Thursday, 9 February 2012

මලක් උනේ ඇයි නුඹ..

“ඇයි මට ඒ දෑස් අමතක කරන්න බැරි.. යාළුවෝ කියන විදිහට නුඹ මුදලට විකිණෙන්නියක්.. ඒත් මට මොහොතකටවත් එහෙම හිතෙන්නේ නැත්තේ ඇයි?”

උදෑසන නිදි යහනයේ ඉදන්ම කලින් දා රාත්‍රියේ හමුවූ ඇය ගැන මම හිතන්න පටන් ගත්තේ ඇයි කියලා මට තේරෙන්නේ නැතත් ඇය වෙනුවෙන් හිතේ උපන් නොදන්න සිතුවිල්ලක්  ඇයව මගේ සිතුවිලි වලට හෙමින් හෙමින් අරගෙන ආවා.. ඊයේ යාළුවොත් එක්ක රාත්‍රියේ එළියට ගියේ දිගු කාලෙක ඉදන් අවිවේකීව ගෙවු දවස් නිමා කරන්න හිතාගෙන..

“ මචං අළුත් ක්ලබ් එකක් තියෙනවා.. ලස්සන කෙල්ලොත් ඉන්නවා.. යමුද?”

“ උඹලට පිස්සුද බං..”

“ මේ විකාර නැතුව වරෙං යන්න.. ඔතන ඉස්සරහින් වාහනේ හරවපංකෝ.. මම කියන්නම් පාර..”

මග හරින්නම බැරි තැන ඔවුන් එක්ක යන්න කැමති උනේ මීට කාලෙකට කලින් මගේ හිතටම උන ආයෙම බොන්නේ නෑ කියන පොරොන්දුවත් මතකේ තියාගෙන.. එක එක තරා තිරමේ මිනිසුන් අතරේ අහම්බෙන් වගේ නෙත ගැටුන නුඹ මේ තරම් මගේ මතකයේ හොල්මන් කරාවියි මම මොහොතකටවත් හිතුවේ නෑ..

“ ඒ මචං.. අර බලපන්කෝ අර කෙල්ල.. මාර ලස්සනයි බං..”

“ හ්ම්ම්..”

වැඩි යමක් කියන්නට නොගියත් ඇය මම මින් පෙර දුටු අයට වඩා සුන්දර බැවු මම හිතින් පිළිගතිමි..

“ මොකද කියන්නේ මචං.. කතා කරමුද?”

“ උඹලට පිස්සුද? ඒ කෙල්ල එහෙම නැතුව ඇති..”

“ මෙතන ඉන්න ඔක්කොම එකයි බං.. සල්ලි වියදම් කරන්න පුළුවන් කියලා තේරුනොත් නිකම්ම අපේ ලගට ඒවි..”

“ ඒ උනත් ඒ කෙල්ල අහිංසකයි වගේ බං..”

මිතුරන්ගේ හිනා හඩට යට උන මගේ සිතුවිලි නෙතින් ඇය  මානයට අරං ගියේ කාටවත් නොදැනීම.. රාත්‍රිය අවසන් වෙන්නට මත්තෙන්ම ඔවුන් නිවැරදි යැයි ඇස් පනාපිටම මට තේරුම් ගියත් මගේ දෑස් ඉදිරියේ මොහොතකට නැවතුන ඒ දෑස් අතරින් වෙනම කතාවක් මැවුවේ ඇයිද කියලා මට තාම තේරෙන්නේ නෑ..



රැයේ පිපි කඬුපුල් මල නුඹ
ඹමරුන් සරන මල් උයනක
විකසිත වී කඳුළු සලන මල
පිපුන පවට අපිරිසිදු ලොවට..

ඇස ගැටෙන වල්මත් ඹමරිදු
ඇදි එයි සොයා රොන් සුව
මලේ රොන් ගෙන අදුරේම
ඉගිල යයි උන් හොර රහසේම..

රැයේ සුවද විහිදා නුඹ
සැගව යයි හිරු නැගෙත්ම
ලොවට වසන් වී කසුම
සුසුම්ලයි බැසයන හිරු දැක..

අගහිගකම් දැනෙන ගේ පැලක
විකසිත උනේ නුඹ පවට
ඒත් ඇයිද නුඹ මලක් උනේ
රැයේ පිපී පරව යන..

