Wednesday, 8 February 2012

සූදුව

මලයගේ බේබදු කතා කියවලා කට්ටිය මට බනිනවද දන්නේ නෑ.. අපිට මිනිස්සුන්ගේ හැදියාව වෙනස් කරන්න බෑනේ.. අර අද පලාමල්ල ලියන පිස්සා ලියලා තිබ්බා වගේ බොන එකක් බදිනකම් විතරයි කියලා ඔන්න ඔහේ අපි අහක බලාගෙන ඉමු.. හරි ඒවයින් වැඩක් නෑ.. මලයගෙ බේබදු කත අස්සේ ඔන්න මම කියන්න යන්නේ සූදුව ගැන.. අයියලා මල්ලිලා ඔක්කොම මහා එපා කරපු උන් කියලා හිතාගෙන ඔන්න පෝස්ට් එක කියවන්න එපා.. මේක සුන්දර මතකයක්..

හැම නත්තලකම වගේ අපි ඉන්න කතානියා සිටි එකට එනවා සකර්ස් කණ්ඩායමක්.. ගොඩක් වෙලාවට ඔවුන් දෙසැම්බර් මාසේ මැද ඉදන් ජනවාරි මාසේ මැද වෙනකම් කතානියා සිටි එකේ හැම රෑකම සංදර්ශණ තියනවා.. ගොඩක් වෙලාවට ඔක දින ඉක්මවාත් ඉන්න වෙලාවල් තියෙනවා.. සිටි එක මැද තියෙන ලොකු වාහන නවත්වන ස්ථානෙක තමයි ඔවුන් ඉන්නේ..  ගොඩක් වෙලාවට දවල්ට බයිසිකලෙන් ඔය ලගින් යද්දි නිදැල්ලේ ඉන්න ඔටුවෝ, සීබ්රාවෝ වගේම කූඩු කරලා ඉන්න සිංහයොත් දකින්න ලැබෙනවා..

මුල්ම පාර ඒ කියන්නේ 2008 අවුරුද්දේ මම ඉතාලියට ඇවිත් නත්තලක් සමරපු මුල්ම අවුරුද්දේ අපි ගියා ඔය සර්කස් එක බලන්න.. ලංකාවේ ඉද්දී ඔහොම එකක් මම බලලා තිබ්බේත් නෑ.. ඒ හින්දා කොහොමහරි ඉතින් අධික මිලකට තිබුන ටිකට් එකකුත් අරගෙන ශාලාව පිරෙන්න හිටපු 10-15 දෙනත් එක්ක අපිත් බැලුවා සර්කස් එකක්.. ජීවිතේ පළවෙනි පාරට බලපු නිසා මමත් මුලින් ආසාවේ බැලුවත් අන්තීමේ එපා වෙලා හිට්යේ.. ඒ සල්ලි වලින් බඩ පිරෙන්න කන්න තිබ්බා කියලා බැන බැන තමයි අපි එදා ගෙදර ආවේ..

සුපුරුදු විදිහට මේ සර්කස් එක 2009 අවුරුද්දෙත් ආවා.. කලින් අවුරුද්දේ මහිරි මතකයන් නිසා අපි මේ අවුරුද්දේ ඒ පැත්ත පලාතේ ගියේ නෑ.. ඒත් 2010 අවුරුද්දේ ඔවුන් ආවේ ලොකු කානිවල් එකක් විදිහට.. ඒ කියන්නේ අර සර්කර්ස්  එකට අමතරව තව බලන්න දේවල් ගොඩක් තිබ්බා.. එක එක විදිහේ සෙල්ලමුත් තිබ්බා.. ඔය ඉලක්කෙට වෙඩි තියන ඒවා වගේ..

ඔය අතරේ ඇවිදන්  යද්දි අපේ මතකයට හුගක් ලග සෙල්ලමක් අපිට හම්බුනා.. කට්ටියට කවුරුත් දන්නවනේ Mr.Bean අංකල්ව.. මතකද අංකල් පොඩි එකෙක් එක්ක කානිවල් ගිහින් සෙල්ලම් කරනවා.. අර පොඩි එකෙක් ඇවිත් අන්තිමේ ඔක්කොම කාසි ටික උස්සන් යන්නේ.. හරි හරි අමතකනම් ඔන්න මෙතනින් ගිහින් බලන්නකෝ..

