Monday, 30 January 2012

යුක්තිය ( කෙටි කතාව )

අවසන් තීරණය එය විය..

අධිකරණ භූමිය තුලින් එහෙට මෙහෙට පාවෙන සුදු හැඳගත් රෑප ඇ‍යගේ බොඳවූ දෙනෙත තවත් වෙහෙසුවේය.. දවස් ගණනක් මේ භූමිය තුළ තම නම දැන් දැන් අඬගසාවියැයි බලාපොරොත්තු වූවත්.. තවත් කෙනෙක් වෙනුවෙන් කල පරිත්යා ගය මෙතරම් චෝදනා රැසක වරද කාරියක් යැයි ඇය නිකමටවත් දැන නොසිටියාය.. දෙතොල වියලී ගොසින්ය.. උදේ සිට තවමත් දිය පොදකුදු නොදුටුව දෑස එහි අඩුව කඳුළු වලින් ‍පිරෙව්වේය..

අදින් වසර ගණනක පෙර හඬන හදවත මැදි කොට සිර කර ගත් දරුවන් දෙදෙන රැකගන්නට සුමනා තම ජීවිතයත් සමඟ පොර බැදුවාය..තත්පර ගණනක වෙනසක් ඇති නිඹුන් දරු කැටියන් උපදින විටත් ඔවුන්ගේ පියා තම රැකවරණයෙන් අකරුණාවන්ත ලෙස ප්රතතිකෂේප කොට සිටියේය..  ජීවිතයේ කටුක බව තම පසුපස ලුහුබඳිද්දී.. ඇය තම දරුවන් දෙදෙනට ඒ බවක් නොදැනෙන්නට සිනහ මුවින් හැම විටම කියා පෑයේ ඇගේ ආත්මයේ අසරණබවත්, මව් ස්නේහයේ උත්තරීතර බවත්ය.. ලිපිකාරිණියක වූ සුමනාගේ අත් උදව්වට හිටියේ තම දයාඹර මෑණියන් පමනක්මය..

                                  ..............................

“ දුවේ නරකද උඹ තව කසාදයක් ගැන හිතුවනම්..”

“ මොනවද අම්මේ මේ අම්මා කියන්නේ?”

“ නෑ ඉතින් මේ දරුවෝ දෙන්නත් එක්ක උඹ කොහොමද මෙහෙම හැමදාම ජීවත් වෙන්නේ.. එකයි මම එහෙම කිවුවේ..”

“ පුළුවන් තරම් කාලයක්..”

අම්මාගේ වයසත් එක්ක ඇය නැති දාක තම දියණියට අත්වන ඉරණම කෙබදු වේදැයි ඇය නිතරම කල්පනා කලාය.. ඒ නිසාම හැම රෑකම දියණියත් මවත් අතරේ හුවමාරු උන මේ වචන කීපය රෑ ලිපේ ඉදෙන බත් මෙන්ම හුරුපුරුදු උවාය.. ඒත් සුමනා කෙදිනකවත් තම මෑණියන් ඇන අහිතක් නොහිතුවාය.. පුංච් පැලට අහිමි උන සතුට අරන් එන්නට ඇය හැම මොහොතකම වෙහෙස වූවාය..

කාලය ගෙවී ගියේය.. මෑණියන්ගේ අසනීප තත්වය ටිකින් ටික වැඩි වත්ම වැඩි වගකීම පැවරුනේ සුමනාගේ කර මතය.. ඒත් ඇය නොසැලුනාය.. රාජකාරි වගකීම් අතරේම නිවසේ වගකීම් ගැනත් ඇය බොහෝ සේ උනන්දු වූවාය..

දිනක් ඇය රාජාකාරියට පැමිණියේ උදෑසනමය.. දරුවන් පාසලට යවමින් වෙනදාට රාජකාරියට පැමිනෙන සුමනා අද එය තම නෑදෑ සොයුරියකට පැවරුවේ හැමදාම පරක්කු වූ දිනට ප්‍රධානියාගෙන් ලැබෙන ගැරහුම් නිසාවෙන්ය.. ඒත් වෙනදාට කාර්ය බහුල ආයතනය අද පාළුවට ගිහින්ය.. ඒ ඇය වෙනදාටත් වඩා වේලාසනින් ආ නිසාය..

