Sunday, 22 January 2012

දෑස රැදුන තැන්

මම කලින් දවසක ලියපු ඉස්සර වැඩ කින පෝස්ට් එකේ මගේ කලින් එකතුන් ගැන දැම්මනේ.. ඉතින් ඒකේ අන්තිමේ මම කිවුවා මගේ ඊළග එකතුව පුළුවන්නම් ගෙස් කරන්න කියලා.. ඉතින් ගොඩක් දෙනෙක් දුන්න උත්තරයක් තමයි මම ඔය රස්තියාදුවේ යන තැන් වල ගත්ත පින්තූර එකතුවක් වෙන්න ඇති කියලා..

ඇත්තම කියනවනම් ඒක එහෙම දෙයක් නෙමෙයි.. ඒ ගැන මම මේ සතියේ දවසක පෝස්ට් එකක් දාන්නම්.. ඒ උනත් ගොඩක් දෙනෙක් පින්තූර ගැන කතා කල නිසා මට හිතුනා මං අරගත්ත මට ලස්සනයි කියලා හිතෙන පිංතූර ටිකක් ගැන කතා කරන්න..

ඔය චාරාරූපකරණය ගැනනම් මම මහ ලොකු දෙයක් දන්නේ නෑ.. ඇත්තම කියන්න එපැයි.. ලංකාවේ ඉද්දි උනත් මම ඔය ගැන එච්චර උනන්දුවක් තිබුනේ නෑ.. පස්සේ ඉතින් ඉතාලියට සැපැත් වෙලා ඉද්දි අපේ අංකල්ගේ NICON  D 50 කැමරාව පාවිච්චි කරද්දි තමයි මට මේ ගැන් ආසාවක් ආවේ..

ටික කාලෙකින් මගේ අතට ආව CANON EOS 550 කැමරාව මගේ තනි නොතනියට හිටිය මගේ අපූරු යාළුවෙක් උනා.. යන හැම රස්තියාදුවකම ඔකත් අරගෙන තමයි යන්නේ.. 16GB මෙමරියක් තියෙන මේ කැමරාවෙන් මම හිතේ හැටියට ෆොටෝ අර ගත්තා.. ටිකින් ටික කැමරාව පුරුදු උනා.. හරි ඒ වැඩි කතා ඕනේ නෑ.. මම අරගත්ත ෆොටෝ වලින් මගේ හිත ගත්ත පින්තූර ටිකක් පහල දාන්න කියලා මම හිතුවා.. 


මේ ඉන්නේ අපේ තාත්තා.. අපි දවසක් බෝට්ටු සවාරියක් ගිය වෙලාවේ තමයි මේක ගත්තේ..
මේ අපේ අම්මා.. මේ ෆොටෝ එකනම් හැබැයි මම අරගත්තේ ඔය කැමරාවෙන් නෙමෙයි.. 


මේ අපේ අයියා.. මේක ගත්තෙත් අර බෝට්ටු සවාරියේදිම තමයි.. මෙයත් බ්ලොග් ලියන්න එන්න තමයි හිතාගෙන ඉන්නේ.. 


මේක ගත්තේ මේ පාර ලංකාවට ගිය වෙලාවේ..


මේ පින්තුරේ මට ගොඩක් වටින්නේ ඇයි කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ..




මේ කඩුපුල් මල හරියටම පිපුනේ අපේ අක්කගේ වෙඩින් එක දවසේ.. ඒත් මම ෆොටෝ එක ගනිද්දිනම් ටිකක් ප්‍රමාද උනා..


මේ අපේ ගෙදරට ආව අමුත්තෙක්.. මෙයාගේ කූඩුව තිබුනේ අපේ ගෙදර.. අම්මාගෙන් අත ඇරුන මෙයා ගොඩක් දවසක් හිටියේ අපි ලග.. මේ නිදහසේ පියාඹන්න මොහොතකට පෙර..






මේ ඉතින් අපේ අක්කගේ මල් වගාවනේ..








මේ මම ලංකාව ගිය වෙලේ නෑදෑයෝ බලන්න දෙහිවල ගිය වෙලේ ගත්ත ඒවා..


මේක මේ සෙල්ල කතරගමදී අතරමග අහම්බෙන් දැක්ක දෙයක්.. 


මෙයානම් දවසක් අපේ වත්තේ ඉදලා අරගත්තේ.. ගොඩක් ලගටම ගිහින් මේක අරගත්තේ.. බලන්නකෝ ඉන්න ලස්සන..


