Saturday, 25 February 2012

තැපැල් කන්තෝරුවේදි හමු උන ඇය

අපි ලංකාවෙදි නම් තැපැල් කන්තෝරුවකට යන්නේ කලාතුරකින් දවසක තමයි.. ඒකත් ගොඩක් වෙලාවට ලියුම් සම්බන්ද වැඩකදිනේ.. දැං දැං ලියුම් පරිහරණයත් අඩු වී ගෙන එන නිසාම ඒ ගමනත් ටිකක් සීමා සහිත වෙලා..  ඒත් අපි ඉතාලිය පැත්තෙන් ගත්තොතින් ඔය තත්තේ ඔයිට වඩා ගොඩක් වෙනස්.. ලියුම් කටයුතු වලට අමතරව විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප්  එතකොට ලයිට් බිල්, වතුර බිල්, දඩ බිල් ගෙවන්න වගේම ඉතිරි කිරිමේ ගිණුම් පවත්වාගෙන යන්නත් අපිට තැපැල් කන්තෝරුවට යන්න වෙනවා.. ඔය කරාණා වලින් ඉතින් මේ මට අයිති වෙන්නේ බිල් ගෙවීම තමයි..

ගොඩක් වෙලාවට හැම මාසෙම 5-6-7 වගේ දවස් වල මේවයේ සෙනග ගොඩක් වැඩියි.. ඒ කාල සීමාවේ තමයි විශ්‍රාම වැටුප් ගෙවන්නේ.. ඉතින් ඔක්කොම වයසක කට්ටිය උදේ තැපල් කන්තෝරුව අරින්නත් ඉස්සෙලම ඉදන් පෝලිම් අල්ලන් බලාගෙන ඉන්නවා.. මමනම් කවදාවත්ම ඔය දවස් වල තැපැල් කන්තෝරු යන්නේ නෑ.. මොකද අඩුම ගානේ පැය දෙකක්වත් බලාගෙන ඉන්න වෙන නිසා..

ඒත් හදිසියේ ගෙවන්න තිබ්බ බිලක් නිසා මම ඔය කලින් කියපු දවස් වලින් එකක හවස ගියා තැපල් කන්තෝරුවට.. ආසාවේ බෑ.. එළියේ ඉදන් සෑහෙන සෙනග.. සෙනග අස්සෙන් රිංගලා ඇතුලට ගිහින් ගත්තා නොම්බරයක්.. මට හම්බුන නොම්බරෙත් එවෙලේ සේවා කටයුතු කරන නොම්බරෙත් අතර පරතරය නොම්බර 100කට වැඩියි මට මතක විදිහට.. ආපහු එන්නත් බෑ.. මොකද ආයෙම යන්න නිවාඩු වෙලාවකුත් මට නෑ වගේම මම ගියේ බිල ගෙවන්න තිබ්බ අන්තිම දවසේ.. ඉතින් එළියට වෙලා මමත් බලාගෙන හිටියා මගේ වාරේ එනකම්..

ඔය අස්සේ ඉතින් වයසක මිනිස්සු අතරින් පතර යුධ ප්‍රකාශ කරනවා වැඩ කරන අයත් එක්ක.. මොකද වැඩ කෙරෙන්නේ හරි ඉක්මනින් නිසා.. ඒවා මේවා අස්සේ ඉතින් මගේ වාරයත් ආවා.. මමත් මගේ නම්බරේ වැටෙනකම් තිරය දිහා බලන් ඉදලා මට හිමි කවුන්ටරේට ගියා.. මම යන්නේ අපේ ගේ ලගම තැපැල් කන්තෝරුවට නිසා ඔතන හැමදාම වැඩ කරන අය මට ටිකක් මතකයි වගේම ටිකක් විතර කතාබහ කරලා තියෙන අය.. ඒ අතරේ අද වෙනස් මුහුණක්.. ලස්සන ඉතාලි තරුණියක්..

මමත් ඉතින් සුභ සන්ද්‍යාවක් කියාගෙනම කවුන්ටරේට ලංවෙද්දී ඇයත් ලස්සන හිනාවක් දාලා මටත් සුභ පැතුවා.. ඒ හිනාවටම හිත පිරෙනවා.. ඉතින් මමත් මගේ බිල් ටික දීලා ඒවා පරිඝණකයට ඇතුළු කරනකම් පොඩ්ඩක් විතර කතාවක් දාලා බැලූවා..

“ ඔයා අළුතෙන්ද?”

