Friday, 10 February 2012

වහල්ලූ - එකොලොස්වන දිගහැරුම

පළමු කොටස   දෙවනි කොටස   තුන්වෙනි කොටස   හතරවෙනි කොටස   පස්වෙනි කොටස   හයවෙනි කොටස   හත්වෙනි කොටස  අටවෙනි කොටස  නමවෙනි කොටස  දහවෙනි කොටස

 
කාලය කෙමෙන් කෙමින් ගෙවී ගියත් ගාමිණි ගැන මතකයන් අමතක කරන්නට වත්තේ කාටවත් නොහැකි විය.. තම දකුණත මෙන් වූ ගාමිණී මාමා නැති අඩුව සුනිල්ට කොතරම් දැනුනත් ඒ අඩුව පුරවන්නට කෙනෙක් නොවීය.. තම හොදම මිතුරා නැති අඩුව තදින්ම දැනුනත් ගුණදාස ඒ බව කාටවත් දැනෙන්නට ඉඩ නොතියා තමන්ට පුළුවන් උපරිමයෙන් සුනිල්ගේ ජය වෙනුවෙන් කටයුතු කලේය..

“ පුතා තව සතියයි චන්දෙට තියෙන්නේ.. අනිද්දා වෙද්දි අන්තිම රැස්වීමත් තියලා අපිට මිනිස්සුන්ගේ තීරණේ එනකම් බලාගෙන ඉන්න තමයි තියෙන්නේ?”

“ ඔව් ගුණේ මාමේ.. දැන් නම් මගේ හිත ටිකක් කලබලයි වගේ..”

“ ඒ මොකෝ?”

“ නෑ ගුණේ මාමේ..  මේ උන දේවලුත් එක්ක මේ අන්තිම දවස් වල මොනවා වෙයිද කියන්න බෑ..”

“ පුතා බය නැතුව ඉන්න.. අපිට දැන් ඉස්සර තිබුනට වැඩිය පොලිස් ආරක්ෂාවක් තියෙනවනේ..”

“ ගාමිණි මාමගේ මරණේ ගැනත් පොලිසියෙන් එච්චර හෙවුවේ නෑ නේද?”

“ ඒකනේ පුතා මම කලින්ම කිවුවේ.. ගාමිණි මාමා වෙනුවෙන් සාධාරණයක් කරන්න පුළුවන් පුතාට විතරයි කියලා.. රණවීර ඔය හැම දෙයක්ම යට හගනවා.. අපිට මුකුත්ම කරන්න වෙන්නේ නෑ..”

“ චන්දෙන් පස්සේ මොනවා වෙයිද මාමේ?”

“ ගාමිණියගේ මරණේත් එක්ක ගොඩක් මිනිස්සු රණවීරගෙන් අපේ පැත්තට ආවා.. මොකද ගාමිණියගේ මනුස්ස කමට සලකන මිනිස්සු සෑහෙන ඉන්න නිසා.. ඔය වත්තෙන් එහා ඉන්න ලොකු මහත්තුරු පවා.. බලන්නකෝ පුතා අන්තිම දවසේ ටවුන් එකේ තියෙන රැස්වීමට ඔය ගොඩක් දෙනෙක් ඒවි..”

“ තව දවස් කීයද තියෙන්නේ.. මේ ටික දවසට අපේ ජීවිත කොච්චර නම් වෙනස් උනාද?”

“ ඕවා ඔහොම තමයි පුතා.. මම යනවා කට්ටියත් එක්ක පුතාගේ අන්තිම රැස්වීම ගැන මිනිස්සු දැනුවත් කරන්න..”

“ පරිස්සමින් ගුණේ මාමේ.. මම හින්දා මට ගාමිනී මාමත් නැති උනා..”

කිසිවක් නොකියාම මුවගේ සිනහවක් රදවමින් සුනිලේ හිස අතගෑ ගුණදාස වත්තේ අය හා පිටව යන අයුරු දෙස සුනිල් මොහොතක් බලා සිටියේය..

                                     .........................

“ මංත්‍රීතුමා මේ යන විදිහනම් එච්චරම හොද නෑ..”

