළු නැති ආදර සිතුවිල්ලක් කියවන්න පුළුවන් වුනානේ..හික්ස්..

    ReplyDelete
    Replies
    1. මම හිතුවා බලු රාලට වාසනාවන් කිවුවා කියලා.. :)

      කලින් දවසේ අක්කා වෙනස් දෙයක් ලියන කිවුවනේ.. ඒකයි මේ.. අම්මෝ මේක ආදර සිතුවිල්ලක් නෙමෙයි..

      Delete
  7. එහෙනම් දිනේශ් අයිය...අපි මේ සිතුවිල්ලක් පමණි එකයි නොවේ එකයි එකතුකරල 2න් බෙදල හිතාගන්නම් මේක ගැන.........

    ReplyDelete
    Replies
    1. හරි හරි.. උත්තරේ හොයා ගත්තොත් කියන්න.. මමත් මේ පැටලිලා ඉන්නේ..

      Delete
  8. හූල්ල හූල්ල ඉඳලා හරියන්නේ නෑ. හොඳ සැක්සි කෑල්ලක් සෙට් කර ගන්න එපෑය..

    ReplyDelete
    Replies
    1. ඔය සැක්සි කෑලි දා ගත්තම චැසියේ නඩත්තුවට සෑහෙන වියදම් අයියේ මෙහේ.. ඒනිසා මෙහෙම හොදා..

      Delete
  9. බල්ලටත් තියෙන සැප.....

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ..

      Delete
  10. බල්ලන්ටයි කෙල්ලන්ටයි සැප, කොල්ලන්ට දුක

    ReplyDelete
    Replies
    1. මොනවා කරන්නද ඉතින් ඉරිසියා කරනු හැර..

      Delete
  11. පින්තුරෙ කුක්කො දෙන්නෙක්ම ඉන්නවනෙ හෙහ්..හෙහ්..

    ReplyDelete
    Replies
    1. හපෝයි ඔබා මාමේ ඔයා මෙහෙම වචන ලියන්න එපා අපිට පේන්නේ ඉස්පිලි පාපිලි කොම්බු නැතිව...

      Delete
    2. කුක්කො එකෙක් ඉන්න එකක් හම්බුනේම නෑ ඔබා මාමේ.. ඔක්කොම ඉන්නේ දෙක දෙක..

      Delete
    3. අනේද කියන්නේ ගැමියෝ.. මට මේක මතක් වෙද්දිත් හිනා..

      Delete
  12. අතක් පයක් නොකැඩි ඔයින් ගියා මැදෑ .......

    ReplyDelete
    Replies
    1. අත පය කඩා ගත්ත අයත් ඉන්නවා අයියේ.. මම ඒ ගැන පස්සේ ලියන්නම්..

      Delete
  13. ඔකද උනේ මගේ හිතත් හිස් අහසේ “ සදරුගේ ” වාගේ............
    :)

    ReplyDelete
    Replies
    1. ඔකද වීම අපිට ඉගැන්නුවේ සදරුවනේ..

      Delete
  14. මෙහෙ කුක්කෝ වගේද කොලබ හතේ කුක්කන්ට තියෙන සැප :D

    ReplyDelete
    Replies
    1. කොලඹ හතේ කුක්කෝ මොක්කුද මලයා.. බලන්න ඕන යුරෝපා කුක්කෝ දිහා..

      Delete
  15. චික් . . .පාහර බල්ලො !

    ReplyDelete
    Replies
    1. ඉතිං ඒ අහිංසක බල්ලෝ දෙන්න මොනවා කරන්නද?

      Delete
    2. ඕනයා : අර ළමැදේ හිටපු බල්ලට නේ කිවුවේ..

      Delete
    3. අසරණයා : අහිංසකයි නම් තමයි..

      Delete
  16. මටත් හිතිලා තියෙනවා හිසේ කෙස් ගානට අනේ මටත් අර කුක්කා වෙන්න ඇත්නම් කියලා...

