Thursday, 26 January 2012

කටු ඔටුන්න







හිසට බර කටු ඔටුන්නකට
හැමෝම පිටු පෑ දිනයක
සතුටින් තබාගෙන එය හිස මතට
ගමන් කල කාලය නිමා උනිද අද..

සතුටින් කරට ගෙන ඔල්වරසන් මැද
විදී දිගේ නූඹට ජය ඝෝශා කල දින
දැන සිටියා නුඹ
මේ කටු ඔටුන්නේ රුදුරු බව..

එකින් එක එකින් එක
ගිලිහෙද්දි ජය අනිකට
එරෙහිව නැග ආවේ නුඹට
පූජාසනයේ නූඹ තැබූ අයම..

කෝ ඒ සොදුරු සිනහව
සැගවිලා ප්‍රශ්ණ අතරෙම
හුදෙකලාව තනිවී බංකුවක් මත
නුඹ සිටිනු දැක්කේ නෑ මින් පෙර..

ඇනී කටු හිස රිදුම් දෙන කල
තවත් සිර කල කටු ඔටුන්න මත
පැට උන තව පරාජයේ බර
කොහොම උසුලන්නද නුඹ තනියම..

අමාරුවෙන් ගලවා කටු ඔටුන්න
විජයග්‍රාහී ඇරඹුමක් ලග
නුඹ නික්ම යාවියි මෙලස
හිතුවේ නෑ වසරකට පෙරාතුව..

ඔටුනු ඕනේ නෑ ජය ගෙනෙන්නට
නුඹ පසක් කල හැටි මතකයි තව අපට
එදා අප දුටු පිතිකරුවාවම
දකින්න පතනවා අනාගතෙත් අප..




40 comments:

  1. සිරා කවිය.ඇට නැති දිවට ඕන විදියට වචන හද කරන්න පුළුවන්.එත් ඔහුගෙන් වුනු සේවාව ගැන බලදාරීන්ට දැන් මතක නැහැ.අපේ රටේ හැටිද නැත්නම් ලෝකෙම මිනිස් සත්වයාගේ හැටිද?

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ අපේ රටේ හැටි.. කල හැම සේවයක්ම එක දුර්වල කමක් නිසා යට වෙලා..

      Delete
  2. එදා ඔල්වරසන්
    දුන් එවුන්මය මෙදා
    බිම දමා නුඹ තලන්නේ...
    දිරි අරන් තුටුවෙයන් නුඹ
    නුඹට ලෙංගතු අය තව හිදින්නේ...
    නොවේ අමතක එවන් දනහට
    නුඹ රැක්ක හැටි නම රටේ පෙරදිනේ

    ReplyDelete
    Replies
    1. ඔව් දිනිති අක්කේ.. අපිට ඒ සොදුරු මිනිසාව තාම අමතක නෑ..

      Delete
  3. "ඔටුනු ඕනේ නෑ ජය ගෙනෙන්නට
    නුඹ පසක් කල හැටි මතකයි තව අපට
    එදා අප දුටු පිතිකරුවාවම
    දකින්න පතනවා අනාගතෙත් අප.."

    හැමෝගෙම ප්‍රාර්ථනාව.. :)

    අගේ ඇති කවි පෙලක්..!

    ReplyDelete
    Replies
    1. එලබෙන තුන්කොන් තරගාවලියේ ඉදන් ඒ සුපුරුදු දක්ෂකම් අපිට දකින්න ලැබුනොත්??

      Delete
  4. ලස්සනයි අදහස......ඇත්ත කථාව...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියේ..

      Delete
  5. එයා නායකත්වයට ටිකක් විතර ඇග්‍රසිව් වැඩි නැද්ද...ඔන්න බනින්නනම් එපා..නිකමට කිව්වේ :)

    ReplyDelete
    Replies
    1. බනින්නේ මොකටද අක්කේ.. ඒක මමත් පිළිගන්නවා..

      Delete
  6. මම නම් අකින විදියට හැමෝම දිල්ෂාන් ට බැන්නට,වර්ල්ඩ් කප් 1න් පස්සේ සංගක්කාර ඔතන හිටියත් පරදින ඒක පරදිනවා.මේක දිල්ෂාන් ගේ වරදක් නෙමෙයි.මෙතන තිබුනේ දේශපාලන ප්‍රශ්ණයක්.මම දකින විදියට !

    ReplyDelete
    Replies
    1. ඇත්ත පඩිත් නැතිව සෙල්ලම් කරද්දි කාටද පීඩනයක් එන්නේ නැත්තේ.. ඒ මදිවට එකක් පරදිද්දි ඔක්කොම බර තමන්ගේ ඔළුවට එද්දි..

      Delete
  7. ඔය වගේ අමතක වුනු අය කී දෙනෙක්ද?

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත ඔබා මාමේ.. මේ වගේ පීඩනය නිසා ක්‍රිකට් වලින් සමුගත්ත අයත් හිටියනේ..

      Delete
  8. දැන් ඉතින් ගොඩක් අයගේ බලාපොරොත්තුව තමයි දිල්ශාන් අයම ඔය ඔටුන්න දා ගන්න කලිත් පෙන්නපු දස්කම් වලට අයෙත් එයි කියන එක.... ඒක ඉතින් ලඟ එන තුන්කොන් තරගාවලියෙදි බලා ගත හැකි.....

    ReplyDelete
    Replies
    1. ඔව්.. අපිත් බලාගෙන ඉන්නේ ඒ ප්‍රවේගකාරි පිතිකරුවව ආයෙම දකින්න..

