Wednesday, 15 February 2012

පෙම්වතුන්ගේ දිනයට පසු වදනක්..

වැලන්ටයින් ගැන ලියන්න හිතාගෙන නොහිටපු මට ඒ ගැන දෙවෙනි ලිපියත් දාන්න වෙලා.. අපේ කට්ටියත් සතුටින් වැලන්ටයින් සමරන්න ඇති කියලා හිතනවා.. හරි අද හදිස්සියේ ආවේ ඒක ගැන විශේෂ දෙයක් කියන්න කියලා හිතාගෙන.. හැමෝම වගේ මම ඊයේ දාපු අපේ වැලන්ටයින් කියන කවි පෙල දකින්න ඇතිනේ.. ඒක ඇත්තටම නිකම්ම හිතුන සිතුවිල්ලක් නෙමෙයි.. සත්‍ය සිද්දි දෙකක් නිසා ලිය උන දෙයක්..

මගේ යාළුවෙක් ඉන්නවා රජයේ කාර්යාලෙක වැඩ කරන්නේ.. ආයතනෙට බැදිලා දැන් අවුරුදු දෙකක් විතර.. තාම ඉතින් ඒ තරම්ම ලොකු පඩියක් ලැබෙන්නේ නෑ මොකද තාම පහල මට්ටමේ සේවකයෙක් නිසා.. ඉතින් ගිය මාසේ අන්තිම වගේ මගේ මේ මිතුරාගේ මෑණීයන් අසනීප වෙලා ගෙදර වියදම් ටිකක් විතර ඉහල ගියා.. තාත්තත් නැති පවුල බලාගන්නේ මේ එකම පුතා තමයි.. ඒ නිසා පහුගිය මාසේ වගේම මේ මාසේ මුලත් ඔහුගේ වියදම ටිකක් විතර ඉහලයි..

මගේ මේ යාළුවට පෙම්වතියක් ඉන්නවා.. දැන් මගේ හිතේ ඒ සම්බන්දෙට අවුරුදු 4ක් විතර.. ඉතින් මේ ගෙවුන් අවුරුදු වල වැලන්ටයින් දවස ඔවුන්ටත් අනිත් අයට වගේම විශේෂ දවසක්.. ඒත් මේ අවුරුද්දේ මගේ යාළුවා හිටියේ ටිකක් විතර දුකින්.. ඒ මොකද අම්මාගේ අසනීපේ නිසා වියදම් වැඩි උන නිසාම පෙම්වතිය වෙනුවෙන් මොනවත් කරන්න බැරි වෙන එක ගැන.. ඉතින් ඒ හේතුව උඩ තමයි මම මගේ කවියේ මේ පද පේලි ටික ලිවුවේ.. ඇත්තටම මගේ යාළුවා ඊ‍යේ පෙම්වතියට අරන් ගිහින් තිබුනේ චොකල්ට් එකෙක්.. ( කැන්ඩෝස්මද කියන්නනම් දන්නේ නෑ ඔන්න..)

අනේ අර දෙදාස්පන්සීය
මේ මාසෙට විතරක්වත් ලැබුනනම්
කියලා හිතුනා මට
කඩෙන් එළියට එනකොට..
මොනා ගන්නද
ගියා මම ඒ පාර
අපිට හුරුපුරුදු
කෑන්ඩෝස් චොකලට් එක අරගන්න.
.
 
