Friday, 30 March 2012

අඬහැරය 7


දහසක් ප්‍රාර්ථනා සිත දරාගෙන
සුළං පොදක්ව පාව යන විට
ආදරයෙන් නැළවෙන්න තැනක්
ලැබුනි මවුනි නුඹේ කුසේ මට..

සතුටු උනා මේ මගේ හිත
නුඹේ කුසට ආ දිනයේ සිට
දැනුනා මටත් නුඹ සතුටින් බව
නුඹේ හැගීම් මට දැනෙන නිසාම..

කුසට අත තියා කියන නැළවිලි ගී අහන්න
මම එනතුරු පෙර මග බලාන ඉන්න
තාත්තගේ ආදර කතා අහන්න
දන්නවාද කොච්චර ආසා කලාද මේ හිත..


ගෙවී යද්දි කාලය දවසින් දවස
දැනුනේ මට නුඹ සතුටු නැති බව
අසන්න උන දහසක් දේ නිසා නුඹට
මට තාත්තා කෙනෙක් නැති හින්දම..

කඳුළු සැළුවා නුඹ දවසින් දවස
ලෝකයේ ගැරහුම් එන විට
දැනුනා මට නුඹ විදි වේදනාව
නුඹේ කුසට මම ආ පවට..

ලෝකය කුරිරුයි දැනුනේ කුස තුලම මට
කියූ කතා රුදුරුයි මගේ සවනත වැටෙන්න
ආදරයෙන් තුරුළු කර කියන නැළවිලි වෙනුවට
මියෙන්නට හැරියේ ඇයි මට නුඹේ කුස තුලම..

එකින් එක හීන කැඩී යද්දි පුංචි අත් පා ලෙසම
මට දැනුන වේදනාව දැනුනාද අම්මේ නුඹට
නික්ම යන්න අවසරයි අම්මේ නුඹේ කුසින් මට
නුඹද, මමද වැරදි අහන්නේ නෑ අම්මේ මම..



35 comments:

  1. ඇඟ හිරිවැටිල ගියා අයියේ.....මේ දැන් ඔයවගේ වීඩියෝ එකක් බලපු ගමන්මයි...:(

    ඇත්තටම මේදේවල් කවද නවතීද.....

    ReplyDelete
    Replies
    1. මේකට පින්තූරයක් හොයද්දි මම දැක්ක අනිත් ඒවා මීටත් වඩා බලන්න අමාරුයි නංගී..

      Delete
  2. බුකියේ ෂෙයාර් වුනු මේ වගේම සිද්ධියක් ගැන මතක් වුනා... කවි විදියට ඒ වේදනාව හැඟීම්බරව ඉදිරිපත් කරලා තියෙනවා.මේ පෝස්ටුව දකින්න ඉස්සෙල්ලා මම කියෙව්වේ බස්සා ලියපු අකමැති මතක පෝස්ටුව....මට හිතෙනවා මම එතන දාපු කොමෙන්ටුව මෙතන්ටත් දාන්න... මම කියන දේවල් එක්ක ගොඩක් අය එකඟ වෙන එකක් නැතිවෙයි ඒත් ඉතින් මේ මගේ මතය පමණයි.

    //අකමැත්තෙන් සිදුවූ අතවරය / ස්ත්රීය දුෂණයකදී/ සහ පිළිසිඳගත් දරුවා අංගවිකල බවට පූර්ව වෛද්යක පරීක්ෂණ නිගමන කියන අවස්ථා තුන

    ඉහත අවස්ථා යටතේ ගබ්සාව නීතිගත කරන එකට මමත් කැමතියි.අකමැත්තෙන් සිදුවන අතවරය ස්ත්‍රි දූෂණ ගනයටම නොවේද වැටෙන්නේ??

    අංග විකල දරුවන් පෙරලි කරපු අවස්ථා නැතුවා නොවේ(nick vugicic) ඒත් ලංකාවේ බොහෝ දුරට එවන් දරුවන්ට උරුම වෙන්නේ මහ මග හෝ ළමා නිවාස ඒවායින් හරි හැටි වැඩක් නොවෙන නිසයි අවසන් කරුනට මම එකඟ//

    ReplyDelete
    Replies
    1. බස්සාගේ පෝස්ට් එකට මම ඔබ දාපු මේ කමෙන්ට් එක දැක්කා.. ඔබ කියපු දෙයිත් ඇත්තක් නැතුවම නෙමෙයි.. මම ගැමි පසුබිමක නිර්මාණය උන ටෙලියක දැක්කා කාන්තාවක් මේ වගේ අනියම් සම්න්දතාවෙන් බිහිවන දරුවෙන් නැති කරන්න ගැට අන්නාසි මොනව හරි එකතු කරලා කනවා.. මේ ගැන මතකය නම් දැන් පොඩ්ඩක් අඩු නිසා නිවැරදිමද කියලනම් ටිකක් අමතකයි..

