Wednesday, 1 February 2012

තව අවුරුදු තුනයිලු


අද මාසේ පළවෙනි දවසෙම මට අහන්න ලැබුනේ ඒ තරම් හොද ආරංචියක් නම් නෙමෙයි.. මම දවල් වැඩ කරන ගමනුත් කල්පනා කලේ මේකට මොකද කරන්නේ කියලා.. අපේ ගෙදරින් තීරණයක් අරංලු  ඉක්මනටම  මගෙනුත් නිදහස් වෙන්න..

මේ අවුරුද්ද ලැබුවට පස්සේ අද තමයි මම අපේ නැන්දට කෝල් එකක් ගත්තේ.. ඒකත් මම එහෙට  කතා කලේ නෑ කියලා අපේ තාත්තා තාත්තා බැන්නට පස්සේයි මම කතා කලේ.. එතකොට තමයි  අපේ නැන්දා මේ සුභ ආරංච්ය මගේ කනේ තිබ්බේ..

නැන්දා  - “ අපි මේ දෙවෙනිටත් හොද ගෑණු ළමයෙක් හොයන්න කියලා හදන්නේ.. පහුගිය දවසක තාත්තා ආපු වෙලෙත් අපි ඕක ගැන කතා උනා..”

මම - “ මම මේ වැඩට යන්න හදන්නේ නැන්දේ.. මම පස්සේ කතා කරන්නම්..”

ඔන්න ඉදලා ඉදලා කතා කරලා අහගත්ත ටික.. මේක අපේ තාත්තට හිතුන දෙයක් නෙමෙයි නැන්දට හිතුන දෙයක් කියලා මට හොදටම විශ්වාසයි.. නැන්දගේ පුතත් තාම ගෙදර ඉන්න එකේ ඒ යකාට කෙල්ලෙක් හොයන්නේ නැතුව මේ මාව මොකට අල්ල ගත්තද මන්දා.. ගෙදරට ඇරෙන්න මම වෙන කාටවත් කතා නොකරන්නේ ඕක නිසාම තමයි.. අක්කගේ වෙඩින් එක ඉවර වෙලා පැයක් යන්න හම්බුනේ නෑ අපේ ලොකු අම්මා කියපි “ඊළගට පොඩි පුතාගේ වාරේ” කියලා..

හැබැයි මේකේ පොඩි සැනසිලි දායක තැනකුත් තියෙනවා.. ඒ අපේ තාත්තා තව අවුරුදු තුනකින් බලමු කියලා මට පොදු සමා කාලයක් දීලා තියෙනවා.. ඒක ඇහුවම තමයි මගේ හිතට පොඩි නිදහසක් ආවේ.. අපේ කට්ටිය සැසි වාර කීපයකදීම මේ ගැන සාකච්චා කරපු බව තමයි ආරංච්.. හදිස්සියේම මේ වගේ තීරණයක් ගන්න හේතු උන කරුණුත් තියෙනවා..

1.    රස්තියාදුව..
2.    මට මුහුණු පොතේ කෙල්ලෙක් ඉන්න බව කියමින් මිතුරෙකු අරන් යන මඩ ප්‍රචාරය..

අපේ උන්ටත් නිකන් ඉන්න බැරුව මං ගැන කතා පතුරවනවා.. ඒකෙන් උන්ට ඇති වාසියකුත් නෑ.. අන්තිමට හිර වෙන්නේ මම.. ඒවා ඉතින් උන් හිතන්නේ නෑ..

අපේ තාත්තා ඔය පොදු සමා කාලය දාලා තියෙන්නේ මට ඒ කාලෙදි  ඕකෙන් ගැලවෙන්න හොද තුරුම්පුවක් තියෙන නිසා. ඊට පස්සේ කියන්න හේතුවක් හොයා ගන්න වෙනවා.. ජීවිතේ ගෙවුන විදිහට ගෙවිලා ගියානම් අද මම ඉන්නේ මේ මාවතේ නෙමෙයි.. එහෙම උනානම් මේ ප්‍රශ්ණ කිසි දෙයක් ගැන මම හිතන්නේ නෑ..

