Thursday, 15 March 2012

නෑයෝ......

නෑයෝ කියන්නේ ඇතුවත් බැරි නැතුවත් බැරි ජාතියක්.. ඉන්නකොටත් මල වදේ වෙලාවකට.. අපි නම් අපේ ඉන්න හැම නෑ කෙනෙක්ගෙන්ම වෙන් වෙලා ඉන්න ජීවිතේ වෙලාවකට හොදයි කියලා හිතෙනවා.. අපේ අම්මගේ පැත්තේ සමහර සහෝදරයෝ එහෙමත් නැත්නම් මගේ මාමලා තාමත් මගේ ජීවිතේට නොදැක්ක දෙන්නෙක් ඉන්නවා කිවුවොතින් කට්ටිය පිළිගන්න එකකුත් නෑ.. ඒත් ඇත්ත ඒකම තමයි..


ගොඩක් අය මම දන්න කාලේ ඉදන් ඉන්නේ ඉතාලියේ.. අපේ මාමලා ඔක්කොම වගේ ඉතාලියේ මුල් බැහැපු අය.. ඒත් මම දැකලා තියෙන්නේ එක්කෙනෙක් විතරයි.. උනාට වැඩි ආස්‍රයක් නෑ.. මාමලා බැදලා ඉතාලියේම පදිංචි වෙද්දී ඔය කට්ටියගෙන් මම දැකලා තියෙන්නේ කීප දෙනෙක් විතරයි.. සමහරුන්ව දැක්කේ මම පොඩි එකා කාලෙදි.. සමහරුන්ව ඔය ඉදලා හිටලා නිවාඩු වලට එද්දි දැකලා තියෙනවා..

ලේ නෑයෝ උනත් අපි අතරේ එච්චර බැදීමක් තිබුනේ නෑ..  සමහර වෙලාවට වචන කීපෙකට සීමා උන බැදීම් නමට විතරක් සීමා වෙමින් කාලයක් තිබුනත් මීට අවුරුදු 15කට විතර කලින් හැම දෙයක්ම බිදිලා ගියා.. සිංහල අළුත් අවුරුදු දවසක.. අපේ අම්මගේ අම්මට ( නෑදෑ කම කියන්නවත් මම කමැති නෑ ) අවුරුද්දට බුලත් දීලා වදින්න යද්දි අපිට ගෙදරට ඇතුල් වෙන්න නොදී දොර වහගත්තේ මොන හේතුවකටද කියන්න මම තාම දන්නේ නෑ.. ඇත්තටම දැනගන්න උවමනාවකුත් නෑ.. ඒත් එදා අපේ අම්මා අඩපු හැටි මට තාමත් මතකයි..

මහ ගෙදරත් එක්ක තිබුන සම්බන්දකම් එහෙම නවතිද්දි අඩි පාරෙම ගිය අම්මගේ සහෝදරයෝ සහෝදරියෝ අපිත් එක්ක තිබ්බ සම්බන්දකම් නැවැත්තුවේ කිසිම හේතුවක් නැතුව.. අපි ගෙවල් වල ගියත් අපේ දිහා ඔවුන් එන්නේ නැතුව හිටියා.. නෑයෝ කියලා බලෙන් එල්ලිලා ඉන්න තරම් ඕන කමක් අපිට තිබුනේ නෑ.. අනික පවුලේ වැඩිමලා උනේ අපේ අම්මා.. ඊට පස්සේ මල්ලිලා 6 දෙනෙකුත් නංගිලා 2 කුත් ඉන්නවා අපේ අම්මට..

තාත්තගේ පැත්තෙන් උනෙත් අපිට ඔය ටිකම තමයි.. තාත්තගේ නමට තිබ්බ දේපල හොරාකාගෙන අපිව ගෙදරින් එලියට දාද්දි යන්න තැනක් වත් අපිට තිබුනේ නෑ.. අන්තිමේ තාත්තගේ රස්සාවත් නැති වෙද්දි අපි අන්තිම අඩියට වැටුනා.. එතකොට මම ගොඩක්ම පුංචියි.. අපේ අයියයි අක්කයි තමයි දේවලට ගොඩක්ම මූණ දුන්නේ.. ඉපදුන ගාල්ලට සමුදීලා කොළඹ ආවේ ආයෙම පැත්තෙවත් යන්නේ නෑ කියලා හිතාගෙන..

