Monday, 27 February 2012

සාමා ( කෙටි කතාව )

සවස පාසැල් නිම වී තම සිගිති දියණිය නිවස කරා එනතුරු මව බලාගෙන සිටියේ දෑස් දල්වාගෙනය.. මදක් ප්‍රමාද පාසල් වෑන් රථය එන මගට ඈ නෙත් යොමා සිටියදි මාවත ඈත කෙලවරින් තම නිවෙස දෙසට හැරුන වෑන් රථය දුටු ඇය මදක් සැනසුනාය..

“ අම්මී..”

වයස අවුරුදු හතක සුරතල් දියණිය නිවසේ ගේට්ටුව අසළදීම ආදරයෙන් ඈ අමතද්දී ඇගේ හිතට දැනුනේ පුදුමාකාර සතුටක්ය.. ඇය වෙතට දුව ගෙන ආ සිගිති දියණිය ඇගේ ළමැදේ වෙලි සුරතල් වෙද්දි ඇය නොමැති මොහොතවල් වල දැනුන පාළුව කෙමින් මැකී ගියාය..

“ අද මොකද මගේ දූ පරක්කු?”

“ වැන් එකේ අංකිල් පරක්කු උනානේ අම්මි..”

“ ඒ මොකද ඒ?”

“ අද පාරේ ලොකූ ටැපික් එකක්..”

“ ආ..”

තම සිගිති දියණියගේ සුරතල් වචන හමුවේ ඇය තව තවත් සතුටු වූවාය.. තව තවත් ආදරයෙන් දියණියව තුරුළු කර ගත් ඇය ඇගේ නළල සිප ගත්තාය..

“ ඒක නෙමෙයි.. මේ මොකද මේ දෙමළ කෙල්ලෙක් වගේ මොට්ටුවක් තියාගෙන?”

“ අද අළුත් යාළුවෙක් ආවනේ අම්මී යාපනෙන්..”

“ යාපනෙන්?”

“ ඔව් අම්මී.. අනේ අම්මී මට බඩගිණියි..”

“ හා හා.. අපි යමු.. ඉස්සෙලම මගේ හොද දූ ඇග හෝදගෙන ඉන්න ඕන..”

“ අනේ අම්මී..”

දියණීය අකමැත්තෙන් සැගවෙද්දි ඇයව දෑතින් වඩා ගත් ඇය පාසල් බෑගය පසෙක දමා උඩූමහලට නැගුනේ දියණියගේ සුන්දර කතා අතරේමය..

“ දූ ඉතින් මට කිවුවේ නෑනේ ඔයාගේ අළුත් යාළුවා ගැන..”

ඇය යලිත් දියණියගෙන් අළුතින් හමු උන මිතුරිය ගැන විමසුවේ ඇය යාපනෙන් ආ බැවි කී නිසාම හිතේ ඇතිවූ දෙගිඩියාවෙනි.. හවස් වරුවම සෙල්ලමේ උන් දියණියට රාත්‍රියේ පාඩම් වැඩ කියාදෙද්දි  ඇය යලිත් කතාව කලින් නැවතුන තැනට අරගෙන ගියාය..

“ මොකද්ද දු ඔයාගේ අළුත් යාළුවගේ නම?”

“ සාමා..”

“ අදද එයා දූලගේ පන්තියට ආවේ?”

“ ඔව් අම්මී.. අනිත් කවුරුවත් එයාට වාඩි වෙන්න ඉඩ දුන්නේ නෑ.. ඒත් මම එයාව මගේ ලගින් වාඩි කර ගත්තා..”

ඇයගේ හිත දියණියගේ කතාව නිසාම වේගයෙන් ගැහෙන්නට වූවාය.. ඒත් ඒ කිසිවක් දියණියට දැනෙන්නට නොදුන් ඇය කේන්තියක් නොපෙන්නා ඇගෙන් තවත් තොරතුරු විමසුවාය..

“ සාමා කාත් එක්කද දූවේ ආවේ?”

“ ආච්චිත් එක්ක..”

“ ඇයි අම්මා ආවේ නැද්ද?”

“ ඒ ගැන අහපු වෙලාවේ ඉදන් එයා මාත් එක්ක කතා කලේ නෑ.. දුකෙන් වගේ බිම බලාගෙන හිටියා..”

ඇගේ හිත මොහොතින් මොහොත  වේගයෙන් ගැහෙන්නට විය..

“ දුව ආයෙම එයා එක්ක කතාවට යන්න එපා..”