“ ඔව්.. සති දෙකයි..”

“ මගේ සුභ පැතුම්..”

“ ස්තූතියි..”

ඔය අතරෙම වගේ ඇයගේ ජංගම දුරකතනෙට කෝල් එකක් ආව නිසා මම ටිකක් නිහඩ උනා.. දුරකතන සංවාදය අතරෙම මගේ ගෙවිම් කටයුතුත් කෙරුනා.. මමත් ඉතින් ඉතුරු සල්ලි එක්ක මගේ රිසිට් එක ලැබෙනකම් බලාගෙන හිටියා.. ඇයත් කතාව අතරෙම මගේ රිසිට් පතත් එක්කම ඉතුරු සල්ලි වෙනුවට මට ආයෙම මම දුන්න මුදලම දෙනවා “ ඔක්කොම හරි ” කියලා..

දැන් මම ගෙවපු ඔක්කොම සල්ලි මගේ අතේ.. එයාට ඒ ගැන මෙලෝ සිහියක් නෑ.. තාම කතාව.. සල්ලිත් අරන් ආපහු එන්න ඕන හැටියේ ඉඩකඩ තිබුනත් මම පොඩ්ඩක් නැවතුනා.. ඇත්තම කියනවනම් මට එහෙම එන්න හිතුනෙත් නෑ.. මොකද ඉතින් දවසේ අන්තිමේ තමන්ගේ කැශියර් එක බැලන්ස් කරද්දි අඩුපාඩු හිටින ඒවා තමන්ගේ පර්ස් එකෙන්ම දාලා අපේ ෆාමසි එකේ අය බැලන්ස් කරනවා මම ඕන තරම් දැකලා තියෙනවා.. ඉතින් අද මෙයාටත් වෙන්නේ එකමනේ කියලා හිතලා මම ඉතින් දුරකතන සංවාදය ඉවර උනාම කාරණාව පැහැදිළි කලා.. එතකොට තමයි කෙල්ලගේ ඇස් උඩ ගියේ.. මට ඉතින් නොසෑහෙන්න ස්තූති කරද්දි මම මගේ ඉතුරු සල්ලි අරන් එන්න ආවා..

ඒ ගිය මාසේ උන කතාව.. දැන් කියන්නම් මේ මාසේ උන කතාවේ ඉතුරු ටික..

මේ මාසෙත් මම බිල් ටික අරන් ගියා තැපැල් කන්තෝරු පැත්තේ.. මේ පාරනම් ගියේ අර දවස් ටික පහු කරලා.. මම යද්දි දෙන්නෙක්වත් නෑ.. මම නොම්බර් ගන්න මැශින් එකෙන් නොම්බරයක් ගන්නකොටම ඒක පරිඝණකයට වැටිලා ඒ වෙලාවෙම අඩ ගැහුවේ මගේ නොම්බරේ.. මම කවුන්ටරේට යද්දී මේ වතාවෙත් ඇය.. කලින් වතාවේ සිද්දිය මතක් උන නිසාම මටත් ටිකක් හිනා ගියා.. මෙයා තාම මෙතන වැඩ.. ඒ කියන්නේ ඊට පස්සේ ඒ වැරැද්ද කරලා නෑ.. මම මටම කියාගත්තා..

“ මම ඔයාට නේද ඉතුරු සල්ලි කියලා බිල්වල සල්ලි ඔක්කොම දුන්නේ?” 

මගේ බිල් පරිඝණකයට ඇතුලත් කරන අතරේ ඇය මගෙන් ඇහුවා.. ඒ කියන්නේ මට වගේම ඒ සිද්දිය ඇයටත් තාම මතකයි..

“ ඔව්.. තාම ඒක මතකද?”

“ කොහොම අමතක වෙන්නද? විදේශිකයෙක් වෙලත් එදා ඔයා අවංක උනා.. අපේම රටේ කෙනෙක් උනත් සද්ද නැතුව යන්න යනවා..”

“ ඒක තමයි අපෙයි ඔයාලගෙයි වෙනස..”   මමත් ලොකු ටෝක් එකක් දැම්මා...

“ ඔයා මොන රටේද?”

“ මම ශ්‍රී ලංකාවේ..” 

ලංකාවේ නම ඇය ඉස්සෙලාම ඇහුවේ එවෙලේ විම හිතට දුකක් උනත් මෙහේ එවුන් යුරෝපයෙන් පිට සිතියමේ කිසිම රටක් නොදැන ඉදිම සාමාන්‍ය දෙයක් නිසා ලංකාව තියෙන්නේ කොහේද කියන එක පොඩ්ඩක් පැහැදිළි කරන්න උනා..

