Monday, 5 March 2012

තිර පිටපත ( කෙටි කතාව )


සතියකට කලින් ලියන්න පටන් ගත්ත පිටපත තවමත් මේසය උඩම.. පේලි කීපයක් විතරක් ලිය උන පළමු පිටුව මේසය මත රැදෙද්දි කුණු කූඩය උතුරා යන තරමට ගොඩ ගැසුන වීසි කල කොල තොගය පෙන්නුවේ මගේ නොහැකියාව.. අති සාර්ථක උන නාට්‍ය පිටපත් කීපයක්ම ලිවුව මට මසකට කලින් බාරදුන්න අළුත් තේමාවට පිටපතක් ලියන්න බැරි උනේ අයි කියලා මට තාමත් හිතා ගන්න බෑ.. එකින් එක ජිවිතේ ප්‍රශ්ණ කන්දක් ගොඩ නැගුන නිසාද? කල්පනාව හැමවෙලාවකම මගේ සිත අරන් යන්නේ සිත යොමුකරන් ඉන්න කතාවෙන් ඔබ්බට නිසා දින ගානක් තිස්සේ පේලි කීපයකට සීමා උන කතාව බාර දෙන අවසාන දිනයත් කෙමෙන් කෙමෙන් ලං වෙලා..

කිසිවක් නොලිය උන කොල දිහා බල ඉද්දී කීප වතාවක්ම නාද උන දුරකථනය මට මහාම කරදරයක් උනත් දෙතුන් වතාවක් නාද උන් දුරකතනය මම අතට ගත්තේ නොරිස්සුම් ගතියකින්.. ඇමතුමේ සදහන් උනේ අධ්‍යක්ශ්වරයාගේ  නම වූ නිසාම එය මග හැරිය නොහැක්කක් උනා..

හලෝ..”

නුවන්.. මම කීප පාරක්ම ගත්තා.. කෝ ආන්සර් කලේ නෑනේ..”

මම මේ පොඩි වැඩක හිටියේ සේකර මහත්තයා..”

අපේ අළුත් නාට්‍ය කතාව ලියනවා වෙන්න ඇති..”

හ්ම්.. ඔව්..”

මම මේ කතා කලෙත් ගැන කියන්නම තමයි.. තව වැඩි දවසකුත් නෑනේ.. නුවන් ඉක්මනට ඕක ඉවර කරන්න බලන්න.. දන්නවනේ මේ නිෂ්පාදකලගේ හැටි.. පොඩ්ඩක් පරක්කු උනත් ගොඩ වෙන්නේ මගේ ඇගටනේ..”

හොදයි සේකර මහත්තයා..”

එහෙනම් මම නුවන්ගේ ලිවීමට භාධාවක් වෙන්නේ නෑ.. හොදින් වැඩේ කරන්නකෝ..”

දුරකතන විසන්දි වනවාත් එක්ක පිටව ගිය සුසුමක රැදුනේ ප්‍රශ්ණ කන්දරාවකි.. ලබාගත් අත්තිකාරම් මුදල නිසාවෙන් දැන් මෙය අතර යන්නටද නොහැක.. නිහඩවී ගිය සිතුවිළි වලට යලි පණ දෙන්නට හැදු උත්සාහයන්ද එකින් එක අසාර්ථක වෙද්දි මුහුණ දෙන්නට වෙන ප්‍රශ්ණ ගැන හිත නිතරම කල්පනා කරන්නට විය..


....................
නාට්‍ය  තිර පිටපත අවසන් කල යුතු අවසාන දිනය හෙටින් නිමා වෙද්දි එය ලියා නිම කරන්නට ගත් සියළුම උත්සාහන් අසාර්ථක වී ගොත් තිබුණේය.. මේසය මත හිස්ව ගොඩ ගැහුන කොල මිටිය දැක ඔවුන් අහන ප්‍රශ්ණ වලට කොහොම උත්තර දෙනවාදැයි මා තනිවම කල්පනා කලේය..

නුවන් උඹ ඉන්නවද?”

හදිසියේම නිවසේ ඉස්තෝප්පුවෙන් ඇසුන හඩට නෙත් යොමු කරද්දි එහි උන් මා මිතුරා දැක හිත ටිකක් සැහැල්ලුවට පත් වූයේය..

