Tuesday, 6 March 2012

පැනලා යන හැටි නැරඹුවෙමු


අපේ ෆාමසියේ ලොක්කා කට්ටියට මතක ඇතිනේ.. අර මට පාඩම්ක් කියලා දුන්නේ.. අන්න එයා තමයි.. අපේ ලොක්කට ඔය ෆාමසියට අමතරව තව පොඩි සයිඩ් බිස්නස් එකක් තියෙනවා.. ඒකනම් ඉතින් අපේ ගොඩක් කට්ටිය කැමති වෙන එකක් තමයි.. අපේ ලොක්කට තියෙනවා පොඩි වයින් ෆැක්ටරියක්..

අක්කර 5ක විතර වත්තකම තනිකර තියෙන්නේ මිදි.. ඊට පස්සේ ඉතින් මිදි වයින් බවට පරිවර්ථනය කරන කර්මාන්තශාලාව එක්ක ගබඩාව..අපි ඉතින් ඔහේ හදිස්සියෙන් දවසක යන දවසට සෑහෙන්න වාසි තමයි.. මමනම් ඉතින් කෙලින්ම යන්නේ අර මිදි වත්තට තමයි.. ඇයි ඉතින් කවදා මිදි වැලකින් කඩාගෙනම මිදි කාපු එකක් කියාලද.. අයියනම් ඉතින් යන්නේ ගබඩාව පැත්තට.. මම නොබොනවා බව දන්නවා උනත් අපේ ලොක්කා මට හැම නත්තලකටම වයින් බෝතල් 5ක් දෙනවා.. හරි හොද මනුස්සය.. හරි ඒක නෙමෙයි කතාව..

ඉතින් ඔය වත්තෙම ඉදි උන සුවිසල් ගෙය තමයි අපේ ලොක්කාගේ මහ ගෙවල්.. ෆාමසිය තියෙන බිල්ඩිමේම උඩ තට්ටුවේ තියෙන ගෙදර ලොක්කා නැවතිලා හිටියට වැඩි හරියක් ඉන්න කැමති මහ ගෙදර තමයි.. ඉතින් ඔය මිදි වත්තේ වැඩ කරනවා අපේ ලංකාවේ කෙනෙකුත්.. පවුලයි ළමයිනුයි එක්කම නැවතිලා ඉන්නෙත් ලොක්කාගේ ඉඩමමේ තියෙන තව පොඩි ගේක තමයි..

බිරින්දෑ අපේ ලොක්කාගේ අම්මට උදවු වෙමින් ඉන්නවා.. පොඩි කොල්ලානම් මෙහෙ ඉස්කෝලෙ යනවා මට මතක හැටියට.. තව දුවෙක් ඉන්නවා මට වඩා අවුරුදු 4ක්ද කොහේද වැඩිමල්.. අපේ අයියනම් එයාට ලස්සන නමක් කියනවා.. ඒක මේකේ දාන්න බැරි නිසා ඒ ගැන නොකියා ඉන්නම්..  හරි කතාවට ඕන කරන චරිත ඔක්කොම අදුන්නලා දීලා ඉවරයි.. දැන් යමු කතාවට..

මේ සිද්දිය උනේ මීට අවුරුදු දෙකකට කලින් විතර.. දවසක් මම සුපුරුදු විදිහට ෆාමසියට යන වෙලාවක අපේ දොස්තරලා කට්ටියට කම්පියුටරේට එබීගෙන මොනවද බල බල ඉන්නවා.. වෙනදටත් ඉතින් ඔහොමනේ ඉතින් මමත් වැඩිය ගනන් ගත්තේ නෑ..

“ ආ දිනේශ්.. වරෙන් වරෙන්.. උඹත් මේක බලන්නම වටිනවා..”

“ මොකක්ද?”

“ ප්‍රශ්ණ අහන්නේ නැතුව වරෙන්කෝ..”

