Friday, 6 January 2012

සරුංගලය ( කෙටි කතාව )


ගෙවිලා ගිය අවුරුද්දේ සැරුංගලයක් හදාගන්න තිබුන ආසාව නිමල්ට නැති උනේ ඒක ලස්සන කරන්න අලවන්න සවු කොල ගන්න තරම් වත් වත්කමක් අම්මා ලග නොතිබුන නිසා..ගමේ වැවේ පිපෙන ඕළු මල් කඩලා ගෙනිහින් පන්සල ලග විකුණලා හම්බෙන කීයෙන් හරි නංගිට ඕන කරන දේවල් අරන් දුන්නට පස්සේ නිමල්ටත් අම්මටත් යන්න්තම් එදා වේල  පිරිමහ ගන්නත් හම්බෙන මුදල මදි උනා.. තාත්තගේ බීමත් කම තාත්තගේ ජීවිතේ අරගෙන ගියේ මේ අහිංසක පවුල තවත් අගාධයකට තල්ලු කරගෙන..

අවුරුදු 8ක් උන නිමල්ටත් අනිත් තමන්ගේ වයසේ අනිත් ළමයින්ට වගේ ආසාවන් නොතිබුනාම නෙමෙයි.. ඒත් කවදාවත්ම නිමල් කිසි දෙයක් අම්මා එක්ක කිවුවේ  නැත්තේ ඒකෙන් අම්මගේ හිත රිදෙන බව නිමල් දැන ගෙන හිටිය නිසා.. ඉරටු එකතු කරලා සරුංගලේ සැකිල්ල හදාගත්ත නිමල් ඒක අතේ තියාගෙන දිහා බලාගෙන හිටියත් ඒකේ අලවන්න සවු කොල ගන්න ඕන කියලා අම්මා එක්ක කවදාවත්ම කිවුවේ නෑ.. මුවින් නොකිවුවත් නිමල්ගේ හිත තේරුම් ගන්න අම්මට හොදින්ම පුළුවන් උනත් ඇය ඇගේ අසරණ කම නිසාම නිහඩවම කඳුළු සළන්න පුරුදු උනා..


වෙල් යායවල් වෙල කැඩිලා ඉතුරු වෙලා ගිය සරුංගල් වල කොල හැමදාම හවසට එකතු කර ගත්ත නිමල් වා ලග තියා ගත්තේ එකින් එක එකතු කරලා සරුංගලය ලස්සන කරන්න හිතාගෙන.. ඒත් ඒවා අලවන විදිහක් ගැන පුංච් හිතට වෙලාවේ නොතේරීම පුදුමයක් නොවෙයි.. කුසට ඇති වෙන්න කන්න බත් කටකුත් නැති කොට සවු කොල අලවන්න බත් ඇටයක්වත් නෑ නේද කියලා නිමල්ගේ පුංච් හිතට තේරෙනකොට ගොඩක් දවස් ගෙවිලා තිබුනා..

සරුංගල් කීපයක් අලවන්න තරම් සවු කොල කෑලි නිමල්ගේ ඇද යට එකතු උනත් නිමල්ගේ හීනය තාමත් සැබෑ උනේ නෑ කියන සිතුවිල්ල හිතට ඇවිත් දවසක් රෑ නිමල් නින්දෙන්ම හැඩුවේ සරුංගලේ ගැන තිබුන ආසාව වැඩි නිසාම.. කාලය හෙමින් ගෙවිලා ගියා.. සරුංගල් කාලය නිමාවලා ගියේ නිමල්ගේ හීනය හැමදාටම හීනයක්ම කරගෙන..

 “ හූ.. හූ.. නිමල්ට සරුංගලේ හදාගන්න බැරි උනානේ..”

කෝ.. අපේ ඉරුන සරුංගල් වල කොල.. තාම සරුංගලේ ඇලෙවුවේ නැද්ද?”

ඊළග පාර මම හැමෝටම වැඩිය ලස්සන එකක් හදනවා..”

නිමල්ට විහිළු කරන ළමයින් ලගදි ඇස් වල කඳුළු හංගගෙන එහෙම කිවුවේ ඊළග අවුරුද්දේ කොහොම හරි අනිත් අය වගේම සරුංගලයක් හදන්න ඕනෑකම නිමල්ගේ හිතේ තිබුන නිසා.. ඒත් කොහොමද කියලා නිමල් දැන ගෙන හිටියේ නෑ..

අවුරුද්දක් ඉක්මනින් ගෙවිලා ගියත් නිමල් තමන්ගේ හිතට උන පොරොන්දුව අමතක කලේ නෑ.. අම්මා ගෙදර ඉන්න දවසක නිමල් හොරෙන්ම වැවට බැස්සේ අම්මා වගේම ඔළු මල් කඩලා මල් පන්සල ලගට අරන් ගිහින් විකුණන්න හිතාගෙන.. හැමදාම වැවට අම්මා එක්ක ගිය නිමල්ට තනියම වැවට යන එක නුහුරක් උනත් සරුංගලයක බලාපොරොත්තුව නිමල්ගේ දෙපා ශක්තිමත් කලා..

