Thursday, 16 February 2012

වහල්ලූ - අවසන් දිගහැරුම

පළමු කොටස   දෙවන කොටස   තුන්වන කොටස   හතරවන කොටස   පස්වන කොටස   හයවන කොටස   හත්වන කොටස   අටවන කොටස   නමවන කොටස   දහවන කොටස   එකොලොස්වන කොටස   දොලොස්වන කොටස

හැමෝගෙම හිත් වල රැදුනේ නිමක් නොපෙනෙන අහසක් තරම් රැදුන සතුටක්ය.. ඒ තම ජීවිත කාලය පුරාවටම ඉටු කර ගන්නට නොහැකි වේයැයි හිතූ හීනයක් නෙත් අද්දරම හැබෑ වී ඇති නිසාය.. මුළු වත්තම මගුල් ගේක සිරි අර ගත්තේ ඒ නිසාය..

“ අද ඉදන් අපේ ප්‍රශ්ණ ඔක්කොම ඉවරයි.. ඇති වෙන්න බීපල්ලා..”

කමින් බොමින් ගී ගයමින් හැමෝම ප්‍රීතී වූයේ පසුදා තම අනෙක් සියළු වැඩ අමතක කර දමමින්ය..

“ කෝ බං අපේ ගුණේ අයියා..”

“ ගුණෙ අයියේ වරෙන්කෝ බං සිංදුවක් කියලා සතුටු වෙන්න.. උඹ නිසානේ මේ ඔක්කොම..”

“ හරි හරි බං.. ඒක නෙමෙයි උඹලට ආරංච්ද?”

“ මොකක්ද ගුණේ අයියේ?”

“ ඊයේ රෑ රණවීර උන්දැගෙම පිස්තෝලෙන් වෙඩි තියා ගත්ත කියන්නේ..”

“ එහෙම නොවුනනම් තමයි පුදුමේ ගුණේ අයියේ.. කොහොමද මමමයි දිනන්නේ කියලා හිටපු උජාරුව.. පරාදයි කියලා ආරංච් උන ගමන්ම වටේ හිටපු ඔක්කොම හෙන්චයියෝ ටික මාරු වෙලා ගිහින්.. ඉතින් ලැජ්ජාවටත් එක්ක ඔහොම කර ගන්න ඇති.. ඕවා ඉතින් ඉන්නකම් කරපු දේවල් වල ප්‍රති විපාක තමයි..”

“ හ්ම්ම්.. කෝ මේ අපේ අළුත් නගරාධිපති තුමා.. වරෙල්ලා යන්න ඒ පැත්තේ..”

“ යමං යමං.. දැනටමත් ඔක්කොම එහේ ඇත්තේ..”

ගුණදාසත් අනිත් පිරිසත් සුනිල්ගේ නිවසට එද්දි වත්තේ හැමෝම වාගේ සුනිල්ගේ නිවස ලගට එක්කව හිටියේය..

“ මේ එන්නේ අපේ තරගේ වීරයා..”

ඈත තියාම ගුණදාස එනු දුටු මිතුරෝ ඔහුවත් ආදරයෙන් පිලි ගත්තේ ගුණදාසගේ සහාය නොතිබෙන්නට මේ හැම දෙයක්ම හීනයක්ව රැදෙන නිසාවෙන්ය..

“ මොකක්ද බං ඒ කතාව?”

“ හරි උඹ කියන්නේ එහෙම නෙමෙයි කියලද ගුණේ මල්ලි.. අපේ කොල්ලා කැප්ටන් නම් උඹ තමයි ටීම් එකේ හොදටම සෙල්ලම් කරේ.. උඹ නැත්නම් කොල්ලා පැරදියි..”

“ එහෙනම් කමලා අක්කේ තරගේ වීරයෝ දෙන්නෙක්ම ඉන්නවා..”

“ ඒ කවුද බං?”

“ ඇයි ගාමිණියා.. උඹලට ඌව මෙච්චර ඉක්මනට අමතක උනාද?”

“ පිස්සුද ගුණේ මල්ලි.. අපිට ඌව කවදාවත් අමතක වෙන්නේ නෑ..”

“ සුනිල් පුතා, දැන් එහෙනම් ඊළගට කරන්න තියෙන හැමදෙයක්ම තියෙන්නේ පුතා අතේ.. අපිට දැං තියෙන්නේ බලාගෙන ඉන්න විතරයි..”

