Sunday, 26 February 2012

සිහින

සිහිනනමින් මම මුලින්ම බ්ලොග් එක පරන් අර ගනිද්දි මම මුලින්ම ලිවුවේ කවි.. මම හිතන්නේ මගේ පළවෙනි පෝස්ට් 100 විතර තියෙන්නේ ඔක්කොම් කවි.. පස්සේ පස්සේ ටිකක් කෙටි කතා එකතු වෙලා කවිම විතරක් ලියාගෙන ආපු බ්ලොග් එක ටිකක් වෙනස් උනා.. ඒත් ඉතින් ඔය හැමදේකම තේමාව උනේ විරහව..

පස්සේ ඉතින් මගේ ජීවිතේ විරහවට සමුදිලා බ්ලොග් එකේ නමත්වර්ණකියලා වෙනස් කර ගත්තට පස්සේ මේකේ ගොඩක් දේවල් ලිය උනා.. ආදරය විරහව කියන කාරනා ටිකක් විතර පස්සට යද්දි ජීවිත අත්දැකීම්, ඉස්කෝලේ කතා එතකොට ඉතාලියේ ජීවිතයට ගොඩක් ඉඩ වෙන් උනා.. වගේම කතා වලදී ආදරය කියන මාතෘකාව ගැන  මම අන්තිමට ලියලා තියෙන්නේ සතියකට වතාවක් ලිය වෙනකවියක්ම නොවූ සිතුවිලි  වලදි විතරයි...

බ්ලොග් එකේ නම වෙනස් උනාට පස්සේ  සිහින  කියන ටැග් එක යටතේ ලියපු කවි අනිතිමට ලියලා තියෙන්නේ 2011 ඔක්තෝබර් මාසේ 15 වෙනිදා.. කියන්නේ මාස හතරකින් මම කවියක් ලියලා නෑ.. මම මේ කියන්නේ ආදරේ ගැන.. බ්ලොග් එක පටන් අරගෙන මේ තරම් දුරක් එන්න මුල් උන ඉණිමග අමතක කරන එක හොද නෑ.. අතීතය අමතක කරන මිනිස්සුන්ට පැවැත්මකුත් නෑ කියනවනේ.. නිසා අයෙම මේ පැත්ත ගැනත් පොඩ්ඩක් බලන්න ඕන කියලා හිතුනා..

එහෙම කිවුවට මම මේ අද ලියන්නේ නම් ගොඩක් පරණ කවියක්.. දිනය ඇවිත් 2002 පෙබරවාරි පළවෙනිදා.. කියන්නේ මීට දශකයකට කලින්.. සෑහෙන ඇන්ටික් කවියක් මේක.. වගේම ඉතින් ලිවිමෙ ප්‍රාථමික කාලේ.. ලස්සන නැති වේවි..  හොද නරක ඕනම දෙයක් කියලා යන්න.. ඒකට  කමක් නෑ..

ඝණ අදුරින් වැසී ගිය
මේ අමාවක රාත්‍රියේ
මට පාර කියා දෙන
එකම සහන් එළිය
ඔබේ රුවම පමනකි..

රැහැයියන්ගේ හඩින්
වෙලාගත් මේ ඝණදුරු රැයේ
මගේ දෙසවනෙහි රැවුදෙන
සොදුරු වීනා නාදය
ඔබේ වදන්ම පමනකි..

කිඩාරම් මල් පිපෙන
මේ රෑ මැදියමේ
මට දැනෙන එකම
සපුමල් සුවද
ඔබේ සුවදම පමනකි..



56 comments:

  1. ෂා....
    old is gold කියන්නෙ නිකන්ද.....

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව.. දැන් ඔය OLD කිවුවේ මට නෙමෙයිනේ?

      Delete
  2. ඉඳලා හිටලා කියවලා ගියාට කොමන්ට් කරලාම නම් නෑ වෙන්න ඕනේ.
    ඉස්සර වගේ නිතර බ්ලොග් අස්සේ නැති හින්දා අන්තිම කාලේ නම් කාටවත්ම කොමන්ට් එකක්වත් දාන්න බැරි වුනා.

    සුභ පැතුම් නිර්මාන වලට

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි.. කමෙන්ට් නොකලත් මගේ නිර්මානයක් කියවන එකම මට ලොකු ශක්තියක්..

      Delete
  3. කවි සෙට් එක නියමයි..ඒවගේම මෙන්න මේ ටිකේ කියල වැඩක් නැති තරමටම ලස්සනයි.. මාරම කික් එකක් තියෙනවා..


    කිඩාරම් මල් පිපෙන
    මේ රෑ මැදියමේ
    මට දැනෙන එකම
    සපුමල් සුවද
    ඔබේ සුවදම පමනකි..

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචං..

      Delete
  4. නිසල රාත්‍රිය
    එනමුදු එය නිහඬ නැත
    නුබ තරු දිලෙන මුත්
    පුර සඳ සැඟව ඇත..

    සිවලුන්ගේ උඩුබිරුම
    රෑහින්ගේ බිහිරි හඬ
    එනමුත්..

