Friday, 2 March 2012

සයුරු තෙර

ඉමක් කොනක් නැතුව ඈතට විහිදෙන මුහුද දිහා බලාගෙන වෙරළ දිගේ ඇවිදන් යන්න මම ආසා කලේ අද ඊ‍යේ ඉදන් නෙමෙයි.. පුංච් කාලේ අමතක කරන්න බැරි මතකත් එක්ක මේ මුහුදු රළ බැදිලා තියෙනවා වගෙම ජීවිතේම වෙනස් කරපු බැදීම් මේ මුහුදු රළ අතරේ ලියවිලා තියෙනවා..

අරමුණක් නැතුව මුහුදු වෙරළ දිගේ ඇවිදන් ගිය ගමනක මං වගේම අරමුණක් නැතුව මුහුදු වෙරළේ ඇවිදන් ආපු ඔයාව මේ නෙතු හා ගැටෙද්දි ජීවිතේ කවදාවත් නොවිදපු හැගීමක් හිතට එකතු උනේ හරියට සංසාරේ පුරුද්දකට වගේ.. දවස් කීපයක්ම හමු උන ඔය නෙතු එක්ක කතාකරන්න මම ආසා උනත් ඔය නෙතු අද්දර රැදුන ගුප්ත බව නිසාම මම ගොඩාක් වෙලාවට නිහඩ උනා..

“ මුහුදත් හරියට අපේ ජීවිතය වගේ නේද?”

ඈත ක්ශිතිජය දිහා බලා ඉන්න ඔයා එක්ක මම අමාරුවෙන් වචන එකතු කරන් කතා කරද්දි ඔයා නිහඩව මොහොතක් මං දිහා බලාගෙන ඉදලා ආයෙම මුහුද දිහා බලා ගත්තා..

“ මම සාගර..”

“ එහෙනම් මේ මුහුද ඔයාගේ ජීවිතේටයි ගොඩක් ලග..”

කෙලිලොල් හිනාවක් මුහුණට ලංකර ගන්න ගමන් ඇය එලෙස කියද්දි මගේ මුවගටත් සිනහවක් ආවේ නිරායාසයෙන්ම.. වචනය  දෙක එකට එකතු වෙලා දුරට ඇදුන අපේ කතා බහ අවසානයේ නතර උනේ මේ මුහුද තරම්ම ගැඹුරු බැදීමක් ඇති කරගෙන..

කාලය ටිකින් ටික ගෙවිලා යද්දි අපි කොච්චර හිත් වලින් ලං උනාද කියලා දන්නේ මේ මහා සාගරය විතරක්මයි.. හිතේ රැදුන ආදරය මම වචන වලට පෙරලද්දි ඒක ප්‍රතික්ෂේප කරන්න බැරි වෙන තරමටම අපි අපිට ලං වෙලා හිටියා.. කාලයක් හුදෙකලාව වෙරළ දිගේ මාවත් දෙකක ඇවිදන් ගිය අපි අතිනත් අල්ලන් එක මගක ඇවිදන් යද්දි අපේ ආදර කතාවට මුල් වදන් ඇමිනුව මේ සයුරු තෙර වෙනදා වගේම නිසොල්මනේ බලාගෙන හිටියා.. ඈත ක්ශිතිජයෙන් බැහැගෙන යන හිරු වෙනදා වගේම අපේ දෑසට සුන්දර දසුන් එක් කලා..

.....................

වෙනදටත් වඩා ලස්සන
මේ වෙරළ තීරය
තවත් එක් ආදර කතාවක
ඇරඹුම ලියා තැබුව..

දෑතින් මිදි වෙනස් මග ගිය අප
ලංකර හිත් දෙනෙත් හමුවූ අතරමග
අත්වැල් පටලා එක් මාවතක යන්නට
මග පෑදුව මේ සොදුරු වෙරළ තීරය..

නොබිදෙන බැදීමක පදනම දැම්ම
නිහඩව නිසලව උන් සයුරු රළ නුඹ
නැගී මහ උසකට සුනු විසුණු කර හිත
යලි දියඹට ඇදුන් රුදුරු සයුරු රළ නුඹ..