ඉතින් අපිටත් පේනවා වැටෙන්න ඔන්න මෙන්න තියෙන කාසි ගොඩක් එක්ක හිස්ව තියෙන කාසි මැශින් එක.. අපිත් ඉතින් පොඩ්ඩක් ලං උනා.. අපි එක කාසියක් දැම්මත් වැටෙන සයිස් එකේ අර ඔක්කොම තියෙන්නේ.. අපිටත් දැන් මේක බලන් නිකන් ඉන්නත් බෑ..

“ අර බලනවකෝ මේක මැශින් එක හෙලෙවුවත් කාසි වැටෙයි..”  එහෙම කිවුවේ අංකල් ජොන්සන්..

“ මොකෝ කියන්නේ සෙල්ලම් කරමුද?”  ඒ අපේ අයියා..

“ මේ මගේ අතේ නම් සල්ලි නෑ..”  ඒ මම...

“ අපි නිකන් අහලා බලමු..”

අපිත් ඉතින් එතන බුම්මගෙන හිටපු මෑන්ස් ලගට ගිහින් කතා කලා.. යුරෝ දෙකකට අපිට සෙල්ලන් කරන්න දාන්න කාසි 10 දෙනවා.. ( යුරෝ එකක් කියන්නේ දැන් නම්  ලංකාවේ මුදලින් රු.150ක්) අර බැබලි බැබලි තියෙන කාසි මල්ල ගන්න එක කාසියකුත් ඇතිනේ ඔන්න ඔහේ ගමු කියලා අපිත් අරගත්තා කාසි 10ක්.. අරං ගිහින් මැශින් එක ලගින් වාඩි වෙලා කාසි ටික බෙදා ගත්තා.. බෙදාගෙන දහසක් පැතුම් තියාගෙන සෙල්ලම පටන් ගත්තා..

පළවෙනි කාසිය දැම්මා.. හත් දෙයියනේ ඒකට උන දෙයක් නෑ.. බැලුවා කාසි දාන්න තියෙන හිලට ඇහැ තියලා.. එකේ කාසි ඔක්කොම් හිර වෙලා.. එකක් වත් ඇතුලට වැටෙන්නේ නෑ.. අපිට කලින් එවුනුත් දාපු කාසි 20ක් විතර ඒකේ හිර වෙලා.. ඒ පාර අපි වෙන කාසි දාන්න තියෙන හිලකින් ට්‍රයි කලා.. ඒ පාර කාසිය වැටුනා.. ඒකත් ගිහින් අර ගොඩට එකතු උනා මිස කිසිම දෙයක් අපිට ලැබුනේ නෑ.. ටිකක් වෙලා ඔහොම යද්දි අපි දාපු කාසියකට තෑගි දිනා ගන්න පුළුවන් කාසි ටිකක් වැටුනා.. ඔය අතරේ ඉතින් අපි දාන වර්ගේ කාසිත් එනවනේ.. එතකොට ඒවා ආයේම දාන්න පුළුවන්.. ඒකත් පොඩි වාසියක්..

කොහොම හරි ඉතින් එකක් එක අගයන් තියෙන කාසි කීපයක් අපේ ලග ඉතුරු වෙද්දි අපිට සෙල්ලම් කරන්න තියෙන කාසි ඉවර උනා.. අර අතේ එකතු උන ඒවා දිලා ගන්න පුළුවන් පුංච් බෙයාර් කෙනෙක්.. ඕක අරං මොනා කරන්නද.. ඔය අතරේ ඉතින් අපේ අංකල් ගෙදර යතුර දාලා අර හිර උන කටේ කාසි ඇතුලට වට්ටන්න හැදුවේ නෑලු.. කරන දේකුත් නෑ.. අතර මැද දාලා යන්නත් ලෝබයි.. ඔය වෙලාවේ ඉතින් අර අතේ සල්ලි නෑ කියපු අයගෙත් පර්ස් වලට සල්ලි ඉබේ පහල වෙලා ආයෙමත් සල්ලි දීලා කාසි අරගන්නවලු..

