Monday, 6 February 2012

ලොකු සර් ( කෙටි කතාව )

කොළඹ කොටුවෙන් ඈත පිටිසර ගම්මනාය කරා දිවෙන බසයකට ගොඩ උන විජේසේකර වීදුරුවක් අසළම අසුනේ හිද ගෙන ජනේලයෙන් ඉවතට නෙත් යොමා කොළඹ අවසන් වරට දැක බලා ගත්තේ ආයෙම මේ ජනාකීර්ණ නගරයට නොඑන්නට ගත් තීරණය නිසාමය.. කොළඹ ජනප්‍රියම පාසල විදිහල්පති වූ විජේසේකර තම ස්ථාන මාරු වීමේ ලිපියද සමග බසයට නැගුනේ තමන්ගෙන් අකුරු ඉගෙන ගන්නට බලා ඉන්න  අහිංසක දරුවන් පිරිසක් වෙනුවෙනි..

ළමයෙකුගේ වරදකට දඬුවමක් දෙන්නටවත් බැරි යුගයක ළමයින් සදාචාරයෙන් පෝශණය කරන්නේ කෙසේද? ඔවුන්ට අවැසි දැනුම විතරක්මද? ඔවුන්ව යහ මගට ගන්නට දඬුවමවත් දෙන්නට වත් අනුබලයක් නොමැතිව ඉන්නවාට වඩා මේ හැම දේකින් ඈත්ව ඈතකට යාම එක්  අතකින් හොද යැයි ඔහු බසයට වී තනියම කල්පනා කලේය..

ඇමති පුත්‍රයකුට දුන් දඬුවම තමන් මෙලෙස ඈත පිටිසර ගම්මානයකට හරවා යවන්නට මුලපිරුන හැටි ගැන ඔහු තවත් හිතන්නට අකමැතිය.. බලය ඉදිරියේ වැද වැටෙනවාට වඩා ඔවුන්ගේ කුරිරුකම් වල මුහුණ දීම ප්‍රතිපත්ති ගරුක ඔහුට කවදාවත් ප්‍රශ්ණයක් නොවුයේය.. තමන් වෙනුවෙන් බලා හිදින තවත් දරුවන් පිරිසක් ගැන හිතමින්ම දෑස අඩවන් කර ගත් විජේසේකට ආයෙම ඇහැරුනේ ගමනාන්තයේදීය..

නගරයේ නැවතුන බසයෙන් බැසගත් විජේසේකර පාසලට යන පාර මග උන් අයගෙන් අහගත් ඔහු පයින්ම තම අළුත් පාසල වෙත පිය මනින්නට වූයේ දුශ්කර උවත් ඒ ගමේ රැදුන සුන්දරත්වය විදගනිමිනි.. වෙල් යායක් අතරින් වැටුන ගුරු පාරක් දිගේ ඇවිදන් යන විජේසේකරට අතර මග වෙල් යාය අතරින් ගලා යන වතුර පාරේ බැහැගෙන උන් කුඩා දරුවකු දැක මොහොතකට නැවතුනේ ඉස්කෝලෙට යන පාර අසාගන්නට හිතාගෙනය..

“ දරුවෝ.. ඉස්කෝලෙට තව ගොඩක් දුරද?”

සවනතට වැටුන හඩින් මදක් කලබල උන් පොඩි දරුවා ඒ මේ අත බලද්දි මුවගට හිනාවක් නැගුන විජේසේකර ආයෙම ඔහුට කතා කලේය..

“ මම මෙහේ.. බෝක්කුව උඩ.. ඉස්කෝලෙට තව ගොඩක් දුරද?”

“ නෑ මහත්තයා.. මේ පාරේ කෙලින්ම ගියාම  හම්බෙන්නේ ඉස්කොලේ..”

“ ඔය මොකද කරන්නේ?”

පොඩි දරුවාගෙන් පාර අසාගෙන යන්නට සැරසුන විජේසේකර ආයෙම මොහොතකට නැවති ඔහු හා කතා කලේය.. වතුර පහරට බැසගෙන එහි පීනා යන පුංචි මාළුවන් හැදගෙන සිටි සරමටම එකතු කරන ඔහු විජේසේකර එසේ අසත්ම සරමට එකතු වී උන් මාළු පැටවුන්ට යන්නට දී අහිංසක ලෙස බිම බලා ගත්තේය..

“ පුතා ඉස්කෝලේ යනවද?”

“ ඔව්.. මම පහ වසරේ..”

