Sunday, 29 January 2012

මම සහ මම




අම්මා තාත්තා ලග උණුසුමට 
ආදරෙන් හැදුන පොඩි එකා මම,
දුර ඈතක තනිවී ඒ උණුසුම
ආදරය සොයන ලොකු එකා මම..

පුන්චි ඉස්කෝලේ ඉස්සරහ පේලිවල
හිටිය පොඩි එකා මම,
පන්ති ගිහින් පස්සෙම පේලිවල
රැදුන ලොකු එකා මම..

සිස්සත්තේ මහ ඉහලින්
ජය අරගෙන අපු  පොඩි එකා මම,
A/L යන්තමින්
ගොඩදාගත්තු  ලොකු එකා මම..

අනාගතේ ලොකු හීන
නොදැකපු පොඩි එකා මම,
ඉහිරුන හීන කන්දක් ලග
වැලපෙන ලොකු එකා මම..

අඹ යාළුවන් සොයාගෙන
දිවගිය පොඩි එකා මම,
හිත රිදුම් දෙන තරමින්
යහළුවන්ගෙන් බැටකෑ ලොකු එකා මම..

ගෑනූ ළමයි ළග මොහොතක්
නොරැදුන පොඩි එකා මම,
කෙල්ලන් එනතුරු හන්දි වල
චාටර් උන ලොකු එකා මම..


අනාගතේ යන වචනය
නොදැන හිටපු පොඩි එකා මම,
හෙට දවස ගැන හිතන
වගකීම් ඇති ලොකු එකා මම..

තෑගි බෝග වටකරගෙන
උපන්දිනේ සැමරපු පොඩි එකා මම,
වෙනද වගේම ගෙවුන දවසක
උපන්දිනේ දා තනිඋන ලොකු එකා මම..

කතාකරන්න ගොඩ දේවල්
හිතේ තිබුන පොඩි එකා මම,
කවුරුත් නැති හින්දම මගේ ලග
ඒ කතා අකුරු කරන ලොකු එකා මම..

අම්මගේ අතේ එල්ලි
ගමන් ගිය පොඩි එකා මම,
කවුරුවත් නැතිව තනියම
රස්තියාදුවේ යන ලොකු එකා මම..

දැන් ඉන්න මම වෙන්න
හීන දැකපු පොඩි එකා මම,
ඒ දවස්වල හිටපු මට
ආදරේ කරන ලොකු එකා මම..

උඩ පින්තූරයේ ඉන්න
ජීවිතේ දකින ලොකු එකත් මම
පහල පින්තූරයේ ඉන්න
නිදහස් පොඩි එකත් මම..












78 comments:

  1. නියම පද සංකල්පානවක් අයියා! ඇත්තටම ලස්සනයි! මටත් ඔය වගේ දේවල් වෙලා තිබේ.. ඒවා මතක් උනා කියවනකොට.. :)

    ReplyDelete
    Replies
    1. අපි කවුරුත් මේ දේට මුන දෙනවා මල්ලි.. කාලයක් යද්දි තමයි හිතෙන්නේ ඒ දවස් වලම ඉන්න තිබුනනම් කියලා..

      Delete
  2. ජීවිතේ කියන්නෙ ඕක තමයි අයියෙ!

    ReplyDelete
    Replies
    1. අපි අකමැති උනත් මේකට මූන දෙන්න වෙනවා මල්ලි..

      Delete
  3. sira meka nam....mama kali tikak ussanawa fb ekata danna..copyright nadu danna epa hode

    ReplyDelete
    Replies
    1. දැං අර මම ලංකාවෙදි ගත්ත පින්තූර ඉස්සුවේ මගෙන් අහලා වෙන්න ඇති...

      Delete
    2. kauda kawadda kohedida issuwe

      Delete
    3. කොහේද කියලා මම පස්සේ කියන්නම්..

      Delete
  4. මොනා කරන්නද මලේ, ඒත් දැන් කරන හැමදේම අනාගතේ වෙනුවෙන් කරන ආයෝජනයක්නේ! දුර ඈතක හිටියත් හිත ගෙදරමයි! ඵල!