.................

ඒත් ජීවිතය හැමදාම ලස්සනට ගෙවිලා ගියේ නෑ.. ඉදහිට වේගයෙන් වෙරළට ඇදුන් සයුරු රළ අපිව ටිකින් ටික වෙරළෙන් ඈතට ගෙනිච්චත් අපි හැමදාම මේ සයුරට ආදරේ කලා.. අමාරුවෙන් හරි මේ සයුර දැක ගන්න ආවා.. ඒත් නිසල නිහඩ මුහුදක් රළු වෙන්න යන්නේ කෙටි කාලයක් වගේම අපේ ආදරය අතරට මහා සැඩ රළ එකින් එක ආවේ අපිටත් නොදැනිම..

“ අපි දෙන්නා ගැලපෙන්නේ නෑ සාගර..”

ඔයා එහෙම කිවුවේ සාදරණ හේතුවක් ඇතුව නොවුනත් ඒ වෙද්දිත් මටත්, අපි හමු උන මේ වෙරළටත් සමුදෙන්න ඔයා තීරණය කරලා ඉවරයි.. මගේ පපුවට තුරුළු කරන් වෙනදා වගේම ඔයාව නතර කරන් ඉන්න මට උවමනා උනත් මගෙන් ටිකින් ටික ඈතට ඇදුන් ඔයාගේ පා  සටහන් එකින් එක සයුරු රළින් හෙමින් මැකී යද්දි වෙනදා වගේම හිරු ගිලෙන ඈත් ක්ශිතිජය දිහා බලාගෙන වෙරළේම තනි උන මගේ හිතේ නතර උනේ එකම එක සිතුවිල්ලක්.. ජීවිතයේ ගොඩක් දේවල් ලිය උන මේ සයුරු වෙරළට වෛර කරනවාද නැත්නම් තවත් මේ වෙරළේම රැදෙනවාද කියන දෙගිඩියාව හිතට වද දෙද්දි ඈතින් නිමී ගිය හිරු අරගෙන ආවේ අන්ධකාරයක්..

..............

හිරු ගිලෙන
සුන්දර හැන්දෑවක
සිසිල් සුළං හමන
ලස්සන මුහුදු වෙරළක
අත්වැල් පටලාගෙන,
හිත ආදරයෙන් උතුරා යන
ආදර කතාවක් මුමුණමින්
වෙරළේ රැළි අතර
ආයෙමත් ඇවිදන් යන්න
කවදාද නුඹ එක්කේ
මේ සයුරු තෙරට..

.............








59 comments:

  1. Just like my story. What to do. Had to let go :(

    ReplyDelete
    Replies
    1. ජීවිතයේ ගොඩක් දේවල් ලිය උන මේ සයුරු වෙරළට වෛර කරනවාද නැත්නම් තවත් මේ වෙරළේම රැදෙනවාද කියන දෙගිඩියාව හිතට වද දෙද්දි ......

      තවමත් හිතාගන්න බැහැ මොකක් කරන්නද කියලා......

      Delete
    2. හැමදෙයක්ම අමතක කරන එක තමයි අක්කේ හොදම..

      Delete
  2. ඉස්සර පැය ගනන් මමත් මූද දිහා බලං ඉඳලා තියෙනව,,,ඒ අතීතේ මතක් උනා.....

    ReplyDelete
    Replies
    1. පූජා නැති උන මුල් කාලයේ මමත් ගොඩක් වෙලාවට හිටියේ මුහුදු වෙරළේමෙයි..

      Delete
  3. Replies
    1. ස්තූතියි මාළු අයියේ..

      Delete
  4. දුක හිතෙන කතාවක්..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ආදරවන්තයින්ගේ වෙන්වීම වෙන හැටි තමයි..

      Delete
  5. Replies
    1. තවත් එක ආදර කතාවක අවසානය..

      Delete
  6. Replies
    1. ආදරේ හැටි තමයි..

      Delete
  7. හොඳ නිර්මාණයක් දිනේශ් අයියෙ වේදනාව විඳගන්න සුදුසුම ස්ථානය ඔතන තමයි.

