Tuesday, 7 February 2012

මලයාගේ බේබදු කථා

හලෝ කස්ටිය කොහොමද ඉතින් ජීවිතේ...කස්ටිය ඉතින් මාව ටික ටික දන්නවා ඇති..මම පුබුදුවා..ඔව් ඔව් අයියාගේ මලයා තමයි...අයියගේ බ්ලොග් වැඩ වලට උදව් වෙනකොට මටත් නිකමට හිතුණා මොනවා හරි ලියලා දාන්න.ගොඩක් ඉස්සර සිත්මල් යාය කියලා බ්ලොග් එකක් කලා...ඒක නම් දැන් නැහැ හෙහ් හෙහ්...දැන් හැබැයි මට ඔය කලාත්මක දේවල් නම් හිතට එන්නේ නැහැ ලියන්න...බොරු කියන්නේ මොකටද?ඉස්සරනම් තිබ්බා...ඒත් පස්සේ ඒවා නිකම්ම නැති වෙලා ගියා.දැන් ඉතින් ලියන්න වෙන්නේ ඔය ඔෆීසියෙන් කස්ටිය සෙට් වෙලා බොන්න ගිහින් දාපු ජොලි තමයි
කස්ටියගෙන් බැනුම් අහන්න වෙයිද දන්නේ නැහැ.අපේ අයියා නම් ඉතින් සුරා සූදුවෙන් තොරයි...ඉස්සර නම් හොරෙන් බ්ව්වා ඒත් දැන්නම් නැහැ.
එහෙනම් කතාව පටන් ගමු...අපේ ඔෆීසිය ගැනම කියලා.මම දැන් මේ ඔෆීසියේ වැඩ කරන්න අරන් අවුරුද්දක් විතර ඇති.ගිය මුල් දවස් වල ඒක නිකන් මල ගෙයක් වගේ..එක්කෙනෙක්ට එක්කෙනෙක් කතා කරන්නේ නැහැ..අඩුම ගානේ කන්නේත් වෙන වෙනම...කට්ටිය එක්ක සෙට් වෙලා පුරුදු මට නිකන් මේක මරන්න වගේ...එපා වෙලා තිබ්බේ

අනික ඔෆිස් එකේ හිටපු පොඩිම එකා මම.ඉතින් කට්ටිය මට පොඩි පුතා කියන්න ගත්තා.පස්සේ මම අලුතින් ආපු කොල්ලො දෙන්නෙක් සෙට් කරගත්තා...කන වෙලාවට එක මේසේ 3 දෙනා කෑවා..අනිත් අයට මැජික් වගේ

කොහොම හරි ඔෆිස් එක දියුනු වී ගෙන එද්දී අලුතින් කට්ට්ය ගත්තා.ඊට කලින් කියන්න ඕන මම යන්න කලින් ඔෆිස් එකේ කවුරුවත් බොන්නේ නැහැ.ඒක දැනගත්තේ ඒකාලේ ඔෆිස් එකේ අයියා කෙනෙක්ගේ වෙඩිමකට ගියා ඔක්කොමලා...එකෙක්වත් වැරදිලා වත් දුන්න විස්කි එකක් බිව්වේ නැහැ..මට බොන්නත් බැහැනේ ලොකු උන් නොබොද්දි මම කොහොමද බොන්නේ...අයියෝ විස්කි කිව්වලු...

අලුතින් ගත්ත සෙට් එකේ නම් මගේ වයසේ සෙට් එකක් ඉන්නවා...බලද්දී ඒත් පොඩිම එකා මම අනිත් පොඩි එකා මට වඩා අවුරුද්දක් වැඩිමල්..කොහොම හරි කල් යද්දී 7 දෙනෙක් හොදටම සෙට් වුනා..ඒ අතර ඉස්සර ඉන්දන්ම ඔෆිස් එකේ හිටපු අයියා කෙනෙකුත් සෙට් වුනා....මරු පොර බුවා ටත් ඔෆිස් එකේ සෙට් වෙන්න කවුරුත් නැතුව ඉන්දලා තියෙන්නේ.අපේ ලන්ච් ටයිම් එකට දැන් අපේ මේසේ පිස්සන් කොටුව වගේ.හතරදෙනෙක්ට ඉන්න පුලුවන් මේසේ දැන් 7 දෙනෙක් ඉන්දන් බත් මුල් ලෙහාගෙන කනවා...අපේ බත් එක නිකම් පිස්සිගේ පලා මල්ල වගේ..නැති එලවලුවක් නැහැ


