Thursday, 5 January 2012

කට උලාගේ ආදර අන්දරය


මම කලින් අපේ ඉස්කෝලේ කතාවෙන් කියපු කට උලා එහෙමත් නැත්නම් OIC මතක ඇතිනේ.. උගේ වැඩ නිසා අමතක වෙන්න විදිහකුත් නෑ.. කට උලා ගැන ඊට වඩා ලියන්න හිතාගෙන නොහිටියත් කට්ටිය කිවුවනේ උලාගේ කතා තව ටිකක් කියන්න කියලා.. ඉතින් පහුගිය දවසක අපි යළුවෝ ස්කයිප් සෙට් උන වෙලාවක උනුත් පෝස්ට් එක දැකලා උලා ගැන තමයි කතා කලේ.. ඉතින් වෙලාවේ ඇත්තටම මටත් අමතක වෙලා තිබුන රසබර කතාවක් අපේ කට්ටිය මට මතක් කරලා දුන්නා.. වගේ දෙයක් අමතක උනේ කොහොමද කියලයි මම පස්සේ කල්පනා කලේ..

අපි 10 වසරේ ඉන්නකොට කියන්නේ අර OIC කතාව උන කාලෙම වගේ ඔය අපේ අනිත් අය වගේම උලත් අපේ සෙක්ශන් එක පාස් කරන් යන කෙල්ලන්ට ලයින් එක දාගෙනම තමයි හිටියේ.. අපිව ඉතින් අපේ ලොක්කා ඇස් දෙක වගේ පරිස්සම් කරන්න අපිව ඔෆිස් එක ඉස්සරහමයි තියාගෙන හිටියේ කියල මම කලිනුත් කිවුවනේ.. ඉතින් අපි කවුරුවත් නොදන්නවා උනාට ලොක්කා වැඩි හරියක් ඉන්නේ අපේ පන්තිය දිහා බලාගෙන.. ඉතින් උලා ඔය කෙල්ලන්ට විහිළු කරන ඒවා ලොක්කා දකිනවා.. ඊට පසේ ඉතින් කියන්න ඕන නෑනේ..

කවදාවත් අපේ පන්තියේ කෙල්ලෙක් ඇරෙන්න වෙන කෙල්ලෙක් මූත් එක්ක එක වතාවකට වඩා කතා කරන්නේ නෑ.. J ඔහොම ඉන්න අතරේ අපි දැක්කා දවසක් කෙල්ලෙක් මූ එක්ක කතා කරනවා.. කෙල්ල ලස්සනයි.. අපිත් ඉතින් කතා බහ ඉවර වෙනකම් ඉදලා උලාට කිට්ටු වෙලා සිද්දිය අහලා බැලුවා..


මොනාද බං අර කෙල්ල උඹ එක්ක කිවුවේ?”

ඇයි උඹලා දන්නේ නැද්ද?”

මොකක්ද?”

දැන් සතියක විතර ඉදන් කෙල්ල මාත් එක්ක සෙට් නේ..”

එතනින් එහාට තිබුනේ තනිකරම නිහඩ බවක්.. අපි කාටවත් මුගේ කතාව විශ්වාස නැති නිසා.. අච්චර ලස්සන කෙල්ලෙක් මූට සෙට් වෙයිද? අපිට හෙනම ප්‍රශ්ණේ මේක.. දැං ඔයාලා හිතාවි අපිට ඉරිසියාවට එහෙම හිතුනා කියලා.. ඇත්තම කියනවනම් ඔව්.. ඉරිසියා නැද්ද.. ඉස්කෝලේ ඉන්න හැඩකාරම කෙල්ලන්ගෙන් එක්කෙනෙක් මූට සෙට් උනා කිවුවම.. මේ අපිටත් සෙට් කර ගන්න බැරි උනා කිවුවම..

