Wednesday, 25 January 2012

මගේ අළුත්ම එකතුව

එදා මම මගේ පරණ එකතුන් දාපු වෙලාවේ මගේ අළුත් එකතුව ගැන කියනවා කියලා කිවිවනේ.. ඉතින් අද ඒක ගැන කියන්න තමයි කල්පනාව.. මේ පිස්සු අදහස ආපු හැටි ගැන මම කියන්නම්.. ඊට කලින් මම පින්තූර ටික දාලා ඉන්නම්කෝ.. මොකද මම ලියපු දේට වඩා කට්ටිය ඉස්සෙල්ලා බලන්නේ පින්තූර ටික කියලා මම දන්නවනේ..













දැක්කනේ.. මොනවද කියලා ඉතින් මම අමුතුවෙන් කියන්න ඕන නෑනේ.. දැං ඉතින් කට්ටිය බනිනවා ඇති මට මූ වගේ පිස්සෙක් කියලා.. එහෙම කියනවනම් ඒක සාධාරණයි.. නැත්නම් ඉතින් මෙහෙම දෙයක් හිතෙනවයි.. මේ තියෙන්නේ මගේ ලග තියෙන ඒවයින් ටිකක් විතරයි.. ෆොටො ගහලා බ්ලොග් එකේ ඔක්කොම දාන්න සෑහෙන වෙලාවකුයි ඉඩකුයි යන නිසා ටිකයි දැම්මේ..

ඉස්සෙලම ඉතින් මේ විකාර අදහස් ආපු හැටි ගැන කියන්නම්කෝ.. ඇත්තටම දවසක් සාප්පු සවාරියේ ගිහින් ඉන්න වෙලාවක තමයි මේ අදහස ආවේ.. මමයි අපේ අංකල් ජොන්සනුයි ඉරිදා දවසක මෙහෙම ගිය වෙලේ කතා උනා එදා රෑට අපි ගෙදර පීසා ගෙනිහින් කන්න.. මොකද අපි ඉතින් උයන්න හරි උනන්දුයිනේ.. පීසා කනවනම් මට බියර් එකකුත් ඕන කියලා අංකල් ගියා බියර් තෝරන්න.. මෙහේ සුපර්මාර්කට් වල ඉතින් පැත්තක්ම වෙන් වෙලා තියෙන්නේ බොන ජාති වලටනේ.. ඉතින් ඔය අස්සෙන් ගිහින් අංකල් බියර් තෝරද්දි මාත් ගියා ලගට..

“ මොනවද මනුස්සයෝ ඔච්චර තෝරන්නේ?”

“ පොඩ්ඩක් ඉන්නවකෝ කෑ නොගහා.. මට හරියන එකක් හොයා ගන්නකන්..”

අපේ කතාව ඔහොම තමයි.. අංකල් මට වඩා දෙගුනයක් වැඩිමල් කියලා සමහර වෙලාවට අමතක වෙනවා.. ඉතින් ඔහොම අංකල් එක එක ජාතියේ ඒවා අරං බලද්දි මගේ ටිකිරි මොලේට පොඩි අදහසක් ආවා.. මම එතන තිබ්බ ඔක්කොම ජාතියෙන් එක එක අරං ලගින් තිබ්බා.. තියලා බලද්දි ඒකේ පොඩි ගතියකුත් තියෙනවා.. හැම ජාතියෙන්ම එක ගානේ අරං මම එකතු කරනවා කියන පිස්සු විකාර අදහස ඒ වෙලාවේ තමයි මගේ ඔළුවට ආවේ..

අපේ අයියා මට බනිනවා.. බොන්නේ නැති එකාට මොකටද මේවා කියලා.. එකතු කරන්න බොන්නම ඕනද.. බිබී එකතු කලානම් එකතු කරන්නේ වෙන්නේ හිස් ටින් විතරයි.. කොහොමහරි මම දැන් මාසෙක විතර ඉදන් මේ වැඩේට බැහැලා ඉන්නේ.. එක එක ජාතියේ බියර් වර්ග 56ක් තියෙනවා දැනට මගේ ලග.. එතකොට තව ගන්න? තව ගන්නත් ඒ වගේම තියෙනවා.. මොකද එක සුපිරි වෙලද සැලක තියෙන එවා තව තැනක නෑ.. ඉතාලියේ ගහන ඒවා ඇරුනම තව පිටරටවල් වලින් ගේන ඒවා.. ඒ නිසා ඒ හරිය ගැන අපු කතා නොකර ඉමු..