ඇයි ඉතින් 7 දෙනෙක් එලවලු බෙදාගත්තම හිතාගන්නකෝ..කවුරු හරි ලෙඩ වෙලා ඩොක්ටර් කෙනෙක් ගාවට ගිය වෙලාවක ඩොකා ඇහුවොත් මොනවද ඊයේ දවල්ට කියලා බඩුම තමයි ඉතින්....
වැඩේ කියන්නේ සෙට් වුන 7 දෙනාම අමු බේබද්දෝ...මම තමයි ඉතින් පොඩ්ඩක් බීලා නිකන් ඉන්නේ
කොහොම හරි අපෙන් පස්සේ ඉස්සර ඉන්දන් ඔෆිස් එකේ හිටපු අයත් දැන් එක මේසේ ඉන්දන් කෑම එහෙම බෙදා ගෙන කන්නේ..පොඩි අයගෙන් හරි බලාගෙන හැදුන එක ලොකු දෙයක්.
ඔන්න එහෙනම් පලවෙනි බේබදු කතාව පටන් ගමු...මේ සෙට් වීමට මුල අපේ ඔෆිස් එකේ අක්කා කෙනෙක් ගේ බර්ත් ඩේ පාටි එක
පාටිය පටන්ගන්නවා කිව්වේ 6 ට.ඒත් අපි සෙට් එක එක(7 දෙනා) එහෙට ගියා 2 වෙද්දි අක්කට හෙල්ප් එකක් දෙන්න(මේ වෙනකොට ඔෆිස් එකේ අපි 7 දෙනා සෑහෙන්න ජනප්රියයි(අන්ඩපාල වැඩ වලට එහෙම)).
7 දෙනා ගේ නම් කියලා ඉන්නම්කෝ ලේසි වෙන්න කස්ටියට.මම මේ බොරු නම් කියන්නේ හොදද?අයියා බ්ලොග් එකට අප්ඩේට් වැටුනම මගේ මුහුණු පොතේ ලින්ක් යනවානේ...අපේ එකෙක් මේක දැකලා කියෙව්වොත් මගේ බෙල්ල මිරිකයි.එබැවින් නම් පමණක් මනකල්පිත වන අතර ගම් සැබෑ ඒවා බව සලකන්න.හරි මෙන්න සෙට් එක





කුන්ෆු පැන්ඩා:(මට වඩා අලි බඩක් තියෙන හැමතිස්සෙම බඩගිනි කියා ගන ඉන්න පොරක්)

කරදර:අසාධාරණේට වන්ෆොට් වගේ කෙලින් ඉන්න පට්ට වැඩ්ඩෙක්

බාර්නි : කණට ඇහෙන්න වචනයක් කියන්නේ නැති උපාසකයා වගේ ඉන්න හැබැයි මීයෝ දෙන්නා දෙන්නා අල්ලන පොරක්

කොහා : අපේ සෙට් එකේ ඉන්න පැහැපත්ම කොල්ලා(පැහැපත්කම කිව්වොත් කලුවරේ හිටියොත් දත් ටික විතරක් බලාගන්න පුලුවන්).අපි ඉතින් ඒ නිසා ආදරේට කලු ** කියලා තමයි කියන්නේ හෙහ් හෙහ්.

කබ්බා : මේහ් පොරට මේ කාර්ඩ් එක වැදුනේ මේ සෙට් වීමෙන් පස්සේ..කතාව කියෙව්වම තේරෙයි.මේ බුවා ලේසි පහසු නැහැ..ගම අවිස්සාවේල්ල පැත්තේ..බැහැලා දේසපාලනේ කරන පොරක්..අවිස්සාවේල්ල පැත්තේ ආසන සංවිධායක කමකුත් තියනවලුනේ

බ්රම්මේ : මේකා ඔෆිස් එකට එන්න කලින් අමධයප පොරක්..ඒත් නරක මිතුරන් ආශ්රය නිසා දැන් අපිට වඩා බොනවා.(වැරදියට  හිතන්න එපා..අපි කවදාවත් බොන්නේ නැති අයට බොන්න දෙන්නේ නැහැ ඉල්ලගෙන බිව්වොත් මිසක්).මේකා පලවෙනියට  බීපු දවස මතක් වෙද්දී මට ඉස්මොල්ලේ යන්න හිනා යනවා.