කොහොම උනත් ගැලවිජ්ජාවක් හොයා ගන්න වෙනවා.. ටික කාලෙකට.. එහේ මොන තීන්දු තීරණ අර ගත්තත් ඒවා ක්‍රියාත්මක වෙන්නනම් මම ලංකාවට යන්න ඕන.. මේ අවුරුද්දේ ලංකාවට නොයා ඉදීම නුවණට හුරුය.. ඒ ගැන ටිකක් කල්පනා කල යුතුය..

මම මෙහේ මොන ප්ලෑන් ගැහුවත් අවසානයේ තාත්තාගේ නිශේධ බලයට අවනත වෙන්නට වෙනවාය.. ඒ අම්මාට වූ ඒක් පොරොන්දුවක් නිසාය.. ඒත් මට ඕන මේක තව ගොඩ කාලෙකට පස්සට දමා ගැනිමය.. ඒත් අවාසනාවට හෝ මේ පොදු සමා කාලයෙන් පස්සේ අපේ තාත්තා මේ මාතෘකාව ගැන මාත් එක්ක කතා කලොත් මම එකම එක ප්‍රශ්ණයක් පමණක් අසන්නට සිතාගෙන ඉමි..

“ අයියා 35නුයි අක්කා 30නුයි බැන්දානම්, මම විතරක් ඇයි තාත්තේ 27න්?”

ඕකට ලැබෙන පිළිතුර අනුව ඊළගට කල යුත්තේ කුමක්දැයි කල්පනා කරමි...











100 comments:

  1. අනේ ඔන්න ඔහෙ බඳින්න අයියෙ... අපි එන්නම් වෙඩිමට....හැබැයි ලංකාවේ ගන්න ඕන හරිද??? :)

    ReplyDelete
    Replies
    1. මල් කුමාරිට තියන්නම් කෑගහන්න එපා !

      Delete
    2. @ shani : ඔයාලනම් කියයි.. බලමුකෝ...

      Delete
    3. මෙයාව මල් කුමාරිට තියලා පරිස්සම් කරන්න වෙන කවුරුහරි තියන්න වෙයිද දන්නේ නෑ සෑමෝ..

      Delete
  2. ජීවිතේ පටන් ගන්නෙ 40 න් කියල කවුද කියනව ඇහුනා....ඒක තාත්තට පැහැදිලි කරන්න...නැත් නම් ඉතින් ඔන්න ඔහේ බෙරේ බැඳ ගන්න අනේ නිකම් ඉන්න එක.....:):):)

    ReplyDelete
    Replies
    1. 40 වෙන්න තව අවුරුදු 16ක තියෙනෝ.. එච්චර කල් ඉන්න වෙයිද දන්නේ නෑ..

      Delete
  3. අඩේ පොඩි කොල්ලට එහෙනම් හරියන්න හදන්නේ නේ.

    ReplyDelete
    Replies
    1. මටත් පේන්නේ සිකුරා ලබන්න වගේ යන්නේ...

      Delete
  4. එළ එළ වර්ණ කියන එක දේදුනු කියලා මාරු කරන්න හිතෙයි....පාටම කීයක් බලන්න පුළුවන්ද ඉතින්....

    ReplyDelete
    Replies
    1. ඊට පස්සේ මෙහෙම ලියන්න වෙයිද දන්නේත් නෑ..

      Delete
  5. පොඳු සමා කාලෙ ඇතුලත කෙනෙක්ව ලැබෙන්න හෝ ගෙදරින් කෙනෙක්ව හොයාගන්න ලැබෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා.. :D නැතිනම් ඔය දාලා තියෙන පින්තූරෙ විදිහටම ඉෂ්ථ සිද්ධ වුණොත් අපිට කේක් කෑල්ලක්වත් ලැබෙන එකක් යෑ.. :P

    ReplyDelete
    Replies
    1. ඒක තමයි පොදු සමා කාලේ හිතේ හැටියට කල් ගෙවන්න කියලා මම මේ කල්පනා කරන්නේ.. ඒ අතරේ නන්දු කියපු දේ ගැන හිතලා බලන්න ඕන..

