Monday, 20 February 2012

අපේ බොසා කියාදුන් පාඩම

අපිට ඉතින් ෆාමසියේ වැඩ කරද්දි හැමදාම වගේ එකම විදිහට වැඩ තියෙන්නේ නෑනේ..  සමහර දාට තියෙන කාලයේදි කරලා ඉවර කරන්නත් බැරි තරමේ වැඩ තිබ්බට සමහර දාට කරනන එහෙමම කියලා වැඩක් නැති දවසුත් තියෙනවා.. එදාට ඉතින් අපේ එකම වැඩේ තමයි ඔය ඕන එකයි එපා එකයි හැමදේම කතා කරන එක..

කසාද බදින්නේ නැතුව එක ගෙදර ජීවත් වෙන එක, එතකොට ළමයා හම්බවෙන්න සුමානෙකට කලින් හෝ පස්සේ  විවාහ වීම වගේ ජ්‍යත්යන්තර ප්‍රශ්ණ තමයි මම ඒ  වෙලාවට ඇදලා ගන්නේ.. ඒ මොකද ඕවා කතා කරද්දි වෙලාව යනවා තේරෙන්නේ නැති නිසා.. ඒ වගේම ඉතින් ඒ වගේ කතා වලදි අපේ කට්ටිය එලියට දාන මතකත් හරි සුන්දර නිසා.. ඒවා ඉතින්  මේ වගේ තැන් වල කියලා අපේ හැදිච්ච සිංහල කොල්ලෝ කෙල්ලෝ නොමග  යවන්න බැරි නිසා මම ඒවා ලියන්නේ නෑ..

ඔය අතරට අපේ බොසා කියවන්න එකතු වෙන්නේ බොහොම කලාතුරකින් තමයි.. මොකද මෑන්ස් අයිතිකාරයා උනාට ෆාමසියේ එක දිගට සතියක්වත් රැදෙන්නේ බොහොම කලාතුරකි තමයි.. අනිත් හැම වෙලාවකම ඉන්නේ කොහේ හරි රටක.. ඔය “තන්ගෝ” කියලා හදුන්වන නැටුම් ජාතියක් සමහරු අහලා ඇති.. ඉතින් ඔය නැටුමකට ආරාධනාවක් ආවොත් ඕනම තූත්තුකුඩියකට අපේ බොසා යනවා..

අපේ බොසාට මම හිතන විදිහට දැන් අවුරුදු 50ත් පැනලා.. හැබැයි තාම තනිකඩයා.. ඒ උනාට ප්‍රංශයේ කෙල්ලෙක්ට අපේ බොසාගේ පිහිටෙන් දරුවෙක් ඉන්නවා.. බොසා නොකිවුවට ඉතින් තාත්තා තමන්ය කියලා දන්න හැමෝම දන්නවා තාත්තා කවුද කියලා.. ඒ උනාට ඉතින් කෙල්ලෙක් එක්ක නටන්න හම්බුවෙනවනම් අපේ බොසාට ඊට වඩා දෙයක් නෑ.. බදින්නත් කිසිම අදහසක් නෑ.. ගිය සතියෙත් බොසා ප්‍රංශේ ගියා දරුවා බලලා එන්න.. තව මාසෙකින් තමයි මෑන්ස් ආයෙම එන්නේ.. ඒ අතරේ ඉතින් අපි මේකේ මොනා කලත් පොර දන්නේ නෑ.. අපි කරන වැඩ දන්නේ අපිනේ..

ඉතින් අපේ බොසා ප්‍රංශේ යන්න කලින් දවසක පොර මාත් එක්ක පොඩි කයියක් දාගෙන හිටියා.. ඒ අතරේ උන කතා බහක් තමයි මේ.. මේ ඉතාලි භාශාවෙන් “දොත්තෝරේ” කියනනේ “දොස්තර” කියන එකට.. කතාව මම මේ කියන්න යන කාරණාවට කොහොම ආවද කියලා මතක නැති උනත් බොසා කියපු මේ වචන ටිකනම් මට හොදට මතකයි..

“ ඉතින් දොත්තෝරේ උඹ හැමදාම ඔහොම ඉන්නද කල්පනාව?”

“ ඇයි?”

“ නෑ මම කිවුවේ.. දැන්වත් කසාදයක් ගැන හිතුවනම්.. දැන් උඹටත් 50 පැනලනේ”

“ දිනේශ්, උඹ කියන්නේ ගෑණියෙක් ගන්න එක ප්‍රශ්ණ වලට විසදුමක් කියලද?”