මහරගම අපේ අම්මගේ ගම නිසා කොළඹ ඉන්න අපිට බයක් තිබ්බේ නෑ.. ඒත් කාලෙකට පස්සේ නෑයොත් මග ඇරලා යද්දි අන්තිමේ අපිට ඉතුරු උනේ අපි පස් දෙනා විතරයි.. අපේ අම්මා හැම තිස්සෙම කියපු දෙයක් තමයි.. අපි පස් දෙනාට ඉන්නේ අපි පස් දෙනා විතරයි කියන එක.. අක්කයි අයියයි බැදලා අපේ පස් දෙනාගේ ලෝකයට තව අය එනකම්ම අපිට හිටියේ අපි පස් දෙනා විතරමයි..

මාමලා 6 දෙනෙක් ඉදලත් අපේ අක්කව පෝරුවට නග්ගන්න මාමා කෙනෙක් නොහිටින තරමටම අපි තනි වෙලා හිටියත් නෑදෑ කමට වඩා ශක්තිමත්ව බැදුන අම්මගේ තාත්තගේ යාළුවෝ වගකීම ඉටු කලේ අපේම මිනිස්සු වගේ.. අවංකවම මම මගේ ලේ නෑයන්ට වඩා ගෞරවයක් ඔවුන් වෙනුවෙන් තියෙනවා.. මාව බන්දලා දෙන්න මේ දවස් වල මහන්සි වෙන නැද්දත් අපේ තාත්තගේ හොදම යාළුවෙක්ගේ බිරිද.. ලේ නෑයන්ටත් වඩා අපි ගැන කැක්කුමක් ඔවුන්ට තියෙන එක ගැන මට දැනෙන්නේ සතුටක්..

ඔය නැන්දලා මාමලාගේ දරුවෝ මගේ පරපරාවේ කට්ටිය මම හිතන හැටියට ඉන්නවා 20කට වැඩිය.. අළුතින් ඉපදුන් උන් ඉන්නවද කියන්න මම දන්නේ නෑ.. නැති වෙන්න විදිහකුත් නෑ.. ඒත් මම එක දෙයක් දන්නවා.. අපි පරම්පරා 3 එකට එකතු උනොත් එතන 50කට වැඩිය ඉන්නවා කියන එක.. ඔය කට්ටිය නෑ කියලා අපි තනි වෙලාද?

නෑ කොහෙත්ම නෑ.. අක්කගේ වෙඩින් එකට අරාධනා පත්‍ර 300 ගහන්න උනේ අපි කොහෙත්ම තනි වෙලා නැති නිසා.. ඇත්ත ඔවුන් හිත මිතුරෝ.. ඒත් අපිට කරදරයක්නම් ඔය නෑයන්ට ඉස්සෙල්ලා එන්නේ ඔවුන්.. සමහරුන්ට අපි බලෙන්ම පැටවෙව නෑදෑ කම් කවදාවත්ම ඔවුනට බරක් උනේ.. අපේ අක්කගේ හොදම යාළුවගේ අම්මට තාත්තටයි අපි කතා කරන්නේ ලොකු අම්මා ලොකු තාත්තා කියලා..

එක අතකට ඔය නෑයෝ නැති එකේ වාසියක් තියෙනවා.. ඉස්සර අපේ තාත්තා ලංකාවට එද්දි අපේ අම්මටත් වඩා වටින තෑගි නැන්දම්මට  ගේන්නේ  එයාව සතුටු කරන්න ටිකක්  අමාරු නිසා.. ඒත් කවදාවත්ම එයානම් සතුටු වෙන්නේ නෑ.. අපේ අම්මා නිසා තාත්තා මුකුත් නොකියා හිටියට හිතින් බනින බව අපි හොදින්ම දන්නවා..