පැයක් එකහ මාරක් විතර ඔය වැඩේ උනා.. ඔය අතරේ ඉතින් අංකල් Mr.Bean වගේම කාසි මැශින් එකට හෙමින් තට්ටු දානවලු අර කාසි ගොඩ වැටෙන්න.. මොන ඒක හෙල්ලෙන්නේවත් නෑ.. ඔය වෙද්දි අපිත් යුරෝ 30ක් විතර වියදම් කරලා කාසි අරගෙන.. ඔහොම යද්දි ටික මොහොතකින් අපේ බලාපොරොත්තු ඉටු කරමින් අර හිර වෙලා තිබ්බ කාසි කන්ද කඩාගෙන වැටුනා.. අංකල්ගේ තට්ටුවටද එහෙම නැත්නම් කාසියේ වාසනාවටද කියන්නනම් දන්නේ නෑ ඔන්න.

එතනම අපිට තෑගි ගන්න ඕන කරන කාසි සෑහෙන්න ලැබුනා.. ඔක්කොම අගය එකතු කලාම 3000ක් විතර තිබ්බා වගේ මතක.. අර ගොඩත් එක්ක ආපු කාසි ආයෙම දාලා අපි සෙල්ලම් කලා.. ටිකක් වෙලා යද්දිනම් අපිටත් එපා උනා.. ඇයි මේක ඉවර වෙන සෙල්ලමක් නෙමෙයිනේ.. ඒ පාර අපි අර තෑගි දෙන්න තියෙන කාසි ඔක්කොම් එකතු කරලා අපි කරන්නේ මොකද්ද කියලා පැය ගානක් ඇසි පිය නොහෙලා බලාගෙන හිට්පු ඉතාලි කාරයට ගෙනිහින් දුන්නා.. දැන් තියෙන්නේ අපිට ඕන තෑගි තෝර ගන්න..

අපි ලග තියෙන ගාන වැඩියි.. ඒවට හම්බෙන්නේ මොනවද කියලා දන්නවද.. කඩු, කිනිසි, රම්බෝ පිහි වගේ ආයුධ.. එතනින් එකක් තෝරගන්න ගිහින් අපි රණ්ඩු උනේ නැති ටික විතරයි..  තුන් දෙනාම කැමති ජාති තුනකට.. අවසානයේ අපි මෙන්න මේක අරගෙන ගෙදර ආවා.. බලන්න්කෝ කොහොමද කියලා..






ඕක අරන් ගෙදර ආවත් අන්තිමේ පොඩි කොස්සක් ඉතුරු උනා.. මොකද ඔතන සෙල්ලම් කරන්න අපි තුන් දෙනාම සල්ලි දැම්මා.. අයියයි මමයි කොහොම උනත් අංකල්ට කොටසක් ඕකේ දෙන්නම ඕන.. නැත්නම් ඒක හරි නෑනේ.. ඒත් මේ සෙට් එකෙන් එක්ක දුන්නම ඒකේ ඇති වැඩකුත් නෑ.. ඉතින් අපි කලේ ඊට පස්සේ සතියෙත් ආයෙම ගියා සෙල්ලම් කරන්න.. එදත් අර ගානම වගේ වියදම් කරලා අපි සෙල්ලම් කලා.. එදා තෑග්ග අංකල්ට අරගන්න කියලා තමයි අපි වැඩේ පටන් ගත්තේ.. අපි සෙල්ලම් කරන්න ඉස්සෙල්ලම අංකල් ගිහින් එයාට ඕන තෑග්ග බලාගෙන ආවා.. ඊට පස්සේ ඒකට අරගන්න ඕන පොයින්ට්ස් ගාන එකතු වෙනකම් අපි සෙල්ලම් කලා.. අංකල් අර ගත්තේ රම්බෝ පිහියක්.. ඒකනම් දැං නෑ.. එයා ලංකාවට දාලා.. නැත්නම් ෆොටෝ එකක් දාන්න තිබුනා..






66 comments:

  1. හයියෝ සල්ලි.. :D කොහොමහරි ඉතින් කැමති තෑග්ග ලැබුණනේ.. වාසනාවන්.. :D ගිය රංඩුවල එහෙම ෆොටෝස් නැහැ..? :P

    ReplyDelete
    Replies
    1. අපි එහෙම තමයි උත්සාහය අත අරින්නේ නෑ.. ඒ දවස් වල කැමර පිස්සුවවත් කැමරාවක්වත් තිබ්බේ නෑනේ.. ඒ නිසා ෆොටො නෑ..

