Friday, 3 February 2012

නිදහස

යාන්තමින් හිරු රැස් වැටෙමින් තිබුන කවුළුව අතරින් එළිය බලාගෙන ඉද්දී ඒ අතරින් ඉදහිට පියාඹාගෙන යන  කුරුල්ලන් දැක්කම හිතට දැනෙන හැගීම කොයි වගේද කියලා නිම කරන්න බෑ.. උන් නිදහසේ තැනින් තැනට පියාඹලා යන්නේ කාගෙන්වත් තහනමක් නැතුව.. උන්ගේ නිදහසට වැට බදින්න කවුරුවත් නෑ.. ඒත් මනුස්සයෝ උන අපේ ජීවිත ඊට වඩා කොච්චර වෙනස්ද?

“ ඒයි අන්න ජේලර් මහත්තයා එන්න කිවුවා..”

සිර මැදිරි අතරින් ඇවිදන් ආපු සාජන්ගේ හඩින් මගේ සිතුවිල්ලි ඉහිරුණේ ආයෙම එකතු කර ගන්න බැරි විදිහට..

“ ඒ මොකද දන්නේ නෑ?”

“ මගෙන් අහන්නේ.. ගිහින් බලනවා..”

කූඩු කල සතුන් ගානට හැමදාමත් අපිව සලකන ඔහුත් සමග ඉන් එහා කතාවකට නොගිහින් කාර්යාලය දෙසට පිය මැන්නේ හිතේ දෙගිඩියාවෙනි..

“ ආ..  විමල්.. එනවා එනවා.. සුභ ආරංචියක් තියෙනවා කියන්න..”

“ සුභ ආරංචියක්?”

නොහිතාම මුවගට සිනහවක් නැගුනේ සිර මැදිරි අතර සුභ ආරංචි ආවේ කවදාද සිහියට නැගුන නිසාය..

“ හෙට නිදහස් දවසේ හිරෙන් නිදහස් වෙන්න ඉන්න අයගේ ලිස්ට් එකට මම තමුන්ගේ නමත් දැම්මා.. හිරේ විලංගුවේ වැටුනට තමුන් ඒ තරම් ලොකු වරදක් කරලත් නෑනේ.. අනික මෙහේ ඉද්දි ප්‍රශ්ණ ඇති කර ගත්තෙත් නෑනේ.. ඒ නිසා හෙට යන්න ලෑස්ති වෙන්න කියන්නයි මම එන්න කිවුවේ..”

ඔහුගෙනා ආරංචියට සතුටු වනවාද නැද්ද යන්න මට හිතාගන්නට බැරිය.. සිර කුටියෙන් මිදී නිදහසේ ඇවිදන් යන්නට ආසා නැති කිසියෙක් මැදිරි වල නැතත් ඔවුන් දැන් ඒ නිදහසට බයය.. මමත් ඒ නිදහසට දැන් බයය..

දුප්පත් කම හින්ද උන වැරැද්දට  නීතිය ඉදිරියේ වැරදි කාරයෙක් උන මට මේ ගෙවුන කාලයදී කොච්චර වෙනස් වෙන්න උනාද.. මගේ දරු පවුල.. ඔවුන් මම නැතුව මේ කාලයේ ජීවිතේ කොහොම ගෙනියන්න ඇත්ද.. එතකොට මේ සමාජය.. ඔවුන් මට මොනවා නොකියයිද?

සිතුවිළි අතරේම හිරවෙමින් ආපහු සිර මැදිරියට ආපු මම මහ හයියෙන් වැසුන දොර දෙස මොහොතක් බලා සිටියේ හෙටින් පස්සේ මේ දොර මාව නවත්තන්නේ නෑ නේද කියලා හිතාගෙන.. ඒ වෙද්දී හොදින් හිරු එළිය වැටෙමින් තිබුන කවුළුව අතරින් ආයෙම අහස දෙස බලාගෙන නිදහසේ පියාඹන කුරුල්ලන්ගේ නිදහස විදින්න මම උත්සාහ කලා.. ඒත්, ඒ නිදහස මට විදින්න පුළුවන් වේවිද?



නිදහසේ හුස්ම පොද
වැටෙන්නට මොහොතකට පෙර
ගෙවුන ඒ කළුවර අතීතෙට
සමුදෙන්න හදමි මම..

නැති බැරි කමට ගේ දොර
බලා නොයිද දරුවන්ගේ කඳුළ
ඉක්මන් උන නිසාවට මම
නැවතුන තැන ඈතක් නොපෙනෙන..

