Monday, 23 January 2012

නොඑන්න මගේ සිහිනයට

ආදරය කියන්නේ හරි අපූරු දෙයක්.. ඒක කාටවත් තාම හරියට තේරුම් ගන්න බෑ.. මේ මටත් එහෙමමයි.. මගේ ජීවිතේටත් ආදරේ ලං උනේ මම කවදාවත් බලාපොරොත්තු නොවුන විදිහකට.. ඇය මෙනුෂා.. ඇගේ ලස්සන දෑස් වලට මම ආදරේ කලා.. අහම්බෙන් වගේ මුණ ගැහුණ ඒ දෑසට මම ආදරේ කරන්න පටන් ගත්තේ කවදද කියලවත් මම දන්නේ නෑ..

නිතර දෙවෙලේ දකින ඔයාත් එක්ක මට කතා කරන්න ආසා හිතුනා.. ඒත් මගේ හිත ටිකක් පස්සට ඇදිලා ගියා.. මං වගේ කෙනෙක් එක්ක ලස්සනම ලස්සන ඔයා කතා කරාවිද මම මොහොතකට හිතුවා.. ඒ හින්දම වෙන්න ඇති මම ඔයාගේ ඇස් දෙක දිහා බලාගෙන තනියම කතා කලේ.. ඔයා නොදන්න කොච්චරක්නම් දේවල් මම ඔයා එක්ක කියන්න ඇත්ද..

ඒත් එක දවසක් අහම්බෙන් වගේ ඔයා මාත් එක්ක කතා කලා..

“ හායි..”

“ හායි.. කොහොමද මෙනුෂා?”

“ හොදයි.. ගොඩක් දවස් ඉදන් දැක්කත් අපිට වචනයක්වත් කතා කරන්න බැරි උනානේ..”

එදා එහෙම නොහිතපු වෙලාවක ඇරඹුන කතාව මගේ හිත කොයි තරම් දුරකට අරං ගියාද.. සමහර දවස් වලට අපි ගොඩක් වෙලා කතා කර කර හිටියා.. ඔයා ඔයාගේ ජීවිතේ ගැන බොහෝමයක් දේවල් මාත් එක්ක කිවුවේ මම අහන්නත් කලින්.. වචනයට පෙරල ගන්න බැරි ආදරයක් මේ හිතේ රැදුන බව ඔයා මොහොතකටවත් දැනන් හිටියේ නෑ කියලා මම දන්නවා..

කාලය ටිකින් ටික ගෙවෙද්දි අපි ගොඩාක් හොද යාළුවෝ උනා.. අපි කතා නොකරපු දවසක් නොතිබුන තරම්.. ඒත් හැමදාම මම මගේ හිතින් පස්සට ගියා.. දවසක් මේ හැම දෙයක්ම වෙනස් උනේ මම හීනෙකින් වත් බලාපොරොත්තු නොවුන විදිහට.. ඔයා තව කෙනෙක්ගේ දෑතේ එල්ලිලා ඉද්දි මේ හිතට දැනුන වේදනාව ඔයා තාමත් දන්නේ නෑ කියලා මම දන්නවා..

“ අනේ මට සමාවෙන්න.. මම ඔයාට කියන්නමයි හිටියේ..”

ඔයාගේ ඒ වචන කවදාවත් නැතුව මම අවිශ්වාස කලේ අයි කියලා මට එවෙලේ නොතේරුනත් මගේ හිත හරි කියලා මම දන්නවා.. ඒත් ඒ බව මම ඔයාට ඇගෙවුවේ නෑ.. වෙනදා වගේම කතා කලා.. යාළුවෝ විදිහට.. ටිකින් ටික මම ඔයාගෙන් ඈත් උනේ ඔයාට ඒක නොතේරෙන්න..

“ උඹට ඔය කෙල්ලට ලවු කරන්න පටන් ගනිද්දිම මම කිවුවනේ..”

“ හරි මචං.. දැං ගිය දේ ගියා..”