මචං.. මේ උඹනේ.. අද මොකද ඉස්කෝලේ ගියේ නැද්ද උඹ?”

ගියා ගියා බං.. මේ එන ගමන්.. මොකො මේ බය වෙලා වගේ?”

එහෙම දෙයක් නෑ බං.. වාඩි වෙයන්කෝ..”

නුවන් මම මේ වෙන ගමනක් යන ගමන් උබව හම්බුවෙන්න ආවේ ලොකු උදවුවකට..”

උදවුවක්.. හ්ම්ම්.. හරි හරි කියපංකෝ..”

උඹ දන්නවනේ බං.. ඉස්කෝලවල ඉතින් නාට්‍ය තරග තියෙනවා කියලා.. ඉතින් ඒකට අපි මේ පාර අපේ ඉස්කෝලෙන් ළමයි ටිකක් පුරුදු කරලා යවන්න කියලා කල්පනා කලේ.. මම ඒකට කතාවක් හැදුවා.. උඹට පුළුවන්නම් ඒක බලලා අඩු පාඩු තියෙනවද කියලා බලපංකෝ.. උඹ ඉතින් මේ ගැන දන්න එකානේ..”

එසේ කියමින් මා මිතුරා ඔහු ලියු කතාව මා වෙතට දිගු කරද්දි මට මං ගැනම ඇති වූයේ ලැජ්ජාවකි.. තව දුරටත් කතාවකට වචන පේලියක්වත් අමුණන්නට බැරි කෙනෙක් යැයි ඔවුන් දැනගත් දාක මට ඔවුන් හිනාවෙනු ඇත..

හරි හරි මම බලලා කියන්නම්.. ඔහොම හිටපන්.. මම උඹට තේ එකක් හදාගෙන එන්නම්..”

බෑ මචං පස්සේ වෙලාවක බොමු.. තව වැඩ ගොඩක් තියෙනවා.. උඹ එහෙනම් මට මේක බලලා අඩුපාඩු තියෙනවනම් කියපන්.. මම යන්නම් මචං..”

මිතුරා සමග නිවසේ දිර අසලට විත් ඔහුට සමුදි ආපසු නිවසට එන්නට සැරසෙද්දි මිදුලේ ඇවිත් නතර උන වාහනයෙන් බැස ගත් නිෂ්පාදක තුමත් අධ්‍යක්ශක වරයාත් දැක මගේ සිත මදක් ගැහෙන්නට විය.. මොවුන් ආවේ පිටපත ගෙන යන්නට බව මා හොදින්ම දන්නා මුත් ඔවුන්ට පවසන්නේ කුමක්දැයි මා සිතුවේය..

නුවන්.. අපි හිතනවා අපේ වැඩේ දැනටමත් ඉවර කරලා ඇති කියලා..”

මේ..”

හරි හරි අපි වාඩි වෙලා කතා කරමුකෝ..”

හ්ම්ම්.. ඔව් ඔව්.. යමු ඇතුලට..”

ඔවුන් සමගම පිටුපසින් ආලින්දයට ඇතුළු උවත් මගේ සිත තිබුනේ ඔවුනට පවසන්නේ කුමක්ද යන්න ගැන සිතමින්ය..

නුවන් අපේ වැඩේ ඉවර කරලා වගේ..”

ඒකනේ නිෂ්පාදකතුමා මම කිවුවේ නුවන් දක්ශයා කියලා..”

කල්පනාවේ උන් මාහට හදිසියේම ඇහුන දේවල් නිසා කල්පනාවෙන් මිදි ඔවුන් ලගට මදක් කිට්ටු වද්දි මීට මොහොතකට කලින් මා  මිතුරා කියවන්නට තබා ගිය පිටපත නිෂ්පාදකතුමා අතට ගෙන කියවමින් සිටියේය..

නුවන් ලියලා තියෙන්නේ අපි කියපු දේට වඩා ගොඩක් වෙනස් කතාවක්නේ..”

නෑ මේ..”   

සේකර මහත්මයා බලන්න පොඩ්ඩක් මේක..”