      Delete
  9. 2009 t20 ලේක කුසලානයෙ වීරයා
    2011 ලේක කුසලානයෙ වැඩිම ලකුණු ලාභියා
    දිගු කලක් අපෙ වීරයා ගැන ලියූ වටිනා කවි පෙලක්

    ReplyDelete
    Replies
    1. ලංකාව ලෝක කුසලානේ අන්තිම තරගේ වෙනකම් එන්න ලොකු සේවවක් දිල්ශාන්ගෙන් උනා..

      Delete
  10. අතිශය දක්ෂ ක්‍රීඩකයෙක්...ඔටුන්න දුන්න නිසා හොඳට වැඩ ටික ගන්න පුලුවන් වේවි.....කවි පෙල නියමයි.

    ReplyDelete
    Replies
    1. ලෝකයේ ශ්‍රේෂ්ඨතම පිතිකරුවා කියන සචින් තෙන්ඩුල්කාර්ටත් ඔය ඔටුන්න බර වැඩි උනානේ..

      Delete
  11. දිනන දා ට කොල්ලෝ 'ෂා නියමයි' කියලා, කරවට මල් මාල දමනවා..... එකක් දෙකක් අයියෝ, පැරදුණා ම ගොයියෝ 'මොකක් ද මේ කළේ' අහනවා.....

    ~~~**දඟ මල්ල**~~~

    ReplyDelete
    Replies
    1. එහෙම කිවුවත් මැච් එකක් තියෙන දාට අපි ටීවී එක ලගට එකතු වෙනවා..

      Delete
  12. මරු කවිටික...ලෙසටම අකුරුකරල තියෙනව

    ReplyDelete
  13. අනේ මන්දා, කොල්ලා කට නිසා නාගන්නවානේ, ඒකනේ අවුල.. නැත්තම් හොඳයි! ඵල කවිය!

    ReplyDelete
    Replies
    1. නායකයෙක් උනාම හොද ඉවසීමක් තියෙන්න ඕන.. ඒ අතින් ටිකක් දිල්ශාන් දුර්වලයි..

      Delete
  14. අයියා කවි ටික නම් පට්ට.. මන් හිතන්නෙ ඒ ඔ‍ටුන්න හිමි කුමාරයා නැත්නම් ගිය ලෝක කුසලානේ අපි ආපු ගමන එන්නේ නෑ කියලා. හොද පුරුකක් කණ්ඩායමේ,. ඉස්සරහට තින තුන් කොන් තරගාවලියෙන් බලාගන්න අහැකි මොකක්ද වරද කියලා?..!

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.. ඒ සියළුම ගෞරවය ඔහුට යන්න ඕන..

      Delete
  15. ඇත්තටම පව්, මැච් එකක් පැරදුනාම කොච්චර බැනුම් අහනවද. කටු ඔටුන්නක්ම තමයි..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මට මැච් එකක් අවසානයේ වැඩියෙන් දිල්ශාන්ව පෙන්නද්දි ඇති උනේ දුකක්..

      Delete
  16. hmm cricket gana nam interest ekak nahane

    ReplyDelete
    Replies
    1. ලංකාවේ ක්‍රිකට් වලට උනන්දුවක් නැති අය ඉන්නේ හරිම අඩුවෙන්..

      Delete
  17. මම හිතන්නෙත් ඩිල්ශාන් අසාර්ථක නායකයෙක් හැටියට නෙමේ.. එයාට ටීම් එකේ සපෝට් එක මදි කියලයි මට හිතෙන්නේ.. නැත්නම් එය කොච්චර දක්ෂ ක්‍රීඩකයෙක්ද?

    ReplyDelete
    Replies
    1. අනිත් හැමෝටම මුරලි හිටියා සනත් හිටියා වාස් හිටියා.. ඒත් දිල්ශාන්ට??

      Delete
  18. ඇත්ත ඇති සැටීයෙන් දුටු පදපෙලක්, සුපිරි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි..

      Delete
  19. ඩිල්ශාන් යනු අතිදක්ෂ සිව් ඉරියව් ක්‍රීඩකයෙකි නමුත් නායකත්වයට කෙසෙවත් සුදුසුකමක් නැති කෙනෙකි. ඉවසීම බිඳක්වත් ඔහු සතුව නැත. අන් ක්‍රීඩකයන්ගෙ උවමනා එපාකම් ඔහුට ඇවැසි නැත. උදාහරනයක් ලෙස ලොර්ඩ්ස් හිදී ශතකයක් රැස් කිරීමට චන්දිමාල් ප්‍රමාදවනවිට එය ඔහුට රිසි වූවෙ නැත. ක්‍රීඩකයෙකු අතින් උඩපන්දුවක් ගිලිහුනොත් ඩිල්ශාන්ගෙ මුහුන කෝපවනු පෙනේ. මහේල හෝ සංගා කිසිවිට එලෙස කර නැත.

    ඇත්තටම මෙය කටු ඔටුන්නක් නොව කටුසාගෙ කරේ රත්‍රන් බැන්දා හා සමානය.

    මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්

    ReplyDelete
    Replies
    1. ඇත්ත ලොස්ඩ්ස් තරගය ගැන ඔබ කියපු කතාවත් එක්ක මම එකගයි.. එදා උප නායකයා විදිහට මැතිවුස්ට තිබුන ඉවසීම නායකයාට තිබුනේ නෑ..

      Delete
  20. බොහොම ලස්සනයි...
    ඇත්ත ඇති සැටියෙන්...

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචං..

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්