 
අනිත් කෙනා මගේ මිතුරියක්.. අපි A/L ඉවර වෙලා ගිය ක්ලාස් එකකදි තමයි මට මේ මිතුරිය මුණගැහුනේ.. ඒ දවස් වල ක්ලාස් එකේම හිටපු අපේ සෙට් එකේ කොල්ලෙක්ට අපිම එකතු වෙලා කරපු කපුකම නිසා තමයි මේ මිතුරියට දැන් බදින්න ඉන්න අපේ යාළුවා සෙට් උනේ.. ඉතින් මේ මිතුරිය මට කතා කලා 13වෙනිදා හවස.. අනන් මනං කියව කියව ඉන්න අස්සේ අපේ මාතෘකාව වැටුනේ වැලන්ටයින් දවසට.. මොකද ඉස්සරම මේ දෙන්නා එක්කම මේ දවසට කලින් යාළුවට තෑග්ග අරගන්න මිතුරිය එක්කත්, මිතුරියට තෑග්ග අර ගන්න යාළුවා එක්කත් සාප්පු සවාරි යන්නේ මම.. ඉතින් ඕක මතක් වෙලා මම ඇහුවා මේ පාර ගන්නේ මොනාද කියලා.. එකපාරම  මෙයා නියම උත්තරයක් දුන්නා මට හිතා ගන්නවත් බැරි වෙන..

“ මම එයාගේ වාහනේට ෆුල් ටෑන්ක් තෙල් ගහනවා බං..”

“ මොකක්?”

“ මේ යන විදිහට මේ දවස් වල එයාට වැඩියම වටින්නේ ඕක.. ඊට පස්සේ අපිට හෙට කොහේ හරි යන්න පුළුවන්නේ..”

මෙයා කියපු දේ ඒ විදිහටම කලාද කියලනම් මම තාම දන්නේ නෑ.. ඒ මට තාම කතා කරන්න බැරි උන නිසා.. කිවුවා වගේම කරලා තිබ්බත් මමනම් පුදුම වෙන්නේ නෑ.. මොකද 13 හවස යාළුවා ඇවිත් තිබිලා නෑ අපේ මිතුරිය බලන්න.. තෙල් ගහන්න අතේ සල්ලි නෑ කියලා.. එදා එන්න බස් තිබ්බෙත් නෑනේ..

ඒ වෙලෙම කතාකරලා
ඔයා අහද්දී
එන්නේ නැද්ද කියලා මම
“ හැමදාම ආදරේ අපිට
අද විතරක් මොන වෙනසක්ද”
කියලා හෙට මුණගැහෙන්න
පොරොන්දු වෙලා ආවා මම
ලගදිම රුපියල් දහයක් වෙන
හැමදාම යන රුපියල් හතේ දුර
හෙටවත් නුඹ බලන්න එන්න
බස් වැඩකරපං
කියලා හිතාගෙන..


ඔන්න ඔය කරුණු ඇහුන නිසා තමයි ඊයේ ඔය කවිය ලිය උනේ.. නැත්නම් ඊයේ ඔහොම දෙයක් ලියන්න හිතාගෙන නෙමෙයි හිටියේ.. කාරනා කොහොම උනත් මේ දෙන්නනම් ඊයේ වැලන්ටයින් සතුටින් සමරන්න ඇති කියලා මම හොදින් දන්නවා..

තව කාරණාවක් තියෙනවා.. ඊයේ වැලන්ටයින් දවසේ අපේ ෆාමසියේ වැඩියෙන්ම විකිණිලා තියෙන්නේ මොනවද කියලා කට්ටියට හිතන්න පුළුවන්ද? ඒ වෙන මොනවත් නෙමෙයි උපත් පාලන පෙති සහ අනෙකුත් දෑ.. එකෙන් හිතාගන්න පුළුවන්නේ පෙම්වතුන්ගේ දිනය මෙහේ සමරන හැටි.. ලංකාවේ තත්තවට මීට වඩා යහපත් ඇති කියල  මම හිතනවා.. මේ ගැන මතක් උනේ ඊයේ බස්සා ලියපු මේ කවි පෙල දැක්කම..




54 comments:

  1. ෆුල් ටෑන්ක් තෙල්...හොඳම තෑග්ගක් නේන්නං..:)

    වැඩියෙන්ම විකිනිච්ච දේවල් ගැන අහුවමනම් ඇසුත් උඩ ගියා හි හි...

    ReplyDelete
    Replies
    1. යුරෝපයේ හැටිනේ අක්කේ.. ඕවා ඔහොම තමයි..