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි.. අරමුණක් නැති ජීවිත වලට හොද නවාතැනක් මුහුදු තෙර..

      Delete
  8. හ්ම්ම්..හ්ම්ම්..හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්...

    ReplyDelete
  9. අතීතය අමතක කරන්නනම් ලේසි නැහැ.කවදාවත් බැහැ.හිතුවත් කරන්න....අන්තිමේදි ආයිමත් පරාදයි...

    සිහින එකිනෙක ගලපමින්
    ඔය හිතට ළං වෙන්න​
    මගෙ පුංචි ලෝකයේ
    හිමි තරුව ඔබ වෙන්න​
    පැතුම් පොදි බැඳ සිහින මැව්වත්
    ඔය හිතෙහි දැවටෙන්න නොම වරම් ලද​
    මහ සයුරුතෙරෙ ළඟ තනිවුනා මගේ හිත​ අද

    ReplyDelete
    Replies
    1. ඇත්ත මලයා.. අතීතය කියන්නෙත් හරියට හෙවනැල්ල වගේ..

      Delete
  10. හිතේ තියෙන හැම දුකක්ම දිය කරල දාන්න පුළුවන් වගේ මුහුදු වෙරළට ගියාම!:-/

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. පොඩි වෙලාවක් හිටියත් ඇති ගොඩක් දේවල් අමතක වෙනවා..

      Delete
  11. දුක තමයි මල්ලි . . ඒත් යනදේට යන්න දෙන්න ඕනෙ

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ.. හිතේ තියාගෙන ඉද්දි තමයි දුක වැඩි...

      Delete
  12. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම්

      Delete
  13. අප්සෙට්.... එත් මොනවා කරනනද?

    ReplyDelete
    Replies
    1. ඔව්.. හිත හදාගන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ..

      Delete
  14. හෑ??? ඉතින් හේතුව වත් අහගත්තෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. එහෙම අනුන්ගේ ආදර කතා වල දේවල් අහන්න යන එක හොද නෑනේ..

      Delete
  15. මූදු කටේ ඉඳලත් මම මූදට ගිහින් තියෙන්නෙ අතේ ඇඟිලි ගණනටත් වඩා අඩුවෙන්.යන්න ආසයි ගිහිං ගොඩාක් වෙලා බලං ඉන්න....

    ReplyDelete
    Replies
    1. මට ඒ වාසනාව තිබුනනම් මම කවදාවත් මග අරින්නේ නෑ..

      Delete
  16. මොනව කරන්නද හිත හදාගන්නව මිසක්.

    ReplyDelete
    Replies
    1. ඒකනේ.. ගිය අය ගැන දුක් වෙලා මොකටද..

      Delete
  17. එදා සෙනෙහෙන් නොබැඳුනා නං.....

    ReplyDelete
    Replies
    1. මෙදා වියොවක් නෑ...

      Delete
  18. ඇත්තට මුහුද බලාගෙන ඉන්නකොට හිතට හරි සැනසීමයි.. කියා ගන්න බැරි තරම් !

    ReplyDelete
    Replies
    1. ඇත්ත ගොඩක් වෙලාවට හිත සැනසෙනවා මුහුදු වෙරළ දිහා බලාගෙන ඉද්දි.. හරියට භාවනා කරනවා වගේ..

      Delete
  19. ලුණු වතුරෙ දියවෙලා
    වැලි අතරෙ සැඟවිලා
    තවත් මෙවැනිම කතා
    කීයක්නම් ඇද්ද....?

    ReplyDelete
    Replies
    1. මේ ලෝකේ ඉන්න මිනිස්සු ගානටත් වැඩිය ඇති.. මොකද එක්කෙන්ගේ කතා දෙක තුනක් උනත් මේ වගේ සැගවිලා තියෙන්න පුළුවන්නේ..

      Delete
  20. Replies
    1. මොකද මුකුත් කියන්නැත්තේ අද??