සතියකට දවසක් දකිද්දි පැටවුන්ව
හිත ගිණි ගන්නවා මගේ සාපයට
මගේ වරදට උන් ලද නම
මම කොහොම මකාලන්නද..

උඹල තේරුම් ගනීවි දවසක
ලොකු මහත් වෙලා සමාජය දකින කොට
අද හංගගෙන හිටියත් මූණ
එදාට සමාවෙලා කතා කරවි මාත් එක්ක..

කවුළුවෙන් එහා ලෝකය
සුන්දර නැති වේවි ඉස්සර වගේම
සමුදෙන්න හදන කළුවර අතීතෙට
සමුදෙන්න හැකි වේවිද සමජය අතරේ මට..






57 comments:

  1. නිදහස.. ඒ යකඩ දොරටුවලින් මිදුනත් තව කී දහසක් ප්‍රශ්න වලින් ඔහුව මේ සමාජය තුල සිරකරාවිද.. සැබෑ නිදහසේ අරුත සමාජයකට, රටට වැටහෙන දවසක් උදාවේවා..!!!

    ReplyDelete
    Replies
    1. පරණ මතක හිත් වල හොල්මන් කරන තුරාම ඒ නිදහස විදගන්න අමාරු වේවි.. සමාජය ඉඩ නොදේවි..

      Delete
  2. හිරෙන් නිදහස් වෙන හිර කාරයෙක් දිහා සමාජය බලන්නේ වැරදියටම තමයි..

    මල්ලි බලල තියද "Shawshank Redemption" කියන ෆිල්ම් එක? ප්‍රධාන අරමුණ මේ වගේ එකක් නොවුනත් මේ පැත්ත ගැනත් ඒකෙ ලස්සනට පෙන්නනවා..විශිෂ්ටම චිත්‍රපටියක්..

    ReplyDelete
    Replies
    1. අක්කා කියපු නිසාම මම ඒ ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කලා.. තාම නම් බලන්න බැරි උනා.. නිවාඩු වෙලාවක බලනවා..

      Delete
    2. බලලම කියන්නකෝ හොඳද කියලා :) මම නම් ආසම එකක්...

      Delete
  3. වචන තුල හිර නොවුන සැබෑ නිදහසක්ම ලැබේවා...

    ReplyDelete
    Replies
    1. සමහර වෙලාවට "නිදහස" මේ අකුරු හතර ඇතුලේ හිර වෙලා කියලා දැනෙනවා අක්කේ..

      Delete
  4. යදම් බැද සිර කලත් හිත
    දකින්නට ආසයි මම දසත
    ලැබුනත් හෙට නිදහස මවෙත
    ඉගිලෙන්නේ මං කොම අසරනයි මා නෙත

    දකින්නට පුන්චි පැටවුන්ගේ මල් හිනා
    දිරිය දෙන්න මේ හිතට සනසන්න හිස වනා
    ගෙවුනු කාලය අමිහිරිය ඒ බව මා දන්නා
    ඉඩ දෙන්න ජය ගන්න ඉදිරි කාලය මල් මෙනා

    ReplyDelete
    Replies
    1. කවුළුවෙන් එහා ලෝකය
      එබිකම් කරන හිරු රැස් අතර
      දුහුවිල්ලක තරමටම නොසැලකුව
      සිරකරුවෙකුද මම නුඹ වෛර කරන..

      Delete
  5. මම හිතුවෙ අපිට නැති නිදහසක් උදා වුන, නිදහස් දිනය ගැන කියන්න යනව කියල.... :-)

    ReplyDelete
    Replies
    1. මුලින් හිතුවෙනම් ඒ ගැන ලියන්න.. ඒත් පස්සේ හිත වෙනස් උනා.. ඒකයි මෙහෙම දෙයක් ලිවුවේ..

      Delete
  6. ගොන් ආතල් නැති නිදහසක් කවදා ලැබෙයිද?

    ReplyDelete
    Replies
    1. අපි බලාගෙන ඉමු එහෙම දවසක් එනකම්..

      Delete
  7. Replies
    1. තෑන්ක්ස් අයියේ..