“  ඔය වැඩේ කරන්න එපා.. පවු සිද්ද වෙනවා..”

විජේසේකර ආයෙම ගුරු පාරට වැටී ඇවිදන් එන අතර තුර ආයෙම හැරී බැළුවේ පොඩි දරුවා දෙසය.. වෙලේ නියර දිගේ ඇවිදන් යන ඔහු දැක විජේසේකරගේ මුවගට හිනාවක් නැගුනේ ගමේත් නගරයේත් වෙනස මතක්වීය..

දුහුවිල්ලෙන් ගුරුපැහැ උන ශාලා දෙක තුනක් පමණක් තිබුන පුංච් පාසල නගරයෙන් එන වෙන ගුරුවරයෙකුගේ හිත ඇද බැද ගන්නට සමත් නොවුනත් විජේසේකට ඒ පරිසරයටත් නිස්කලංක බවටත් පාසලට ඇතුළු වූ මොහොතේ ඉදන්ම ආදරේ කරන්නට පටන් ගත්තේය.. එතරම් ළමයින් නොසිටි පාසලේ වැඩි හරියක් ළමුන් ගුරුවරු හා විසාල ගස් සෙවනට වී අකුරු කරනු දැක විජේසේකරගේ හිතට නැගුනේ සතුටකි..

“ මහත්තයා කාවද හොයන්නේ?”

පාසලේ සුන්දරත්වය විදිමින් උන් විජේසේකර ලගට ආ මැදිවියේ කාන්තාව එසේ අසන තුරුම ඔහු ඇයව නොදුටුවේය..

“ ආ.. මම මේ ඉස්කෝලෙට පත්වෙලා ආපු අළුත් විදුහල්පති..”

“ ලොකු සර් කලින් දන්නලා ආවනම් අපි මේ ටික එක්කන් එන්න කාව හරි එවනවනේ.. අපි යමු කාර්යාලෙට..”

“ පයින් ආව එකෙන් මම මේ ගමේ සුන්දරත්වය හොදහැටි විදගත්තා.. එතකොට මේ?”

“ මමයි ඉස්කෝලේ සිංහල උගන්නන්නේ.. මේ තියෙන්නේ සර්ගේ කාර්යාලය..”

වසා තිබුන දොරගුළු විවෘත කල කාර්යාලයේ තිබුනේ මේසයක් පුටුවක් හා ලිපි ලේඛණ තවන්නට වූ අල්මාරි දෙක තුනක් පමණක්ය..

“ මේක හැමතිස්සෙම වහලා තියෙන් නිසා අපි අනිත් රාජකාරි වැඩ කරන්නේ ගුරු විවේකාගාරේ ඉදන්..”

ඇය විජේසේකරට කරුණු පැහැදිළි කලේ මකුළුදැල් බැදී දුහුවිල්ලෙන් පිරී තිබුන කාර්යාලය දෙසට ඔහු නෙත් යොමාගෙන සිටියදීය.. ඒත් විජේසේකරට එය අපහසුවක් සේ නොදැනුනේය..

“ මම ළමයි දෙන්නෙක් දාලා මේක අස්කරලා දෙන්නම්.. එතකන් අපි ටිකක් එළියෙන් ඉමු සර්..”

ඉහල පන්තිවල ළමුන් ලවා ඇය කාර්යාලය පිරිසිදු කරන අතරේ විජේසේකර ඇය සමග පාසල් වත්තේ ඇවිදිමින් සිටියේය..

“ මේ ඉස්කෝලේ ළමයි කීදෙනෙක් ඉන්නවද?”

“ ළමයි තුන්සීයක් විතර ඉන්නේ.. ඒත් ගොයම් කපන කාලේ වෙද්දිනම් ඉස්කෝලේ එන්නේ ප්‍රාථමිකේ ළමයි ටික විතරයි..”

“ එතකොට ගුරුවරු?”

“ අපි අට දෙනෙක් විතරයි සර් ඉන්නේ?”

“ හ්ම්ම්.. මිස්ගේ පන්තියත් පරක්කු වෙනවනේ මං හින්දා.. දැන් යන්න.. හවස ගුරු හමුවක් තියෙනවා කියලා අනිත් අයටත් කියන්න..”

ඈත වෙල් යායෙන් හමාගෙන ගිය මද සිසිල් සුළග හදවතින්ම විදගත් විජේසේකර ආයෙම කාර්යාලය වෙතට පිය මැන
ලිපි ලේඛණ පරීක්ෂා කරන්නට විය..