      Delete
  3. තිත්ත ඇත්තක්..අනේ මන්දා..

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා අක්කේ.. හොර රහසේ වෙන දෙයක්..

      Delete
  4. අනේ මන්දා ඉතින් මේවට කව්ද වැරදි කියලා....කොහොම උනත් පාපකරුමයක්නේ...

    ReplyDelete
    Replies
    1. ඔව් දෙමවුපියන්ගේ වැරදි වලට මාස ගානක් වයස මේ පොඩි එවුන් මොනවා කරන්නද?

      Delete
  5. ඒ අතින් මංචි නම් සෑහෙන පව් කරල... :(( මේ සිද්ධිය ඇස් දෙකෙන්ම බලන්න සිද්ධ වෙන තරමට.. :(( රුසියාවෙ ''ගබ්සාව'' නීතියෙන් පිළි අරගෙනයි තියෙන්නෙ...ඉතින් අපට මාතෲ සායන විද්‍යාව හෙවත් obstetrics කියන විශය යටතෙ ගබ්සාව ගැනත් ඉගෙනගන්න සිද්ධ වුණා... ඇත්තෙන්ම ගබ්සා ශල්‍යකර්මය දැකපු වෙලාවෙදි හදවතට දැනුනු කම්පනය නම් කියල නිම කරන්න බැරි තරම්... :((((

    ReplyDelete
    Replies
    1. මම ළඟදි කියෙව්වා රුසියාව මේ ගබ්සා නීතිගත කිරීම ගැන දැන් පසුතැවෙමින් ඉන්නවා කියලා... පහුගිය අවුරුදු කාලයේදි උපත් වර්ධන වේගය සෑහෙන්න අඩුවීමක් තියෙනවා කියලයි තිබුනේ මගේ මතකය නිවැරදි නම්.ගබ්සාව නීතිගත නොවුනු නිසා ලංකාවේ මියැදෙන තරුණ,බාල වයස් දැරිවියන් සෑහෙන්න වැඩි ඇතියි කියලයි මම හිතන්නේ මොකද එයාලා හොර පාරෙන් හරි ඒ දේ කරගන්න බලනවානේ.

      Delete
    2. මට මේ පින්තූර දැකලත් දැනුන වේදනාව කියාගන්න බෑ.. ඒ අතරේ මකුළු ඒක දෑසින්ම දැක්ක කිවුවම මට හිතාගන්නත් බෑ..

      Delete
    3. ගැමියා : ඔව් ඔබ හරි.. නීතියට පිටින් මේ දේ කරන තැන් වටලපු අවස්ථාත් අපි අහලා තියෙනවනේ පහුගිය කාලේ.. නීතියෙන් පිට ගිය අවස්ථාවල උන ඒ වගේ අවාසනාවන්ත සිද්දිත් තියෙනවා..

      Delete
  6. කියවද්දී දුක හිතුනා.ප්‍රසිද්දියේ කතා නොවෙන මාතෘකාවක්.

    ReplyDelete
    Replies
    1. ලංකාවෙනම් ප්‍රසිද්දියේ කතා නොවෙන දෙයක්.. ඒත් වෙනත් රටවල මේක සාමාන්‍ය දෙයක් වෙලා..

      Delete
  7. Replies
    1. ඒක ඒ තරම්ම වේදනාකාරි දෙයක්.. අපිට හිතන්න පවා..

      Delete
  8. අනුමත නොකරන ක්‍රියාවක්........

    ReplyDelete
    Replies
    1. මමත් අනුමත නොකරන දෙයක්..

      Delete
  9. මේ වගේ දේවල් ගැන සාමාජය වපර ඇහින් බලන්නෙ ඇයි මන්දා?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔය පින්තූර වල තියෙන විදිහේ අවසානයක් උරුම වෙන නිසාම ඔවුන් ඒකට අකමැති වෙන්න එක සාදාරණයි..

      Delete
  10. මේ දේවල් කවදා නවතියිද??

    ReplyDelete
    Replies
    1. නවතීවි කියලනම් හිතන්න අමාරුයි..

      Delete
  11. අනේ අයියේ..හරිම සංවේදියි!!! අග්නි කිව්වා වගේ ඇඟ හිරිවැටිලා ගියා..මෙහෙම දේවල් කොයිතරම්නම් වෙනවාද.. අපරාද...:(

    ReplyDelete
  12. ඔය ලියලා තියෙන්නේ ඇස් වල තෙතමනය දෝරේ ගලන්නම.. කියන දේ තේරෙනවනම්. කියවන එකාට දැනෙනවනම් තව මොනවද ඕන කියලා කෙනෙක් අහයි. ඒත් මේක තව ලස්සනට ලියන්න පුළුවන්. කලින් එකට වඩා 100% හොඳයි. ඒත් සමහර තැන්වල රිද්මයක් නෑ එකම කවියේ... ඒත් මට උඹ ගැන හරි ආඩම්බරයි.. මේක රසයි.. මාතෘකාව ගැන මගේ අදහස - මාස 3 කට කලින් කරනවනම් හොඳයි..