අන්තිමට ඉන්නේ ඉතින් මම තමයි මගේ ගැන විස්තර ඕන නැහැනේ ඉතින් !

හරි අක්කගේ බර්ත්ඩේ පාර්ටි එකේ ඉවෙන්ට් ඕගනයිසර්ස්ලා තමයි අපි.මරු ෆන් වැඩ ටිකක් සෙට් කලා හවස එන අයට.ඔන්න දැන් කට්ටියට වැඩ කරලා ඇගට එහෙම අමාරුයි..වෙලාවත් 5 විතර වෙලා.මේ වෙනකොටත් පාර්ටි එකෙන් පස්සේ කුන්ෆු පැන්ඩලහා සෙට් වෙන්න ප්ලැන් කරලා ඉවරයි.කටිටිය හිමින් සැරේ අක්කලගේ ගෙදරින් මාරු වෙලා නුගේගොඩ හන්දිය පැත්තට ආවා බැග් 2 ක 3 කුත් කරේ දාගන.දන්නවනේ ඉතින් බඩු ප්රවාහනය කරන්න බැග් එකක් එපයි.නැත්තන් පොලිස් මාමලා මොනවා හරි හිතුවොත්.

මුලින්ම සෙට් එක ගියේ අක්කට තැග්ගක් ගන්න...ඔක්කොමලම සල්ලි දාලා අක්කට හොද තෑග්ගක් ගත්තා කඩේකින්..පස්සේ නාවල ෆුඩ් සිටි එකට ඇදුනා හිමින් සැරේ.ගිහින් හොද ශොපින් පාරක් දැම්මා.

smirnoff apple බෝතල් 2
Lemon Gin බෝතල් 2
බියර් ටින් 7
24 පැකට් 2(දන්නවනේ මොනවද කියලා)


බයිට් එකටත් සෑහෙන්න දේවල් ටිකක් ගත්තා.
තව මෙගා බීම බෝතල් 4 කුත් ගත්තා




වෙලාව 6.30 ත් වෙලා කටිටිය දැන් බඩුත් අරන් දුවලා අක්කලහට ආවා....ඔෆිස් එකේ අනිත් අයත් ඇවිත්..අක්කේ ගේ කේක් එක එහෙම කපලා හැපි බර්ත් ඩේ සින්දුව කියලා පාර්ටිය පටන් ගත්තා.


බැලුන් ඩාන්ස් පේපර් ඩාන්ස් එකක් එහෙම නැගලා ගියා...හොදම ටික පටන් ගත්තේ පස්සේ...පොඩි බෑන්ඩ් එකක් ගහන්න පටන් ගත්තා..සර්පිනා එකයි ගිටාර් එකයි තබ්ලාවකුයි මරේ මරු...ලස්සණ පරණ සින්දු ටිකක් කියනවා ආසාවේ බැහැ..කට්ටිය නටනවා හෝ ගාලා..ඒත් අපේ සෙට් එකට ඩාන්ස් ස්ටෙප් එන්නේ අඩුවෙන්..energy drinks නැහැනේ..කටිටය කතාවෙනවා මෙහෙම කරන්න බැහැ කියලා...ඊට පස්සේ කට්ටිය තීරණය කලා එතනදීම බෝතලයකට වග කියන්න(දැන් ඔයාලා බලයි පාර්ටි එකේ බොන ජාති තිබ්බේ නැද්ද කියලා ඇත්තටම නැහැ ඒක අපදයම පාටියක්)

කටිටිය හිමින් සැරේ කාට වත් නෝන්ඩි නොවී අක්කලගේ ගේ පල්ලෙහා තිබ්බ පොඩි ගරාජ් එකට ඇඩුනා..ඒකේ තමයි අපේ බඩු ටික හන්ගලා තිබ්බේ...7 දෙනාම ගරාජ් එකේ..මගුලයි දැන් මොකටද කලවම් කරන්නේ..කලවම් කරන්න දෙයක් නැහැනේ...මොනවා කරන්නද ඉතින් Lemon Gin එකක් කඩලා ගත්තා sprite බෝතලේ කුයි එක්ක...දැන් බෝතලේ 7 දෙනාගේ වටේට යනවා...GIn එකෙන් උගුරයි  sprite  එකෙන් උගුරයි.කොහොම හරි වට දෙක යද්දි බෝතලේ හිස්..බියර් දෙකකුත් කඩලා ඒකත් ඉවර කලා..ඔන්න දැන්නම් ටිකක් කික්.

