Sunday, 5 February 2012

අතීතය සිහිනයක් පමනයි..

මේ දවස් ටිකේම ඉස්සරහට වෙන්න යන දේවක් ගැන කල්පනා කර කර හිටියේ.. ඔව් ඔව්.. අර අවුරුදු 3 තමයි.. එදා ඉතින් ඒ ගැන කියපු වෙලාවත් කට්ටිය ගොඩක් දේවල් කිවුවනේ.. කොහොම හරි ඉතින් ඕක ලියපු නිසාම අපේ අයියත් හීන් නූලෙන් ගහගෙන ගිය ප්ලෑන් එකකුත් මාට්ටු උනා.. මේකත් ගෙදරට කතා කරාම කියලනේ මට ඔය අවුරුදු 3 දෙන්නත් එපා කියලා.. ඒ මදිවට අංකල් ජොන්සන්.. එයත් මේ පාර ලංකාව ගියාම අපේ ගම් පලාත උන ගාල්ලෙන්ම කෙනෙක් හොයලා අපේ ගෙදරට විස්තර කියනවලු..  කොහොම උනත් බලාගෙන යද්දි නැන්දට කතා කරපු එකෙයි ඒ ගැන බ්ලොග් එකේ ලියපු එකෙනුයි මේ හැම දෙයක් ගැන දැන ගන්න ලැබුනා..

හරි දැන් ඒවයෙන් වැඩක් නෑ.. ඔකේ තියෙන වාසි අවාසි ගැන හෙමීට හිතලා බලපු නිසාම මුකූත් නොකරම නිස්සද්දෙන් බලාගෙන ඉන්න එකයි හිදයි කියලා හිතුනා.. දැන් ඉතින් මම මේ අද ලියන්න පටන් ගත්තේ ඕක ගැන නෙමෙයි.. මේ ටිකේ ඉතින් ඔය ගැන කල්පනා කරද්දි මතක් උන දෙයක් තමයි ඉතින් ඔය ලංකාවේ ඉන්න කාලේ මගේ ජීවිතේට ලං උන අය ගැන.. හරි හරි දැං ඉතින් මට හිනා වෙන්නේ නැතුව මේ ක බැලුවනම්..

ඉස්සෙල්ලම මගේ ජීවිතේට ලං උනේ කවුද කියලා මම කලිනුත් ලිවුවා වගේ මතකයි.. “පෙරදිනයක මා පෙම්කල යුවතිය” පෝස්ට් එක සමහරුන්ට මතක ඇති..  ඉස්කෝලේ 10 වසරෙදි ඇති උන ආදරය නැවතුන හැටි මට දැන් මතකත් නෑ.. ඉස්කෝලේ කිවුවට ඉතින් අමතර පන්තියක තමයි.. දැන් නම් එයා බැදලා ළමයිනුත් ඉන්නවා.. මුහුණු පොතේ ඉන්නවා කියලා මගේ යාළුවෙක් කියපු නිසා ගොඩ වෙලා බැලුවා ඒ ප්‍රොෆයිල් එක පැත්තට..

ඊට පස්සේ කාලෙක ඒ කියන්නේ A/L කාලේ මගේ හිත ගිය කෙනෙක් ගැනත් මම කලින් කිවුවා.. අර   “ හංසියකට පෙම් බැන්දෙමි” පෝස්ට් එක මතක ඇතිනේ.. ඇත්තටම ඉතින් හංසිට මම හිතින් තමයි ආදරේ කලේ.. මොකද ඒක කියාගන්න බැරි උනානේ.. වෙලාව තමයි ඉතින්.. මොනවා කරන්නද.. හංසි ගැන පහුගිය දවසක හොයන්න පොඩි ඕනෑකමක් හිතට ආවත් මට එයාගේ වාසගමත් මතක නැති නිසා ෆේස්බුක් එකේවත් හොයාගන්න බැරි උනා.. ඒ දවස් වල නිතරම වගේ කතා කරපු නම්බර් එකක් තිබුනත් ඒක ගෙදරක නම්බර් එකක් නිසා මම වැඩේ අත ඇරලා දැම්මා..

ඊට පස්සේ A/L ලියද්දිම ඉස්කෝලෙදි අර “කට උලාගේ ආදර කතාවේ” එන එක්කෙනා ගැන හිතක් පහල උනත් පස්සේ ලොකු ප්‍රශ්න වගයක් නිසා ඒක එහෙමම නතර උනා.. ඒක ගැන වෙනමම පෝස්ට් එකක් ලියන්න ඉන්න නිසා මම ඒ විස්තරේ එතකොට කියන්නම්..