“ එදා ඔයා මට කලේ ලොකු උදවුවක්..”   ආපහු පරණ තැටියම වාදනය වෙන්න පටන් ගත්තා..

“ මම ALESSIA”

ඇය ඇයව හදුන්වා දෙද්දි මමත් මං ගැන කිවුවා.. එදා ඉතින් සෙනග නැති දවසක් උන නිසා අපි ටික වෙලා කතා කරකර හිටියා.. මට ගොඩක් දවසක ඉදන් ඕන කමක් තිබුනා ඉතාලිය අළුතින් නිකුත් කරපු මුද්දර ගැන දැන ගන්න.. ඉතින් ඒ හිත මිතුරු කතාබහ අස්සේ මම ඒ ගැනත් පොඩ්ඩක් කියලා බැළුවා.. වැඩේ සාර්ථකයි.. ගිඅය අවුරුද්දේ නිකුත් කරපු මුද්දර වගයක් මට දුන්නේ සල්ලි ගන්නෙත් නැතුව..

ඉතින් ඔය මුද්දර ගැනයි තව තව දේවල් ගැනයි ටිකක් වෙලා කතා කර කර ඉදලා මමත් ආයෙම එන්න හදද්දි නිකමට වගේ ඇය මුහුණු පොතේ ඉන්නවද කියලා අහන්නත් අමතක කලේ නෑ.. පිළිතුර යහපත් උන නිසාම මමත් මගේ නම ලියලා දීලා ඇගේ නමත් ලියාගෙනම ගෙදර එන්න ආවා.. ගෙදර එන විනාඩි 5 ඇතුළම මට එයාගෙන් ෆ්‍රෙන්ඩ් රෙක්වෙස්ට් එකක් ඇවිත් තිබුනා..

දැන් ඉතින් මේ මාසේ ආයෙම ගෙවන්න බිල් ඇත්තෙත් නෑ.. ආයෙම යන්න තියෙන්නේ ලබන මාසේ.. අංකල් ජොන්සන්ගෙන් අහලා බලන්න ඕන ගෙවන්න බිල් තියෙනවද කියලා.. වයසක මනුස්සයනේ.. ඔවයේ ගිහින් රස්තියාදු වෙන එක ඇගත් හොද මදිනේ..

අවවාදය :-  මෙවන් අවස්ථාවල අවංක වීමෙන් වැඩි වාසි අත් කර ගත හැක..



101 comments:

  1. හා හා... අයියා... දැන් නම් අයියා පුළුවන් නම් වටා පිටාවෙ ඉන්න හැමෝගෙන බිල් ඉල්ලගෙන යයි වගේ ගෙවන්න.. හිකිස්..

    ReplyDelete
    Replies
    1. අපේ ෆ්ලැට් එකේ අයත් එක්ක කතා කරලා බලන්න ඕන නංගී.. අසල්වැසියන්ට උදවු කරන්න ඕනනෙ..

      Delete
    2. ගොඩ පාටිය ලගදිම දෙනවා අක්කී..

      Delete
    3. ඔව් ඔව්.. ලංකාව ආවම දෙන්නම්..

      Delete
  2. හික් හික්.. වයසක මනුස්සයෝන්ට අවංකව උදවු කරන පොඩි ළමයා.මටත් ඉතින් ලංකාවේදී ඒ වගේ දේවල් සුපර් මාර්කට් වලදී වෙලා තියෙනවා..එත ඉතිං ඒ ගෑනු ළමයි පවුවේ කවදාවත් එහෙම ගන්න හිතිලා නැහැ.හැබැයි බස් වල කොන්දස්තරලා දුන්නොත් මගේ නොවන විදියට සාක්කුවේ දාගෙන එන්නේ ඉස්කෝලේ යන කාලේ..

    අපේ රට ගැන යුරෝපියේ මිනිස්සුත් දන්නේ නැද්ද?මන හිතුවේ අප්‍රිකාවේ විතරයි කියල.

    ReplyDelete
    Replies
    1. බස්වල නම් මමත් ඕක ඕන තරම් කරලා තියෙනවා.. කොටින්ම සල්ලි නොදීමයි යන්නේ ගොඩක් වෙලාවට..