“ සුමනා අද වේලස්සන?”

“ ඔවු කාන්ති.. තාම කවුරුවත් නැද්ද?”

“ කට්ටිය එද්දි ටිකක් පරක්කු වෙයි සුමනා..”

ඇගේ හැසිරීමේ කුමක් හෝ වෙනසක් සුමනාට දැනුනත් ඇය ඒ ගැන උනන්දුවක් නොකලාය.. වැඩ ඇති වේලාවන් වල බලෙන්ම කතාවට එන ඇය අද ඉක්මනින් මග හැර ගියේ ඇයි දැයි සුමනා නොසිතුවාය.. තම අසුනේ මොහොතකට ඉද ගත් ඇය යලි නැගිට්ටේ තන්ට උවමනා ලිපි කීපයක් සියා ගැනීමේ අරමුනින්ය.. කන්තෝරුවේ ඇතුලට වන්නට තිබු කාමර අතරින් ඇවිද යද්දි සුමනා දුටු දෙයින් ඇය මොහොතකට කලබල වූවාය..

කළමණාකරුගේ කන්තෝරු කාමරයට වී ලිපි ලේඛණ අවුස්සන කාන්ති දෙස ඇය මොහොතකට විමසිලිමත් වූවත් ඇය යලි එතැනින් එවත්ව යන්නට ගියේ කිසිවක් නොදුටු විලසටය.. ඒ කාන්ති කළමණාකරුගේ ලිපි ලේඛණ හා රාජකාරි කටයුතු කරන නිසාවෙන්ය..

දින දෙකක් ගෙවි ගියේ වැඩි වෙනසක් නැතුවමය..  හදිසියේම දවසක දහවලේ කළමණාකරුගේ හදිසි කැදවීම ගැන ඇය මදක් පුදුම වූවාය.. කාර්යාල කාමරයේ ඒ මේ අත ඇවිදිමින් උන් ඔහුගේ ඉරියවු ඇයව තවත් හිතින් බය කලාය..

“ සර්..”

“ අඟහරුවාදා තමුන් උදේම කන්තෝරු ආවද?”

“ ඔව් සර්..”

“ එදා මගේ කාමරේ තිබුන මුදල් වගයක් නැති වෙලා බව තමුන් දන්නවද?”

“ නෑ සර්.. මම එහෙම දෙයක් ගැන දන්නේ නෑ.”

“ ගත්තේ තමුන් වෙනකොට ඒ ගැන නොදැන ඉන්න විදිහක් නෑනේ..”

“ සර්..”

හිටිහැටියේම තමන් වෙතට එල්ල උන චෝදනාවෙන් සුමනා මවිත වූවාය.. ඉකුත්දා කමලා කලබලයෙන් හෙවුවේ මෙය වන්නට ඇතැයි ඇය කල්පනා කලාය..

“  ඇයි දෙන්න උත්තර නෑ නේද? වරද පිළිගන්නවනම් මට සමාවක් දෙන්න පුළුවන්..”

“ මේ ඇත්තමයි සර්.. මම එහෙම දෙයක් කලේ නෑ..”

“ එදා කාන්ති දැකලා තියෙනවා තමුන් මගේ කාමරේ ඉන්නවා..”

“ නෑ සර්.. මම නෙමෙයි එදා කාන්තියි සර්ගේ කාමරේ හිටියේ..”

“ ඒ පාර ඒ මනුස්සයව මේකට පටලනවද? වරද පිළිගත්තනම් මම සමාව දෙන්න හිතන් හිටියේ.. ඒත් දැන් කරන්න දෙයක් නෑ..”