      Delete
  6. බවලත්තු හෙන උනන්දුවෙන් උබව හිරේට යවන්න.අහුවෙන්න එපා...

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ.. මගේ උපන්දිනේ දවසෙත් සමහරු විශ් කලේ මේ අවුරුද්දෙම ඕක වෙන්න කියලනෙ..

      Delete
  7. ඔයාට 35 වෙනකන් ඉන්න දුන්නොත් කෑලි වත් හොයා ගන්න නැති වෙයි කියලා තාත්තට හිතුනද දන්නේ නැහැ...:)

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙන්නෙ එහෙම තමයි.. ඔය උඩින් කියපු කාරණා දෙකෙන් දෙවෙනි කාරණාව නිසා තමයි මේ ඔක්කොම..

      Delete
  8. අනේ ඔන්න ඔහේ බැදලා දාපන් මචන්...මං අහන්නේ කාටද ආඩම්බර මෙච්චර කලින් බැන්දම... :D

    ReplyDelete
    Replies
    1. ඒක තමයි.. කාටද ආඩම්බර හැබෑටම??

      Delete
  9. එල එල.. ජය සිරි මංගලම් කිව්වලු !

    ReplyDelete
    Replies
    1. උඹලනම් කියයි..

      Delete
  10. තව අවුරුදු තුනක්ම තියෙනවනේ බං, දැන්ම අඩන්නේ නැතුව හිටපන්.කොහෙහරි ඉදලා උඹේ හිමි කාරී ආවම උඹට කරගහන්නම වෙනවා. හොරෙන්ම කේක් කනවා එහෙම නෙවෙයි

    ReplyDelete
    Replies
    1. එකනම් ඇත්ත.. කේක් නම් ඉතින් දෙන්න බැරියැ.. ඊට ඉස්සෙල්ලා ඔය හිමිකාරි එන්නත් එපැයි..

      Delete
  11. යමක් වෙන්ඩ තියේ නම් ඒක වලක්වන්න බෑ කාටවත් ..

    ReplyDelete
    Replies
    1. ඇත්ත අයියේ.. බලමුකෝ තව කල් තියෙනවනේ..

      Delete
  12. මොනවා වුනත් මං නම් හිතන්නෙ කොල්ක්ක් 29 විතර වෙනකල් හිටියට කමක් නෑ කියලා.ඒ කියන්නෙ මේ අවුරුද්දෙ මල්ලි ලංකාවට එන්නෙ නැද්ද??? :((

    ReplyDelete
    Replies
    1. අක්කා කියන විදිහට බැලුවොත් මට අවුරුදු 5ක්ම තියෙනවා තව.. හුරේ.. :) ලංකාවට නොඑන්න තමයි හිතාගෙන ඉන්නේ..

      Delete
  13. ඒ කියන්නෙ උඹට 27යි. දැන් කෙනෙක් හොයාගත්තත් පිළිවෙලක් වෙලා එනකොට තව අවුරුද්දක්වත් යයිනේ. ඉතිං මොකද. අනෙක 27ක් වෙන උඹ අම්ම-තාත්තට කියන්නෙ කොට්ටෙ තියල නලවන්න කියලද?:)
    ඕක පරක්කු කරන්න නං පුළුවන්. ඒකෙ වාසි අවාසි දෙකම තියනව. මම නං කියන්නෙ මිණිහෙක් 32ක් වෙනකොටවත් බැදල ඉන්න ඕන.

    ReplyDelete
    Replies
    1. තාම මට 24යි අයියේ.. 27ක් වෙන්නේ තව අවුරුදු තුනකින්.. ඒ කියන්නේ පොදු සමා කාලෙන් පස්සේ..