      Delete
  2. අපිටත් ඔහෙට ඇවිල්ල ඒ කානිවල් එක බලන්න තරම් ආසහිතෙන විදියට ලස්සනට ලියල තියෙනව....:)

    ReplyDelete
    Replies
    1. එන්න එන්න.. හැබැයි ඔන්න සූදුවෙන් පැරදුනොත් අපි නෑ..

      Delete
  3. hayiyoo....දැන් ඕවයින් ඔයාල 3 දෙනා ෆයිට් කරගන්නවද...:) හැබැයි ලස්සනයි

    ReplyDelete
    Replies
    1. නෑ නෑ.. ලස්සනට අරං තියලා තියෙන්නේ.. ඕකෙන් ෆයිට් කලොත් එක්කෙනෙක් මැරෙනවා..

      Delete
  4. මේක කියවද්දි වෙලවක මේ වගේ කානිවල් බලන්න යන්න ආස​ හිතුන.ෂෝයි රම්බො පිහිටික...

    ReplyDelete
    Replies
    1. මේ රම්බෝ පිහි නෙමෙයි.. මේ සමුරායි වර්ගයේ කඩු.. රම්බෝ පිහි ගත්තේ අංකල්..

      Delete
  5. ඕක කඩෙන් ගත්තනම් ඊට වැඩිය අඩුවට ගන්න තිබ්බෙ නැද්ද අනේ....? මට මැවිල පේනව කට්ටිය රණඩු වෙච්චි හැටි.....හික්ස්...
    අන්කල් ජොන්සනුත් මරු වැඩ කරන්නෙ ඈ......

    ReplyDelete
    Replies
    1. කඩෙන් ගත්තනම් ඊට වැඩියි අක්කේ.. ඒත් ඒවගේද තරගයකුත් දීලා ගන්නකොට..

      Delete
  6. ෂා හරි ලස්සනයි මෙහේ ඕව නෑ නේද ?

    ReplyDelete
    Replies
    1. මම දන්න තරමි නෑ.. මාත් ලංකාවේ ඉද්දි සෑහෙන හෙවුවා.. එක පාරක් යුනිටි ප්ලාසා එක ලග කඩයක දැක්කා.. සල්ලි හදාගෙන සතියකින් යද්දි ඒක නෑ..

      Delete
  7. අම්ම සමුරායි කඩුවක්...පට්ටනේ මචන්...

    ReplyDelete
    Replies
    1. මීට වඩා සිරා ඒවා තියෙනවා මචං මෙහේ චීන කඩේක.. ගනනුත් ඒ වගේම තමයි..

      Delete
  8. සූදු ගහලා දිනපු කෙනෙක් ඇහුවමයි..කඩු ටිකේ පෙනුම නම් හරි ශෝක්..
    දැන් ඉතින් යුද්දෙත් නැති එකේ කොස් කොටන්න තමා වෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. අපි කොතන ගියත් දිනන අයනේ.. මෙහේ කොස් නෑනේ අක්කේ..

      Delete
  9. දැන් ඔය ඕවා තියාන මොනවැයි කරන්නේ... මාළු එලවලු එහෙම කපනවද...?

    ReplyDelete
    Replies
    1. මෙකක් අරං එළවලු කපන්න ගියොත් හොදට තියෙයි..

      Delete
  10. හයියෝ.....මොකකට හරි හිත ගියාම නැති සල්ලිත් එළියට එන එක සාමාන්‍ය දෙයක්නේ නේද අයියා......

    කාටවත් අනින්න එපා අර පිහිවලින්......

    ReplyDelete
    Replies
    1. ඒකනම් එහෙම තමයි.. හොද වෙලාවට ඔය ගානින් බේරුනේ.. ඒ නැතත් අර කාසි ගොඩ වැටෙනකම් සෙල්ලම් කරන්න තමයි අපි හිටියේ..

      Delete
    2. හික් හික්.....සල්ලි තමා නේද අයියා......

      Delete
    3. මෙහෙමයි ඒ කාසි අපි පාවිච්චි කරන සල්ලි නෙමෙයි.. එකෙන් පුළුවන් සෙල්ලම් කරන්න විතරයි.. ඉතින් එක එනවා කියන්නේ අපි සල්ලි දීලා ගන්න ඒවට වඩා වැඩියෙන් සෙල්ලම් කරන්න පුළුවන් කියන එක..

      Delete
    4. මටත් ආසයි අප්පා ඒ වගේ සෙල්ලම් කරන්න.....මෙහේ ඕවා නැනේ.....