ගුණදාස සුනිල් ලගට ලං වෙමින් පවසත්ම සුනිල් ඔහුගේ දෙපා වැන්දේ පියෙක් මෙන් ලගින් හිද තමන් වෙනුවෙන් කල කැප කිරීම් නිසාය..

“ හා හා.. මේ මොකෝ මේ?”

“ නෑ ගුණේ මාමේ.. මාමා නොහිටින්න අද මට මේ තැනට එන්න වෙන්නේ නෑ.. ඉතින් ඒ හැම ගෞරවයක්ම යන්න ඕන ගුණේ මාමටයි ගාමිණි මාමටයි..”

“ නෑ පුතා අපි විතරක් නෙමෙයි.. පුතාව මෙතනට ගේන්න මේ හැම කෙනෙක්ම් මහන්සි උනා.. ඒ කාවවත් අමතක කරන්න එපා..”

“ ඔව් ගුණේ මාමේ..”

“ හා හා ගනිල්ලා අපේ වීරයෝ දෙන්නවම කරට.. අපි යමු වත්ත වටේම..”

“ මේ ඇල්බට් උඹට පිස්සුද?”

ගුණදාස කතාව නවත්වන්නටත් මත්තෙන් සුනිල්වත් ගුණදාසවත් තමන්ගේ කරට නංවා ගත් ඔවුන් වත්ත පුරාම සතුටු වෙමින් ඇවිද්දේ කාගෙත් හිත්වල රැදි සතුට නිසාය..

                                   ..................................

මාස කීපයක් හෙමින් හෙමින් ගෙවී ගියේ කාටත් නොදැනීමය.. හැමෝම තමන්ගේ සුපුරුදු දින චර්යාවට යොමු උනේ මාස කීපයකට කලින් වත්තේ තිබුන උණුසුම අමතක කරමිනි.. නගරාධිපති අසුනේ දිවුරුම් දුන් සුනිල් තම රාජකරි වැඩ අද්‍යනය කරමින් සිටියේය..

සුපුරුදු පරිදිම බස් වල සිංදු කියන්නට ගිය ගුණදාස හවස් යාමයේ තම සුපුරුදු මිතුරන් වූ සෙල්ලම් පිට්ටනියේ උන් පොඩි එවුන් හා කතා බස් කරමින් සිටියේය.. ඔහු හැමදාම ඔවුන්ට කීවේ දවසක ලොකු මහත් වී සුනිල් අයියා වගේ වන්නයි කියාය..

“ උඹ කොහේද ගුණේ අයියේ හිටියේ.. මම  දවසම උඹව හෙවුවා..”

“ ඇයි බං.. මොකක් හරි කරදරයක්ද?”

හති දමමින් තමන් සොයමින් දුවගෙන ආ ඇල්බට්ව බංකුවේ පැත්තකින් වාඩි වන්නට හරිමින් ගුණදාස බලාසිටියේ ඔහු කලබලයේ ආ කාරණාව කියනා තුරුය..

“ මේ, මේ පත්තරේ බලපන්..”

“ ඇයි මොනවද තියෙන්නේ?”

ගුණදාස පත්තරය අතට ගත්තේ කුතු හලයෙනි.. එහි සදහන් වූ ප්‍රධාන පුවත දැක ගුණදාස කලබලයෙන් ඉතුරු ටික කියවන්නට හදත්ම ගුණදාස සොයා වත්තේ තවත් ඈයෝ දිව එන්නට විය..

“ ගුණේ අයියේ.. ඇත්තද සුනිල් වත්තෙන් යනවා කියන්නේ?”

“ මම දැක්කා දවාලේ වාහනේකට බඩු වගයකුත් පටවනවා.. කමලා අක්කත් දවසම පේන්න නෑ..”

“  අපි සුනිල් එක්ක කතා කරන්න හදද්දි ඌ වෙනදා වගේ නැතුව ඉක්මනට කතා කරලා යන්න ගියා ගුණේ අයියේ..”

“ ගුණේ අයියේ මේ මොනවද බං වෙන්නේ.. උඹවත් මේ ගැන දන්නවද?”