මමත් ඉතින් සද්ද නැතුව කට්ටියට ලං වෙලා බැලුවා මොකක්ද මුං මෙච්චර ඕනකමින් බලන්නේ කියලා.. බැලින්නම් වීඩියෝ එකක්.. මමත් ඉතින් මම කම්පියුටර් එකේ වැඩ කරද්දි දාන කණ්නාඩි දෙකත් දාගෙන ලෑස්ත්ති උනා වීඩියෝ එක බලන්න..

ඉදලා හිටලා වාහන යන  කළුවර පාරක්.. විදුලි පහන් කණු දෙකකින් ආලෝකමත් වෙලා තිබුන නිසා තැන කොහේද කියලා හොයා ගන්න පුළුවන් උනා.. ඒ අපේ ලොක්කාගේ මහ ගෙදර.. අපේ කට්ටිය බලන් ඉන්නේ එකේ ආරක්ශක කැමරාවේ වීඩියෝවක් කියලා මට තේරුම් යන්න වැඩි වෙලාවක් ගියේ නෑ..

ලොක්කාගේ ගෙදරට හොරු පැනලාවත්ද? මට මුලින් හිතුනා.. අතර මැද ප්‍රශ්ණ අයහන්න ගිහින් මුංව අවුස්ස ගන්න ඕන නැති නිසා මාත් සද්ද නැතුව බලාගෙන හිටියා.. ටික වේලාවකින් අපි දැක්කේ ප්‍රධාන ගේට්ටුව ලගින් කීප වතාවක්ම ඒ මේ අත යන පුද්ගලයෙක්.. හරි ශුවර් එකටම හොරෙක් තමයි.. මම හිතුවා..

ඒත් මූ මොකද වත්තට පනින්නේ නැත්තේ? ගොඩක් වෙලා පාරේ කරක්ගහන මෑන්ස් දිහා බලාගෙන මම කල්පනා කලා.. ටිකින් ටික කුතුහලයත් වැඩියි.. මුං මේක හැම තප්පෙරේම බලාගෙන ඉන්නේ ඕන නැති හරියේ වීඩියෝ එක ටිකක් ඉස්සරහටවත් පන්නන්නේ නෑනේ කියලා මම අපේ උන් ටිකට හිතින් බැන බැන වීඩියෝ එක බැලුවා..

ටික වෙලාවකට පස්සේ වීඩියෝ එකේ හිටපු මෑන්ස් කා එක්කද ෆොන් එකෙන් කතාකරනවත් අපි දැක්කා.. ඊට පස්සේ තාප්පේ උඩින් එක පාරම ඇදුම් බෑග් දෙකක් මේ පැත්තට වැටුනා.. මෙච්චර වෙලා දර්ශණ පතයේ හිටපු මෑන් ඉක්මනට ගිහින් ඒ බෑක් තමන් සතු කර ගත්තා.. ශුවර් එකටම ගැන් එකක් එක්ක ඇවිත් ගේ සුද්ද කරලා අනිත් උන බෑග් දාන්න ඇති මට හිතුනේ එහෙම.. ඒත් ඊට පස්සේ දැක්ක දෙයින් අනිත් උන්ට කෙසේ වෙතත් මගේ ඇස් නම් උඩ ගියා..

ගේට්ටුවෙන් එළියට ආවේ මම අර කලින් කියපු කෙල්ල.. ඒකි ආපු ගමන් එලියේ හිටපු මෑන්ස්ව බදා ගත්තා.. පස්සේ අර තාප්පෙට උඩින් දාපු බෑග් දෙකත් අරන් අපිට නොපෙනී යන්න ගියා.. යකෝ මේකි පැනලා ගියා නේද? මම මටම කියා ගත්තා.. ඔය අස්සේ ඉතින් අපේ එවුන් හිනාවෙනවා එකසිය ගානට.. මොනවා උනත් ඉතින් ලැජ්ජයි මේ උන වැඩේට.. අපි දෙගොල්ලම ලංකාවේ කියලා උන් දන්නවනේ.. උනේ මොකක්ද කියලා නොතේරෙන තරමටම උන් මෝඩයොත් නෙමෙයි..

