Tuesday, 21 February 2012

සැනහී මියෙමි..

උපාධියත් අතට අරන් කැම්පස් එකෙන් පිටවෙන දවස තරම් සතුටු දවසක් තරුණ හිතකට තියෙන්න විදිහක් නෑ කියලා මම දන්නවා.. ඒත් අද ඒ සතුටට වඩා හිත පාරවන දුකක් මගේ හදවතට  වද දෙද්දි මේ සතුට පුංචිම පුංචි දෙයක් කියලා මට හිතෙනවා..

“ මොකො රුවා උඹ මේ මූණ එල්ලගෙන?”

“ නෑ මචං.. එහෙම මුකුත් නෑ..”

“ මුකුත් නැත්තේ මොකද බං.. උඹ දිහා බැළුවම හොදටම තේරෙනවා උඹ ඉන්නේ දුකින් කියලා..”

“ අද සමහරවිට කාව්‍යාව දකින අන්තිම දවස වේවි..”

“ උඹ තාමත් ඒ ගැනම නේද හිතන්නේ?”

                                ................................

කැම්පස් එකට මුලින්ම ආපු දවසේ ජ්‍යේශ්ඨයන්ගෙන් රැග් කද්දි අහම්බෙන් වගේ දැක්ක ඒ ලස්සන ඇස් මේ විදිහට ජීවිත කාලෙටම අමතක කරන්න බැරි මතකයක් ඉතුරු කරාවි කියලා මමවත් කාව්‍යාවත් ඒ වෙලාවේ හිතන්න නැතුව ඇති.. 

එකම ෆැකල්ටියේ ඒ මේ අත යද්දි නිතරම හම්බුන අපේ ඇස් කොච්චර දේවල් නම් කතා කලාද? දෑස් වලින් කතා කරපු දේවල් වචනයට පෙරලද්දි ඒ හැගුම් වල තිබුන ආදරය ඔයාටත් මටත් දැනුනා.. ඒ නිසාම අපි කොච්චරනම් අපිට ලං උනාද.. අපි ලගත් අනිත් හැම පෙම්වතුන් ලග වගේම සුන්දර හීන තිබුනා.. අපේම ලෝකයක තනි වෙන හැම වෙලාවක්ම ඔයත් මමත් ලස්සන බලාපොරොත්තු තියා ගත්තේ ඒ නිසා වෙන්න ඇති..

ඒත් මේ පුංචි රටේ ඉපදුන අපිට ආදරේදි කොච්චර නම් වැට කඬුළු බැදිලද? ඇහැට පේන්නේ නැති මහා පවුරු අපි අතරේ බැදිලා කියලා එකම එක පාරකටවත් අපිට දැනුනේ නැත්තේ ආදරයට මේ හැම දෙයක්ම යට නිසා වෙන්න ඇති.. කතෝලික මම නුඹට ආදරය කල එක වරදක්ද?

                                      .............................

“ කාව්‍යා මගේ පළවෙනි ආදරය උන කොට කොහොමද බං මම එයාව අමතක කරන්නේ?”

“  මට උඹව තේරෙනවා රුවා.. ඒත් කාව්‍යා උඹට එයාගේ තීරණේ කියලා ඉවරනේ..”

“ හ්ම්ම්.. ඒත් මම කාව්‍යාට දොස් කියන්නේ නෑ බං..”

“ ඒ උනත් මචං කාව්‍යාට..”

“ නෑ මචං.. මම දන්නවා උඹ කියන්න හදන දේ..”

“ දැන් ඔන්න ඕවා අල්ලලා දාමු..”

“ අද අන්තිම වතාවට කාව්‍යාත් එක්ක විනාඩියක්වත් කතා කරන්න ඇත්නම්..”

“ ඒ මොකටද?”

“ එකම එක දෙයක් කියන්න..”
 

ආදරයේ
මල් වැසි වසින දිනයක
ඇවිදින් නුඹ මගේ පාළු විජිතයට
ආදරයේ සුමුදු පහසින්
එකළු කරවූ මගේ දිවියෙන්
ආලෝකයක් වන්නට
පෙරම නුඹේ ලොවට
වෙන් වන්න
උනත් අපිට
පෙර කල පවකට
සැනහී මියෙමි
පවසා දිනයක
නුඹට තවම මා
පෙම් කරනා තරම්..











60 comments:

  1. "පෙර කල පවකට
    සැනහී මියෙමි
    පවසා දිනයක
    නුඹට තවම මා
    පෙම් කරනා තරම්.."

    ආදරය කරද්දි ඒ වැටකඬුළු බාධක නොතිබුණත් සමාජයේ සමහර හිත්වලින් ඒ භේද තවමත් තුරන්වෙලා නැහැ... හිතට දැනුන කවියක්ම නොවූ සිතුවිල්ලක්.. :)

    ReplyDelete
    Replies
    1. ඔව්.. පෙම්වතුන්ට මේ දේවල් ප්‍රශ්ණයක් ඔවුනට සමාජය තමයි මේවා ප්‍රශ්ණ කර ගන්නේ..

