Friday, 24 February 2012

අපි

                                    ..................................

ලස්සන පෙම්වතුන් දෙන්නෙක් දැක්කම දෙන්නා දිහා ටික වෙලාවක් බලාගෙන ඉන්න අපි ආසයි.. අපි හිතනවා ඔවුන් හැමදේකින්ම ගැලපෙන පෙම්වතුන් කියලා.. ඒත් අපි ආදරේ කරන කරන කවුරුවත් 100% සර්ව සම්පූර්ණ මිනිස්සු නෙමෙයි..  මොකක් හරි අඩුවක් අපි හැමෝම අතරේ තියෙනවා.. සමහරවිට ඒක භාහිර ලෝකෙට එක පාරම පේන දෙයක් වෙන්න පුළුවන්.. සමහරවිට එහෙම නොපෙනෙන දෙයක්..

ආදරයේදි වගේම මගේ ජීවිතේදිත් මම සම්පූර්ණ නෑ.. කෙනෙක්ට තමන්ගේ හැගීම් වචනයෙන් ප්‍රකාශ කරන්න බෑ කියන්නේ ඒක ලොකු අඩුවක්.. ඒත් එහෙම අඩුපාඩුවක් නැතුව ලොකෙට ඉපදුන එකම එක්කෙනා මම නොවුනත් ගොඩක් අය මං දිහා බලනේ වෙනස්ම විදිහට.. ඔව්.. අනුකම්පාවෙන් උනත් හැගීම මගේ හිතට කොච්චරනම් වද දෙනවද?

අද අසරණ කම මට වෙනදටත් වැඩිය දැනුනා.. ඔයා නිසා.. වචනයෙන් පිට කරන්න බැරි හැගීම් මම ඔයාට තේරුම් කරලා දෙද්දි ඒක තේරුම් ගන්න බැරි ගොඩක් දෙනෙක් අපි දිහාම බලාගෙන ඉද්දි මටත් වඩා අද ඔයා අසරණ උනා කියලා මට දැනුනා.. ගැන වචනයක්වත් නොකියපු ඔයා හැමදයක්ම අතරේ වෙනදා වගේ  හිනා වෙද්දි මේ හිත ඇඬුවේ මං ගැනම කළකිරුණු නිසා..

දිනය 2007 06 20

                                      ................................

කලින් ලිය උන කොටස මම අරගත්තේ පූජාගේ දින පොතින්.. ඊයේ උන එක් සිදුවීමක් නිසා.. ඊයේ ෆාමසි එකට  ඉතාලි කාන්තාවක් ආවා.. ඇය වෛද්‍යවරයා දුන්න බෙහෙත් තුන්ඩුව අපේ දොස්තර කෙනෙක්ට දුන්නම ගැන අපේ දොස්තර ඇගෙන් ආයෙම ප්‍රශ්ණ වගයක් අහද්දි ඇය ඇගේ i Pad එක අරන් මොනවද ටයිප් කරද්දි මම විතරක් නෙමෙයි හැමෝම වගේ ඇය දිහා මොහොතකට බැලුවා..

ඇයට කතා කරන්න බෑ කියලා මම තේරුම් ගත්තේ ඇය දොස්තර අහපු ප්‍රශ්ණේට උත්තර i Pad එකේ ලියලා පෙන්නද්දි.. ඉතින් එවෙලේ අපේ දොස්තරත් වැඩිය දේවල් අහලා ඇයව අපහසුතාවයට පත් නොකරම ඇය ඉල්ලු බෙහෙත් ලබා දුන්නා.. සුන්දර හිනාවකින් හැමෝටම සුභ පතාගෙන ඇය පිට වෙලා යද්දි මගේ හිත නොදැනුවත්වම වගේ දිවුවේ මගේ අතීතෙට..

දවසක් පූජයි මමයි බෙල්ලන්විල ගිය වෙලාවක උන සිදුවීමක් තමයි එයා දින පොතේ ඔය විදිහට ලියලා තියෙන්නේ.. ජීවිතේ අපි ලග අඩුපාඩු තියෙනවා.. පූජා කිවුවත් වගේ අපි සර්ව සම්පූර්ණ මිනිස්සු නෙමෙයි.. මං ලග උනත් අඩු පාඩු තියෙනවා.. ඒත් දේවල් සමාජයට එක පාරම පේන්නේ නෑ.. සමාජයට පේන දේවල් දිහා ඔවුන් අනුකම්පාවෙන් බලනවා.. ඒක වැරදියි කියලා මම කියන්නේ නෑ.. ඒත් සමහර වෙලාවට ඒක කෙනාට දැනෙන විදිහ වෙනස් වෙන්න පුළුවන්..