      Delete
  11. මටත් ආසයි සෙල්ලන් කරන්න.දවසක කරන්න ඕනේ කොහොම හරි...:)

    ReplyDelete
    Replies
    1. සෙල්ලම් කරලා බලන්න.. ඒකේ තියෙන හැගීම මෙහෙම කියන්න බෑ..

      Delete
  12. ලස්සනට තියන්නනම් හොදයි....

    වීඩියෝ එක බැලුවෙ නැත්නම් ගේම් එක මොකක්ද කියලා තේරෙන්නෙ නෑ හැබැයි... :)))

    ReplyDelete
    Replies
    1. ලස්සනට තියන්න තමයි අක්කේ.. ඒ වගේම ඉතින් ආරක්ෂාවටත් හොදයි..

      වීඩියෝ එක දැම්මෙම මම හරියට ඔය සෙල්ලමට කියන නම දන්නෙ නැති නිසා..

      Delete
  13. අනේ කොල්ලනේ උඹලගෙ ලෝකෙ..

    ReplyDelete
    Replies
    1. ඒකනේ අක්කේ කොල්ලෝ කියන්නේ... :)

      Delete
  14. පට්ට බාන්ඩයක් බන්... මම මෙහෙ සල්ලි දීල ගන්න පුළුවන් තැන් හොයනව.. තාම හම්බුවුනේ නෑ..

    ReplyDelete
    Replies
    1. මම දන්න තරමින් ලංකාවේ නෑ.. මේවා ආයුධ විදිහට නම් කරන නිසා පිට රටින් ගෙන්නන්නත් බෑ මම දන්න තරමින්..

      Delete
  15. හිකිස්... මරු ආයුධ ටික අයියේ.. කොහොම වුනත් ආස හිතෙනවා ඇත්තටම කානිවල් එක බලන්න යන්න..

    ReplyDelete
    Replies
    1. ලංකාවේ ඉතින් මේ වගේ දේවල් සංවිදානය වෙනවා අඩුයිනේ.. නැත්නම් මේ වගේ දේවල් වල බලන්න ගොඩක් දේවල් තියෙනවා..

      Delete
  16. නරක නෑ වැඩේ...ලංකාවෙ ඔය වගේ දෙයක් කරා නම් මිනීමැරුමක් වෙලා ෂුවර් ෂොට්.

    ReplyDelete
    Replies
    1. අපිත් ඉතින් අන්තිමේ ඕක බෙදා ගන්න හැටි කල්පනා කරලා තමයි ආයෙම පාරක් ගියේ සෙල්ලම් කරන්න.. මොකෝ නැත්නම් ප්‍රශ්ණයක්නේ..

      Delete
  17. අලේ මටත් ඉතාලි එන්න ඕනියෝ.. :D :D :D

    ReplyDelete
    Replies
    1. මොකටෙයි සූදුවටද?

      Delete
  18. අංකල් ජොන්සන් ගැන සිංදුව මතක් වුනා

    ReplyDelete
    Replies
    1. අංකල් ජොන්ස්නුත් ඔබා මාමගේ වයසේ විතර තමා..

      Delete
  19. හි හී මටත් ආස හිතුනා මෙහෙම සෙල්ලමක් කරලා බලන්න ආ... සෙල්ලමක් නෙවේනෙ සූදුවක්නෙ...

    ReplyDelete
    Replies
    1. මෙහෙම දෙයක් කරනවනම් විශ්වාස කට්ටිය එක්ක කරන්න.. නැත්නම් සෙල්ලම ලෙල්ලම වෙන්න පුළුවන් අන්තිමේ..

      Delete
  20. තව පොඩ්ඩෙන් අයියෝ සල්ලි වෙනවානේ! ඇති ඔයින් ගියා!

    ReplyDelete
    Replies
    1. මේක තව ගොඩක් වෙලා ගියනම් එහෙම වෙනවා.. හොද වෙලාවට ඔය ගානින් බේරුනා..

      Delete
  21. දැන් ඉතින් ඔය ආයුධ සාලෙ මැද්දෙ තියා තියලා බල බලා ඉන්නවා ඇති මල්ලි....මදැයි කානිවල් බලන්න ගිහින් අරන් ඇවිත් තියෙන ඒවා...

