Sunday, 12 February 2012

වහල්ලූ - දොලොස්වන දිගහැරුම

“ කෝ උඹලා තාම ලෑස්ති නැද්ද? වරෙල්ලා යන්න උදේම..”

බලාපොරොත්තු දහසක් රැදි දවසක උදාව වත්තේ අයට ගෙනාවේ ලොකු උද්‍යෝගයකි.. හීන වලට යන මාවතේ අන්තිමට ඔවුන් පැමිණ ඇත්තේ බාධක වැටුන මාවතකින්ය.. ඒ බධක තම සුමිතුරා හැමගෙන්ම ඈතට අරං ගියත් ඒ කැපවීම වෙනුවෙන් ඔවුන් ඉන් පසුව මහත් උනන්දුවෙන් වැඩ කලේය..

“ ගුණේ මාමේ අපි යමු නේද එහෙනම්..”

උදෑසනම ගුණදාසගේ නිවස දොරකඩට සුනිල් ආවේ ඔහුත් එක්කම චන්ද පොලට යන්නට සිතාගෙනය..

“ හරි පුතේ මම ලෑස්තියි අපි යමු..”

“ අදින් පස්සේ මේ හැම දෙයක්ම ඉවර වෙයි නේද මාමේ..”

“ නෑ පුතා.. අදින් පස්සේ තමයි හැමදෙයක්ම පටන් ගන්නේ..”

“ ඒ කිවුවේ මාමේ?”

“ පුතා දින්නොත් අපේ හොද කාලය අදින් පටන් ගන්නවා.. හැබැයි රණවිර දින්නොත් ඒ අපේ නරක කාලය පටන් ගන්නේ..”

“ මාමා හිතන්නේ?”

“ නෑ පුතා, පුතා අද දිනනවාමයි.. බලන්නකෝ..”

ගුණදාස සුනිල් ඇතුළු කීප දෙනා චන්ද පොලට එන විටත් බොහෝමයක් සෙනග ගමේ පන්සලට ඒ වෙද්දි පැමිණ සිටියේය.. ඒ අතර සිටි රණවීර සුනිල් ඉදිරියට ආවේ අතරින් පතර උන් තම ගෝලබාලයන්ද සමගය.. තනිව උන් සුනිලුත් ගුණදාසත් ටිකක් හිත කලබල උනත් රණවීරට දැන් කිසිවක් කරන්නට නොහැකි බව ඔවුන් හොදින් දැන සිටියේය..

“ පුතා රණවීර මොනවා කිවුවත් ඔයා එකට මුකුත් කියන්න යන්න එපා..”

ගුණදාස සුනිල්ගේ හිත ශක්තිමත් කරමින් එසේ කීවේ පොඩි හෝ කතා බහක් බොහෝ දුරක් යා හැකි තත්වයක් ඒ වෙද්දිත් ඇති වෙමින් තිබූ නිසාය.. රණවීරගේ ගෝලයෝ මෙන්ම වත්තේ බොහෝ දෙනෙක්ද ඔවුන් දෙස බලා සිටියේය..

“ හෙටින් පස්සේ උඹලගේ ජීවිත තවත් නරකාදියකට මම යවනවා.. ඒ නරකාදියේ ඉදන් උඹලා ජීවිතේ ඉල්ලලා කෑ ගැහුවත් උඹලා ගැන බලන්න කවුරුවත් එන්නේ නෑ.. උඹලට මගේ කකුල් දෙක ලගට ඇවිත් වදින්න වෙන දවස වැඩි ඈත නෑ.. අපි හෙට හම්බුවෙමු..”

රණවීරගේ තර්ජනයට කිසිවක්ම නොකී සුනිලුත් ගුණදාසත් ඔහුටත් ගෝල බාලයන්ටත් යන්නට ඉඩ හැර නිහඩවම පෝලිමට එක්වුයේ රණවීර කියූ කිසි දෙයක් ඉටු වන පරිසරය ඇති නොවන්නයි ප්‍රාර්ථනා කරමිනි..