නිකමට හිතන්න දැනුත් ඔය කට්ටිය හොදින් හිටියනම් මම ලංකාවට යද්දි කී දෙනෙක්ට තෑගි බෝග අරන් යන්න ඕනද.. කාට හරි වැඩියෙන් හොද එකක් ගියොත් එතන ප්‍රශ්ණ.. අනික මේ එන අවුරුදු කාලේ කීයක් කියලා වියදම් කරන්නද?

ඔය නෑදෑයෝ නැති ප්‍රශ්ණේ අපිට ලොකුවට ප්‍රශ්නයක් වෙනවනම් වෙන්න තිබුනේ අක්කගේ කසාදයේදි.. මොකද ඕනම කෙනෙක් අහන්නේ නෑයෝ ගැනනේ.. ඒත් අපි අපේ ඇත්තම කතාව කියද්දි ඔවුන් කියලා තිබුනේඅපෝ ඒකටත් එක්ක හරි යන්න අපේ නෑයෝ ඉන්නේකියලා..  ඇත්ත පැත්තෙත් ඉන්නවා 50ක් විතර..

මේ හැම දෙයක්ම හදිසියේ මතක් උනේ ගිය සතියේ රස්තියාදුවේ ගිය වෙලාවක අපේ පරම්පාරාවේ පළවෙනි පුරුක අපිට හම්බුනා ඉතාලියේදි.. අපේ ලොකුම අයියා.. පුංචිගේ පුතෙක්.. වයසත් දැන් 40කට විතර ලග පෙනුමක් තමයි තිබුනේ.. මම ඒකව දැක්කේ අවුරුදු 17කට විතර පස්සේ.. අනිතමට දැක්කේ ඒකගේ වෙඩින් එක වෙලාවේ.. අනික තමයි අපේ මෙහේ ඉන්න මාමා කෙනෙක්ගේ නෝනයි ළමයිනුයි ඉස්සෙලාම දැක්කෙත් මම ඉතාලි ආවට පස්සේ..

ඔන්න ඔහොමයි අපේ නෑකම් වල තත්වේ.. දේපල නිසා මිනිස්සු කොච්චර වෙනස් වෙනවද? එක කුස උපන් සහෝදරයන්ටත් අනිත් සහෝදරයෝ මතක නෑ.. හැම පවුලක්ම මෙහෙම නෑ.. හොද එකමුතුව ඉන්න පවුල් මම දැකලා තියෙනවා.. ඉස්සරනම් අවුරුද්දට නෑගේක යන්නවත් නෑයෙක් නෑ කියලා හිතින් දුක් උනා.. ඒත් දැන්නම් අතීතය දුහුවිල්ලක් වගේ ජීවිතෙන් ඈතට ගහගෙන ගිහින් ඉවරයි..


ප.ලි - මේක නම් සමහර විට වැදගත් නැති පෝස්ට් එකක් වේවි.. ලියපු දේවල් ගොඩක් තිබුනත් හදිස්සියේ මේක ලියලා දැම්මේ අවුරුදු 17 පස්සේ හමු උන අයියා නිසා ඇති උන මතකයෙන්..

62 comments:

  1. hmmmmmm..... athuwath beri nathuwath beri....
    samahara welawata inna eka hodai kiyala hithenawa... eth ohoma prashna wena welawaluth thiyenawa....

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්ණ නැති වෙන්නේ නෑ.. ඒත් මෙහෙමම තරහ වෙන එකයි වැරදි..

      Delete
  2. නෑයෝ ඔහොම තමයි මල්ලි. අපිත් එක්කත් කී දෙනෙක් අමනාප උනාද. හැබැයි ඉතින් අපි ළමයි ටික නම් හැමදාම යාලුයි. නැන්දලා මාමලාගේ ළමයි ටික එකතු වෙනවා කියන්නේ ඉතින් රස සාගරයක්. දැන් නම් ඒ අයත් ටික ටික ඈත් වෙනවා. නෑයින්ගේ රණ්ඩු දැක්කම වෙලාවකට හිනා වෙලා පන යනවා...