පුංචි හිතකට මේ දේවල් තේරුම් කරන්න අමාරු බව ඇය හොදින්ම දැන හිටියත් දියණියට පුංච් අවවාදයක් කලේ කාලයක් පුරා ඇවිලි ගිය ගිණි දැල් ගැන ඇයට තවමත් මතක නිසාය.. ඇගේ මුහුණ දෙස මොහොතක් බලා හිද දුකින් මෙන් බිම බලාගත් දියණියගේ  මුහුණින් කිය උන දෑ ඇය හොදින්ම තේරුම් ගත්තත් ඇය කිසිවක් නොකීවාය..

                                       ......................

“ මේ ඔයා දන්නවද වැඩක්..”

රැ නිදි යහනයේ සුපුරුදු පරිදිම කතාවේ යෙදෙමින් උන් ඇගේ සැමියාට ඇය දියණිය තමන් හා පැවසූ සියල්ලක්ම එකින් එක පැවසුවේ කුතුහලයෙනි.. හැම දෙයක්ම නිහඩව අසා සිටි ඔහු ඇගේ කතාවට බාදා නොකලේය..

“ දැන් ඔය දේවල් ගැන එච්චර බය වෙන්න ඕන නෑනේ.. හැමදෙයක්ම හොදින් විසදිලා තියෙද්දි..”  ඇගේ කතාව අවසානයේ ඔහු නිවුන ස්වරයෙන් පැවසුවේය..

“ ඒත් අපි ටිකක් මේ ගැන හෙවුවොත් නේද හොද? අපේ දූ ලගින්මනේ මේ ළමයා වාඩි වෙලා තියෙන්නෙත්.. යාළු කමින් ඉදලා අපේ දුවවත් අඩගහගෙන ගියොත්?”

“  ඔයා මේ නිකන් කලබල වෙලා..”

“ මම හෙට ඉස්කෝලෙට ගිහින් දුවගේ ටීචර්ව හම්බු වෙනවා.. ඒක කෝකටත් හොදයිනේ..”

“ හ්ම්ම්.. ඔයාගේ කැමැත්තක්.. ඒත් කිසිම දේකින් දුවගේ හිත රිද්දන්න එපා..”

                                       ........................

නිදි වරිත රැයක් ගෙවා දැමු ඇය පසුදා පාන්දරම දියණියව පාසලට පිටත් කර ඇය පසු පසම ඇගේ පාසලට ආවේ හිතේ මැවුන ප්‍රශ්ණ කන්දකට උත්තර බලාපොරොත්තුවෙන්ය..

“ ආ මේ සෙනුරිලගේ අම්මනේ.. මොකද මේ හදිස්සියෙම?”

“ නෑ මිස් මේ මම..”

“ සෙනුරිලගේ අම්මත් එන්න ඇත්තේ සාමා ගැන දැන ගන්න වෙන්න ඇති..”

ඇය හේතුව කියන්නටත් මත්තෙන්ම ගුරුතුමිය කාරණාව දැන උන්නේ කෙසේදැයි ඇය මදක් කල්පනා කලාය..

“ මිස් කොහොමද ඒක දන්නේ?”

“ අද සාමා ගැන අහගෙන ආපු තුන් වෙනියා තමයි සෙනුරිලගේ අම්මා.. ඉතින් ඒකයි මම එහෙම කිවුවේ..”

“ නෑ මිස්.. මිස් දන්නවනේ ඉතින් පහුගිය කාලේ තිබුන ප්‍රශ්ණ..”

“ මම සෙනුරිලගේ අම්මට වරදක් කියන්නේ නෑ.. ඒත් මෙතන එහෙම බයවෙන්න කිසිම දෙයක් නෑ.. ඒ දරුවගේ අම්මයි තාත්තයි දෙන්නම නෑ.. ආච්චි විතරයි ඉන්නේ.. යුද්දේ කාලේ ගොඩක් කරදර විදලා තියෙනවා.. මායිම් ගම්මානෙකට වැටුන බෝම්බෙකින් තමයි අම්මා තාත්තා දෙන්නම නැති වෙලා තියෙන්නේ.. කාලයක්ම කදවුරු වල ඉදලා තමයි මේ කොළඹ ඇවිත් තියෙන්නේ..”

“ හ්ම්ම්.. මම ටිකක් බය උනා මිස්..”

“ බය වෙන්න දෙයක් නෑ සෙනුරිලගේ අම්මේ.. ඒ දරුවා දිහා දැක්කම කාටත් ආදරේ හිතෙනවා.. යන්කෝ පන්තියට මම පෙන්නන්න..”