      Delete
  2. රහසේ මියැදෙමි
    සඟවා ප්‍රේමය
    හෙලිවුනොතින් නුඹ
    මියැදෙයි සැකයෙන්

    මමනම්......:)

    ReplyDelete
    Replies
    1. කලින් ඉදන්ම දන්න ආදරේ ගැන කිවුවට කමක් නෑනේ..

      Delete
  3. ඇතැම් සමුගැනීම් හරි වේදනාකාරී.

    ReplyDelete
  4. අපේ ලොකු අම්මගේ පුතා හෙන සටනක් කරලා කතෝලික අක්කා කෙනෙක් බැන්දා...ඒ දෙන්නා හරිම හොඳට ඉන්නවා අද..

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඔවුන් වාසනාවන්තයි.. ඇත්තටම ඕක එච්චරම හිතන්න ඕන ප්‍රශ්ණයක් නෙමෙයි..

      Delete
  5. ඇත්තටම ඔහොම දේවල් ඕනෙතරම් කැම්පස් වල සිද්ධ වෙනවානෙ.. හිතට වදිනවා..ලස්සන සිතුවිල්ලක් අය්යෙ.

    ReplyDelete
    Replies
    1. කැම්පස් වල විතරක්ම නෙමෙයි නංගී...

      Delete
  6. හ්ම්ම් ආදරයට කොහෙදෝ බාධා නෑත්තේ ?

    ReplyDelete
    Replies
    1. ආදරයට කොතනත් වැඩ කඬුළු..

      Delete
  7. ආදරය කරන අයට පොදු දෙයක් තමයි වෙන්වීම! කාටවුනත් දවසක ඔය දේ වෙන්න පුළුවන් කියලා හිතාගෙන වැඩ කළා නම් හරි!

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත අයියේ.. ආදරය, වෙන්වීම, විරහව කියන දේවල් එකට බැදිලා තියෙන්නේ..

      Delete
  8. මේ වගේ බාධා නිසා වැළලුනු ආදර කතා කොච්චර නම් ඇද්ද??:-/

    ReplyDelete
    Replies
    1. අනන්තවත් ඇති..

      Delete
  9. ඔව්ව ඔහොම තමා... කියනව ඇරෙන්න මොනා කියන්නද... නිර්මානය එල

    ReplyDelete
    Replies
    1. සමාජය වෙනස් වෙන තුරාවට මේවා මෙහෙමම පවතිවි..

      Delete
  10. ආදරේ පවතින්නෙ එක්නෙකා අනිකාට දක්වන ආදරය එක්ක..හරියට තනි අතින් ගහන අත්පුඩිය සද්ද නෑ වගේ..

    ReplyDelete
    Replies
    1. ඇත්ත අක්කේ.. ආදරයෙදි හිත් දෙකම එක වගේම ආදරෙන් ඉන්න ඕන..

      Delete
  11. අද ඔය ප්‍රශ්න වැඩිපුර නෑ නේද?

    ReplyDelete
    Replies
    1. එතරම්ම නැතත් ටිකක් විතර තියෙනවා..

      Delete
  12. සමහර වෙලාවට කෙනෙක් කවමදාවත් නොහිතුව කෙනෙක්ගෙන් ආදරයක් ලැබෙනව.ඒ ලැබුන ආදරය නිසා එයත් ආදරය කරනව, ලෙන්ගතු වෙනව​, ඒ කෙනාගෙ මුළු ජීවිතයම ඒ ලැබුන කෙනා කියල දැනෙනව....ඒත් නොහිතුව කෙනාගෙන් ලැබුන ඒ ආදරය කවදාවත් හිතන්න බැරි විදිහකට,හිතුවෙවත් නැති වෙලාවක් හිතට මහ දුකක් එකතු කරන් කවමදාවත් නොඑන්න ඈතකට යන්න යනව.... :( ලැබිල නැතිවුන ආදරයක් ගැන දුක් වෙන එක තේරුමක් නැහැ තමයි.ඒත් සමහර හිත් වලට ඒ ආදරය අමතක කරන්න කවමදාවත් ලේසි නැහැ.....

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. අහිමි උන දෙයක් වෙනුවෙන් බලාගෙන ඉන්න එක මෝඩ වැඩක්.. ඒත් අපි එහෙම කොච්චර හිතන්න උත්සාහ කරත් අපේ හිත ඒකට ඉඩ දෙන්න්නේ නෑනේ..

      Delete
  13. අනේ..අපේ කැම්පස් එකේනම් ඔහොම ඒවා වුනේ ගොඩක් වෙලාවට කුලේ නිසා තමයි.මොනවා කරන්නද??

    ReplyDelete
    Replies
    1. අහක ඉන්න “කුලේ“ට නං බනින්න එන්න එපා හරී. කුලේ කියන්නෙ හික හොඳ කොල්ලා. අපිටත් තද වෙනව ඕවට නං හරිද.

