Wednesday, 22 February 2012

මැඩම් එලිසබත්

මම  A/L ඉවර වෙලා නිදහසේ සන්තෝසෙන් ඉන්න කාලේ අපේ අම්මට ගොඩක් ඕන කම තිබුනා මට ඉංග්‍රීසී ටිකක්  උගන්නන්න.. ඉතින් මට කඩු හරඹ බැරි නිසාම නෙමෙයි.. ටිකක් විතර කඩුව මුවහත් කරලා තියාගන්න.. ඉතින් විභාගේ ඉවර වෙලා ටික කාලයක් යද්දිම ඔය වගේ දෙයක් ඇහෙනවා කියන්නේ කනට මී පැණී වක්කරනවා වගේ දෙයක්නේ.. මමනම් ඉතින් හිටියේ  මට බෑකියන ඒකමතික තීරණේ..

කොහේද ඉතින් අපේ අම්මා මගේ යාළුවාගේ අම්මා එක්ක කතා කරලා මේ ගැන කියලා.. අපේ එකාට කිවුවට මේවා ගැන හොයන්නේ නෑ.. හින්දා මේ දෙන්නවම යවන්න හොද තැනක් බලන්න කියලා.. ඉතින් යාළුවගේ අම්මත් ගොඩක් දවස් හොයලා හොයලා එක තැනක් හොයාගෙන තිබුනා..

ඒක ඇවිත් මේ මහරගම පැත්තේ තනි තනිව උගන්න පන්තියක්.. ගෙදරක තියෙන්නේ.. ගෙදරක උනාට ගානනම් හරි ඉහලයි.. තති තනිව කිවුවට ඉතින් සම වයසේ අය එකතු වෙලා උනත් යන පුළුවන්.. මමත් ඔතින් මගේ අපාය සහායක මිත්‍රයත් එකතු කරගෙන ඔතනට යන්න හිතා ගත්තේ තරම්ම කැමැත්තකින් නම් නෙමෙයි..


අපිට උගන්නන හිටපු මිස් හරියට ලන්ඩන් වලින් ආපු කෙනෙක් වගේ.. ඇදුම, ගමන, කතාබහ හරියට එංහලන්ත මහ රැජින වගේ.. කාටත් නම් පට බැදලා හුරු මට ඉතින් දැක්ක ගමන් මෙයාටත්මැඩම් එලිසබත්කියන අනුවර්ථ නාමය හිතට ආවේ ඉබේටම වගේ.. හැබැයි ඉතින් අපි පන්තියට ගිය මුල් දවසෙම මැඩම් එලිසබත් අපිට එයාගේ පළවෙනි නීතිය දැම්මා..

                       SPEAK ONLY IN ENGLISH

ඔය කරලා තියෙන්නේ ඉතින්.. දැන් එතකොට අපි දෙන්නා එයා නැති වෙලාවටත් කතා කරන්න ඕන ඉංග්‍රීසියෙන්ද? මට අහන්න හිතුනට ඇහුවේ නෑ.. හැබැයි ඒකත් එහෙම තමයි.. මොකද දවසක් අපේ රහස් කුමන්ත්‍රණයක් අහන් ඉදලා අපිට කඩුව දික් කරන් ආවේ අර කලින් කියපු නීතිය අමතකද කියලා.. නිසා අපි දෙන්නා පන්තියේනෝ කතා  තියරිය අනුගමනය කලා..

උනාට ටික දවසක් යද්දි පන්තියේ වැඩ අපිට ගොඩක් අල්ලලා ගියා.. ( මැඩම් එලිසබත්ගේ දූ කුමාරිකාව නිසා නොවන බව වගකීමෙන් ප්‍රකාශ කරමි..) ගොඩක් වෙලාවට අපිට ඉගෙන්නුවේ ප්‍රායෝගිකව.. සමහර දාට එක මාතෘකාවක් දිගේ අපි කලේ පැය දෙකම කත අකරන එක.. ආදරය එතකොට අර අපිට 9වසර සෞඛ්‍ය පොතේ තිබිලා කවදාවත් ඉගැන්නුවේ නැති පාඩම් වගේ දේවල් කියද්දි නම් අපිටත් නොදන්න ඉංග්‍රීසි හොදට මතකෙට එනවා.. අන්තිමේ බැරි බැරි ගාතේ පටන් ගත්ත පන්තියට සතියට දවස් දෙකක් අපි ගියා..