    ReplyDelete
  13. හ්ම්ම් අනේ දුක හිතෙනවා. :(

    ReplyDelete
  14. ලංකාවෙ අධ්‍යාපන ක්‍රමය තුළ ලිංගික අධ්‍යාපනය විෂයක් විදියට ඉගැන්වි යුතුයි. ඒවගේම ගබ්සාව නීති ගත කලයුතුයි. මේ සමාජ සංස්කෘතිය තුළ උපත්පාලනය ගැන හැම කෙනෙක්ම දැනුවත් කළ යුතුයි. එය නොවන තාක් මේ ගබ්සාව රහසේ රට තුළ ක්‍රියාත්මක වෙනවා.

    අඩුම තරමේ ෆාමසියකින් උපත්පාලන උපකරණයක් ඉල්ලලා ගන්න තරම් බුද්දිමත් ජනතාවක් බිහි කල යුතුය. අපේ සංස්කෘතිය තුළ පවතින් මේ ලැජ්ජා සහ සංස්කෘති බිය නිසා රට වැසියෝ ඒ ක්‍රම භාවිතා කරන්න පුරුදු වෙන්නෙ නෑ. මේකයි මෙවැනි තත්වයන් ඇති වෙන්න හේතුව කවියෙන් වුනත් කියවල තේරුම් ගන්නවානම් හොඳ දෙයක්.

    ReplyDelete
  15. මම එහෙමනං ඔවුන්ව උල තියනවා...

    ReplyDelete
  16. කියෙවුවෙත් නැත . . . පින්තූර බැලුවෙත් නැත !

    ReplyDelete
  17. ඕකෙත් දෙපැත්තක් තියෙනව!
    කොහොම උණත් ලංකාවේ ලිංගික අධ්‍යාපනය තියෙන්නෙ ඉතාම පහල තත්වයක!එකත් ඔය කරනවට හේතුවක්!
    ගැමියාගේ අදහසත් එක්ක එකඟයි මමත්!

    ReplyDelete
  18. අවාසනාවට ඇත්ත කතාවක් ...........

    ReplyDelete
  19. මටනම් කියන්නෙ තියෙන්නෙ ඕවගේ දෙයක් කරන්න පුලුවන් මනුස්සයෙක්ට නෙමෙයි..මනුශ්‍ය වේශයෙන් ඉන්න රාක්ෂයොන්ට..මටනම් ඔයි වගේ මිනිස්සුන්ව ගැහැණුන්ව අප්පිරියයි..එයාලගෙ වැරදි වලට වන්දි ගෙවන්නෙ කිසි දෙයක් නොදන්න අහින්සක කිරි කැටියෙක්.. :@

    ReplyDelete
  20. හැමෝම හඬක් නගන්න ඕනි මාතෘකාවක්. සංවේදීව ලියල තියනවා හිතට දැනෙන විදිහට....

    ReplyDelete
  21. නියම මාතෘකා‍වක්.. කවියෙන් දැකලා..

    සිරා..

    මේව බලලවත් හැදෙන එවුන් ඉන්නව නම් !

    ReplyDelete
  22. හිතට දැනෙන්නම ලියලා මල්ලි.ඕවගෙ කතා වල දෙපැත්තක් තියෙනවා.තාත්තෙක් නැති දරුවෙක් මෙලොවට ආවත් ඊට පස්සෙ ඒ ලමයට විදින්න වෙන මානසික වදය.... තාත්තගෙ නම තිබුනත් අවිවාහකයි කියලා තියෙන එක.... මේ අපේ සමාජයට හරි ප්‍රශ්න.කොහෙන් ගියත් අන්තිමට විනාශ වෙන්නෙ අහිංසක ළමා ජීවිත.

    ReplyDelete
  23. ඉස්කෝලේ සා/පෙ කරන දවස් වලදී කියල දුන්න දරුවෙක්ව අම්මගෙ කුසේදීම නැතිකරන ක්‍රම 5ක් තියෙනවා කියල.දැන් සමහරවිට තවත් වැඩි ඇති.මොනදේ වුනත් අන්තිමේදී නැතිවෙන්නෙ කිසිදෙයක් ගැන මුකුත්ම නොදන්න අහිංසක පුංචි ජීවිතයි.

    සංවේදී කතාවක් දිනේෂ් අයියේ...

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්