      නෑ අයියේ ගොඩක් දෙනෙක් අපේ රට ගැන දන්නවා.. හැබැයි "සීලෝන්" කිවුවම තමයි මතක් වෙන්නේ.. ඒත් සම+හරක්ට ඒහෙම කියලත් හරි යන්නේ නෑ..

      Delete
    2. ඉතාලියේ වෙඩින් කාඩ් ගහන හැටි දන්නවද???

      Delete
    3. ඉතාලියෙයි ලංකාවෙයි කියලා මොකද්ද තියෙන වෙනස??

      Delete
  3. අප්පේ...අන්කල් ජොන්සන් ගැන මෙයාට තියෙන කරුණාව බලාපල්ලකො..හිකිස්.. :P

    ReplyDelete
    Replies
    1. පොඩි කාලේ මාව වඩාගෙනත් හිටපු මනුස්සයනේ.. ඉතින් නංගි එහෙම නොහිතා බෑනේ ඒ මනුස්සයා ගැන..

      Delete
  4. හික්ස් අහල පහල අයගේ බිල් ටිකවත් එකතු කරන් යන්න දිනේශ්. කොහේ ගියත් අපේ කොල්ලෝ නම තියල එන්නේ නේද?

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව.. අපි ලංකාවේ නම ඉදිරියට ගෙනි යන්න ඕනනේ..

      Delete
  5. විදේශ රටක අපේ රටට තියෙන ගෞරවය රැකගන්න ඕනි අපිමයි.. අර සිතියමේ කතාව ගැනනම් කියලා වැඩක් නැහැ.. ගොඩක් අය තවම දන්නෙ සෙයිලෝන් කියලා විතරයි.. තවමත් ඉන්දියාවට අයිති කියලා හිතාගෙන.. :)

    //දැන් ඉතින් මේ මාසේ ආයෙම ගෙවන්න බිල් ඇත්තෙත් නෑ.. ආයෙම යන්න තියෙන්නේ ලබන මාසේ.. අංකල් ජොන්සන්ගෙන් අහලා බලන්න ඕන ගෙවන්න බිල් තියෙනවද කියලා.. වයසක මනුස්සයනේ.. ඔවයේ ගිහින් රස්තියාදු වෙන එක ඇගත් හොද මදිනේ..//

    අනේ.. කොයිතරම් හොඳ පුතෙක්ද අන්කල්ට හම්බවෙලා තියෙන්නෙ.. බිල් එන්න කලින්ම ගෙවයි වගේ... ලබන මාසෙ දිනේෂ්ව දැකලා තව කෙනෙක් රස්සාවෙන් අස්වෙන තැනට කරුණු යොදාගනීද දන්නෑ.. :D

    ReplyDelete
    Replies
    1. ගොඩක් වෙලාවට ඉතින් තේරුම් කරලා දෙද්දී ඔය ප්‍රශ්ණ එනවා.. මම මේ මාර්තු මාසේ බිල එනකම් බලාගෙන ඉන්නේ.. වෙනදට නම් ඕන නැති වෙලාවට එනවා.. ඒත් මේ පාර තාම නෑනේ..

      Delete
    2. ප්‍රංශේ ඉන්න මටත් ඔය දේම වෙනවා.. ගොඩක් අය යුරෝපෙන් එහා රටවල් දන්නේ නෑ..

      Delete
    3. ඔව්.. ඒත් සමහර දන්න අයත් ඉන්නවා..

      Delete
  6. මට පේන්නේ ළඟදිම ලොකු බිලක් වැටෙයි වගේ!

    ReplyDelete
    Replies
    1. ගෙවා ගන්න පුළුවන් එකක් උනොත් නම් හොදයි..

      Delete
  7. හම්මේ අයියො....
    අන්කල් ගාව නොතිබුනොත්,
    ඉක්මණට අල්ලපුගෙදර කෙනාගෙ හරි යාළුවෙක්ගෙ බිලක් හරි ඉල්ලගෙන ගෙවන්ඩ යන්නෝ......

    ReplyDelete
    Replies
    1. අයියගේ ඒවා හරි ඉල්ලගෙන ගෙවන්න ඕන..

      Delete
  8. මට හිතුනා කොල්ලා නම අහගන්නකොටම මොකාටද එන්නේ කියලා..මට හරි සතුටුයි , ලංකාව ජාත්‍යන්තරයට ගෙනයන්න උබ දක්වන උනන්දුව ගැන ;)

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව.. එහෙම දෙයක් හරි අපි කරන්න ඕනනේ..