ඉතින් මැඩම් එලිසබත් කියන්නේ ඉතින් වයසට ගියත් කෙල්ල වගේ ඉන්න සෑහෙන උත්සාහයක් දෙන කෙනෙක්.. ගොඩක් වෙලාවට පන්තියේ උගන්නන්න එන්නෙත් තියෙන රූපලාවන්‍ය වැඩ ඔක්කොම කරලා.. සමහරදාට ඉතින් අපි ගිහින් බලා ඉන්නවා ගොඩක් වෙලා මෙයා ලෑස්ති වෙලා එනකම්.. දවසක් අපි මෙහෙම පන්ති ගිහින් ඉන්න දවසක ටික වෙලාවකින් මැඩම් එලිසබත් අපිට කතා කලා..

                             Boys I Nead a Help

අපි දෙන්නත් ඉතින් ඉක්මනට දුවලා ගියා.. හිතුවෙම අර අඩි උස සපත්තු දෙක දාගෙන ඇව්දින්න ගිහින් බිම වැටිලා කියලා.. බැලින්නම් එහෙම දෙයක් නෙමෙයි.. මෙයා ඉන්නවා යස අගේට.. මොනාද මන්දා රබර් බට කෑලි වගේකුයි තව මොනාදෝ ආම්පන්න වගේකුයි අතේ තියාගෙන.. ( දැං මේ කට්ටිය එක එක ඒවා හිතනවා ඇති..)

අපිත් ඉතින් ලං වෙලා කඩුව දාලා ඇහුවා මොකද කෙරෙන්න ඕන කියලා.. මෙන්න එයා ඒ පාර අර තිබ්බ බඩු මුට්ටු ඔක්කොම අපේ අතට දුන්නා.. අපිත් බැළුවා මොනවද කියලා.. බැලින්නම් ඒක ඇවිත් මේ ව්‍යායාම කරන්න ගන්න උපකරනයක්.. මෙන්න මේ වගේ.. 



ඉතින් අපිත් කුතුහලයෙන් බලාගෙන හිටියා මොකද කරන්නේ කියලා.. මෙයාත් මේක කොහෙන්ද මන්දා ඕඩර් කරලා අරගෙන භාගයක් හුලං ගහලා තියාගෙන ඉන්නවා ඉතුරු ටික ගහගන්න බැරුව.. අර භාගෙට හුලං ගහපු බෝලෙත් අපිට දීලා කිවුවේ නැතැයි ඉතුරු හුලං ටික ගහලා දෙන්න කියලා..

අපිත් ඉතින් ඕක මහ ලොකු දෙයක්ද කියලා පටන් ගත්තා හුලං ගහන්න.. ටිකක් වෙලා යද්දි තමයි වැඩේ ගැන අපිට තේරුනේ.. අර බෝලේ හොද ගානට එන්න හුලං ගන්න බෑ ලේසියට.. අපි දෙන්නම මාරුවෙන් මාරුවට ට්‍රයි කලා.. අත් දෙකටත් හොද ගනන්.. ඒත් ඉතින් මග නවත්තලා " බෑ " කියලා සෙකන්ඩ් වෙන්නද?

කොහොමහරි එදා පන්ති වෙලාව ඉවර වෙනකන්ම අපි දෙන්නා අර බෝලෙට හුලං ගැහුවා.. ඔකෙන් කෙරෙන්නේ හරියට යෝගා ව්‍යායාමයක් වගේ එකක්.. ඉතින් ඕක උඩ වාඩි වෙන්න වාඩි වෙන කෙනාගේ බර දරාගන්න පුළුවෙන තරමට මේ බෝලේ හුලං තියෙන්න ඕන.. අඩුවෙනුත් බෑ.. බැඩියෙනුත් බෑ.. කොහොම හරි ඉතින් අපිත් අති සාර්ථකව අපිට පැවරුන වැඩේ ඉවර කලා.. අපිට ඉතින් බොන්න හොද බීම එකකුත් හම්බුනා.. පස්සේ අපිත් අපේ පාඩුවේ ගෙදර ආවත් දවසක් විතර යනකම් අත් දෙක උස්සන්නවත් බැරුව හිටියේ.. හරියට නිකං ජිම් ගිය පළවෙනි දවස වගේ..