ගුණදාස හැමෝගේම වදන් නිහඩවම අහගෙන හිටියේ කිසිවක් කියා ගන්නට නොහැකිවය.. ඔහු පාර දෙස බලාගෙන හිටියදී දුහුවිළි නංවමින් වේගයෙන් ඉදිරියට ඇදුන වාහනය වත්තේ හැමෝගේම හීන අරන් යන බව ඒ වෙද්දි ගුණදාසට තේරුම් ගොස් තිබුනේය..

“ උඹ මොකද කතා නැත්තේ ගුණේ අයියේ? කතාකරපංකෝ..”

“ අපි හැමදාමත් වහල්ලු බං..”

තමන්ගේ අත තිබූ පත්තරය බංකුව මතම දැමු ගුණදාස තමන් වට කරගෙන උන් අය අතරින් මිදී තනිවම ඉදිරියට ඇදෙන්නට වුයේ හැමෝගෙන්ම ඇත්ව තනිවූ තම මිතුරා සොයාගෙනය.. ගුණදාස කීවේ කුමක්දැයි තේරුම් ගන්නට බැරුව බලාගෙන උන් අනිත් අය බංකුව මත තිබු පත්තට අරන් පෙරලා බැලූවේ සියල්ලෙහි අග මුල දැන ගන්නටය.. එහි ලියැවී තිබුන ප්‍රධාන පුවත හැමෝගේම හිත් වලට ගෙනාවේ කලකිරීමකී..


                              “ කොළඹ නව නගරාධිපති
              ආන්ඩු පක්ෂයා හා අත් වැල් බැද ගනී..”



 නිමි..

46 comments:

  1. සුපිරි මචන්... ඇත්තම කියනව නම් කලින් එකේ අන්තිමට කොල්ල දිනුම් කියන කෑල්ලෙදි මම හිතුවෙ සුරංගනා කතාවක් වගේ වෙයි කියල... එහෙම නැතුව වෙන දේ ලිව්ව එක ෆුල් කොලිටි...

    ReplyDelete
    Replies
    1. මම මේකයි ඒ කොටසයි දෙකම එකට ලියන්න හිටියේ.. ඒත් පස්සේ අවසානය ඒකෙන් දිග වැඩි වගේ වෙන නිසා මෙහෙම දැම්මේ..

      Delete
  2. අපොයි දුන්න නේද හොඳ කනේපාරක්? හිතට හරි නැති වුනත් ඕක තමයි ඉතින් ගොඩක් වෙලාවට වෙන්නේ. කියල වැඩක් නෑ දිනේෂ් අයියා, සුපිරි අවසානයක්!

    ReplyDelete
    Replies
    1. අන්තිමට බලය අතට ආවාම කවුරුත් කරන්නේ ඕක තමයි ඉතින්..

      Delete
  3. සැබෑ අවසානයක්...දුකත් ඒත්

    ReplyDelete
    Replies
    1. දුකයිනම් තමයි අක්කේ.. ඒත් අද වෙන්නේ මෙහෙම දේවල් තමයි..

      Delete
  4. Replies
    1. ඔව් ඇත්තෙන්ම..

      Delete
  5. අපේ කාලයේ සත්‍ය [තිත්ත] කතාව

    ReplyDelete
    Replies
    1. ඔව් ඔබා මාමේ.. මාමටනම් මේවයේ අත්දැකිම් හොදට ඇති...

      Delete
  6. මේක තමා ඇත්ත...දැං නං කියන්න ඕනේ....දෑත් ශක්තිමත් කරන්න එකතු උනා කියලා....

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව.. දෙශ්ප්‍රේමි අයනේ ඉතින්..

      Delete
  7. වහල්ලු තුලින් ඉස්මතුවුණේ මං දැක්ක විදිහට අද සමාජයේ යාථාර්තය.. මුල ඉදන්ම කිව්ව විදිහට වෙනස්ම කතාවක් වුණා.. අවසානයන නම් උපරිමයි...! මම හිතුවෙ අන්තිම කොටසෙදි සුනිල් ගමට එද්දි සුනිල්ට වෙඩි තියලා කියලා.. කතා‍ව වෙනස්ම පැත්තක් අරගත්තා අන්තිමට.. මිනිසුන්ගෙ කරමතින් රජවෙන අයට අන්තිමට තමාගෙ රාජධානියෙදි අමතකවෙන්නෙ ඒ රාජධානිය හැදිලා තියෙන්නෙ මිනිසුන්ගෙ දුක් මහන්සිය වගේම ලේ කඳුළින් කියලා.. ජීවිතයේ උදා ඉරම ඒ ලෝකය අඳුරුට දැමූවිට තවත් නම් ඒ ජීවිතයනට කාගෙනම් පිහිටක්ද..