ඒත් දැන් පොඩි ප්‍රශ්ණයක් තියෙනවා.. මේ ටික ලංකාවට යවන එක ගැන.. වෙනදාම් නැවේ බඩු යවද්දී ඒවා අස්සේ හංගලා දැම්මා.. ඒත් ලගකදි ඉදන් හාබර් එකේ කන්ටේනර් බඩු චෙක් කරන්නේ අර එයාපෝට් වල බැගේජ් චෙක් කරනවා වගේ කම්පියුටර් එකෙන්ලු.. ඒ කියන්නේ ඉතින් කොච්චර හංගලා ගැහුවත් වැඩක් නෑ කියන එක.. අහු උනොත් ටැක්ස් එකයි දඩෙයි දෙකම.. මීට කලිනුත් අපි ඕන තරම් බෝතල් දාලා තියෙනවා කිසිම අවුලක් නැතුව.. ඒවට ක්රම් තියෙනවා.. ඒවා දේව රහස් නිසා මෙතන කියන්න බෑ..

අපේ ගේ ලගම ඉන්නවා කස්ටම් එකේ අංකල් කෙනෙක්.. අංකල් වෙඩින් එකට ආපු වෙලේ අපි මෙහෙන් දාපු බෝතලයක් සප්පායම් වෙන ගමන් අපේ තාත්තා එක්ක මෙහෙම කිවුවා..

“ මහත්තයා කොහොමද මේ බෝතල් ගෙනාවේ?”

“ මහත්තයාලගේ කස්ටම් එකෙන්ම තමයි..”

අංකල් ඊට එහා මුකුත් ඇහුවේ නෑ.. කොහොම හරි ගෙනාපු එකනේ කියලා අංකල් බෝතලේම ගහලා දැම්මා.. ඒත් දැන්නම් ටිකක් හිර වෙනවා මේ අළුත් වැඩේ නිසා.. ඒ ආරංචිය ඇත්තද කියලා දැනගන්නකම් ටික කාලෙකට මේ වැඩේ නවත්තනවා.. මොකද නැත්නම් අරගෙන වැඩක් නෑනේ.. දැනටත් අංකල්ගෙනුයි අයියගෙනුයි මේක පරිස්සම් කර ගන්නේ හෙනම ගේමක් දීලා..

මම කලින් පෝස්ට් එකේ පුළුවන්නම් ගෙස් කරන්න කියපු වෙලාවේ සමහරු කිවුවේ මොනවා උනත් වැදගත් කලෙක්ශන් එකක් වෙන්න ඇති කියලා.. මම දන්නවා සමහර විට ඔයාලා මට බනීවි.. ඒත් මනුස්සයෝ වෙච්ච අපිට එක එක සිතුවිලි පහල වෙනවනේ.. මේකත් එහෙම එකක් තමයි..




73 comments:

  1. එල වැඩක්නේ බං..
    උඹ බොන්නේ නැති නිසා හොඳයි, නැත්නම් ඉතින් උඹට එකතු වෙන්නේ හිස් කෑන් ටිකක් තමයි :))

    උඹට ඔය ටික ලංකාවට යද්දී ගෙනියන්න තියෙන ක්‍රමේ අර අන්කල්ගේන්ම අහල බලපාන
    බීර වර්ග ගෙනියන්න පුළුවන් ප්‍රමාණයක් ගැන සඳහනක් නැහැ නේද ඩියුටි ෆ්‍රී බඩු ලිස්ට් එකේ

    ReplyDelete
    Replies
    1. මම නොබොන නිසානේ මචං මෙහෙම දෙයක් ගැන හිතුනේ.. බැරි වෙන එකක් නෑ.. අහලා බලන්න ඕන.. ඒත් බීර බෝතල් 56ක්නම් ගෙනියන්න හම්බෙන්නේ නෑ කොහෙත්ම..