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත.. කොහොම උනත් ඒ දවස් වල ගෙදර මතක නම් අමතක කරන්න අමාරුයි..

      Delete
  5. පොඩි එකෙක් ලෙස එදා
    තිත්ත වුන ජීවිතය
    ලොකු එකේක වෙලා අද
    ලොල් වඩයී නොසිතු ලෙස...

    ඔය කිව්වේ මම ගැන. මලයගේ කවි ටික නම් නියමයී.

    ReplyDelete
    Replies
    1. අක්කා ලියපු කවියෙත් ඇත්තක් තියෙනවා.. කමක් නෑ දැං අක්කා සතුටින්නේ...

      Delete
  6. දැන් නම් ලොකු එකාට ජිවිතේ කියන එක තේරිලා වගේ..

    ReplyDelete
    Replies
    1. දැං ඉතින් 24ක්නේ මචං.. ඉතින් ජීවිතේ තේරුම් ගන්න හොදම කාලේ මේක මම හිතන හැටියට..

      Delete
  7. මගේ ජීවිත කතාවමද මේ කියලා හිතුනා! ඇත්තටම ලස්සනයි මචෝ!!

    ReplyDelete
    Replies
    1. අපි දෙන්නම ලංකාවෙන් පිට ඉන්න නිසා සමහර තැන් අපිට පොදුයි කියලා මම හිතනවා..

      Delete
  8. මේ කවිටික උඹ වෙනුවෙන් විතරක් ලියපු දෙයක් නෙවෙයි.මේ සියලුදේ ඒ විදියටම අපිදත් හිතිලා දැනිල තියෙනවා.

    පොඩි කාලේ ඉදිරි පේලියේ
    ලොකු කාලේ පසු පස පේලියේ.

    ඉතින් ;එක අපි හැමෝටම පොදුයි.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ අපිට වැරදුන තැනත් ඔතන.. ඒත් ඉතින් දැන් ඒ ගැන හිතලා වැඩක් නෑ..

      Delete
  9. හරිම ලස්සනයි කවි ටික. ගොඩක් ආසාවෙන් කියෙවුවෙ... ඉදිරියටත් ලස්සන කවි ලියන්න සුබ පැතුම්!

    ReplyDelete
  10. ලස්සන කතාව... අපි කාටත් ඔහොම තමයි....

    ReplyDelete
    Replies
    1. මලයට තව කල් තියෙනවා මේ හැගීම එන්න..

      Delete
  11. අපූරු සංකල්පනාව. පොඩි එකෙක් විදිහට දුටු ලෝකෙ ලොකු එකෙක් වෙලා අත්දකින හැටි, හුඟක් දෙනෙකුට පොදුයි මම හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ.. ගොඩක් වෙලාවට පොඩි කාලෙදී ජීවිතේ මෙහෙම වේවි කියලා අපි තියන බලාපොරොත්තුව අපි ලොකු වෙද්දි ගොඩක් දුරට වෙනස් වෙනවා..

      Delete
  12. "දැන් ඉන්න මම වෙන්න
    හීන දැකපු පොඩි එකා මම,
    ඒ දවස්වල හිටපු මට
    ආදරේ කරන ලොකු එකා මම.."

    මගේ සිතිවිල්ලක් වගේ දැනුනේ! ලස්සනයි!:)

    ReplyDelete
    Replies
    1. අපි ගොඩක් දෙනෙක්ට දැනෙන සිතුවිල්ලක් ඕක.. වර්ණයට සාදරයෙන් පිළිගන්නවා..