නොපෙන්නා ලොවට නුඹේ කඳුළ
හිනැහුනේ කිම විකුණා අසරණ කම
කඳුළු ගොඩක් තව නුඹේ ජීවිතයට
ලං කර ගත්තේ ඇයි නුඹ මෙලෙස..











69 comments:

  1. අනේ මන්දා අපේ එකෙක් මැරෙන්න ගියා ඔය වගේ කෙල්ලෙක්ට....

    ReplyDelete
    Replies
    1. ඒ වගේ තැන්වල අනිත් අයට වඩා වෙනස් කෙල්ලොත් ඉන්න පුළුවන්.. මම කිවුවේ මුදලට විකිණෙන්නේ නැති..

      Delete
  2. හ්ම්ම්...
    ඒ දෑස් වලිනුත් කියවෙන කතාවක් ඇති. ඒත් ඒ වගේ කතාවක් කියවන්න පුළුවන් කීයෙන් කී දෙනාටද

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.. ඒ අස් වල තියෙන ලස්සන මිසක් කඳුළු දක්කින්න උත්සාහ කරන අය අඩුයි..

      Delete
  3. ඒවගේ දෑස් ලඟ නවතින දැසුත් ඇති ඕන තරම් .

    ReplyDelete
    Replies
    1. තියෙනවා.. ඒත් හැමදාටම නවතින දෑස් අඩුයි..

      Delete
  4. ඇතැම් පිරිමි නිසා මේ අගාධයට වැටෙන ගැහැණු ඉන්න සමාජේ ඇතැම් පිරිමි නිසා ඒ අගාධයෙන් ගොඩ එන ගැහැනුත් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ඒත් එහෙම වෙන්නේ හරි කලාතුරකින්, ගිණි පෙනෙල්ලෙන් බැට කාපු කෙනා කණාමැදිරි එළියටත් බයයි ලු නේ!

      Delete
    2. අසරණයා : ඒ කතාවට මාත් එකගයි.. ගොඩක් වෙලාවට ගෙවුන අතීතය අමතක කරලා එහෙම කෙනෙක් තමන්ගෙම කර ගන්න පිරිමි ඉන්නවා..

      Delete
    3. ලහිරු : එක හරි.. මොකද මෙච්චර කාලයකට උන දේවලුත් එක්ක ඔවුන් බයයි කෙනෙක්ව විශ්වාස කරන්න..

      Delete
  5. ඒ උනාට ඒ වගේ මල් සිප ගන්න තහනම් නේද?

    ReplyDelete
    Replies
    1. ඒත් ඒ මල් සිප ගන්න කැමති අයත් ඉන්නවා අක්කේ..

      Delete
  6. සෙල්ලන් නෙමේ කොල්ලෝ, අමාරුවෙ වැටෙනවා හෙම නෙමෙයි ඕන්, තව අවුරුදු තුනනෙ ඉවසන්න තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ මාමේ.. අපි ඒවට නෑ.. එකනේ මේ අවුරුදු තුනයි කියලා දැන දැන මොකට මැරෙනවද.. :)

      Delete
  7. නියමෙට ලියලා තියෙනවා දිනේෂ්. අද කාලේට ගොඩාක් වටින කතාවක් සියුමිව ගලපලා තියෙනවා..!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාළුවා.. අද නේද වර්ණයට ගොඩ උනේ.. දිගටම එන්න කියලා ආරාධනා කරනවා..

      Delete
  8. මට අමරසිරි පීරිස්ගෙ සිංදුවක් මතක් වුනා....:(

    ReplyDelete
    Replies
    1. ළදුනේ සිංදුව වෙන්න ඕන..

      Delete
  9. එ අහිතත් හැඟීම් දැනීම් තියෙන, අපේ වගේම ලේ මස් නහර වලින් හැදුන හිතක් නිසා ඒ හිතටත් ආදරයක් ඇති වෙන්න බැරි කමක් නෑ..

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්තෙන්ම ඒ හිතටත් ආදරේ කියන එක දැනෙනවා.. ඒත් ඒ ආදරේ දෙන්න අය අඩුයි..

      Delete
  10. මොනවා කියන්නද මංදා................

    ReplyDelete
    Replies
    1. හිතෙන ඕනම දෙයක් කියන්න..

      Delete
  11. හදවත සසල කල
    දෙනත් අබිමුව උනා ඇඳිවත
    විදින්නට ජීවිතය
    වරම් නැත මට
    ඒත්
    එළිවන පාන්දර
    මිලවන අතමිට
    ගෙනයි මගෙ පැලට
    යාන්තමින් සඳ එළිය...