                           .................................

දින කීපයක් ගෙවී යත්ම අළුත් කොලු සර් ගැන ආරංච්ය ගම පුරාම පැතීරී තිබුනේය.. තම නවාතැනට හවස් වරුවේ හැමදාම වාගේ ගොඩ වෙන දෙමාපියන් ලොකු සර් හා කුළුපගව කතා බහ කලේය.. ළමුනුත් ලොකු සර්ට ආදරේ කරන්නට පටන් ගත්තේය.. ඒ අතරේ අහම්බෙන් මගදි හමු උන පොඩි දරුවා පිට්ටනියේ සෙල්ලම් කරමින් ඉද්දී විජේසේකර පාසලේදි දැක්කේ දින කීපයකටම පසුවය..

“ පුතා පහුගිය ටිකේම ඉස්කෝලේ ආවේ නෑ නේද?”

“ නෑ ලොකු සර්..”

“ ඒ ඇයි?”

“ අපේ අම්මට අසනීප උනා.. නංගිව බලාගන්න මට ගෙදර ඉන්න උනා..”

“ හ්ම්ම්.. පුතාගේ නම මොකක්ද?”

“ චාමර..”

“ චාමර දැන් පන්තියට යන්නකෝ.. විවේක කාලෙත් ඉවරනේ..”

නගරයේ මෙන් දෙපයට සැපපහසු සපත්තු යුගලක්වත් නොතිබුන ඔහු බොරුළු ඇනෙන වේදනාවවත් නොතකාම පන්ති කාමරයට දිව යන අයුරු විජේසේකර මොහොතක් බලා සිටියේය.. ආර්ථික අපහසුකම් ගෙවල් වල ප්‍රශ්න නොතිබෙන්න ඔවුන් ඉගෙන ගන්නට කොතරම් ආසාදැයි ගෙවුන මේ ටික දවසට විජේසේකරට තේරුම් ගියේය.. තමන්ගෙන් ඔවුන්ට තව බොහෝ දේ ඉටුවිය යුතුයැයි විජේසේකර කල්පනා කලේය..

දිනක් කාර්යාලයේ උන් විජේසේකර වෙතට හදිසියේම  දුව ආ චාමර හඩා වැටෙන්නට විය..

“ දරුවෝ මොකෝ මේ?”

“ අයියා කෙනෙක් මට ගැහුවා..”

“ අයියා කෙනෙක්? යං.. මාව එක්කන් යන්න ඒ අයියා ලගට..”

චාමරව සැනසු විජේසේකර ඔහු සමගින්ම ඔහුට පහර දුන්නායැයි කියන සිසුවා සියාගෙන ගියේ හිතේ තරමක කේන්තියෙනි.. අඹ ගහක් යට යාළු මිතුරන් හා වාඩි වී උන් තරමක් වයසට වඩා මුහුපුරා ගිය සිසුවා දෙස විජේසේකර මොහොතක් බලා සිටියේය..

“ ඇයි මේ පොඩි එකාට ගැහුවේ?

නිරුත්තරව උකුසු බැල්මෙන් ඒ මේ අත බලමින් උන් ඔහු දැක විජේසේකරගේ කේන්තිය තවත් වැඩි විය.. ඔහුගේ කමිස කොලරයෙන් කේන්තියෙන් විජේසේකට ඇල්ලුවේ පහරක් ගහන්නට සිතාගෙනම නොවුනත් ඔහුව බය කරන්නට හිතාගෙනය..

“ සර් දන්නවද අපේ තාත්තා කවුද කියලා?”




නිමි..










 

63 comments:

  1. අනාගතය වෙනුවෙන් වෙහෙසෙන අහිංසක ගුරු හිතක යුතුකම ඉටුකරන්නට පිටස්තර බලපෑම් නිසා තවත් මෙලොවෙ වලංගු නැහැ වගෙයි.. ඉතින් අනාගතය ගැන කවරනම් කතාද.. :(

    යථාර්තයේ අපූරු කෙටිකතාවක් දිනේෂ්.. :)

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. එහෙම කරන මිනිස්සු හිතන්නේ නෑ එකෙන් තමන්ගෙම දරුවන්ට වෙන්නේ අයහපතක් කියලා..

      Delete
  2. හප්පා...ගම නොගම වෙනසක් නැහැ වගේ..