      Delete
  13. රස්තියාදු කතාව හැරෙන්න අනිත් හැමදෙයක්ම වර්තමාණෙ මං වගේ.. එදා හීන මැව්වා අද මං වෙන්න.. ජීවිතේ එදා අපි සැහැල්ලුවෙන් තිබ්බ බලාපොරොත්තු කීයෙන් කීයද කාලයත් එක්ක අපි ළඟ නතරවෙන්නෙ..?
    හිතට දැනුන අගේ ඇති සංකල්පයක්..! :)

    මෙහ් අර පොඩි කාලෙ ෆොටෝඑක වෙන කාගෙ හරි නේද..? ;D

    ReplyDelete
    Replies
    1. අපි දෙන්නම ලංකාවෙන් දුර ඉන්න නිසා ගොඩක් දේවල් සමානයි.. ඒත් ඔයා ලග අම්මා තාත්තා ඉන්නවා.. මට එහෙම නෙමෙයි.. අද ඉන්න මම එදා හින දැකපු මමද කියලා වෙලාවකට හිතෙනවා..

      මෙයාගේ රස්තියාදු ගැන අපි දන්නෙ නැතැයි.. හැමදාම ස්කයිප් එන වෙලාවෙන්ම කියත හැකි රස්තියාදුවේ තරම..

      Delete
  14. කාලය මැවු වෙනසක අරුමේ !!
    කොච්චර ලොකු උනත් තාමත් ඒ ළමා කාලයට යන්න තියෙනවනම්.....

    ReplyDelete
    Replies
    1. ඔව් අයි‍යේ.. කාලය ගොඩක් දේවල් වෙනස කරලා..

      Delete
  15. ම්ම්ම්ම්ම්... ලස්සනයි අයියේ කවි ටික. :) හුඟාක් වෙලාවට පුංචි කාලෙ තිබුණූ සරල නිදහස්, ජීවිතෙ ලොකු වෙද්දි නැතිවෙනවා.. අනේ මංදා.. කාලය හැමදේම වෙනස් කරනවා..

    ReplyDelete
    Replies
    1. කාලයත් එක්ක වෙනස් වෙද්දී අපිට ඒ සරළ ජීවිතේට සමුදෙන්න වෙනවා නංගී.. කොච්චර අකමැති උනත්..

      Delete
  16. අනේ....හරී ලස්සනයි අය්යා.. "ඇත්ත ඇති සැටියෙන් දැකීම"

    ReplyDelete
    Replies
    1. අපේ හිත නිතරම දුවන අතීතය.. එහෙම කිවුවොත් හරි..

      Delete
  17. මේකට නම් මොනවා හරි කියන්නම වෙනවා. හැබැයි වැඩි දෙයක් කියන්න නෑ.

    'පට්ටයි!'

    ReplyDelete
    Replies
    1. අඩේ මම හිතුවා උඹ සෑහෙන දිග කමෙන්ට් එකක් දාන්න හදනවා කියලා..

      Delete
  18. මේකට නම් මොනවා හරි කියන්නම වෙනවා. වැඩි දෙයක් කියන්න නෑ.

    'පට්ටයි!'

    ReplyDelete
  19. නියම කවි ටිකක් අයියා.....

    යන්න බැරි අතීතය ගැන හිතන
    පොඩි එකත් මම
    එන්න නියමිත අනාගතේ ගැන හිතන
    ලොකු එකත් මම....

    ReplyDelete
    Replies
    1. එන්න තියෙන අනාගතේට
      සැළසුම් හදන ලොකු එකා මම,
      යන්න බැරු අතීතයේ
      හීන දකින පොඩි එකා මම..

      Delete
  20. අයියා ඉස්සර ගෙව්ව ජීවිතේ වගේම දැන් ගෙවන ජීවිතේ ගැනත් දල අදහසක් ගන්න මේ පදපේලි කීපය ප්‍රමාණවත් කියල මට හිතෙනවා.
    තනිකම වගේම කලකිරීම ටිකකුත් තියෙනවා කියල මට හිතුණා. මං හරිද මන්ද.. :))

    ReplyDelete
    Replies
    1. ඔව් ඔයා හරි.. මේ මම මෙතෙක් ආපු ගමන ගැන පොඩි හැදින්වීමක්.. සමහර තැන් වලදි නම් පුංච් කල කිරිමක් හිතේ තියෙනවා ඔය හරි..