ගුරුතුමියත් සමග ඇය පන්ති කාමරයට යත්ම ඈත තියාම ඇයට ඇසුන ඇගේ දියණියගේ සිනා හඩ දෙස ඇය මොහොතක් ඈත තියා බලාගෙන සිටියාය.. ජීවිතේ ආගම් භේදයක් පාට භේදයක් නොදත් ඔවුන් සතුටින් එකි නෙකා හා හිනැහෙමින් ඉද්දි ඇයට ඇය ගැනම ඇති උනේ ලැජ්ජාවකි..

පන්ති කාමරය ඉදිරියේ තම මව බලාගෙන ඉනු දුටු පුංච් දියණිය සිනා හඩ මොහොතකට නවතා ඇය වෙතට දුව ආවේ සාමාගේ අතින් අල්ලගෙනය..

“ අම්මී මම සාමා එක්ක කතා කලාට කමක් නෑ නේද?”



 නිමි..




68 comments:

  1. Replies
    1. තෑන්ක්ස් අක්කේ..

      Delete
  2. ජාති කුළ ආගම් බේද නිසා තමයි මේ උන තරමක් දේවල් උනෙත් වෙන්නෙත්....කවදා මේවා නැතිවෙයිද....

    ReplyDelete
    Replies
    1. ඇත්ත අයියේ.. මේ හැම දෙයක්ම අමතක කරලා දන්න හොදම කාලය තමයි මේක..

      Delete
  3. ප්‍රශ්න ඉවරවුණත් අද සමාජයේ හිත්වල තවමත් රැඳිලා තියෙන මේ විසෙන් තවමත් අපි වගේම අය දිහා සැකෙන් බලන්න පුරුදුවෙලා..

    පුංචි හිත්වල ඒ මිනිසත්කමේ සුවඳ හැමතැනටම හමද්දි.. ලොකු අයගෙ හිත්වලින් ඒ සුවඳ කොයිතරම් නම් විකෘති කරනවද.. :)

    ලස්සනයි ගොඩක් ඒ වගේම හොඳ පණිවිඩයක්.. :)

    ReplyDelete
    Replies
    1. විසටත් වඩා හිත් වල තියෙන බය කිවුවනම් හරි කියලා මම හිතන්නේ.. අපි දෙගොල්ලම එකට මුහු වෙන්න තාම බයයි.. පොඩ්ඩන්ට නම් මේවා කවදත් ප්‍රශ්ණ නෙමෙයිනේ..

      Delete
  4. හොඳ පණිවිඩයක් දීල තියනවා . ලස්සනයි දිනේෂ් .

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් ගිම්හානි..

      Delete
  5. Ape kale yudde nisa api baya una, danatath paraka thotaka bayai. E unata aluth parapura samagiyen inna eka watinawa.

    Man hamadama awith lipi kiyewwa . Ada thamai comment ekak danne.. Liyala thiyena ewa harima lassanai. Jaya.
    Kumari...

    ReplyDelete
    Replies
    1. මේ හැම දෙයක්ම වෙනස් කරන මාවත අළුත් පරපුරට හදන්න පුළුවන්.. වැඩිහිටි අය ටිකක් ඒ දේට බය උනත්..

      Delete
  6. දුක හිතෙන කතාව මචන්.මේවගේ දුක් විදපු,විදින ජීවිත කොච්චර ඇතිද?

    ReplyDelete
    Replies
    1. ගොඩක් ඇති.. වාසනාවකට වගේ මතු පරපුරට එහෙම වෙන එකක් නෑ..

      Delete
  7. ගොඩක් ලස්සන පණිවිඩයක්!!!!!

    ReplyDelete
  8. නියමයි මචං.. අවුරුදු 30ක යුද්දේ ඉවර උනත් තාමත් ඔය ජාති බේදේ නිසා තමා අපේ රටට හෙන ගැහිල තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. මිනිස්සුන්ගේ හිත් වලින් ඔය දේවල් අයින් වෙනකන් මේ ප්‍රශ්ණ මේ විදිහටම තියේවි..

      Delete
  9. ජාතින් වෙන්වෙලා හිටපු භෞතික සීමාවක් යුද්ධයෙන් පස්සේනැති උනාට,ජාතින් අතර තියෙන මානසික බැම්ම කවද නැති වෙයිද මන්ද!:-/

    ReplyDelete
    Replies
    1. එකගයි.. භෞතික සීමාවටත් වඩා වටින්නේ මේ මානසික සීමාව.. ඇත්තටම මේ මානසික බැම්ම නොතිබුනානම් යුද්ධෙකුත් එන්නේ නෑනේ..