එදා සුමනා ඔහුගේ දෙපා පාමුල කොතරම් බැගෑපත් උනත් ඒ කිසිවක් ඔහු තේරුම් නොගත්තේය.. කිසිවකට ඇහුම් කන් දෙන්නට ඔහුට උවමනාවක් නොතිබුනේය.. කාන්ති හා හිතේ තරහක් ඇති උනත් ඇය කිසිවක් කියන්නට සුමනාට නොහැකි උනේ ඇය දින කීපයක්ම රාජකාරියට නොආ නිසාවෙන්ය..

                                .....................................

අධිකරණ භූමියේ බංකුවක වාඩි වී උන් සුමනාට හැම දෙයක්ම එකින් එක මතක් උනේ පුංච් දරුවන් දෙදෙනාගේ අනාගතය ගැන ඇති වූ බිය නිසාය.. කිසිවක් හරි හැටි නොදත් ඔවුන් අම්මා ලගට වී උන්නේ ඔවුන්ගේ හිසට ඉහලින් අනාගතේ එන අඳුරු වළාකුල ගැන හරි හැටි  නොදැනය..

“ දුවේ ඊළගට තියෙන්නේ අපේ නඩුවලු..”

තමන් ලගට විත් රහසින් අම්මා කියත්ම ඇගේ දෑස දෙස ඕනෑකමින් බැලුවේ ඒ දෑස් වල කදූළු කියවමින්ය.. දිගු හුස්මක් ඉහලට ගත් ඇය හිද ගෙන සිටි තැනින් නැගිට්ටේ තම දරුවන් දෙදෙනාව ආදරයෙන් වැළද ගනිමින්ය.. මෙහි අවසාන තීරණය කුමක් වේවිදැයි ඇය නොදන්නීය.. ඒත් කිසිවක් තමාගේ වාසියට සිදු නොවන බව ඇයට පැහැදිළිය..

“ අම්මේ දරුවෝ ගැන බලාගන්න.. උන් ලොකු වෙද්දී මේ හැම දෙයක්ම උන්ට කියලා  මිනිස්සු ගැන උන්ට කියලා දෙන්න..”

මේ තිරණය තමන්ටත් වඩා බලපාන්නේ තම දරුවන්ට බව  ඇය හොදින්ම දන්නීය.. අවසානයේ ඔවුනුත් දවසක තමන්ට වෛර කරාවිදැයි තම සිතින්ම අසමින් ඇය විත්ති කූඩුවට නැග්ගාය..







50 comments:

  1. අවසාන තීරණය කොහොම වුණත් හෘදසාක්ෂිය යම් දවසක ඒ කෙනාට නියමිත දඩුවම දේවි... ඒත්.. ඇත්තනම් ඒ වෙද්දි නිවැරදි අයගෙ ජීවිත මොන පැත්තට පෙරලිලා තියෙයිද.. ඇත්තටම ලස්සනයි දිනේෂ්.. රූපයත් කතාවටම ඇඳලා වගෙයි.. :)

    ReplyDelete
    Replies
    1. වැරදි කාරයට දඬුවම් ලැබෙද්දී නිවැරදි කාරයා තේරුමක් නැතුව ලොකු දඬුවමක් විදාලා තියේවි..

      Delete
  2. හ්ම්ම්..හොඳ තැනකින් කතාව නවත්තලා...මටනම් ඒ විදිහේ අවසානයක් තියන කතා කියවන්න ටිකක් අමාරුයි..

    ReplyDelete
    Replies
    1. මේ වගේ දේවල් සමාජයේ ඕනම තැනක වෙන්න පුළුවන් කතා අක්කේ.. අපිට ඒවට මූණ දෙන්න පුළුවන් වෙන්න ඕන..

      Delete
  3. මේ වගේ කතා එකතුවක් කරල පොතක් හදන්න........

    ReplyDelete
    Replies
    1. තවම නම් එහෙම දෙයක් ගැන හිතලා නෑ.. බලමු පස්සේ...