“ ආ දිනේශ්.. මොකක්ද බං ඒ ඇදුම් බෑක් කලින් විසි කරලා පස්සේ ගේට්ටුවෙන් ගියේ?

ඔය වගේ එක එක ප්‍රශ්ණ මුං මගෙන් අහනවා.. ලංකාවේ අපි ලංකාවෙදි ඕක කරන සිස්ටම් එක ඕක උනත් මේවයේ එවුන් එළිපිටම ඔහොම යන නිසා මුන්ට මැජික් වගේ ඒ මොකක්ද උනේ කියලා..

“ මම කොහොමද ඕවා දන්නේ.. ඒක ඉතින් උන්ගෙන්ම තමයි අහන්න ඕන..”

මමත් ශේප් එකේ මාරු වෙලා ගියේ ඕවට උත්තර දෙන්න බැරි කමට.. ඇයි ඉතින් මොන ලැජ්ජාවක්ද? හැබැයි ඉතින් මුං ඊට පස්සේ ඔය ගැන ඇහුවෙවත් ඒ ගැන් කතා කලේවත් නෑ..  අද හදිස්සියේම මේ සිද්දිය මතක් උනේ අද මම ගියා ලොක්කාගේ මහ ගෙවල් පැත්තේ.. ලොක්කාගේ අම්මා අසනීප වෙලා නිසා පොඩ්ඩක් බලලා එන්න.. ඒ යද්දි මෙන්න මේ පැනලා ගිය කෙනා ඉන්නවා ලොක්කාගේ අම්මගේ සාත්තුවට.. මාව දැකලා කට කණේ තියාගෙන හිනාවක් දැම්මා.. අර ත්‍රස‍යජනක ෆිල්ම් එක මේ අපි බැළුවා කියාලා දන්නවනම් එහෙම.. 







86 comments:

  1. ඒක තමයි අර කියමනකුත් තියෙන්නෙ පනින්න පෙර සිතා බලනු කියල.ඉස්සරනම් ඔහොම දෙයක් වුනාම දැනගන්නෙ පස්සෙනේ.ඒත් දැන් පනිනව එවෙලේම බලන්න පුලුවන්...දිනේෂ් අයියටත් වුන වැඩක්...:)

    ReplyDelete
    Replies
    1. වස ලැජ්ජවයි මල්ලියේ.. මොනවා කරන්නද බලන්න ගත්තු මොඩ කම කියලා හිතුනා..

      Delete
    2. එ වුනාට කතාවක් නැත්තෙම නෑ.........

      Delete
    3. මොකක්ද් කතාව??

      Delete
  2. හිකිස්...... පැනලා ගියපු කෙනා ආයෙත් ආවෙ කොහොමද ?

    ReplyDelete
    Replies
    1. ඒකනම් හරියටම කියන්න දන්නේ නෑ අක්කේ.. අවුරුදු දෙකකට පස්සේ තමයි ඔය ඇවිත් තියෙන්නේ..

      Delete
  3. ඇඳුම් බෑග් මුලින් විසි කලේ මොකද කියල තමයි මටත් හිතා ගන්න බැරි..

    ReplyDelete
    Replies
    1. ලංකාවේ පුරුද්දට වෙන්න ඇති.. අදුම් බෑග් දාලා පස්සේ තාප්පෙන් පනිනවනේ..

      Delete
  4. පොඩ්ඩක් අහලා බලපන්කෝ ආයේ ඇතුලට පැන්නේ කොහොමද කියලා

    ReplyDelete
    Replies
    1. අපෝ ඔවා අහන්න යන්න බෑ බං.. එදා හිටියේ නම් හරියට මුකුත් නොවුන ගානට..

      Delete
  5. මම 1 වෙලා...

    මම මේ දිනේෂ් අයියගෙ බ්ලොග් එකේ එක වුනාමද මන්ද....​

    ReplyDelete
    Replies
    1. මම වගේ පොඩි බ්ලොග්කාරයෙක්ගේ බ්ලොග් එකක එක වෙන එක අමාරු දෙයක් නෙමෙයි මලයා.. ප්‍රශ්ණේ තියෙන්නේ මම පොස්ට් දාන වෙලාව.. ලංකාවෙන් පිට ඉන්න අය තමයි ඉතින් ඒ වෙලාවට ඉස්සෙල්ලා බලන්නේ..