    ReplyDelete
    Replies
    1. මමත් දැකපු දෙයක් අපේ සමහර නෑදෑයෝ අතරත් අමනාප කම් තිබුනට දරුවො අතර ඒවා ඇත්තෙම නැති එක.

      Delete
    2. ඇතුවත් බැරි නැතුවත් බැරි කියන්නෙ නිකන් නෙමේ...

      Delete
    3. අපෙත් අක්කේ ඔය ලොකු අය තරහා උනාට අපි අපි සහෝදරයෝ අතරේ ප්‍රශ්ණයක් නෑ.. හැමෝම වගේ ඉන්නේ ගොඩක් දුර ඈත නිසයි මෙහෙම වෙන් වෙලා තියෙන්නේ..

      Delete
    4. ඒකනේ ඔබා මාමේ.. ඉන්නකන් ප්‍රශ්ණ.. නැති උනාමත් ප්‍රශ්ණ..

      Delete
  3. අන්තිමට ඉන්නෙ අපිට අපි විතරයි කියන එක තේරුම් ගියේ තාත්තා ලංකාවෙ ඉන්න කාලෙමයි.. තාත්තා රට ගියාට පස්සෙ අම්මා අපිව බලාගන්න දුක් වින්ද හැටි දැක දැකත් නොදැක්කා වගේ අහක බලාගෙන ගෙදර ඉස්සරහින් ගිය නෑ පරපුර දැන්නම් කටහඬ අහන්නෙ නැතිව ඉන්න බෑ වගේ කතා කරනවා.. ඒත් අපි තවමත් දන්නවා.. අපිට අපිමයි කියලා..
    පරෙන්ති සර්පෙන්ති කියලා කියමනක් තියෙන්නෙ නිකන් නෙමෙයිනෙ.. :D

    ReplyDelete
    Replies
    1. ඕවා ඔහොම තමයි නන්දු.. නෑදෑයෝ උනත් අමාරු කාල වලදි පිටු පානවා.. පුළුවන් වෙද්දි ආයෙම බලෙන් එල්ලීගෙන එනවා..

      Delete
  4. කීවත් වගේ ඇතිවත් බැරි, නැතුවත් බැරි ජාතියක්. තමන්ගේම දුවෙක් ඒ වගේ එලියේ ඉන්ඳෙද්දී දොර වැහු අර අම්මා ගැන නම් පුදුම හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. එයාගේ තිබුන නපුරු කම් වල හැටියට ඕක මහ ලොකු දෙයක් නෙමෙයි අක්කේ..

      Delete
  5. අප්පෝ ඔය නෑයෝ කියන ජාතිය නැති එකමයි හොඳ. සල්ලි තියන කොට ඉන්න නැති වෙනකොට නැති, තමාගේ ළමයට වඩා අනිත් සහෝදරයාගේ ළමයා හොඳ තැනක ඉන්නවා නම් ඉරිසියා කරන ඕපදූප ප්‍රචාරය කරන ජාතියක් ඔය නෑයෝ කියන්නේ.තනියම ඉන්න එක දාහෙන් සම්පතයි. ඇත්තටම යාළුවො හොඳයි නයෝන්ට වඩා..

    ReplyDelete
    Replies
    1. ඕපා දූප අතින් නම් නෑයන්ට වඩා ඉස්සරහින් කවුරුවත් නෑ.. වැරදිලාවත් කෙල්ලෙක් එක්ක කතා කරනවා දැක්කොත් මුළු පරම්පරාවටම කියනවා.. හොද වෙලාවට දැන් ඒ ප්‍රශ්ණ නැත්තේ...

      Delete
  6. නෑයෝ වේයෝ ය කියන්නේ නිකම් ද මලයෝ. මමත් ඔය නෑයෝ නැති තරමට කැමතියි!

    ReplyDelete
    Replies
    1. නෑයෝ අඩු උනාම ප්‍රශ්ණ අඩුයි අයියේ..