ඔය පන්තියටම වෙනින් දවසක හවස තමයි මගේ යාළුවගේ මල්ලිත් යන්නේ.. ඉතින් අපේ වීර ක්‍රියාවෙන් පස්සේ පන්ති ගිය දවසක මැඩම් මල්ලි එක්ක කියලා අයියලා මට ලොකු උදවුවක්නේ කලේ කියලා.. අපේ ක්ලාස් එකේ නැති උනාට ඒකේ කෙල්ලොත් ඉන්නවා.. උන්ටත් හිනාලු මේ වැඩේ අහලා..

මම ලංකාවෙන් එකකම්ම වගේ අපි ඒ ඉංග්‍රීසි පන්තියට ගියා.. මොනවා උනත් මැඩම් එලිසබත් ඔය ආදරය, ධනාත්මක චින්තනය, යෞවනය වගේ කාරණා ගැන කියලා දුන්න පාඩම් නම් ඒ දවස් වල විනෝදය සදහා පමණක් අපි මාතෘකාවක් කර ගත්තට ඒවා අතරේ කිය උන සමහර කරුණු දැන් ජීවිතේට කොච්චර සමිපද කියලා හිතෙනවා..



60 comments:

  1. හරි හොඳ ටීච කෙනෙක් වගේ අයියේ....මටත් උන්න මේ වගේ ටීච කෙනෙක්. හරිම හොඳට ඉංග්‍රීසි ඉගැන්නුවා අපට

    ReplyDelete
    Replies
    1. ඔව් නංගී ගොඩක් හොද කෙනෙක්.. පාඩම් වලට වඩා ජීවිතේ ගැන කියලා දුන්න කෙනෙක්..

      Delete
  2. ස්තුති පූර්වක ගුරු ගුණ මතක් කිරීමක්, ලස්සන මතක සටහනක්.

    පලි: මීට කලින් පොස්ට් කිහිපයක් කියවන්න ආ විට ලෝඩ් වුනේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ලොඩ් උනේ නෑ කියන එක පුදුමයි..

      Delete
  3. හරි අපුරු ඉංගිරිසි පන්තියක්නේ බං....
    මටත් ඒ දවස්වල ඉඳලම කඩු පන්ති අරහං, අර පුංචි කාලේ ගිය පන්තිය ඇරුනම අනිත් ඒවාට ගියේ හරිම කම්මැලි කමෙන්

    ලංකාවට ගියාම ආපහු කඩුව මුවහත් කරගන්න හිතාගෙන ඉන්නේ
    මේ වෙද්දී භාෂා කීපයක් එක්ක කඩුව කලවම්වෙලා දැන් අමුතුම භාෂාවක් තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. මටත් ඔය භාශා කවලම් උන ප්‍රශ්ණේනම තියෙනවා.. යාලූවා දාපු පෝස්ට් එක නිසා තමයි මටත් මේක මතක් උනේ..

      Delete
  4. අත්තට කොහෙද ඔය පන්තිය තියෙන්නෙ මට විස්තර ටිකක් දෙන්න බැරිද
    lanka.x2@gmail.com

    ReplyDelete
  5. මටත් කියන්නකො ඔය clz එක තින දිහව
    ඇත්තටම හොදයිද ඒක
    lanka.x2@gmail.com

    ReplyDelete
  6. මටත් කියන්න බැරිද ඒ clz එක ගැන
    ඇත්තටම හොදයිද ඒක
    lanka.x2@gmail.com

    ReplyDelete
    Replies
    1. දැන් මැඩම් එංගලන්තේ පදිංචියට ගිහින්.. මම ගිය පාර ලංකාවට ගිය වෙලේ බලන්න ගියාම තමයි දැන ගත්තේ..

