Wednesday, 7 March 2012

සදයි.. කවියි..

සදට අපි කවුරුත් ආදරෙයි.. බාල මහළු මේ කිසිම.. භේදයක් නැතුව අපි සදට ආදරේ කරනවා.. කවි ගත්තත් එහෙමයි.. සයුරු රළ, මුහුදට  පස්සේ කවි වලට ගොඩක් මාතෘකාවක් වෙන දෙයක් තමයි මේ සද කියන්නේ.. ඒ අපි කවුරුත් සදට ආදරේ නිසා වෙන්න ඇති..

කවියක් අතරට සද ගැන කියවෙන වචන පේලියක් යෙදෙන අවස්ථා ගොඩක් වැඩියි.. ජනප්‍රිය ගීත වල උනත් සද ගැන පේලියක් හෝ ලියවිලා තියෙනවනේ.. සදත් එක්කම කවියට එකතු වෙනදෙයක් තමයි රාත්‍රිය.. ඉතින් මේ කාරණා දෙක අරගෙන දෙන්නෙක් ලියපු එහෙම කවි දෙයක් ගැන කියන්නයි මම මේ හදන්නේ.. දෙන්නෙක් කිවුවට ඉතින් වෙන කවුරුවත් නෙමෙයි අපේ අයියා සහ මම..

ඉස්සෙලා බලමුකො අපේ අයියගේ කවිය..

සුදු සදරැස් දෝතට ගෙන
හිමිහිට නළලත් අතවරා
රහසින් දෙනයන පිරිමැද
දේදුණු රන් දෙබෑමත
දෙතොල් තබා 
දවසක් එක සිහින රැයක
ඔබ මිමිනූ
කවියක් වගෙයි සෙනෙහස..

මටත් හොරෙන් මගේ හදින්
සුවද රැගෙන
ඔඹ තවරා ඔබේ මුහුණ 
මතට
හිනා ගලන ආදරයේ
මුදු උණුසුම් දෙතොල් අතර
ජීවිතයම ගලපාගත් 
එකෝම එක හාද්දකට
පණ දෙන්නම්.. මම දවසක
ඔබට පෙම් කල මේ ජිවිතයෙන්..

අපේ අයියා මේක ලියලා තියෙන්නේ 1998 දවසක.. සමහරවිට ඊටත් වඩා වැඩිද දන්නේ නෑ.. මම දැන්නේ 98 දිනපොතක ලියලා තියෙනවා විතරයි..

එතකොට මේ තියෙන්නේ සදයි රාත්‍රියයි එකතු කරන් මම ලියපු කවියක්..

සුදු සද රැසින් ලොවම නැහැවෙන
මේ සුන්දර රාත්‍රියේ
ඔබ මා ලග නොමැති සොවින්
මසිත හඩන අයුරු
ඔබ දන්නවනම්,
කඩුපුල් මල් පිපී
සුවද විහිදන මේ සුන්දර යාමයේ
ඔබේ සුවද මට නොදැනෙන සොවින්
මසිත වැලපෙන අයුරු 
ඔබ දන්නවනම්,
සොදුරියේ නුඹ
අදුරු වළාවන් පසෙක දමා
මා ලගට  දුව අවුත්
ආදරයෙන් තුරුළු වේවි..

මම මේක ලියලා තියෙන්නේ නම් 2002 මැයි 21.. කවියේ නිධාන කතානම්  අහන්න එපා..

වෙනස්ම කවි දෙකක් උනත් එකම කාල පරාසයක් කවි දෙකටම පාර කියපු හැටි පේනවනේ.. මේ කවි දෙක සංසන්දනය කරන්න එපා.. හොදම එක අපේ අයියා ලියපු එක තමයි..




59 comments:

  1. Replies
    1. ඔයා ගිය පාර තෑග්ගත් ගත්තනේ අනේ. මේ පාර එකෙන් භාගයක් මට ඕන.

      Delete
    2. ඔහොම ඉන්න..ඔහොම ඉන්න...මම දැන් මේ හැට්ට්‍රික් එකක් ගන්නයි ඉන්නේ...

      අද වර්ණ පේන්න නැහැ වගේ..:/

      Delete
    3. ඔව් ඔව් හැමදාම එක්කෙනාටම තෑගි දෙන්න බෑනේ.. බට්ටි අක්කටත් භාගයක් දෙන්න මලයෝ..

      Delete
  2. අද කියන්න දෙයක් නෑ..... මම කවි ගැන දන්නෙ නෑ .....

    ReplyDelete
    Replies
    1. කාලයක් යද්දි තෙරුම් යාවි අක්කේ..

      Delete
  3. සඳ කියන්නේ රෑ පිපෙන ලස්සන ආලෝක මල නේද...

    මේ කවි දෙකම ලස්සනයි...කවි දෙකේම අන්තිම පේලි දෙක හිතට ගොඩාක් සමීපයි කියල දැනුනා...ලස්සනයි දිනේෂ් අයියේ....