      Delete
  14. හ්ම්..ඒකත් ජයසිරි මංගලම් කිව්වලු..

    ReplyDelete
    Replies
    1. අක්කා වෙඩින් එකට එනවනේ එහෙනම්... :)

      Delete
    2. ඉන්වයිට් කලෝතින් නම් මලේ අනිවා එනවා..මෙහෙම පෝස්ට් කියවද්දි හිතෙනවා ඔයා බඳිද්දී අපි නාකි වෙලා ඉඳියි වගේ කියලා...හික්ස්..
      බලමු බලමු අපිත් ලංකාවෙ ඉන්නවනේ..

      Delete
    3. බ්ලොග් ලියන හැමෝටම එන්න කියනවා.. මේ යන විදිහට එච්චර කල් යන එකක් නෑ..

      Delete
  15. හප්පේ....... ඔච්චර වයස යනකම් ඉන්න එපා හලේ කසාද බඳින්න... :D

    ReplyDelete
    Replies
    1. කාටද අප්පේ වයස.. ඔයාට වැඩිය අවුරුදු 3යි මම වැඩිමල්..

      Delete
  16. වෙහෙම කරමු! කිඩ්නැප් වෙන්න...... මමත් කරන්න හිතං ඉන්නෙ එහෙම තමයි

    ReplyDelete
    Replies
    1. පිස්සුද එහම කරලා බෑ.. මලයත් මොනවා කියනවද මන්දා..

      Delete
  17. හික්ස්. හොඳ වැඩේ.

    ReplyDelete
    Replies
    1. ඔහොම කියන්න එපා අක්කේ... :(

      Delete
  18. දැන්මම කළබල වෙන්න එපා දිනේශ් මල්ලි තව අවුරුදුම තුනක් තියෙනවනෙ ඔය කාලෙ අතර ජීවිතේ මොන මොන වෙනස් කම් වෙයිද කවුද දන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ හෙට දවස උනත් ඇති ජීවිතේ වෙනස් වෙන්න.. අපි බලමුකෝ..

      Delete
  19. yeh ela ela ai horen bonna puluwan...oyalaha giya welawaka thwa pora tikak dala enna oni... hik hik....

    ReplyDelete
    Replies
    1. උඹ ඉතින් කොහොමත් හොරෙන් බොන එකානෙ.. ඔය ඉතින් දත් නැතුව බත් කන්න තමයි..

      Delete
    2. bola mathakada ara danthanarayange case eka akkata kiyala mawa chora kala :P

      Delete
    3. අඩේ ඒක මම නෙමෙයි කිවුවේ හරි.. ඒක එයාමයි අපේ අක්කට කියලා තිබ්බේ..

      Delete
  20. බඳින්න හොඳම වයස...

    ReplyDelete
  21. කොල්ලෙක්ට 30න් බැන්දාම ඇති කියලා තාත්තට කියන්න.ඇත්තටම අයි ලංකාවේ දෙමව්පියෝ ළමයින්ගේ ජිවිත වල වැදගත්ම තීරණ ළමයින්ට ගන්න දෙන්නේ නැත්තේ??

    ReplyDelete
    Replies
    1. නෑ නෑ.. එයාලා කවුරු කොහොම හෙවුවත් අවසාන තීරණේ මගේ අතේ තමයි.. මට ප්‍රශ්ණේ තියෙන්නේ මේ කාල සීමාවේ..

      Delete
  22. හික් හික්....රස්තියාදුවට තිත....පවු වැඩේ තමා....

    මේ අයියේ විහිළු නෙමේ. හැමදාම ඔහොම ඉන්නත් බැනේ....අනික තව අවුරුදු 3ක්ම තියනවනේ...ඔයාට කැමති කෙනෙක්ව හොයාගන්නත් කල් තියනවා....හොයා ගත්තයින් පස්සේ බඳින එක ටිකක් පරක්කු කරන්න පුළුවන්නේ.....