    සේපාලිකා මල
    පිබිද ඇත සඳරැසින්
    පතමි සිතින්
    හැරදා නොයන ලෙස
    සදා ආලෝකවත් කල
    අහස හා පොළවත්
    දමා අඩ අඳුර තුල.. 13.10.2003

    කවිසිතිවිල්ලක පළමු පියවර ජීවිතට දැනුනු ආදරය.. මේ 2003 අවුරුද්දෙන් ඇරඹුන මගේ කවියෙ මුල් කාලෙ ලියූවක්.. මතක්වුණා.. මේ කවිපෙලින්.. ඈතින් තිබුණ මගේ කවිපොත් ආයෙමත්.. :)

    ReplyDelete
    Replies
    1. ඉතිරිය ලියන්න කලින් කමෙන්ට් එක ගිල්ලනේ..

      කිඩාරම් මල් පිපෙන
      මේ රෑ මැදියමේ
      මට දැනෙන එකම
      සපුමල් සුවද
      ඔබේ සුවදම පමනකි..

      ලස්සන ‍සිතිවිල්ලක්..
      හිහිහී.. මගේ පළවෙනි නිසදැස්වලට වඩා
      දිනේෂ්ගෙ කවි සිතිවිලි ලස්සනයි ගොඩක්.. :)

      Delete
    2. ඈත් කරලා තිබුන් කවි පොත ආයෙම ලං කර ගන්න කාලේ හොදයි නේද? මමත් මේ ඒ කාලේ කවි වලට පුංචි තැනක් දෙන්න හදන්නේ.. මොකද කියන්නේ?

      Delete
  5. එහෙනම් ඉතින් අළුත් තේමාවකින් කවි ලියන්න පටන් ගමු මලයෝ....

    ReplyDelete
    Replies
    1. අළුත් තේමා කීපයක්ම මම එකතු කරලා තියෙන්නේ අයියේ දැනටමත්.. බලමු තව ඉස්සරහට..

      Delete
  6. මම අදයි දන්නෙ දිනේෂ් අයියගෙ බ්ලොග් එකේ කලින් වෙන නමක් තිබුනෙ කියල.ලස්සන ලිපියක්.ඇත්තමයි හිතට ගොඩාක් දැනුන.

    ReplyDelete
    Replies
    1. සිහින නමන් ලිවුවේ අවුරුද්දකට විතර කලින්.. දැන් මේ පාවිච්චි කරන නමට ඇවිල්ලත් සෑහෙන කාලයක් වෙනවා දැන්..

      Delete
  7. නිසුපා අක්ක කිව්වා වගේ ඉතින් Old is Gold තමා..කවි නොලියවෙන්න විශේෂ හේතුවක් නැහැ නේ ?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ.. එහෙම නොලියා ඉන්න හේතුවක් නෑ.. ඒත් අනිත් පෝස්ට් එකකට වඩා කවියක් ලියන්න ඕන කරන කාලය මට හොයා ගන්න ටිකක් අමාරුයි..

      Delete
  8. එළ....දශකයක් ට්‍රයි කරා මට බෑ නේ මේ කවි සීන් එක..

    ReplyDelete
    Replies
    1. තව ට්‍රයි කරලා බලමු අයියේ.. බැරි වෙන එකක් නෑ..

      Delete
  9. ප්‍රාථමික ගතියක් නම් පෙනුනේ නෑ මට :)

    ReplyDelete
    Replies
    1. ඔය ඇත්තටමද කිවුවේ??

      Delete
  10. පරණැ උනත් ලස්සන කවි ටික

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මලයා..

      Delete
  11. ලස්සනම ලස්සනයි..ඒ වගේම කවි ටිකක් වැඩිපුර ලියන එක හොඳයි..මම නම් කතා වලට වඩා ඔයා ලියන කවි වලට තමයි කැමති.

    ReplyDelete
    Replies
    1. කවියට තමයි මමත් වැඩියෙන්ම ආස.. ඒත් කවියකට ඕන නිරවුල් මනස හා කාලය හොයාගන්න ටිකක් අමාරුයි.. ඒක තමයි තියෙන ලොකුම ප්‍රශ්ණේ..

      Delete
  12. අයියා හොඳයිනේ.... අපි නම් 2002 කවි තියා මෙලෝ හසරක් නැතුවනෙ උන්නේ... එතකොට අයියා 10 වසරෙ නේද? මාරයි ඈ...
    (මම නම් කවි ලියන්න ගත්තේ හරිම ළඟදී... මගේ කවි කියවද්දි තේරෙනවනෙ)

    ReplyDelete
    Replies
    1. ඊට කලිනුත් ලිවුවා.. ඒත් ඒවා කොහේද කියලා හොයා ගන්න බෑ.. මේ තියෙන්නේ සංරක්ෂණය කරපුවා තමයි..

      Delete
  13. ඇන්ටික් කියන්නේ පට්ටම ඇන්ටික් දිනේශ් අයියා......

    ReplyDelete
    Replies
    1. ඔහොම කිවුවම මමත් ඇන්ටික් ගොඩට වැටෙනවනේ..