      Delete
  21. ලස්සනයි අයියා.. ගොඩාක් ලස්සන සිතුවිල්ලක්.. අර අන්තිම කවි දෙක තමා හොඳම... :D

    ReplyDelete
    Replies
    1. මේ අපි හැමෝගෙම ජිවිතය..

      Delete
  22. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුපිරියි...

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් අක්කේ.. මම ඒත් බැලුවා අද අක්කට මේ රස්තියාදු මල්ලියා අමතක වෙලාවත්ද කියලා..

      Delete
  23. අන්තිම කෑල්ල නම් දැක්කම හිනා ගියා මලේ..
    උපන් දිනේ තනියම සමරපු එක ගැන තාම දුකයිද?
    ඒත් අපි ඔක්කොමත් ඔයත් එක්ක හිටියනේ..

    ReplyDelete
    Replies
    1. එදා කවුරුවත් හිටිය නැති එක ගැනනම් පොඩි දුකක් තියෙනවා.. ඒකනේ මම බ්ලොග් එකේ පාටි එකක් දැම්මේ අක්කේ..

      Delete
  24. මම කවි - නිසැදැස් කියෙව්වට කොමෙන්ට් දාන්නෑ සාමාන්‍යයෙන්.ඒත් මේකට... අනේ මන්දා...

    මේක කියවන හැම කෙනෙක්ටම තමන්ගෙ ජීවිතේට අදාල වෙන එකම එක පද පේළියක්වත් තියෙනවා කියලනම් මට පට්ට ෂුවර්..
    (මට අදාල නොවෙන්නේ එක කවියයි..අනික්වා මං ගැන ලියපුවා වගේ මට දැනුනා මල්ලී.)

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ වෙන්න පුළුවන්.. අපි හැමෝම අත් විදපු එක දෙයක් හරි මෙතන තියෙනවා.. විශේෂයෙන්ම පසු පෙල කතාවනම්..

      Delete
  25. එළ එළ මගෙත් පොඩි කාලේ පොටෝ එකක් තියෙනවා ගෙදර කැසට් එක අල්ලගෙන ගත්තු එකක්....

    ReplyDelete
    Replies
    1. අපි ඉස්සර පොටො ගත්තෙම ඔය එක එක දේවල් ලග තියාගෙනමනේ.. :)

      Delete
  26. අන්තිමට අපේ ගෙදර
    ලොකු එකා වුනෙත් මම
    පොඩි එකා වුනෙත් මමමයි
    අද මෙහෙම තනියම වුන්නට...

    හිත හෙල්ලුනා මල්ලි මගෙ...මටත් මතක් වුනා මම ගැන.... මොනවා වුනත් ලස්සනට ලියලා...

    ReplyDelete
    Replies
    1. ලොකු එකා වෙන්න දැක්ක
      හීන පොඩි වැඩිද
      පොඩි කාලේ හිටිය මම
      වෙන්න ආයෙම බැරිද?

      Delete
  27. ඇත්තම ඇත්ත....අපෙන් ගොඩක් දෙනෙක් ගෙවුනු අතීතයට අදරෙයි නේද​?ලංකාවෙදි දැනෙන නිදහස නම් වචනවලින් කියන්න බැරිතරම්...මීට අවුරුදු එකහමාරකට කලින් ලංකාවෙ ඉද්දි දැනුන ඒ නිදහසට මම හැමදාම ආදරෙයි.ඒත් දැන්නම් ඒක අතීතයක්ම විතරයි.ගොඩක් වෙලාවට හිතිල තියෙනව අයෙ අවුරුදු එකහමාරක් ආපස්සට යන්න තිබුනනම් කියල.ඒ වෙන්වීම පිළිගන්න මගේ හිත තාමත් කැමති නැහැ වගේ....

    ReplyDelete
    Replies
    1. මටත් එහෙමම තමයි යාළුවා.. ලංකාවේ ජීවිතේ හොදයි කියලා හිතෙනවා.. ඒත් ආපහු හැරෙන්න බැරි දුරක් දැන් ජීවිතේ ඇවිත් ඉන්නවා කියලා දැනෙද්දි දුකක් ඇති වෙනවා..

