Tuesday, 24 January 2012

වහල්ලු - දහවෙනි දිගහැරුම


පළමු කොටස   දෙවෙනි කොටස   තුන්වෙනි කොටස   හතරවෙනි කොටස   පස්වෙනි කොටස   හයවෙනි කොටස   හත්වෙනි කොටස  අට වෙනි කොටස  නමවෙනි කොටස
 
“ ගුණේ අයියේ.. ගුණේ අයියේ..”

උදෑසන හිරු කිරණ පොළවට වැටෙන්නට නොදී නවතාගෙන උන් මහා වැහි වළාකුළ දෙස බලාගෙන සිටි ගුණදාස සොයාගෙන වත්තේ අයෙකු දුව ආවේ හති දමමින්ය..

“ මොකද බං මේ හති දාගෙනම උදේ පාන්දර?”

“ ගුණේ අයියා දන්නේ නැද්ද?”

“ මොකක්ද?”

“ ඊයේ සුනිල් මලයගේ පෝස්ටර් අලවන්න ගිය අපේ අයට ගහලා.. ගාමිණි අයියා..”

ඔහුගේ හඩ මදකට නැවතුනේය.. කුතුහලයෙන් සිටි ගුණදාස ඔහුට බලකලේ කතාවේ අවසානය දැනගන්නටය..

“ ඇයි මොකද ගාමිණියට?”

“ සෝමේ, ගාමිණි අයියට වෙඩි තියලා ගුණේ අයියේ..”

“ මොනවා..”

ගුණදාසගේ අත තිබූ උදෑසන කහට කෝප්පය අතින් ගිලිහී බිම ඉහිරි ගියේ නොපැතු මොහොතක සවනත වැටුන ආරංච්ය නිසාය..

“ ඉතින් කියපං.. ගාමිණියාට දැං කොහොමද?”

ගුණදාස ආවේගයෙන් ඔහුගෙන් විමසද්දි නිරුත්තරව බිම බලාගත් ඔහුගේ දෑස ඉතිරි හැම දෙයක්ම පැවසුවේය.. උළුවස්ස ලගින්ම බිම හිදගත් ගුණදාස හිසට අත තියා ගත්තේ කිසිවක් හිතා ගත නොහැකිවය.. මොහොතක් නිහඩව උන් ගුණදාස කතා කරන්නට වචන ගලපා ගත්තේ අපහසුවෙනි..

“ දැන් එතකොට කෝ අනිත් උන්?”

“ උන් ඉස්පිරිතාලේ ගුණේ අයියේ.. උනුත් හොදටම ගුටි කාලා..”

ඉන් එහා කිසිවක් නෑසූ ගුණදාස වළාකුළින් බර අහස දෙස බලාගෙන හිටියේ නෙත් කදුළින් පුරවාගෙනය..

“ ඇයි ගාමිණියෝ ඊයේ උඹත් එක්ක යන්න මට කතා නොකලේ..”

හිතේ වේදනාවටම ගුණදාස තමන්ටම කියාගනිද්දි නොකියාම වෙන්වී ගිය මිතුරා වෙනුවෙන් කඳූළු බිදුවක් දෑසින් පිටවී ඇවිත් මහ පොළව සිඹ ගත්තේ ගාමිණි නැති අඩුව ගුණදාසට කොතරම් දැනෙනවාදැයි කියාපාමින්ය.. හිද ගෙන උන් තැනටම වී උළුවස්සට හිස තියාගත් ගුණදාස තම මිතුරා ගැන සිහිකලේ කිසිවක් සිතාගත් නොහැකිවය..

වැඩි කාලයක් යන්නට මත්තෙන් මුළු වත්තට ගාමිණිගේ මරණය සැලවිය.. සමහරු පෙරදා රාත්රියේ ඔහුට වෙඩි වැදුන තැනට දිව ගියේය.. ඇතමුන් තම අත රැදි ආයුදද සමගින් ඉදිරියට ඇදුනේ සෝමේ ඉන්නා තැනකින් සොයාගෙන ඔහුවත් ගාමිණි ගිය තැනටම යවනවායැයි දිවුරමිනි..

“ මේ මොකක්ද උනේ ගුණේ මල්ලි..”

උළුවස්ස ලග හිදගෙන උන් ගුණදාස ලගට දුවගෙන ආ කමලා විමසුවේ මහා හයියෙන් හඩා වැලපෙමිනි.. කිසිවකටවත් උත්තර නුදුන් ගුණදාස නිරුත්තරව බලා සිටියේය..

“ අනේ කතාකරපං මල්ලියේ..”

“ සුනිල් පුතා කෝ අක්කේ?”

එතෙක් වෙලා නිහඩව උන් ගුණදාස තම හඩ අවදි කලේය..