    “ ඊයේ රෑ රණවීර උන්දැගෙම පිස්තෝලෙන් වෙඩි තියා ගත්ත කියන්නේ..”
    ජය පැරදුමවත් බාරගන්න බැරි බල ලෝබයෙන්, මාන්නයෙන් ජීවත් වන නාකයන් සාමාන්‍ය ජනතාවගේ ජීවිතයේ බලාපොරොත්තු දාදු කැටවලට අරන් සෙල්ලම් කරන්න තරමට පහතට වැටීම..

    "ගුණදාස තමන් වට කරගෙන උන් අය අතරින් මිදී තනිවම ඉදිරියට ඇදෙන්නට වුයේ හැමෝගෙන්ම ඇත්ව තනිවූ තම මිතුරා සොයාගෙනය.." ව්‍යාංගාර්ථයක් යෙදුන ආසම කොටසක්.. කාටත් අමතකවුණ.. අන්තිමට ජීවත්වෙන අයටත් හිමි ඒ ලොවට හිරු පායන්නට මඟ පෑදූ අය වැළලුණ ඉරණමමද..

    තවත් වෙනස් මාතෘකාවකින් ජීවිත යථාර්තයේ කොටසක් වර්ණ තුලින් දිගහැරෙන්නට.. සුබ පැතුම් වගේම දිරි..!!! :)

    ReplyDelete
    Replies
    1. කවදාහරි දවසක රණවීරගේ ඉරණමම සුනිල්ටත් අයිති වෙනවා.. මුල අමතක කරන අයට වෙන්නේ ඒක තමයි.. තමන් වෙනුවෙන් ජීවිතේ පූජ කරපු අය පස් යට තනි වෙද්දි ඒ ලේ මාවත දිගේ ගිය අය රජ වෙනවා.. අද දේශපාලනය කියන්නේ ඉතින් ඕක තමයි..

      Delete
  8. ඇත්ත ඇති සැටියෙන්..කවදත් වෙන්නෙ ඕක තමා නේද මල්ලි...

    ReplyDelete
    Replies
    1. අතීතය, වර්ථමානය, අනාගතය.. මේ හැම කාලෙකම වෙන්නේ මේ දේ තමයි..

      Delete
  9. ඇත්ත තිත්තයි කියනවනේ.....

    ReplyDelete
    Replies
    1. ඒ නිසානේ කවුරුත් උගුරට හොරා බොන්න හදන්නේ..

      Delete
  10. කවුරු දිනුවත් අපි පරාදයි :(

    ReplyDelete
    Replies
    1. ඒකනේ මම තාම චන්දේ දිලා නැත්තේ..

      Delete
  11. අපි හැමදාමත් වහල්ලු තමා..
    හැමොටම නොතේරෙන ඇත්ත..

    ReplyDelete
    Replies
    1. අපි හැමෝම හිතාගෙන ඉන්නේ අපි නිදහස් කියලා.. ඒත් එහෙම නෑ..

      Delete
  12. මං හිතුව......:/
    සාර්ථකම නිර්මාණයක් මම මෑතකාලයේ දැකපු

    ReplyDelete
    Replies
    1. ඔයා එහෙනම් අවසානය කලින් ඉදන්ම දැනගෙන ඉදලා තියෙනවා..

      Delete
  13. api hamadaamath wahallu.. aniwaa hamadaama okama thamai wenne... dukabara kathaawaka awasaanaya.. lassanayi. ofz eke inne ekai me singlish walin :)

    ReplyDelete
    Replies
    1. කවුරු ආවත් අන්තිමට අපිට උරුම දේ තමයි මේක..

      Delete
  14. මුල ඉඳං එකතු වෙන්න නොලැබුනත් සාර්ථක කතාවක අවසානය දක්වා රැඳී සිටීම ගැන මට සතුටුයි... මේක තමා ඇත්ත... !!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ශානි නංගී..