      Delete
  2. ඔය වගේ කලෙක්ෂන් එකක් පරෙස්සම් කරගන්න එක ටිකක් අමාරුයි නේද..

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත අක්කේ.. බොහොම අමාරුවෙන් ඕක පරිස්සම් කරගෙන ඉන්නේ.. අනික ලංකාවට දැම්මම තමයි හොදම හරිය වෙන්නේ..

      Delete
  3. බියර් වුනත් ලස්සන එකතුවක්..ඕක ඉතින් අපිට කරන්න පුළුවන් වැඩක් නෙවෙයිනේ බෝල..තිතට මත නේ..

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ.. නරකද හිස් බෝතල් ගැන හිතුවොත්.. ඒක උනත් ලස්සනට්ය තියන්න පුළුවන්නේ..

      Delete
  4. හැමෝටම එක එක විනෝදාංශ තියෙනවා නොවැ.. මොනා උනත් අනාගතේ බියර් ස්පෑලිස් කෙනෙක් වෙන්න බැරියැයි මෙහෙම ගියාම.. :D :D :P

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. රස ගුණ ඇරෙන්න අනිත් හැමදේම ගැන විස්තර කරන්න බැරියැ එතකොට..

      Delete
  5. එළ එළ යංතං ගිය පාර බෝතල් 4 ගෙනිච්චා මේ පාරත් ට්‍රයි එකක් දාන්න ඕනේ...ඩුබායි වලිං 1 ලංකාවෙන් 3......

    ReplyDelete
    Replies
    1. ඇයි ශ්‍රී ලංකන් එකේ ගියානම් ෆ්ලයිට් එක ඇතුලෙනුත් ගන්න පුළුවන්නේ.. ඒවා වෙනම..

      Delete
  6. හික්ස්..මගෙ බෝතල් කලෙක්ශන් එක වගේ....හැබැයි ඒවා නම් හිස් ඒවා....

    ReplyDelete
    Replies
    1. ඔයා ගාවත් බෝතල් තියෙනවද? ඒක නෙමෙයි ඒවා හිස් කලේ කවුද?

      Delete
    2. වින්චැට් බෝතල් පත්තර ජොබ් එකට සෙට්වෙලාද? :P

      Delete
    3. මටත් හිතෙන්නේ ඒ වගේ..

      Delete
  7. පුබුදුවා26 January 2012 at 02:35

    අඩේ බොසා මාත් ආසයි ඕවා එකතු කරන්න..එවන්නකෝ ටින් 10 ක් 20 ක්...බෝතලුත් එකතු කරන්න ආසයි..බොන්න නෙමෙයි..එකතු කරන්න හොදේ

    ReplyDelete
    Replies
    1. නොබී එකතු කරන්නම උඹ මිනිහා.. ඒ ගැන ඉතින් මම කියන්නේ නෑ..

      Delete
    2. පුබුදුවා26 January 2012 at 18:49

      මෙහ් සිරාවට අර ඩප්පියෙන් එකක් එවන්න බැරිද? ගහලා දාලා කුඩු වෙලා යන්න හික් හික්

      Delete
    3. කොහොමත් මම ඔක්කොම ලංකාවට දැම්මොත් උඹට දෙනවනේ..

      Delete
    4. danna danna api lankawe lassana collection ekak damu :P

      Delete
  8. ඒකත් ශෝක් වැඩේ,. :) මටත් තියෙනවා ඔය වගේ පිස්සු එකතූන්.. :) අයියගේ එකතුව තව ලොකු කරගන්න. ඒකට් දවසින් දවස අළුතෙන් මොනව හරි එකතු වෙද්දි දැනෙන සන්තෝසේ වැඩියි... හැබැයි ඕක පරෙස්සම් කරගන්න එක නම් මාර අමාරු වෙයි.. හී හී

    ReplyDelete
    Replies
    1. තව ගන්නනම් ගොඩක් ජාති තියෙනවා.. ඒත් ලංකාවට එවන එකයි මෙහේ තියගන්න එකයි තමයි තියෙන ප්‍රශ්ණේ.. මේවට උත්තර ලැබුන ගමන් ආයෙම පටන් ගන්නවා..

