Saturday, 10 March 2012

මට අවසර නැතිවද?

කොයි තරම් සෙනග ගැවසුනත් මේ මාවත පාළුයි වගේ හැගීමක් මගේ හිතට එන්නේ කාලයක් තිස්සේ නිතර මුණ ගැහුන ඔය දෑස හිටි හැටියේම මේ මාවතේ නොදකින නිසාද කියලා මට තේරෙන්නේ නෑ.. ඒත් හිත ඇතුලටම ගිහින් ඒකට උත්තරයක් අහද්දි මගේ හිත කියන්නේ ඔව් කියලා.. දෑස මම තාමත් හොයනවා.. ඒත් ඇයි?

මීට කාලෙකට කලින් දවසක ජීවිත තරගෙට එකතුවෙලා තව කෙනෙක් පරද්දගෙන යන්න ආපු ගමනකදි අතර මග සිත නතර උන තැනක මේ තරම් වේදනාවක් රැදේවියි කියලා මම මොහොතකටවත් හිතුවනම්.. එකම ශේෂ්ත්‍රයේ එක තරගයක තරගයක දුවපු අපි එකිනෙකා හමුවීමත් අපුරු අහම්බයක්..

වෙනදා වගේම කම්මැලි කමින් ගෙවුන සම්මන්ත්‍රණයක අවසාන දේශණයට නුඹ එද්දි කාගෙත් වගේ නෙත් ඇදුනේ නුඹේ සුන්දරත්වෙට කියන එක රහසක් නෙමෙයි.. ඒ සුන්දරත්වෙටම ගැලපෙන මිහිරි කටහඩට මම වගේම දේශණ වලට  අකමැත්තෙන් උන් හැමෝවම මොහොතකින් නුඹට නතු කරගන්න පුළුවන් කමක් තිබුනා.. ඒත් අනිත් අයට වඩා ආදරණිය හැගීමක් මට දැනුනේ නිතර යනෙන මග දිගේ හැමදාම වගේ නුඹව හමු උන නිසා..

“ මේ එදා සම්මන්ත්‍රණේ මාර්කටින් ගැන දේශණය කරපු මිස් නේද?”

හොදින්ම ඇයව දන්නවා උනත් ඉස්කෝලේ යන පොඩි එකෙක් තමන්ගෙම වයසේ කෙල්ලෙක් එක්ක ඉස්සෙලාම කතාව පටන් ගන්න විදිහටම මමත් අපේ කතාවට මුල පිරුවේ හරිම බොළද විදිහට කියලා තේරුණේ ඇය සිහින් හිනාවක් මා වෙත හෙලද්දි..

“ ඔව්.. මට මතකයි එදා ඔයත් ඒ වැඩමුළුවේ හිටියා.. මම මාධවී..”

“ මම සේනක.. අදුන ගන්න ලැබීම සතුටක්..”

හෙමින් හෙමින් හොද මිතුදමක පදනම වැටෙද්දි මිතුදමට එහා ගිය හීන මම දැක්කේ මගේ අවාසනාවද කියන්න මම අදත් දන්නේ නෑ..

“ ආ මාධවී.. මොකද මේ කොෆී ශොප් එකක තනියම..”

“ සේනක මේ කොහේ යන ගමන්ද? මම මේ යාළුවෙක් එනකම් ඉන්නවා..”

“ මාත් එක්ක කෝපි එකක් බොන්න මාධවීට එහෙනම් වෙලාව තියෙනවද දන්නේ නෑ..”

“ හ්ම්ම්.. හා..”

හිතේ තියෙන අදහස ඇයට කියන්න හොදම දවස එදා කියන සිතුවිල්ල මගේ හිතට කොහොම ඇතුළු උනාද කියන්න මම දන්නේ නෑ.. ඒත් හිතට ඒ හැගීම් වචනයට පෙරලන්න තරම් ශක්තියක් නොතිබුන එක ගැන මම අදටත් සතුටු වෙනවා..

“ මාධවී යාළුවෙක් එනකම් නේද ඉන්නවා කිවුවේ?”

“ ඔව් සේනක.. ආ ඔය කියනකොටම එන්නේ..”

ඈ දෙනෙත් යොමු කල දිහාවට මමත් නෙත් යොමද්දි දෑස් මානයට ඇවිදන් ආපු තරුණයා අපේ කතාවේ අවසානය මට හොදින්ම කිවුවා..

“ සේනක.. මේ මම මැරි කරන්න ඉන්න කෙනා.. අපි ලබන මාසේ බදිනවා..”