කික් එකේම කටිටිය ආවා නටන තැනට..අප්පා දැන්නේ කට්ටියගේ වන්නම් ටික එලියට එන්නේ...කපල් ඩාන්ස් දානව අරව මේවා එක එක ඒවා...ෆුල් ජොලි හැබැයි කියලා වැඩක් නැහැ....ඊට පස්සේ කට්ටියට කෑමටත් ආරාධනා ලැබුනා..නටලා නටලා මහන්සි නිසා කටිටියම මදි නොකියා කදු කදු බෙදා ගත්තා...කාලා ආයි නැටුවා...11 ට විතර පාර්ටි එකේ අවසාන හරිය උදා වුනා..අපිත් කැබ් එකකට කතා කරලා කුන්ෆු පැන්ඩා ගේ ගෙදර යන්න ලෑස්තිවුනා...
කුන්ෆු පැන්ඩා ගේ ගෙදර ගිහින් වුන ටික මම ඊලග කොටසින් කියන්නම් කෝ...අදට යනවා ටටා..

මේවා කියව්වට කමක් නැහැ කවුරු වත් බොන්න යන්න එපා...ඒක හොද නැති වැඩක්..ඒක මතක තියාගන්න

63 comments:

  1. මලයාගේ කතාව හොදට ලියලා.හැබැයි බේබදු කම නම් හොද දෙයක් නෙමෙයි..

    ReplyDelete
    Replies
    1. පුබුදුවා8 February 2012 at 20:12

      බොහොම ස්තුති කුමාරි හාමි අක්කේ...අනේ මම බේබද්දෙක් නෙමෙයි..ඉන්දලා හිටලා පොඩියට ඉතින් දන්නේ නැද්ද?

      Delete
  2. ඉතින් නොබී කොහොමද ඔහොම රස කර කර කියද්දි? මටත් බොන්න හිතුන අෆ්ෆා..!!

    ReplyDelete
    Replies
    1. ඒක තමා නේද අෆ්ෆා... මටත් හිතුනනෙ.... :)

      Delete
    2. පුබුදුවා8 February 2012 at 20:16

      වින්චැට් කිරිල්ලි අයියෝ එහෙම කරන්න එපා...කවදාවත් බොන්න නම් එපා..

      Delete
    3. පුබුදුවා8 February 2012 at 20:18

      බැහැනේ ඉතින් Shani එක්කත්...හෙහ් හෙහ්..හිතෙන හැම දේම කරන්න එපා අෆ්ෆා හෙහෙහ්

      Delete
    4. උඹ මේ ගැල්ලමයින්ටත් බොන්න පුරුදු කරපන් පුළුවන්නං.. ලොල්..

      Delete
  3. ඉතුරු බෝතල් වලට මොකද කලේ ?

    ReplyDelete
    Replies
    1. පුබුදුවා8 February 2012 at 20:20

      ඔබා මාමට කියන්න ඔය බෝතල් 4 ඔෆිස් එකේ මේස 4 ක් උඩ තාම තියනවා...දැන් වතුර බොන්නේ ඔය බෝතල් වලින් අපි

      Delete
  4. බොන්ඩ එපා කියලා අන්තීමේදි කිව්වට ඒක දැනෙන එකක් නෙවෙයි. බොන එක ගොඩාක් උනන්දු කරලා තියෙනවා කියලා දැනෙනවා.ඇත්තටම බිව්වම වෙන්නෙ මොකක්ද කියලා බීපු අයම කියන කතා මේ පැත්තේ වෙලාවක් තියෙනම් ඇවිත් බලන්න.www.pivisuma.blogspot.com නමුත් ලිවීමේ හැකියාව අගය කරනවා.මනුෂ්‍යත්වය තුළ බොන එක විතරක් නෙවේ තව ගොඩාක් දේවල් තියෙනවා බලන්න.ඒවා ගැන බලන්න ධෛර්යය ඇති වේවා.