      Delete
  10. හිතන්න දේවල් ඉතුරු කරපු ලස්සන කතාවක්..

    ReplyDelete
    Replies
    1. අපේ හිත්වල සාමය ඇති වෙන දවසක් වෙනකන් අපි බලාගෙන ඉමු..

      Delete
  11. මහ හුගක් ලස්සනයි දිනේෂ්

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අක්කේ..

      Delete
  12. මේ වගේ දේවල් නිසා පොඩි උන් තමයි ගොඩක්ම පීඩා විඳින්නෙ....නියම කතාව දිනේශ් අයියා.

    ReplyDelete
    Replies
    1. ඔව්.. කාලයක් යද්දි වැඩිහිටියන්ගේ බලපෑම් එද්දි ඔවුන් මානසිකව ගොඩක් වැටෙනවා..

      Delete
  13. Replies
    1. තෑන්ක්ස් ඔබා මාමේ..

      Delete
  14. අනේ ඔව් මමත් අකමැතිම දේ මේ ජාති ආගම් බේද ඇදගෙන මිනිසුන්ව හංවඩු ගහන එක..

    ReplyDelete
    Replies
    1. ඔව්.. මමත් අකමැතිම දෙයක්.. ඒත් තාම අපේ සමහර මිනිස්සු මේ මානසිකත්වයෙන් මිදිලා නෑනේ..

      Delete
  15. තාමත් ඒ බය ගොඩක් අයගෙ හිත් වල තියෙනවා නේද?? මොනවා කරන්නද ඔය හැගීම අඩු වෙන්නත් කාලයක් යයි මට හිතෙන විදිහට මල්ලි..

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ.. ඒත් ගොඩක් කාලයක් යන එකනම් එච්චරම හොද නෑ..

      Delete
  16. ලස්සන කතාවක්.

    අපටත් නිතර දෙමල ගෑනුළමයි එක්ක වැඩ කටයුතු කරන්න සෙට් වෙනව දැං! එයාලගෙ එහෙමට වරදක් පේන්න නෑ.

    (ඉන් එක්කෙනෙක්ව අලියාට හිතට අල්ලා ගොස් අැති අතර.............. අලියා එ් ගන උදාසීන ප්‍රතිපත්තියක් අනුගමනය කරයි :P)

    ReplyDelete
    Replies
    1. ජාතික සමගියක් ගොඩ නගන්න හොද අවස්ථාවක් තියෙද්දි උඹ මොකෝ උදාසීන වෙන්නේ.. අක්කලා ගැන හිතන එකේ ඔහොම දෙයක්වත් හිතපන්කෝ..

      Delete
  17. අපේ හිත්වල තියෙන බය අඩුවෙන්න තව කාලයක්යයි, ඒත් පුංචි හිත්වලට ආයෙත් ඒ බය දැනෙන එකක් නෑ කියල් හිතුනම සතුටුයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්තෙන්ම.. පුංචි හිත් වල හැගීම් ඒ වගේ උනාම අනාගතේ ඔවුන් වැඩිහිටියෝ වෙද්දි ප්‍රශ්ණ ගොඩක් අඩු වේවි..

      Delete
  18. අම්මා සමග විරුද්දයි. ඇයි එහෙම කතා කරන්න එපා කියන්නේ? ළමයෙක නේද තමන්ගේ දුවගේ වයසේම ...

    ReplyDelete
    Replies
    1. කෙස් පැහුණට මිනිස්සු(න්ගෙ හිත්) දියුනු වෙන්නෑනෙ හලෝ!

      Delete
    2. ගොඩක් වෙලාවට වැඩිහිටියෝ මේ වගේ දේවල් වලදි එහෙම හිතන්නේ නෑ වර්ණා නංගියේ.. ඒ හිතේ බය නිසා..

      Delete
    3. තනි අලියා : ඒක තමයි ප්‍රශ්ණේ මල්ලි..

      Delete
  19. අපේ හිත් වල තිබ්බ බය, සැකය අපේ පොඩ්ඩන්ගෙ හිත්වල ඇතිවෙන්න නොදෙන එක අපේ යුතුකමක්

    ReplyDelete
    Replies
    1. ඇත්තටම විය යුත්තෙත් ඒ දේ අයියේ..

      Delete
  20. රටේ තිබුණු ප්‍රශ්නේ හැටියට මේ වගේ දේවල් දිහා මිනිස්සු සැකෙන් බලන එක පුදුමයක් නෙමෙයි...ඒ තත්වය ඉක්මනින්ම නැති වෙලා යනවානම් කොච්චර හොඳද..