A/L ලියලා ඉවර උන කිට්ටුවම වගේ කලින් හිතට ලං උන හැමෝටම වඩා වෙනස් කෙනෙක් හිතට ලං උනා.. ටිකක් බටහිර පන්නයට ලැදි ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට ගිය එක්කෙනෙක්.. ස්පෝර්ට් මීට් එකකට ගිහින් තමයි එයාව මුලින්ම දැක්කේ.. අපේ ගෙවල් ලග ඉන්න අපේ  වයසේ කෙල්ලෙක්ගේ නෑදෑ වෙන නංගි කෙනෙක් මේ.. ඉතින් එතනින් ලැබුන වාසිය ගැන කියන්න ඕන නෑනේ.. ඔය කාලේ අතර තුරේ අපේ අයියත් ලංකාවේ හිටියේ.. ඉතින් දවසක් මම ෆොටෝ එකකුත් පෙන්නලා අයියට විස්තරේ කිවුවම “ ඕකනම් උඹට හරියන්නේ නෑ ඔක කරන එපා” කිවුවා..  කිවුවත් වගේම ටික කාලෙකින් ඒක හිතින් අත ඇරිලා ගියා..

ඒත් මම ඉතාලියට එද්දි අපේ අයියගේ යාළුවෝ සෙට් එකම කියන්න ගත්තා ඒ මම යාලු කෙල්ලයි කියලා.. ඒක උනේ මෙහෙමෙයි.. අයියා ලංකාවෙන් එන්න ඉස්සෙල්ල අපි දෙන්නා අපේ ෆෝන් දෙක මාරු කරගත්තා.. මට වැඩිය හොද එකක් අයියා ලග තිබ්බේ.. කොහොමහරි ඉතින් මට අමතක උනා ඕකේ තිබුන ෆොටො එක මකන්න.. අයියගේ ෆොන් එකේ තිබ්බ ෆොටෝ එක දැකලා යාළුවෝ අයියට වදේ ගහද්දි අයියා කියලා මේ මල්ලිගේ කෙල්ල කියලා.. ඊට පස්සේ ඉතින් කියන්න ඕන නෑනේ..  කොහොම උනත් දැන් එයාගේ ෆේස්බුක් එකේ තියෙන ෆොටෝ, නිතරම මාරු වෙන ස්ටේටස් දකිද්දි එදා අයියා මට කියපු දේ තේරුම් ගන්න පුළුවන්..

ඔහොම කාලයක් තිස්සේ හැම තැනකම කැරකි කැරකි තිබුන හිත අන්තිමට ඇවිත් නැවතුනේ පූජා ලග.. ඉන් එහා සිදුවීම් හැමදෙයක්ම වගේ හැමෝම දන්න නිසා මම ඒ ගැන ලියන්න යන්නේ නෑ..

ඊට පස්සේ මේ බොහොම මෑතකදි හිත යන්තමින් හරි වෙන කෙනෙක් ගැන හිතුවනම් ඒ මට ශ්‍රී ලංකන් ගුවන් යානයේදි මුණ ගැහුන එක්කෙනා.. මගේ සිතුවිල්ලේ පුංච් ඉඩක් එයාට ඇති උනත් පරණ මතකයන් නිසාම ඒකට තැනක් දෙන්න මට බැරි උනා.. එයත් ලගදිම බදින්න ඉන්නේ..

බලගෙන යද්දි අපේ අංකල්  කියන කතාවෙත් ඇත්තක් තියෙනවා..

“ බලනවා තමුසේ යාළු උන ඔක්කොම් කෙල්ලෝ දැන් බැදලා.. ළමයිනුත් ඉන්නවා.. ඒකට තමුසේ..”

වෙන ඕනම දේකදි එකට එක කියලා බේරෙන මට මේ කතාවටනම් ඇත්තටම දෙන්න උත්තර නෑ..  හීන් සැරේ කතාවෙන් මාරු වෙන එක තමයි ඉතින් මගේ ගැලවිජ්ජාව.. කොහොම උනත් ඉතින් කරුණු කාරණා අතීතය වර්ථමානය දිහා බලද්දි නම් ඉතින් මම තාම එතනම කියලා හිතෙනවා.. එදා පෝස්ට් එකට කට්ටිය කිවුවත් වගේ ඉතින් මේකේන් ගැලවිලා දුවන්න තැනකුත් නෑ තමයි..