      Delete
  7. මොනවා වුනත් හොදට ඉංග්‍රීසි කියලා දීලා තියෙනවා වගෙයි.ලියන එකනම් කොහොම හරි කරගත්තෑකිනෙ මල්ලි.කතා කරන එක තමා වැදගත්.මිස් ඒක හොදට තේරුම් අරන් ඉදලා..

    ReplyDelete
    Replies
    1. ඇත්ත අක්කේ.. අපි ලියන්නයි කියවන්නයි බය නෑ.. කතා කරද්දි තමයි බය.. අන්න ඒකයි අපි හදා ගන්න ඕන..

      Delete
  8. මට නම් හිතුනෙම වෙන දේකට කතා කරන්න කියලා. සික් කොහෙද ආතල් එක කෑවනේ.

    ReplyDelete
    Replies
    1. උඹලගේ කැත හිත්නේ ඉතින්..

      Delete
  9. මමත් ගියා නේන්නම් ඔහොම පන්තියකට පොඩි කාලෙ... මතක් වෙද්දිත් හිනා යන සීන් තියෙනව :)

    ReplyDelete
    Replies
    1. ඉතින් එහෙනම් ලියමුකෝ බලන්න...

      Delete
  10. මම හිතුවෙ මැඩම් දුව ගැනත් කියයි කියලා..
    ඒක නෙවි දැන් මල්ලිට හොඳටම ඉංග්‍රීසි පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. එයා ගැනත් ඉතින් කතා කලා.. ලංකාවෙන් එද්දි නම් සාමාන්යෙන් කතා කරන්න පුළුවන්.. ඒත් ඉතාලි කාරයෝ එක්ක ඉදලා දැං දැං ටිකක් විතර අවුල් වෙලා තියෙන්නේ..

      Delete
  11. මාර මැඩම් කෙනෙක්නේ. කතාව කියවගෙන යනකොට හිතෙනව හොදට උගන්නන්න පුළුවන් ප්‍රායෝගික කෙනෙක් කියල.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. ප්‍රයෝගික දැනුමනම් හරිම ඉහලයි..

      Delete
  12. මමත් ඉන්ගිරිස් ඉගෙන ගන්න ගිය මැඩම් කෙනෙක්ට හුලං ගැහුවා. හරි සෝක් මැඩම්. ඉන්ගිරිසිත් ඉගෙන ගත්තා. හුලනුත් ගැහුවා..

    ReplyDelete
    Replies
    1. මැඩම්ට හුලං ගැහුවා කිවුවේ රස්නෙටද එහෙම නැත්නම්..

      Delete
  13. ඔබ මේ කියා තියෙන කරුණු අනුව මැඩම් එළිසබත් ඔබලාට නොදැනෙන්නම ඔබලාට හොඳ සේවයක් කල කෙනෙක් වගේ . මෙහෙම ගුරුවරු දැන් අඩුයි නේද ?

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්තටම මෙහෙම අයය් අඩුයි.. පොතක එසයින්මන්ට් එකක් දීලා ඒකේ හරි වැරදි බලන එකෙන්ම් විතරක් දැනුමක් ලැබෙන්නේ නෑ..

      Delete
  14. “ඒ උනාට ටික දවසක් යද්දි පන්තියේ වැඩ අපිට ගොඩක් අල්ලලා ගියා.. ( ඒ මැඩම් එලිසබත්ගේ දූ කුමාරිකාව නිසා නොවන බව වගකීමෙන් ප්‍රකාශ කරමි..)“

    ආ........හා.........

    ReplyDelete
    Replies
    1. මෙයාලා කතාවේ අල්ලගන්නේ ඔය වගේ තැන්මනේ.. :)

      Delete
  15. 1.ඔය උපකරණෙ මොකද්ද දන්නෑ :D :P

    2. “ඒ උනාට ටික දවසක් යද්දි පන්තියේ වැඩ අපිට ගොඩක් අල්ලලා ගියා.. ( ඒ මැඩම් එලිසබත්ගේ දූ කුමාරිකාව නිසා නොවන බව වගකීමෙන් ප්‍රකාශ කරමි..) ශුවර්ද?