      Delete
  7. නෑයෝ වේයෝ කිවට ගොඩක් පව්ල් වල වේයෝ වගේ සමගියක් නෑ... කාකොටා ගැනීම් මයි තියෙන්නේ. ඒත් ඉතින් අපේ පව්ලේ නම් කොච්චර මරා ගත්තත් කාට හරි කරදරයක් උනහම අපේ ලොකු පොඩි හැමෝම එතන ඉන්නවා මොන වැඩේ තිබුනත්..

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්ණ නැති වෙන්නේ නෑ මල්ලි පවුලක් උනාම.. ඒත් මෙහෙම වෙද්දි කාටද එකට ඉන්න පුලුවන්..

      Delete
  8. මම නම් නෑදෑයොන්ට වඩා යාලුවොන්ට සළකනව.....නෑදෑයොන්ගෙ ඉරිසියාව වැඩි....

    ReplyDelete
    Replies
    1. නැත්ත නෑයෝ නෑයෝ අතර තමයි වැඩියෙන්ම ඉරිසියාව තියෙන්නේ..

      Delete
  9. ඇත්තටම ඒ කිරි අම්මා නම් කරලා තියෙන වැඩේ හරිම කැතයි...

    නෑයෝ වාතයක් වෙන වෙලාවල් ඕන තරම් තියෙනවා.. ඔක්කොටම වඩා කරදරේ මට නම් රොයිටර් නැන්දල වගයක් ඉන්නවා.. එක්කෙනෙක්ට කිව්වම ඇති.. මුළු ගමම දන්නවා වගේ තමා...

    හැබැයි අපේ ලොකු අයියා උණත් නෑදෑයින්ට වඩා සළකන්නේ යාළුවන්ට...

    ReplyDelete
    Replies
    1. යාළුවෝ තව හොදයි.. රොයිටර් වැඩ කරන්නේ නෑ.. ඒත් නෑයෝ එහෙම නෙමෙයිනේ හොයන්නෙම ඕපදූප.. එයාට ඒ නම කියලා කතාකරන්නවත් මම කැමති නෑ ශානි..

      Delete
  10. අප්පේ...එච්චර කේන්තියක් ආවෙ කොහොමද එච්චර කල් ගිහිල්ලත්??හිතා ගන්නත් බෑ.අපේ තාත්තගෙ පැත්තෙ අයනම් ටිකක් අවුල්. ඒත් අම්මගෙ පැත්තෙ අයනම් කරදරයක් වුන ඕනෙ වෙලාවක ඉන්නවා.

    අම්මගෙ අම්මා එහෙම දෙයක් කලේ කොහොමද???? අප්සෙට්ම ගියේ එතන.

    ReplyDelete
    Replies
    1. අපිටත් අවුරුදු ගානක්ම යනකම්ම තිබුනේ ඔය ප්‍රශ්ණේ තමයි අක්කේ.. ඒත් දේපල ඔය අතරට ආව බව දැන ගත්තම තමයි අපිටත් කළකිරුනේ..

      Delete
  11. නෑයෝ..වේයෝ... මීයෝ... ඔක්කොම උන් ඉන්නෙ අපිව කාලා දාන්න..:D හික්ස්ස්.. මට මතක් ව්උනා මගේ යාලුවෙක් නෑ කම් ගැන කිව්ව හැටි..ඕක අයියේ අපි කාටත් තියෙන ප්‍රශ්නයක්නෙ... ඉගනගන්න කාලෙදි, පුංචි කාලෙදි,අඩු පාඩු අඟහිඟකම් ඇති කාලෙදි නොහිටපු නෑයෝ..එතකොට ඉගනගන්න කාලෙ එක පැන්සලකින්, පෑනකින් උදව් නොකරපු නෑයෝ... ලොකුවුනාට පස්සෙ,රස්සාවල් හොයලා දෙන්න පරස්තාවල් හොයලා දෙන්න නම් ඉන්නවා..