      Delete
  4. සිරා කතාවක්.අවසානයක් නැති අවසානයකට මම ගොඩක් කැමතියි.අවසානයක් තියෙන හැම කතාවකින්ම වාගේ කරන්නෙ සමාජය මොට කරන එක.මොකද ඒ කතාවෙ හිතන්න දෙයක් නැති නිසා.ඒත් මේ කතාවෙ හිතන කෙනෙකුට හිතන්න ඕනවටත් වඩා දේවල් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. කතාවක අවසානය නැති උනාම ඕන කෙනෙක්ට හිතින් ඒ අවසානය ලියන්න පුළුවන්...

      Delete
  5. මටත් කියන්න තියෙනේ නන්දු අක්කි කිව්වා කතාවමයි.
    නීතියෙන් ගැලවුණත් කිසිකෙනෙක්ට තමන්ගේ හෘද සාක්ෂියෙන් ගැලවෙන්න බෑ...

    ReplyDelete
    Replies
    1. නීතියෙන් දඬුවමක් නොලැබුනත් ජීවිතේ අවසාන මොහොතෙදි හරි ඒ වැරැද්දට ප්‍රති විපාක ලැබෙනවා..

      Delete
  6. දුක හිතෙනවා..... :,(

    ReplyDelete
    Replies
    1. අපි අතර ඉන්න සමහර මිනිස්සුන්ගේ හැටි ඔහොම තමයි..

      Delete
  7. ම්ම්ම් හොද කතාවක්..

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචං...

      Delete
  8. කතාව නං ලස්සනයි.... නමුත් දුකයි! :(

    ReplyDelete
    Replies
    1. ඇත්ත දකිද්දි ඔහොම තමයි මල්ලි..

      Delete
  9. කවදා හරි කාන්තිගෙ හර්ද සාක්ෂිය ඕකට විදවයි.

    හොද කතාව මල්ලි...

    ReplyDelete
    Replies
    1. කාන්ති ඒ ගැන පසුතැවෙද්දි සුමනාගේ ජීවිතේ කොතනකට ගිහින් නතර වේලා තියේවිද?

      Delete
  10. මිනිසුන් අතරේ සිටින නොමිනිසුන්....අනේ මන්ද...අපි ජිවත් වෙන මේ සමාජයේ තියෙන්නෙම කැපිලිනේ

    ReplyDelete
    Replies
    1. සත්ව ලෝකේ උන්ට තර්ජනයක් වෙන්නේ උන්ට වඩා ගොඩක් වෙනස් සතෙක්ගෙන්.. ඒත් මනුස්ස අපිට තර්ජනය තියෙන්නේ අපි වගේම තවත් මනුස්සයෙක්ගෙන්...

      Delete
  11. අද සමාජයේ අසරණ කෙනාව ගොඩක් වෙලාවට අනිත් අයගෙ අතින් තැලෙනව....ලස්සන කතාවක්..

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. ගොඩක් වෙලාවට සල්ලියි බලයයි නිසා අහිංසකයෝ දුක් විදිනවා..

      Delete
  12. හෘදසාක්ෂිය දිනවා බොල...

    වර්ණගේ කළු සුදු කතා මරු ! ජය !

    ReplyDelete
    Replies
    1. " කළු සුදු කතා " සෑමා මගේ කතා වලට අළුත් නමකුත් දීලා තියෙනවා..

      Delete
  13. තව කෙනෙක්ගේ දියුණුවට අකුල් හෙලන, පාගාගෙන උඩ යන්න දඟලන මිනිස්සු නැති තැන් තියෙනවද මන්ද මේ ලෝකේ..!!! ලස්සනයි අයියා :)

    ReplyDelete
    Replies
    1. කාලෙකට ඉස්සරනම් හැම තැනම ඒ වගේ තිබුනා.. ඒත් දැන් නම් එහෙම තැනක් හොයා ගන්නවත් බෑ..

      Delete
  14. ඇත්ත කතාවක් වගේ! කෙලවෙන එකාට වෙන්නෙම ඒක! ඒ වෙන්නෙත් අහිංසකයින්ට විතරයි! පාදඩ වැඩ කරන උන් හැමදාම යහතින්! ඔන්න ඒකයි තත්තෙ!