      Delete
  2. වාහනේට ෆුල් ටෑන්ක් තෙල්...නියමයි.....!!

    ReplyDelete
    Replies
    1. කිරිල්ලී මොනවද දන්නේ නෑ අරගෙන දුන්නේ??

      Delete
  3. රජය සේවකයෝන්ගේ ඇත්තම තත්වේ ඕක තමයි.කවිය කියෙවුවට වඩා මේ කතාවත් එක්ක ඒ කවිය කියෙවුවාම සංවේදීකම තවත් වැඩි වුනා.

    ReplyDelete
    Replies
    1. මම කවිය දාපු වෙලාවේ හැමෝම හිතලා තිබ්බේ මම එහෙම රස්තියාදු උනා කියලනේ.. ඒකයි මේ ඒ කවියට පාදක උන කතාවත් දැම්මනම් හොදයි කියලා හිතුනේ..

      Delete
  4. අවුරුද්දෙ එක දවසකට විතරක් විශේෂ ආදර දවසක් මොකටද.. අවංක ආදරයකට..
    ආදරයෙදි අපි අපිටම අවංක වෙනවනම් තමයි හොඳ.. දුක සතුට බෙදාගන්නවනම් අනිත්කෙනාගෙ ජීවිතය ගෙවන තත්වය ගැන දන්නවනම් එදා දවසට මුකුත් ගෙනාවෙ නෑ කියලා තරහවෙන එකක් නෑ මං හිතන්නෙ..

    මොනව වුණත් වර්තමාණයේ තියෙන්නෙ අතීතයේ "ආදරය" නමින් හැදින්නුව උතුම් නිර්වචනය නෙමෙයි.. එදා නිර්වචනයම අද ඉතිරිවෙලා තියෙනවනම් ඒ ගොඩක් අඩු පිරිසක් ළඟ විතරයි.. වාණිජකරණයට හසුවුණ වෙනත් අර්ථකතන එකතුවුණ නිකන් අකුරු හතරක් විතරයි අද දකින්න තියෙන්නෙ.. මේ අවුරුද්දෙ මෙහෙමනම්.. :( අන්තිමට විකුණගෙන කන්නෙ අතීතයේ හමුදා නිලධාරීන්ට ඔවුන්ගෙ ආදරය හිමි කරගන්න උදව්කල සාන්තුවරයෙගෙ නම...

    ReplyDelete
    Replies
    1. ඇත්ත දැනට මෙහෙනම් ඉස්සරහට මොනවා වෙයිද කියලා කියන්න බෑ.. ඒත් ඉතින් ඕකට මෙතනයි වැරැද්ද කියලා එක තැනකට විතරක් ඇගිල්ල දික් කරන්න බෑ..

      හිතේ තියෙන ආදරේ ඇත්තක්නම් ඒ අයට හැමදාම වැලන්ටයින්..

      Delete
  5. හොඳ වෙලාවට අපේ කාලෙ ඔය වැඩේ තිබ්බෙ නැත්තෙ... තිබුණ නම් මට හැමදාම හිත රිද්දගන්නයි වෙන්නෙ... මොකද අපේ මහත්තයට උපන් දිනයක්වත් කවදාවත් මතක නෑ... පොඩි උන්ගෙ උපන්දින නම් මතක් වෙනව මොකද උන් දෙන්න ඒකට මාස හයකට විතර ඉස්සරින් ඉඳලම අප්පච්චිට මතක් කරන්න පටන් ගන්න හින්දා....

    ReplyDelete
    Replies
    1. ඔය දවස් මතකේ නොතිබුනාට අක්කේ අයියා හැමදාම ආදරෙන් ඉන්නවනේ.. ඒකම නේද පවුලක් ඇතුලේ වටින්නේ..

      Delete
  6. //“ මම එයාගේ වාහනේට ෆුල් ටෑන්ක් තෙල් ගහනවා බං..”//

    ඩීඩල්ද? පෙට්‍රල්ද? දන්නෙ නෑ නේ........