68 comments:

  1. ඒත් අපි ආදරේ කරන කරන කවුරුවත් 100% සර්ව සම්පූර්ණ මිනිස්සු නෙමෙයි.. මම 100% එකඟය් :)

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අපි හැමෝම එක වගේ..

      Delete
  2. මේ කතාවට මමත් එකගයි...

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් අක්කේ..

      Delete
  3. මනුෂ්‍යයෙක් වෙලා උපදින්නෙ සර්ව සම්පූර්ණවෙලා නම් නෙමෙයි.. ජීවිතේ හැමෝගෙම අඩුපාඩු තියෙනවා.. මනසින් දියුණු වෙන්න වෙන්න අපි ඒ දේවල් තේරුම් ගන්නවා.. සමහර දේවල් තේරුම් අරන් අපිට හදාගන්න පුළුවන් වුණත් සමහර දේවල් අපේ ජීවිතයේ කොටසක්ම වෙලා තියෙනවා.. ගොඩක් අය සමහර වෙලාවට මානසිකව ඒ වගේ අවස්ථාවල වැටෙනවා.. ඒ අයත් කැමතියි සාමාන්‍ය අය විදිහට ඉන්න... කතාකරන්න.. අකමැතිම දේ අනුකම්පාව.. විශේෂත්වය..
    තේරුම් ගැනීම.. ඒ අයට අනුකම්පාව දැක්වීම නෙමෙයි.. ඒ අය ඉන්න අපහසුතාවයෙන් මිදෙන්න උදව් කරන එක.. හදවතින්ම තේරුම් ගැනීම.. අද සමාජයට අවශ්‍ය වටින ඔවදනක්.. කාටත්.. එහෙමනම් කවදාවත් උසාවිගාණෙ දික්කසාද නඩු නැතිවේවි.., අහිංසක හිත් ආදරයෙන් තැලෙන්නෙ නැතිවේවි.. දෙමාපියන් දරුවන් සහෝදරයන් හිත් අතරට කවදාවත් ප්‍රශ්න නොඒවි.. ආයෙත් හිත අතීතයට දිව්වා.. :)

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඒ වගේ කෙනෙක් තම්ට විශේෂත්වයක් ලැබෙනවට කැමති නෑ.. ඒක මම පූජාගෙන් දැක්ක දෙයක්..

      Delete
  4. හ්ම්ම් දෙන්න පුළුවන් ආදර්ශ ගොඩාක් මේ ලිපියෙන් දැක්කා..
    ජිවිතේ කියන්නේ අපි හිතන පතන හැමදෙයක්ම අපිට දෙන දිව්‍ය ඔසුවක්‌ නෙමෙයි. එත මේ ජිවිතේ හරිම ලස්සනයි. ඒ ලස්සන මතු කරගෙන ජිවත් වෙමු

    ReplyDelete
    Replies
    1. ඇත්ත නංගී.. ජීවිතේ ලස්සන වෙන්නේ අපි ජීවිතේ දිහා බලන විදිහෙන්.. අඩුපාඩුවක් තියෙන අය ඒ අඩුව දිහා නොබලයි ජීවිතේ දිහා බලන්නේ.. අන්න එතනයි ඔවුන් ගොඩක් සාර්ථක වෙන්නේ..

      Delete
  5. ආබාධිත අයතමයි ධනාත්මක චින්තනය ගැන හොඳම උදාහරණය..මොකද එයාල සාමාන්‍ය ජීවිතයතුල ඔය අනුකම්පාවට ගොඩක් ලක්වෙනවා..කොච්චර හිතහයිය උනත් තවකෙනෙක්ගේ අනුකම්පාවට ලක්වෙනකොට තමයි හිතට දැනෙන්නේ තමන් කොච්චර අසරණද කියල

    ReplyDelete
    Replies
    1. ලෝකයේ මම දකින හොදම ධනාත්මක චින්තකයාත් ආබාධිතයෙක්.. මේ ලගදි ඔහු විවාහත් උනා..