    ReplyDelete
    Replies
    1. උන්ට තියෙන සැප දෙක්කම ඔහොම හිතෙන එක සාදාරණයි...

      Delete
  17. හලේ..ඩෙයියනේ...
    යසට හිතිය ඩිනේෂ් අයියා....:O

    ReplyDelete
    Replies
    1. ඈ.. මේ මම හොදට ඉන්නේ.. මට මුකුත් උනේ නැතෝ... :)

      Delete
  18. හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්... මරු... මරු!!!

    ReplyDelete
    Replies
    1. මරු කිව්වේ මොකටද??

      Delete
  19. ප.ප.ලි. ලියපු එකනම් තේරුනේ නැහැ.. :D

    ReplyDelete
    Replies
    1. එහෙනම් කමක් නෑ.. :)

      Delete
  20. පියකරු මුහුණ ඇගේ පාලොස්වක සද වාගේ
    රන් පැහැ කෙස් කළඹ දැවටෙයි නෙත් මානේ

    he he kohomath oya ratawala inna hamoma piyakaru muhuna saha ran paha kes ne :D

    ReplyDelete
    Replies
    1. එහමද හිතන්නේ??? ඔයා එන්නකෝ.. ආවම මම විස්තර කරන්නම්..

      Delete
  21. හුරතල් කුක්කෝ දෙන්නා.පිං කල බල්ලෝ...

    ReplyDelete
    Replies
    1. කලින් ආත්මේ ජීවත් වෙන කාලේ පිං කරල මැරෙන මොහොතේ සිතිවිල්ල නපුරු උන අය.. මතකනේ මධුරංග අයියා දාපු පෝස්ට් එක..

      Delete
    2. මටත් ඒ දේ මතක් වෙලා තම මේ කමෙන්ට් එක දැම්මේ.

      Delete
    3. මධුරංග අයියා කියපු දේ ඇත්ත කියලා මට එවෙලේ හිතුනා..

      Delete
  22. ඔය පාරෙ කෙල්ලො යන වෙලාවට හෙණ ප්‍රවේසං වෙන්න ඔ්න!. :O අනූ නවයෙංනෙ බේරිලා තියෙන්නෙ! :D :D

    ReplyDelete
    Replies
    1. මම නවත්තලා ඉඩ දුන්න නිසා ප්‍රශ්ණයක් උනේ නෑ..

      Delete
  23. තව කවුද මන්ද මේවගේ ආතල් කවි සෙට් එකක් දැම්ම ලගදී

    සුපිරි !

    ReplyDelete
    Replies
    1. අර කැත හිතට කවි ලියන කෙනා නෙමෙයි නේ??

      Delete
  24. ශා නියම කවි ටික මල්ලි..මොනවා වුනත් බල්ලො දෙන්නට හෙන සැප වගේ...:)))

    ReplyDelete
    Replies
    1. මේ පින්තුරේ දෙන්නෙක් හිටියට මම දැක්ක කෙනා ලග හිටියේ එක්කෙනයි.. සැපදත් අහනවා.. අපි ඒ ගැන කතා නොකර ඉමු අක්කේ..

      Delete
  25. හරිම ෂෝයි... බව්වෙක්ට තියෙන සැපක්....
    ම්ම්ම්.... පෝස්ට් ඔෆිස්.... පාරේ යන රන් පැහැ කෙස් කළඹක් තියෙන කෙල්ලෙක්... මොනවා වෙයිද මන්දා...

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මාත් මේ කල්පනා කලේ මොනවා වෙන්න යනවද කියලා.. සිකුරා ලබලද කොහේද..

      Delete
  26. Replies
    1. මම කිවුවා කියලා හිතාගන්න..

      Delete
  27. අහිංසක බල්ලන්නට වත් ඉරිසියා නොකර ඉන්නවද?

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතින් උඹලා අපි ගැන හිතන විදිහ.. කාගෙවත් සතුටකට අපි ඉරිසියා කරන්නේ මොකටද..

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්