යුද්ධයේ තීරණාත්මක මොහොත එළබෙමින් තිබුණේය.. කාගෙත් දෑස් යොමුව තිබූ සටන් බිම දිගේ මමත් මගේ මිතුරනුත් ඉදිරියට අදුනේ අදුරු කාලපරිච්චේදයක අවසානය ලියන්නවුන් හැටියට.. ජගත් මට හිටිය හොදම මිතුරා.. ඉස්කෝලේ යන දවස් වල ඇති උන මිතුදම අද මේ වන තුරුත් මගේ හිතේ රැදිලා තියෙන්නේ ඔහු ලග තිබුන උතුම් මනුස්සකම් නිසයි.. පාසලට සමුදීලා කාලයක් විනෝදයෙන් ඉද්දී මගේ හිතට ආපු අදහස මම ජගත්ට කියලා හමුදාවේ සම්මුඛපරීක්ෂනේට ගිය මොහොතේ ජගත්ගේ මුහුණ මම වගේම එදා ඇවිත් හිටපු අය අතරිම් මතු වෙද්දි මම පුදුම උනා..
“ ඇයි උඹ විතරද රට වෙනුවෙන් යුතුකම් ඉටු කරන්න ඕන..”
ඔහු එදා වෙනදා වගේම සැහැල්ලුවෙන් කීවේ අනාගතේ ගැන හරි බලාපොරොත්තුවක් නැති ගානට.. විශ්ව විද්යාලේ යන්න පුළුවන් කම තියෙද්දි ඔහු මෙහෙම තීරණයක් ගත්තේ ඇයි කියලා මට සිතුනත් මම කවදාවත් ඒක ඔහුගෙන් අහන්න ගියේ නෑ.. අපි දෙන්නම එකම රෙජිමේන්තුවක පුහුණුව ලබද්දි ජගත් පාසලේදි වගේම මට වඩා හොදින් දක්ෂකම් පෑවා.. යුධ බිමේ ඔහුගේ නායකත්වෙන් සටනට යන්න ලැබුන එක ගැන මම ගොඩක් සතුටු උනා..
“ මගේ ලගින් උඹ ඉන්නකම් මට මුකුත් වෙන්නේ නෑ කියලා මම දන්නවා..”
සටන් බිමට නික්මෙන්න කලින් හැමදාම ජගත් මාත් එක්ක කියන ඒ වචන පෙල මං ගැන ඔහු තිබ්බ විශ්වාසයේ එක සළකුණක් උනා.. මේ සටනට එන්න කලිනුත් ජගත් මාත් එක්ක එහෙම කියද්දි වෙනදට වඩා වෙනසක් ඒ හඩේ මම දැක්කා..
“ මේ දවස් ටික ගොඩක් තීර්ණාත්මකයි විමලේ.. සමහරවිට අපි ආයෙම මේ වගේ කතා නොකරන්නත් පුළුවන්..”
“ උඹ මොනවද ජගත් මේ කියන්නේ? මේ අපි ඉස්සෙල්ලම තුවක්කුව අතට ගන්න දවස නෙමෙයිනේ..”
“ ඒක ඇත්ත විමලේ.. හරි අපි යමු..”
තීරණාත්මක ගමනක පළමු පියවට තියලා අපි ගොඩාක් දුර ආවා.. සතුරන් එකින් එක අපේ ගිණි අවි ඉදිරියේ නිහඩ වෙමින් බිම අද වැටෙද්දි අපි අවසානය පේන මානයට ආවා.. මොහොතක් නැවතුන අපි ඉදිරි සැළසුම් ඇන්දා.. ඒත් නොහිතූ මොහොතක අප අතරට එල්ල උන වෙඩි වරුසාව අතරින් ඉදිරියට ඇදෙන්නට හදද්දී සවනතට වැටුන හඩ මගේ හිත මොහොතකය සසළ කලා..
“ විමලේ..”