    ReplyDelete
    Replies
    1. එහෙනම් මලයගේ ජීවිතෙත් මේ කාර්ණා සම්බන්ද මොනවා හරි මතකයන් තිබිලා තියෙනවා වගේ..

      Delete
  4. කවි කියවනව අඩුයි මලේ . . .

    ReplyDelete
  5. අයියායි මලයයි දෙන්න ම වැඩ නවත්තලා කවි ලියන්න පටන් ගත්තොත් කොහොමද... ලස්සනයි මලේ!

    ReplyDelete
    Replies
    1. කවියෙන් බඩ කෙසේ වෙතත් හිත පුරාවෙගෙන ඉන්න තමයි වෙන්නේ එහෙම උනොත් නම්..

      Delete
  6. අයියයි මල්ලියි ෂෝයි.... දෙන්නම හොඳ කවිකාරයො දෙන්නෙක්නෙ... අපේ අයියලත් කවි ලියල තියේද කියල හොයල බලන්න ඕන... :))

    ReplyDelete
    Replies
    1. හොයලා බලන්න.. හැබැයි පරිස්සමට හොදේ.. පෞද්ගලික දේවල් නේ..

      Delete
  7. මාත් හරි ආසයි සඳ සහ රාත්‍රිය කියන මාතෘකා දෙකට...

    ReplyDelete
    Replies
    1. වයස් සීමාවක් නැතුව හැමෝම වගේ ආසා කරන දෙයක් තමයි සඳ හා රාත්‍රිය..

      Delete
  8. බැරිද අයිය මලෝට ප්‍රසංගයක් පවත්වන්න.......අපි දෙන්නම් ෆුල් සප් එක.....;)

    ReplyDelete
    Replies
    1. කවියෙන් කවියද.. එහෙම නැත්නම් වාද බයිලාවක්ද?

      Delete
  9. කවි පවුලක් වගේ..
    ලස්සනයි කවි දෙකම..

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ.. අපේ ගෙදර හැමෝටම වගේ ලියන්න පුළුවන්.. වැඩියෙන්ම ලියන්නේ ඉතින් මමයි අයියයි තමයි..

      Delete
  10. සඳ තරු ගැන අහස ගැන කොච්චරක්නම් කවි ලියලා ඇද්ද මමත්. ලස්සනයි මේ කවි දෙකම දිනේශ් ඔන්න මම ලියපු එක කවියක් කාලෙකට උඩදී

    අහසම නුඹයි......තරුපති මමයි
    සුඳු සඳ නුඹයි.....සඳකැන් මමයි
    පිනිබිඳු නුඹයි.....වණ මල මමයි
    මහ වැසි නුඹයි......සීතළ මමයි
    සමුඳුර නුඹයි...සිතිජය මමයි
    දුරට හරි ළඟයි.....ළඟට අපි දුරයි

    ReplyDelete
    Replies
    1. අක්කාගේ කවි පෙලත් ගොඩක් ලස්සනයි අක්කේ.. අපි කවි ලියන හැමෝම මේ ගැන ලියලා තියෙනවනේ..

      Delete
  11. කවි දෙකම ලස්සනයි.
    හැබැයි පුතෝ අනුන්ගේ දින පොත් පෙරලන එකනම් හොද නෑ හොදනෑ හොදද?

    ReplyDelete
    Replies
    1. අනුන්ගේ නෙමෙයිනේ අක්කේ.. මගේම අයියගෙනේ.. ඒනිසා කමක් නෑ..

      Delete
  12. කවි දෙකම අපූරුයි..... :D

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් නංගී..

      Delete
  13. සදයි,ආදරෙයි..... දෙක එකට යන දෙකක්නෙ කොහෙමත්..

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ.. ආදර වචන වල ඔය වචන දෙකනේ වැඩියෙන්ම තියෙන්නේ..

      Delete
  14. හඳඳ..අනෙ අම්මෝ...මතක්කරන්නෙපා.....:/

    කවි දෙකම ඇත්තටම ලස්සනයි අයියෝ.....:)

    ReplyDelete
    Replies
    1. මොකද මේ හඳත් එක්ක මෙච්චර නෝක්කාඩුවක්??

      Delete
  15. අයියයි මල්ලියි දෙන්නම එහෙනං කවි කාරයො

    ReplyDelete
    Replies
    1. අයියගෙන් තමයි ඉතින් මල්ලිත් ඉගෙන ගත්තේ..

      Delete
  16. ආව්ව්..හෆ්ෆා මේ අයියායි මල්ලියි නියමයිනෙ.. නරකද ෆාමසියෙ වැඩ නවත්තලා කවි මඩුවක් පටන්ගත්තොත්...;) හිකිස්ස්.. ඇත්තටම ලස්සනයි අයියේ..කවි දේකේ තියෙන්නෙ වෙන ව්නම රසයක්...

    ලඟදි මම කරන්න යන අලුත් වැඩකට මේ සඳ මාර වැදගත්..:D

    ReplyDelete
    Replies
    1. වැඩ නවත්තලා කවි ලියන්න ගත්තොත් අනිත් වැඩ ඔක්කොම කණපිට නංගියේ..