ටික දවසක ගෙවුනා.. අපේ පන්තියේ ලොකුම මාතෘකාව උනේ උලා.. ඒත් අපි එදාට පස්සේ උලා කෙල්ල එක්ක කතා කරනවා දැක්කේ නෑ.. උලා කිවුවේ බොරුවක්ද කියලත් අපිට හෙනම සැකයි දැං.. මොකද උලාගේ ඉතිහාසය තරම් හොද නැති නිසා.. මේ අපි හිටියට කෙල්ල අපිත් එක්ක කතා බහක් නෑනේ.. අඩු ගානේ අපේ පන්තියේ කෙල්ලොවත් කෙල්ල එක්ක කතාවක් නෑ.. ඉතින් අපිට උලා කියන දේ ඇරෙන්න වෙන දෙයක් දැන ගන්න විදිහක් නෑ..

උලා උඹ ගොඩ දවසකින් අර කෙල්ල එක්ක කතා කරනවා අපි දැක්කේ නෑනේ..”  ඔය වැඩක් නැති වෙලාවක කයියක් ගහන් ඉන්න අතරෙදි අපි ඇහුවා..

.. උඹලට සීන් එක මීටර් උන නිසා එයා කැමති නෑ තැන් තැන් වල ඉදන් කතා කරන්න..”

බං.. අපි උඹලව කනවද?”

උලා හිනාවක් දාලා කතාව මග ඇරියා.. අපිටත් ඊට වඩා දෙයක් දැන ගන්න බැරි උනා.. කාලය වෙනද වගේම ගෙවිලා ගියා.. ඉදලා හිටලා උලා කෙල්ලට මොනවා හරි කියනවා අපි දැක්කත් අඩු ගානේ ඌට ආපු ලියුමක්වත් අපි දැක්කේ නෑ.. දවස් වල ඉතින් ලියුම් කියන්නේ හරි ලොකු දෙයක්නේ.. කාට හරි එකක් ආවම පන්තියේ ඔක්කොම ඒක කියවනවා.. J

අපේ පන්තිය තියෙන බිල්ඩිමේම උඩ තට්ටුවේ පන්තියක තමයි මේ කෙල්ල හිටියේ.. පඩි පෙල තියෙන්නේ අපේ පන්තිය ගාවම.. ඉතින් දවසක් මොකක්හරි විශයක් උලා කට් කරලා.. විද්‍යා හරි සෞන්දර්ය හරි දෙකෙන් එකක්.. ඔය දෙකට තමයි අපි පන්තියෙන් එලියට යන්නේ.. ඉතින් අපි ආයෙම පන්තියට එද්දි පඩි පෙල ලග උලා අර කෙල්ල එක්ක කතාවක්.. අපි එද්දිම වගේ කෙල්ල උඩ තට්ටුවට ගියා.. පන්තියට ඇවිත් වාඩි වෙන්න හම්බුනේ නෑ මෙන්න ලොක්කා පන්තියේ දොර ගාව..

තමුසේ එනවා මෙහාට..”

ලොක්කාගේ ඇගිල්ල දික් උන දිහාවට අපිත් හැරිලා බැලුවා අද ලොක්කට බිලි වෙන්නේ කවුද කියලා බලන්න.. සුපුරුදු විදිහටම උලා.. ඌත් දැන් ඒකට පුරුදු වෙලා.. අවුලක් නැතුව ලොක්කා ලගට ගිහින් හිට ගත්තා..

තමුසේ මොනවද අර කෙල්ලත් එක්ක පඩි පෙල ලග කලේ?”

අපේ නෑදෑ වෙන නංගි කෙනෙක් සර්..”   උලා කිසි ගානක් නැතුව කිවුවා.. ඕක ඉතින් ඉස්කෝලේ කවුරුත් ඔහොම අහු උනාම කියන බයිලාවනේ.. J

එහෙමද..”  එහෙම කියපු ලොක්කා පන්තියෙන් එළිය ගියා.. දැන් අපිත් හෙන හොලමන්.. කවදාවත් ලොක්කා එහෙම හැරිලා යන්නේ නෑනේ.. ඒත් ටිකකින් ලොක්කා ආයෙම ආවා.. ලොක්කා එක්කම වගේ අර කෙල්ලත් ආවා..

මෙයාව අදුනනවද?”  අර කෙල්ලට උලාව පෙන්නලා ඇහුවා..

නෑ සර්..”

එහෙනම් ඉස්සෙල්ලා මොනවද කතා කලේ?”