තව කල් තියෙනවා.. ඊට පස්සේ කවුරු ජීවිතේට ඒවිද කියන්න බෑ.. ඒ කෙනා කවුරු උනත් එයා පූජා වගේ නොවෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනාවා.. මම එහෙම කියන්නේ  හේතුවක් ඇතුව.. ඒ මොකද ඒ එන කෙනා පූජා වගේ උනොත් මම එයා තුලින් පූජව දකින්න උත්සාහ කරයි.. මම ආයෙම ඒ හීනයේම ජිවත් වෙන්න උත්සාහ කරයි.. එහෙම උනොත් මම ඒ කෙනාටත් කරන්නේ ලොකු අසාධාරණයක්.. මට මේ වෙනකනුත් වෙන කෙනෙක් ගැන හිතන්න බරි උනෙත් ඒ නිසාමයි.. මම හැම තිස්සෙම හිතුවේ ඒ කෙනා පූජා වගේ වෙන්න ඕන කියලා.. ඒත් මගේ ඒ තීරණේ වැරදියි කියලා මම දැං දන්නවා..

කොයි දේටත් තව කල් තියෙනවා. දැං ඉතින් ඕවා ගැන හිතල වැඩක් නෑ.. මේ ටිකේ කල්පනා කරලා ගත්ත එක තීරනේ තමයි පොදු සමා කාලේ ඇතුලත පුළුන් තරම් රස්තියාදුවේ ගිහින් විනෝදෙන් ඉන්නවා කියන එක.. අනික එදා මම ඒ පෝස්ට් එක දාපු වෙලාවේ “ අපි අපි වගේ " බ්ලොග් එක ලියන මල්ලියා කිවුවා “ අපිට  එහෙනම් වර්ණ බලන්න තියෙන්නේ තව අවුරුදු 3යි නේ” කියලා.. ඔය කවුරු කොහොම ආවත් මේ බ්ලොග් කෙරුවාව නම් නතර වෙන්නේ නෑ.. නතර උනොත් ඉතින් ඒ මට ලියන්න අළුත් අදහස එන්නෙ නැති දාට තමයි..








ප.ලි : මේ ෆොටො එක කලින් දාලා තිබ්බේ.. මුල්ම කමෙන්ට් දෙකෙන් මේක හරි නෑ කියලා විරෝධතාවක් ආපු නිසා උඩ එක දැම්මා.. පරණ එකත් දාන්න කියලා ඔබා මමා කියපු නිසා ඔන්න ඒකත් දැම්මා..

83 comments:

  1. ඔය රස්තියාදු වෙවී ඉන්න හිතන අවුරුදු 3 ඇතුලෙදි ඉරනම්කාරි හමුවේවි....බලන්න එහෙනම් මගෙ සාස්තරයක් කවදාවත් වැරදුනේ නැහැ ඕන්...!!

    මේ ඒක නෙවි......හෆොයි දෙවියනේ.....!!!! ඔය ''පස්ස හරවන්'' ඉන්න පොටෝ එක හොයා ගත්තෙ කොහෙන්ද?..ඕක දකිනකොට මගෙ මල විකසිත වෙනව අනේ...රකුස ''ආදර කතාවෙ'' ඉඳන් මේ අන්ත්‍රජාලෙ හැම අස්සක් මුල්ලකම හොර බොරු කර කර අඬ අඬ යන්නෙ ඔන්න ඔය පොටෝ එක දාගෙන තමා...!!.

    ReplyDelete
    Replies
    1. පොටෝ එකට නම් මාත් කැමති නෑ
      සිද්දි ටික නම් මරු......

      Delete
    2. වින්චැට් කිරිල්ලි : සමාවෙන්න ඕන කිරිල්ලියේ ෆොටෝ එක නිසා පරන දේවල් මතක් උනානම්.. කවුද හිතුවේ ඔච්චර දෙයක්.. දන්නවනම් දන්නේ නෑනේ..

      Delete
    3. පිසාචයා : හරි හරි එහෙනම් මම ෆොටො එක මාරු කරන්නම්..

      Delete
    4. අප්පද බොල වින්වැට් සාස්තර කියනව වගේ..

      මචං මේ තියෙන්නේ අලුත් ෆොටෝ එකද, කැතයි කියපු එකද ? ;)

      කතාව එලය !

