Tuesday, 31 January 2012

ඇගෙයි, මගෙයි කවිකම


ඇය,


පන්සලක් වගේ නුඹෙ හිත
හිත නිවනවා මගෙ හැමවිට
මලක් වී පුද සුනක් මත
ඉන්න ඇත්නම් නුඹ ලගම මට..

සොයා ඇවිදින් නුඹම මගෙ හිත
ලැගුම් ගෙන හිත පතුලෙම
මටත් නොදැනිම කියාදි ආදරය
ජීවිතය මගේ වෙනස් කලේ නුඹමය..

කවියක් ගීතයක් වි සිත් ගැඹ
නුඹමයි ඉන්නේ හැම මොහොතකම
පිසදා දෙනෙත් අග තිබු කදුළු
හිනැහෙන්න ඉගැන්නුවෙත් නුඹමයි මට..

නිම්තෙරක් නොදකින අහසක් තරමටම
ආදරෙයි මං ජීවිතේ ඇති තුරාවට
මේ කුසුම පරවන්නට පෙරාතුව
වදින්න හිතයි පන්සලක් වගේ නුඹේ හිත..



මම,


අරණක හිද සංසුන්ව
භාවනා කලා වෙගේ මගේ හිත
ඒ තරම්ම සැනසිලා නුඹ නිසාම
මගේ ජීවිතේට නුඹ ආදා ඉදන්ම..

දඩබ්බර මගේ හිත ඉස්සර තිබුන
අද කොහේද නොදනිමි මමම
නුඹ ඇවිදින් එක්තැන් කර මගෙ හිත
සැනසුව ජීවිතය නුඹටමයි උරුම..

අරමුණක් නැතිව ගෙවුන කාලය
කොතරම් අමිහිරිද දැනෙන්නේ අද මට
වාසනාවට නුඹ මට හමු නොවන්න
මගේ ලෝකය කොතැන නවතීවිද..

ආදරේ පහන් සිළුව වී නුඹ
මගේ හද පතුලේ දැල්වෙන
නුඹ මට දුන්න ජීවිතයට
මම ණයගැතියි නුඹට හැමදාම..

 

මේ මීට කාලෙකට කලින් පූජා අතින් ලිය උන කවියකට මම ලියපු පිළිතුරු කවියක්.. මම නොදැන හිටපු ඇගේ සුන්දර කවි හිත ජීවිතේ දවසක මට සතුටු වෙන්න ලියලා තියලා ගිය සුන්දර මතක මට කියවන්න පුළුවන් උනත් ඇය නිසාම කවියෙක් උන මම ලියන එකම එක කවියක් හරි කියවන්න ඇය මගේ ලග හිටියනම්..






57 comments:

  1. *** ඇය ***

    දෙවොලක දෙවියන් වගෙයි නුඹ
    වැඩ ඉන්නෙ මගෙ හදවතේ..
    මල් සුවද ආදර හිතෙන් ගෙන මම
    නුඹ නමට හැමදාම පුදකලේ...

    *** මම ***
    ළග ළගින් නුඹ සුවඳ විද විදත්
    මම තවම ළග දැවටෙති..
    මගෙ කරන් මගෙ ළගට නුඹ
    අද හෙටම මම ගන්නෙමි....

    ReplyDelete
    Replies
    1. ලස්සන පිළිතුරු කවියක් අක්කේ..

      Delete
  2. කවියට පාදක වුනු සිද්දිය මට වැටහුනේ නැහැ..

    ReplyDelete
    Replies
    1. පුළුවන්නම් මේ කතාව කියවල බලන්න අයියේ...

      http://dineshumagiliya.blogspot.com/2011/02/blog-post_9603.html

      Delete
    2. මේ ඒකෙ මුල් කොටසේ තියෙන්නේ ඇත්තම කතාව නෙමෙයි නේද?

      Delete
    3. ඔතන තියෙන්නේ ඇත්ත කතාව කසුනෝ.. ඇයි එහෙම ඇහුවේ?

      Delete
    4. දෙනේෂ් මං කොටස් 11 ම කියෙවුවා කඳුළු එන දුක හිතෙන කතාවක්.දැන් තේරුණා කවිය.

      Delete
    5. මේ ගොඩක් පරණ කතාවක් අයියේ.. දැන් අවුරුදු 5ක් විතර වෙනවා..

      Delete
  3. මේ කවි අහුරු කියවද්දි මාවත් කොහේදෝ අතරමන් වුනාද මන්ද...