“ ඕක ඔහොම නැවතුන එක හොදයි..”

“ කවුද බං මෙහෙම දෙයක් හිතුවේ..”

“ ඒකතමයි ගොනෝ අපි කිවුවේ.. ඔය ෆේස්බුක් වල කෙල්ලන්ට ලවු කරන්න එපා කියලා..”

මගේ මිතුරාගේ කතාව ඇත්ත කියලා මම තේරුම් ගනිද්දි කාලය ගොඩක් පහු වෙලා.. ඒත් මේ තුවාලය සනීප කරන්න පුළුවන් බව මම දන්න නිසා මම ගොඩක් දුක් වෙන්නේ නෑ.. අපි අන්තිමට කතා කරලා දැන් ගොඩක් කාලයක් වෙනවා.. ඒත් ඒ අතර තුර කාලයට ඔයා කී වතාවක් එක එක නම් තියෙන අය ඔයාගේ රිලේශන්ශිප් වලට ඇඩ් කලාද.. ඒත් නුඹට හිතින් ආදරේ කල මම?


ආදරයට දුක් ගී කියන
නිසන්සල ගොළු රෑක
අදුරු වලාවන් අතරසැගවුන 
සදක් විලසින
අතීතයේ නිහඩ සේයා අතර
අතරමංව ඇවිදින මසිතට
සුරඟන දෙනෙතින් 
ආදරය අරන් 
නොඑන්න මගේ සිහිනයට
යලිත් නුඹ....





ප.ලි - මේ කතාව මගේ ජීවිතේට කොහෙත්ම සම්බන්ද නැති බව සලකන්න.. මේක මේ කවියට ගැලපෙන්න හිතට නැගුන සිතුවිල්ලක් විතරයි..


56 comments:

  1. ඔහොම දේවල් ඉතින් හරි ගියොත් හරි ගියා වැරදුනොත් වැරදුනා ම තමා..

    ReplyDelete
    Replies
    1. හරි යන ඒවනම් හරිම අඩුයි අක්කේ දන්න තරමින් නම්..

      Delete
  2. ලස්සන කතාවක්...ඇත්තටමත් වෙනව ඕවා.....

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව්.. ඕන තරම් මමත් අහලා දැකලා තියෙනවා..

      Delete
  3. අපරාදේ කෙල්ලට පීසා එකක් මිස් වෙලා....

    ReplyDelete
    Replies
    1. ඔව් කෙල්ලට අයියලා වගේ යාළුවෝ ටිකක් හිටියනම් වෙන්නේ ඒක තමයි..

      Delete
  4. අතීතයේ විහඟ ගී මැද
    තෙලි තුඩකින් සිත්තම්වුණ
    රූ සටහන් නුඹ නමින් හිත තුල..
    ‍වසාගෙන සඳ කිරණින්..
    මඟ බලා සිටි මට..
    හිමි වූ ගොළු සිතට
    අහිමි වූ නුඹ වදන..!
    ~ආදරය~

    ReplyDelete
    Replies
    1. මට හිමි වු මගේ හිතේ
      අහිමි වු වදන නුඹ
      යලි යලි මැවෙද්දි නෙතග
      හිදිමි නොදුටුව විලසට..

      Delete
  5. Replies
    1. ඕව ඔහොම තමයි අයියේ..

      Delete
  6. හැමදාමත් වගේ ලෙසටම තියෙනවා මචං..

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචං..

      Delete
  7. සටහන , කවිය එක්කම චිත්‍රයත් හරිම ලස්සනයි ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අය්යේ..

      Delete
  8. සේරටමත් වඩා පින්තූරෙ හිතට වදිනවා.

    ReplyDelete
    Replies
    1. මට ලියපු දේට හරියටම ගැලපෙන් පින්තූරයක්.. බොහොම අමාරුවෙන් හම්බුනේ..