ලෙයින් නැහැවුන ජගත්ගේ සිරුර පණ නල අදිමින් සිටියා..කඳූලින් පිරුන ඒ දෑස් මට කුමක් හෝ පවසන්න උත්සාහ කලත් ඊට මත්තෙන් දෑස් පියාගත් ජගත් යුධ බිමේ අවසන් සුසුම හෙළුවේ මගේ හිතේ ඔහු සබෑ වීරයෙක් වෙමින්.. මිතුරා තනිකරන්නට හිත් නොවුන නිසාම අපි අසල පතිත උන අත් බෝම්බය දෑස් ඉදිරියේ ගිණි ජාලාවක් මවමින් සියල්ල නිහඬ කලා..
....................................
වසර ගානක් රෝහලේ ගත් කල මම අද එයින් පිටව යන්නට තරම් සනීපයක් ලබා ඇතත් මේ දෑත අද්දරම පණ අදිමින් උන් ජගත් වෙනුවෙන් කිසිවක් කර ගන්නට නොහැකී වීම හිතට තවමත් දරගත නොහැකක්.. ජගත්ගේ ජීවිතය අහිමි කල තුවක්කුකරුවන් හැම දැන් නිහඬය වෙලා..
“ විමල්ට දැන් ඇවිදින්න අපහසුවක් නෑනේ..”
“ නෑ ඩොක්ටර්..”
“ විමල්ට දැන් හොදටම සනීප නිසා කැමතිනම් ගෙදර යන්න පුළුවන්..”
“ මං වෙනුවෙන් කරපු හැම දේකටම ඩොක්ටර්ට පිං..”
මං වගේම තවත් තුවාල ලැබූ තවත් මිතුරන්ගෙන් සමුගනිමින් රෝහල් කාමරයෙන් එළියට එද්දි මම වෙනුවෙන් මග බලාගෙන උන් අම්මා දෑසේ කඳුළු පුරවා ගත්තේය.. ගෙවුන කාලයට ඇය කොතරම් නම් ගින්දරක් උසුලන්නට ඇත්දදැයි මට සිතුනි.. අම්මට දණ ගසා වදින්නට තරම් පුළුවන් කමක් මට නොතිබුනේය.. රිදුම් දෙන දකුණු කකුල මගෙන් එය උදුරා ගෙන තිබුනි..
“ මගේ පුතාට කොහොමද දැන්?”
“ හොදයි අම්මේ.. මේ ටික දවසට අම්මා ගොඩක් වෙනස් වෙලානේ..”
“ අවුරුදු 4ක් කියන්නේ පොඩි කාලයක් නෙමෙයිනේ පුතේ.. අපි යමු ගෙදර..”
එතරම් කාලයක් ගෙවුනාදවත් මට නොදැනිනි.. මගේ පඩියෙන් ජීවත් උන අම්මා මම ගෙදර නැති කාලයේ විදි දුක ඈ දෙස බලද්දි හොදින් තේරුම් ගන්නට හැකිය.. ගෙදරට එන මග තොට අවට පරිසරය සියල්ලක්ම වෙනස් වී ගොසිනි.. ඒත් අවසන් වරට මා දුටු අපේ නිවස තවමත් ඒ වගේමය.. පැහැයෙන් තවත් එය දුර්වර්ණ වී ඇත..
“ ජගත්ලගේ අම්මට දැන් කොහොමද අම්මේ?”
සවස ඇදිරි වැටෙද්දි බුදු පහන තියා ගෙට ගොඩ උන අම්මාගෙන් ඇය ගැන විමසුවේ ඇය හමුවීමට යන්නට සිතාගෙනය..
“ ඒ මනුස්සයන් දැන් අවුරුද්දකට විතර උඩදි නැති උනා පුතේ..”
“ නැති උනා? ඒ මොනවා වෙලාද අම්මේ?”
“ ඒක දිග කතාවක් පුතේ..”
අම්මා ඇදි පුටුවෙන් හිදගෙන සුසුමක් හෙළුවේ දිගු කතාවක් පවසන්නට බැව් මට හැගුනේය..
“ ජගත් පුතා නැති උන දවසේ ඉදන් ඒ මනුස්සයට හරියට කරදර ආවා.. කන්නවත් නැතුව හිටපු දවස් තිබුනා.. අන්තිමේ ඔය හිටපු කුලී ගෙයින් එළියට බහින තැනටම වැඩ සිද්ද උනා..”
“ ඇයි ජගත්ගේ වන්දි මුදල හම්බුනේ නැද්ද?”