      Delete
  9. ඔන්න දිනේෂ්ටත් දෙන දෙයියො ඇඟට ඇන ඇනම දෙන්න පටන් අරන් වගේ....හික්ස්...

    ReplyDelete
    Replies
    1. අපිටත් දවසක හද පායනවා කියන්නේ නිකමටද අක්කේ..

      Delete
  10. ඔව් අනේ..වයසක අයට උදව්වක් විදිහට ඒ බිල් ටිකත් ඔයාම ගෙවන්නකෝ..:))
    අවංක කම නම් බොහොම වටිනවා..

    ReplyDelete
    Replies
    1. ඒකනේ අක්කේ.. අපිට පොඩි කාලේ ඉගැන්නුවේ වැඩිහිටියන්ට සලකන්න කියලා.. ඉතින් ඒවා පිළිපදින්නත් එපැයි..

      Delete
  11. ටක් ගාලා ඩේට් එකක් දා ගනින්. ඔහේ ලව් කරන ක්‍රම වෙනස්නේ. දැනටම 90% පොසිටිවු.. මම හොඳ ලව් ගුරෙක්.. බොරුනම් බලපන්.. ඩේට් කියන එක දන්නවනේ..

    ReplyDelete
    Replies
    1. දන්නවා අයියේ.. ඔව් මෙහේ සම්ප්‍රදායන් වෙනස්.. first Date එකත් එක්කම තව ගොඩක් දේවල් වෙනවා.. ඒවා මෙතන කියන්න බෑ..

      Delete
    2. මෙහෙ නැති වුනාට උඹ ඔය කියන්න බෑ කියල තියෙන ඒවත් සිද්ධවෙන්න එපැයි... එතකොටනෙ පුළුවන් කොයිතරම් දුරට ගැලපෙනවද බලාගන්න ;)

      Delete
    3. ඔව් ඔව්.. ඒකෙනුත් පස්සේ තමයි තීරණය වෙන්නේ සම්බන්දේ දිගටම ගෙනියනවද නැද්ද කියලා..

      Delete
    4. ඉතාලි ක්‍රමේට ඔය ආදරේ කරන්නේ බලාගෙන.. දන්නවනේ ඔහේ අය ගැන..

      Delete
    5. දන්නවා දන්නවා..

      Delete
  12. අපරාදේ එහෙනම් කියල හරි සතියෙන් සතියට බිල එන්න හදා ගන්න තියෙන්නේ :D

    ReplyDelete
    Replies
    1. ගෙවන්න බිල් හොයා ගන්න බැරි උනොත් ඒක තමයි කරන්න වෙන්නේ..

      Delete
  13. අහ හාආආආ‍........... ................. මං කිව්වා නේද ඉතාලි කෙල්ලෙක් ට්‍රයි කරලා බලන්න කියලා...ඔය ඉන්නේ.... ගුඩ් ලක්....

    ReplyDelete
    Replies
    1. තැන්කු තැන්කූ.. බලමුකෝ නේ ඒකත් කරලා..

      Delete
  14. හොඳ ළමයා මීට පස්සේ අංකල් ජොන්සන් ගෙයි, ආන්ටි ජොසී ගෙයි බිලුත් දිනේෂ්ම ගෙවන්න... පවුනේ වයසක අය නේද....

    ReplyDelete
    Replies
    1. අපි ඉතින් වැඩිහිටියන්ට සලකන ආදර්ශමත් ළමයිනේ..

      Delete
  15. කමෙන්ට් එකක් දැම්මා ඒක වැටුනද බලපං

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් මොඩරේෂන් නිසයි පරක්කු උනේ..

      Delete
  16. නයි කයිද රෝස් පාන් කිව්වලු... බලන්න ඕන කාවද අලුතෙන් මූණු පොතට ඇඩ් කරගෙන තියෙන්නෙ කියල... ;) එල එල ඔහොම යන්...

    ReplyDelete
    Replies
    1. හෙහ්.. බලන්න බලන්න.. හොයා ගන්න බැරි උනොත් කියන්නකෝ..

      Delete
  17. මල්ලිට ඕනම නම් අපි ලංකාවෙ බිල් හරි එකතු කරලා එවන්නම්..ඔන්න වැඩේට මමත් සපෝට්..

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ අක්කේ..

      Delete
  18. එහෙනම් කොල්ලට හරි ගියා ඒ කියන්නේ,,,,,,,,,,,

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා ඉතින්...