    ReplyDelete
    Replies
    1. පුබුදුවා8 February 2012 at 20:23

      අනේ අම්මෝ මම ඔය ඔක්කොම දන්නවා..ඒත් ඉතින් දන්නේ නැද්ද යාලුවෝ සෙටාර් වුනාම හෙහ්...ජීවිතේ මනුෂ‍යත්වය කියන හැමදේමත් මම හොදටම දන්නවා..බොහොම ස්තුතියි ඔබතුමාට අදහස් දැක්කුවට

      Delete
  5. හනෙ අම්මේ....ඇත්තටම මේ දිනේෂ් අයිය නෙමෙයිද...?????????

    මොනව වුනත් මරු කතාවක් වගේ...වින්චැට්කිරිල්ලිට හිතුන දේ මටත් හිතුන....

    ReplyDelete
    Replies
    1. පුබුදුවා8 February 2012 at 20:24

      හලෝ හලෝ නැහැ නැහැ අලේ මම දිනේශ් ගේ මල්ලි..ආහ් හා මේ වින්චැට්කිරිල්ලිට හිතුන දේවල් නම් කරලා අහුවෙන්න එපා :P

      Delete
  6. මට මේ අයියා මලෝ ලා පැටලිලා ඉන්නේ..... හනේ.....

    ReplyDelete
    Replies
    1. පුබුදුවා8 February 2012 at 20:25

      දීනේශ් අයියා මම මල්ලි දැන් හරිනේ බීටෝ

      Delete
  7. අඩේ මලය, අයියව එලවල උඹ ලියපන් දිගටම ;) (විහිලුවට කිව්වෙ දිනේෂ් මලය)

    දැන් ඉතිං මේ සෙනසුරාද සෙට් වෙන්න ඕන... ඔව්ව මතක් කරහම අර අමාරුවෙන් ලියන්නෙ නැතුව ඉන්න බේබදු කතා ටික ලියන්න හිතෙනව බන්...

    ReplyDelete
    Replies
    1. පුබුදුවා8 February 2012 at 20:27

      අඩේ අයියා මට ගහලා එලවයි ඇහ්...ඉස්සර නම් ඉතින් සෑහෙන්න ලිව්වා...දැන්නම් නැත...ඉන්දලා හිටලා සෙට් වෙයන්..හැමදාම පුරුද්දක් කරගන්න එපා සහෝ...ජයවේවා..ආහ් මේහ් ඒ කතා ටිකත් ලියලා දාපන් බන් අපිට කියවන්න

      Delete
  8. ශෙහ්....මාරයි අප්ප....එහෙනම් දිගට ලියන්න සහෝ....ජය වේවා......!!!

    ReplyDelete
    Replies
    1. පුබුදුවා8 February 2012 at 20:27

      හලෝ පිස්සා හික් හික් එල එල එහෙම තමයි හිතන් ඉන්නේ..ජය වේවා ඔයාටත්...

      Delete
  9. හම්මා.. කිරිල්ලි කිව්වා වගේ රස කර කර තමා පෝස්ට් එක ලියලා තියෙන්නෙත්... පවු අසරන කුන්ෆු පැන්ඩා..:D

    ReplyDelete
    Replies
    1. පුබුදුවා8 February 2012 at 20:29

      රස කතා ඉතින් රසට එපයි ලියන්න....කුන්ෆු පැන්ඩා පවු නෑ. :P කොහොමත් දැන් එහේ තමයි අපේ හොර තිප්පොල

      Delete
  10. අකුරු පොඩ්ඩක් ලොකු කරානම්...

    ReplyDelete
    Replies
    1. පුබුදුවා8 February 2012 at 20:30

      එලකිරි අනිවා කරන්නම්..සොරි වේවා

      Delete
  11. මම ‍වගේ පොඩි එ‍කෙක්ට මේක කියවලා බොන්න හිතෙයිද මන්දා...

    ReplyDelete
    Replies
    1. පුබුදුවා8 February 2012 at 20:30

      අහු වෙන්නේ එහෙම නැහැ බීලා...කවදාවත් එපා මල්ලියෝ හොදේ

      Delete
  12. හපොයි අය්ය වගේ නෙවේ මල්ලි!

    ReplyDelete
    Replies
    1. පුබුදුවා8 February 2012 at 20:32

      හෙහ් හෙහ් එක වගේ දෙන්නෙක් ඉන්දලත් හරියන්නේ නැහැනේ

      Delete
  13. ආ වර්ණ බ්ලොග් එකට පාට්නර් කෙනෙකුත් හම්බෙලානෙ..හිහි ඉතුරු ටිකත් ඉක්මනට දාමුකො..