දහවල හිරු මුදුන් වන්නට මත්තෙන් වත්තේ හැමෝම තම කැමැත්ත ප්‍රකාශ කර නිවෙස් කරා ඇදී ආවේය.. ඒත් ඒ සුනිල්ටද රණවීරටද යන්න දැන ගැනීමට තව හෝරා කීපයක් ඉවසා සිටිය යුතුය..

“ ගුණේ අයියේ, නැද්ද බෝතලයක්වත් මේ නිකන් ඉන්න වෙලේ කාලේ කන්නත් එක්ක..”

ඇල්බට් නිහැඩියාව බිදිමින් තම හඩ අවදි කරද්දි ගුණදාසගේ නිවස ලග අතරින් පතර එකතු වී උන් ලගට ආවේ පාළුව මකා ගන්නත් එක්කය..

“ බොන්න පුළුවන් පස්සේ.. අද රෑට උඹලා කෙලින් ඉන්න ඕන.. නැත්නම් මේ අතකුත් නැති මට තමයි එන ප්‍රශ්ණ විසදන්න වෙන්නේ..”

“ ඇත්තටම ගුණේ අයියේ කොල්ලා දිනාවි නේද?”

“ අන්තිමේ වෙනකන් කියන්න බෑ අල්බට් මල්ලි.. කොහොම් උනත් මට එකක් විශ්වාසයි.. මේ වත්තේ එකෙක්වත් රණවීරටනම් චන්දේ දෙන්නේ නෑ..”

“ උඹ කොහොමද ගුණේ අයියේ එහෙම කියන්නේ?”

“ උඹට ඒකවත් හිතා ගන්න බැරිද? නිකමට හිතපන් රණවීර දින්න කියලා.. උන්දෑ ඊට පස්සේ මේ වත්ත අතුගාලා දැම්මත් අපිට මුකුත් කරන්න වෙන්නේ නෑ.. ඉතින් මම රණවීරටයි චන්දේ දුන්නේ කියලා කාටද පුළුවන් ඒක රණවීරට ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්.. වත්තේ අපෙන් පලි ගනිද්දි උන්දැට චන්දේ දුන්න එවුන්ටත් දුක් විදින්න වෙනවා..”

“ ඒකනම් ඇත්ත ගුණේ අයියේ.. අපේ එවුන් ඒ වගේ මෝඩ වැඩ කරන එකක් නෑ..”

“ අපි බලාගෙන ඉමු.. මේ හැම දේම ඉවර වෙන්න තව වෙලාව තියෙනවනේ..”

ගුණදාසගේ නිවසේ එකතු වූවන් එක එක දේවල් ගැන කතාවේ ඉදියත් කාගෙත් සිත් තිබුනේ අවසන් ප්‍රතිඵලය කොයි මොහොතේ දැන ගන්නේද යන්න සිතමිනි..

                                            ..................

“ ඒ ඔය ටීවී එක දාපන්කෝ.. දැනටමත් ප්‍රතිඵල කියලද දන්නේ නෑ..”

“ දැම්ම කොහේ කියන්නද? අනික මේකේ හැඩ වැඩ දාලා කියන්න කලින් අපිට නිවුස් එක ඒවි.. ගුණේ අයියයි සුනිලුයි ඉන්නේ ගනන් කරන තැනනේ..”

“ ඔව් ඒකත් ඇත්ත.. ඒ උනාට උඹ ඔන්න ඕක දාපංකෝ.. අනිත්ව කවුද දිනන්නේ කියලා බලන්නවත්..”

වත්තේ එකම රූපවාහිණිය තිබූ ගාමිණිගේ නිවසට හැමෝම එක් උනේ අද ගාමිණියා හිට්යනම් කියන සිතුවිල්ලෙනි.. වෙනදාට මදු විතෙන් පදම්ව රැය පහන් කරන ඔවුන් අද ඒ ගැන නොහිතා බලාගෙන හිටියේ තීරණය කුමක් වී මොන ප්‍රශ්ණයක් ඇති වේදැයි හිතේ ඇදුන බිය නිසාමය..