    ReplyDelete
    Replies
    1. ඒත් ඉතින් දැන් ඒ ප්‍රශ්ණ ඉවරනේ අක්කේ.. ඒත් අර අදුරු අතීතය වද දෙද්දි මිනිස්සු මෙහෙම හිතන එක සාමාන්‍යයි..

      Delete
  21. නියමයි දිනේෂ්

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් අසේල..

      Delete
  22. අන්න්නේ!!!! හරිම හුරතල් ගතියක් දැනෙනවා මට මේ කතවෙ...:D හොද පණිවිඩයක් අයියේ!!

    ReplyDelete
    Replies
    1. හිතුව මොකද වෙනස් හැගීමක් දැනුනේ??

      Delete
  23. හය හතර නොතේරෙන පුංචි ඔලු ගෙඩි වලට ජාතිවාදය කියන විෂබීජය පුරවන එක කොයිතරම් පවු ද?

    ReplyDelete
    Replies
    1. මේ දෙයින් වැඩිහිටියෝ උත්සාහ කරන්නේ ඒ බය අනිත් හිත් වලත් වපුරන්න..

      Delete
  24. මේ මිනිස්සු කවද හැදෙයිද මන්ද අප්ප :(

    ReplyDelete
    Replies
    1. ගොඩක් මිනිස්සු කොච්චර කාලයක් ගියත් වෙනස් වෙන්නේ නෑ නංගී..

      Delete
  25. පට්ටයි දිනේෂ් අයියේ.

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් කසුනෝ..

      Delete
  26. පුංචි හිතක
    පුංචි සිහින...
    කොහොම බෙදා
    වෙන් කරම්ද...
    මායිමකින්...
    කටු වැටකින්...

    ReplyDelete
    Replies
    1. මතකද නංගී දවසක් දාපු ෆිල්ම් එකේ විස්තරේ? ඒකත් මේ වගේ කතාවක්නේ..

      Delete
  27. අනාගතේදි සැකක් බයක් නැතුව අපේ ලමයි ජීවත් වේවි..ඒත් මේ දැන් අපි හිතන විදිය......

    ReplyDelete
    Replies
    1. අපි මේ හිතන වෙනස් කලොත් නම් අනාගතේ මීටත් වඩා යහපත් වේවි..

      Delete
  28. නියම පණිවිඩයක් සමාජයට දෙනවා මල්ලි....ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කේ..

      Delete
  29. වැඩි වැඩියෙන් මේ වගේ කතා ලියවෙන්න ඕනේ.මේ තියෙන සැකය නැති වෙන්නනම්.

    ReplyDelete
    Replies
    1. ඇත්ත අයියේ.. ඒත් කොච්චර ලිය උනත් ඒ සැකය නැති වේවිද??

      Delete
  30. අපූරුයි මලේ... නොකියා කියන දේවල් නම් මහ ගොඩයි.... !

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් අයියේ..

      Delete
  31. පුංචි හිත් වල මහ මිනිස්සුන්ගේ වගේ වස විස නෑ යාලු.ලොකුයි කියා ගත්තු ඉහ නිකට පැහුණු උදවිය තමයි....විස එකතු කරන්නේ...ඉතින් ඊට පස්සේ ලස්සන ලෝකයක් බලාපොරොත්තු වෙලා වැඩක් තියේද?

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. පුංච් උන්ගේ හිත් උනත් ඔය වගේ දේවල් වලින් පුරවන්න බලන්නේ ලොකු මිනිස්සු තමයි..

      Delete
  32. දිනේෂ් අයිය ලියන කතා එකකට එකක් වෙනස්.ඒ වගේම ඒවායින් ලොකු පණිවිඩයක් දෙනව.පාට ජාතිය මොකක් වුනත් වඩා වටින්නෙ කෙනෙක්ගෙ හිත මොනවග්‍ර්‍ර්ද කියන දේ...මේ චරිත වලින් ඒක් හොඳට ඒත්තුගියා.ලස්සනයි...දිගටම මේ වගේ කතා ලියවෙන්න ප්‍රාර්ථනා කරනව!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මලයා.. ඇත්ත මූලික වෙන්නේ මනුස්සයින්ගේ හිත.. ඒ හිත්වල වෛරය පිරිලනම් ජාතිය මොකක් උනත් වැඩක් නෑ..

      Delete
  33. Replies
    1. තෑන්ක්ස් අක්කේ..

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්