Thursday, 19 January 2012

වහල්ලු - නමවන දිගහැරුම




“ මොනවා උනත් ගාමිණි මල්ලි ඉස්සරහට ගොඩක් ප්‍රශ්ණ ඇති වෙයි කියලා මට හිතෙනවා..”

දින කීපයකට කලින් වත්තට ආ රණවීර හා ඇති කර ගත් නෝක්කඩුව නිසා සුනිල්ගේ ජිවිතයට කරදරයක් ඇති වේයැයි බිය වු කමලා දිනක් ගාමිණි මුණ ගැසී ඒ බැවු පැවසුවේ පුතාගේ ජීවිතයට අනතුරක් වේයැයි හිතේ තිබු බය නිසාමය..

“ ඒ මොකෝ කමලා අක්කේ?”

“ නෑ බං.. එදා රැස්වීම වෙලාවේ උඹයි ගුණේයි රණවීර මංත්‍රී තුමාට කතා කලා සැර වැඩියි කියලා මට හිතෙනවා බං.. ඒකෙන් අපි කාගෙ කාගෙත් ජීවිත අනතුරට වැටුනනේ..”

“ මට තේරෙනවා කමලා අක්කේ.. උඹ කොල්ලා ගැන බය වෙන්න එපා.. උන්දෑ මේ වත්තේ හැම එකෙක්වම පස් යට වැලලුවත් සුනිල් පුතාට මුකුත් කරන්න බෑ..”

“ එහෙම කියන්න එපා ගාමිණි මල්ලි..”

“ අක්කේ උඹ බය වෙන්න එපා.. අපි දැං මේ ගඟට බැහැලා භාගයක් දුර පීනන් ආවනේ.. ඉතුරු ටිකත් මේ වගේම යං.. උඹ කොල්ලා එක්ක මේ විකාර කතා නොකර හිටපන්.. නැත්තං ඌ නිස්කාරනේ හිතින් බය වේවි..  මම යනවා කොල්ලගේ ඊළග රැස්වීමේ පෝස්ටර් ටිකක් අලවන්න..”

එදා රැස්වීමෙන් පසුව වත්තේ කාගෙත් ජීවිත වලට තර්ජන ආ බව කාටත් නොරහසක් වූවත් ඒ කිසිවක් කිසිවෙකුත් මායිම් නොකලේය.. සුනිල්ගේ ජයග්‍රහණය ඒ හැම ප්‍රශ්ණයකටම විසදුම බව ඔවුන් දැන සිටියේය.. හැමෝගේම ජීවිත වල ඉරණම රැදුනේ සුනිල්ගේ අතේය.. ඒ ආයෙම රණවිර මැම්බර් උවහොත් තමන්ට මූණ දෙන්නට වෙන අනාගතය ගැන හැමකෙනෙක්ම දැන සිටි නිසාවෙන්ය..

“ ඒ රවියා වරෙන් යන්න මේ පෝස්ටර් ටිකක් අලවලා එන්න..”

“ හරි ගාමිණි අයියා.. කොහාටද යන්නේ?”

“ 8කණුව පැත්තට යමු..”

“ මම එද්දිම වගේ රණවීරගේ කොල්ලො ඒ පැත්තේ පෝස්ටර් වැඩේ පටන් අරං තිබුනා..”

“ හ්ම්ම්.. ඒකත් එහෙමද..”

“ මොකද කරන්නේ ගාමිණි අයියා.. අපි යනවද?”

“ අපිත් ඒ පැත්තෙම යන එක ඒ තරම් හොද නෑ.. යමුකෝ යමිං ගමන කල්පනා කරමු..”

“ මේ අපි දෙන්න විතරක්?”

“ ඇයි උඹ බයද?.. ඔය යන ගමන් තව දෙතුන් දෙනෙක්ට කතා කරගෙන යමු..”

රාත්‍රිය ටිකින් ටික උදා වෙත්ම පහන් කණු වල විදුළි බුඹුළු යටින් පාරට ආ ගාමිණි ඇතුළු පිරිස කලින් වතාවන් වල මග හැරුන මාවත් දිගේ පෝස්ටර් අලවමින් ඇවිදන් යන්නට විය..

“ ගාමිණි අයියේ.. අපේ ආරක්ශාවට අපි මුකුත් ගෙනාවෙත් නෑ..”

“ ඇයි ඔය අතපය තියෙන්නේ.. පුළුවන් තරම් අත් දෙකෙන් ගහමු.. බැරි වෙද්දි දුවමු..”