ඔවුන්ට ඇත්ත කියන්නට උත්සාහ ගත්තද මට සවන් නොදුන් ඔවුන් මා මිතුරා ලියු කතාව කියවන්නට විය..  අතරින් පතර කතාව කියවූ ඔවුන් දෙස මා මොහොතක් බලා සිටියේය..

නුවන්.. මේ කතාව නියමයිනේ.. මම බලාපොරොත්තු උනේ මෙහෙම දෙයක් නොවුනත් මේ කතාව හොදට මාර්කට් කරන්න පුළුවන්.. ළමයි ගැන කියවෙන නිසා හැම කෙනෙක්ම වගේ මේක බලාවි..”

“ නුවන් කලින් ලියපුවටත් වවා මේ කතාව හිට් වේවි.. අපි එහෙනම් මේක ඉක්මනට පටන් ගමු නේද සේකර මහත්තයා..”

“ ඔව් ඔව්.. නුවන් මේකේ වැඩ ඉවරයිනේ?”

“ හ්ම්ම්.. මම මේ කියන්න හැදුවේ..”

“ හරි නුවන්.. මේකේ තව මොනවා හරි අඩුපාඩු  තියෙනවනම් ඒවා ඉවර කරලා තියන්න.. මෙතන අපි පොරොන්දු උන ගානටත් වැඩිය තියෙනවා.. අපි ඉක්මනට මුණගැහෙමු ආයෙමත්..”

තිර පිටපත වෙනුවෙන් ලැබිය යුතු ඉතිරි මුදල මා අත තබා ඔවුන් යන්නට සැරසුනේ මා ලිවායැයි සිතූ මා මිතුරාගේ කතාවට ඔවුන් වැඩි කැමැත්තක් දැක්වූ නිසාය.. එහි ලියවී ඇති වචනයක්වත් නොදත් මා ඔවුන් නික්ම ගිය පසු අතැති වූ මුදල් මා මිතුරා ලියු පිටපත අසලින්ම තබා මොහොතක් ඒ දෙස බලා හිද මා මිතුරා ලියු පිටපත අතට ගෙන කියවන්නට වූයේ ඔවුන් එයට එතරම්ම කැමතිවූයේ ඇයිදයි දැන ගන්නටය..

....................

ළමා කතාන්දරයක් උවද එහි වචනයක් වචනයක් පාසා රැදුන සොදුරු බව ඇත්තටම මා සිත් ඇද ගත්තේය.. කලින් ලිය උන මාගේ කතා වලට වඩා හොද නැවුම් බවක් මා මිතුරාගේ කතාවෙහි විය.. කුමක් කරන්නේදැයි මා කල්පනාවට වැටි සිටියදි මා මිතුරාගෙන් ලැබුන පළමු දුරකතන ඇමතුමට ප්‍රතිචාර නොදැක්වූයේ මන්දැයි මට සිතාගත නොහැකි විය..

“ නුවන්.. උඹ වැඩකද හිටියේ?”

“ ආ එහෙමම වැඩක් නෑ බං.. කියපං..”

“ නෑ මචං.. මම මේ කතා කලේ උඹ් අර කතාව කියෙවුවද කියලා අහන්න.. ඒක හොදනම් ඒකට අපි ලෑස්ති වෙන්නත් ඕනනේ..”

මිතුරාට කුමක් පවසන්නේදැයි මා මොහොතක් කල්පනා කලේය.. හිත දෙගිඩියාවෙන් තිබුන ප්‍රශ්ණයට අවසානයේ උත්තරයක් මා සෙවිය යුතුමය..

“  උඹ අහගෙනද ඉන්නේ මචං..”

“ ඔව් ඔව්.. නෑ මම මේ කල්පනා කලේ ඉස්කෝලේ ළමයින්ගේ කතාවකට මේක ටිකක් බර වැඩියි නේද මචං.. අපි එකතු වෙලා වෙන එකක් ලියමු..”

64 comments:

  1. ඇත්ත කතාවක්...... ගොඩක් දෙනෙක් ඔහොම කරනවා.......

    ReplyDelete
    Replies
    1. ඔව්.. ගොඩක් අය ජනප්‍රිය වෙන්නෙ මේ දේ කරනවනේ..