    ReplyDelete
    Replies
    1. ඔයාලනම් කියයි.. කොහොමත් මේ අවුරුද්දේ ලංකාවටත් නොයන නිසා අපේ තාත්තා මාත් එක්ක ඕක කතා කරන්නේ නෑ. ඒ හින්දා මේ අවුරුද්ද සුපුරුදු විදිහටම ඉදලා පස්සෙම ඕක ගැන කල්පනා කරනවා.. මොකද මේ අවුරුද්දේ ලෝක විනාසෙලුනේ..

      Delete
    2. හික් හික්....අනේ මැට්ටා.....දැන් ඔයා හැමදාම ඔය ? න් පැනල යන්නද හදන්නේ...කවදම හරි ඔයා ඕකට කොටුවෙනවා...ඒ නිසා තව කල් තියනවනේ...හෙමින් සැරේ වෙන දෙයක් ගැන හිතන්න.....මේ අවුරුද්දේ ලංකාවට නාවට ? නැති වෙන්නේ නෑ...යට යනවා විතරයි හොදද...එක මතක තියාගන්න...

      Delete
    3. හරි හරි බලමුකෝ.. මම ඒක ගැන හිතමින් ඉන්නේ...

      Delete
    4. ෂා....දැන් නේ බ්ලොග් එක ලස්සන

      Delete
    5. ටැන්කූ.........

      Delete
  23. හික්...දිනේෂ් අය්යට තව අවුරුදු 3යි.තාත්තගෙ කීම අහක දැම්මයි කියල තාත්තට දුක හිතෙයිද දන්නෙ නැහැ නේද​??

    ReplyDelete
    Replies
    1. තාම මගෙන් ඕක ඇහුවේ නෑනේ මල්ලියේ.. ඒ නිසා හිත නිදහස්.. අන්න ඒක තමයි මටත් තියෙන ප්‍රශ්ණේ.. බලමුකෝ..

      Delete
  24. එල එල... අපි කවුරුහරි අමාරුවෙ වැටෙද්දි සුභපතන පොරවල් ;)

    මට කළු කුමාරය කිව්වෙ කසාද බැඳපු මිනිහයි, කසාද බදින්න බලන් ඉන්න මිනිහයි හරියට අමු අඹයක් කන මිනිහයි ඒක දිහා බලන් ඉන්න මිනිහයි වගේ කියල...

    කල්පනා කරල බලපන් අමු අඹේ කනවද?... කටට කෙල උනන්න ‍දීල බලන් ඉන්නවද කියල... :)

    ReplyDelete
    Replies
    1. මම දන්නවනේ කට්ටිය ගැන.. දුකේදි සුභ පතන බව.. :)

      අම්මපා ඒ කතාවටනම් සාතන්ගේ කටේ අඹයක් ඔබන්න ඕන.. බලමු බලමු ටිකක් කල්පනා කරලා..

      Delete
  25. දිනේෂ් අය්යත් එහෙනම් කඹයක් හොයනවා එහෙනම්!:D

    ReplyDelete
    Replies
    1. හොයනවා නේන්නම්.. අනේ මන්දා අපිටත් වෙන දේවල්..

      Delete
  26. 27 තමා බං හොඳම කාලේ... බැඳපං බැඳපං.... :D

    ReplyDelete
    Replies
    1. සෝරෝ නම් කියයි..

      Delete
  27. මං බැන්දෙ 26 න් බොලේ

    ReplyDelete
    Replies
    1. ඔබා මාමා කියන නිසාම ටිකක් හිතන්න වෙනවා.. මොකද ඉතින් ඔබ තුමා වගේ එක්ස්පීරියන්ස්ස් තියෙන කෙනෙක් කිවුවම ටිකක් කල්පනා කරන්න ඕනනේ..

