Tuesday, 14 February 2012

අපේ වැලන්ටයින්


පාරට ආවේ නුඹව බලන්න
එන්න හිතාගෙන..
අද වැලන්ටයින් හින්දම
ගොඩ උනේ කඩේකට
නුඹට මොනවහරි
ගන්න ඕන නිසාම..
අනේ අර දෙදාස්පන්සීය
මේ මාසෙට විතරක්වත් ලැබුනනම්
කියලා හිතුනා මට
කඩෙන් එළියට එනකොට..
මොනා ගන්නද
ගියා මම පාර
අපිට හුරුපුරුදු
කෑන්ඩෝස් චොකලට් එක අරගන්න..
අරන් බලද්දි
බස් නෑනේ ඔයා හොයාගෙන එන්න
වෙලෙම කතාකරලා
ඔයා අහද්දී
එන්නේ නැද්ද කියලා මම
හැමදාම ආදරේ අපිට
අද විතරක් මොන වෙනසක්ද
කියලා හෙට මුණගැහෙන්න
පොරොන්දු වෙලා ආවා මම
ලගදිම රුපියල් දහයක් වෙන
හැමදාම යන රුපියල් හතේ දුර
හෙටවත් නුඹ බලන්න එන්න
බස් වැඩකරපං
කියලා හිතාගෙන..











52 comments:

  1. අනේ ඇත්තට යන්න බස් වත් නැතුව...මොනා කරන්නද ඉතින්..

    ReplyDelete
    Replies
    1. ඒකනේ අක්කේ.. හැමදේම වෙන්නේ මේ අස්සෙ තමයි..

      Delete
  2. අපරාදෙ..

    චොකෝ එක.. :P

    හෙටත් බස් වැඩ කරන්න එපා.. ආදරය වෙනුවෙන් ටිකක් ඇවිදින්න.. :D

    (හෙටවත් බස් වැඩකරන්නෝ..)

    ReplyDelete
    Replies
    1. ආදරේ වෙනුවෙන් ඕනම දෙයක් කරන අය ඉන්න එකේ ඔය පොඩ්ඩක් ඇවිදින එක මහ ලොකු දෙයක්ද?

      Delete
  3. මීටර් ටැක්සියක්වත් නැද්ද...

    ReplyDelete
    Replies
    1. තෙල් ගනන් නිසා දැන් ඒවයෙත් ගනන් වැඩි ඇති..

      Delete
  4. වැලා හෙණ මිළ අධිකයි වගේ...

    ReplyDelete
    Replies
    1. ඉස්සරට වැඩිය දැන් මිල අධිකයි.. කැන්ගරුවන්ගේ රටේ කොහොමද ඔබා මාමේ?

      Delete
  5. ආදරේට තියන බාදා...

    ReplyDelete
    Replies
    1. ආදරේ කරන අයට කවදත් බාදා තිබුනනේ..

      Delete
  6. චොකෝ එක තාම ලඟ තියනවද ???

    ReplyDelete
    Replies
    1. ඒක දෙන්න ඕන කෙනාට දුන්නා..

      Delete
  7. මම හිතුවේ මේ ලංකාවෙ විතරයි කියලා බස් වැඩ කරන්නේ නැත්තේ. ඔහෙත් එහෙමද?
    මෙහෙම කරමු චොකෝ එක මට එවන්න මම පරිස්සමට ගිහින් දෙන්නම්. බස් නැත්නම් පයින් හරි යන්නම්.

    ReplyDelete
    Replies
    1. එවන්න බැරි කමක් නෑ.. පරිස්සමට ගෙනිහින් දෙයිද කියලා තමයි විස්වාස නැත්තේ... :)

      Delete
  8. චොකලට් දීල කෙල්ලෙගෙ මූනෙ පිම්පල් දැම්මොත් ඒ ලව් එකත් කෙලවේවි හොඳේ.

    ReplyDelete
    Replies
    1. චොකලට් කෑවම එහෙම වෙනවද බං..

      Delete
  9. ආදරේට කොහෙදෝ බාදා නැත්තේ.........:(

    ReplyDelete
    Replies
    1. ආදරේට වැට කඩුළු බොහෝමයි..

      Delete
  10. අලේ 14ත් ටිකක් බස් අඩුයි නේන්නම්.... 13 නම් CTB තිබුනානෙ. අපරාදෙනෙ කොහොම හරි එල්ලිලා යන්න තිබ්බා..:D

    ReplyDelete
    Replies
    1. ඩේන්ජරස් වැඩ කරනවාට වඩා නොයා ඉන්න එක හොදයි කියලා හිතුනා..