“ ඒක අරගන්න ඒ මනුස්සයා කොළඹ කී දවසක්නම් යන්න ඇත්ද.. ඒත් අද දෙන්නම් හෙට දෙන්නම් කිවුව මිසක කවදාවත් හම්බුනේ නම් නෑ.. අන්තිමේ ගෙදරිනුත් එළියට ඇදලා දැම්මට පස්සේ අන්තිම වෙනකන් මෙහේ මාත් එක්ක හිට්යේ..”
“ එතකොට ජගත්ගේ අම්මා නැති උනේ?”
“ හිතේ දුකට පුතේ.. හැමදාම රෑට ජගත් පුතාගේ නම කිය කිය අඬනවා.. මගේ පුතා සිහිය නැතිව හිටපු කාලෙත් පුතා ලගට වෙලා ජගත් පුතාගේ නම කිය කිය අඬනවා..”
ඉන් එහා සිදුවූ හැම දෙයක්ම එකින් එක අම්මා විස්තර කරද්දි ජගත් ගැන හිතේ ඇති උන දුක කොතරම්දැයි කියා නිම කරන්නට බැරි තරම්ය.. අවසන් හුස්ම හෙලන තුරුම ජීවිතේ බොහෝ කාලයක් ලගින් උන් මිතුරාට අවසානයේ උදවුවක් කරන්නට නොහැකී වීම ගැන මගේ හිතේ ඇති උයේ කනස්සල්ලකි..
ඒත් දැන් සියල්ල සිදුවී හමාරය.. රට වෙනුවෙන් දිවි පිදූ ජගත් දැන් මතකයක් පමණක් වී ඇත.. ඒ රටට ආදරය කරන මිනිසුන්ගේ හිත් වලය.. ඈතින් ගොම්මන් කරුවළ වැටි එද්දී මම නිවසින් නික්මුනේ වේදනාවෙන් රිදුම් දෙක කකූළට වාරු දෙමින්ය..
“ මගේ පුතා කොහේද යන්නේ?”
“ මම ජගත්ගේ සොහොන ලගට ගිහින් එන්නම් අම්මේ..”

නිමි..

අපූරුයි මල්ලියේ... මුලු කතාවම කියෙවුවා....
ReplyDeleteබොහොම ස්තූතියි අක්කේ..
Deleteඋතුරුකරේ පස් යට වැලලුණු තවත් මෙවැනි දුක්බර කතා මහපාරෙන් පුංචි ගම්දනව් වලට කොයිතරම් නම් පියඹන්න ඇද්ද.. :(
ReplyDeleteඇත්ත ගොඩක් වෙලාවට එහෙම කතා තියෙන්න පුළුවන්.. ඒත් එහෙම නොවෙන අනාගතයක් ඇතිවෙන්න කියලා ප්රාර්ථනා කරනවා..
Deleteයුද්ධය නිසා ජීවිත කීයක් මේ වගේ අසරන උනාද...ලස්සනට ලියලා තියෙනවා...........
ReplyDeleteඔව් දහස් ගානක්.. ඒ යුද්ධයට ගිය රණවිරුවෝ විතරක්ම නෙමෙයි.. ඒ පවුල් වල අය..
Deleteහමුදාකරයා රණවිරුවා වුනු යුගයේ අවසානය.එත් මං දන්නා විදියට හැම හමුදා සෙබලෙක්ටම වන්දි මුදල ලැබුනා.
ReplyDeleteකතාවනම් ඉතින් කියන්න දෙයක් නැහැ වෙනද වගේම ස්තරම් සුපිරි..
ඔවි.... ලැබුනු දේට වඩා නොලැබුනු දේ ගොඩයි මල්ලි...
Delete@ අසරණයා : මේ කතාව මම මේ විදිහට ලිවුවත් ඇත්ත මීට වඩා වෙනස්..
Delete@ Sihina : මම කලින් කිවුවා වගේ ඇත්ත මීට වඩා වෙනස්.. සමහර වෙලාවට මේ තරම්වත් දෙයක් නොලැබුන අයත් ඉන්නවා..