    ReplyDelete
    Replies
    1. ඇත්තම කියනවා නම් අක්කේ මගේ කම්පූටර් මේසේ උඩා රාක්කෙක මේක තියෙන්නේ.. ආරක්ෂාවටත් එක්ක.. :) ඇත්ත ඔයිට පස්සේ බලන්න සෙල්ලම් කරන්න සෑහෙන දේවල් තිබ්බත් අපි ආවා..

      Delete
  22. ඔය කරලා තියෙන්නේ වැඩක්, දඟලල දඟලල පිහි ටිකක් උස්සගෙන ඇවිත්.... යුරෝ 30ක්ම වියදම් කරලා කීයක්‌ වත් ලැබුනේ නැත්තන් තමයි ආතල් එක..:)

    ReplyDelete
    Replies
    1. ඔය ඉතින් උඹලගේ ඉරිසියාව..

      Delete
  23. හී හී...අයියෝ සල්ලි...

    ReplyDelete
    Replies
    1. හැමදාම ඔහොම දේවල් කරන්නෙත් නෑනේ..

      Delete
  24. මටත් කානිවල් බලන්න යන්න ඕනෙ...:( :(

    යනතමට පිහිටික හරි හම්බුනා මැදැයි!!! :D

    ReplyDelete
    Replies
    1. මොකද නිකන් " යන්තමට ලැබුනා " කියලා හිනාවක් දාල තියෙන්නේ?

      Delete
  25. අපිට ඉතිං නෝ කානි-වල්, මෙහෙ තියෙන එකම කානි-වල් එක තමා මේ දවස්වල අනුරාධපුරේ තියෙන්නේ :)

    ReplyDelete
    Replies
    1. අනුරාධපුරේ ගියේ නෑ.. ඒත් මේවනම් එහේ තියෙන්නේ නෑ..

      Delete
  26. රම්බෝ පිහියෙන් පාන් කපල ජෑම් ගන්නවත් තිබුනා.

    ReplyDelete
    Replies
    1. ඒකනේ.. කොහේද ඒක අංකල් ලංකාව දැම්මනේ..

      Delete
  27. අනේ ඇයි අෆ්ෆා මගේ කමෙන්ට් ඔයාගෙ බ්ලොග් එකේ පෝස්ට් වෙන්නෙ නැත්තෙ අයියේ... මම දවල් කමෙන්ට් කළා... එතකොට ඔබා මාමා ගාවට එනකනුයි තිබ්බේ... දැන් ඊට පස්සෙ 8 ක් කමෙන්ට් කරලා මගෙ කමෙන්ට් එක නෑ.... :(

    ReplyDelete
    Replies
    1. ශානී නංගියේ මේ ඔයාගේ කමෙන්ට් එකක් මට අද ආවමයි.. මම බැලුවා ස්පෑම් වෙලත් නෑ.......

      Delete
  28. ශඃ! ලස්සන පිහි ටිකක්නෙ! මමත් එකක් ගන්න ඔ්න! :D

    ReplyDelete
    Replies
    1. අලියා අරන් මොනවා කරන්නෙයි??

      Delete
  29. මරු වැඩ නේ එහෙත් තියෙන්නේ.
    මටත් ආස හිතුනා. :)

    ReplyDelete
    Replies
    1. මේ තව මරු වැඩ තියෙනවා අයියේ.. ඒවත් හෙමීට කියන්නම්.. සමහර ඒවනම් කියන්නත් බෑ..

      Delete
  30. බියර් බෝතලේම එක හුස්මට බිව්වොත් තව එකක් නිකං දෙනවා මෙහෙ....සතියට දවසයි හැබැයි....

    ReplyDelete
    Replies
    1. ඒකටනම් ශුවර් එකටම කට්ටිය යනව ඇති.. ලංකාවේ අයටනම් ඕක සුළු දෙයක්නේ..

      Delete
    2. එනකොටම උං දන්නවා ඒක නිසා දෙකම එකපාර දෙන්නේ....හික් හික් ෆ්‍රයිඩේ නයිට්...

      Delete
  31. ඉස්සර පිට්සා හට් එකේ පිට්සා කොම්පෙටිෂන් එක වගේ. අපේ එවුන් ගිහින් දිනන එක කොහොම වෙතත් බඩ පැලෙන්න කාල එන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔය අර පීසා පටන් ගත්තම කාලේ වගේ තිබ්බ එක නේද? මමත් ගියා වගේ මතකයි ටිකක්..

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්