    ReplyDelete
    Replies
    1. ඒකනම් දන්නේ නෑ පිස්සෝ.. තාම මට එයා එක්ක කතා කරන්න බැරි උනා..

      Delete
  7. හනේ දෙවියනේ රටකට ගිය කලක්.....:/

    ReplyDelete
    Replies
    1. තව ඉස්සරහට මොනවා වෙයිද?

      Delete
  8. ලංකාවෙ තත්වය ටිකක් විතර හොද ඇති මල්ලි.ඒත් අනුවේදනීය සිද්දි වෙලා තියෙනවා.මගෙ ඊලග පෝස්ට් එක ඒ ගැන.

    මල්ලි යෙහෙලියනම් දෙන්න හදලා තියෙන්නෙ හොදම තෑග්ගක්නෙ...:D

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ.. මම නිකමට වගේ එයාට කිවුවා " උඹ මට සෙට් උනානම් කියලා.." ඇයි ඉතින් මෙහෙම කාලෝචිත දේවල් ගැන හිතෙන්න කෙල්ලෙක් හම්බෙන එකම වාසනාවක්නේ.. මට ඒකට ලැබුන උත්තරනම් මෙතන කියන්න බෑ..

      අක්කාගේ පෝස්ට් එක දාමුකෝ එහෙනම් බලන්න..

      Delete
  9. ඒ කවි වලට පාදක වුනු කතා දෙකම ඉතිං කියලා වැඩක් නෑ.. යථාර්තය !!!

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඒත් ඇත්ත තත්වේ නොකියා බොරු සෝබන කරන අයත් ඉන්නවනේ..

      Delete
  10. කියලා වැඩක් නෑ! කොන්ඩම් වලින් මාර ආදායමක් තියෙන්න ඇති බං! ඒත් මං ඒ ගැල සතුටුයි!! ඒකෙන් පේනවා බං අපේ කොල්ලො කෙල්ලො ගොඩදෙනෙක් පරිස්සන් කියලා!!

    ReplyDelete
    Replies
    1. ඒ රටේ එදා ගොඩක් පාර්ටි තිබිලා. ඉතින් සැරසිලි වලට හැමෝම බැලුන් එල්ලනවනේ.බැලුන් ඉවර නිසා විකල්පයක් විදියට කොන්ඩම් අරන් තියෙන්නේ.

      Delete
    2. මාධව : මෙහෙමයි අපේ කොල්ලො කිවුවට මම කිවුවේ ඉතාලියේ තත්වේ ගැන.. ඒකයි මම අන්තිමේ කිවුවේ ලංකාවේ තත්වේ මෙහෙම වෙන එකක් නෑ කියලා හිතනවා කියලා..

      ඔව් අපිට එදා දවසේ වැඩියෙන්ම ආදයම තිබුනේ ඕකෙන් තමයි..

      Delete
    3. අසරණයා : අයියට තමයි වැඩේ තේරුනේ.. නැත්නම් එකෙක් මොකටද බැලුම් 6ක්ම තියෙන පැකට් අරං යන්නේ..

      Delete
  11. මම නං වැලන්ටයින් සමරලම නෑ. තෑගි දීලත් නෑ. අරගෙනත් නෑ. අපට කොයිද බූල් බල්ලො.

    ReplyDelete
    Replies
    1. මාත් ඔය ගොඩේම තමයි අයියේ.. තාම මාත් වැලන්ටයින් සමරලා නෑ..

      Delete
  12. ඉහළ යන ජීවන මිලත් එක්ක ඉස්සරහට කොහොම උත්සව සමරන්න වෙයිද මන්දා....

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත.. ඉස්සරහට කැන්ඩෝස් චොකලට් එකක්වත් ගන්න බැරි වේවි...