      Delete
  11. මේක කියවල මට නම් මතක්වුනේ පොඩි කතාවක්.... පොරක් ලිව්මක් ලිව්වලු කෙල්ලට, ලෝකෙ විනාස වුනත් ඔයාව බලන්න එනව වගේ කතා දාල... කෙල්ලටත් ඉතිං හෙන හැපීලු... ලියමෙ අග පොඩි අකුරෙන් තියෙනවලු "වැස්සොත් එන්න වෙන්නෙ නෑ" කියල :)

    ReplyDelete
    Replies
    1. ලෝක විනාසේ වගේද වැස්ස.. ලොක විනාසේ උනොත් මැරේවි.. ඒත් වැස්සේ තෙමිලා හෙම්බිරිස්සාව හැදුනම ඒ වගේද..

      Delete
  12. බසුත් නැතුව මොන වැලන්ටයින් ද!

    ReplyDelete
    Replies
    1. අලියා අර අක්කලාට මුකුත් දුන්නේ නෑ.... :)

      Delete
  13. Replies
    1. අපේ කාලයේ වැලන්ටයින්..

      Delete
  14. ම්.ම්...... කැන්ඩෝස් ...මමත් හරිම ආසයි.... අනේ මතක ඇතුව චොකේ එක අයිස් පෙට්ටියේ දාන්න හොදේ නැතන් මේ රස්නෙට දියවේවි

    ReplyDelete
    Replies
    1. අයිස් පෙට්ටි ඕනේ නෑ.. අපිත් ගල් වෙන හීතලක් දැන් මෙහේ තියෙන්නේ..

      Delete
  15. කාලයේ තාලයට ගැලපෙන වැලන්ටයින් දිනයේ අනර්ගතම නිර්වචනය!
    නියමයි අයියේ..

    ReplyDelete
    Replies
    1. මේකේ නිධාන කතාව මම දැම්මා.. ඒක බලන්නකෝ..

      Delete
  16. කෝ බං ස්පේස් තියන්නත් අමතක වුනාද කවියට.... :D

    ReplyDelete
    Replies
    1. නෑ මචං.. මම මේක කවි විදිහට නෙමෙයි ලියන්න උත්සාහ කලේ..

      Delete
  17. හික්ස්...ලස්සන කවිය වගේම අන්තර්ගතය....

    “ හැමදාම ආදරේ අපිට
    අද විතරක් මොන වෙනසක්ද”

    මේක තමා මන් ආසම කොටස....

    ReplyDelete
    Replies
    1. වැදගත්ම වෙන්නේත් ඒකයි කියලා මම හිතනවා..

      Delete
    2. වෙන මොන දේ තිබ්බත් ඒ දේ නැතුව සම්පුර්ණ නැනේ අයියේ....

      Delete
  18. පයින් යන්න තිබ්බනේ?දුරයි කියලා බලන්නේ නැතුව.... :)

    ReplyDelete
    Replies
    1. කම්මැලි කමනේ ඉතින්... :)

      Delete
  19. වෙනස් වෙන ආර්ථිකයත් එක්ක යන ආදර කතාවක්.

    ReplyDelete
    Replies
    1. ආදරේ මුදලින් මනින නිසානේ මේ ප්‍රශ්ණේ වෙන්නේ..

      Delete
  20. හික් හික්.. නියම වැලන්ටයින් කතාවක්..:D

    ReplyDelete
    Replies
    1. මේක ඇත්තම කතාවක්..

      Delete
  21. මම ඔය වැලන්ටයින් කියන නමටවත් කැමති නෑ. කවදාවත් සමරලත් නෑ.සමරන්නෙත් නෑ. කෙල්ලෙක් නැති හින්දා නෙමේ. කෙල්ල්‍කේ හිටියත් ඒක එහෙමයි.

    කවිය ලස්සනයි අයියේ..

    ReplyDelete
    Replies
    1. මමත් තාම ඕක සමරලා නෑ.. ඉස්සරහටනම් කොහොම වෙයිද දන්නේ නෑ..

      Delete
  22. මගේ වැලන්ටයින් කුමාරයා ගෙදරම ඉන්න නිසා මේ කරදරේ නෑ..හික්ස්

    ReplyDelete
    Replies
    1. අපිට තාම ඒ වාසනාව නෑනේ.. :)

      Delete
  23. රට හිටියට හිත මෙහෙ... හතේ බස් ගාස්තු දහය උනා කියල කාගෙන් හරි ඇහුව නේ හොරා... (අවම ගාස්තුව නම් නමයයි..:)))

    ආදරේ වෙනුවෙන් බස්තියන් පයින් ගියත් මොකෝ.... :P

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව.. හිත තියෙන්නේ ඔහේ තමයි..

      Delete
  24. දුක තමයි රංජනී කිව්වලු....

    ReplyDelete
    Replies
    1. කවුද බං රංජනී කියන්නේ? :)

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්