      Delete
  14. කිඩාරම් මල් පිපෙන්නෙ රෑ කියල දැන ගත්තෙ අදයි

    ReplyDelete
    Replies
    1. ඒක වැරදිද ඔබා මාමේ? මමත් ඒ ගැන හරියටම දන්නේ නෑ.. ඒදවස් වල ලිවුවට..

      Delete
  15. ආයෙමත් කවි ලියමු . දැන් තවත් අත්දැකීම් තියනවනේ :D

    ReplyDelete
    Replies
    1. ගිම්හානි තව ඇත්දැකිම් කියලා කිවුවේ තැපැල් කන්තෝරුවේ එක්කෙනා ගැන වෙන්න ඕන..

      Delete
  16. පරණ දේවල්වල වටිනාකම වැඩියි කියනවා ඇත්තෙ මේ වගේ කවි බලලා වෙන්නෝනෙ..

    ReplyDelete
    Replies
    1. ඒ දවස් වල ලියපු කවි ගොඩක් තියෙනවා අක්කේ.. මම ඒවත් හෙමිට දාන්නම්..

      Delete
  17. මමත් කවියට ආසයි:)
    කතාවලට වඩා!

    ReplyDelete
    Replies
    1. දැන් ආයෙම කවියට කතාවලට වගේම ඉඩක් දෙන්න තමයි මචං හිතාගෙන ඉන්නේ..

      Delete
  18. හ්ම්ම්.. හැමදාම වගේ කවිය ලස්සනයි

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් අක්කේ..

      Delete
  19. පරණ නං වෙලා නෑ වගේ!

    ReplyDelete
    Replies
    1. මේ කවි ලියලා තියෙන පොත නම් දැන් පරණ වෙලා..

      Delete
  20. මට හිතෙන්නෙත් කොච්චර හිට්ස් වැදුනත් කවියක් පොස්ට් කරලා දැනෙන හැගීම කතාවකින් ගන්න බෑ..

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. කතාවකට වැඩිය කවියකදි අපි ගොඩක් මහන්සි වෙනවා.. කෙටි පරාසයකදි ගොඩක් ලොකු දෙයක් ලියන එක අමාරු වැඩක්..

      Delete
  21. ලස්සන කවි පන්තියක් දිනේෂ්....මමත් අද තමයි ඉස්සෙල්ලම දැනගත්තෙ ඔයාගෙ බ්ලොග් එක මුලින් තිබ්බෙ වෙන නමකින් කියල.....

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ.. හිතින් වේදනා විදින කාලේ තිබ්බ නම පස්සේ වෙනස් කලා ජීවිතෙත් අළුත් වෙද්දි..

      Delete
  22. ම් ........ මට පෙන විදියට ඔයා ප්‍රථමික කාලේ දැන් ලියනවටත් වඩා හොදට ලියලා තියෙනව වගේ

    අමාවක වුණත් රැය
    කදෝ පැණි එළි දිලෙන
    මේ සොඳුරු රාත්‍රිය
    සුන්දරයි
    ඇත්තටම...

    ලඟ නැතතත් ඔබෙ සුවඳ
    ගෙන වඩින මුඳු සුළඟ
    හදේ ගැඹුරටම විත්
    නවතීවි
    පෙරලෙසම...

    නෙක සුවඳ මල් පිපෙන
    මේ උයන් කොන පිපුණ
    තනිවෙච්ච කිඩාරම
    වගේමයි දුක් විඳින
    මගේ හිත....

    ReplyDelete
    Replies
    1. මම පිළිගන්නවා අක්කේ.. දැන් කවියට ඒ තරම් වෙලාවක් දෙන්න විදිහක් නෑනේ.. මේ ඉතින් ඉස්සර පාඩම් කරන කාලේ ලියපුවනේ.. අක්කගේ කවියත් ලස්සනයි..

      Delete
  23. නිසපු කිව්වා වගේ Old is Gold තමා අයියේ!!! :) ලස්සනයි!!

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් නංගී..

      Delete
  24. අයියා පට්ට ලස්සනයි... මට විභාග ඇවිත් අයියා පරක්කු වුනේ එකයි... මන් කතා කරන්නම්..!

    ReplyDelete
    Replies
    1. ඕකේ මලයා.. ඉස්සෙලා විභාගේ ඉවර කරන් ඉන්න..

      Delete
  25. කවිය නම් කිසි අවුලක් නෑ, හැබැයි දිග මදි නේ.:)

    ReplyDelete
    Replies
    1. ඒ දවස් වල ඕක ලියාගන්නත් අමාරුයි බං..

      Delete
  26. කවි වලට කොමෙන්ට් දාන්නෙ නැතෝ !

    ReplyDelete
    Replies
    1. අනිත් බ්ලොග් වලත් අයියා මේ දේ කියලා තියෙනවා මම දැක්කා.. ඒකට අවුලක් නෑ අයියේ..

      Delete
  27. ලස්සන කවි සිත්තමක් !

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් අයියේ..

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්