    ReplyDelete
    Replies
    1. යන්තම් සද එළිය ගේන්න
      මේ තරම් කැලල් කුමට
      මකන්න බරි උන දාට නුඹ
      මේ ජීවිතය ගෙනි යන්නේ කෙලෙස..

      Delete
  12. රූපයට රැවටෙන්න එපා..

    ReplyDelete
    Replies
    1. රූපයට වඩා හදවතයි බලන්න ඕන..

      Delete
  13. මම ලඟින්ම දන්නා කෙනෙක් ඔය වගේ කෙනෙක්ව විවාහ කරගෙන දැන් දුර රටක සන්තෝසෙන් ඉන්නවා. ඒ කාන්තාව තමන්ගේ සැමියාට සලකන්නේ දෙවියෙක්ට වගේ. එහෙම අයත් මේ ලෝකෙම ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත අයියේ මේ දේවල් ප්‍රශ්නයක් කර නොගන්න අය ඉන්නවා.. ප්‍රශ්ණ ගේන්නේ සමාජය.. ඒ නිසාම වෙන්න ඇති එයාලා පිට රටකට ගියේ?

      Delete
  14. ඔය වගේ අය අතරෙ අහිංසක අය කීයක් නම් ඇත්ද... ඒත් ඒක තේරුම් ගන්නෙ කීයෙන් කී දෙනෙක්ද...

    ReplyDelete
    Replies
    1. මේ වගේ තැනකට ආවම ඒ අහිංසක කම දිහා බලන්න කවුරුවත් නෑ.. බලන්නේ ඒ ලස්සන දිහා විතරයි..

      Delete
  15. මන් ඊයේ පරණ පත්තරයක් කියෙව්වා අහම්බෙන්....ඒකේ තිබුණේ ක්ලබ් එකක සින්ග් කරපු, සතියකට පාරක් කොල්ලෙක් එක්ක දවස ගතකරපු කෙල්ලෙක් ගැන...ඒ කෙල්ලට ක්ලබ් එකේදිම හම්බෙච්ච හොඳ කොල්ලෙක් එක්ක යාළුවෙලා, නරාවලක් වෙලා තිබුණ ජීවිතේ සුර ලොවක් කරන් දැන් ජීවිතේ විඳින ලස්සන ගැන කියලා....දරුවො දෙන්නෙකුත් ඉන්නවාලු...

    ReplyDelete
    Replies
    1. මේ ලගදි මෙහේ ප්‍රෝග්‍රෑම් එකකත් ඔය වගේ කෙනෙක් ගැන විස්තරයක් ගියා.. ඒ තැනින් හොරෙන් පැනාලා ගිහින් ආදරේ කරන කෙනවා බැදපු කෙනෙක් ගැන..

      Delete
  16. ඔය වගේ ජීවිතයට වැටිච්චි බහුතරය ළඟ තියෙන්නෙ දුක හිතෙන කතාවල්....

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. දුප්පත් කම අසරණ කම ඒ කතා බොහෝමයකට මුල..

      Delete
  17. විකිණෙනව. ආර්ථිකේ විවෘතයිනේ. ඕනම දෙයක් විකුණන්න පුවවන්.

    ReplyDelete
    Replies
    1. විකිණේනවා මිලදි ගන්න අය ඉන්නකම්ම..

      Delete
  18. කියන්ඩ දෙයක් නැහැ

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න එපා ඔබා මාමේ..

      Delete
  19. ආදරේට ඔය වගේ දේවල් බාධාවක් නෙවෙයිලුනේ...

    ReplyDelete
    Replies
    1. ආදරේ කරන හිත් වලට ඒක බාධාවක් නෙමෙයි.. ඒත් ඔවුන්ට ආදරේ කරන්න තැනක් හොයා ගන්න ඒක බාධාවක් වේවි..