“  ගුණේ අයියගෙන් කෝල් එකක්වත් නැද්ද බං.. උඹලා ඌට ෆෝන් එකක් දුන්නා නෙද අරං යන්න..”

“ ඔව් ඇල්බට්.. මම දුන්නා..”

“ ඉතින් මොකද මේකා තාම කතා කලේවත් නැත්තේ.. ප්‍රශ්ණයක්වත්ද?”

ඔවුන්ගේ හිත්වලට එක එක දේවල් හිතෙද්දි ඇල්බට් ඇතේතේ රැදි දුරකතනය නාද විය.. ඒ ඇමතුම ගුණදාසගෙනි..

“ ඒ ගුණේ අයියගෙන් කෝල් එක.. හලෝ ගුණේ අයියේ.. මොකද ඔහේ තත්වේ?”

“ කොල්ලා දිනුම් ඇලබට් මල්ලියේ.. උඹ වත්තේ එවුන්ට කියපන්.. තව ටිකකින් ටීවී එකේ කියාවි..”


අවසාන කොටසින් හමුවෙමු..


16 comments:

  1. මම එක නේද :)))

    අනේ දිනලා. අම්මෝ රණවීර දැන් යකා වෙලා ඇති

    ReplyDelete
  2. දවසනම් ආවා....ඊළඟට මොකද වෙන්නෙ.......?

    ReplyDelete
  3. නියමයි....දිනලා දිනලා......

    අවසාන කොටසේ මක් වෙයිද.....?

    ReplyDelete
  4. පට්ට.... ඉතුරු ටික ඉක්මණට

    ReplyDelete
  5. ආව්.. දැන් රණවීර දුම්මල වරම අරන් ඇති.. :D
    හොඳම කොටස ඉතිරියෙන්ලූ...
    ඉතිරිය ඉක්මනටම ඕනා..

    ReplyDelete
  6. කොල්ලා දිනලා නම් එච්චරයි, ඉතිරි ඒවා පස්සේ බැරියැ, දැන් ගමු බලන්න බෝතලේ!

    ReplyDelete
  7. ඩෙග ඩෙග පරි... දැන් තමයි ගේම :)

    ReplyDelete
  8. වත්තේ එවුන්ට රජ මගුල් ඇති.. !

    ReplyDelete
  9. රණවීරට දැන් හොඳටම තරහ ගිහින් ඇති.ඉතිරියේ තමයි දැනගන්න වෙන්නෙ.එතකන් ඉන්න වෙනව....

    ReplyDelete
  10. මම කියන්න ගියෙත් කොල්ල දිනලා ඇති කියල...හයියෝ මම චන්දෙ දාන්න එද්දී ප්‍රතිපල ප්‍රකාශයට පත කරලා.....

    ReplyDelete
  11. ඔය තියෙන්නේ වැඩ...දැන් රණවීර ට ගේම දෙයි නේද..

    ReplyDelete
  12. එතනදි දිනලා වුනාට ටී.වී. එකේ කියයිද දන්නෙ නෑ පැරදුනා කියයිද දන්නෙ නෑ...
    එහෙමනෙ වෙන්නෙ...

    ReplyDelete
  13. ජය වේවා!!! කොල්ලා දිනලා... ඒත් රණවීරකාරයා අදීද දන්නෙ නෑ කේස් එකක්.. බලමුකෝ..:/

    ReplyDelete
  14. දිනපු එක හොඳ වෙයිද ? තත්වෙ තවත් ඩේන්ජරස් වෙයිද ?

    ReplyDelete
  15. ඊලඟට මොකද වෙන්නේ කියලා බලන් ඉන්නේ !

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්