    ReplyDelete
    Replies
    1. බලයෙන් හිස උදුම්මවා ගත්ත මිනිස්සු ඉන්නකම් ගමේ නගරේ කියලා වෙනසක් නෑ අක්කේ..

      Delete
  3. //“ සර් දන්නවද අපේ තාත්තා කවුද කියලා?”//

    සර් නං හරියට දන්නෑ, ඒ වුනත් අහන උඹ හරියටම දන්නව කියලද හිතං ඉන්නෙ ?

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත ඔබා මාමේ.. තාත්තා ගැන හරියට දන්නවනම් පුතා එහෙම කියන්නේ නෑ..

      Delete
  4. කියන්න කසිමදෙයක් අන්තිමට ඉතුරුකරල නෑ....

    ReplyDelete
    Replies
    1. අනේ එහෙම කියන්න එපා.. මොනවාම හරි කියන්න..

      Delete
  5. හරිම ආසාවෙන් කියවපු හරි අගේ ඇති කතාවක්. නගරයේ විතරක් නෙමේ ගමෙත් තත්වය මේක නේද?

    ReplyDelete
    Replies
    1. ගිම්හානි ගොඩක් දවසකින් මේ පැත්තේ.. දැන් දැන් නගරයේ සම්ප්‍රදායන් ටිකින් ටික ගම් වලටත් සේන්දු වෙනවා..

      Delete
  6. අවසානය ක්ෂණිකයි වගේ අදහසක් ආවා.... සිරා කථාව... දැන් ඉස්සර වගේ හැම පොඩි දේටම නිලධාරීන් මාරු නොවෙන එක ගැන සතුටු වෙන්න ඕන වගේම තාමත් එම සිද්ධීන් වන එක ගැන දුක් වෙන්නත් ඕන....

    ReplyDelete
    Replies
    1. ඔව් අභීත අයියේ.. ස්මහර තැන් වල මේ දේවල් තාමත් වෙනවා.. අපි හිතුවට ඒ යුගය ඉවරයි කියලා.. ඕනෑකමින් අවසානය ඉක්මන් කලා නෙමෙයි අයියේ.. ඒත් ඒ ගැන මතක් කරපු එකට ස්තූතියි..

      Delete
  7. හ්ම්ම් ඉතුරු ටික අපි හිතාගන්න ඕනෙද....සර්ට මොකද උනේ කියලා...

    ReplyDelete
    Replies
    1. අවසානය කියවලා ආයෙම කතාවේ මුල් ජේද දෙක තුන කියවන්න..

      Delete
  8. කොන්ද කෙලින් තියාගෙන මේ රටේ වැඩක් කරනවට වඩා හොඳයි බල්ලොන්ට ගිය රට කියලා හිතලා තමන්ගේ වැඩක් කරගෙන පැත්තකට වෙලා ඉන්න එක!

    ReplyDelete
    Replies
    1. එහෙම හිතලා වැඩ කරන අයත් ඉන්නවා.. ඒත් ප්‍රතිපත්ති ගරුක මිනිස්සුන්ට එහෙම කරන්න බෑ..

      Delete
  9. නියමයි. බලන් ගිහාම කොහෙත් ඉන්නවා සත්තු වගේ මිනිස්සුත්. මම මුල් ගුරුවරයෙක් නොවුනට මමත් 50%ක් විතර මේ වගේම සන්තෑසියකට මුණ දීල තියනවා වර්ණ.

    ReplyDelete
    Replies
    1. හිස උදුම්මවාගත්ත දේශපාලුවෝ ඉන්නකම් මේ දේවල් මෙහෙම තමයි..

      Delete
  10. කාගේ පුතාද ඒ ?
    මට හිතෙන්නේ මැති ඇමති කෙනෙක්ගේ හරි ඒ ඉස්කෝලේ සර් කෙනෙක්ගේ පුතෙක් වෙන්ටෑ.

    ReplyDelete
    Replies
    1. ඒ ඉස්කෝලේ සර් කෙනෙක්ටනම් අයියේ ප්‍රින්සිපල්ට වඩා ඉහලින් යන්න බෑනේ.. ඉතින් හිතාගන්නකෝ ඊට එහා බලය තියෙන කෙනෙක්ව..

      Delete
  11. ළමයෙකුගේ වරදකට දඬුවමක් දෙන්නටවත් බැරි යුගයක ළමයින් සදාචාරයෙන් පෝශණය කරන්නේ කෙසේද
    මේ වචන ටිකනම් සහතික ඇත්ත

    අපේ ඉස්කෝලෙත් පොලිස්ලොක්කෙකුගේ පුතෙකුට දඬුවම් කරලා සර් කෙනෙක් මාසගානක් උසාවි බඩගානවා.. දැන් ඉන්න කොල්ලන්ට තාත්තලාගේ උෂ්නේ..