සර් මේ අයියා හැමදාම පඩි පෙල ලගට වෙලා ඉදලා මගෙන් යාලු වෙන්න අහනවා.. මං බෑ කිවුවට අහන්නේ නෑ..”

තව මොනාද මන්දා කෙල්ල කියන්න හැදුවත් ඒකට වෙලාවක් ලැබුනේ නෑ.. මොකද වෙනකොටත් උලාට ලොක්කා සලකන්න පටන් අරගෙනයි තිබුනේ.. J





ප.ලි : අමතක උනා කියන්න මේ කෙල්ලම මට පස්සේ කාලෙක මාරම ප්‍රශ්ණයක් උනා.. ඒ ගැන කියන්නම් ඉස්කෝලේ කතාව A/L  කාලෙට ආවම.. 

32 comments:

  1. මදෑ.. නෑදෑ නංගි සෙට් වුණ තරම්.. :D
    චිත්‍රය ගූගල් ද දිනේෂ්ගෙන් ද..?

    ReplyDelete
  2. හික් හික් හික් මෙච්චරකල් උනා ට්‍රයි එකක්නේ දීලා තියෙන්නේ.....

    ReplyDelete
  3. පව් බන් උලා.. එච්චර දවසක් යාලුවෙන්නද අහලා තියෙන්නෙ...

    ReplyDelete
  4. අනේ පව් අප්පා උලා :D

    ReplyDelete
  5. අනේ පලයන් යන්න උඹට වුනු දෙයක් අර අහිංසක උලාට වුනයි කියනවා..හරි හරි කමක් නැහැ අයියව ශේප් කරගන්නත් එපයි නේද.

    ජයවේවා!!..

    ReplyDelete
  6. උලා තවමත් ඔහොම බොරු කියනවානම්... දැනට දේශපාලනය කරනවා ඇති නේද ?

    ReplyDelete
  7. හපොයි..ඒ ළමයා ආයෙ ඉස්කෝලෙ ආවාද?
    මම නම් ගඟේ පනිනවා..!!

    ReplyDelete
  8. උලා හෙම මරිසියක් නෙ දාලා තියෙන්නෙ ඔයාලට.පවු වැඩේ කෙල්ල ඇත්ත වමාරලා නෙ.

    ReplyDelete
  9. ආ ආ.......ඊරිසියාව...පැහැදිළි ඊරිසියාව.....හික්ස්.....

    ඒ කතාවත් ඉක්මනට දාන්න හොඳද.....

    ReplyDelete
  10. හි හි.. හොඳ වැඩේ.... ඔය කෙල්ලම අයියට ප්‍රශ්නයක් වුන හැටි දැනගන්නකන් ඉවසිල්ලක් නෑ... ඉක්මනින් A/L කාලෙට යමු.. :D :D

    ReplyDelete
  11. නාගත්තා නේද....

    ReplyDelete
  12. හෆ්ෆටසිලි කිව්වාලු... පවු උලා... මාරම නෝන්ඩියක්නෙ :D :D

    අම්මෝ!!! ඒ කියන්නෙ උලාට නැති වාසනාවක් අපේ දිනේශ් අයියාට තිබුණාද??

    ReplyDelete
  13. දැන් ප්‍රශ්නෙ, වර්ණට වෙච්ච ප්‍රශ්නෙ

    ReplyDelete
  14. @ නන්දු : කියලා වැඩක් නෑ.. අපි බොහොම අමාරුවෙන් හිනාව නවත්තං හිටියේ.. චිත්‍රේ ඉල්ල ගත්තේ ගූගල් දෙයියන්ගෙන්.. :)

    ReplyDelete
  15. @ ඔබ නොදුටු ලොවක් : ඒකනේ අයියේ කියන්නේ.. මූ අපිටත් එහෙම මරිසියක්නේ දැම්මේ..

    ReplyDelete
  16. @ Roshan Herath : වෙලාවකට ඌ ගැන දුකත් හිතෙනවා.. ලොක්කගෙන් ගුටි කාලම උගේ ඇග පදම් වෙලා.. එදයින් පස්සේ නම් ඒ කෙල්ලට උලා ට්‍රයි කලේ නෑ..