      Delete
  28. මම සමාන්‍යයෙන් කවි බලන්නෙ නැහැ මොකද මට ඒවා තේරුම් ගන්න අමාරු නිසා...ඒත් මේක නම් හරිම ලස්සනයි..තේරුනා...තේරුනා..!!!

    ReplyDelete
    Replies
    1. මම ලියන්නේ තේරුම් ගන්න පුළුවන් ඒවනේ කිරිල්ලියේ...

      Delete
  29. අලේ... පොඩ් එකාගේ මේ ෆොටෝ එක ෆේස් බුකියෙත් මම දැක්කා !

    ReplyDelete
    Replies
    1. එහෙනම් අපේ අය කියලා තිබුන ඒවත් දකින්න ඇතිනේ..

      Delete
  30. තමන්ව තේරුම් ගැනීමත් ලොකු දෙයක්...සමහරුන්ට ඕක කරන්නම බෑනෙ...ලස්සන කවි ටික....

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත.. තමන්ව තේරුම් නොගෙන අනිත් අයව තේරුම් ගන්න හදනවා..

      Delete
  31. ජීවිතයේ කියන්න අපහසු ගොඩාක් දේවල් ඉතාමත් සරලව පද බැදල තියෙනවා.
    ඒක කියෙව්වහම හිතට දැනෙන නිදහස...............

    ReplyDelete
    Replies
    1. මේක ලියලා ඉවර වෙද්දිත් හිතට අමුතු නිදහසක් දැනුනා..

      Delete
  32. අපි හැමෝටම වෙන්නෙ ඔහොම තමා නේද මල්ලි... පොඩි කාලෙ තිබුන සැහැල්ලුව අදත් තියෙනවානම්...හ්ම්....

    ReplyDelete
    Replies
    1. අපි කොච්චර බලාපොරොත්තු උනත් ඒ සැහැල්ලුව ආයෙම අපේ ජීවිත වලට එන්නේ නෑ අක්කේ..

      Delete
  33. පොඩි එකයි ලොකු එකයි දෙන්නම බොහොම අපූරුයි

    ReplyDelete
  34. පොඩි එකයි ලොකු එකයි දෙන්නම බොහොම අපූරුයි

    ReplyDelete
    Replies
    1. ඒ පොඩි එකත් ලොකු එකත් දෙන්නම ඉතින් මේ මම තමයි.. කාලය විතරයි වෙනස් වෙලා තියෙන්නේ..

      Delete
  35. කාලය මව් වෙනසක අරුමේ

    ReplyDelete
    Replies
    1. ඕක හැමෝටම පොදුයි මල්ලියේ...

      Delete
  36. ලොකු එකාට නම් ලංකාවට වඩා වෙන තැන් අල්ලලා...
    එල පොස්ට් එක අයියේ

    ReplyDelete
    Replies
    1. වෙන තැන් කොහේ අල්ලලා යන්නද මල්ලියේ.. ලංකාවේ තමයි මේ හිත තාම තියෙන්නේ..

      Delete
  37. හ්ම්ම්.....උඹේ ජීවිතෙයි මගෙ එකයි අතර වෙනසක් නෑ වගේ.උඹෙ ජීවිතේම ලියල.පට්ට

    ReplyDelete
    Replies
    1. අපි කවුරුත් බලාගෙන යද්දි එක වගේ මචං...

      Delete
  38. අපි හැමෝගෙම ජීවිත මෙහෙම තමයි වර්ණ. එහෙම ඉන්නකොට පුදුම හදිස්සියක් තිබුනේ මෙහෙම වෙන්න. දැන් තමයි තේරෙන්නේ ඒ කාලේ ඒක උපරිමයෙන් නොවින්ද එකේ ගොන් කම...

    ReplyDelete
  39. ජීවිතය වචනයෙන්.... අහ්!! නෑ නෑ කවියෙන්...:D

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්