“ එහෙමමත් නෑ.. ඒත්..”

“ හරි උඹ මම මේ කියන දේ අහගෙන හිටපන්කෝ..”

“ හරි දොත්තෝරේ..”

“ බලපං දවස තිස්සේ මගේ ගෙදර වැඩ කරන්න කෙනෙක් ඉන්නවා.. මට උයන්න.. රෙදි මැදලා දෙන්න.. උඹලගේ රටේ හැටියට උඹල බැන්දම උඹලගේ ගැණි ඒ වැඩ කරනවා.. අපෙත් ගොඩක් වෙලාවට ඒ වැඩ ටික කරන්නේ බිරිද..”

“ ඔව්..”

“ ඉතින් උඹ හිතනවද මම දැන් ගෑනියෙක් ගෙනාවොත් ඒ වැඩ ඒ ගැණි කරයි කියලා..”

“ ඔව්..”

“ උඹට පිස්සුද.. කීයටවත් කරන්නේ නෑ.. ගෙදර වැඩට කෙනෙක් ඉන්නවා කිවුවම එයාගේ වැඩත් කරන්න වෙන්නේ අර මනුස්සයටම.. අන්තිමට ඒවටත් එක්ක වැඩියෙන් පඩි ගෙවන්න වෙන්නේ මට..”

මට ඉතින් මේවට දෙන්න උත්තර නැති හින්දා මාත් සද්ද නැතුව හිටියා..

“ හරි ඒවත් එහෙම ගියා කියමු.. අන්තිමේ ගෑනියෙක් ඉන්න එකේන් අන්තිමට තියෙන ප්‍රයෝජනේ______ එක තමයි..”

“ ඉතින් දොත්තෝරේ ඒත් මදැයි..”

“ ඔව්..ඒත් ඇති.. ඒත් ඊට පස්සේ අරකයි මේකයි කියලා පටන් ගන්න කරච්චලේ.. ඕවා අහගෙන ඉන්න පුළුවන්ද?”

“ එකනම් ඇත්ත..”

“ ඉතින් උඹ කියන්නේ ඕවා ඔහොම තියෙද්දි අහවල් වැඩේට විතරක් ගෑණියෙක් ගන්න කියලද? ඉතින් බං මට ඒ දේම මාත් එක්ක නටන්න එන කෙල්ලන්ගෙනුත් ලැබෙනවනේ..”

ඌ ඒ කියපු කතාවනම් ටිකක් විතර මට විස්වාස නෑ.. මොකද හැමදාම පොර නටන්න ගිහින් ආවට පස්සේ නටපු කෙල්ලගේ පින්තූර පෙන්නනවා.. ඒවයේ ඉන්නේ ඉතින් මාරම ලස්සන අය.. හැබැයි ඉතිනේ මේ රටවල හැටියට  ඒ කතාව බොරුවක් වෙන්නත් බෑ..

“ දිනේශ් දැන් උඹේ වයස කීයද?”

“ 24 යිනේ දොත්තෝරේ..”

“ මම උඹට උපදෙසක් දෙන්නද?”

“ හා..”

“ උඹ ඔය විදිහටම අවුරුදු 40 වෙනකන්වත් ඉදපං.. මොකටද ජීවිතේ විනෝදෙන් ඉන්න තියෙන කාලේ නැති කර ගන්නේ.. මේ බලපං මම.. මම කොච්චර නිදහසේ විනෝදෙන්ද ඉන්න්නේ..”

“ ඒකනම් ඇත්ත.. දොත්තෝරේ උඹට මට පොඩි උදවුවක් කරන්න බැරිද?”

“ කියපං බලන්න..”

“ දොත්තෝරේ උඹ ඔය කියපු ටිකම අපේ තාත්තා කතා කල වෙලාවක අපේ තාත්තට කියනවද?”

“ අහ්.. මම කියන්නම්..”







 

80 comments:

  1. මූ මේ අපිට කියවන්න පෝස්ට් දානව නෙමේ... අවුරුදු තුන දික්කරගන්න මුට්ටිය දාල බලන එක කරන්නෙ...

    මොනා වුනත් ඉතිං දොත්තෝරේ කියල තියෙන්නෙ නම් ඇත්ත... :)

    ReplyDelete
    Replies
    1. සාතන්ට තමයි වැඩේ පොඩ්ඩක් තේරුනේ.. හැමදාම ඉතින් ට්‍රයි එක ඒකට තමයි...