    එන්න එන්න රටේ අනාගතේ යන්නේනම් හොඳ පැත්තකට නෙවෙයි..

    අපූරු ලියවිල්ලක් මල්ලි.. ඔන්න අද උදේම ආවේ වර්ණ පැත්තට :)

    ReplyDelete
    Replies
    1. ඔතනදි වැරදි දෙමවුපියෝම නේද? දරුවෙක්ට දඬුවනජ් දෙන්නේ ඔවුන්ගේම හොදටයි කියලා නොහිතා දමවුපියොම වරදි තීරණ ගනිද්දි දරුවොනුත් ඊළගට වැරදි කරන්න බය වෙන්නේ නෑ..

      Delete
  12. මාර කථාවක් වර්ණ, මාර විදියට හිතට වැදුනා

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ළහිරු..

      Delete
  13. ආපහු දුෂ්කර පළාතක් යවන්න නැති නිසා ගැහුව නම් හරි.....

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත පැදුරෙන් තවත් බිමට වැටෙන්නේ නෑනේ..

      Delete
  14. ආයෙත් මාරුවක් ද? ගමේ, නගරේ කියල වෙනසක් නෑ වගේ..

    ReplyDelete
    Replies
    1. ඔයාලම හිතන්නකෝ නංගී එතනින් එහාට.. සම්පූර්ණ නිදහස දීලා තියෙනවා ඒකට..

      Delete
  15. කෑව කෑව... අන්තිම දෙබසෙන් කතාවෙ ගතිය කෑව :)

    ළමා හිංසනයට අනුබල දෙන ඒව ලියන හින්ද මේ බ්ලොග් එක වාරණය කරන්න කියල පෙත්සමක් ගහන්න ඕන ;)

    ඒ කාලෙ ගුටි කාල ගුටි කාල හැදුන හින්ද තමයි බන් අද මෙහෙමවත් ඉන්නෙ... වෙලා‍වට අපි ඉගෙනගන්න කාලෙ ළමා අයිතිවාසිකම්ද අරවද මේවද නොතිබුනෙ..

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න එපා සාතන් අයියේ.. මට මොනවා වෙයිද එතකොට??

      ගුටි කනකොට නම් කේන්තියට එක එක දේවක් හිතුවට අද තමයි ඒ දේවල් වල හරි වැරදි තේරෙන්නේ.. තෑගි බෝග බලාගෙන උගන්නපු නැති ගුරුවරු අපිට හිටපු එක වාසනාවක්..

      Delete
  16. හොඳ කතාවක්.......
    මම නම් ඔය වගේ ගුරුවරු එක්ක කතා කරන උන් තවම දැකලා නෑ
    බ්ලොගේ වෙනස් කරලානේ අද තමා දැක්කේ.....

    ReplyDelete
    Replies
    1. මමනම් ඕන තරම් දැකලා තියෙනවා.. කොටින්ම අපේ ඉස්කෝලෙත්..

      Delete
  17. මේ රට යන්නෙ මොන පැත්තටද කියල මට නම් හිතා ගන්න බෑ!
    ආදර්ශමත් කතාවක් අයියෙ!

    ReplyDelete
    Replies
    1. දැනටත් මේ රට ආයෙම හොද පැත්තට ගන්න කාලය තියෙනවා.. අපි එහෙම වෙයි කියලා හිතලා බලාගෙන ඉමු..

      Delete
  18. ලස්සනයි.චිත්රයක් මවුන කතාව කියවනකොට.නියම තැනින් නවත්තලත් තියනවා.

    ReplyDelete
    Replies
    1. අවසානය ඔයාලටම හිතන්න බාර කලා.. මගේ අදහසටම කොටු නොකර..

      Delete
  19. //ඇමති පුත්‍රයකුට දුන් දඬුවම තමන් මෙලෙස ඈත පිටිසර ගම්මානයකට හරවා යවන්නට මුලපිරුන හැටි ගැන ඔහු තවත් හිතන්නට අකමැතිය..//

    මේ ක්‍රමේ කවද වෙනස් වෙයිද මන්ද

    ReplyDelete
    Replies
    1. බලාගිරිදෝශයේ තියෙන "හෙට" විතර මේ දේවල් වෙනස් වේවි..