      Delete
  21. 'තොටුපොල හැර යන නව්කාවක් සේ ' කියල සිංදුවක් කියාගෙන ශේප් එකේ ඉම්මු

    ReplyDelete
    Replies
    1. ඒක තමයි හොදම ක්‍රමේ ඔබා මාමේ..

      Delete
  22. මුහුදු වෙරළක සැඟවිලා යන ලස්‌සන ආදර කතා ගොඩක්‌ තියනවා.ඒත් ඒ දේවල් දැක දැක මුහුද අපිට හිනා වෙනවා.මොකද ඒ අත්දැකීම අපිට වඩා දැකලා තියනවනේ එයා..ගොඩක්‌ කතා පටන් ගන්නත් ඉවර කරන්නත් අපි යන්නේ ඔතනටනේ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. ආදරේ කරන අයට රෑ හද වගේම සමීප තැනක් තමයි මුහුදු වෙරළ.. හමුවෙන වෙන්වෙන කතා කොච්චර ලියවිලා ඇත්ද..

      Delete
  23. ඉස්සර මම් හරි ආසයි ඉර බහිනකොට මූද දිහා බලාගෙන ඉන්ඩ.දැන් නම් මයේ ජීවිතෙත් ඉර බැහැලා ගිහින් නිසා එහෙම ආසාවක් නෑ.

    ReplyDelete
    Replies
    1. ජීවිතෙන් ඉර බැහැල යන්නෙ පැය ගානකට විතරයි..ආයෙමත් ඉර පායනවා.....

      Delete
    2. මධුරංග : එහෙම කියන්න එපා අයියේ අළුත් බලාපොරොත්තුවක් ආවම ජීවිතේට ආයෙම ඉර පායලා ඒවි.. එතකන් තමයි මේ හැමදේම..

      Delete
    3. වින්චැට්කිරිල්ලී : ඒකනේ මධුරංග අයියා නිකන් දුක් වෙනවා..

      Delete
  24. ඇත්තම කියන්නම් මම මුහුදට ආශ නැහැ.....මුහුදෙ සද්දෙටයි...ගෝෂාවටයි...නිනව්වක් නැතුව විකාරෙන් දඟලන රළ පෙලවල් වලටයි....මම ආශ නැහැ...

    ඒත් ඔයාගෙ නිර්මාණය ගොඩාක් හිතට වැදුනා..ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. හැමෝගෙම සිතුම් එක වගේ නෑනේ.. ඒත් මම නම් මාරම ආසයි මුහුදට..

      Delete
  25. මුහුද දිහා කොච්චර බලාගෙන හිටියත් ඇති වෙන්නෙ නෑ නෙ මල්ලි....හැම ප්‍රශ්නයක්ම අමතකයි එතකොට...

    ReplyDelete
    Replies
    1. තොව් අක්කේ.. විසදුකම් නැති ප්‍රශ්ණ උනත් මොහොතකට හරි අමතක කරන්න පුළුවන් මෙතනදී..

      Delete
  26. කොච්චර බැලුවත් එපා නොවෙන දෙයක් මුහුද කියන්නෙනම්... මමත් මුහුදට අසීමිතව ප්‍රේම කරන කෙනෙක්. තවත් දුක්බර ආදර කතාවක්. ලස්සනයි දිනේශ් නිර්මාණය

    ReplyDelete
    Replies
    1. මුහුදට අසීමිතව පෙම් කරන අය කොච්චරනම් ඇත්ද.. ඒත් මේ සුවිසල් සාගරය අපිට වෙලාවකට තේරුම් ගන්න බෑනේ..

      Delete
  27. මුහුද දිහා බලාගෙන ඉන්නවා තරම් දෙයක් තවත් නැහැ මට

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඔයත් මම වගේ තමයි..

      Delete
  28. "මුහුදත් හරියට අපේ ජීවිතය වගේ... නේද?"

    අපි කියන හැමදෙයක්ම මුහුදු හුළඟත් එක්ක අහන් ඉන්න තරම් ඒ ජීවිත කතාව නිතරම අඬනවා..
    ලස්සනයි.. කවියක්ම නොවූ සිතිවිල්ලක්..!

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්