      Delete
  9. මරු විනෝදාංශයක්..මට මතකයි එක සැරයක් පුවත්පතක තිබුණා හැටේ දශකයේ මනුස්සයෙක් හිටියලු මිනිහගේ විනෝදාංශේ බීලා ඉවරවුණු සිගරට් ෆිල්ටර් එකතු කරන එක..

    ඇත්තටම හොද අදහසක්

    ReplyDelete
    Replies
    1. බීලා ඉවර උන සිගරට් වල ෆිල්ටර් එකතු කලානම් කාලයක් යද්දී ඒ මුස්සයට තමන්ගේ බීමේ තරම තේරෙන්න ඇති..

      Delete
  10. ශා.......... නියම කලෙක්ෂන් එකක්නේ අයියේ.

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස්.. ගෑණු ළමයෙක් මේවගේ දෙයක් හොදයි කිවුමත් පුදුමයි..

      Delete
  11. මෙහේ නම් ඔහොම කලෙක්ෂන් එකක් දාන්න තරම් ගොඩක් ජාති නැහැ. මටත් මාර ආසවක් තියෙනව බෝතල් කලෙක්ෂන් එකක් දාන්න කොහේද බීලා ඉවර කරනවනේ

    ReplyDelete
    Replies
    1. එකනම් ඇත්ත.. ලංකාවේ තියෙන්නේ වර්ග කීපයයිනේ.. ඒකට මෙහේ.. තව කොච්චර තියෙනවද අරගන්න..

      Delete
  12. අයිය ලඟ ග්‍රෙනේඩ් එකකුත් තියනවනෙ :D :D

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව... ඒක තමයි මම අසම එක..

      Delete
  13. ෂෝයි ඈ................. මම හිතුවේ ඕවා හිස් කොරපුවා කියලා......

    ReplyDelete
    Replies
    1. හිස් කරපුවා මොනවා කරන්නද??

      Delete
  14. අපොයි.. මම හිතුවෙම නෑ මේ වගේ දෙයක් එකතු කරයි කියලා. වැඩේ හොඳයි.බනින්නෙ මොකටද අපි, බොන්නෙ නැත්නම් මේවා එතකු කරාට මොකෝ.මට මතක් වුනේ මේවා සඳරැ අයියා එහෙම දැක්කනම් අයියා ඉඳලා ඉවරයි. මතට තිත තිබ්බා කිව්වට දන්නවනෙ එයාගෙ හැටි. :)

    මෙහාට ගෙන්න ගන්න ක්‍රමයක් ඇති.හොයලා බලන්න.

    ReplyDelete
    Replies
    1. එදා මලයා තමයි මට කිවුවේ හොද කලෙක්ශන් එකක් වෙන්න ඇති කියලා.. ඇත්තමයි පස්සේ මම කල්පනා කලා මේක දානවද කියලා.. සදරුවා තාම මේක දැකලා නෑ.. බලමුකෝ මිනිහා මොකද කියන්නේ කියලා..

      Delete
  15. ෂැහ්... ලස්සන පාට පාට ටින් ගොඩායි. පරෙස්සම් කරගන්න එක තමයි වැඩේ!

    ReplyDelete
    Replies
    1. තව තියෙනෝ.. ඒවා ඔක්කොම මිලෙනුත් ලස්සනෙනුත් වැඩි ඒවා..

      Delete
  16. හොඳ නරක කොහොම වුනත් වැඩේ නම් ලස්සනයි..ඒත් ඉතින් ඕව එක්ස්පයර් වුනාට පස්සෙ එකතු කරන්න වෙන්නෙ හිස් ටින් නෙ..:O

    ReplyDelete
    Replies
    1. මේවයේ ගොඩක් වෙලාවට එක්ස්පයර් දිනයක් තිබ්බට ඊට පස්සෙත් පාවිච්චි කරන්න පුළුවන්.. එක්ස්පයර් වෙන්න කලිනුයි පස්සෙයි කියලා වෙනසක් නෑනේ.. බොවුවොත් කොහොමත් ලෙඩ..