මගේ හිතේ ඇතිඋන හැගීම ඇත්තක් කරමින් ඇය එහෙම කියද්දි මගේ හිත දුක් උනත් ඒ ගැන නොපෙන්නා මම කතාකලේ ඔවුන්ට ප්‍රශ්ණයක් නොවිය යුතු නිසා..

“ මගෙන් දෙන්නටම සුභ පැතුම්..”

“ සේනකට මම වෙඩින් කාඩ් එක පස්සේ දෙන්නම්.. ඔන්න අනිවාර්යෙන් එන්න ඕන.. එහෙනම් අපි යමු නේද රුවන්..”

මගෙන් සමුගත් ඇය හැමදාටම ජීවිතෙන් ඈතට ඇදී යද්දි මොහොතකට එතන නැවතුන මම ඔවුන් දෙදෙනා දිහා බලන් ඉදලා මම මගේ දෛවයටම හිනා උනේ ආයෙම ඒ වගේ කෙනෙක් ජීවිතේට ලං වෙයිද කියලා නොදන්න නිසා..



ඔබේ දෙනෙතින් කියවුන ආදරය
සොදුරු ලොවක සිහින දොරටුවක් මෙන්ය
සිහින ලොවට යන මල් වැටුන දෙවැට
 කටු කොහුලින් පිරි මාවතක් වූයේ කිමද?

ඔබේ සිතේ ගැඹුරුම තැනක
මට  හිදින්නට ඉඩ නොලැබුනද
මගේ හිතේ ගැඹුරුම තැනක
නිරතුරුව ඔබ සිටින්නේ කිමද?

සිත් අරණේ ආදරය පුරෝගෙන
ඔබ වෙත දුව අවුත්
ඔඹේ ආදරයෙන් සැනසෙන්නට
මට අවසර නැතිවද?




73 comments:

  1. Replies
    1. හැබැයි තෑගි නෑ ඔන්න..

      Delete
  2. ආදරය කරන එක ලේසි. ඒ ආදරේ තමන්ගේ කරගන්න එක තමයි අමාරුම දේ
    හැමදාම වගේ අදත් ගොඩාක් ලස්සන අර්ථයක් තියෙන කතාවක් :)

    ReplyDelete
    Replies
    1. ඔයාගේ කතාවත් එක්ක මම එකගයි නංගී.. අමාරුම ආදරේ හැමදාටම තමන්ගේ කර ගන්න එක..

      Delete
  3. සිතින් විතරක් පෙම් කරන්නම්
    දුරින් හිද ඔබ දෙස බලන්නම්

    ReplyDelete
    Replies
    1. එතකොට වේදනාව තව වැඩියි..

      Delete
  4. හ්ම්ම් ලස්සන කතාවක්.ඒ වගේම මේ කවියටත් මං ගොඩක් ආසයි...

    //ඔබේ සිතේ ගැඹුරුම තැනක
    මට හිදින්නට ඉඩ නොලැබුනද
    මගේ හිතේ ගැඹුරුම තැනක
    නිරතුරුව ඔබ සිටින්නේ කිමද?//

    ReplyDelete
    Replies
    1. ඇත්තටම වෙන්නෙත් ඔට ටිකනේ මචං.. අපි කොච්චර ආදරේ කලත් අපිට ආදරේ නැත්නම්..

      Delete
  5. ගොඩක් තැන් වල දකින්න වෙන ඇත්තක්.අකමැත්තෙන් වුනත් විඳගන්න වෙන සිදුවිමක්...

    ගොඩාක් ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. මේ අපි උනත් ඔය දේ කීප වතාවක්ම විදල තියෙනවනේ..

      Delete
  6. කීයක්නං ඔහොම වෙලා තියනවද බං . . .

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත අයියේ.. මගහැරුන තැන් නම් බොහොමයි..

      Delete
  7. “ සේනකට මම වෙඩින් කාඩ් එක පස්සේ දෙන්නම්.. ඔන්න අනිවාර්යෙන් එන්න ඕන.. එහෙනම් අපි යමු නේද රුවන්..”

    පුදුම විදියට අසරණවෙන තැනක්....

    නැතත් අවසර
    අසිරි පතනෙමි
    මට අහිමි,
    මගේ මැණිකට....

    ReplyDelete
    Replies
    1. ඇත්තටම.. කොච්චර අසරණ උනත් ඒ අසරණ කම පෙන්නන්න හොද නැතිම තැනක්.. මොකද එහෙම උනොත් ප්‍රශ්න ගොඩක් නේ..