      Delete
    2. අයියෝ සිහිනයෝ 1 වෙලා නැහැ කොල්ලෝ..

      Delete
    3. අහ්හ් 1 වෙලාද මන්දා. මගේ ඇස් පෙනීමත් දුර්වලද මන්දා හැක හැක හැක

      Delete
    4. @Dinesh - කවුද..කවුද...මේ පොඩි බ්ලොග්කාරය කියන්නේ.මටනම් මේ බ්ලොග් එක මනුස්සකම පිරුන මහා සාගරයක් වගේ විශාල බ්ලොග් එකක් දිනේෂ් අයියේ...

      @ වර්ණා - දැන්නම් කන්නාඩි කුට්ටමක් ගන්න කාලය හරි වගේ මම හිතන්නේ..නැද්ද මම අහන්නේ...(විහිළුවක් කොලේ..ඔන්න මගේ ඇඟට ගොඩවෙනවා එහෙම නෙවෙයි අලිද)

      Delete
    5. වර්ණා : හයියෝ නංගියේ..

      සිහින : ගොඩක් ස්තූතියි අගය කිරීමට..

      Delete
  6. එදා හොඳට හඳ පායල තිබුන දවසක් ද?

    ReplyDelete
    Replies
    1. මට මතක හැටියට නම් නෑ.. වීඩියෝ එකේ තිබුනේ විදුළි ආළොකය විතරයි..

      Delete
    2. පුන් සද හොඳන් පායා දිලිසෙන රෑක
      වවුලන් පවා දන්නා රහසකි මේක

      Delete
    3. මේ මොනා අහනවද? පාරවල් වල ලයිට් නැති කාලේ හද එළිය කොච්චර උදවු උනාද මේ වැඩේට..

      Delete
  7. ඉතිං ඇත්තට සිද්ධ වෙලා තියෙන්නෙ මොකද්ද ?

    ReplyDelete
    Replies
    1. ඒ ගැන නම් කියන්න දන්නේ නෑ මාමේ.. අදුරුදු දෙකකට කලින් ගිය කෙනා ආයෙම ඇවිත්..

      Delete
  8. හෆෝයි කෙල්ල හිතලා තියෙන්නේ එයා ඉන්නෙ ලංකාවේ කියලා වගේ! සංතෝසේ බෑ...

    ReplyDelete
    Replies
    1. මේ මොනවා අහනවද... එක්කෝ ඇදුම් බෑග් අරගෙනම එන්න ඕන ගේට්ටුවෙන්..

      Delete
  9. හි හි හී...පව් කෙල්ල.

    ReplyDelete
    Replies
    1. අපිත් පවු.. මේවා බලන්න උනාට..

      Delete
  10. මාත් මේ අහන්න ගියේ වින්චැට්අක්කා අහන්න ගිය එකමයි

    ReplyDelete
    Replies
    1. නෑ නෑ එදා හද තිබුනේ නෑ මතක හැටියට..

      Delete
  11. ෂහ් පැනල යන්න හිතං හිටියෙ මාත්. ගෙවල් වලින් කැමතිවුනානෙ. :)

    ReplyDelete
    Replies
    1. හොද වෙලාවට.. නැත්නම් පාරේ යන කෙනෙක් හරි බලාගෙන හිටියොත් හරි නෑනේ..

      Delete
  12. හොරෙන් පැනල යනවනම් අඳුම් බෑග් එක තාප්පෙ උඩින් විසි කරන්නම ඕනෙ.ඒක තමයි හරිම ක්‍රමය

    ReplyDelete
    Replies
    1. ඊට පස්සේ කෙල්ලත් තාප්පෙන් පනින්න ඕන.. එතකොටයි නිවැරදි..