      Delete
    5. ඒකනේ කියන්නේ.. මේ සාස්තර හරි යයිද දන්නේ නෑ.. නරකද සෑමත් සාස්තරයක් අහලා බැලුවනම්..

      Delete
    6. අපොයි මොනා කියයිද දන්නැහැ. ඒක නිසා එපා නේද ?

      Delete
    7. ඔව් ඔව්.. ඕවා නිදැන ඉන්න එකම හොදයි.. බැරි වෙලාවත් සෑමට මේ අවුරුද්දෙම වෙනවා කිවුවොත්?

      Delete
  2. අපේ ජීව්ත වලට ගැහැණුන් එති...ආපසු යති... එන අය හෝ යන අය ගැන නොසිතා සිටීමෙන් මෙවැනි පෝස්ට් වළක්වාගත් හැක.
    ගනං ගන්න එපා මචන්.ඉදීවි කොතැනකහෝ හිමි කාරයා උපන් උඹේ නමින් කියනවනේ.

    ReplyDelete
    Replies
    1. මේ අන්තිම වතාව මචං.. ආයෙම මෙහෙම එවා ලියන්නේ නෑ.. බලමු බලමු.. තව ටිකක් ඉවසලා..

      Delete
  3. ඉරනම් කාරයා කොහේ හිටියත් හොයාගෙන එනවා....අපේ තාත්තා කිව්වේ එහෙමයි...ඒත් මම ඒවා ඇහුවේ නෑ....හතරක් පහක්ම ඉරනම් හෙව්වා...හික් හික් හික් .....

    ReplyDelete
    Replies
    1. අපිට ඉතින් හදිස්සියනේ.. පේනවනේ මම ඉරණම හොයපු වාර ගනන..

      Delete
  4. හෙමිජ්ජා වගේ හිටියට මෙයත් සෙල්ලම් කොල්ලෙක් නෙවෙයි නේ

    ReplyDelete
    Replies
    1. අපි දැන් ඇල් වතුරත් නිවලයි බොන්නේ.. :)

      Delete
  5. අපේ ගෙවල් ගාව ඉන්නවා හොඳ නංගි කෙනෙක්...මොකද කියන්නේ? කතා කරලා දෙන්නද :)

    ReplyDelete
    Replies
    1. ඇයි අපි හොඳ නැද්ද?

      Delete
    2. ගෙවල් ගාවෙයි කිවුවේ ඇමරිකාවෙද අක්කේ?

      Delete
    3. අසරණයා : ඉස්සෙලා මට.. ඊට පස්සේ අයියට බලමු..

      Delete
  6. හපොයි දෙයියනේ....තත්වය සෑහෙන්න හයානකයි වගේ....

    ReplyDelete
    Replies
    1. භායානකයි කියන්නේ නංගියේ බොහොම භයානකයි.. ඒක මෙහෙමයි කියලා කියන්න බෑ..

      Delete
  7. එක පාරටම හිතට දැනෙන ආකර්ෂණය, ආදරේ කියල හිතන එක කොයි තරම් වැරදි ද කියල තේරෙන්නේ වයසත් එක්ක, අත්දැකීම් එක්ක.... මං හිතන්නේ ඒ ඉවෙන් තමයි දිනේෂ් අයියගේ අයියා අර ග්ර්ල්ව මැච් වෙන්නේ නෑ කියල කියන්න ඇත්තේ... එහෙම වුන එකත් හොඳයි,නැත්තන් ඔය අද පසු තැවෙනවා...

    මං නම් කියන්නේ අයියා තව අවුරුද්දක් ඇතුලත කසාද බැන්ද නම් හොඳයි කියලා. එතකොට ඔය රස්තියාදුකාර ජීවිතේ පිළිවෙලක් වෙයි.. :PP

    ReplyDelete
    Replies
    1. ඇත්ත පළවෙනි හමුවිමෙන්ම ආදරේ ඇති වෙන්නේ මොහොම අඩුවෙන්.. අනිත් වෙලාවට වෙන්නේ අපි ඒ කෙනාට ආකර්ෂණය වෙන එක විතරයි..

      රස්තියාදුකාර ජීවිතේටනම් කොහොමත් සමු දෙන්න ඕන..

      Delete
  8. “ බලනවා තමුසේ යාළු උන ඔක්කොම් කෙල්ලෝ දැන් බැදලා.. ළමයිනුත් ඉන්නවා.. ඒකට තමුසේ..”