      Delete
  8. //සතියකට දවසක් දකිද්දි පැටවුන්ව
    හිත ගිණි ගන්නවා මගේ සාපයට
    මගේ වරදට උන් ලද නම
    මම කොහොම මකාලන්නද..//

    නිදහස් වෙන්න යන හිරකාරයෙක්ගෙ හිතේ ඇතිවෙන සිතුවිලි හරිම ලස්සනට අකුරු කරලා අයියා..:) ඇත්තටම සැබෑ නිදහසක නිවැඅර්දි අවබෝධය සමාජෙට තේරුම් යන්න ඕනෙ..

    ReplyDelete
    Replies
    1. ගොඩක් වෙලාවට සිරගත් උන කෙනාට වැඩිය දුක් විදින්නේ ඒ පවුල් වල අය.. සමාජය ඔවුන් දිහාත් බලන්නේ වැරදි කාරයෝ විදිහට..

      Delete
  9. හිරෙන් නිදහස් වුනත් අයියේ, පරණ දෙවල් කරනව නම්, නිදහස් වෙච්ච එක අනිත් කට්ටියට නිදහසක් නොවෙ නම් එය ගැටළුවක් නොවෙද?

    ReplyDelete
    Replies
    1. ඔව් එතකොටනම් ප්‍රශ්ණයක්.. සමහරු එහෙම තමයි.. ස්මාජයටම සාපයක් වෙලා ඉන්නවා..

      Delete
  10. වචන වලට හිර නොවුණු,අධ්යත්මික,මානසික,සදාචාරාත්මක නිදහසක් ලැබේවා!!

    ReplyDelete
    Replies
    1. ඒ දවස නම් ලගදිම උදාවෙයි කියලා හිතන්න බෑ මාල්යා..

      Delete
  11. "නිදහස"කියන වචනයම නිදහස් නෑ වගේ මේ කාලේ!:-/

    ReplyDelete
    Replies
    1. නිදහස ඒ අකුරු හතරට කොටු කරලා තියෙන්නේ..

      Delete
  12. නිදහස කියන්නේ මානසික තත්වයක්නේ, ඒ ස්වභාවය ඇතිවෙන්න විවිධ කරුණු බලපාන්න පුළුවන්. හිරෙන් නිදහස් වුණත් කොටුවෙලා වගේ දැනෙන්නේ ඒකයි.
    කවිපෙළ ලස්සනයි යාළුවා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඇත්ත.. සිරගත නොවුන කෙනෙක්ට උනත් මනසින් කොටු වෙලානම් ඒ නිදහස නොදැනෙන්න පුළුවන්..

      Delete
  13. අපි නිදහස්ද...?හදවතට එකගව උත්තරක් දෙන්න නොහැකි තරම් අපි හරි අසරණයි...

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්තටම තේරුම් ගන්න අමාරු දෙයක්..

      Delete
  14. මට මතක් වුණා ජෙනරාල් සරත් ෆොන්සේකාව..

    ReplyDelete
    Replies
    1. මේක ලියාගෙන යද්දි මට මතක් උනෙත් එතුමාව..

      Delete
  15. කවි ටික නම් පට්ට !!!

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් අයියේ..

      Delete
  16. හැම නීතියම හිර කරන්නේ දුප්පතාව. ධනය බලය දෙක තින එකා මොන වරද කලත් නිදහස්. බලය තියෙන කෙනෙක් තරහ කර ගන්න ඒක තමයි ලොකුම වරද? වැරදි හදල හරි හිරේ යන්න වෙනවා. දුප්පත් මිනිහෙකුට ලොයර්ට ගෙවාගන්න සල්ලි නැත්තම් ඌත් හිරේ.
    ඒත් එහෙම උන් ලෝකෙට පෙන්න නිදහසේ හිටියට තමන්ගේ හදවතට කර ගන්න වංචාවට හැමදාම විදවනවා.
    අනේ මන්දා ඔය නිදහස කියන ඒක කොහෙද තියෙන්නේ කියලා ..........

    ReplyDelete
    Replies
    1. ඇත්ත දුප්පත් මිනිස්සු දඩුවම් විදිනවා වැඩියි.. ඒ ඔවුන් නිවැරදි උනත් ඒක ඔප්පු කර ගන්න විදිහක් නෑ.. ගොඩක් වෙලාවට ඒ සල්ලි නැති නිසා.. එහෙමත් නැත්තන්ම් බලය තියෙන මිනිස්සුන්ට බය නිසා..