      Delete
  2. ඔන්න මොලේ තියන මිනිස්සු....කඩේ කිරි තියන කොට මොකටද එළදෙන්නු ගන්නෙ??

    ReplyDelete
    Replies
    1. sha oyatath terena dewal :P

      Delete
    2. වින්චැට්කිරිල්ලි : ඒකනේ කඩේට ගියා ගත්තා.. කොච්චර ලේසිද..

      Delete
    3. Anonymous : අපිට වඩා යමක් තේරෙනවා..

      Delete
  3. උඹව ඉක්මනටම ගෙදර ගෙන්නගන්න වැඩක් වෙන්නේ තාත්තට ඕවා කියලා නටන්න ගියොත් එහෙම....අනික කඩෙං කිරි බෝතලයක් ගන්න පුළුවන් එකේ හරක් හදන්නේ මොකටද කියන එකත් ඇත්ත....

    ReplyDelete
    Replies
    1. හරකෙක් අරන් මොකට ඇති කරන්න වියදම් කරනවද එක අතකට..

      Delete
  4. තාත්තා ඉක්මනටම ලංකාවට ගෙන්න ගනියි වගේ මල්ලිව...

    ReplyDelete
    Replies
    1. ඒවානම් ශුවර් නෑ අක්කේ..

      Delete
  5. දොත්තෝරෙ තත්තට ඕව කියන්න ගිහින් දොත්තොරෙටයි , දිනේෂ් අයියටයි දෙන්නටම බැනුම් අහන්න වෙයිද දන්නෙ නැහැ...හිකිස්....මොනව වුනත් දිනේෂ් අයිය අවුරුදු 3 ගැන ටිකක් හිත බයින් වගෙයි ඉන්නෙ....

    ReplyDelete
    Replies
    1. බය නැද්ද මල්ලියේ මතක් වෙද්දි..

      Delete
  6. හිකිස්
    මේ....ඔය තියෙන අවුරුදු තුනත් නැතවෙයි තාත්තට ඔය දොත්තෝරෙව හම්බවුනොත් එහෙම....

    ReplyDelete
    Replies
    1. කෝකටත් පොඩි උත්සාහයක් දාලා බලමුකො..

      Delete
  7. නියම කතාවක්නෙ ඒ මිනිහා කියලා තියෙන්නෙ... ඇත්ත නේන්නම්....
    හැබැයි ඕවා තාත්ත එක්ක කියන්න ගිහිල්ල නම් දිනේෂ්ට ඊළඟ ප්ලේන් එකේ ගෙදර එන්න වෙයිද දන්නෑ..... :D

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණ ඇත්ත කතාවක් තමයි ටිකක් හිතද්දි.. මේවා ඉතින් බොහොම පරිස්සමින් තමයි කියන්න ඕන..

      Delete
  8. පුළුවන් නම් ඕක කියලා බලපන් තාත්තට මොකද වෙන්නේ කියලා? අත්දැකීමෙන් කියන්නේ තත්වය දරුණුවෙනවා මිසක් උඹට කිසි සහනයක් නම් නෑ. සද්ද නැතුව ඕක අවුස්සන්නේ නැති තරමට වැඩිපුර කාලය හරි ලැබෙනවා.

    ReplyDelete
    Replies
    1. එකගයි.. කොහොමත් මේ වගේ ප්‍රශ්ණ වලදි අපි ඉක්මන් වෙන්න වෙන්න අවාසි අපිටම තමයි..

      Delete
  9. සහතික ඇත්ත.. අද ළොකේ සල්ලියි.. ඒ විදියට ඉන්න මානසිකත්වයයි විතරයි අවශ්‍ය...

    ReplyDelete
    Replies
    1. ඔව්.. සල්ලිත් එක්ක දැන් ආදරයත් බැදිලානේ තියෙන්නේ..

      Delete
  10. මල්ලිටම ගැලපෙන බොසා..අනේ අනිච්චං..

    ReplyDelete
    Replies
    1. ඒකනේ අක්කේ අපි හොදින් එතන වැඩ කරන්නේ...

      Delete
  11. හිකිස්...ඒකෙ ඇත්තක් නැතුවම නෙවෙයි....

    ReplyDelete
    Replies
    1. ඒකනේ.. මලයා බුද්ධිමත් ඒක තේරුම් ගන්න..