    3. කඩු මුමහත් කරන්න ඉතිං කොටන්නම තමා ඔ්න!

    ReplyDelete
    Replies
    1. 1. මමත් දැන ගත්තේ හුළං ගැහුවට පස්සේ..

      2. 100% ශුවර්.. මොකද එයා වැඩිමල්.. අන්න මම අලියා වගේ උනානම් එහෙම කියන්න බෑ.. :)

      3. ඒ දවස් වලනම් ඉතින් හිතුවේ එහෙම තමයි..

      Delete
  16. දු කුමරිය ඉන්නවද දන්නෑ තාමත්,මටත් ඒ පන්තියට යන්න!:D

    ReplyDelete
    Replies
    1. දැන් දූ කුමාරිකාවවත් මැඩම් එලිසබත් වත් නෑ...

      Delete
  17. හරි ම ප්‍රායෝගික ටීචර් කෙනෙක් නේ. ඇත්තට ම ඒක තමයි විය යුත්තේ.....

    ~~~**දඟ මල්ල**~~~

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ඔව්.. පොතට සීමා උන දැණුමම විතරක් මදි..

      Delete
  18. // ( ඒ මැඩම් එලිසබත්ගේ දූ කුමාරිකාව නිසා නොවන බව වගකීමෙන් ප්‍රකාශ කරමි..)“//

    මේ ගැනත් තව මොනා හරි කියාවි කියලයි හිතුවෙ..:D

    නියම පංතියක්නෙ අයියේ!!! දැන් අයියාට කඩු හරඹ එලටම පුළුවන්ද??

    ReplyDelete
    Replies
    1. ඒ ගැන කියන්න දෙයක් නෑ හලෝ.. ඒකයි කිවුවේ නැත්තේ.. අපි ඒ දවස් වල හොද ළමයිනේ..

      කඩු හරඹ පුළුවන් කියන්නේ නංගී මම දවසක් සුද්දෙක්ටත් කිවුවා කණේ ඇගිලි ගහගන්න..

      Delete
  19. :D අද කාලෙ දකින්න අඩු ප්‍රායෝගික කඩුගුරුතු‍මියෙක් නොවැ.. එහෙම ගුරුවරු ලැබෙන්නත් පිං කරන්න ඕනලු..

    ReplyDelete
    Replies
    1. ඒ වගේම තමයි මැඩම්ට අපි වගේ ගෝලයෝ ලැබෙන්නත් පිං කරන්න ඕන..

      Delete
  20. ඒ පන්තියට තාම ළමයි [ලොකු ළමයි] ගන්නවද ?

    ReplyDelete
    Replies
    1. ඔබා මාමා ඒ පන්තියට ගියානම් අයියයි නංගියි වගේ ඉන්න තිබ්බා.. එතකොට හුලං ගැහිල්ල.. එක්කෝ ඒ හරිය ඕන නෑ..

      Delete
  21. දැන් එතකොට උඹට ඉංගිරිස් පුළුවන් උනාද ඔය මැඩම්ගෙ පංතියට ගිහින්?

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි O/L A/L නම් ගොඩ දාගත්තේ එයාගෙන් නෙමෙයි.. ඒත් පස්සේ කාලේ කතාව පුරුදු උනේ නම් එයාගෙන්..

      Delete
  22. හොඳ ටීචර් කෙනෙක් වගේ.. කොහොම වුනත් මැඩම් එලිසබෙත් පැවරුව වැඩේ නම් මරු.. ඔය දූ කුමාරිකාව ගැන නොකිව්වට එහෙම කෙනෙක් ඉඳලා තියෙනවා වගේ මට පේන විදියට..

    ReplyDelete
    Replies
    1. දූ කුමාරිකාවක් හිටියා හරියට ඩයනා කුමරිය වගේ.. එයාගේ හරි ගනන් නංගි ඒ දවස් වල..