මේ අපේ ගෙදර චන්ඩියා නැති උනාට පස්සේ පාරේ ඉදලා අරං හදා ගත්ත එක්කෙනා.. 






මේ වැනිසියේදී..


මේක කවදා කොහේදි ගත්තද කියලා නම් මතක නෑ..


මේ මම වැනීසියේදි.. හැමෝගෙම ෆොටො ගන්න මට අයියා නැති උනාම මගේ ෆොටෝ එකක් ගන්න කවුරුවත්නෑනේ.. ඉතින් මේ මම ගත්ත මගේම එකක්..
අවසානයේ මම මගේ කැමරා මිතුරා එක්ක.. මේක ගත්තේ මම  නෙමෙයි හොදේ..


 
ප.ලි - මේකේ හැම තැනම මේ කැමරාව මගේ යැයි පැවසුවද එහි අයිතිය අපේ අයියාගේ බව කරුණාවෙන් සලකන්න..

ප.ප.ලි - මම චායාරූපකරණය ගැන දැනුමක් ඇති කෙනෙක් නොවේ.. මේ විනෝදයක් වශයෙන් ගත් ඒවා පමනි..






57 comments:

  1. මම එක වෙන එකක් නෑ...කමක් නෑ..

    කනාවට හරි අයියගෙ කැමරාවෙන් ලස්සන ෆොටෝ වැදිලා තියෙන්නෙ ඔය. මම අඅසම අඅසයි අර පරවියා ඉන්න ෆොටෝ එකට.. ඔක්කොම ෆොටෝ මටනම් ලස්සනයි අර එකක් දෙකක් ඇර. (රස්තියාදුකාරයා ඉන්න ෆොටෝ හැර) ;)

    ReplyDelete
    Replies
    1. ආ දැං එහෙමද හිතන්නේ?? මේවා ඉතින් නපුරු කට්ටිය ඉරිසියාවට කියන කතානේ.. අපි සැලෙන්නේ නෑ..

      Delete
    2. හා.. සැලෙන්න එපා අයියා.. මම තවත් නපුරු ව්එනවා.. ඉන්නවකෝ..:p

      Delete
  2. හ්ම්ම් හ්ම්ම් දකින්නත් ආසයි මේ වගේ දසුන්

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. ආයේ ආයේ උනත් බලන්න පුළුවන්..

      Delete
  3. මම එක වෙලා....:D ජය වේවා!!!

    ReplyDelete
  4. දැන්නෙ දන්නෙ දෙහිවල මල්ලිගෙ නෑදෑයො ඉන්නවා කියලා..!!
    අපූරු පින්තූරු ටික..

    ReplyDelete
    Replies
    1. අපි කාගෙත් පරණ නෑයෝ ඉන්නවා අක්කේ දෙහිවල... :)

      Delete
  5. ඡායාරූපකරණයට කලාත්මක ඇහැක් තිබුනාම ඇති මම හිතන්නෙ!
    ඇත්තටම හොදයි!

    ReplyDelete
    Replies
    1. ඔව් ඒකනම් ඇත්ත.. ඒත් තාක්ෂණය පැත්තෙන් ගොඩක් දේවල් තියෙනවා දැනගන්න.. විශේෂයෙන්ම මම මේ පාවිච්චි කරන කැමරාවේ..

      Delete
  6. සිරා මචං උපරිමයි.. !

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් සෑමා..

      Delete
  7. හැම එකාම පොටෝ දාල දාල මාව අවුස්සනවනෙ ඉතිං.. තද වෙනව හරිය..

    එල පොටෝ ටික :)

    ReplyDelete
    Replies
    1. ඉවසන්න සාතන් ඉවසන්න.. ඔහොම කේන්ති අරන් බෑනේ..

      Delete
  8. lassanayi ayiya godak.....(samahara than waladi 4to tikak light wadi nadda...)

    ReplyDelete
    Replies
    1. වෙන්න පුළුවන්.. මම ඉතින් තාම මේ වැඩේට අළුත්නේ..

      Delete
  9. අර මල්වල ෆොටෝ ටික නම පංකාදු පහයි..මම දන්නා විදියට ඔය කැමරා එකත සුපිරි නේද

    ReplyDelete
    Replies
    1. තව ගොඩක් මල් වල ෆොටො නම් තියෙනවා.. ඒත් දැම්මේ නෑ.. දැං තියෙනවා මීටත් වඩා සුපිරි කැමරා.. ඒවායේ ඉතින් ගානත් එහෙමම තමයි..