      Delete
  2. ඔහොම දේවලුත් වෙනවා තමා...නිර්මාණය ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ.. අපි නොදන්නවා උනාට වෙනවා ඇති..

      Delete
  3. රසයට වඩා මාකට් කරන බලා පොරොත්තුවෙන් තමයි දැන් ගොඩක් පොත් ලියවෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. ඉතින් එහෙම ඒවායේ ගොඩක් වෙලාවට රසයක් නෑ..

      Delete
  4. අම්බානකම වෙන සීන් එකක් නේද ??

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ.. සමහරු සල්ලි දීලා කාට හරි කියලා ලියවගෙන ඒක තමන්ගේ කර ගන්නවා..

      Delete
  5. හික්ස්....ඔයා එහෙම මේවා කරන්න එපා..(කරනවද දන්නෙත් නැහැ.)

    ReplyDelete
    Replies
    1. ඔය ඉතින් කිරිල්ලි අපි ගැන හිතන හැටිනේ...

      Delete
  6. මේක මාර ලස්සනයි බං.. සිරාවටම මට නම් සෑහෙන්න අල්ලලා ගියා..

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචං..

      Delete
  7. අපි හිතනවට වඩා අනිත් අයට දෙයක්‌ කරන්න පුලුවන්.ඒ වගේම අපි අපේ හැකියාවන් තේරුම්ගන්නෙ නැහැ හරියට.ඒකයි මෙහෙම වෙන්නේ.මොනා උනත් ලස්‌සන අදහසක්‌.

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. එක එක්කෙනාගේ දක්ශතා වෙනස්.. අපි නොහිතන අය අපිට වඩා දක්ශයෝ වෙන්න පුළුවන්.. ඒකයි ඇත්ත..

      Delete
  8. හොඳ නිර්මාණයක්... :-))

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් ඔබා මාමේ..

      Delete
  9. මිනිසා ස්වභාවයෙන්ම කුහකයි කියල කියල තියෙනවනෙ!

    ReplyDelete
    Replies
    1. එකගයි.. තමන්ගේ තත්වය පහලට වැටෙන එක නවත්තන්න සමහරු ගොඩක් දේවල් කරනවනේ..

      Delete
  10. සිරා ඈ... මේකත් එහෙම එකක් එහෙම නෙවේනේ :D

    ReplyDelete
    Replies
    1. නෑ නෑ.. මේක මගේම අදහසක්..

      Delete
  11. නිමයයි. මම හරිම ආසයි කෙටි කතා වලට නම්.

    ReplyDelete
    Replies
    1. කෙටි කතාවකින් කතාවේ ඇරඹුමත් අවසානයත් පහසුවෙන්ම් කියන්න පුළුවන් නිසා මාත් දැන් වැඩියෙන්ම කැමති කෙටි කතාවලට..

      Delete
  12. අපොයි ඒ තරම් හොද දක්ශ ජනප්‍රිය අයත් හොරකම් කරනවද???

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඉතින් හරියටම කියන්න මම දන්නේ නෑ.. වෙන්න බැරි කමකුත් නෑ.. මම කිවුවේ අදහසක් විතරයි..

      Delete
  13. ඔහොම දේවල් අනන්ත වෙනවා...ලස්සනයි අයියෙ!!! ඔයාට හිතෙන්නෙ හරිම අමුතු වෙනස්ම කතා...

    ReplyDelete
    Replies
    1. අපි නොදන්නවා උනාට වෙනවා ඇති නංගී.. හැමදාම ලියන දේට වඩා වෙනසක් ඕනනේ නංගී..

      Delete
  14. හුගක් වෙලාවට වෙන්නෙ ඕක තමා.මොන දේ කරන්න ගියත් ඔහොමයි. කැම්පස් වල රිසර්ච් කලත් නම යන්නෙ ලෙක්චරගෙ, හම යන්නෙ ලමයගෙ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත අක්කේ.. මහන්සි වෙලා වැඩ කරන කෙනාගේ නම කියවෙන්නේ ගොඩක් අඩුවෙන්..

      Delete
  15. පට්ට! සිරා කතාවක්! හම්! ඔහොම නොකරන්නෙ කීයෙන් ඛීයද බං! හැමෝම අනුන්ගෙ නිර්මාණ හොරා කන්න පුරුදු වෙච්ච කාලෙක ගැලපෙන කතාවක්!