Deleteකතාව අපූරුවට ලියලා තියෙනවා. ඒත් ඇත්තටම මේ වගේ දේවල්වලට මුහුණ දීපු මිනිස්සු කොතෙක් නම් ඉන්නවා ඇත්ද අපේ රටේ කියලා හිතෙනකොට ඇතිවෙන්නෙ පුදුම දුකක්.
ReplyDeleteරණවිරුවන්ට එහෙම ඉරණමක් අත් වෙනවා කියන්නේ ඇත්තටම කණගාටු වෙන්න ඕන කාරණයක්..
Deleteඔය වගේ කතා කීයක් නම් හිර වෙලා ඇද්ද අපේ රණවිරුවන්ගේ හිත් වල. තමන්ගේ ලඟින් හිටිය යාළුවො තමන්ගේ ඇස් ඉස්සරහම වෙඩි වැදිලා ඇදගෙන වැටෙද්දී මොනවා හිතෙන්න ඇද්ද? ඒ හැගීම කවදාවත් අපිට දැනෙන එකක් නෑ.
ReplyDeleteඒ හැගීමට අපිට මුහුණ නොදෙන්න ඒ කැපකිරීම දැන් ඔවුන් කරලා ඉවරයි..
Deleteදුක හිතෙන ලස්සන කතාව අයියේ.......
ReplyDeleteසිහින ලෝකයෙන් මිදිලා අපි යතාර්ථය දකිමු මල්ලි..
Deleteමේ වගේ ඇත්ත සිදුවීම් යුද්දෙ කාලෙ ඕන තරම් තියෙන්න ඇති....ලස්සන නිර්මාණයක්....
ReplyDeleteඅවුරුදු 30ක අතීතයේ දිවි පිදූ අය බොහෝමයි මේ රට වෙනුවෙන්.. ඒ අයගෙන් සමහරකගේ පවුල් මේ ඉරණමණට මූණ දෙන්න ඇති..
Deleteයුද්ධයක තියෙන දුක්බර පැත්ත!තව කී දාහක් නම් මේ වගේ සිද්ධි වලට මුණ දෙන්න ඇත්ද?
ReplyDeleteඔවුන් ඒ කැපවීම් කලේ අපි වෙනුවෙන් කියන එක අපි අමතක කරන්න නරකයි..
Deleteදුක හිතෙනවා, ඒත් ලස්සනට ලියලා තියෙනවා~
ReplyDeleteගොඩක් ස්තූතියි අයියේ..
Delete//ඒක අරගන්න ඒ මනුස්සයා කොළඹ කී දවසක්නම් යන්න ඇත්ද.. ඒත් අද දෙන්නම් හෙට දෙන්නම් කිවුව මිසක කවදාවත් හම්බුනේ නම් නෑ..//
ReplyDeleteඇත්ත තිත්ත වුනත් මේක කියන්න ඕනෙ දෙයක්. මේ තමා අද රණවිරැ දෙමාපියන්ගෙ ඇත්ත තත්වය. ඒක මම පොද්ගලිකව අත්විදලත් තියනවා. අඳුනන කවුරැවත් නැතිව අද රණවිරැ සේවා අධිකාරියට තමන්ගෙ පුතා,ස්වාමි පුරැෂයට හිමි විය යුතු වන්දි ලබාගන්න යන්න බෑ.
රට වෙනුවෙන් දිවිය විතරක් නෙවෙයි ජීවත් වුනු කාලයෙත් තමන්ගෙ කාලය,ශ්රමට ඒ වගේම තමන්ගෙ පවුලෙ සතුට පුදපු රණවිරැවන්ගෙ සේවය සල්ලි වලින් මෙපමනයි කියන්න බෑ.
මට වැඩිය හොදින් මල්ලිට මේ ගැන කියන්න කරුණු ඇති.. ඔවුන් අපි වෙනුවෙන් කරපු සේවයට මිලක් නෑ මල්ලි.. ලොකු ලොක්කන්ට දැන් ඒවා අමතක උනත් අපි ඒ රණවිරුවන්ට ජීවිතෙන් ණයගැතියි..
Deleteනිල යාන්ත්රණයේ දැතිරෝද වලට අහුවෙලා තැළුනු මිනිසුන් කීදෙනෙක් ඇත්ද?
ReplyDeleteකොහොම වුනත් රණවිරුවො කරපු සේවය නම් අපමණයි..