      Delete
  20. අයියා ගේ මේ කෙටි කතාව අනිත් අයටක් බලන්න කියලා මගේ ව්‍යාපෘතියට ඇතුල් කරා.. අහිතක් නෑ නේද? ඇත්තටම හොද කතාවක්...!!!

    ReplyDelete
    Replies
    1. මොකට අහිතක් හිතන්නද මල්ලියේ.. අරගන්න.. අපිටත් ඔය ව්‍යාපෘතිය බලන්න පුළුවනෙයි?

      Delete
    2. බලන්න නම් පුළුවන්.. ඒත් ඒක පී.ඩී.එෆ් එකක් කරලා අප් කරන එක තමා වැඩේ..!!!

      Delete
  21. ඉතාලි ඉන්න උඹ මෙහෙම ගැමි පරිසරයක් කෝමද බං හිතිං මවන්නේ..?

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න එපා සෑමෝ.. මම අවුරුදු 20ක්ම හිටියේ ලංකාවේ.. මට තාම ඒ සුන්දරත්වය අමතක නෑ.. අමතක වෙන එකකුත් නෑ..

      Delete
  22. ලස්සන කතාවක් මචං

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචං...

      Delete
  23. ඒ කියන්න ලොකු අත්තක ළමයෙක් නේද..

    ඒ මචෝ අර මුල්ම දාලා තියෙන පින්තුරේ නම් මරේ මරු...ලයික් ලයික් ලයික් !!!!

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රින්සිපල්ට බලපෑම් කරන්න පුළුවන් තරමේ ලොකු අත්තක්..

      මුල්ම පින්තූරේ කිවුවේ බැනර් එකද?

      Delete
  24. ලොක්කොත් එක්ක බෑ! :(

    ReplyDelete
    Replies
    1. ඒකත් හරියට අර බල්ලොත් එක්ක බෑ වගේ තමයි..

      Delete
  25. මුදලට බලයට හිස ඔසවන්න දැන් ගම නගරය කියලා නෑ කොහෙත් ඉන්නවා දෙවදත්තලා. විරහවෙන් ප්‍රේමයෙන් ඔබ්බට ගිය අපූරු අරුත්බර කතාවක්

    ReplyDelete
    Replies
    1. ඒ ගැන නම් කියලා වැඩක් නෑ.. මුදල බලය කොතනද එතනට හැමදේම යටයි.. විරහව ප්‍රේමය වගේ මාතෘකා වලට මම දැන් සමුදීලා ඉන්නේ.. මගේ කතාවල තව දුරට ඒවා තියෙන එකක් නෑ..

      Delete
  26. අපූරුයි. අවසානය සුදුසුම තැනක යොදාගෙන තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මීට වඩා අවසානයට සුදුසු තැනක් නෑ කියලා මම හිතනවා.. හැමෝම ඒකට කැමති උන එක ගැන සතුටුයි..

      Delete
  27. වෙනදා වගේම, සුපිරියි!!! ගමෙයි නගරෙයි වෙනසක් නැද්ද එතකොට?? හ්ම්ම්... හොඳ කතාවක් අයියෙ.. නියමයි!!!

    ReplyDelete
    Replies
    1. නෑ නංගී දැන් හැම තැනම එක වගේ..

      Delete
  28. ඒත් පැදුරෙන් බිමට වැටෙන්න බෑනෙ..

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ.. මින් එහාට තව දුරටත් යන්න ගමනක් නෑ..

      Delete
  29. එක සැරේම කතාව ඉවර වුනා වගේ දැනුනා.මොනවත් හිතා ගන්නත් බැරි වුනා.වේදවගේම හිතන්න දෙයක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. හිතන්න දෙයක් ඉතුරු උනා කියන්නේ අයියේ මගේ උත්සාහය සාර්ථකයි කියන එක..

      Delete
  30. ගමේ නගරයේ කියා වෙනසක් නැත බලපුලුවන්කාර කමට.......

    ReplyDelete
    Replies
    1. සල්ලි වලට ඕන දෙයක් ගන්න පුළුවන් කාලයක් මේ..

      Delete
  31. හප්පා..ඔහොම තමයි මේක ලංකාවනේ..කොහෙත් එකයි...

    ReplyDelete
    Replies
    1. වෙනසක් ඇති කරන්න හදන මිනිස්සු හැමදාම ප්‍රශ්ණ අතරේ..

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්