    ReplyDelete
    Replies
    1. පුබුදුවා8 February 2012 at 20:33

      ඉස්සර ඉන්දන් පාර්නර්ලා තමයි..ඒත් මේක තමයි පලවෙනියට ලිව්ව එක..අනිවා ඉතුරු ටිකත් ලියන්නම් ඉක්මනට

      Delete
  14. බොන එක නම් අයියෙ ඒ තරම් හොඳ නැහැ නේද......මොනව උනත් කතාව නම් එල

    ReplyDelete
    Replies
    1. පුබුදුවා8 February 2012 at 20:33

      ඔව් මල්ලි ඔයාලත් කවදාවත් ඒ වැඩේ කරන්න එපා..ස්තුතියි අදහස් වලට :)

      Delete
  15. අකුරු පොඩ්ඩක් ලොකු කරා නම් හොඳා. කතාව ඉක්මනට අනිත් කොටසත් දාන්නකො බලන්න.

    ReplyDelete
    Replies
    1. පුබුදුවා8 February 2012 at 20:34

      හා හොදයි පිණි බිදු...ඉක්මනට දාන්නම් ඉතුරු ටිකත්

      Delete
  16. ෂා!ලෙමන් ජින්!මරුනේ!:P

    ReplyDelete
    Replies
    1. පුබුදුවා8 February 2012 at 20:35

      හික් හික් එලනේ මට හැබැයි ඊට වඩා අනිත් වර්ගෙ හොදා

      Delete
  17. කතාව රස කර කර ලියල...ඉතුරු කතාවත් කියවමුකො...

    ReplyDelete
    Replies
    1. පුබුදුවා8 February 2012 at 20:35

      ස්තුතියි සිහින මතකයන්...ඉක්මනටම ලියන්නම්

      Delete
  18. මේ පුබුදු....ඔයත් පටන්ගන්නකෝ ආයේ බ්ලොග් එකක්....

    කතාවනම් රහයි....ඒත් බොන එක තමා හොඳ නැත්තේ....

    ReplyDelete
    Replies
    1. පුබුදුවා8 February 2012 at 20:36

      ප්ලෑනක් ගසමින් පවතිනවා සිතුවිලි නිහඬයි..බලමු ඉස්සරහට..ඉන්දලා හිටලා අප්පා ඕවා පාවිච්චිය..එච්චරයි

      Delete
  19. නියම වඩකාරයනෙ මළය!

    ReplyDelete
    Replies
    1. පුබුදුවා8 February 2012 at 20:37

      මීට වඩා වැඩ නම් ඉතින් සෑහෙන්න කරලා තියෙනවා හෙහ් හෙහ්..ජයවේවා තනි අලියා

      Delete
  20. ඔය ගමන්ම අයියගේ හොර වැඩ ටිකකුත් ලියල දාපන් මලේ.:)

    "මේවා කියව්වට කමක් නැහැ කවුරු වත් බොන්න යන්න එපා...ඒක හොද නැති වැඩක්..ඒක මතක තියාගන්න"

    ආහ් උඹ ඒක දන්නවා නේද;)

    ඒක නෙමෙයි, අයියගේ බ්ලොග් එකේ ලිය ලිය ඉන්නේ, උඹේ එක ලියන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. පුබුදුවා8 February 2012 at 20:39

      මේකනේ බන් මට මරණ තර්ජන එල්ල කරලා තියෙන්නේ ඒවා එලි කලොත් එල්ලනවා කියලා ඒකනේ වැඩේ

      ඔව් ඔව් ඒවා දැන දැන තමයි පාවිච්චිය.ලියන්න නම් ආසයි.ඉස්සරහට බලමු.ජයවේවා කසුනෝ එහෙනම්

      Delete
  21. නුගේගොඩ ෆුඩ් සිටියෙන් බෝතල් ගත්තා කිව්වා.!!!

    මම දන්න හැටියට ඒකෙ නෑනෙ බන් බාර් එකක්.ඔන්න ජුබිලි කණුවෙ එකේනම් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. පුබුදුවා8 February 2012 at 20:40

      අඩේ මට වැරදුනා බන්..මම පෝස්ට් එක එඩිට් කලා..නුගේගොඩ නෙමෙයි නාවල බන්..ඒකේ ඉතින් නැති මගුලක් නැහැ..හෙහ්

      Delete
  22. නුගේගොඩ ෆුඩ් සිටියෙන් බෝතල් ගත්තා කිව්වා.!!!