      Delete
  10. ෂඃ... ඒකද කලෙක්ෂන් එක.. මේකනෙ කලෙක්ෂන් එක..... :) මරු අයියේ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ස්තූතියි.. බලමුකෝ මම එදා කියපු කලෙක්ශන් එක දැම්මම නංගී මොකද කියන්නේ කියලා..

      Delete
  11. හැකියාවක් ඇත.පළුඳු වෙන්න නොදී ඔපදාගත්තොත් වටිනාකමක් තිබේ.මචං නෑදෑයෝ ඉන්නේ කොයිහරියේද..ඇතුල් වෙන කිට්ටුවද නැත්නම් ඇතුලට වෙන්න වගේද..

    ReplyDelete
    Replies
    1. හැකියාවක් තිබුනට අත දෙන්න මිනිස්සු නෑනේ... :)

      නෑදෑයෝ ඉන්නේ මැද හරියට වෙන්න.. ගිහින් අහන්නකෝ.. එතකොට කියාවි..

      Delete
  12. මාත් මාරම ආසයි ෆොටෝ ගන්න. ඒ වුනාට මම ගහන ෆොටෝ වලට අපේ උන් හිනා වෙනවා.:( අපේ ඉතින් ෆෝන් එකේ තියන කැමරා වලින් ගන්න ෆොටෝ කොහොමත් වැඩක් නෑ නේ.

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න එපා.. දැං ෆෝන් වලත් හොද කැමරා තියෙනවා.. මොකද කසුනා ගන්න ෆොටෝ වල ඔළු නැද්ද??

      Delete
  13. ko mage photo ekak dala nane :P

    ReplyDelete
    Replies
    1. උඹේ ඒවා දාන්න ඉඩ නෑනේ.. ඔය සද්දන්ත සරීරේ කොහොමද කැමරා කාචයකට අර ගන්නේ..

      Delete
  14. මාර ලස්සන පින්තූර ටික . මට නම් කිසි දවසක කැමරාව හරි හැටි ආම්බං කරන්න බෑ

    ReplyDelete
    Replies
    1. මටත් කාලෙකට ඉස්සර ඔහොම තමයි.. කවුරුවත් කැමරාවක් අතට දුන්නේ නෑ..

      Delete
  15. ලස්සන පොටෝ ටික අනේ.... ආසාවේ බැරුවා

    ReplyDelete
    Replies
    1. හොරෙන් උස්සනවා එහෙම නෙමෙයි ඔන්න..

      Delete
  16. ලස්සන කලෙක්ශන් එකක් .....

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් අයියේ..

      Delete
  17. ම්ම්ම්...මරු ෆොටෝ ටික! මල් ටික තමයි මට නම් ලස්සනම!

    ReplyDelete
    Replies
    1. අපේ අක්කට පිං සිද්ද වෙන්න තමයි ඉතින් ඒ ටික ගන්න පුළුවන් උනේ..

      Delete
  18. මම ආසම ෆොටෝ එක තමයි අර නිල්ම නිල් පාට පසුබිමේ තියන සුදු පුංචි බෝට්ටුව..අපි කැම්පස් ඉද්දි පොටෝග්‍රැෆි සබ්ජෙක්ට් එකක් කරා විෂය බාහිර කෝස් එකක් විදියට...ඒක නම් මරු

    ReplyDelete
    Replies
    1. වැඩේ කියන්නේ අක්කේ ගත්ත මට මතක නෑනේ ඒක කොහේදි ගත්ත එකක්ද කියලා.. නමක් නැති ෆෝල්ඩර් එකක ඒක තිබුනේ.. එහෙනම් අක්කට පොටෝග්‍රැපි ගැන හොද දැනුමක් ඇති..

      Delete
  19. පුංචි කුරුළු පුංචටයි,පරවියටයි,කිඹුල් පැටියටයි (හූනෙක්ද මංදා) , තනි රුවල් නැවටයි තව මූණු පොතේ තිබුණ වැනීසියෙන් ගත්ත වෙස් මූණු ගොඩ තියෙන ෆොටෝ එකයි ගොඩක් ලස්සනයි.. ඡායාරූපීකරණයට අළුත් වුණත් සමහර ඡායාරූප ප්‍රවීනයන් මට්ටමින් අරන් තියෙනවා කියලයි මට නම් හිතෙන්නෙ.. :) සුන්දර හිතකුයි, ලස්සන ඇහැකුයි තියේ නම්.. තාක්ෂණය පැත්ත අමාරු නැහැ ඉගෙන ගන්න.. :)
    (මම නෑ මෙහෙම කලෙක්ෂන් එකක් ගැන කිව්වේ.. :D

    ReplyDelete
    Replies
    1. හූනෙක් නෙමෙයි ඒ.. කිඹුලෙක් තමයි.. බලමු බලමු මම තාම මේ පැත්තට ආවා විතරනේ..