      Delete
  20. ලිහා සළුපිලි නෙක දනන් ළඟ
    නුරා පෑවට නෙත් කොනින්
    ඇනී විස තුඩු ඹමර තෙතොලින්
    ලේ ගලන්නෙ හදවතින්

    ළැම ම පමනක් දකින වුන් නෑ
    හොයන්නේ ළය රැදි සුසුම්
    උන්ව සැනසුව පසුව පමනයි
    නිවෙන්නේ බඩ ගින්දරින්

    රැයේ තුරුළුව උන්ගෙ කාරිය
    කරන් පිට වෙන බොහෝ වුන්
    උදේ එළි වුණ වෙලේ ඉදගෙන
    තබයි අපටම දෙස් දෙවොල්

    එදා නෙළුමකි මමත් ගොහොරින්
    උඩට ආ මඩ නොගෑවුණූ
    සුවඳ දෙන්නත් පෙරාතුව උන්
    තලා පාගා පොඩි කෙරූ

    ReplyDelete
    Replies
    1. හරිම අපුරුයි කාව්‍යා අක්කේ.. මම කියන්න උත්ස්සාහ කල දේම අක්කා ලස්සනට කවි කරලා..

      Delete
  21. හ්ම්ම් සල්ලි තියෙනවානම් ඒ වගේ අය ඕනා තරම් ඒවි.

    ReplyDelete
    Replies
    1. ඔව් නංගී ඒක ඇත්ත.. ඒත් හැමෝම එහෙම එන්නේ සතුටින්ද එහෙම නැත්නම් බල කිරිමටද?

      Delete
  22. පට්ට ලස්සනයි අයියේ ආ... ටිකක් වැඩ වගයකට හිර වුනා එකයි එන්න බැරි වුනේ...

    ReplyDelete
    Replies
    1. ඕකේ ඔකේ.. ඒකට කමක් නෑ.. ඉස්සෙල්ල ඉගෙනීම.. තෑන්ක්ස් මලයා...

      Delete
  23. හ්ම්ම්....කියව්වා...

    ReplyDelete
  24. කෙල්ලො එපා බං දැක්කනේ සිතූට වෙච්ච දේ ?

    ReplyDelete
    Replies
    1. සිතූට උනේ නම් මහම කැත වැඩක් සෑමෝ.. එහෙම නම් කාටවත්ම වෙන්න එපා..

      Delete
  25. හරිම ලස්සනයි කවි පෙල. අයියාටත් හිතෙන්නෙ වෙනස්ම සිතුවිලි.. එකකට එකක් වෙනස්.. ඒ වගේම හොඳටම දැනෙනවා..

    ආදරේ කියන එක කොයි මොහොතෙ, කාට කොහොම ඇතිවෙයිද කියන්න බෑනෙ අයියේ!!

    ප.ලි- ලොග් වෙන්න කම්මැලි වුනා.. :D

    ReplyDelete
    Replies
    1. ආදරේ කියන හැගීම ඇති වෙනවා නවත්තන්න කාටවත් බෑ.. අඩු ගානේ ඒ හිතටවත්..

      Delete
  26. මොනවද කියන්නෙ කියල තේරෙන්නෙ නැහැ අයියෙ.මමත් අහල තියෙනව එහෙම අයගෙ ජීවිත ඒ විදිහට වෙනස් වෙන්න ලොකු හේතු තිබිල තියෙනව කියල.ඒ ජීවිත අතර අහිංසක ජීවිතත් තියෙනව.ඒ අයටත් හැමෝටම වගේ දුක​,වේදනාව දැනෙන හදවතක් තියෙනව.අනිත් අයට දකින්න බැරි වුනත් ඒ අය හිතින් ගොඩක් දුක් වෙනව ඇති....

    ReplyDelete
    Replies
    1. ඔව් ගොඩක් වෙලාවට දුප්පත් කමත් එක්ක එන ප්‍රශ්ණ වගේම සමහරවිට බලපෑම් තර්ජන වගේ දේවල් නිසා ගොඩක් අය මේ ඳේට යොමු වෙනවා.. ඒත් මේ දේවල් කරන්නේ හිතේ සතුටකින් නෙමෙයි වෙන්න පුලුවන් ගොඩක් වෙලාවට..

      Delete
  27. දිනේෂ් ලිව්ව "කඩුපුල් මල" කෙටිකතාව මතක්වුණා..
    ගොඩක් දෙනෙක් බලන්නෙ ඒ ඇස්දිහා විතරයි.. ඒත් ඒ ඇස් ගැඹුරෙ ලියැවුණු කතාව..?

    ලස්සන කවිපෙලක්..:) කවියක්ම නොවූ සිතුවිල්ලක්..!

    ReplyDelete
    Replies
    1. ඔව් මම ඒ කතාවේ කිවුවෙත් මේ වගේ දෙයක් තමයි.. මුදල් ඉදිරියේ නම්මගෙන වුන් දකින්න හදන්නේ ඇගේ සුන්දරත්වය විතරයි.. ඊට එහා කිසි දෙයක් නෑ..