      Delete
  8. පොදු දහමක් ඕනයා කිව්ව වගේ.. !

    ReplyDelete
    Replies
    1. ගොඩක් දෙනෙක්ට..

      Delete
  9. හ්ම්..... තමන් ආදරේ කරන කෙනා වෙන කෙනෙක්ට අයිති වෙනවා බලාගෙන ඉන්න එකත් මේ ලෝකේ කරන්න අමාරුම දෙයක්..

    ReplyDelete
    Replies
    1. හිතින් ආදරේ කරද්දි ඒ වේදනාව තවත් වැඩියි.. අනේ මම ඉස්සර උනානම් කියලා හිතෙනවා..

      Delete
  10. හැමදාම වගේ ගොඩක් ලස්සනයි දිනේෂ් අය්යේ කතාව.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගියෝ..

      Delete
  11. දුකයි කියලා මොනවා කරන්නද මචං... සමහර වෙලාවට අපිට ඔය වගේ දේවල් වලට මුහුන දෙන්න වෙනවා. ඇත්තම කිවිවොත් මටත් උනා ඔයිට වඩා හපන් දෙයක්. හැමදාම වගේ අදත් ලස්සනට ලියලා තියෙනවා...!!!

    ReplyDelete
    Replies
    1. පුන්ච්යට හරි වේදනාවක් දැනෙන්න හරි අපි මේ දේට මුණ දීලා තියෙනවා.. දැන් ඉතින් දුක් වෙලා වැඩක් නෑ ඇත්තටම..

      Delete
  12. මේ මගේ අලුත් බ්ලොග් එකට එන පාර. ඉඩක් තියේ නම් පොඩ්ඩක් ගොඩ වෙලා යන්න..
    http://wehimandarama.blogspot.com/
    -වර්ෂා..

    ReplyDelete
    Replies
    1. නංගියෝ.. මේ ලින්ක් එක වැඩ නෑනේ..

      Delete
  13. ඕක තමයි මලේ කියන්නේ දැන් ම ම කෙල්ලෙක් හොයලා තියාගන්න කියලා, උඹට ඕන කාලෙට කෙල්ලෝ හොයන්න ගියා ම ඔක්කොම බුක් වෙලා ඉවරයි, බලපන් නැද්ද කියලා....

    ReplyDelete
    Replies
    1. එහෙමෙයි කියලා මට දැන්මම බුක් වෙන්න බෑ අයියේ.. මෙහෙම හොදයි වගේ මට..

      Delete
  14. ඔබේ සිතේ ගැඹුරුම තැනක
    මට හිදින්නට ඉඩ නොලැබුනද
    මගේ හිතේ ගැඹුරුම තැනක
    නිරතුරුව ඔබ සිටින්නේ කිමද?

    මේ කෑල්ල නම් මටත් අදාලයි අයියේ.. කොටින්ම කිව්වොත් මේ කථාවම මගේ කථාව වගේ.. ලස්සනයි ..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. ඒ කතාව මම දන්න තරමින් මටත් එහෙමම හිතෙනවා.. දුක් වෙන්න එපා නංගී..

      Delete
  15. අයියෝ අදත් විරහ ගීයක්නේ..
    දැන් ඇති මලේ විරහ ගී ලිව්වා..

    ReplyDelete
    Replies
    1. ඊළග පාර විරහව නැතුව වෙන දෙයක් ලියන්නම්..

      Delete
  16. බල බල හිටියොත් හරි යන්නේ නෑ කියලා දැන් තේරෙනවා නේද මල්ලි

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත අක්කේ.. ඒත් ඉතින් දැන් බල බල ඉන්නවත් කෙනෙක් නෑ නේ අක්කේ.. කෝ අර ඔයා ගෙවල් කිට්ටුව ඉන්නවා කියපු කෙනා ගැන මුකුත් කිවුවෙත් නෑනේ..

      Delete
  17. පහු පහු වෙනකොට මචං ඇන්ටි කෙනෙක්ව වත් සෙට් කරගන්න වෙන්නේ නෑ . ඒක නිසා දැන්මම ලැබෙන දෙයක් තරයේ බදාගෙන හිටු .. අනේ අපරාදේ අර ගුවන් ...

    ReplyDelete
    Replies
    1. උඹේ උපදෙස හිස මුදුනින්ම පිළිගමි.. ගුවන් නම් අපරාදේ තමයි බං.. දැන් තමයි ගොං කම තේරෙන්නේ..