      Delete
    2. නිසුපා : කුලය ඇත්තටම ප්‍රශ්ණයක්ද? අපි හැමෝම ඔහොම ඇහුවත් තාම උත්තරයක් දන්නේ නෑ..

      Delete
    3. පැණි දොඩම් : ඒකනේ "කුලේ" මේකට මොනවා කරන්නද?

      Delete
  14. තවත් එක කතෝලික - බෞද්ධ ගැටුමක්ද?

    ReplyDelete
  15. හානේ...එයත් කාව්‍යා මමත් කාව්‍යා..... හි හි.....,පුංචිම පුංචි කතාවක් ඇයි කාව්‍යා රුවාව දාලා ගියේ?

    ReplyDelete
    Replies
    1. මේ ඒ කාව්‍යා නෙමෙයි නේ?

      Delete
  16. කතෝලික වුන පලියට ආදරයට තහංචි වැටෙනවද

    ReplyDelete
    Replies
    1. සමාජයෙන් ඉබේම තහන්චි වැටෙනවා...

      Delete
  17. ආදරය ට ආගම ප්‍රශ්නයක් නෙවෙයි. ඒත් මේ කුහක සමාජේ ඒක පිළිගන්නේ නෑ...

    ~~~***දඟ මල්ල***~~~

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. කාලය කොච්චර ගෙවුනත් තාම පරණ අදහස් එහෙමමයි..

      Delete
  18. මේ කවිය තව කාලයකින් කියවන්න ......

    ReplyDelete
  19. දින්නා.. මේක සුපිරි.. අත්දැකීම් නෙවේ නේද ?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ අත්දැකිමක් නෙමෙයි.. අපි කැම්පස් ගියේ නෑනේ බං..

      Delete
  20. ආදරයට ආගම ප්‍රශ්නයක් වෙන්නේ කෝම ?

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්ණයක් නෙමෙයි අයියේ.. ඒත් ඒක ප්‍රශ්ණයක් කරලා..

      Delete
  21. අනේ මං නං batch එකටම කිව්ව මං ලව් නං කොරන්නෑ කියල :D

    ReplyDelete
    Replies
    1. බලමු බලමු.. අපිත් ඉන්නවනේ..

      Delete
  22. ඕක ඉතින් සදාකාලික ප්‍රශ්නයක් තමයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. කවුරු කොහොම කතා උනත් වෙනස් වෙන එකක් නම් නෑ..

      Delete
  23. බාදක නැති ආදරේ කිසි ගතියක් නෑ...

    ReplyDelete
    Replies
    1. ඒකෙත් ඇත්තක් තියෙනවා.. ඒත් මේවගේ බාදක එද්දි නම් හිත අනිත් ප්‍රශ්ණ වලට වඩා දුක් වෙනවා නේද?

      Delete
  24. හැමදාමත් පැවතුන අවුලක් තමා....අනේ මන්දා හැමෝගෙම ඇගේ දුවන්නෙ ලේ කියලා හිතන දවසක් ආවොත් මේ කිසිම ප්‍රශනයක් නැහැ කියලා හිතෙනවා...

    ReplyDelete
    Replies
    1. එහෙම දවසක් එදා උනොත් ගොඩක් පෙම්වතුන් එකට එකතු වේවි..

      Delete
  25. ආදරේ කරද්දි ජාතිය ආගම කුලය ඇත්ත්ටම ප්‍රශ්නයක් වෙනවද..මට එහෙම හිතෙන්නැහැ..හැම දෙයක්ම හොඳම විදියට විසඳගන්න කොහේ හරිම හොඳම ක්‍රමයක් තියෙනවා..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ආදරේ කරන අයට ඕක ප්‍රශ්ණයක් නෙමෙයි.. ප්‍රශ්ණයක් කර ගත්තොත් ඒ නෑදෑ හිත මිතුරෝ තමයි..

      Delete
  26. මගේ ජීවිතේට ගොඩාක් සමීප ගතියක් දැනුනා අයියේ...

    ReplyDelete
    Replies
    1. එහෙනම් ප්‍රාර්ථනා මට නොකියූ දෙයකුත් තියෙනවා..

      Delete
  27. Replies
    1. ගොඩක් ස්තූතියි..

      Delete
  28. ආදරය ගැන කතා කරන්න කැමතිම නැහැ

    ReplyDelete
    Replies
    1. ඔයාගේ කතාව මම දන්න නිසා ඔයා එහෙම කියන්නේ ඇයි කියලා මම දන්නවා..

      Delete
  29. පළවෙනි ආදරය තමා දිනේශ් අයිය කාටත් එපා වෙන සීන් එක......

    ReplyDelete
    Replies
    1. "පිවිතුරුය පළමු පෙම
      බිහිසුණුය බිදුන දින.."

      එහෙම කියන්නේ නිකමටද මල්ලියේ..

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්