      Delete
  6. අපි හැමෝගෙම වැරදි තියෙන එක ඇත්ත මලේ... ඒත් මම නම් හිතන්නේ ඒ වැරදි වලට වඩා අපේ හොඳ ගතිගුණ කියන දේවල් ඉස්මතු කරගෙන අර වැරදි අවම කරගෙන (වහගෙනා ඉන්නෝන කියලයි!

    ReplyDelete
    Replies
    1. එකගයි.. වැරදි නොකරන අපි කවරුවත් නෑ.. නොදැනුවත්ව හරි අපෙන් වැරදි වෙනවා..

      Delete
  7. ඒකනෙ කියන්නේ ඩිසේබල් අයට ඩිෆරන්ට්ලි ඒබල් කියන්න කියලා..

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණ ඇත්ත අක්කේ..

      Delete
  8. ම්ම්ම්ම්ම්ම්ම්... අපි කිසිම කෙනෙක් සම්පූර්න නෑ තමා අයියේ!! පිටින් නොපෙනෙන හුඟාක් දුර්වලකම් ඇතුලෙන් තියෙන්න පුළුවන්.

    ඒත් මතුපිටින් පේන අඩුවක් තිබුනාම,මිනිස්සු ඒ ගැන බලන විදිය අනුව, කෙනෙක්ට දැනෙන විදිය වෙනස් වෙන්න පුළූවන්... ම්ම්.. මොනාකරන්නද ඉතිං,ජීවිතේ නේ නේද අයියේ?? :)

    ReplyDelete
    Replies
    1. ඔව් නංගී.. ගොඩක් වෙලාවට අපි එහෙම කෙනෙක් දැක්කම දෙපාරක් බලන්නේ නොදැනුවත්වම.. ඒත් ඒක ඒ කෙනාට කොහොම දැනෙනවා ඇත්ද..

      Delete
  9. ඔය කතාව මම දැනගත්තෙත් මේ ලඟදි නේ. අනේ මන්ද දිනේෂ් අයියේ මොනවා කියන්නද කියල තේරෙන්නේ නෑ. හැබැයි එක දෙයක් කියන්නම් අයියේ, පූජා අක්කා හරි වාසනාවන්තයි උඹ වගේ කොල්ලෙක් ලැබෙන්න.

    ReplyDelete
    Replies
    1. එයාගේ ආදරේ පොඩි කාලයකට හරි ලබන්න මමයි වාසනාවන්ත උනේ කසුනෝ..

      Delete
    2. ඇහුවට කමක් නැත්ද මන්දා. ඇයි එයාට මොකද උනේ? කියන්න කැමති නම් විතරක් මේක පළ කරලා උත්තරයක් දෙන්න.

      Delete
    3. කියන්න අකමැති දෙයක් නෙමෙයි.. පුළුවන්නම් ඔය "ආදරයට ආදරයෙන්" කතාව කියවන්න.. ඒකේ හැමදේම තියෙනවා..

      Delete
  10. හ්ම්ම්.. ඇත්ත.. අපි කවුරුත්ම සර්ව සම්පූර්ණ නෑ අයියේ. ඒ බව තේරුම් අරගන්න එකයි අපි කරන්න ඕනේ..

    ReplyDelete
    Replies
    1. ඒත් සමහරු ඒක තේරුම් ගන්නේ නෑනේ..

      Delete
  11. Replies
    1. තෑන්ක්ස් නංගී..

      Delete
  12. ඇත්තටම එහෙම අයට අනුකම්පා කරනවට වැඩිය සමාජය තුල ගැවසෙද්දි වෙනසක් නැතුව කටයුතු කරන්න පුළුවන් නම් තමයි ලොකුම දේ කියලයි මට හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඇත්ත.. ඔවුන් ගොඩක් වෙලාවට සමාජයෙන් ඈත් වෙන්නත් මේක එක හේතුවක්..

      Delete
  13. හ්ම්........... එකගයි මල්ලි....ඔයාගෙ දේට......

    ReplyDelete
    Replies
    1. අපි හැමොම එක වගේ..