      Delete
  19. ශා....කොල්ලට වැඩක් සෙට් වේගෙන වගේ එන්නෙ.දැන් ඉතින් බොරුවටත් තැපැල් කන්තෝරුව අස්සෙ රිංගයි.
    ඇලීශියා කිවුවම මතක් වෙන්නෙම අපිත් එක්ක වැඩකරන කෙනෙක්ව...හම්මෝ.....

    ReplyDelete
    Replies
    1. බලමු බලමු.. මොකද වෙන්නේ කියලා.. එහෙනම් කස්සගේ නෙත් මානයෙත් ඇලීශියා කෙනෙක් ඉන්නවා.. නරකද අපිට විස්තර ටිකක් කිවුවනම්..

      Delete
  20. එහෙනම් බිල් ගෙවන්නයි මුද්දර එකතු කරන්නයි නිතරම තැපැල් කන්තෝරුවට යන්න වෙයි..:P

    ReplyDelete
    Replies
    1. බිල් නැතත් මුද්දර ගන්න හරි යන්න ඕන.. අන්තිමේ කෙල්ල කොහොම වෙතත් මගේ මුද්දර එකතුව හොද තැනකට ඒවිනේ..

      Delete
  21. ආව් ආව් දිනේශ් අයියා...ඔය වැඩ අල්ලලා තියෙන්නේ.... :D

    ReplyDelete
    Replies
    1. මේ දවස් වල සිකුරා ලබලනේ ඉන්නේ මල්ලී..

      Delete
  22. හොඳ අත්දැකීමක් :)

    ReplyDelete
    Replies
    1. ඔව්.. එදා සල්ලි අරන් මාරු වෙලා ආවනම් මේ වගේ අවස්ථාවක් එන්නේ නෑනේ..

      Delete
  23. එල එල.. දිනේෂ් මල්ලි.. හොයාගන්න ඔය වටේ පිටේ ඉන්න ආච්චිලගේ එහෙම බිල්.. අනේ පින් කමක් නේ.. නැද්ද.. මගෙත් මාමා ඉතාලියේ අවුරුදු 30

    ReplyDelete
    Replies
    1. අපේ ෆාමසි එකේ බිල් ටිකත් ඉල්ල ගන්න ඕන බලන්න.. ඉතාලියේ අවුරුදු 30ක් කියන්නේ අපි මෙහේ පාවිච්චි කරන වචනයෙන්ම කියනවනම් "ඉතාලියේ මුල්".. අහිතක් හිතන්න එපා.. ගොඩක් කල් ඉන්න අයට කියන්නේ ඔහොම තමයි..

      Delete
  24. මිං පස්සෙ තැපැල් බිල් ගෙවීමේ සේවාවක් පටාං ගන්න. දාන්න ශ්‍රී ටීවී ඇඩ් එකක්. ඔක්කොම බිල් එක්කාසු කොරල දිනපතා යන්න කන්තෝරු. ඉං පස්සෙ අර ළමයව අස් කොරන්නෙ රාජකාරි වෙලාවෙ කතා කර කර උන්නට.

    ReplyDelete
    Replies
    1. ජංගම සේවාවක් පටන් ගත්තනම් මල් කැඩිල්ලට අමතරව කියක් හරි හොයා ගන්නත් තිබුනා.. රස්සාවෙන් අයින් කරන එක ඔහොම උනත් මට පස්සේ නොම්බර ගත්ත එවුන්ගෙන් බැනුම් අහන්න වෙනවා..

      Delete
  25. ඔව් දිනේෂ් අයියේ.... අංකල් ජොන්සන් වයසක මනුස්සයනේ ඔයවගේ උදව් එයාට ගොඩක් වටීවි නේද....එතකොට දිනේෂ් අයියට​????? :)

    මුහුණු පොතේ අලුත් තොරතුරුත් ළඟදි පෝස්ට් එක්කින් අපිට දැනගන්න පුලුවන්වෙවි නේද:....

    ReplyDelete
    Replies
    1. මට ඉතින් ඒ පිනම මදැයි මල්ලි.. ඒවා පස්සේ වෙලාවක ලියන්නම්..

      Delete
  26. මගෙත් බිලක්‌ නම තියෙනව.හැබැයි ඉතාලියෙන් ගෙවල හරියාවිද මන්ද!:-/
    :D

    ReplyDelete
    Replies
    1. මපි ට්‍රයි එකක් දීලා බලමු..

      Delete
  27. දැන් අවුරුදු තුනක් ඉන්න වෙන එකක් නැද්ද ?