      Delete
  18. හ්ම්ම්.... :'(

    //සිත් අරණේ ආදරය පුරෝගෙන
    ඔබ වෙත දුව අවුත්
    ඔඹේ ආදරයෙන් සැනසෙන්නට
    මට අවසර නැතිවද?//

    මොනා කරන්නද හෆ්ෆා... දෛවය තමා...

    ලස්සනයි අයියේ.. දුක වුනත් අකුරුකරල තියෙන විදිය ශෝයි..ලස්සනම ලස්සනයි

    ReplyDelete
    Replies
    1. හිතින් ආදරය කරලා ඒ ආදරයට දෛවයෙන් මේ වගේ පිළිතුරු ලැබුනම දැනෙන දුක වැඩියි නංගී..

      Delete
  19. දුක ලස්සනට ලියලා මල්ලියෙ..කොහොමත් අපේ අතින් විරහව ලියවෙනවා ලස්සනට නේද...?

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත අක්කේ.. මමත් ඕක ගැන හිතලා තියෙනවා.. කවියක් ලියන්න ගත්තම එක නවතින්නේ විරහවකින්..

      Delete
  20. කියන කෙනාට කියන්න ලේසි, අහන කෙනාට අහන්න අමාරු කතාවක්... කටුක අත්දැකීමක්...කරන්න දෙයක් නෑ අන්තිමට..

    ReplyDelete
    Replies
    1. දුක දරා ගන්නවට ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ ඇත්තටම..

      Delete
  21. අපි වගේ පැදුරෙ ඉන්න අයටනං වැටෙන්න බිමක් නෑ! එ් නිසා තමයි පැදුරෙ ම ඉන්නෙ

    ReplyDelete
    Replies
    1. ඔය පැදුරට වැටුනේ ඇයි කියන එකත් හොයල බලන්න පොඩ්ඩක්..

      Delete
  22. ගඟේ ගැඹුර දැනගෙන ඕන කකුල තියන්න!ගිලිලා මැරෙන්න වෙන්නේ නැත්නම්!

    ReplyDelete
    Replies
    1. ඒකනම් සම්පූර්ණ ඇත්ත..

      Delete
  23. අවසර නැත මට ඔබෙ අත ගන්නට......"

    ReplyDelete
    Replies
    1. බැමි බැද ඇත ලොව සතර දෙසේ..

      Delete
  24. සෑහෙන්න අසරණ වෙන සිද්ධියක් හරිම ලස්සනට ලියලා තියෙනවා.... මෙහෙම සිදුවීම් වෙනවා ගොඩක් වැඩියි ඒත් වෙලාවකට හිතෙනවා ඒ ගැන කියාගන්න බැරුව හිතේම හිරවුනු එක හොඳයි කියලා අඩුගානේ පරණ මිතුරු කමක් හරි ඉතුරුවෙයිනේ....

    ආදර ගීත වලට වඩා විරහ ගීත හදවතට සමීපයි නේද

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඇත්ත.. ආදරේ කිවුවට පස්සේ මෙහෙම දෙයක් දැන ගත්තම කොච්චර උනත් මිතුරු කම උනත් තියාගෙන යන්න හරි අමාරුයි.. සුළු දේකදි උනත් ගොඩක් ලොකු දේවල් හිතන්න ගන්නවා..

      ගොඩක් වෙලාවට අපි මුමුණන්නෙත් විරහ ගීතනේ.. ඒ හිතට විරහවක් දැනෙන නිසාම නෙමෙයි..

      Delete
  25. මටත් වුනානේ මට මං ගැනම ලැජ්ජාවක් ඇති වුනා.සමහර වෙලාවට පරක්කු වීමෙන් ඇති වෙන වාසි ඒවා නේ.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. ඇත්තටම හිතට අන්තිමේ දැන්නේ ලැජ්ජාවක් තමයි.. තමන් ගැනම..

      Delete
  26. අපේ අම්මා කියනවා ඉක්‌මන් කොටයිලු..එත් මට හිතෙනවා මේවා දැක්‌කම ප්‍රමාදය පසු තැවිල්ලට හේතු වේ කියලා.

    ReplyDelete
    Replies
    1. ඔය කියමන් දෙකම හරි.. ඒත් මේ වගේ දේවලදි නම් ඉක්මන් වෙලත් බෑ පහු වෙලත් බෑ.. හරි වෙලාව තමන් තේරුම් ගන්න ඕන..