      Delete
  9. නුඹේ සිත ළඟ
    දැනුනු උනුසුම
    සොයා ගොස් වල්මත්ව
    ලතැවෙන
    සීතලෙන් ගැහි ගැහී
    නුඹම සොයන සඳ
    මුවින් නොදොඩා
    ඉන්නෙ කිම නුඹ...

    (අද කවියෙ අකුරු විනිස නම් අවුල් මලේ..හැදුවොත් ලස්සනට තියෙයි..)

    ReplyDelete
    Replies
    1. නුඹ නොදොඩා
      අහක බලාගෙන
      තනිකර මේ හිත
      නුඹට ආදරේ බව නොදැන..

      Delete
  10. ආදරයක් ඇතිවෙන්න තත්පරයක් උණත් ඇති!
    (මම හිතන විදියට)

    ReplyDelete
    Replies
    1. මමත් එහෙම තමයි හිතාගෙන හිටියේ.. ඒත් දැක්ක ගමන් ඇතිවෙන්නේ ආදරයක් නෙමෙයි ආසාවක් කියලා කෙනෙක් කියලා තියෙනවා..

      Delete
  11. හම්මේ ඔය රිලේෂන්ෂිප් කාලෙන් කාලෙට මාරු කරන අය නම් මටත් හම්බවෙලා තියෙනවා. :D

    ReplyDelete
    Replies
    1. එහෙනම් අයේෂා නංගී ටිකක් කල්පනාවෙන්..

      Delete
  12. සිතුවිල්ලක් වුනාට ඒක ලස්සනට ලියල තියනවා ඉතින්. මුලින් කියවද්දි හිතුවෙ මේ අයියට වුනු දෙයක් කියලා. කොහොම වුනත් සයුරි අක්කා කියන එකත් ඇත්ත තමා.
    (මේ පැත්තෙ ආවෙ සෑහෙන කාලෙකින්. අවුරැද්දට වෙනස් වෙලා වගේ.ලස්සනයි)

    ReplyDelete
    Replies
    1. ඒ හින්දම තමයි මම අනිතිමේ මේක සිතුවිල්ලක් විතරයි කියලා දැම්මේ.. මේ අළුත් ඇදුම අන්දලා වැඩි දවසක් නෑ දැන්..

      Delete
  13. facebook ආදරයක්නෙ... අන්තිම වෙනකල් මට තේරුනේ නෑ නෙ.ඒක තේරෙන්නෙ නැති තරමට ලියලා...

    ReplyDelete
    Replies
    1. අන්තිමේ යාළුවා කියන දෙබසට එනකම් ඒක නොකියා ඉන්න මම ගොඩක් උත්සාක කලා..

      Delete
  14. හ්ම්ම්.... ෆේස්බුක්... රිලෙෂන්ශිප්.... කොල්ලො... කෙල්ලො... අනේ මන්ද :(

    ReplyDelete
    Replies
    1. මේවා ගැනනම් කතා කරලා වැඩක් නෑ නේද නංගී..

      Delete
  15. මේ ඇත්තම කතාවක්ද අයියේ?

    ReplyDelete
    Replies
    1. නෑ වර්ණා නංගී.. මටවත් මට සම්බන්ද කාටවත් උන දෙයක් නොවුනට මුහුණුපොතේ ගොඩ දෙනෙක්ට පොදු කතාවක්..

      Delete
  16. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්... වෙලාවට අර අන්තිමට //ප.ලි - මේ කතාව මගේ ජීවිතේට කොහෙත්ම සම්බන්ද නැති බව සලකන්න.. මේක මේ කවියට ගැලපෙන්න හිතට නැගුන සිතුවිල්ලක් විතරයි..// දාලා තිබ්බෙ.. :D

    මොකද නැත්තම් මම මුල ඉඳන්ම කියවන්න ගත්තෙ මේකෙ මම=දිනේෂ් අයියා කරගෙන..:D හික්ස්ස්..