      ඔයාගේ අළුත් වැඩේට සඳ මාර වැදගත් කිවුවේ ඔයා හද මත ඇවිදින්නද හදන්නේ? :)

      Delete
    2. නෑ හද පොළොවට ගේන්න යන්නෙ..;)

      Delete
  17. කවි වලට මාත් එච්චර කැමති නෑ.

    ReplyDelete
    Replies
    1. මම බ්ලොග් එක පටන් ගත්තේ කවි වලින්නේ අයියේ.. ඉතින් ඒක අමතක කරන එකත් හොද නෑ..

      Delete
  18. සුදු සද දුටු සද
    මතක් වී නුඹේ පෙම
    උඩු බුරයි මගේ සිත
    නාකි බල්ලකු විලසින

    උඩුබුරනා විට මහ හඩන්
    අසා ඉදිපන් ඉතින්
    සී මැදුරු කවුළුවෙන්
    නිදි යහනට වී තුටින්

    මාගෙ දුක් සුසුමන්
    පාරයි සදේ සදකැන්
    සමුදී නුඹ ගිහින්
    අමාවකයි දැන් ඉතින්

    තනි තරැවක ලෙසේ
    බැසයන සද විලසේ
    තනි කලේ මා කෙසේ
    කියාදී යනු ලදේ.........

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාළුවා.. ඇත්තටම ලස්සන කවි පෙලක්..

      Delete
  19. පිස්සු හැදෙන සඳ.. දෙකම හොඳයි.. දෙන්නම බූට් කාලා වගේ

    ReplyDelete
    Replies
    1. අයියා ගැනනම් කියන්න දන්නේ නෑ.. ඒත් මම නම් ඔය කාලේ වෙද්දි කුළුදුල් ආදරයට තිත තියලා හිටියේ..

      Delete
  20. අයියනං නෝමල්, මළයනං වරද්දගෙන වගේ :P
    දෙකම ලස්සනයි :)

    ReplyDelete
    Replies
    1. අයියලා ඉතින් අත්දැකීම් තියෙන අයනේ.. මලයලා එහෙම නෑනේ..

      Delete
  21. මට නම් කවි දෙක දැනුනෙ දෙවිදියකට....

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ.. තේමාව එකම උනාට මේ කවි දෙක වෙනස්...

      Delete
  22. හරිම ලස්සනයි අයියේ කවි දෙකම.. මම නම් හඳට පුදුම ආදරෙයි..

    ReplyDelete
    Replies
    1. අපි කවුරුත්ඇක වගේ ආදරෙයිනේ මේ හඳට..

      Delete
  23. කවි දෙකම මරු !
    අයියයි මල්ලියි දෙන්නම කවිකාරයෝ නෙව !

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව.. එහෙම නොවී බෑනේ ඉතින්..

      Delete
  24. අයියාගේ කවියේ මුල් කොටස අයියා මේ බ්ලොග් එකේ වෙන කොහෙහරි දැම්මද?

    දෙන්නම හොඳ කවිකාරයෝ

    ReplyDelete
    Replies
    1. මතක හැටියටනම් දැම්මේ නෑ.. ඒත් හරියටම ශුවර් නෑ..

      Delete
  25. අයියා හි‍ටුවන කවි ලියන්න දන්නවද?? ඔය යටි පුට්‍ටු ගැහිලි තින කවි

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ බං එහෙම ඇහුවේ??

      Delete
  26. පණ දෙන්නම්.. මම දවසක
    ඔබට පෙම් කල මේ ජිවිතයෙන්.

    සිය දිවි නසා ගැනීමක් ද බොල..

    ජය !

    ReplyDelete
    Replies
    1. මෙතන පණ දෙන්නම් කිවුවේ මැරෙන එකම නෙමෙයි බොල.. ආයෙමත් ජීවිතය දෙන්නම් කියන එක..

      Delete
  27. කවි ලියන එක පවුලේම ජානයක් වගේ නේද? :)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. ඒ දවස් වල අපේ තාත්තා අම්මට කවි ලියලා තියෙනවා.. අම්මත් ඒවාට පිළිතුරු ලියලා තියෙනවා..

      Delete
  28. සඳ සදක් තරම්ම සුන්දර නූනට..

    ස්වභාවදහමෙම කොටසක් වුණ ජීවිතයට ස්වභාවදහමෙන්ම කොයිතරම් නම් උපමා උපමේයවල් පිරිලද..
    ලස්සනයි කවි දෙකම.. :)

    නරකද අළුතින් කවි ලියන්න පටන්ගත්තොත්.. මං කියන්නෙ කවියක්ම නොවූ සිතිවිල්ලක් හැර.. :)

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත.. මේ උපමාවල් ජීවිතේට ගොඩක්ම සම්බන්ද වෙලා.. අළුතින් කවි ලියන්න දැන් හරිම කම්මැලියි මම..

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්