      Delete
  17. ඇත්තටම මේ යකඩ කූරු වලින් එහා නිදහස තියෙයි ද?ඔහුට සමාජයෙන් නිදහස ලැබෙයිද

    ReplyDelete
    Replies
    1. යකඩ කූරු වලින් මිදුනත් මිනිස්සුන්ගේ හිත් වල යදම් වලින් නම් මිදෙන්න බැරි වෙයි..

      Delete
  18. හ්ම්.....
    උපරිමයි අයියා....
    මේ අයියේ, ඔයා ලියපු කෙටි කතා ටික එකතු කරලා පොතක් ගහන්නකෝ......

    ReplyDelete
    Replies
    1. මේක කෙටි කතාවක් නෙමෙයි.. හ්ම්ම්... බලමුකෝ පස්සේ ඒ ගැන..

      Delete
  19. කෝ මම ඊයේ රෑ දාපු කමෙන්ට් එක....???? :( හරි හරි ඒක නෑනේ දැන් අලුත් එකක් දානවා...

    අහසේ පියාඹන කුරුල්ලෙකුගේ නිදහස අපිට තිබුණා නම්......

    ප.ලි - අර සිතුවිලි නිහඬයි කියන යෝජනාව ක්‍රියාත්මක කලොත් නරකද?

    ReplyDelete
    Replies
    1. කලින් කමෙන්ට් එකක් ආවේ නෑනේ නංගියේ.. මම බැලුවා ස්පෑම් වෙලත් නෑ..

      Delete
  20. Replies
    1. තෑන්ක්ස් මචං..

      Delete
  21. කවි ටික සුපිරි.. බැනර් එකත් සිරා බං..

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් සෑමෝ..

      Delete
  22. අපේ ජීවිත ඇතුලෙත් අපි එක රාමුවකට හිර වෙලා. ඒ රාමුවෙන් නිදහස් වෙන්න අපි බයයි. හිරකාරයෝ වගේම තමයි. අපි ඒ ජීවිතේට හුරු වෙලා.

    ඒක නෙමෙයි ටෙම්ප්ලීට් එක පට්ටම පට්ටයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත අපි මේ රාමුවෙන් එළියට යන්න උත්සාහ කරන්නේ නෑ.. ඒ සමාජයට අපි තියෙන බය නිසා නේද?

      Delete
  23. ජීවිතේ කියන්නෙ හිර ගෙයක්..නිදහසක් නෑ........

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. ජීවිත හිරගෙය මීට වඩා සෑහෙන වෙනස්..

      Delete
  24. ඇතැම් සිරකරුවන්ගේ සිතුවිලි කොයිතරම් සංවේදීද.

    ReplyDelete
    Replies
    1. "සිරකරුවෝ මනුශ්‍යයෝය" කියලා ඒ ලස්ස්න චිත්‍රේ ඇන්දෙත් සිරකරුවෙක්මනේ..

      Delete
  25. හැමදාම වගේ ලස්සන නිර්මාණයක්...

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් යාළුවා..

      Delete
  26. මම අහන්ගෙන ඊයේ නිව්ස් වලට කිව්වා සමහර මිනිස්සු නානාප්‍රකාර අපරාධ කරලා දැන් හිරේ යන්න හදනවලූ කන්න බොන්න නැතුව එළියේ ඉදලා මැරෙන්න වෙනවා කියලා. එව්වා අහද්දී නම් හිනාවෙනවද නැත්නම් මොනවා කරනවද කියලා හිතා ගන්න බෑ.
    මල්ලී දැන් බ්ලොග් එක ගොඩක් ලස්සනයී.

    ReplyDelete
    Replies
    1. මමත් එහෙම අහලා තියෙනවා.. ඇත්ත ඇතුලේ ජීවිතේ එළියේ ඉන්නවාට වඩා සරළයි කියලා මිනිස්සු හිතනවා..

      Delete
  27. //සමුදෙන්න හදන කළුවර අතීතෙට
    සමුදෙන්න හැකි වේවිද සමජය අතරේ මට..//

    කළුවර අතීතෙට සමුදෙන්න සමාජය කවදාවත් ඉඩදෙන්නැති බව නම් ඇත්තයි...

    ප/ලි: ලස්සන ඇඳුමක් ඇවිල්ලා තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. සමාජය හදන්නේ ඒ කළුවරටම ආයෙම ඒ මනුස්සයාව ඇදලා දාන්න හදන එක..

      Delete
  28. අා! මෙයා එ්කටත් කතාවක් ලියලනෙ! :)

    ReplyDelete
    Replies
    1. කාඑයි මලයා කැමති නැද්ද?

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්