ඔය නිල යාන්ත්රණේ හටියට ක්රියාත්මක වෙනවනම් මම හිතන්නේ නෑ කවදාවත් අසාධරණයක් වේවි කියලා..
Deleteහ්ම්ම්ම්.... ඇසට කඳුළු නංවන කතාවක්...දුකයි... නිර්මාණාත්මක හැකියාව දිනෙන් දින වැඩි වේවා !!!
ReplyDeleteමගේ නිර්මාණ බලන්න ඔයාලා වගේ අය ඉන්න නිසාම හැමදාම හොද දෙයක් කරන්න එකයි මගේ ආසාව..
Deleteලංකාවෙ තවත් හැංගුන මේවගේ තවත් කතන්දර කීයක්නම් ඇද්ද....
ReplyDeleteහුඟක් සංවේදි අයියේ....
සල්ලි වලට වඩා තම්න්ගේ දරුවගේ එහෙමත් නැත්නම් තමන්ගේ සැමියගේ සේවය වටිනවා කියලා හිතන දෙමවුපියෝ බිරින්දෑවරු ඔය සල්ලි අමතක කරලා ජීවත් වෙනවා ඇති මේ වගේ දේවල් සිද්ද වෙද්දි..
Deleteයුද්ධයක් නිසා අපි කී දෙනෙක්ගේ ජීවිත විනාශ උනාද...
ReplyDeleteලස්සනයි කතාව...
යුද්ධයෙන් විනාස උනේ ඒ මිය ගිය ජීවිත විතරක්ම නෙමෙයි..
Deleteයුද්ධයේ තව සෝචනීය කතාවක්...
ReplyDeleteපුළුවන් කමක් තියෙනව නං රාගම ඉස්පිරිතාලෙ කිට්ටුව තියෙන 'රණ විරු සෙවන' බලන්න ගිහින් පුළුවන් උදව්වක් කරන්න.
ගොඩක් ස්තූතියි ඔබා මාමේ මේ ගැන කිවුවට.. මේ අපේ අතින් ඔවුන්ට වෙන්න ඕන යුතුකමක්..
Deleteමමත් ඒ දවස් වල ලංකාවෙ ඉන්නකොට රාගම ඉස්පිරිතාලෙ නතරවෙන්න වුනා තාත්තා අසනීප වුන නිසා.දවස් පහ හයකටත් වඩා මම ගෙදර නෑවිත් නතර වෙලා උන්න.ඒ දවස් වල ඉස්පිරිතාලෙට සෑහෙන්න වෙඩි වැදුන අයව වාහන වලින් ගේනව මම ඇස්දෙකෙන්ම දැක්ක.සමහර අයගෙ අත්, කකුල් හිටන් තිබුනෙ නැහැ.තවත් අය වේදනාවට හයියෙන් කෑගහනව ඇහුන.ඒ අයව බෙහෙත් කරන්න හදිසි ඒකකයට ගෙනියනවත් මම දැක්ක.....මට මේ කතාව කියවද්දි ඒ සිද්දිය මතක් වුනා.....
ReplyDeleteජීවිතෙන් සමුගත්ත අයට වඩා ජීවත් වෙන අය ගොඩක් දුක් විදිනවා.. ඒ එක එක ආබාද නිසා.. සමහර විට ජීවිත කාලෙටම කිසිම දෙයක් කරන්න බැරි තත්වයක් ඔවුන්ට තියෙනවා.. ඒ වෙලාවට ඔවුන් ගොඩක් අසරණ වෙනවා..
Deleteදුක හිතෙන කතාවක් අයියේ!! මෙහෙම සිදුවීම් අපේ රටේ ඔනේ තරම් ව්එන්නත් ඇති.. ඕනෙ තරම් අම්මාලා, තාත්තාලා එහෙම දුක් කන්දරාවක් විඳින්න ඇති යුද්ධෙ නිසා... හරිම දුක්බරයි!!!
ReplyDeleteයුද්ධෙ දැන් ඉවර වුන නිසා, හොඳයි!!!
යුද්ධය නිසා මේ වගේ කී දාහක් මැරෙන්න ඇත්ද. කී දාහම් අම්මලා කඳුලු සලන්න ඇත් ද.
ReplyDelete