      Delete
  20. ඇත්තටම මට නම් ගොඩාක් හිත ගියේ අර අං තට්ටුවේ පින්තූරෙට... මොකෙක්ද ඒ.... දඟර වැටිච්චි අං තට්ටුවක්... හරිම ලස්සනයි....

    ReplyDelete
    Replies
    1. ඒ අප්‍රිකාවෙන් ගෙනාපු සතෙක්.. මට දැන් නම මතක නෑ..

      Delete
  21. දන්නැහැ කිව්වට ඔය තියෙන්නෙ ලස්සනට පින්තූර ටික..මම අර ගෙදරට ආපු චුටි කුරුලු අමුත්තා සේව් කරගත්ත..

    ReplyDelete
    Replies
    1. ඒ කුරුළු පැටියගේ පින්තූරේ අරන් නම් දැං ගොඩක් කල්.. අවුරුදු 5ක් විතර මහේ හිතේ.. ඒක ගත්තේ මම ඔය තියාගෙන ඉන්න කැමරාවෙනුත් නෙමෙයි..

      Delete
  22. හ්ම්. හොදයි වැඩේ. අර Group sex එක තමයි හොදඑක:)

    ReplyDelete
    Replies
    1. මම මේ වචනේ දැක්කගමන් ආයෙම උඩට ගිහින් බැලුවා මොකක්ද කියලා.. පස්සේනේ තේරුනේ...

      Delete
  23. දෙහිවල එක්කෙනෙකුට දරුණු කෑම හිඟයක් වගේ

    ReplyDelete
    Replies
    1. ඒ කවුද ඔබා මාමේ??

      Delete
  24. හරි හරි...ටික දවසක් යනකොට හරියාවි....මමත් ඔය කිවට තාමත් වරද්දනවා ෆොටෝ ගන්න ගියාම....හික්ස්....

    ReplyDelete
    Replies
    1. සමහර වෙලාවට ඒ වැරදිලා වදින ෆොටෝ වල අමුතු ලස්සනක් තියෙනවා...

      Delete
  25. අර උඩ ඉන්න බොලාගේ අයිය..... ඌද අර නිලියක් එක්ක අඹ ගහ උඩට වෙලා සෙවල පෙරුවේ....

    ReplyDelete
    Replies
    1. තාම එක මතකයි නේ??

      Delete
  26. මමයි යාළුවො ටිකකුයි ට්‍රිප් එකක් ගිය වෙලාවක කට්ටිය සීගිරිය උඩටම නැගල කරදරේ ඒ අයගෙ ෆොටෝ ගන්න කියල.මමත් ඒ දවස් වල ෆොටෝ ගැන දැනන් හිටියෙ නැහැ.ගත්තෙත් රීල් දාන කැමරාවකින්.සුද්ද කරල බලද්දි කට්ටියව පෙනුනෙ අබ ඇට ටිකක් වගේ.මට හොදටම බනිනව.මගේ ෆොටෝ ගත්තෙ මම නෙවේ නිසා ඒ ටික හොඳට වැදිල තිබුන......

    ලස්සන ෆොටෝ ටික.ලන්කාවට ගිය වෙලාවක මමත් ඔය නෑදෑයින්ව බලල එන්න යන්නම්කෝ........

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ මගෙත් අත්දැකීම් ඔහොම තමයි.. සමහරුන්ගේ ඇගෙන් භාගයක් තියෙන්නේ ෆොටො වල.. :)

      ගිය වෙලාවක නෑදෑයෝ ටික බලලා එන්නකෝ..

      Delete
  27. පින්තූර ටික නම් ෂෝක්...මම ආසම අර බලුස් ගොයියා ගෙට්ටුව අස්සෙන් බෙල්ල දාගෙන ඉන්න පින්තූරයට...එයා නම් නියමයි...

    ආ...එහෙනම් මල්ලිගෙ නෑයොත් දෙහිවල පැත්තෙ ඉන්නවා නේද ?

    ReplyDelete
  28. ම්ම්ම්ම්ම් නයිස් කලෙක්ෂන්...

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්