    මෙයාට වෙච්ච දෙයක්ද මන්දා.. බොරුවට ප.ලි දාල තියෙන්නෙ..

    ලස්සනයි නපුරෝ......!!!

    ReplyDelete
    Replies
    1. ඔයා කැමැත්තක් හිතා ගන්නකෝ..

      Delete
  17. කරුණාරත්න දිවුල්ගනේගෙ “පෙම් කවක් ලියූ ඔබ“ කියන සිංදුව මතක්වුනා....
    ඇත්තම අද්දැකීමක් වගෙයි දැනෙන්නෙ කියවනකොට...:)

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ සිංදුවනම් ලස්සනට මේ කතාවට ගැලපෙනවා.. නෑ නෑ මේක සිතුවිල්ලක් විතරයි..

      Delete
  18. ආ...මේ....ෆේස් බුක් ලව් එකක්නෙ

    ReplyDelete
    Replies
    1. ඔබා මාමට සෑහෙන ඒ ගැන අත්දැකීම් තියෙන පාටයි මේ කියපු විදිහෙන්නම්..

      Delete
  19. අනේ මන්දා,.. ආදරේ හරිම පුදුමයි අයියා,. අපිට වේදනාවක් දෙන අය ඒකෙන් අපේ හිත කොච්චර රිදෙනවද කියන දේවත් හිතන්නේ නෑ,.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත නංගී.. ආදරේ නිසා වේදනා විදින හිතක දුක ඒ වෙදනාව දුන්න හිතට දැනෙන්නේ හරිම අඩුවෙන්..

      Delete
  20. අයියා දන්නව නේ මගේ සීන් එක.. මාත් කියන්නේ ආයි එන්න එපා කියලා තමයි. අර පින්තුරේ පට්ට ...

    ReplyDelete
    Replies
    1. හිත හදාගමු මලයා.. ඕවා ඔහොම තමයි...

      Delete
  21. ආදරේ කෙසේ වෙතත් ලිවිමනම් එලම බ්‍රා.. සිරාවට..

    ReplyDelete
    Replies
    1. මොකද ආදරේ ගැන තරහවකින් වගේ..

      Delete
  22. හෆොයි කතාවනම් හැබැයි මටම කිව්වා වගේ....

    ReplyDelete
    Replies
    1. අපි ගොඩ දෙනෙක් ෆේස්බුක් කුමාරිකාවන්ට ආදරෙයිනේ.. එහෙම නේද??

      Delete
  23. ඔවුවා නම් ෂුවර් කරන්න බෑ මල්ලි !
    හරි ගියොත් හරි ! නැත්නම් හුලං තමා !

    ReplyDelete
    Replies
    1. හරි යනවා කෙසේ වෙතත් අයියේ අන්තිමේ හුලං බවනම් ශුවර්..

      Delete
  24. මට අන්තිම වෙනකම් ම හිතුනේ අත්ත කියලා.. කතාවටත් වඩා කවිය සිරා.. එල!

    ReplyDelete
    Replies
    1. රේ කියන්නේ මගේ උත්සාහට සර්ථක වෙලා තියෙනවා.. ස්තූතියි යාළුවා..

      Delete
  25. මම හිතුවේ අවාසනාවට ඇත්ත කතාවක් කියලා....

    ReplyDelete
    Replies
    1. සමහරුන්ට නම් එහෙම තමයි.. ඒත් මම දැං ඔය සබ්ජෙට් එක කරන්නේ නැති නිසා අවුලන් නෑ..

      Delete
  26. වෙනද වගේම ලස්සනයි මචං

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් කස්ස..

      Delete
  27. Replies
    1. තෑන්ක්ස් අක්කේ..

      Delete
  28. කතාවයි කවියයි 2ම ගළපල නියමයි....

    ReplyDelete
  29. මුල ඉදන් අගටම කියෙවුවා...වර්ණ තුළ අපූර්ව වර්ණයක් මට මේක....
    සුභ පැතුම් මගෙ මල්ලියේ...

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්