    ReplyDelete
    Replies
    1. අපි මේ ලියන දේවල් උනත් කවුරු කොහොම කොතැන තමන්ගේ නමින් දානවද කියලා අපි දන්නේ නෑ නේ බං..

      Delete
  16. මට මතක් උනේ ඕ හෙන්රිගෙ කතාන්දර. කෙටි උනත් උඹේ කතාව ගොඩක් හොදයි. (පිටකහන්න කිව්ව නෙවේ.)

    ReplyDelete
    Replies
    1. අයියෝ එහෙම හිතන්නේ නෑ අයියේ.. ගොඩක් ස්තූතියි..

      Delete
  17. කතාකරල වැඩක් නෑ අප්ප...මටත් එකපාරක් එයහා සමාන සිද්ධියක් වුනා....හැබැයි හොඳ වෙලාවට අපේ ප්‍රින්සිපල් ප්‍රශ්ණෙ විසඳුව....

    ReplyDelete
    Replies
    1. ඒ උනත් ඉතින් අසාධාරණය විදගෙන ඉන්න මිනිස්සුත් ඉන්නවනේ..

      Delete
  18. නාට්ටි කතා නං එත්තර තේරෙන්නෑ... හබැයි ගැඹුරක් තියන කතාවක්!

    ReplyDelete
    Replies
    1. දැන් එතකොට මේ කතාව තේරුනයි??

      Delete
  19. වෙනස්ම විදියක කතාවක්. ඇත්තටම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් කසුනෝ..

      Delete
  20. සිරා !

    ඔහොම එකාල ඉන්නව නොවැ !

    ReplyDelete
    Replies
    1. ඉන්නවා ඉන්නවා.. සෑමගේ ඒවත් කවුදෝ උස්සලා තිබුනා නේද?

      Delete
  21. මාර ම නිර්මාණාත්මක කතාවක් මලයෝ, මම උඹෙන් දැක්ක හොඳ ම කතාවක්! ඵල ඵල!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අයියේ.. ඔයාලගේ මේ අදහස් නිසා තමයි මම මේ ලියන්නේ..

      Delete
  22. මෙහෙම වැඩ කරන එක වැරදියි නේද? වෙලාවට කෙටි කතාවක් වුනේ......:)))))

    ReplyDelete
    Replies
    1. ඇත්තටම වැරදියි.. මොකෝ හොද වෙලාවට මේක කෙටි කතාවක් උනේ කිවුවේ??

      Delete
    2. ඇත්ත කතාවක් වුනා නම් හෙන අස්පට්නෙ ඒකයි.

      Delete
    3. ඒක මිසක් මම ඒත් කල්පනා කලා මොකෝ එහෙම කිවුවේ කියලා..

      Delete
  23. ලස්සන කතාවක් දිනේශ්..
    යාළුවට ඇත්ත කිව්වනම් මේ කතාව මෙච්චර ලස්සන වෙන්නෑ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කේ.. කොහොමත් මම මේ කතාවෙන් අදහස් කලේ අවංක කම නෙමෙයි..

      Delete
  24. අනේ අම්මෝ.. හරිම නරක යාළුවෙක්.. :(

    ReplyDelete
    Replies
    1. නෑ නෑ ඒ යාළුවා හදලා තියෙන්නෙ ඇත්ත කියන්න.. ඒත් ඉඩක් ලැබිලා නෑ.. අපි උනත් ඔහොම වෙනවා නෙ වෙන කෙනෙක් වෙන එකක් බලං ඒක ගැන කියවගෙන කියවගෙන යද්දි..