      Delete
  28. මටත් මතක් වුණා සින්දු 2ක් අමරසිරි පීරිස් ගේ... හරිම සංවේදී කතාවක් ඒ බොහෝ දෙනෙකුගේ ජීවිත කතා පොතේ ලියවිලා තියෙන්නෙ.... (අනේ මේකවත් පබ්ලිෂ් වේවා)

    ReplyDelete
    Replies
    1. එකක්නම් දන්නවා.. අනිත් එක මොකද්ද.. හොදට හුරුයි මත වෙන්නේ නෑනේ..

      Delete
  29. මම එකඟ නැහැ..මොන ප්‍රශ්නයක් තිබුනත් තමන්ගෙ ආත්මෙ පාවා දීල මේ වගේ රැකියාවක් කරන්නම ඕනිද.. අසරණ කම කියල හිතන්න පුලුවන් එක පාරක් වුන දෙයක්නම්..හැමදාම මුදලට විකිනෙන්නෙ කෙනෙක්ගෙ අසරණකමද..මටනම් එහෙම හිතෙන්නැහැ..

    ReplyDelete
    Replies
    1. ඔව්.. එහෙම හිතද්දි නම් ඒකෙත් ඇත්තක් තියෙනවා.. ඒක තමයි ඔය දෑස් යට තියෙන කතාව කාටද කියවන්න පුළුවන්..

      Delete
  30. වැටුනේ කොහාට්ටද කියලා නෙමේ කොහෙන්ද ලිස්සුවේ කියලයි බලන්න ඕනා.
    මේ ප්‍රශ්නෙත් එහෙමයි !

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. ඒත් දැන් ලිස්සුවේ කොතනද කියන එක හෙවුවා කියලත් වැඩක් නෑ.. වැටෙන්න ඕන තැනට වැටිලා ඉවරයි..

      Delete
  31. පිරිමදියි තත් ලිහිණියේ නුඹ පිරිමදියි
    ජීවිතේ ගිරි දුර්ග අභිමුවේ
    නිම්න තැනිතලා මිටියාවත්
    සොය සොයා තටු ගසන්නී
    ලිහිණියේ................

    විසල් පුරයක රුය පහන් වෙයි
    කාසි කහවනු මිට මෙලවිලා
    දසන් නංගවා හසරැලි බෙදයි
    තඹුරු කුසමන් දෙස බලා.....
    සුළං මුහුණත සැර වැඩියි
    වැරගනින් ලිහිණියේ.....ලිහිණියේ.....

    නොහිමි නම් උරුමය
    සිදුහත් කුලේ පාද පරිචාරිකා...
    කොහොම නම් රකී
    යශෝධා වංශේ
    කැකුළු මල් ඉකි ගැසු දා
    සැර වැඩියි සංසාර ගං දිය
    තටු ගසා පිහිනපන් ලිහිණියේ....ලිහිණියේ...ලිහිණියේ...

    *** හීන කුමාරි *** ගීතයක්...මම හිතන්නෙ ගැලපෙන පිළිතුරක් වෙයි අපේ මල්ලිගෙ නිර්මාණෙට.

    ReplyDelete
    Replies
    1. හීන කුමාරි කියන්නේ අක්කගේ කවි පොත නේද අක්කේ? ලස්ස්නයි කවි පෙල..

      Delete
  32. කොච්චර අමාරු උනත් තමන්ගෙ ආත්මය විකුණගෙන කනවට වඩා බඩගින්නෙ මැරෙන එකට මම කැමති මචන්.හැබැයි එහෙම කරන අය ගොඩක් අඩුයි නෙ.නියම වචන ටිකක්

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඇත්ත.. හැමෝම බලන්නේ මොනා හරි කරලා ජීවත් වෙන්නනේ..

      Delete
  33. ඔය රූපෙට රැවටිලා කෙලවගත්ත උන් කොච්චර ඉන්නවද?

    ReplyDelete
    Replies
    1. අපෝ ඉන්නවා.. අනන්තවත්..

      Delete
  34. තවත් ලස්සන කතාවක් .....දිනේෂ්ගේ බ්ලොග් එක අලුත් කරලා....පිරිමින්ගේ පාප කදට දෝෂ විදින ළදුනේ කියන්නේ නිකන්ද

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්