    අනේ ඉතිං මටනම් එතකොට යකා නගිනවා..:p

    ReplyDelete
    Replies
    1. ඇත්ත ගොඩක් අය උදවු කරන්න එන්නේ උදවු ඕන වෙලාවට නෙමෙයි.. හිතූටනම් පරස්තාවල් හොයන්න නෑයෝ උනන්දු වෙන එක පුදුමයක් නෙමෙයි..

      Delete
  12. අප්පේ.... එහෙම කලේ කොහොමද අප්පා...:((( තමුන්ගෙ ලමයට

    අපෙත් තාත්තගෙ පැත්තෙ අය ටිකක් අවුල්. ඒත් අම්මගෙ පැත්තෙ අයනම් කරදරේකදි එනවා ටක් ගාලා.

    ReplyDelete
    Replies
    1. අපිටනම් දැන් ඔය කවුරුවත් නෑ අක්කේ..

      Delete
  13. අපිට වරදිනකම්මයි ඉන්නේ හිනා වෙන්න.අපේ සමහර මාමලා මම දැකලා නැහැ තවම.

    ReplyDelete
    Replies
    1. ඔය මමලා 6 දෙනාගෙන් මම දෙන්නයි දැකලා තියෙන්නේ.. අනිත් අය කළුද සුදුද කියලවත් මම දන්නේ නෑ..

      Delete
  14. හාපෝ මතක්කරන්න එපා.....තව පොඩ්ඩෙන් අපිටත් ඉන්නතැනක් නැතිවෙනව....:/

    ReplyDelete
    Replies
    1. අපිටනම් ඉන්න තැන නැති වෙලා ගෙදරින් එළියට බහින්න උනා.. ඒත් දැන්නම් ඒ ගැන දුක නෑ..

      Delete
  15. ඇයා වෙයා නෑයා ඔය තුන හිටියම හොඳටම ඇති................

    ReplyDelete
    Replies
    1. මටනම් ඔය අන්තිම එකා හිටියේ නැති උනාට කමක් නෑ..

      Delete
  16. මගෙ නෑයන් ගැන නරකක් කියන්න මට බෑ....ඒත් ඔයාගෙ කතාව හරි වැදගත්..

    ReplyDelete
    Replies
    1. හැම පවුලක්ම මෙහෙම නෑ අයියේ... එහෙම සමගියෙන් ඉන්න පවුලක් ලබන්නත් වාසනාවන්ත වෙන්න ඕන..

      Delete
  17. අපේ නං හැමෝම (තාම) ඔහොම නැතත්.. ඉන්නව උං දෙවිවරු කියල හිතං ඉන්න සෙට් එකක්!

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඒ දෙවි වරුන්ට වැදගෙනම ඉදපං මල්ලියේ.. එතකොට ප්‍රශ්ණ අඩුයි..

      Delete
    2. ඊට වඩා හොඳා කට මිරිස් ගලේ උලාගන්න එක! :/

      Delete
    3. එහෙනම් ඉතින් ප්‍රශ්ණ තමයි මලයෝ..

      Delete
  18. වැඩකට නැති පෝස්ටුවක් නෙවේ බං.. නෑයෝ මතක් කරන්න එපා.. (හැමෝම නෙවේ. සමහරක්)

    මම ලියන් හිටපු කතාවත් මට වැදගත් වුනාට අනිත් අයට වැදගත් වෙන එකක් නැහැ කියල හිතපු නිසා නොලිව්වේ.. ඒත් ලිව්වම කස්ටියට අදහසක් එයි නොවැ..

    ReplyDelete
    Replies
    1. වැදගත් වෙන්න පුලුවන් සෑමෝ.. ඔන්න ඔහේ ලියමු..

      Delete
    2. පොරොන්දුව ඉෂ්ඨ කලා ඕං..

      http://samindikasrimantha.blogspot.com/2012/05/blog-post_09.html

      Delete
  19. හරි අයියා මේ අවුරුද්දට එන්න එතකොට හරි...

    ReplyDelete
    Replies
    1. පිස්සුද මලයා.. දැන් ජීවන වියදම වැඩියි.. අනික අවුරුද්දට ඇවිත් නෑගම් යන්න ගත්තොත් මරු..