      Delete
  14. ඇත්තටම කවුරුවත් සර්ව සම්පුර්ණ නැහැ...හැම කෙනෙක්ම යම් පමණකට ආබාධිතයි...අපි හැමෝම...

    ReplyDelete
    Replies
    1. කවුරුවත් නොදන්නවා උනාට මමත් ආබාධිතයෙක්...

      Delete
  15. ඒකනම් ඇත්ත..මාත් හිතන්නෙ එයාලට අනුකම්පා කරන එක වැරදියි..එයාලගෙ අඩුපාඩුව අපිට නොදැනුනා වගේ අපිට එයාලව ඇසුරු කරන්න පුලුවන්නම් ඒකයි වටින්නෙ..

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ.. අපි වෙන අයත් එක්ක හැසිරෙන විදිහටම ඔවුන් එක්කත් හැසිරෙන්න ඕන.. විශේෂයක් කරන්න ඕන අවස්ථා එනවා.. ඒ හැරෙන්න හැම වෙලේම එහෙම කරන්න නරකයි..

      Delete
  16. කවුරුවත් සර්ව සම්පූර්ණ නෑ!

    ReplyDelete
  17. අපි කවුරුත් 100%ක් මෙව්වා වෙන්නේ නැහැ තමා...

    ReplyDelete
    Replies
    1. නොදැනුවත්ව හරි මොනවා හරි අදුවක් අපිට තියෙනවා..

      Delete
  18. ඇත්ත ඒ වගේ උදවිය දිහා අනුකම්පාවෙන් බලන්න හොඳ නෑ... ඒත් අපේ ගෙදර උදවිය මට හැඟීමක් දැනීමක් නැති එකෙක් කියන්නෙත් ඒහෙම නොබලන හින්දමයි :)

    ReplyDelete
    Replies
    1. ඇත්තම කියනවනම් අපි කරන්න ඕනෙත් ඒකම තමයි..

      Delete
  19. මේ ලෝකේ කවුරුවත් 100%ක් සර්ව සම්පූර්ණ නෑ !
    කාගේ කාගෙත් අඩුපාඩු තියෙනවා !

    ReplyDelete
    Replies
    1. බාහිරින් පේන අඩුපාඩු වලට වඩා නොපෙනෙන දේවල් වැඩියි.. ඒවා හදා ගන්න අපි උත්සාහ කරන්න ඕන..

      Delete
  20. අනුකම්පා කරද්දී ඒ කෙනාට යම් අපහසුතාවයක් ඇතිවෙන්න පුළුවන්.ඇත්තටම අපිටත් යම් යම් ආභාධ තියෙනවා නේ.

    ReplyDelete
    Replies
    1. පූජා උනත් අපි කොහේ හරි ගිය වෙලාවට මාත් එක්ක එයාගේ අදහස් බෙදා ගන්නේ නෑ.. ඒ මොකද අනිත් අයට ඒක දැනෙයි කියලා..

      Delete
  21. මගේ යාළුවෙක්ගේ අයියා කෙනෙක් ඉන්නවා උපතින්ම ඇස් පෙනීමේ දුර්වල..කොහොමහරි ඌ කසාද බැන්දෙත් ඒ වාගේම ගෑනු ලමයෙක් එක්ක යාළු වෙලා...මේ ලඟදී බබෙකුත් හම්බෙලා.ගෙවල් වලින් බය වෙලා හිටියට කිසි අඩුපාඩුවක් නැති ලස්සන කොළු පැටියෙක් ලු..

    ReplyDelete
    Replies
    1. ඒ පොඩි දරුවා වාසනාවන්තයි.. මම දන්නවිදිහටනම් අම්මා තාත්තා එහෙමයි කියලා ඒ දේවල් දරුවන්ටත් පිහිටනවා අඩුයි.. දෙනෙත් අන්ධ කෙනෙක්ගේ අතින් අල්ලගෙන තියෙන්නෙත් ඒ වගේම කෙනෙක්.. එතන කොච්චර හිතන්න දේවල් තියෙනවද?

      Delete
  22. ඇත්ත දිනේෂ් අයියේ අපි කවුරුවත් සම්පූර්ණ නැහැ.අඩුපාඩු, දුර්වලකම් අපි හැමෝගාවම තියෙනව.....අනිත් හැමකෙනෙකුටම අනුකම්පාකරනවට වඩා අපි ඒ අයට ආදරය කරන්න ඕන....