සුපුරුදු පරිදි රණවීරගේ නිවසේ රැස්වී කතාබහ කරමින් උන් ගෝලබාලයෝ රණවීරගේ චන්ද වැඩ කටයුතු ගැන මතක් කලේය..

“ ගාමිණියගේ මරණේ අපිට අවාසියක් උනා මංත්‍රීතුමා.. ඒකෙනුත් උනේ සුනිලට තව මිනිස්සු එකතු උන එක..”

“ ඔව් මංත්‍රීතුමා මෙහෙම ගියොත් සුනිලා දිනන්නත් ඉඩ තියෙනවා..”

“ බොරුවට කෑ නොගහා ඉදහන් යකුනේ..”

නිහඩව හැමෝටම ඇහුම්කන් දීගෙන උන් රණවීර හිද ගෙන හිටි පුටුවෙන් නැගිට්ටේ කේන්තියෙන් පුපුරමිනි..

“ තාම මේ කිසි දෙයක් ඉවර නෑ..”

“ ඒ කිවුවේ මංත්‍රීතුමා?”

“ චන්දෙට තව දවස් තියෙනවා.. අනික අපි මීට කලින් දින්නෙත් මිනිස්සුන්ගේ කැමැත්තෙන්ද?”

“ ඒත් මංත්‍රීතුමා මේ පාරනම් ඒවා කරන්න බැරි වෙයි.. හමුදාවයි පොලීසියයි දෙකෙන්ම ඉන්නවා ආරක්ශාවට..”

කේන්තියෙන් උන් රණවීර ඔහුට පහරක් එල්ල කලේ ආවේගය පාලනය කර ගත නොහැකිවය..

“ තොපිට දෙයක් කරන්න බැරි නම් කට වහගෙන ඉදපං.. බොරුවට මෙතන කියවන්නේ නැතුව..”

රණවීරගේ ගෝලයෝ එකිනෙකා මුහුණු බලාගෙන කිසිවක් නොකියාම බිම බලා ගත්තේ කේන්තියෙන් ඉන්න ඔහු හා තවත් කතා කරන්නට යාම නුවණට හුරු නැති නිසාය..

“ මොන දේ උනත් මමයි මේ පාර දිනන්නේ.. මේ රණවීර පරදින මිනිහෙනක් නෙමෙයි..”

                                         ....................

අවසන් රැස්වීම සූදානම් වූයේ කාගෙත් ලොකු බලාපොරොත්තු ඇතිවය.. නගර මද්‍යයේ ඉදිවූ වේදිකාව ලගට රැස්වීමට හෝරාවක් තියාම සෙනග ඇදී එන්නට වූයේය..

“ මම කිවුවේ පුතා.. අද වෙනදට වැඩිය කට්ටිය එනවා කියලා..”

සුනිල් රැස්වීම අමතන්නට කලින් ඒවටා රොක් වූ මිනිසුන් පෙන්වමින් ගුණදාස පැවසුවේ සතුටිනි..

“ මෙතන ඉන්න සමහරක් අය තාම පුතාට චන්දේ දෙනවද නැද්ද කියලා තීරණයක් නැතුව ඇවිත් ඇත්තේ.. යන්න ගිහින් ඒ අයගෙත් හිත දිනාගන්න විදිහට කතා කරන්න..”

සුනිල්ගේ හිතේ රැදි ඇත්තේ බලාපොරොත්තු දහසකි.. ඒ ඔහුගේම ඒවා පමණක් නොවේය.. වත්තේ තමන් මෙන්ම කාලයක් දුක් විදි තමන්ගේම මිනිසුන්ගේ බලාපොරොත්තුත් ඔහු සතුය.. කතාව අවසානයේ නැගුන මහා ඔල්වරසන් හඩ අතරේ  සන්ද්‍යාව නිමා උනේ මහත් බලාපොරොත්තු රාශියක් ඇතිවය..

ඒත් ගුණදාස පසු වූයේ නොසතුටිනි.. ඒ සුනිල්ගේ කතාව පුරාවටම ඔහු සදහන් කලේ ගාමිණි ගැන වූ නිසාවෙන්ය.. ගාමිණිගේ මරණය පලිහක් කර ගනිමින් සුනිල් චන්දය දිනන්ට හදනවාදැයි ගුණදාස මොහොතකට කල්පනා කලේය..