      Delete
  12. දොත්තොරේට 60 උනහමත් ඔය කතාව ඔය විදියටම කියාවිද බලන්නකෝ...:)

    ReplyDelete
    Replies
    1. දැන් තියෙන අසනීප එක්ක එච්චර ඉදීවිද කියන්න බෑ අක්කේ..

      Delete
  13. මල්ලිගෙ තාත්තා ආපහු ඇවිත් මල්ලිව ගෙනියයි...
    මල්ලිගෙ බොසා ආදරේ කරලා නෑ වගේ..

    ReplyDelete
    Replies
    1. බොසා කීප පාරක්ම ආදරේ කරලා තියෙනවා අක්කේ.. වතාවක් අවුරුදු 15ක්ම ආදරේ කරලා.. ඒත් බදින්න බැරි වෙලා..

      Delete
  14. ඇත්ත තමා දොත්තෝරේ කියලා තියෙන්නෙ. ඒත් ආදරේ කියන දේ ඔය එයා කියාපු විදිහට හිටියොත් ලබන්න බෑ කියලයි මට හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. මම ඒ සමහර කාරණා වලට විතරයි එකග.. එච්චර කාලයක් ගියාට පස්සේ ආදරේ කරලා වැඩක් තියෙනවද?

      Delete
  15. දෝත්තොරේ ගේ කතාවට මම සම්පූර්ණ එකඟයි. එතකොට පොර තාත්තටත් ඒක කියාවිද?

    ReplyDelete
    Replies
    1. තාත්තා කතාකරන වෙලාවක දොත්තෝරෙට ඕක මතක තිබ්බොත් අනිවාර්යෙන් කියාවි..

      Delete
  16. සමාජේ විසයි!තනිකම සැපයී!

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණෙන් එකගයි..

      Delete
  17. මලයෝ උඹ ලංකාවට වරෙන්. උඹ රට ඉන්න ඉන්න නරක්වෙනව.

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න එපා අයියේ..

      Delete
  18. අම්ම, තාත්ත, මේ බ්ලොග් එක කියෝනවද ?

    ReplyDelete
    Replies
    1. ලියන බව නම් දන්නවා.. ඒත් කියවන්නේ නෑ..

      Delete
  19. හෆ්ෆා...මොළේ ඇති බොසෙක්නෙ..:D :D

    තාත්තාටත් කියලා කොහොමහරි 40වෙනකම් ඉන්නයි අයියාගෙ ට්‍රයි එක එහෙනම්?? :D

    ReplyDelete
    Replies
    1. අපෝ 40 වෙනකන් ඉදාලා මොනාව කරන්නද නංගියේ.. මම මේ හදන්නේ 30 වෙනකන් ඉන්න..

      Delete
  20. කඩෙන් කිරි ගන්න පුළුවන් උනාට කමක් නෑ... මට නම් එළදෙනක් ඔනේ....

    ReplyDelete
    Replies
    1. කිරි දොවන්නත් එක්කද??

      Delete
  21. දත්තොරෙට කටඅරින්න කියන්නකො! පාං කෑල්ලක් දාන්න! මට මසුරං නෑනෙ!

    ReplyDelete
    Replies
    1. ලංකාවේ හයිය පාං කෑවොත් නම් දත් සෙට් එකක් දාන්න වෙනවා..

      Delete
    2. අපොයි ඉතාලි පාන්.. කන්න හිතන්නේ කොහොමද?

      Delete
  22. 40 හොද වයස කසාද බදින්න!මමත් 40න් කසාද බදින්න තීරණය කරා!:))

    ReplyDelete
    Replies
    1. 40 එච්චර හොද නෑ.. ඒ වෙද්දි 40ස් ඇදිරියත් එනවා..

      Delete
  23. හිහිහී.. සමාන අදහස් ඇති අයට සමාන අදහස් ඇත්තෝ හම්බවෙනවා වගේම ඔය හම්බවෙලා තියෙන්නෙ.. :D

    අර අන්තිම යෝජනාවන් දිනේෂ්ට ඉක්මනටම ලංකාවට නොමිලේම ගිහින් අවු.3ත් අහෝසිකර ගන්න පුළුවන් සහනදායි ක්‍රමයක්.. :D

    ReplyDelete
    Replies
    1. එකනේ ගහට ගහන් ඉතාලියේදි මුණ ගැහිලා... ආ එහෙමද දැං ඔයා හිතන්නේ?

      Delete
  24. දොන්තෝරේට හොඳවයින් දෙකක් අහගන්න වෙන වැඩක් අන්තිමට අයියා සෙට් කරලා තියෙන්නේ.. හී හී..