    ReplyDelete
    Replies
    1. ඇත්තම කතාවක් නොවුනත් මේක අද සමාජයේ දකින්න තියෙන දෙයක්.. හිගන්නගේ පාත්තරේටම තමයි හෙනහුරත් පාත් වෙන්නේ..

      Delete
  15. ඇත්තටම අයියේ.. මම ත් කියන්න හැදුවා විතරයි... ඔයා මෙච්ච්ර කල් හුඟාක් කෙටිකතා ලිව්වානෙ..හරිම ලස්සනයි ඒ හැම එකක්ම. එකිනෙකට වෙනස් කතානෙ ඒවා. එකතු කරලා පොතක් ලියන්න පුළුවන් නම්... ජය වේව!!!

    ReplyDelete
    Replies
    1. එහෙම දෙයක් ගැන හිතාලා නෑ නංගී.. අපි බලමු පස්සේ කාලෙක..

      Delete
  16. අනේ මන්ද.....
    හිත්පින් නැති කාලකණ්නි සමාජය...

    ReplyDelete
    Replies
    1. සමාජයම වැරදි නෑ නංගී.. සමාජයේ ඉන්න සමහරක් තමයි වැරදි..

      Delete
  17. ස්වාභාවිකම වැරදි කරුවන්ට දඬුවම් විඳින්න සිද්ද වෙනවා.මිනිස්සු කියන ජාතිය කවදාවත් තේරුම ගන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත.. මිනිස්සුන්ව තේරුම් ගන්න හරි අමාරුයි..

      Delete
  18. දැන් ඉතින් ඉතුරු කොටස පබ්ලිෂ් කොරනකන් බලා ඉන්න එපෑ... හොඳා...හොඳා..

    ReplyDelete
    Replies
    1. තව නෑ ඔබා මාමේ.. මෙතනින් ඉවරයි.. මට මේකේ නිමි කියලා දාන්න අමතක වෙලානේ..

      Delete
  19. හෘදසාක්ෂිය පිළිගන්න අධිකරණ තියෙනවනම්!:-/

    ReplyDelete
    Replies
    1. එහෙනම් මේ ලොකේ වැරදි අඩුවේවි.. මොකද වැරදි කාරයටම දඬුවම් ලැබෙන නිසා..

      Delete
  20. හැමදාම අපි හිතන විදිහට කතාව ඉවර වෙන්නෑනෙ..

    ReplyDelete
    Replies
    1. අවසානය ලියලා නෑනේ අක්කේ.. ඒ නිසා කැමති අවසානයක් මේකට හිතා ගන්න පුළුවන්නේ..

      Delete
    2. පින්තූරෙ කොහෙන්දා දිනේශ්?

      Delete
    3. ගූගල් දෙයියන්ගෙන් ඉල්ල ගත්තේ අක්කේ..

      Delete
  21. අයියෝ...හොඳම ටිකේදි උඹ කතාව ඉවර කරලනෙ.

    ReplyDelete
    Replies
    1. අවසන් කරන්න සුදුසුම තැන ඒකයි කියලා මම හිතනවා.. මොකද මට හිතෙන අවසානය මම ලිවුවනම් කතාව ලස්සන නොවෙන්න තිබුනා..

      Delete
  22. ඒක හරි. ඒ තීරණය දරුවන්ට ගොඩක්ම බලපානවා

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ.. කවදාම හරි දවසක දරුවෝ අම්මට දොස් කිවුවොතින් එවෙලට කොයි තරම් දුකක් දැනේවිද?

      Delete
  23. waradata danduwama usawiyen ma labiya yuthu na ne..

    ReplyDelete
  24. waradata danduwama usawiyen ma labiya yuthu na ne..

    ReplyDelete
  25. waradata danduwama usawiyen ma labiya yuthu na ne..

    ReplyDelete
  26. waradata danduwama usawiyen ma labiya yuthu na ne..

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්