      Delete
  17. මේක ඉතාමත් වැදගත් කොලැක්ෂන් එකක් බව ඉතා අවධාරණයෙන් ප්‍රකාශ කර සිටිමි.

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් ඔබා මාමා වෙනම ගෙයක් අරං තියෙන්නේ හිස් බෝතල් දාන්න මයේ හිතේ..

      Delete
    2. මේ වගේ දෙයකට උපදෙස් දෙන්න ඉතින් ඔබා මාම තරම් වෙන දන්න කෙනෙක් ඉන්නවද?

      Delete
  18. වෙලාවට ඕව රට ඉඳලම එකතු කරේ......:)

    ReplyDelete
    Replies
    1. ඒකනේ.. නැත්නම් මට මේක පොළව යට තමයි හංගන්න වෙන්නේ..

      Delete
  19. අයියා අමධ්‍යපයි කිව්ව නිසා ඔන්න මම මොකුත් කියන්නෙ නෑ... :)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. මම අමද්‍යප සංගමේ හිටපු ගරු සභාපති..

      Delete
    2. අම්මා... ගරු කෑල්ලයි සභාපති කෑල්ලයි දෙකම තිබුනද.

      Delete
  20. මේකත් ලස්සන වැඩක් වගේ..

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ.. පොඩි කලාත්මක ගතියක් තියෙනවා මේකෙත්..

      Delete
  21. මාරයි...ලස්සන එකතුවක්...අමධ්‍යපයි කිව්වනේ...හැබෑටම ඕක පරිස්සම් කරගෙන ඉන්නෙ කොහොමද?

    ReplyDelete
    Replies
    1. අපේ ගෙදරට කට්ටිය එන දවසට මම පුදුම යුද්දයක් දෙන්නේ මේක පරිස්සම් කරගන්න..

      Delete
  22. ලස්සන එකතුවක්.ඒත් අන්කල් ජොන්සඞෙන් පරිස්සම් කරල තියාගන්න බලන්න.නැත්නම් කලෙක්සන් එකම එක දවසින් දෙකෙන් ඉවරවේවි.හිහ්....

    ReplyDelete
    Replies
    1. අපෝ ඔව්.. මම කියලම තියෙන්නේ එකක් හරි නැති උනොත් අංකල් තමයි කියලා.. ඒ නිසා අංකල් වෙන කාටවත් ගන්න දෙන්නෙත් නෑ.. මොකද අන්තිමට අහු වෙන්නේ අංකල්නේ..

      Delete
  23. බීපු ජාති තුනයි තීන්නෙ. ඔව්ව දැන් එක්ස්පයර් වෙලත් ඇති නේ?

    ReplyDelete
    Replies
    1. නෑ.. තාම නෑ.. තව අවුරුද්දක් තියෙනවා.. ඒ උනත් ෆ්‍රිජ් එකේ නොදා හිටියොත් දින පැන්නා උනත් ගොඩක් කල් තියා ගන්න පුළුවන්.. බීලා තියෙන්නේ මොන ජාතිද අයියා?

      Delete
  24. හික්ස්ස්.. ගෙස් කරද්දි නිකමටවත් හිතුනෙ නෑ ඔහොම එකක්..:D මරු එකතුව අයියේ!! ඕක ලංකාවට ගේන්න බැරි වුනොත්???? :O

    ReplyDelete
    Replies
    1. එහෙම උනොත් නංගී මේ එකතුව මෙතනින් නවතිනවා.. මොකද මෙහේ තියාගන්න එකතු කරලා වැඩක් නෑනේ.. ලංකාවට තමයි ඕවා වටින්නේ..