“  පුතා හැම තැනකම ගාමිණිගේ මරණේ ගැනම කතා කල එකට මම එච්චරම කැමති නෑ..”

“ ඇයි ගුණේ මාමේ? මාමමනේ කිවුවේ මම දිනුවොත් තමයි ගාමිණි මාමට සාදරයක් ඉටු කරන්න පුළුවන් කියලා..”

“ ඔව් ඒක ඇත්ත.. ඒත් ඒ මේ විදිහට වචන වලින් නෙමෙයි.. ක්‍රියාවෙන්..”

“ මට සමාවෙන්න ගුණේ මාමේ.. මම ඒ ගැන එච්චර හිතුවේ නෑ..”

“ දැං උන දේ උනා.. අපි අනිද්දා වෙනකම් බලාගෙන ඉමු.. දැං පුතා ටිකක් නිදහසේ ඉන්න..”

ගුණදාස හිටියේ දුකින් උවත් ඒ ගැන ඔහු වැඩිය සුනිල් හා වාද කරන්නට නොගියේය.. එදා සවසත් සුපුරුදු විදිහට තම මොතුරාගේ සුසානය ලගට ගිය ගුණදාස එහි කාලය ගත කලේ හිතේ දුක මැකි යන තුරුය..

වහල්ලුන්ගේ ජීවිත වෙනස් කරන්නට තැනූ මාවත ඉදිවී හමාරය.. දැන් බලා සිටිය යුත්තේ අවසන් දිනය උදා වන තුරුය.. 




14 comments:

  1. හොඳ වැඩේ රණවීර ට..

    ReplyDelete
  2. හ්ම්...බලමු මොකද වෙන්නෙ කියල

    ReplyDelete
  3. මරණයක් උනාම දේසපාලනේදී දෙපැත්තටම වාසියි...

    ReplyDelete
  4. "වහල්ලුන්ගේ ජීවිත වෙනස් කරන්නට තැනූ මාවත ඉදිවී හමාරය..
    දැන් බලා සිටිය යුත්තේ අවසන් දිනය උදා වන තුරුය.. "

    ඒ මාවත තුලින් අලුත් ඉරක් පායන තෙක්..
    ඉතිරියට.. :)

    ReplyDelete
  5. “වහල්ලුන්ගේ ජීවිත වෙනස් කරන්නට තැනූ මාවත ඉදිවී හමාරය.. දැන් බලා සිටිය යුත්තේ අවසන් දිනය උදා වන තුරුය..“

    බලන් ඉන්නව......

    ReplyDelete
  6. අහිංසක මිනිස්සුන්ට සාධාරණයක් ඉටු වෙන අවස්ථා හරිම විරලයි..

    ReplyDelete
  7. මාවත තැනුනත් වහල්ලුන්ගේ ජිවිත වලට නිදහස ලැබෙන මොහොත දක්වාම රැඳී තියෙන්නේ හාම්පුත්තුන්ගේ අතේ කියන එක මට අමතක කරන්න බැහැ.... :(

    ReplyDelete
  8. රණවීර මොනවා කරන්න හිතගෙන ඉන්නවද දන්නෙ නෑ...

    ReplyDelete
  9. ..හ්ම්..බලමුකො මොකද වෙන්නෙ කියල..මේක ලියන්නනම් දිනෙශ් ප්‍රමාද කරනව වැඩියි වගේ..

    ReplyDelete
  10. තවත් වෙනස්ම විදියේ කොටසක් අයියේ

    ReplyDelete
  11. හොද වැඩේ තමා රණවීරට...බලමුකෝ මොකාටද එන්නෙ කියලා..

    ReplyDelete
  12. මෙන්න ඇත්තටම සිද්ද වෙන දේශපාලය... !

    ReplyDelete
  13. අලේ එක කොටසක් මට මිස් වෙලානේ. මම දැන් ගිහින් ඒකත් බලල ආවේ. හ්ම්ම් බලමුකෝ චන්දෙන් මොනවා වේවිද කියලා.....

    ReplyDelete
  14. දැනුයි කියවලා ඉවර වුනේ.... අනික් කොටස එනකම් බලා ඉන්නවා....

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්