      Delete
  13. ජීවත් වෙන රටේ සංස්කෘතිය මොකක් වුණත්, ගේ ඇතුළේ තියෙන්නෙ අපේ සංස්කෘතිය නිසා වෙන්නැති පැනලා ගියෙ. බෑග් ඉස්සෙල්ලා හොරෙන් පන්නලා, ඊට පස්සෙ ගේට්ටුවෙන් නිකම් යන්නෙ, හදිසියෙ කවුරු හරි මුණ ගැහුණොත් අහු නොවෙන්නනෙ. :D මොනවා වුණත් පැනලා යන එක හෙණම ත්‍රාසජනක වැඩක්නම් තමා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. ඒකත් ඇත්ත වෙන්න පුළුවන්.. ඒ ගෙදර ඉන්න අය ප්‍රමාණේත් එක්ක බැලූවම එහෙම හොරෙන් යන එක ලේසි නෑ..

      Delete
  14. අයි දෙයි හාමුදුරුවනේ බෑග් දෙකත් ගේට්ටුවෙන්ම එලියට දාන්න තිබුනනේ.. නැත්තන් එයාටත් තිබුනේ තාප්පෙන්ම පනින්න... හික් හික්..
    ගොඩ දවසකින් මේ පැත්තේ.. මග අරුණු පෝස්ට්ස් ටිකත් කියවගෙන එන්නම්කෝ.. :)

    ReplyDelete
    Replies
    1. හදිස්සියට ඕවා කල්පනා වෙන්න නැතුව ඇති නංගියේ..

      Delete
  15. කොහොමද බං ආයේ ඇවිත් තියෙන්නේ....

    ReplyDelete
  16. කොහෙමද බං ආයේ ඇවිත් තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. දන්නේ නෑ අයියේ කියන්න.. අපේ ලොක්කා ආවම තමයි දැන ගන්න වෙන්නේ.. මෑන්ස් මේ දවස් වල ප්‍රංශේ..

      Delete
  17. මටත් පැනලා හරි එන්න හිතුනා අනේ අර අක්කර ගනාක් තියෙන මිදිවත්තක් ගැන කිව්වහම නම්.

    ReplyDelete
    Replies
    1. හා හා අක්කේ හදිස්සි වෙන්න එපා..

      Delete
  18. පැනලා ගියපු එකේ අය පැනලාම එන්න හිතෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. ඇවිත් තියෙන සිස්ටම් එකේ හැටියටනම් හිතෙන්නේ එහෙම තමයි..

      Delete
  19. හික්ස්ස්... අන්න මිනිස්සු...;) පැනලා යන හැටි ඉගනගන්න නියම වීඩීයෝවක් වෙන්නැති..;)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. ඉගෙන ගන්න අයට ගොඩක් වැදගත් වීඩි‍යෝ එකක්.. ඔයාටත් ඕනද?

      Delete
  20. හිකිස්‌... ...,,, ඇඳුම් බෑග් තාප්පෙන් දාලා කෙල්ල ගියේ ගේට්ටුව ඇරගෙනද??

    ReplyDelete
    Replies
    1. ඔව්නේ.. ඒ නිසානේ මාත් එක්ක වීඩියෝ එක බලපු එවුන් මගෙන් ප්‍රශ්න අහන්න ගත්තේ..

      Delete
  21. හික්ස්.... නියම පැනලා යාම.පැනලා ගිහින් ආයෙත් ඇවිත්ද??

    ReplyDelete
    Replies
    1. ඒකනේ අක්කේ කියන්නේ.. ආයෙම යාවිද දන්නේ නෑ හැබැයි..

      Delete
  22. පැනලා ගියපු එක්කෙනා ආ පයින්ම ආපහු ආවේ මොකද දන්නෑ......
    ඔය වගේ දෙයක් වුනාම නම් රටේම සායම යනවා...

    ReplyDelete
    Replies
    1. නෑ නෑ අක්කේ අවුරුදු දෙකකට පස්සේ මේ ඇවිත් තියෙන්නේ..