    මට නම් ඔය ප්‍රශ්නේ නෑ. මම යාළුවෙලා හිටපු එකෙක්වත් තාම බැඳලා නෑ. මම පස්සෙන් ගිහින් හරි ගියේ නැති අයත් එහෙමයි.:ඩී

    හැබැයි වෙන්න ඕන දේ හරියට තේරුම් අරන් තියනවා.

    ReplyDelete
    Replies
    1. තව ටික කාලෙකින් උඹටත් ඒ ටිකම තමයි කසුනෝ ඔහොම හිටියොත්නම්.. දැන් මොකක්ද ඔය වෙන්න ඕන දේ..

      Delete
    2. "මම හැම තිස්සෙම හිතුවේ ඒ කෙනා පූජා වගේ වෙන්න ඕන කියලා.. ඒත් මගේ ඒ තීරණේ වැරදියි කියලා මම දැං දන්නවා.."

      Delete
    3. ආ ඒකද?? බලමුකො අපි ඉස්සරහට..

      Delete
  9. බ්ලොගේ ලස්සන කරලා...

    මට කියන්න තියෙන්නෙ මල්ලි.වෙන්න තියෙන දේවල් වෙන්න ඕනෙ කාලෙදි වෙයි.ඒත් උත්සාහ නොකර ඉන්න එපා...

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් හැමදේම වෙනස් වෙන්න යන නිසා බ්ලොග් එකත් වෙනස් කලා.. මොන උත්සාහද අක්කේ.. මමනම් සද්ද නැතුව ඉන්නවා..

      Delete
  10. බුදු අම්මෝ ඉන්න කෙල්ලෝ ගොඩ....නරක නැ.හේ හේ ...

    ReplyDelete
    Replies
    1. ගොඩක් නෑ මාල්යා.. මේ ටික දෙනා විතරයි..

      Delete
  11. නරකෙට තියෙයි ගාල්ලෙන් කෙල්ලෙක් හොයා ගත්තොත්.........:D

    ReplyDelete
    Replies
    1. කවුද ඉතින් නරකයි කිවුවේ..

      Delete
  12. අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවඳක් නෑ කියල කිව්වට මලේ ඔයාගෙ පෝස්ටුව කියෙව්වාම අතීතය සුවඳ වුනු ආදර කතා කීපයක්ම තිබිලා තියන බව පේනවා..
    එක වෙලාවකට බුදු දහමේ තියනවා වගේ අතීතයෙත් අනාගතයෙත් නැතිව වර්තමානයේ ජීවත් වෙන්න තියෙනවා නම් හොඳයි කියලා හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. දැන් නම් මේවා මතක් වෙද්දිත් හිනා යනවා අක්කේ.. අතීතය..

      Delete
  13. අතීතය සිහිනයක් විතරක් වුනාට ඒ අතීතයෙන් අයියා කොච්චර දේවල් නම් ඉගන ගන්න ඇතිද. ඒ මතකයන් වලින් කොයිතරම් දේවල් ඉගෙනගන්න ඇතිද.


    වින්චැට්කිරිල්ලි කියන දේමයි මමත් කියන්නෙ. අවු 3 ඇතුළත ඉරණම්කාරි හමුවේවි.
    හමුවෙනකම් බලාන ඉන්නත් එපා. හොයාන යන්න.

    ReplyDelete
    Replies
    1. එකනම් ඇත්ත ආදරේ කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා මේ අතීත මතකයන් නිසාම.. හොයමු හොයමු.. හැබැයි තව ටික කාලෙකින්..

      Delete
  14. ආ.. අමතක වුනා.මේ ඇඳුම වර්ණ ට ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මල්ලි..

      Delete
  15. ඉක්මනට ම නරක කාලේ එයි වගේ යන විදියට! බලමු බලමු!

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙන්නේ ඒවගේ.. මොනා කරන්නද ඉතින්..

      Delete
  16. රස්තියාදු ගහන්න ඇති තරම්....කිරිල්ලි කිවා වගේ ඔය ගමනකදිම ඉරණම්කාරි මුණ ගැහේවි....