    ReplyDelete
    Replies
    1. අම්මෝ අවුරුදු තුන ඉන්නවා මාමේ.. ඒ ගැන අළුත් තොරතුරු තියෙනවා.. හෙමීට ලියන්නම්..

      Delete
  28. මචං මගෙ බිලකුත් තියනව ගෙවන්න . . . බැරි වෙයිද ඉතාලියෙංම ගෙවල දාන්න ???

    ReplyDelete
    Replies
    1. එවන්න එවන්න.. අඩුගානේ ගෙවන්න පුළුවන්ද කියලා ගිහින් අහන්න හරි පුළුවන්නේ..

      Delete
  29. බිල් ලියවගෙන අයියා අවුරුදු 3 අඩු කරගන්න එපා..;)

    මූණූ පොතේ විස්තර නැගලා යනවද අයියේ??

    ReplyDelete
    Replies
    1. පිස්සුද නංගියේ.. ඒක වැඩි කරගන්නයි මගේ මේ කල්පනාව.. මූණු පොතේ නම් තත්වය දැනට සාමාන්‍යයි..

      Delete
  30. දැන් වටේ පිටේ හැමෝගෙම බිල් ගෙවන්නේ දිනෙශ් වෙන්ටෑ?

    ReplyDelete
    Replies
    1. එහෙමම නෑ.. අපිට එන බිල් වල හැටියට දවසට එකගානේ ගෙවන්න හිතන් ඉන්නේ..

      Delete
  31. මගේ බිලකුත් තියෙනවා ගෙවනයැ

    ReplyDelete
    Replies
    1. අපෝ උඹේ ඒවානම් ගෙවන්නේ නෑ..

      Delete
  32. වැඩියම කපටිත් නෑ නේ.... :)))

    ReplyDelete
    Replies
    1. අපි මේ අහිංසක ළමයි.. නංගී කොහොම කියනවද මන්දා කපටියි කියලා අපිට..

      Delete
  33. හෑ.... දැන් මේ සති දෙක තුනකට කලින් කාගෙද post එහෙකට කිවුව නේද "අපි නම් සදා තනිකඩයි" කියලා !! ඒ comment එකට reply කරලත් තිබුනා "උපාසක බළල්ලු මීයො අල්ලන්නේ දෙන්න දෙන්න බලමුකෝ!! " කියලා!! මතකද මන්දා..එතකොට දැන් මේ මොකද්ද වෙන්නෙ මලේ??? අනේ හොඳයි බුදු සරණයි !!

    ReplyDelete
    Replies
    1. ඒ කමෙන්ට් එක නම මට ඇත්තටම මතක නෑ.. පුළුවන්නම් පොඩ්ඩක් ඒක මතක් කරන්න.. ඇනෝ විදිහට කම්න්ට් කලාට මාව හොදටම දන්න කෙනෙක් වගේ මේ..

      Delete
  34. ඔන්න වැඩේ ගොඩයන්න කියලා මමත් ප්‍රාර්ථනා කරනවා (බිල් ගෙවන එක) :)

    හැබැයි පුතෝ ගැස්සුනොත් එහෙම මේකට ඇවිත් හොටු පෙර පෙර අඩනවා වැළපෙනවා එහෙම නෙමෙයි අරී..

    ReplyDelete
    Replies
    1. මොනවා ගැස්සෙන්නද අයියේ.. නෑ නෑ.. ආයේ මේ ගැන මුකුත් ලියන්න අදහසක් නෑ..

      Delete
  35. හිතන් ඉන්න විදිහට හැමදේම වෙන්න ඕන. වැඩි වැඩියෙන් බිල් එන්න ඕන එන මාසෙ. හැබැයි පස්සෙ ජීවන වියදම වැඩී කියනව නෙමේ.

    ReplyDelete
  36. හිතන් ඉන්න විදිහට හැමදේම වෙන්න ඕන. වැඩි වැඩියෙන් බිල් එන්න ඕන එන මාසෙ. හැබැයි පස්සෙ ජීවන වියදම වැඩී කියනව නෙමේ.

    ReplyDelete
    Replies
    1. හම්මෝ එච්චර බිල් ආවොත් නම් මට එල්ලෙන්න තමයි වෙන්නේ..

      Delete
  37. එළ එළ වටේ පිටේ ඉන්න කස්ටියගේ බිල් ඔක්කොම එකතු කරගෙන යන්න තියෙන්නේ....හැබැයි දොත්දෝරේට නං කියන්න එපා..