“ විහිළු නෙමෙයි ගාමිණි අයියේ.. අපි එහෙම ආවට අනිත් අය එහෙම එන්නේ නෑනේ..”

“ ඒක ඒ වෙලාවට බලමුකො බං.. කෝ මේ කණුවෙත් පොස්ටර් එකක් අලවපං..”

                                    ......................


“  ඒ අර ගාමිණියා නේද ඉන්නේ?”

රාත්‍රී අදුර අතරින් පොස්ටර් අලවමින් උන් ගාමිණිව දුටු රණවීරගේ ගෝලයෝ ඈතින් නැවති ගාමිණිලා දෙස බලාසිටියේය..

“ අපි මොකද කරන්නේ?”

“ උඹ ගනින් මංත්‍රීතුමාට කෝල් එකක්..”

“ ඔව් ඒක හොදයි.. උඹලා ගාමිණියා ගැන ඇහැ ගහන් හිටපන්කෝ..”

ගාමිණිට නොපෙනෙන්නට ඔවුන්ව හෙමින් ලුහු බදිමින් රණවීරගේ ගෝලයන් පසුපසින් ඇවිදන් ගියේ ඔවුන්ට විධානයක් ලැබෙන තුරාය..

“ මංත්‍රීතුමා මම සෝමේ කතාකරන්නේ..”

“ ඔව් සෝමේ.. කියපං..”

“  මංත්‍රීතුමා 8කණුවට ටිකක් එහායින් ගාමිණියයි තව කොල්ලො ටිකකුයි පෝස්ටර් අලවනවා..”

“ මගේ ඒවා වැහෙන්නද? ගොඩක් කට්ටිය ඉන්නවද?”

“ නෑ මංත්රීතුමා අපි තාම ඒ හරියට ගියේ නෑ.. දහ දොලොස් දෙනෙක් ඉන්නවා..”

“ අපේ කීයක් විතර ඉන්නවද?”

“ විස්සක් විතර..”

“ ඕන කරන දේවල් ලග තියෙනවනේ?”

“ ඔව් මංත්‍රීතුමා..”

“ එහෙනම් පාළු තැනක් බලලා කරන්න ඕන දේ දන්නවනේ.. වැඩේ භාගෙට නම් ඉතුරු කරන්න එපා..”

“ හරි මංත්‍රීතුමා..”

                                        ....................

“ ඕක ඉක්මනට කරපංකෝ බං.. උඹලගේ කතාව විතරයි.. දැං බලපං වෙලාව කීයද කියලා..”

තමන් දෙසට යොමුඋන උකුසු ඇස් ගැන නොදත් ගාමීණි සගයන් හා රෑ අදුර අතරේම තමන්ගේ ඉරණම විසදාවියි සිතා උන් සුනිල් වෙනුවෙන් මහංසි වි වැඩ කලේ වෙන කිසිවකටත් වඩා වත්තේ තමන්ට උරුම උන ජීවිත වලින් දිනක තමන් ගොඩ ගනීවියි බලාපොරොත්තුවෙනි..

“ අඩෝ ගාමිණියා..”

බලාපොරොත්තු නොවු මොහොතක ඉදිරියට ආ රණවීරගේ ගොල පිරිස දුටු ගාමිණිලාගේ සිත් මදක් තැති ගත්තේය..

“ මොනා උනත් උඹලා ඉස්සර වෙන්න එපා..”

ගාමිණි තම සගයන්ට විධාන කලේ ගැටුමක් ඇති නොකරගෙන ප්‍රශ්ණය විසදන්න හිතාගෙනය..

“ උඹලගේ එහෙනම් කල්පනාව රජ වෙන්න..”

“ රජවෙන්න නෙමෙයි සෝමේ.. ජීවත් වෙන්න..”

“ ඒත් උඹට තව ජීවත් වෙන්න වාසනාව නෑ..”

කලිසමේ ඉණ මත රදවාගෙන සිටි පිස්තෝලය ගාමීණි වෙතට ඉලක්ක කරමින් සෝමේ එසේ පවසත්ම ඉක්මන් උන ගාමිණිගේ සගයන් රණවීරගේ ගෝලයන් හා ගැටුමක් ඇති කර ගත්තේ ගාමිණිගේ ජීවිතය ආරක්ශා කරන්නට සිතාගෙනය.. පොළු මුගුරු රැගත් රණවීරගේ ගොලයන් හා ගැටෙන්නට නොහැකි උවත් ගාමිණි හා සගයන් උත්සාහය අත් නොහැරියේය.. ශක්ති වන්තයක් වු ගාමිණිත් සෝමෙත් පිස්තෝලය උදුරාගන්නට පොර කෑවේ ගැටුමට අවසානය තබන්නට හිතාගෙනය..