      Delete
  25. අඩේ මරුනේ!ඕව කල ඉකුත් වෙන්නෙ එහෙම නැද්ද??:/
    මමත් පටන් ගත්ත අළුත් හොබී 1ක්,ඒක ඒක වර්ගයේ ලයිටර් එකතු කරන ඒක!:)

    ReplyDelete
    Replies
    1. දිනයක් නම් ගහලා තියෙනවා.. ඒත් ඒක එච්චර අවුලක් නෙමෙයි.. අපේ අයියා ලගත් තියෙනවා ඔය ලයිටර් එකතුවක්නම්..

      Delete
  26. අයියා හොදට සප්පායම් වෙනවා වගේ..... මේ එනකොට මටත් ටිකක් ගෙන්න.. හැබැයි හිස් ඒවා නෙවෙයි

    ReplyDelete
    Replies
    1. අඩේ මම අමද්‍යප හරි.. බොන මිනිස්සු විතරද මේවා එකතු කරන්නේ??

      Delete
  27. පට්ට කලෙක්ශන් එක මචං.මේවා හිස් කෑන්ද? නැත්තම් ...

    ReplyDelete
    Replies
    1. නෑ නෑ.. මේවයේ තාම බඩු තියෙනවා.. හිස් කිරිමේ කිසිම අදහසක් නෑ..

      Delete
  28. ඒවා එහෙම එකතුවක්ම කියලා ගෙනෙන්න ඇහුවොත් දෙන්නෙ නැති වෙයිද? :(

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ නෑ අක්කේ.. දන්නවනේ ඉතින් නීතී.. ඒ උනත් ඕක දාන්න විදිහක් තියෙනවා.. ඒක ගැන හෙමීට බලන්න ඕන..

      Delete
  29. පෝස්ට් එක ඉහල ඉදන් පහලටම ඉතා කෑදර කමෙන් බලාගෙන ගියෙමි.
    මල්ලි ලංකාවට එනකොට ඔයින් කෑන් එකක් දෙකක් අරන් එන්ඩ !!

    ReplyDelete
    Replies
    1. එකක් දෙකක් ඇත්ත මධුරංග අයියේ?? කොහොමත් මේ ටික ලංකාවට මම දානවා..

      Delete
  30. අපේ ගෙදර වත්තේ කුනු ගොඩෙත් ඔයි වගේ කලෙක්‍ෂන් එකක් තිබුනා මම එකතු කල ඒවා හැබැයි ඉතින් එතන තිබුනේ ජාති දෙකයි ..

    උඹනම් ඉන්නේ අයියේ දිවිය ලෝකෙක ..

    අනේ මටත් ඔයිං එකක් තිබුනා නම් .. ඒක නෙවේ අර අන්තිමේට තියෙන්නේ අත්බෝම්බයක්ද ?

    ReplyDelete
    Replies
    1. කුණු ගොඩක් පිරෙන්නම තිබුනනම් සෑහෙන කලෙක්ෂන් එකක් වෙන්න ඕන.. දැම් ඉතින් මලයා මතට තිත හන්දා එහෙම එකතු වෙන එකක් නැති වේවි..

      අන්තිමට තියෙන්නේ අත් බෝම්බයේ හැඩයේ බියර් එකක්.. ඕක ඔය බට්ටා වගේ තිබ්බට VOL 11% කියලා කිවුවොත් පිළිගන්නවද??

      Delete
    2. පුබුදුවා26 January 2012 at 18:51

      11 මොකක්ද අප්පා 48 එකත් අමු අමු ගහන කොට

      Delete
    3. මෙහේ තියෙනවා 95% එවත්.. මම කිවුවේ බියර් එකකට එන්නේ නෑනේ එච්චර..

      Delete
  31. හිහිහී.. දැන් අයියගෙන් බේරගන්න බෑ කිව්වට බලමුකෝ.. අයියත් ‍බ්ලොග් එක ලියන කොට... :P කාටවත් හිතාගන්න බැරිවුණ වෙනස්ම අදහසක්.. ඇත්තටම වටින කලෙක්ෂන් එකක් දිනේෂ්.. 100% තියෙන ඒවත් තිබේ නෙහ්.. :D

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්