    ReplyDelete
    Replies
    1. දොත්තෝරෙටනම් කියන එකක් නෑ.. හැරෙන තැපෑලෙන් මට කතා කරලා හොදවයින් දෙකක් නෙමෙයි ගොඩක් කියාවි..

      Delete
  25. හිකිස්‌ දොත්තරේ ඇත්ත තමා කියලා තියෙන්නේ.උබත් ඌව අනුගමනය කරපන්

    ReplyDelete
    Replies
    1. ඒත් ඌව 100%ක්ම අනුගමනය කරන්න හොද නෑ..

      Delete
  26. අඩේ දොන්තෝරේට පට්ට බුවා නෙහ්

    ReplyDelete
    Replies
    1. අපිත් එක්ක වැඩ කරන අය ඔහොම තමයි..

      Delete
  27. Replies
    1. වයසින් පරිනත වෙන අයට තමයි ඔය වගේ ධනාත්මක අදහස් එන්නේ..

      Delete
  28. බදින්න එපා කියලා ද ඒ කියන්නෙ??

    ReplyDelete
    Replies
    1. නෑ නෑ.. බදින්න.. ඒත් දැම්ම නෙමෙයි..

      Delete
  29. දෝත්තුරේ කියන්නේ ඇත්ත !

    ReplyDelete
    Replies
    1. එහෙනම් අයියත් 40 වෙනකන් ඉන්නවද?

      Delete
  30. දොත්තේරේ දිනේෂ්ගේ තාත්තට ඔය ​ටික කිව්වම, උඹට හැමදාම ඉතාලියේ තමා ඉන්න වෙන්නේ....

    ReplyDelete
    Replies
    1. ඉතාලියේ ඉන්න ලැබුනොත් තමයි පුදුමේ..

      Delete
  31. දැන් අය්යා බයේ ඉන්නෙ නෙ.. අවුරුදු තුනත් නැති වෙයිද මන්ද...

    ReplyDelete
    Replies
    1. ඔය අවුරුදු තුනත් නැති වෙනවා කියන්නේ ඉතින් ලෝක විනාසේ තමයි..

      Delete
  32. මම නම් අහල තියෙන්නෙ අඹ කන්න අඹ ගස් හිටවන්න ඕන නෑනෙ කියල.

    ReplyDelete
  33. බැන්දෙ නැති එකා බැන්දම තියන ආතල් එක දන්නෙ නෑ ඒත් බැන්ද එකා තනිකඩව ඉන්න එකෙ ආතල් එක දන්නවා. වැඩිය හොඳ මොකක්ද ?

    ReplyDelete
    Replies
    1. ඔහොම දේවල් කියලා බය කරන්න එපා අයියේ..

      Delete
  34. උඹට ලැබිල තියන අවවාදය ටිකක් සැලකිල්ලට ගනිං කියල තමා අත්දැකීම් ඇසුරෙං මට කියන්න තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. මේ දවස් වල ඔය ගැනම හිතමින් තමයි අයියේ ඉන්නේ..

      Delete
  35. 40 ක් නේද?බිලා හිතන්න ඕනේ දෙයක්.

    ReplyDelete
    Replies
    1. එහෙනම් අපි බීලම කල්පනා කරමු..

      Delete
  36. හ්ම්ම්.... හිතන්න වෙන උපදෙසක්.:)

    ReplyDelete
    Replies
    1. එහෙනම් හිතලා බලලා උඹ කියපන්කෝ හොද විසදුමක්..

      Delete
  37. අපෝ මේ ඔව්වා නම් අහන්න එපා ඔය පිටරැටියෝ යක්ෂයෝ :ඩි

    ReplyDelete
    Replies
    1. නංගී තව ටික කාලෙකින් මෙහේ එන්න ඉදගෙන ඔහොම කියන එක හරිද මං අහන්නේ?

      Delete
  38. දිනේශ් අයිය කිව්වෙ නැතෙයි මට තව තියෙන්නෙ අවුරුදු 3යි කියල.

    ReplyDelete
    Replies
    1. නෑ මම කිවුවේ නෑ.. එහෙම කිවුවනම් බොසා ඒ වෙලාවෙම අපේ තාත්තට කතා කරනවා..

      Delete
  39. දොත්තෝරේ හින්ද ලංකාවට යන්න ටිකට් එක එවයි තාත්තා..

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්