      Delete
  27. අද සමාජයේ හදවතට ඉඩක් නෑනේ අය්යේ!
    වැල යන අතකට මැස්ස ගැහීමක් තියෙන්නේ!

    ReplyDelete
    Replies
    1. තරමක් දුරට එකගයි.. ඒත් ඉතින් හදවතට ඉඩ දෙන අයත් නැතුවම නෙමෙයි මල්ලියේ..

      Delete
  28. ඔබේ සිතේ ගැඹුරුම තැනක
    මට හිදින්නට ඉඩ නොලැබුනද
    මගේ හිතේ ගැඹුරුම තැනක
    නිරතුරුව ඔබ සිටින්නේ කිමද?

    ඇයි ඇත්තටම එහෙම වෙන්නේ .........

    ReplyDelete
    Replies
    1. ඔය දේ අපි කවුරුවත්ම බලාපොරොත්තු වෙන දෙයක් නෙමෙයි අක්කේ.. ඒත් අන්තිමේ හිමි වෙන්නෙත් ඔය දේම තමයි..

      Delete
  29. ගෑණු ළමයි කියන්නේ ඊමේල් අයි ඩී වගේ කියලා කතාවක් තියනවනේ... හොඳ ඒවා ඕල්රෙඩි කවුරුහරි අරන්...

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත අයියේ ඒ කතාවනම්.. අපි ගන්න හිතුනොත් ගන්න වෙන්නේ ඒ නමට පිටිපස්සෙන් අංකයක් එකතු කරන්..

      Delete
  30. අපරාදේ ටිකක් ඉක්මන් උනා නම්.....
    මල්ලි ඔහොම ඉදලා හරි යන්නේ නෑ පොඩ්ඩක් ඉක්මන් වෙයන්. මේ පේන්නැද්ද අපට වෙලා තියෙන සංගෙඩියක තරම !

    ReplyDelete
    Replies
    1. ඉක්මන් කොට වෙන වෙලාවලුත් තියෙනවනේ අයියේ.. අයියට මොනවද වෙලා තියෙන්නේ.. ඔය ඉන්නේ හොදට.. නිදහසේ..

      Delete
  31. කතාවත් කියෙව්වා..කොමෙන්ටුත් කියෙව්වා....දැන් මම මොනාද කියන්නෙ?....හ්ම්ම්..ආදරය කියන්නෙ සිතිවිල්ලක් විතරයි...සිතිවිලි ඇති වෙනව නැති වෙනවා...වෙනස් වෙනවා.......

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. සමහර සිතුවිලි ආදරයක්ම නොවෙන වෙලාවලුත් තියෙනවනේ..

      Delete
  32. සිරාවටම ලස්සනට ලියල තියනවා. ආදරය කියන්නේ පරිත්‍යාගයක්ලු....

    ReplyDelete
    Replies
    1. මාත් ගොඩාක් විශ්වාස කරන දෙයක් තමයි ආදරය කියන්නේ පරිත්‍යාගයක් කියන කාරණාව.. ඒක ඇත්ත..

      Delete
  33. කාට කියන්නද මේ දුක... අයියෝ සල්ලි...

    ReplyDelete
    Replies
    1. අපරාදේ කියනවා හැර වෙන මොනවා කියන්නද?

      Delete
  34. ඇයි අප්පා මේ වගේ ම එකක් අද ලිව්වේ...ශේප් එකේ හදාගත්ත හිත ආයි අවුල් ගියා

    ReplyDelete
    Replies
    1. ඇයි බොට මොකද උනේ? ඔක්කොටම ඉස්සෙල්ලා ඒක මට කියලා ඉදපං..

      Delete
  35. "ගඟක් වුණේ ඇයි නුඹ මට ජීවිතයට සිහිල සදන"
    කියලා මතක් වුණා..
    අහිමි දේවල් අහිමිවෙන්නෙ අපි නොදැක්කත් ජීවිතේ අපිට ඒ දේ අහිමි නිසා වෙන්න ඇති.. :)

    ReplyDelete
    Replies
    1. "එනමු විදගන්නට තහනම්.."
      කියලා මටත් මතක් උනා..

      ඒ කාරනේ එක්ක නම් එකගයි.. අහිමි දේ කොච්චර හිතුවත් අපිට හිමි වෙන්නෙම නෑ.. හිමි උනත් තාවකාලිකයි..

      Delete
  36. තවත් එක් සෝක කතාවක්....

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්