    ලස්සනයි මේ කවි ලියවිලා තියෙන විදිහනම්...

    ReplyDelete
    Replies
    1. තාමත් මම මේ කවිත් එක්ක ඒ හීන වලට යන්න හදනවා..

      Delete
  4. පූජා ඉන්න කාලේ කවි ලිව්වේ නැද්ද මල්ලි?

    ReplyDelete
    Replies
    1. ඊට කලිනුත් කිවුවා අක්කේ.. ඒත් මේ වගේ ලිවුවේ නෑ..

      Delete
  5. ජීවිතේ උතුම් වූ පුදසුනක
    දැල්වූ ආදරයේ නොනිමි පහන් සිල
    මතු සසරින් සසරත් ඔබ දෙපලට
    පතමි බැ‍ඳෙන්නට එක සිතින්
    සුබ ප්‍රාර්ථනා..!!!
    ආදරයේ විහඟ කවි පැදියක.. :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නන්දු.. ඒ උතුම් පැතුමට..

      Delete
  6. පූජාච පූජනීයානං

    ReplyDelete
    Replies
    1. ඔබා මාමා හරි..

      Delete
  7. පූජා අක්කා වාසනාවන්තයි ගොඩක්ම අයියේ, ඔයා එයාට ගොඩාක් ආදරේ දීලා. ඒ වගේමයි එයත්. පූජා අක්කා ඔයාගේ හිතේ වගේම අපේ හිත් වලත් හැමදාම අමරණීයයි අයියේ. ඇස් වලට කඳුළක් ආවා මේ කවි කියවලා.

    ReplyDelete
    Replies
    1. ඒ වගේ ආදරයක් මට ආයෙම ලැබෙයි කියලා හිතන්නත් අමාරුයි ප්‍රාර්ථනා නංගි..

      Delete
  8. හමොටමට ආදරයෙන් උරුම පරාජයද මන්ද!

    ReplyDelete
    Replies
    1. ආදරයත් එක්කම එන දෙයක්නෙ ජය හා පැරදුම.. ඕකෙන් කොයි එක ජීවිතේට ලං වෙයිද කියලා කියන්න අමාරුයි..

      Delete
  9. අතරමගදී මේ පැත්තට ගොඩවැදුන නිසා සිද්දිය තේරුම් ගන්න ටිකක් අපහසුයි එත් ඔබේත් ඇගේත් කවිකම්නම් බොහොම අපූරුයි.....

    ReplyDelete
    Replies
    1. මම අසරණයාට දුන්න ලින්ක් එකට ගිහින් බලන්න අක්කේ..

      Delete
  10. හරිම අපුරු කවි පේලි කීපයක් අයියේ... :D

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් අයේෂා නංගී..

      Delete
  11. හරිම ලස්සනයි..එදා ඇය නොදැකපු මේ සුන්දර කවි හිත ඇයගෙ මතු හැම ආත්මයම සුවපත් කරාවි..ඔයාගෙ පූජාට මතු කිසිම භවයක මෙහෙම අකල් වියෝවක් නොවෙන්න කියල ප්‍රාර්ථනා කරනව මල්ලි..

    ReplyDelete
    Replies
    1. මගේ ප්‍රාර්ථනාවත් ඒකම තමයි අක්කේ..

      Delete
  12. ආදරය ළඟ ගෙවෙන
    හැම තත්පරයක්ම
    මහමෙරක් සේ හිතට
    දැනෙනවා නොවෙද මිතු..

    ReplyDelete
    Replies
    1. ඒ ආදරේ හැටි
      වෙන්න ඇති
      කොතරම් ලග හිටියත්
      හිත පිරෙන්නේ නැති..

      Delete
  13. ඇය.. කෙසේ වෙතත් උඹ හොදයි බං :)

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ පූජාගේ කවි ලස්සන නැද්ද?

      Delete
  14. කොහේහරි දුරක හිඳ
    බලාගෙන ඇති තාම
    ඇය විසින් අරණක්,
    කරනලද නුඹේ හිත

    පතමින් හැමදාම
    නුඹගේම සතුට.....

    ReplyDelete
    Replies
    1. ඇය අරණක් කල හිත
      පාළුවෙලා ඇය නැතිව
      තව කෙනෙකුට ඉඩ නැති හින්දම
      ඒ අරණ පිවිතුරුය තවම..