කාත් කවුරුවත් නොයෙන පාළුවී ගිය මාවතේ  රැදුන නිහැඩියාව බිදිමින් නැගුන තුවක්කුවේ හඩ සියල්ල එකවරම නිමා කලේය..







28 comments:

  1. "කාත් කවුරුවත් නොයෙන පාළුවී ගිය මාවතේ රැදුන නිහැඩියාව බිදිමින් නැගුන තුවක්කුවේ හඩ සියල්ල එකවරම නිමා කලේය.."

    තවත් ආරම්භයක පෙර ලකුණු..
    හොඳම හරියෙදි පවර්කට් වුණා වගේ.. :D

    ඉතිරි කොටසත් දානකල් බලාගෙන ඉන්නවා ඉක්මනටම.. :)

    ReplyDelete
    Replies
    1. ඔව්.. කතාවේ අවසනයේ ඇරඹුම තමයි මේ.. මේ සතියේ අනිත් කොටස දාන්නම්..

      Delete
  2. කතාව මගදී කියවුවම නිකන් මොනවද වගේ.දන්නවනේ මං අලුත් නේ

    ReplyDelete
    Replies
    1. මුල ඉදන් කියවගෙන එමු.. දැන් අවසානයට ටිකක් ලගයි..

      Delete
  3. ලස්සන කතාවක් ඉතිරි කොටසත් ඉක්මනින් දාන්න

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි කුමාරිහාමි.. අනිත් කොටස මේ සතියේ දානවා..

      Delete
  4. අප්පා...කාටද වෙඩි වැදුනේ...ඉක්මනට කියන්න ඔන්න..

    ReplyDelete
    Replies
    1. කුතුහලය..... මේ සතියේ කියන්නම්....

      Delete
  5. බත්ටික වගේ... හොඳම තැනින් නැවැත්තුවනෙ.. දිවියම කන්න ඕන.. ;)

    ReplyDelete
    Replies
    1. මාව දිවියම කෑවම ඉතුරු ටික ලියන්නේ කවුද බං.. මොකද උනේ කියල මේ සතියේ කියන්නම්..

      Delete
  6. තවත් තියෙනවද ?

    ReplyDelete
    Replies
    1. ඔව් සෑමෝ.. තව තියෙනවා.. ඉවර නෑ..

      Delete
  7. ගොදුර ගාමිනීද? සෝමෙද?

    ReplyDelete
    Replies
    1. තව ටික දවසකින් ඒක කියන්නම්....

      Delete
  8. ම්ම්ම්ම්ම්ම්...ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් සහෝ..

      Delete
  9. ලස්සන කතාවක් ....................එක හුස්මට කියෙව්වා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාළුවා..

      Delete
  10. හයියෝ......... මේ මොකෝ වුණේ? ඉක්මනට ඊළඟ කොටස දාන්න...

    ReplyDelete
    Replies
    1. හෙට අනිද්දම ලියන්නම්..

      Delete
  11. පත්තු වුනේ සෝමෙටමද මන්ද?
    අවි ගත්තෝ අවියෙන්ම නැසෙන වෙලාවලුත් තියෙනවනෙ.

    ReplyDelete
    Replies
    1. ඒ කතාවනම් ඇත්ත ඔබා මාමේ.. අවි එක්ක සෙල්ලම් හොද නෑ කියනවනේ..

      Delete
  12. කාටද වෙඩි වැදුනේ??? :O අයියා කුතුහලය ඇති වෙන විදියට,ම කතව නවත්වලා..

    ReplyDelete
    Replies
    1. එතකොටනේ ඔයාලට හිතන්න දෙයක් ඉතුරු වෙන්නේ..

      Delete
  13. සූ..... අයියා මට භාර දෙන්නකො පස්චාත් මරණේ වැඩ ටික පවත්වන්න... නියමට යනවා කතාව ..!

    ReplyDelete
    Replies
    1. හා.. හා.. එහෙනම් ඒ වැඩේ උඹ කරපංකෝ.. දැං මැරුණේ කවුද කියලා දන්නවයි?

      Delete
  14. තුවක්කු සෙල්ලම් හොඳ නෑ..:) ලස්සනයි අය්යේ.. ඉතුරු ටිකත් ඉක්මණට....!!!

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත නගෝ.. අනිත් කොටස හෙට අනිද්දම..

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්