    ReplyDelete
    Replies
    1. හපෝ දොත්තෝරෙට කියන්නේ නෑ.. කිවුවොතින් පොර ඒ කෙල්ලවත් නටන්න එක්කන් යාවි..

      Delete
  38. අයියට වැඩි වැඩියෙන් බිල් ලැබෙන්ට ඔනේ... :)

    ReplyDelete
    Replies
    1. ඕවා ගෙවන්න සල්ලිත් ඕනනේ බං.. ඒ නිසා එහෙමම කියන්න එපා...

      Delete
  39. මගෙ පියතුමත් ඔහෙ තමා ඉන්නෙ.. ෆොඩි ෆොඩි වැඩ තමා...ලස්සන බ්ලොගිය..අපේ පැත්තෙත් නොම්බර් ගන්න ඕන හැබැයි බෙහෙත් ගන්න..පෝස්ට් ඔෆිස් 1 එහෙම නෑනෙ.....හික්ස්

    ReplyDelete
    Replies
    1. අපිට ඉතින් හැමදේටම නොම්බර ඕනනේ.. ඒත් පෝලිමේ ඉන්නවට වඩා වෙලා යනවා..

      Delete
  40. අනේ පිස්ස නම් දන්නව දිනේශ් අයිය හොඳයි කියල.

    ReplyDelete
    Replies
    1. උඹ විතරයි බං මාව තේරුම් ගත්තේ..

      Delete
  41. හ හා දිනෙශ් මල්ලිට සුදු ගෑණු ළමයා පිලිබද සිතක්වත් පහල වෙලාද?

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ අක්කේ.. සුදු උනාට මේ ගොල්ලා වැඩක් නෑ..

      Delete
  42. ඇලීශිය !!!
    ලස්සන නමක්. නම වගේම ගෑල්ලමයත් ලස්සන ඇති.

    ReplyDelete
    Replies
    1. මේ මොනවා අහනවද අයියේ.. දැක්කත් ඇති..

      Delete
  43. අනේ බුදු දිනේශ් අයියේ ඔය ලැබුවෙ නම් ජීවිතේ නරකම ග්‍රහය....දන්නව නේද මේ පැති වල කෙල්ලො ගැන?.......මම නම් සුභ පතන්නෙ නැහැ මාරක අපල වලට..!!

    ReplyDelete
    Replies
    1. දන්නවා නංගියේ.. අපේ හාදයෙක් කාලෙකට උඩදි සිය දිවි නසා ගත්තනේ මෙහෙම කේස් එකක් නිසා..

      Delete
  44. මචං ඔය කෙනා සජෙස් කරන්ඩ බැරිද මට ? :D

    මටත් ඔහොම වැඩක් උනා ලංකාවෙ හයිවේ එකෙදි.
    මං ගාන දන්න නිසා රු 400 තියාගෙන උන්නා දෙන්න.. ටිකට් එක දීලා බලං හිටියාම මෙන්න මේකා මට රු 600 ඉතිරි දෙනවා.. මටත් තිබ්බා අරන් එන්න.. අර උඹට වගේම මට යන්න හිතුනෙ නැ.. ඒක නිසා ආයෙම මම ඒක දීලා කිවා මම තාම ඔයාට සල්ලි දුන්නෙ නැ කියලා.. අනෙ සොරි සර් අනම් මනම් කියලා තැන්කු කියලා මගෙ 400 ගත්තා :-D
    නැත්න්ම ඉතිං ඌට අතින් දාන්න වෙනවානේ..

    ReplyDelete
    Replies
    1. බනියා මේ හිටියා වගේම් ඉමු.. පොඩි මෑන් කිවුවනේ සයිබර් එකේදී එකක් සෙට් කරන්නම් කියලා..

      සිරාවට.. අපිට ඒක ලාබයක් උනාට අනිත් කෙනා කන චාටර් එක ගැන හිතෙනකොට එහෙම කරන්න හිතෙන්නේ නෑ..

      Delete
  45. අන්තිම අවවාදයනම් හොදයි...

    ReplyDelete
    Replies
    1. වැදගත්ම දේ ඒක..

      Delete
  46. අහ්.. දිනේශ් අයියා එහෙනම් ඉතාලි කෙනෙක්වත් යාළු කර ගත්තා නේ..

    ReplyDelete
    Replies
    1. එහෙම එකක් නෙමෙයි හලෝ මේ..

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්