    අර කතාවටනම් මන් ගොඩක් කැමතියි...
    "ඊට පස්සේ කවුරු ජීවිතේට ඒවිද කියන්න බෑ.. ඒ කෙනා කවුරු උනත් එයා පූජා වගේ නොවෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනාවා.. මම එහෙම කියන්නේ හේතුවක් ඇතුව.. ඒ මොකද ඒ එන කෙනා පූජා වගේ උනොත් මම එයා තුලින් පූජව දකින්න උත්සාහ කරයි.. මම ආයෙම ඒ හීනයේම ජිවත් වෙන්න උත්සාහ කරයි.. එහෙම උනොත් මම ඒ කෙනාටත් කරන්නේ ලොකු අසාධාරණයක්.."

    ආත්මාර්ථකාමිත්වයෙන් තොර කතාවක්....හොඳක්ම සිද්ධවෙයි අයියා....

    ReplyDelete
    Replies
    1. ඒ ෆොටෝ එක ලස්සනයිනේ.....

      Delete
    2. ඔන්න බලන්න ඉතින් මේ පෝස්ට් එකට කලින් වෙනකම්ම මගේ රස්තියාදු නවත්තන්න කියපු නංගී දැන් කියනවා තව තවත් රස්තියාදුවේ යන්නලු.. මේවට ඉතින් මම මොනවා කියන්නද?

      Delete
    3. හොවූ හොවූ......මන් රස්තියාදු ගහන්න කිවේ, අර කිසිම වැඩක් නොකර සල්ලි නාස්ති කර කර කාලකන්නි වන ජිවිතයක් නොවී, ජිවිතේට වෙනසක් ලබාගන්න පොඩි රස්තියාදුවක් ගහන්න...ඒ නැතුව හැමවෙලේම රස්තියාදු ගහන්න කියන එක මන් එතනින් අදහස් කලේ නෑ....හොඳද......අතීතය අත්දැකීමක් කරගෙන අනාගතේට මුහුණ දෙන්න....

      Delete
    4. නෑ නෑ ඔය මට රස්තියාදු ගහන්න කියලා කිවුවේ ඒ ගමනෙදි මට කාව හරි මුණ ගැහේවා කියන යටි අරමුණ හිතේ තියාගෙන..

      Delete
    5. අනේ ඉතින් එහෙමත් හිතුවා....අයියට හොඳක් වෙන්න කියලනේ එහෙම කීවේ...හම්...

      Delete
    6. හරි හරි.. එහෙනම් කමක් නෑ..

      Delete
  17. පරණ ෆොටෝ එකත් යටින්වත් දැම්ම නං අපි වගේ පරක්කු වෙලා ආව කට්ටියටත් බලල ගුණ දොස් කියන්න.....

    ReplyDelete
    Replies
    1. ඔන්න මම දැන් ඒකත් දැම්මා ඔබා මාමේ...

      Delete
  18. මුලින්ම කියන්න ඔනේ වර්ණ ලස්සනට වර්ණ ගැන්විලා තියෙන හැඩයි දැන් .......ඒ වගෙ කාලෙත් එක්ක ඔයාගේ ජීවිතෙත් පාට තැවරේවි.

    ReplyDelete
    Replies
    1. මේ උත්සාහත් ඒ ජීවිතේට වර්ණ තවරණ ගමන යන්න.. ඉස්රහට ජීවිතේ වගේම වර්ණත් වර්ණවත් කරන්නයි හිතාගෙන ඉන්නේ..

      Delete
  19. ගොඩාක් කාලෙකට පස්සෙ බ්ලොග් එක දැක්කෙත්. අලුත් ඇඳුම නම් ගොඩාක්ම ලස්සනයි අයියේ. ඒ වගේම ඉක්මනටම හොඳ කෙනෙක් මුණ ගැහිලා අපිටත් වෙඩින් කේක් කන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. හංසී නංගී සෑහෙන කාලෙකින් මේ පැත්තේ.. වෙඩින් කේක් නම් දෙන්න බැරියෑ නංගියේ කෙනෙක් හොයා ගත්තට පස්සේ..

      Delete
  20. අතඅරින්න එපාකොල්ලො ගේමඇදන් යන්න පුලුවන්වෙයි වගේ

    ReplyDelete
    Replies
    1. ගේම කිවුවේ මේකෙන් මග අරින එකද එහම නැත්නම්??