“ කොල්ලා ගෙදර මල්ලියේ.. ඌටත් මේ කිසි දෙයක් හිතා ගන්න බැරුව බලාගෙන ඉන්නවා..”

“ උඹ කොල්ලා ලගට පලයන් කමලා අක්කේ.. මේ වෙලාවේ කොල්ලව තනි කරන්න එපා..”

හිදගෙන උන් තැනින් නැගිටුන ගුණදාස නිවසින් එළියට පැමිණියේ කෙසග සිරුර වැසෙන්නට කමිසය අදිමින්ය..

“ මම ගිහින් ගාමිණිව බලලා එන්නම්.. උඹ කොල්ලා ලගට පලයන්..”

                                  .................................

පසුදා සවස්වී ගෙන එද්දි වත්තේ හැමෝම ගාමිණිගේ නිවස අසලට එකතු වී සිටියේ තම මිතුරාගේ අවසන් ගමන සදහාය .. වත්තේ තැනින් තැන අහසට නැගුන සුදු කොඩි වත්තේ නිහඬ බව කියා පෑවේය.. හැමතැකම රැදි කඳුළු පිරි දෑස් ගාමිණිගේ වෙන්වීමේ වේදනාව කියා පෑවේය..

ගුණදාසත් මිතුරු කැලත් දෙවුරට අරගත් ගාමිණිගේ නිසල සිරුර මාවත් දිගේ වත්තෙන් එළියට ආවේ යලි නොඑන ගමනක මග සටහන් කරමින්ය.. නොනවත්වාම වැටුන කඳුළු බිදු නික්මෙන තම මිතුරා යලි තමන් අතරේම ඉපදෙන්නයි ප්‍රාර්ථනා කලේය..

නෑ හිතවෙතෙක් නැතිව තනි උන ගාමිණිගේ මලගමට එකතු වූයේ වත්තේ තම සගයන් පමණක්ය.. පොළව යට වැළලි උන් තම මිතුරාගේ දේහය ලගින් මොහොතකට වාඩි වූ ගුණදාස අන් හැමෝම නික්ම යද්දී තම මිතුරාට තනි රැක්කෙ මිතුදමටත් වඩා හදවතේ බැදුන සහෝදරත්වය නිසාය..

“ දැං අපි මොකද කරන්නේ ගුණේ මාමේ.”

ගුණදාස ලගට ආ සුනිල් ඔහු ලගින්ම හිදගනිමින් විමසුවේ තම දකුණත මෙන් සිටි ගාමිණි මාමාගේ වෙන්ව යාමෙන් ඇති උන පාඩුව නිසාමය..

“ ගුණේට මේ කරපු දේට අපි උන්ට දඬුවම් ලබලා දෙන්න ඕන පුතේ..”

“ මාමා කියන්නේ අපිත්?”

“ නෑ නෑ.. අපි ඒ වගේ පහත් තත්වෙට වැටෙන්න ඕන නෑ පුතේ.. උන් මැරුවේ නිරායුද මිනිහෙක්ව.. උන් චණ්ඩි නෙමෙයි..”

“ ඉතින් මාමා කියන්නේ අපි මොකක් කලොත් හරි කියලද..”

“ අපි ගාමිණිගේ මිණිමරුවන්ට නිතියෙන් දඬුවම් ලබලා දෙන්න ඕන පුතේ.. ඒක කරන්න පුළුවන් පුතාට විතරයි..”

“ මේ මම?”

“ ඔව්.. රණවීර ඔය මැම්බර් පුටුවේ ඉන්නකන් අපිට කවදාවත් සාධාරණයක් බලාපොරොත්තු වෙන්න බෑ පුතේ.. අපි කොච්චර ඇත්ත ඔප්පු කරන්න හැදුවත් සල්ලි වලටයි, බලයටයි උන් ඒ හැම දෙයක්ම වහලා දාවි.. ඒත් පුතා එතනට ගියොත් උන්ට සල්ලි වලට හැම දෙයක්ම ගන්න බැරි වෙනවා..”

“ මට තේරෙනවා මාමේ..”

“ පුතා මං වෙනුවෙන් එක දෙයක් කරන්න ඕන..”

“ මම පුතා වෙනුවෙන් මේ හැම දෙයක්ම කරන්නේ අඹ මල් රේණුවක දෙයක්  බලාපොරොත්තුව නෙමෙයි.. පුතා කවදහරි ගාමිණි මාමා වෙනුවෙන් සාධාරණය ඉශ්ඨ කරන්න.. ඒක පුතා මං වෙනුවෙන් කරන ලොකුම උදවුව වේවි..”

“ හොදයි ගුණේ මාමේ.. මම පොරොන්දු වෙන්නම්..”