      Delete
  15. කරන්න දෙයක් නෑ මල්ලී ජීවිතේ හැටි ඔහොම තමා.සමහර විට එයා කොහේ හරි ඉදගෙන බලා ඉන්නවා වෙන්නත් පුලුවන්.

    ReplyDelete
    Replies
    1. තාමත් එයා මගේ ලගින් ඉන්නවා අක්කේ.. ඒක මට දැනෙනවා..

      Delete
  16. හ්ම්ම් දුකයි තමයි. ඒත් කාලයත් එක්ක ඉස්සරහට යන්න මල්ලි.

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ.. ජිවිතේ එකම තැන නැවතිලා ඉන්නත් අමාරුයි..

      Delete
  17. කවි දෙකම ලස්සනයි සහෝ...
    ප.ලි. කොටස ගොඩක් හිතට දැනෙනවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ..

      Delete
  18. ආලේ කොතරම්ද කියා තේරේ කවියේ තාලෙන්
    අපූරු කවි පෙලක් කියමියි නොම වාදෙන්
    අත හරින්න බැරි මතකය ඒ කාලෙන්
    ලියන එක හොඳයි කවියේ පන්නරයෙන්

    ReplyDelete
    Replies
    1. මලයා දැන් හොද කවියෙක් වෙලානේ.. මම දැක්කා තැන් කීපෙකම මල්ලි කවියෙන්ම කමෙන්ට් දාල තියෙනවා..

      Delete
  19. ලස්සනයි අයියා....පුජා අක්කා ඔය වගේ ලියන්න ඔයා එයාට කොයිතරම් ආදරේ කරන්න ඇත්ද......

    එයා අපේ හිත් වල හැමදාම ඉදීවි....

    ReplyDelete
    Replies
    1. එයාගේ ආදරේ මේ අකුරු කීපයෙන් කියන්න බෑ නංගී.. ඒක මම හොදටම දන්නවා..

      Delete
    2. මන් කිවේ එයාගේ ආදරේ ගැන නෙමේ අයියේ...ඔයාගේ ආදරේ ගැන...කෙල්ලෙක් ආවට ගියාට ඔය වගේ නිසදෙස් කවි හදන්නේ නෑ එයාට ඒ ආදරේ ගොඩාරියක් දැනෙන්නේ නැත්නම්.....

      Delete
    3. මම මට පුළුවන් උපරිමයෙන් එයාට ආදරේ කලා නංගී.. මට ඕන උනේ අන්තිම ටිකේ හරි එයාව සතුටින් තියන්න විතරමයි..

      Delete
  20. Replies
    1. අලියා ආදරේ කරන්න ගත්තම ඔහොම කියන එකක් නෑ..

      Delete
  21. ම්ම්ම්ම්...ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචං..

      Delete
  22. හ්ම්ම් සංවේදී ගොඩාක්

    ReplyDelete
    Replies
    1. වෙන්වීම කියන්නේ සංවේදි දෙයක් නංගී..

      Delete
  23. දුකයි!!!!!

    කොහෙන්ද මංදා කියවපු දෙබසක් මතක් වුනා හෆ්ෆා.. :( ඒත් ඒක මෙතන ලියලා තවත් හිත රිද්දන්න ඕනෙ නෑ...:( :( පූජා අක්කා ගැන කතාව කියෙව්වට පස්සෙ මම කොයිතරම් පුදුම,දුක් වුනාද කියලා අයියා දන්නවනෙ :( හ්ම්ම්ම්......

    ප්‍රාර්ථනා අක්කා කිව්වා ව්අගේ, පූජා අක්කා අමරණීයයි!!!

    ReplyDelete
    Replies
    1. මොකද්ද දෙබස.. මම ලියපු එකක්මද?

      Delete
  24. කෙල්ලෝ ගොඩක් මිස් උනා මේ කවියක් ලියාගන්න බැරි කමට....

    ReplyDelete
    Replies
    1. අපරාදේ.. අමාරුවෙන් හරි ඒ දවස් වල එකක් ලියා ගන්න ට්‍රයි කලානම්??

      Delete
  25. කවි ටික අපූරුයි !!!

    ReplyDelete
  26. දුකයි දිනේෂ්..
    ඒත් මොනව කරන්නද ජීවිතේ හැම වෙලේම අපි කැමති දේවල්ම දෙන් නෑනේ. සතුටින් ජීවත් වෙන්න ඔයා එයාට උපරිමටයන් ආදරය කල එක නිසා.

    ReplyDelete
  27. හරිම ලස්සනයි එත් comments බැලුවම දුකයි....

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්