      Delete
  28. අහ්හ් නියමයිනෙ.. !! 27 නියම වයස...:) අයියාට අයියා කැමති විදියෙ හොඳ ගෑණූ ළමයෙක් හම්බෙලා, ජීවිතේ අලුතෙන් ලස්සනට පටන්ගන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා!!!

    ReplyDelete
    Replies
    1. හෝව් හෝව්.. විශ් කරන්න තව කල් තියෙනෝ.. තාම ඒ ගැන හිතලවත් නෑ..

      Delete
  29. හිකිස්...ඔව් ඉතින් දැන් බැන්දා කියලා වරදකුත් නෑ නේද...

    ReplyDelete
    Replies
    1. වරදකුත් නෑ නම් තමයි..

      Delete
  30. මේ අයියේ... මතක ඇතුව මට කාඩ් එකක් එවන්න

    ReplyDelete
    Replies
    1. මලයා ID එකත් වෙනස් කරන් ආවම මම බැලුවා කවුද මේ කියලා.. කාඩ් නම් එකට දෙකක් එවන්න බැරියැ..

      Delete
    2. හි හි .. අදුරගන්න බැරිවුනානේ.. එල එල.. දෙවන මනමාලයා මම හරිද? 2මනමාලි මන් එක්කන් එන්නම්

      Delete
    3. එහෙනම් මගේ වැඩ තව ටිකක් ලේසි වේවි.. හා හා.. දැන් කවුද ඔය දෙවෙනි මනමාලි??

      Delete
  31. අම්මෝ තව අවුරුදු 3ක්ම තියෙනවනෙ දිනේශ් අයියා.....

    ReplyDelete
    Replies
    1. එහම හිතලවත් හිත හදාගමු නේ මලයා..

      Delete
  32. kollek badinna onaa 29kin 30kin atakal fun eke idapalla..komada badagena ekama bere gahanakota tiyana atal eka..nikamata hitapan uba aurudu 60k jiwath unaa kiyala komada bola tawath aurudu 33k ganiyekge talks ahagena inne,,,puluwan taram parakku karala badapan jiwethe widinna nam.....

    ReplyDelete
    Replies
    1. ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා.. ඔය හැමදෙම තීරණේ වෙන්නේ බදින කෙනා අනුව තමයි ඉතින්..

      Delete
  33. හිකිස්....ඔයා වාසනාවන්තයි...අඩුගානෙ 24ක්වෙනකම්වත් හිටිය
    යාංතං අවුරුදු 18 සම්පූර්න වෙච්ච මාවත් අපෙ මව්නිව් අප්පොච්චයි තව අවුරුදු තුනහතරකින් බන්දල දෙන්න යන්නෙ...
    හිකිස්...එව්ව කොහෙද මාත් එක්ක... මම කොහොමත් ඔයා ආදරය කසාද කියන අංශවලට නෑනේ...මමනම් තනියම පැනල යනව...
    ජීවිතේ තියෙන හැම අරමුණක්ම ඉෂ්ඨ කරගන්න ඕනෙ...

    ReplyDelete
    Replies
    1. එහෙනම් අපිට මෙයාගෙන් ඉස්සෙලම වෙඩින් කේක් කන්න පුළුවන්.. තනියම පැනලා ගිහින් මොනා කරන්නද?

      Delete
  34. අපරාදෙ.. ඒ කියන්නෙ තව අවුරැදු 3යි අපිට වර්ණ කියවන්න පුළුවන්. ඊට පස්සෙ.. කියන්න ඕනෙ නෑනෙ අයියෙ..

    කමක් නෑ අයියේ මොන දේ වුනත් වෙන්නෙ හොඳටයි කියලා හිතාගන්න.

    ලස්සනයි පෝස්ටුව.

    ReplyDelete
    Replies
    1. මොන පිස්සුද.. ඔවා මොනවා උනත් මම වර්ණ නවත්තන්නේ නෑ.. පුළුවන් තරම් කාලයක් ලියනවා..