      Delete
  20. නෑයෝද නොනෑයෝද කියන එක නෙමෙයි වැදගත්. මනුස්සකම.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත අයියේ.. ඒ මනුස්සකම නිසානේ නොනෑයෝ උනත් ඔච්චර අපිට ලං වෙන්නේ..

      Delete
  21. තමන්ගේ කිසිම වැඩකට නෑයෝ නොගවගන්න!
    ගාවගත්තොත් ගූ හතයි!:P

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත.. ඔය පරපුර එකතු කරන් අපේ අක්කගේ වෙඩි එක ගත්තනම් කොහොමට හිටීවිද??

      Delete
  22. නෑදෑයෝ මොකොටද සහෝ අපි ඉන්නකොට

    ReplyDelete
    Replies
    1. මෙන්න මිනිස්සු...

      Delete
  23. නෑයෝ , වේයෝ ,මීයෝ තුන් ගොල්ලොම එකයි මලේ....

    ReplyDelete
    Replies
    1. අපිව කන්නමයි බලන් ඉන්නේ..

      Delete
  24. ඈත්තටම බන් අපේ අම්මගේ පවුලේ 7 යි,කට්ටියම මෙසිනා ඉන්නේ,පුදුම එකමුතුකමක් කට්ටියගෙම,මටත් එයාලව නැතුව බෑ,දුකේදී සැපේදී කට්ටියම ලග ඉන්නවා,එකට අඩනවා,එකට හිනා වෙනවා,,

    ReplyDelete
    Replies
    1. නියමයි.. එහෙම තමයි ඉන්න ඕන.. කොහොමත් පිට රට වලදි අපේ බැදීම් වැඩි වෙනවනේ..

      Delete
  25. Dinesh malli,
    Man hamadama wage awith lipi kiyawala yanawa. Eth comentuwak damme na...
    Ada "Nayo" gana thibuna lipiya dakkama matath deyak liyanna hithuna,,, . Mage mahaththaya ge amma , e pawule hamoma ekata eka tharaha karawala inne. Sahoodara kama ekek langawath na... Mata hari pudumai mewa dakala. API inne anunge rataka, samagiyen inna one neda kiyana eka gana me nandammata ganakwath na. Undata one eya 1wela inna vitharai.. Ithin ape lamai ahanne ai apita nayo naththe kiyala.
    Suja akka

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔය එක වෙන්න ඕන ප්‍රශ්ණේ තමයි අපේ එක්කෙනාටත් තියෙන්නේ.. ලොකු අක්කා කියලා අපේ අම්මට හැමෝම ලං වෙද්දි තමයි ප්‍රශ්න ආවේ..

      ගොඩක් ස්තූතියි අක්කේ අදහසක්ක් කියලා යන්න ආවට..

      Delete
  26. ගොඩක් වෙලාවට මේ මත ගැටුම් ඇතිවෙන්නේ අපේ බලාපොරොත්තු වැඩි නිසා කියලයි මට හිතෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා අක්කේ.. කොහොම උනත් අපි හැමෝම වෙන් වෙලා.. ඒක කොදද නරකද කියන්න අපිවත් දන්නේ නෑ..

      Delete
  27. සහතික ඇත්ත!!!
    එක වෙලාවකට නෑයෝ නං ලාචෝරු...

    ReplyDelete
    Replies
    1. කතා කරල වැඩක් නෑ..

      සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට..

      Delete
  28. නෑයෝ එපාම වෙලා වගේ.:) අපේ නෑයොත් හැමෝම ඉස්සර පුදුම එකමුතුවකින් හිටියා. දැන් නම් දුරස වෙලා. හැබැයි තාමත් වුවමනාවක් වුනාම කවුරුහරි ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. දුරස් උනත් කරදරේකදි එකට ඉන්න එකනේ වැදගත්.. එහෙම නැත්නම් ඉතින් වැඩක්ම නෑනේ..

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්