      Delete
  23. මේ කතාව කියෙව්වම අපේ ඉංග්‍රිසි මිස් ව මතක් උනා. අපේ මිස්ට තිබ්බා සෑහෙන ගැඹුරු බුරියක් !!!! මිසුත් කොයිවෙලේත් ඒක පෙන්න පෙන්න ඉන්නේ. මාත් තව කොල්ලෙකුයි සෑහෙන්න කතා උනා මිස්ගේ බුරියට පනිට්ටුවකින් පතුර පුරවන්න !!!

    ඕක නිසාම අපට ඉංග්‍රිසි ඉගෙන ගන්න හම්බ උනේ නෑ

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනේ කියන්නේ.. මොකටද වැරදි වැඩ කරන්න ගියේ.. ඔය සමහර ඒවා කොච්චර පිරෙවුවත් පුරවන්න බෑ...

      Delete
  24. හ්ම්ම්ම් ඔව් ඔව් ..කඩුව නිකම්ම තිබුනොත් මොට්ට වෙනවා ..ඒක නිසා කොටන්නම් ඕනි ..එකනේ අර කියන්නේ යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද කියලා..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.. ඉතාලියට ආවට පස්සේ භාවිතේ නැති නිසාම දැන්නම් මොට වී ගෙන එන්නේ..

      Delete
  25. ඇයි මොකද උඹල ගෑණු ළමයි නැති පන්තියට ගියේ..

    ReplyDelete
    Replies
    1. නෑ නෑ අපි ගිය පන්තියට ගෑණු ළමයි ආවේ නෑ..

      Delete
  26. ඉංගිරිසි පන්තියෙදි මම නං කට ඇරියේ නෑ...අර රබර් කෑලි කිව්වම පහල පිංතූරේ දැක්කම තමයි හිත හැදුනේ....

    ReplyDelete
    Replies
    1. එහෙම පුළුවන්ද ඉතින් ඉංග්‍රීසි ඉගෙන ගන්න.. අනේ මන්දා ඉතින් අයියා මොනවා හිතුවද කියලා..

      Delete
  27. ම්ම්ම්..මටත් අපි ඒ කාලෙ ගිය පන්ති මතක් වෙනවා...

    ReplyDelete
    Replies
    1. එහෙනම් වැඩියෙන්ම සුන්දර එකක් ගැන ලියමුකො..

      Delete
  28. අර වගක්කිමෙන් ප්‍රකාශ කරපු එක වගකීමෙන්මද කිව්වේ?

    ReplyDelete
    Replies
    1. සෑහෙන්න වගකීමෙන් කිවුවේ..

      Delete
  29. ඔයාටත් වෙන්නේ පුදුම වැඩ තමා

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත අක්කේ.. ඒත් ඉතින් සුන්දර මතකනේ..

      Delete
  30. මගේ ඉංග්‍රීසි පන්තියටනම් මම අවුරුදු 7 ගියා. ඒ පන්තියේදී තමයි මගේ අත් අකුරු හැඩ ගැහුවේ. අවුරුදු 5 ඩබල් රූල් පොත් පිරෙන්න ලියල ලියල.. වැල් අකුරු හිටන්.. අද මගේ ගුරුතුමාට අවුරුදු 90 ක් විතර. එත් එදා ඉඳල අද වෙනකම්ම හැම සිංහල අවුරුද්දකමත් ඒ නැතත් මම ලංකාවට ගියොත් හරි අනිවාර්යෙන් ගිහින් මම මගේ ගුරුතුමා බලල එනවා.

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඒත් ඇත්තටම හොද ගුරුවරයෙක්.. මටත් මතකයි මගෙත් අත් අකුරු හදන්න පොඩි කාලේ ගුරුවරු උත්සාහ කලා.. හැබැයි ඒ කවුරුවත් අයියට වගේ අවුරුදු 5ක්ම් පස්සෙන් ඉදන් මග පෙන්නුවේ නෑ..ටික කාලෙකින්ම උත්සාහය අත ඇරියා..

      Delete
  31. හේ හේ මටත් කෙනෙක්ව මතක උනා. නෑ එක්කෝ එක කියන්න ඕනා නැහැ :ඩි

    ReplyDelete
    Replies
    1. අන්න අන්න.. එහෙම බෑ නංගියේ..

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්