      Delete
  23. හි හී මට හිනා අනේ... හරියට නිකන් පරණ සින්හල ෆිල්ම් එකක කෑල්ලක් වගේ නේද.... ඔයාටත් පුදුම ඒවා තමා අහන්න දකින්න වෙන්නෙ

    ReplyDelete
    Replies
    1. මාතලන් වගේ එකක්ද

      Delete
    2. කාව්‍යා : කතා කරලා වැඩක් නෑ අක්කේ.. පරන ෆිල්ම් පරාදයි...

      මාතලන් : මම "මාතලන්" බලාලා තිබ්බට මට කතාව මතක නෑනේ..

      Delete
    3. මෙහෙමයි . . කුමාරය එනව ඉගෙනීම ඉවර කරල සිය රට බලා . . සින්දුවකුත් කිය කියා . .
      සිරිනි සරුසර වීලා
      නීල ගොයම් පැසේ
      දර්ශනේ රම්‍යලංකාරවේ

      කෙල්ල ඉන්නව තල වේල වේල සින්දුවකුත් කිය කියා . . . .
      දිනිදා උදය ගිර මුදුනින් නැග එනවා
      සුරිදා පිහිට යැද ගොවි කුඹුරට යනවා

      රන්වන් දුනු කරලින් පැසිලා නැමිලා බර වීලා . . .
      තල වැවිලා රමනී සෝබා කෙත් වතු පිරිලා සාරා . . .

      ඔය කීවෙ මාතලංගෙ අම්මයි තාත්තයි ගැන . . . මාතලං ගැනත් ඕනෙද ???

      Delete
    4. මතක් උනා.. මතක් උනා.. තෑක්කූ අයියේ.. මාතලන් ගැනනම් ඉතින් අපි දන්නවනේ..

      Delete
  24. වයින් බෝතල් පහක් ලැබෙන එකේ නරකද එක බෝතලයක් නත්තලකට ලංකාවට එවුවොත්.:)

    ReplyDelete
    Replies
    1. ඔන්න බලන්න ඉතින් මේ මුළු කතාවෙන්ම අයියාට මතක් උනේ ඕකනේ.. ඕවා ඔකොම මගේ වෙඩින් එකට ගන්නවා.. එතකොට එන්නකො.. ඕන තරම් දෙන්නම්..

      Delete
  25. ලොක්ක ගෙවල් හොයාගෙන ගිහින් ගෑණි එක්කගෙන ඇවිල්ලද දිනේශ් අයිය?

    ReplyDelete
    Replies
    1. පිස්සුද මලයා.. අපේ මෑන්ස් ඒවගේ වැඩ කරන්නේ නෑ.. මේ අවුරුදු දෙකකට පස්සේ ඇවිත් ඉන්නේ..

      Delete
  26. මගෙ මිතුරියෙක් දවසක් මට කතා කරල පොඩි උදවුවක් ඉල්ලුවා. මොකටද දන්නවද ? එයාලගෙ අක්ක රෑ පැනල යනව කියල "අම්මටයි" එයාටයි අමාරුයිලු අක්කගෙ බෑග්දෙක මහ රෑ පාර ගාවට ගෙනියන්න

    ReplyDelete
    Replies
    1. අම්මලා නංගිලා ඔක්කොම දන්නවනම් තාත්තට හොරෙන් වෙන්න ඇති එයා පැනලා යන්නේ.. ඉතින් අයියා ගියැයි උදව්වක් දෙන්න??

      Delete
    2. තාත්ත නෑ . . අම්මයි කෙල්ලො දෙන්නයි ඒ ගෙදර ඉන්නෙ . . උදවු නොකර කොහොමද ????

      Delete
    3. තාත්තත් නැත්නම් ගෙදරත් දන්නවනම් මොකටද අප්පේ පැනලා යන්නේ..

      Delete
    4. ගොනෝ . . එතකොට වෙඩින් නෑ . . . දෑවැදි නෑ . . . කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද ???

      Delete
    5. අහ්.. එහෙනම් ඒකයි රහස... එහෙනම් මම කියපු කෙනා යන්න ඇත්තෙත් ඒ නිසා තමයි..

      Delete
  27. මටනම් තවමත් මඤ්ඤං

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ අයියේ??