    ReplyDelete
    Replies
    1. දාපි ගොඩක් වෙලාවට නොපෙනෙන අඩු පාඩු වලට වඩා පේන අඩුපාඩු ගැන සැලකිළිමත් වෙනවනේ.. එහෙම කරන එක වැරදියි..

      Delete
  23. වතාවක් මම දැක්කා ගොළු මනුස්සයෙක් තව කාටද මන්දා වීඩියෝ කෝල් එකක් අරගෙන හස්ත සංඥා ක්‍රමයෙන් කතා කරනවා
    ඒක දැක්කම මට ගොඩක් සතුටු හිතුනා නව තාක්ෂණය නිසා ඔහුටත් දුර සිටින වෙනත් කෙනෙකු හා සම්බන්ධ වීමට ඇති හැකියාව දැකලා

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔව්.. ඒක ඔවුන්ට ගොඩක් පහසුවක්.. ඉස්සර මමයි පූජායි අතරේ කොච්චරනම් කෙටි පණිවිඩ හුවමාරු උනාද..

      Delete
  24. කියන්න තියනදේවල් ඔක්කොම වගේ උඩ කට්ටිය කියල මචං

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ.. මෙහෙම හරි අදහසක් දුන්න එකම කොච්චර දෙයක්ද..

      Delete
  25. ඔය වගේ මිනිස්සු සාර්ථක වෙන අවස්ථා වලට කොච්චර නම උදාහරණ තියේද?ධනාත්මක චින්තනය කියන්නේ එක තමයි!

    ReplyDelete
    Replies
    1. උදාහරණනම් ඕන තරම් අපිට මේ ලෝකෙයෙන් තියෙනවා අර ගන්න..

      Delete
  26. කතාව ඇත්ත, සමහරුන්ට ඕක තේරුනත් සමහරක් හිතාන ඉන්නේ ඒයාලගේ කිසි අඩුපාඩුවක් නෑ කියලා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. අන්න එහෙම අය තමයි අර වගේ කට්ටියව විහිළුවකට අර ගන්නේ..

      Delete
  27. සර්ව සම්පුර්ණ වෙන්න නං පොලිටික්ස් වලට බහින්න ඕනෙ, හැබැයි බලය තියෙන පැත්තෙන්...

    ReplyDelete
    Replies
    1. මේ යන විදිහටනම් මම ඔබා මාමාගේ කතාව 100%ක්ම පිළිගන්නවා..

      Delete
  28. ආබාධිත අය දිහා අපි අනුකම්පාවෙන් බලන එක එයාව තවත් අසරණ කිරීමක්... සාමාන්‍ය කෙනෙක්ට වගේම එයාට සලකනවා නම් ඒක එයාටත් සහනයක්... හැබැයි 100% ක්ම නැතත් ඒ ළගින්ම යන අයත් අපිව දාල යන්නෙ ඇයි කියන එක මට තවමත් ගැටළුවක්..

    ReplyDelete
    Replies
    1. අපෙන් වෙන්න ඕන එයාලට ඉදිරියට යන ශක්තියක් වෙන එක..

      Delete
  29. ඒ කතාවටනම් මම සම්පූර්ණයෙන් එකගයි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලි..

      Delete
  30. අපේ මොන තරම් අඩුපාඩු තියෙනවද? වෙනසකට තියෙන්නෙ දිනේෂ් කිව්ව වගේ ඒව එකපාර පේන්නෙ නැති එක විතරයි.

    ReplyDelete
  31. 100% ආදරයක් දෙන්ට බැරිව 100% ගන්ට බලාපොරොත්තු වෙන්ට බැහැ නොවැ !

    ReplyDelete
    Replies
    1. ඔව් සෑමෝ.. එහෙම බලාපොරොත්තු වෙන එකම වරදක්..

      Delete
  32. ඇත්තටම එහෙම අසරණ වෙච්චි අයගෙ අසරණකම් ඉදිරියේ මාත් අසරණ වෙච්චි අවස්ථා එමටයි....
    පූජාට දැන් කොහොමද...?

    ReplyDelete
    Replies
    1. පූජා දැන් ජීවතුන් අතර නෑ අක්කේ..

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්