      Delete
    2. අන්න හොඳා අයියේ.. වර්ණ හින්දා අයියට මොනතරම් දේවල් ලැබෙන්න ඇද්ද.
      අනික අපි මොනතරම් දේවල් දැන ගත්තද,ඉගෙන ගත්තද.

      Delete
    3. වර්ණ කියන්නේ මගේ ජීවිතේ කොටසක් මල්ලි දැන්..

      Delete
  35. ඇති යාන්තන් වෙඩිමක් තියෙන්න යන්නේ.
    කාලෙකින් වෙඩිමක් තිබ්බෙම නෑ. ඉස්සර නම් හැම මාසෙකට දෙහෙකට සැරයක් වෙඩිමක් තියෙනවා. ඒ නිසා බඩ පැලෙන්ඩ කන්න පුලුවන් :)
    ඒත් දැන් කොයි ???

    ReplyDelete
    Replies
    1. ඔන්න බලන්න ඉතින් අයියලා අපේ දුක තේරුම් ගත්තේ නෑනේ.. කෑමක් දෙන්නම්කෝ අයියේ ලංකාවට ආවම.. වෙඩිමක්ම ඕනද ඒකට..

      Delete
  36. ෂැහ්...කෑමක් තමයි මිස් වුණේ, තව අවුරුදු තුනක් බලාගෙන ඉන්න එපැයි! එහෙම කියලා හදිස්සි වෙන්නත් එපා ඔන්න. ජීවිත කාලෙට ම නේ!

    ReplyDelete
    Replies
    1. ඒකනේ මේවා හදිස්සි වෙලා කරන්න පුළුවන් දෙවල්ද?

      Delete
  37. සුබ මංගලම් අය්යේ..
    අපිටත් invitation ලැබේවිනේ..?

    ReplyDelete
    Replies
    1. නංගියෝ දැම්ම විශ් කරන්න එපෝ.. තව කල් තියෙනවා..

      Delete
  38. කවදා බැන්දත් බදින්න එපැයි මල්ලියේ..ඔන්න ඔහේ බදින්න.... :-)

    ReplyDelete
    Replies
    1. දැම්ම බැරියෝ......

      Delete
  39. අම්මේ නඩින එකෙයි හිරේ යන එකෙයි පොඩි වෙනසයිනේ තියෙන්නේ (අද්දැකීම්නම් නෑ ඕං)

    ReplyDelete
    Replies
    1. පිස්සුද කිසිම වෙනසක් නෑ..

      Delete
  40. බදින්න අකමැති වගේ...:)
    ඔහොම කිවුවට හිතේ කොනකින් කැමතියි නේ..

    කවදා බැන්දත් ඉතින් ලංකාවේ වෙඩිම ඇරන් අපිටත් කියන්න ඔනේ හරිය..

    ReplyDelete
    Replies
    1. කවුද කිවුවේ ඉතින් අකමැති කියලා.. මම කිවුවේ දැම්ම බෑ කියලනේ..

      Delete
  41. එහෙනම් අයියාට තව අවුරුදු තුනකින් ජය සිරි මංගලම් ඇහ්? මරු මරු.. අනේ අපිටත් එන්න කියන්න.. අපිත් එනවා අනිවා.. ලංකාවේ කොහේ තිබ්බත්.. :D

    ReplyDelete
    Replies
    1. ඔයාලට නොකියා ඉන්නවද නංගී එහෙම දෙයක්..

      Delete
  42. අවුරුදු 5 යාළුවෙලා ඉඳල මම බැන්දෙත් 27 න්. බදින්න කාලින සම්පුර්ණ කරගන්න කියලම කොච්චර දේවල් තියනවද? ඉතින් හෙමින් යමු මල්ලි.. තව කල් තියනවනේ.

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ ඒකනම් ඇත්ත.. තාම ජීවිතේ මුල මේ ඉන්නේ..

      Delete
  43. ඔයානම් අවුරුදු තුනක් ඉන්නේ නෑ අයියේ..

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්