      Delete
  21. මට මෙහෙම දෙයක් හිතෙනවා. අපි කාටහරි කෙනෙක්ට එක හිතින්ම ආදරේ කලාට පස්සේ එයා අපට අහිමි උනා කියමු. ඊට පස්සේ දෙවෙනි කෙනෙක් අපේ ජීවිතයට ආවොත් අපි ඒ දෙවෙනි කෙනාට කලින් කෙනාට කරපු ආදරේම කරන්නේ නෑ. ආදරේ අඩුවෙන් කරන්නේ.

    ඒත් ඒක වෙන්න දෙන්න හොද නෑ. මොකද තමන්ගේ දෙවෙනි කෙනා උනාට එයාට එයාගේ ජීවිතයේ එන පලවෙනිම කෙනා වෙන්ට පුලුවන්.

    මේක මගේ හිතේ තියෙන සිතුවිල්ලක් විතරමයි !!!!!

    ඕං බලන්න මල්ලි ! අර වින්චැට් කිව්වා වගේ මේ අවුරුදු තුනට හොද කෙනෙක් ලැබෙයි !

    ReplyDelete
    Replies
    1. අයියගේ කතාවට මම එකගයි.. කලින් අපේ ජීවිත වල මොන දේ උනත් අළුතින් අපේ ජීවිතේට ඒන කෙනාට ඒ අතීතයේ දේවල් වලින් දුක් වෙන්න දෙන්න හොද නෑ.. සමහරවිට ඒ අළුතින් එන එක්කෙනා කලින් එක්කෙනාට වඩා ආදරය අරන් අපේ ජීවිතේට ඒන්න පුළුවන්..

      Delete
    2. මේ කතාව මට හොඳට ගැලපෙනවා....මන් ආදරේට කෝඩුකාර උනාට මගේ අයිතිකාරයා ආදරේ නිසා ගොඩක් දුක් වින්ද කෙනෙක්....එත් මන් දන්නවා එයා මන් නිසා දැන් ගොඩක් සතුටින් කියල....ඒ වගේම අයියගේ ජිවිතේට අලුතින් එන කෙනා අයියගේ ජිවිතේ ගොඩක් ආදරෙන් පුරවාවී.....

      Delete
    3. //මට මෙහෙම දෙයක් හිතෙනවා. අපි කාටහරි කෙනෙක්ට එක හිතින්ම ආදරේ කලාට පස්සේ එයා අපට අහිමි උනා කියමු. ඊට පස්සේ දෙවෙනි කෙනෙක් අපේ ජීවිතයට ආවොත් අපි ඒ දෙවෙනි කෙනාට කලින් කෙනාට කරපු ආදරේම කරන්නේ නෑ. ආදරේ අඩුවෙන් කරන්නේ.//

      මේකෙ ඇත්තක් තියෙනවා.. මංදා.. මටත් නිකන් එහෙම හිතෙනවා..:(

      Delete
    4. සිතුවිලි නිහඩයි : ඇත්ත නංගී අතීතයේ තිබුන කඳුළු වලින් කාටවත් වැඩක් නෑ.. හොදම දේ අළුතින් එන කෙනා ඒ කඳුළු ආයෙම පාරන්නේ නැතුව ඉන්න එක..

      Delete
    5. හිතුවක්කාරි : මධුරංග අයියා කියපු කතාවේ ඇත්තක් තියෙනවා..

      Delete
    6. ඒකට ඒ දෙන්නා අතර හොඳ අවබෝධයක් ගොඩනගා ගන්නත් ඕන අයියා.....එහෙම නැතුව සතුටින් ඉන්න ලැබෙන්නේ නැ....

      Delete
    7. ඇත්ත දෙන්නම ඒ අතීතය මතක් නොකර ඉන්නවනම් ඒ බැදීම ඇති කර ගන්න පුළුවන් වේවි......

      Delete
  22. පුබුදුවා6 February 2012 at 11:08

    e mokakda ban aiye ara kallage nama mata mathaka naha...ara chathurage yaluwa :P

    ReplyDelete
    Replies
    1. ඒවා මෙහෙම කියන්න බෑ බං.. ප්‍රයිවට් එකේ කියන්නම්.. මොනවා නැතත් උඹලට ඒවා මතකයිනේ?

      Delete
    2. පුබුදුවා6 February 2012 at 17:25

      amathaka weida eka set karaganna oya widapu duka mathak weddi ? eka parak eyagen gutith kawa mata mathaka widihata :P

      Delete
    3. අඩෝ මෙහෙම බොරු කියලා මගේ කීර්තිනාමයට අපහාස කරන්න එපා..