    මම දන්න හැටියට ඒකෙ නෑනෙ බන් බාර් එකක්.ඔන්න ජුබිලි කණුවෙ එකේනම් තියෙනවා.

    ReplyDelete
  23. අයිගේම මල්ලි නේ ඉතින් :P මලයා නම් එළ වැඩකරු ආ..

    ReplyDelete
    Replies
    1. පුබුදුවා8 February 2012 at 20:41

      යා යා එලකිරි ChammA

      Delete
  24. බොන සීන් නසාද බං පොස්ටුවේ අකුරු ඇද?????

    ReplyDelete
    Replies
    1. පුබුදුවා8 February 2012 at 20:42

      අයියා බන් මේක පෝස්ට් කලේ..අයියා බීලා ඉන්න ඇත්තේ..මම ඉතින් ඔය බොන සීන් වලට නැහැනේ

      Delete
  25. දැන් කවුද මේ පොස්ට් එක දැම්මේ.මට කැරකිල්ල වගේ.අකුරුත් පොඩි ඇයි අපිට මෙගේම දේවල් කරන්නේ.උඹට මල්ලි කෙනෙක් ඉන්නවද?

    ReplyDelete
    Replies
    1. පුබුදුවා8 February 2012 at 20:45

      අයියා පොස්ට් එක දැම්මේ...මම තමයි ලිව්වේ..දැන් කමෙන්ට් කරන්නෙත් මම..මෙහෙමයි මුලින් අපි යාලුවෝ...පස්සේ කාලයත් එක්ක ඒක සහෝදරකමකට පෙරලුනා :)

      Delete
  26. මල්ලි පට්ට කොල්ලෙක් ය !!!
    අද පෝස්ට් එකේ අකුරු පොඩියි. ඒ මදිවට ඇඳ වෙලා ය. මල්ලි බීලා ඉන්න වෙලාවක ලියුවද දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. පුබුදුවා8 February 2012 at 20:46

      හලෝ හලෝ...කෙලින් තියෙන ලොකු අකුරින් පෝස්ට් එක යැවුවේ...ඒත් පබ්ලිශ් වෙද්දි අකුරු පොඩි වෙලා ඇද වෙලා..අයියාත් සූර් වෙලාද දන්නේ නැහැ හිටියේ

      Delete
    2. පොඩ්ඩක්වත් ඉතුරු නැද්ද මල්ලි ? මේ කොකාකෝලා එක බොන්න විස්කි සැර චුට්ටක් තිබ්බා නම් හරි. නැත්නම් අපරාදේ නේ !!! විසික් කරන්න වෙන්නේ !!!

      Delete
  27. අයිය නම් අමද්‍යප සංගමේ හිටපු ගරු සභාපති කිව්වා...අයියගෙ මල්ලි??? :P

    ReplyDelete
    Replies
    1. පුබුදුවා8 February 2012 at 20:47

      මම ඇන්ටි අමද්‍යප සංගමේ හිටපු ගරු සභාපති....

      Delete
  28. බ්ලොග් එක අයියගෙ නිසා මලයගෙ මේ වැඩ වලට වගකියන්න ඕනෙත් අයියා.. :D

    ReplyDelete
    Replies
    1. පුබුදුවා8 February 2012 at 20:47

      අන්න හරි ඔයාට විතරයි ඒක තේරුනේ..

      Delete
  29. අපොයි... බොන එක නම් හොඳ දෙයක් නෙවෙයි තමයි. ඔය අමද්‍යප ඈයෝ මේක කියවලා බේබද්දෝ වෙනවා එහෙම නෙවෙයි.....

    ~~**දඟ මල්ල**~~~

    ReplyDelete
    Replies
    1. පුබුදුවා8 February 2012 at 20:48

      අනේ අම්මෝ ඔව් ඔව්...කවුරුවත් එහෙම කරලා මට අහු වෙන්නත් එපා..මම වසයි හෙහ් හෙහ්...ස්තුතියි දඟ මල්ල

      Delete
  30. ඔය බෝතල් වල නං ටික කියෙව්වත් සනීපයි......24 ඇති උනාද......

    ReplyDelete
  31. හිකිස්....සෑහෙන්න බෝතල් ටිකකට වග කියලනේ...

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්