      Delete
  15. තවත් දෑත් ශක්තිමත් කිරීමක් වගේ!!!!!!! අපූරු අවසානයක්, ඒක හිතුවා වගේ නෙවෙයි ලස්සනට වුණා මලයෝ! ඵල!

    ReplyDelete
    Replies
    1. දැන් හැමෝම මුලින් කිවුවට අන්තිමේ දෑත් ශක්තිමත් කරන්න යනවනේ.. ඒ නිසා මේකත් පුදුමයක් නෙමෙයි..

      Delete
  16. තිත්ත ඇත්ත!!!
    කතාව සාර්ථකයි අයියේ..මොකද බ්ලොග් අවලාශෙ බහුතරයක් ලියැවෙන ආදර කතා අතරේ,මේ විදියෙ සමාජ යථාරතය ගැන ලියැවිච්ච කතාවක් ලියපු එක හොදයි!! මොකද එහෙම කතාත් තියෙන්න ඕනෙනෙ.. කතාව ලස්සනයි!!!

    තවත් කතා ලියන්න අයියාට ජයම වේවා!!!

    ReplyDelete
    Replies
    1. කොහොමත් මම ඉස්ස්සරහට ආදර කතානම් ලියන්නේ නෑ..බලමු හොද මාතෘකාවක් හම්බුනාම ලියනවා

      Delete
  17. මෙච්චර දවසක් කියෙව්වෙම නෑ. අද තමා කියවන්න යන්නේ ඔක්කොම... එකවර...
    විචාරය පසුවට අරී...

    ReplyDelete
    Replies
    1. හොදමයි යාළුවා..

      Delete
  18. අන්තිමට නම් දුක හිතුනා...ඒත් ලස්සනයි.. ඔයාට ජය මල්ලියේ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කේ..

      Delete
  19. ලස්සනයි කතාවෙ අවසානය දිනේෂ් අයියේ...අන්තිම ටික කියවනකම් මම හිතුවෙ ගමේ අයට හොඳක් වේවි කියල.ඒත් කතාවෙ අවසානය ලස්සනට ගලපල.අද ගොඩක් තියෙන ඇත්තත් ඕකමයි.....

    ReplyDelete
    Replies
    1. එහෙම ලිවුවනම් ඒක ඇත්ත වෙන්නේ නෑ මල්ලී..මොකද දැන් වෙන්නේ එහෙම දේවල්ම නෙමෙයිනේ..

      Delete
  20. පුදුම අවසානයක් !!!
    අඩේ මම මෙහෙම අවසානයක් බලාපොරොත්තු උනේ නෑ. :)

    ReplyDelete
    Replies
    1. අයියා විතරක් නෙමෙයි ගොඩක් දෙනෙක් මෙහෙම අවසානයක් බලාපොරොත්තු උනේ නෑ.. හැමදාම කතාවත් එක්ක එකතු උනාට ස්තූතියි අයියේ..

      Delete
  21. කාතාව නම් නියමයි .තවත් ලස්සනට තව කතාවක් ලියන්න හැකියාව ලැබේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාළුවා..

      Delete
  22. කතාව අනික් අය කිව්වත් වගේ තිත්ත ඇත්ත.

    අවසානය මම බලාපොරොත්තු වුනාට වඩා වෙනස්.

    තවත් මේ ව‍ගේ ලස්සන කතාවක් තුළින් වර්ණ හැඩ කරනකම් අපි මඟ බලාන ඉන්නවා කියලා අයියා දන්නවා ඇතියි කියලා හිතනවා

    ReplyDelete
    Replies
    1. මල්ලිලා වගේ අය නිසානේ මම ලියන්නේ.. අනිවාර්යෙන්ම තව කතාවක් අරන් එන්නම්.. හැබැයි ඉක්මනින්ම නෙමෙයි..

      Delete
  23. කතාවනම් නියමම අවසානයක්..මම හිතන්නෙ කව්රුත්ම නොහිතපු විදියට කතාව අවසන් කලා..
    සුභ පතනවා.. ඔයාගේ වහල්ලු කෙටි කතාවනම් ඇත්තටම ගොඩක් සාර්ථක නිර්මානයක්!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අක්කේ..වෙනස් තේමාවක් ලියන්නයි මට ඕන කලේ.. ඒක සාර්ථකයි කියලා මම හිතනවා..

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්