      Delete
  28. එ් කියන්නෙ පැනල යන එක අපට අනනය ලක්ෂණයක්ද? :O :O

    ReplyDelete
    Replies
    1. මේ වගේ රට වල එවුන් පැනලා යන්නේ නෑ නේ මල්ලි.. මම අරු එක්ක යනවා කියලා ගෙදරට කිවුවා ගියා..

      Delete
  29. අපරාදේ සම්පූර්ණ විස්තරයක් දෙන්නනේ තිබුනේ පැනල යන විදිය ගැන.:D එතකොට මේ 300 නේද? පාර්ටි නැද්ද???

    ReplyDelete
    Replies
    1. ඒකනේ කලින් ඇහුවනම් කියනවනේ බං..

      ඔව් ඔව්.. මේ 300 තමයි.. අද පෝය නිසා පාර්ටි නෑ..

      Delete
    2. නෑ නෑ, මම කිව්වේ ඔෆිස් එකේ අයට සම්පූර්ණ විස්තරයක් දෙන්න තිබුනේ.:)

      Delete
    3. පිස්සුද බං.. ඕවා කියන්න ගිහින් ලැජ්ජා වෙන්න බෑ..

      Delete
  30. කවුද දන්නේ ගේට්ටුව ළඟ බල්ලෙක්වත් හිටියද කියල.අපි දන්නේ නැහැනේ හරියටම විස්තරේ.

    ReplyDelete
    Replies
    1. නෑ අයියේ.. ලොක්කාගේ ගෙදර බල්ලෝ නෑ.. මේක සාම්ප්‍රදායික පුරුද්දට ගරු කිරිමක් මම හිතන්නේ..

      Delete
  31. ඔයා කොහොමද අයියො හිනාව තද කරගෙන හිටියෙ ආයෙ එයාව දකිනකොට...:P

    ReplyDelete
    Replies
    1. හිනා උනොත් වැඩේ මාට්ටු වෙනවනේ නංගී.. ඒ නිසා ඉවසා දරාගෙන හිටියා ගෙදර එනකම්ම.. ඇවිත් අයියා එක්ක කියලා හිනා උනා ඇති වෙන්නම..

      Delete
  32. හෝ හෝ අනේ අප්පේ මමත් ඔහොම දවසක් පැනලා යන්න උන්නානේ.. කරුමෙට එදාම දැම්මනේ ඇඳිරිනීතිය.. ඒ ගමනත් හබක් උනා.. :( :D:D :D

    ReplyDelete
    Replies
    1. හොද වෙලාවට.. හ්ම්ම් මම දන්න තරමින් ලගදි ඇදිරිනීතිය දැම්මේ නෑනේ.. ඔයා යන්න හිටියේ කොයි කාලේ වගේද?

      Delete
  33. කොහේ ගියත් අපේ පුරුදු අත් හරින්න හොඳ නෑ....

    ReplyDelete
    Replies
    1. දේශීය අනන්‍යතාව අපි රැකගන්න ඕනනේ අයියේ..

      Delete
  34. Replies
    1. ඔයාට මේක කියවලා එහෙම හිතෙද්දි ඇස් දෙකෙන්ම දැක්ක මට මොනවා නොහිතේවිද?

      Delete
  35. :D ඕන් බලන්න ඉතින්.. ඔය වගේ දේවලට තමයි කැමරාවත් වැඩ කරන්නෙ.. හො‍රු එද්දි ඕෆ්වෙලා.. මං අහන්නෙ අයියා කෙනෙක් හැටියට.. සාම්ප්‍රදායික විදිහට දැන් අපිට කැමරාවකුත් අටවන්න කියලාදෙන එක හරිද.. :P

    300වෙනි පෝස්ට් එකට හදවතින්ම සුබ පැතුම්.. තව දිගු ගමනක ඉදිරියට..!!! :)

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව.. ඔයාලත් කැමරාවක් අටවලා තියා ගන්න.. එතකොට යන්නේ කාත් එක්කද කියලා අපිට බලාගන්න පුළුවන්නේ..

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්