      Delete
  13. ෆුල් ටෑන්ක් ගහන එකත් ලේසි නෑ, මරුටියකට වුනත් 5000/= පනිනව මං හිතන්නෙ

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඔබා මාමේ.. කතාවට කිවුවට ඕක කරන්න පුළුවන් දෙයක්ද කියලත් වෙලාවකට හිතෙනවා..

      Delete
  14. ඊට වඩා වටිනවා හැබැයි භූමිතෙල් පුරවපු ලාම්පුවක් අරන් දුන්නනම්!
    ලාම්පුවට වැඩි ගාණක් යන එකක් නෑ!
    භූමිතෙල් වලට තමයි!:DD

    ReplyDelete
    Replies
    1. භූමිතෙල්, පෙට්‍රල්, ගෑස් මේවා දැං රත්තරං වලටත් වඩා වටිනවනෙ..

      Delete
  15. මෙහෙම වැලන්ටයින් මොකටද ??? එපා වැලන්ටයින් යන්නම යන්න....

    ReplyDelete
    Replies
    1. ඔහොම කියන්න එපා නංගී.. වැලන්ටයින් යන්නම ගියොත්..

      Delete
  16. කවදත් කියන එක තමා..... අතේ පිච්චිය නැතත් ලවු කොරන්නෙපෑ!

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.. කෑවේ නැතත් ලවු කරන්න ඕන..

      Delete
  17. මරු මලේ.... සිරා පෝස්ට් එක....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියේ..

      Delete
  18. දෙවෙනි තෑග්ග නම් මේ දවස්වල ගොඩාක් වටිනවානේ :)

    ReplyDelete
    Replies
    1. ඔව් නංගියේ.. රන් රිදී වලටත් වැඩිය..

      Delete
  19. පට්ටම සීන් දෙක.:) තේරුම පස්සේ දාපු එක හොඳයි.

    ReplyDelete
    Replies
    1. කසුනෝ දැං හිතෙනවා නේ කෙල්ලෙක් හිටියනම් හොදයි කියලා?

      Delete
  20. හෙහ් හෙ :D ෆුල් ටෑන්ක් තෙල් ගහනවා කීවා.මොළේ තියෙන කෙල්ලෙක්. ඒ දරිවිගේ ආදරවන්තයා වාසනාවන්තයි.

    කොහොම නමුත් අවංකව ආදරය කරනවනම් ලක්ෂයක් වටින දෙයක් දුන්නත් රුපියල් සීයක්‌ වටින දෙයක් දුන්නත් තෑග්ග තෑග්ගම තමයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මගේ යාළුවා වාසනාවන්තයි කියලා හිතෙනවා.. වටින්නේ දෙනදේ මිල නෙමෙයි.. දෙන දෙය..

      Delete
  21. මටත් සැට් කරලා දියංකෝ ෆුල් ටෑන්ක් ගහන කෙල්ලෙක්ව :D

    ReplyDelete
    Replies
    1. මම මේ අපරාදේ ඒ කෙල්ල මම සෙට් කර නොගත්තේ කියලා පසු තැවෙනවා..

      Delete
  22. Replies
    1. ආපුරු ආදර සිහිවටන..

      Delete
  23. හික් හික් තෙල් තෑග්ග නං එළ ඈ......

    ReplyDelete
    Replies
    1. මොලේ තියෙන කෙල්ලෙක්..

      Delete
  24. හිකිස්‌..................//, ආතල් ලිපිය මචා... එලම තමයි. කවි දෙක නම් සිරා හොඳේ

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචං.. ගොඩ කාලෙකින් මේ පැත්තේ..

      Delete
    2. ඔව් මචන්.. දැන් ආයෙමත් කියවන්න ඇබ්බැහි වෙලා ඉන්නේ

      Delete
  25. මමත් ආවා මේ පැත්තට.හරිම කාලෝචිත අදසක්...

    ReplyDelete
  26. දැන් නම් ෆුල් ටෑන්ක් ගහලා දෙනවා කියන එකත් ලොකු දෙයක් තමා !!

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්