      Delete
    2. මම නම් හිතන්නෙ යාළුවාට උන අකරතැබ්බෙ ගැන කියලා ඔහු එක්ක ඒ මුදල බෙදාගත්තා නම් වටිනවා. හදිස්සියේවත් යාළුවා කවදා හරි ‍ඒක දැක්කොත් යාළුකමත් ඉවරයි. ජීවිතේ අපෙන් වෙන අත්වැරදීම් ඒ වෙලාවෙම කියලා සමතයකට පත්කරගන්න ඕන නේ. නැත්නම් පහු වෙද්දි ගොඩක් හිත රිදෙනවා. මොනා උනත් ලස්සන නිරිමාණයක්. ඒ වගේම ඒ යාළුවා අන්තිමට කියපු දෙයින් ලස්සන අවසානයක්.. ඒත් එක්කම ඉතුරු ටික හිතන්න දීලා කුතුහලයක්. අපූරුයි දිනේශ් අයියේ.. අයියා මගේ එකට හැම තිස්සෙම කමෙන්ට් කරනවා.. ඒත් මම.. සමාවෙන්න අයියේ.. :( මම බ්ලොග(ර්) එකට ඇවිත් පෝස්ට් එකක් දාලා පබ්ලිශ් කරලා යනවා. පස්සෙ ඇවිත් කියපුවාට මොනා හරි කියලා යනවා. අනිත් ඒව් බලන්න ඇත්තෙන්ම වෙලාවක් නෑ. ඒත් මේකට කාලෙකිං ගොඩවැදුනෙ. ඒත් එක්කම ලස්සන නිර්මාණයක්.....!!!

      Delete
    3. ප්‍රාර්ථනා : හොද යාළුවෝ අතර අවස්ථාවාදි යාළුවොත් ඉන්නවා නංගී..

      Delete
    4. ආගන්තුකයා : ඔව් එහෙම කරන්නත් තිබුනා.. ඇත්ත කියලා යාලුවා එක්ක කතා බහ කරගන්න තිබුනා.. ඒත් එහෙම උනේ නෑ කියන එකෙන් තේරෙන්නේ හොද යාළුවෙක් නෙමෙයි කියන එක..

      මොකටද බං මේ සමාව ඉල්ලන්නේ? ඕවා හිතන්න එපා.. උඹට ඉස්කෝලේ වැඩ අස්සේ මේ හැම එකක්ම කියවන්න වෙලාවක් නෑනේ..

      Delete
  25. නිර්මානේ ලස්සනයි.මේ කතාවට සමාන සිද්දීයක් වෙලා තියෙනවා.ඒත් මේ වගේ තිර පිටපතකට නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. කතාව මීට වඩා වෙනස් උනත් අනිත් අයගේ හැකියාවන් හොරකම් කරන අය ඕන තරම් ඉන්නවා..

      Delete
  26. දැන් ඒ යාළුවගේ පිටපතින් නාට්‍යය කරලා පෙන්නන දවසට අර යාළුවට මොනා හිතෙයිද?

    හොඳ කතාවක් අයියා...!!!

    ReplyDelete
    Replies
    1. මුහුන දෙන්න බැරි ලැජ්ජාවක් එක්ක තමන් ගැන කලකීරිමක් ඇති වේවි.. එහෙම නොවෙන්නත් පුළුවන් ඉතින් මිනිස්සුන්ගේ හැටියට..

      Delete
  27. අම්මෝ මෙහෙමත් මිනිස්සු ඉන්නවානේ :/

    ReplyDelete
    Replies
    1. ඉන්නවා ඉන්නවා.. ඕන තරම් අපි අතරෙම..

      Delete
  28. ගොඩක් ආසවෙන්,කුතුහලයකින් කියෙව්ව.මේ අදහස් ඇත්තටම ලස්සනයි දිනේෂ් අයියෙ.ඔය වගේ කරන අය කොච්චරනම්ද අද ලෝකෙ...

    ReplyDelete
    Replies
    1. මාද ලෝකේ වැඩි මේ වගේ අය මල්ලී.. ගොඩක් ස්තූතියි..

      Delete
  29. ඔහොමත් වෙනවා ඇති. දැන් හැම දෙයක්ම මාර්කට් කරන්න නේ යන්නේ.

    ReplyDelete
    Replies
    1. සල්ලි නිසා දැන් මිනිස්සු අපි නොහිතන දේවලුත් කරනවනේ අයියේ..

      Delete
  30. ජීවිතයෙ ඉස්සරහට යද්දි ගොඩක් අයට එයාලවම අමතක වෙලා.. අමතක කරලද මන්දා..
    බ්ලොග් අවකාශෙ වැඩිය කියන්න නොලැබුණ ලස්සනට අකුරු වුණ වෙනස් කතාවක්..! :)

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්