සැදෑ කළුවරින් සුසාන භූමිය වෙලෙද්දි එහි තනි වූ ගුණදාස තම මිතුරා ලගින් නොසෙල්වී ඔහුත් සමග තනියම කතා කරමින් සිටියේ වෙනදා හැන්දෑවට මුණ ගැසී ආගිය තොරතුරු කතා කරන අයුරින්ය.. ඒත් අද ගුණදාසගේ මුවගේ රැදුනේ එක් වචන කීපයක් පමණක්මය..

“ මට උඹව බේර ගන්න එන්න බරි උනා ගාමිණියෝ..”















 

32 comments:

  1. හුගක් ආසකරන කතාවක් .......හිතට වදින්න ලියල තියනවා ........................

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මල්ලී..

      Delete
  2. අයියෝ :( වෙඩි වැදුනට මැරෙයි කියල හිතුවේ නෑ...

    ReplyDelete
    Replies
    1. වෙඩි වැදුනට පස්සේ ජීවත් වෙන අය අඩුයි.. එහෙම වෙන්නේ ඉතින් හින්දි ෆිල්ම් වල තමයි..

      Delete
    2. ඇයි අනේ "දුමින්ද සිල්වා"...:))

      Delete
    3. අම්මෝ අක්කේ ඕවා මෙහෙම කියන්න එපා.. හොද වෙලාවට අක්කා ලංකාවේ නැත්තේ.. නැත්නම් සුදූ වෑන්..

      Delete
    4. කට වහ ගතිමි :-x

      Delete
    5. :D අක්කා සුද්දගේ රටේ ඉන්න නිසා මොකට බය වෙනවද...

      Delete
  3. පුතා කවදහරි ගාමිණි මාමා වෙනුවෙන් සාධාරණය ඉශ්ඨ කරන්න.. ඒක පුතා මං වෙනුවෙන් කරන ලොකුම උදවුව වේවි..”

    :( ඉතිරියත් දාන්න.. හොඳ අවසානයක් බලාපොරොත්තු වෙනවා.. :)

    ReplyDelete
    Replies
    1. අවසානයට මට පුළුවන් උපරිමයෙන් සාදාරණයක් කරන්න මම උත්සාහ කරනවා.

      Delete
  4. නියමෙට ලියල තියෙනව... ඉතුරු ටිකත් ඉක්මනට ලියවෙයිනෙ..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. අනිත් කොටස ලබන සතියේ..

      Delete
  5. මමත් හිතුවෙ නෑ ගාමිණි මැරෙයි කියලනම්..සුනිල් ඡන්දෙ දිනයිද..

    ReplyDelete
    Replies
    1. ඒ ප්‍රශ්ණ වලට උත්තර හෙමිට කතාවෙන් මම කියන්නම්..

      Delete
  6. සේරම කොටස්ටික බැලුව....
    “වහල්ලු“න්ට
    කිසිවක් නොකියමි...
    නිහඬව රසවිඳිමි....

    ReplyDelete
    Replies
    1. අවසානයේ අදහස් බලාපොරොත්තු වෙමි..

      Delete
  7. අයියෝ... ගාමිණී මාමා මළාද? හිතුවෙ වත් නැති දෙයක්.. දැන් ඉතින් ලියමුකො ඉතුරු ටිකත් අයියා..:)

    ReplyDelete
    Replies
    1. අපි නොහිතන දේවල් කොච්චරනම් වෙනවද? අනිත් කොටස ඉක්මනින් ලියනවා..

      Delete
  8. බලමු ඉස්සරහට මොකද වෙන්නෙ කියල

    ReplyDelete
    Replies
    1. අපි උපේක්ෂාවෙන් බලාගෙන ඉමු නේද මාමේ..

      Delete
  9. ඊලඟට වෙන්නේ මොකද කියලා හිතාගන්න බෑ.

    ReplyDelete
    Replies
    1. මේ කතාවේ අවසානයට තව ගොඩක් දුර නෑ අයියේ..

      Delete
  10. දේශපාල පොර පිටියේ හැටි ඔහොම තමයි...
    ඉතිරු ටිකත් දාන්නකෝ ඉක්මණ ට. යහපත් අවසානයක් ලැබෙයි කියලා හිතනවා...

    ~~~**දඟ මල්ල**~~~

    ReplyDelete
    Replies
    1. දේශපාලන පොර පිටියේ ලේ ගෑවුන තැන් බොහොමයි.. හොද අවසානයක් ලියන්නම්..

      Delete
  11. අනේ ගාමිණි පව්

    ReplyDelete
    Replies
    1. දේශපාලනය නිසා මියගිය අය කොච්චර ඉන්නවද..

      Delete
  12. අප්පද බොල ගාමා ගුටි කාලා .. :)

    ReplyDelete
    Replies
    1. ගුටිකාලා විතරක්ම නෙමෙයි සෑමෝ..

      Delete
  13. මාර සීන් එක නේ ..මොනවා වෙයිද.....

    ReplyDelete
    Replies
    1. අපි බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා..

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්