    ReplyDelete
  17. @ සයුරි : ඔය වැගේ වැඩ කොච්චර කලා උනත් උලා හරි හිත හොද එකා.. ඒ ගැන කියන්නම ඕන.. අපේ ඕනම දේකට මෑන් එනවා..

    ReplyDelete
  18. @ අසරණයා : බීපු දේවල් ගැන ලියපු ඒවයේ අයියා ශේප් කර ගන්න ඕන උනත් මේවගේ ඒවයේ එහෙම ඕන නෑ.. අපේ අයියා මට වැඩිය දස්සයා.. :)

    ReplyDelete
  19. @ Weni : දේශපාලනයට උලා නොගිය එකම හොදයි.. එහෙනම් පොර විල මැද බංගලාවේ දැං.. උලා වෙනින් ජොබ් එකක් කරනවා..

    ReplyDelete
  20. @ රූ : උලාට ඕවා ගානක් නෑ අක්කේ.. අර පොලිස් කේස් එකෙන් පස්සේ මේක උනේ.. ඉති හිතන්නකෝ උලා එකෙන්වත් හැදුනද කියලා..

    ReplyDelete
  21. @ නිසූපා : කෙල්ලට ඇත්ත සම්පූර්ණ වමාරන්න උනේ නෑ.. උලාගේ හැටි ඔහොම තමයි.. ඒකනේ අපි ඕක කියපු ගමන් විස්වාස නොකලේ..

    ReplyDelete
  22. @ සිතුවිලි නිහඩයි : ඉරිසියා හිතෙන්නේ නැද්ද නංගී..ඔයාලා මේ දෙන්නව දැක්කනම් එහෙම කියන්නේ නෑ..

    ReplyDelete
  23. @ Ice (අයේෂා කුලතුංග) : තව ඕ ලෙවෙල් කාලේ කතා වායක් තියෙනවා.. ඒවයින් පස්සේ හිමිට යමු ඒ කතාවට.. අර මම තනියම ගුටි කාපු එක ලියන්නත් ඕනනේ..

    ReplyDelete
  24. @ ලහිරු : නා ගත්ත්තා කියන්නේ උපරිමේටම නා ගත්තා..

    ReplyDelete
  25. @ හිතුවක්කාරි : මම ඉතින් ඒ දවස් වල හැන්සම් කොල්ලානේ.. ඉතින් උලාට නැති වාසනාව මට පෑදුනා.. හැබැයි වැරදි වෙලාවක.. :)

    ReplyDelete
  26. @ Observer : ඒකත් කියන්නම් ඔබා මාමේ..

    ReplyDelete
  27. උන්ද ඊට පස්සෙත් කෙල්ලන්ට ට්‍රයි කලාද? :D :D

    ReplyDelete
  28. මාත් කියන්නෙ ඉක්මනට ඉස්සරහට යමු.. මාර සීනිකෝන් එකනේ වෙලා තියෙන්නේ. අනේ පවු අනේ උලා... අර ඒ ලෙවල් කාලේ කතන්දරෙත් ඉක්මනට දාන්න ඕනා හරී?

    ReplyDelete
  29. අප්පා..උලත් නියම පොරක්නෙ. මට ඕක වුනානං ඔහොම වචන ගහලා දාන්න බෑ අප්පා.ඒ අතින් උලා හොඳ බොක්කක් නොවැ.

    ඕං ඊළඟ Post එක A/L කාලේ හොදේ..

    ReplyDelete
  30. අප්පා..උලත් නියම පොරක්නෙ. මට ඕක වුනානං ඔහොම වචන ගහලා දාන්න බෑ අප්පා.ඒ අතින් උලා හොඳ බොක්කක් නොවැ.

    ඕං ඊළඟ Post එක A/L කාලේ හොදේ..

    ReplyDelete
  31. පවු උලා !
    මොනා උනත් හරි නිර්භීත කොල්ලා.
    දිගටම ඉස්කෝලේ කතා ලියමු මල්ලි.

    ReplyDelete
  32. හික්ස්..පව් අසරණයා

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්