      Delete
  23. ඔන්න ඔහේ වෙන දෙයක් වෙයිනෙ අයියේ !එතකම් ෆුල් ෆන් 1ඉමු!;)

    ReplyDelete
    Replies
    1. මමත් දැං හිතන් ඉන්නේ එහෙම තමයි.. ඉන්න ටිකේ සතුටින් ඉන්න..

      Delete
  24. මාරාන්තික විවාහ මාරයාගෙන් වර්ඛ රැකගමු! :D

    ReplyDelete
    Replies
    1. මොකෝ බෝධි පූජාවක්වත් කරමුද?

      Delete
  25. අලුත් ටෙම්ප්ලේට් එක ලස්සනයි!!!

    හ්ම්ම්.. අනාගතේ ලස්සන ව්එන්න, අයියාගෙ ඉරණම්කාරි ළඟදිම මුණ ගැහෙන්න කියලා සුභ පතනවා!!!

    ReplyDelete
    Replies
    1. බලමු බලමු.. මොනවා උනත් දැම්මනම් කිසිම දෙයක් වෙන්නේ නෑ..

      Delete
  26. පූජා කියන්නෙ කවුද? කතන්දරේ මොකක්ද කියල නම් දන්නෙ නෑ. ඒත් ඒ කෙනා ගැන මතකය 100% පැත්තකට කරන්න බැරිනම් තනියම ඉන්න එක හොඳයි. එහෙම කරන්න බැරිවීම ඇතුලෙ මම හොඳට අතරමං වෙලා තියෙනව.

    ReplyDelete
    Replies
    1. පූජා කියන්නේ මම කලින් ආදරේ කරපු කෙනෙක්.. ඔය " ආදරයට ආදරයෙන් " කතාව කියවන්න.. හැමදෙයක්ම තේරුම් ගන්න පුළුවන් වේවි..

      Delete
  27. මම "ආදරයට ආදරයෙන්" කතාව කියෙව්වා.. ඇඬුණා.. ඒක ඇත්තම කතාවක්ද අයියෙ? කාලය හැමදේම හොඳින් විසඳාවි.. එතකල් ජොලියෙ හිනා වෙලා ඉන්න... :)

    ReplyDelete
    Replies
    1. ඔව් නංගී ඒක ඇත්ත කතාවක්.. දැන් ඒක අතිතයට එකතු වෙලා ඉවරයි..

      Delete
  28. ජීවිතේ පටන් අරන් ඉදිරි‍යට යන්නෙ හරියට පියගැටපෙළක් වගෙයි.. අතීතයක් නැතිනම් අපිට වර්තමාණයකුත් අනාගතයකුත් නැහැ.. පොදු සමාකාලයේදි හැකිපමණ රස්තියාදු ගසන්නට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..!! :D ඕන් ඉතින් හොඳ කෙනෙක්ව මුණගැහෙන්නත් ඒ අතර ප්‍රාර්ථනා කරනවා..!!!
    හිතන පතන හැමදේම ලැබිලා අපිටත් කේක් කෑල්ලක් ලැබෙත්වා කියලා අන්තිමට ලියලා යන්නම්කෝ.. :D

    බ්ලොග් තීම් එකනම් හරි ලස්සනයි දිනේෂ්.. :)

    ReplyDelete
    Replies
    1. ඇත්ත ජීවිතේ පියගැට පෙලේ අපිට ආයේම ආපස්සට යන්න බෑ.. කොච්චර කැමති දේවල් අතර මග දාලා ආවත් ආපහු ඒ වෙනුවෙන් හැරෙන්න බෑ..

      හ්ම්ම්.. බලමු බලමු.. රස්තියාදුකාරයට කවුරුහරි කැමති වෙයිද කියලා..

      Delete
  29. අනේ අනේ... ඔය හැටි වද වෙන්න ඔනියෑ.. මම ඔයාට කේකතී කෙනෙක්ව හොයා දෙන්නද.. ඔයා එයාට කැමතියි කිව්වා නේද... :)

    ReplyDelete
    Replies
    1. අනේ සුදු අක්කේ මේ මොනවා අහනවද.. මම කේතකීට ඉහලින්ම කැමතියිනේ..

      Delete
  30. බ්ලොග් එක ලස්සන වෙලානේ.....

    තව ටිකක් බලාගෙන ඉන්නකෝ ලැබෙන කෙනා ලැබේවි..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්... අපි බලාගෙන ඉමුකෝ.....

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්