වැවු ඉවුර ලග ඉතුරු වෙලා තිබුන මල් දෙක තුන අතින්ම කඩා ගත්තත් ඒකෙන් තමන්ගේ හීනේ හැබෑ කරගන්න මදි කියලා මේ පුංච් හිතට නොතේරුනාම නෙමෙයි.. ඒත් වැව මැද්දට වෙන්න තිබුන මල් කඩාගන්න යන්න තාම නිමල් පුරුදු මදි උනත් හිතේ ආසාව නිමල්ව වැවු දිය අතරින් ඉදිරියට අරන් ගියේ ජීවිතේ අවදානම ගැනවත් හිතන්නේ නැතුව..

අර පොඩි දරුවෙක් නේද වතුරේ දගලන්නේ?”

මේ වැව මැද්දට තනියම කොහොම ආවද?”

අනේ ඉස්කෝලේ මහත්තයා පොඩ්ඩක් බලන්නකෝ..”

................................

ළමයෝ.. කතා කරන්නකෝ..”

වැවු ඉවුරේ බිම දිගා වී ඕළු මල් දෙකත් අතේ තියාගෙන දෑස් පියන් අමාරුවෙන් ඇරපු නිමල් ඉදිරියේ සිට ගෙන හිටපු කීප දෙනා දකිත්ම නිමල් මදක් බිය විය..

මොකටද දරුවෝ වැවට තනියම ආවේ? අනතුරක් උනානම් එහෙම..”

වටේ උන් හැමෝම නිමල්ගෙන් ප්‍රශ්ණ කරද්දි නිමල් හඩා වැටෙන්නට වූයේ හැමෝගෙන්ම දොස් අහන්නට වූ නිසාය.. ඒ බව තේරුම් ගත් ඔවුන් ඉන් එහා දෙයක් නිමල්ගෙන් අසන්නට නොගියේය.. ලොකු ඉස්කෝලේ මහත්තයා ඇරෙන්නට අනිත් හැමෝම එතැනින් ඉවත්ව ගියේ නිමල්ට හිතින් දොස නගමින්ය..

“  ඇයි පුතේ තනියම වතුරට බැස්සේ?”

ඕළු මල් ටිකක් කඩාගන්න..”  නිමල් තම එක අතක වු ඕළු මල් ලොකු ඉස්කෝලේ මහත්තයාට දිගු කරමින් පැවසීය..

මොකටද පුතාට මෙච්චර ඕළු මල්?”

නිමල් හිතේ රජවු ආසාව ඉස්කෝලේ මහත්තයාට අකුරක් නෑර කියන්නට විය.. කඳුළු කැට ඒ කතාවට එක් කලේ අවංක බව.. නිහඩවම කතාවට ඇහුම්කන් දී ගෙන උන් ඉස්කෝලේ මහත්තයා නිමල්ගේ කතාව අවසානයේ හඩ අවදි කලේය..

පුතා ඔය මල් දෙක මට දෙන්න.. මං ගෙදර ගිහින් අපේ බුදු මැදුරේ මේ මල් පූජ කරන්නම්.. පුතා මේක අරන් ගිහින් සරුංගලේ හදා ගන්න..”

ඕළු මල් දෙක අතට ගත් ඉස්කෝලේ මහත්තයා ඒ වෙනුවට නිමල්ට තිළිණ කල රුපියල් 50 දෙස නිමල් බලා සිටියේ දෑස් ලොකු කරගෙනය.. අතැති වූ රුපියල් 50 දෙසත් ඉස්කෝලේ මහත්තයා දෙසත් මාරුවෙන් මාරුවට නිමල් බලා සිටියේ හිතේ දෙගිඩියාවෙනි..

මොනවද පුතා කල්පනා කරන්නේ.. මම මේ කලේ පුතාගේ ඕළු මල් සල්ලි වලට ගත්ත එක.. පුතා පන්සල ලගට ගියත් කරන්නේ මේක නේද?”

නිමල්ගේ හිතේ මැවුනේ අව්යාජ සිනහවක්ය..  ඒ දෑස් වල මුවින් නොකියූ බොහෝ දේවල් රැදී තිබුනේය.. රුපියල් 50 අතට ගත් නිමල් වැවු කණ්ඩිය දිගේ දිව ගියේ රටක් රාජ්‍යක් දිනුවා මෙන් සතුටකිනි.. ඈත කෙලවරිනි බැස යන හිරුත් එක්ක සතුටිනි උඩ පනිමින් දිව යන නිමල් දෙස මොහොතක් බලා උන් ඉස්කෝලේ මහත්තයා ඕළු මල් දෙකේ සුවද මොහොතකට විද ආපසු නිවසට පිය නගන්නට විය..








නිමි..



45 comments:

  1. //සතුටිනි උඩ පනිමින් දිව යන නිමල් දෙස මොහොතක් බලා උන් ඉස්කෝලේ මහත්තයා ඕළු මල් දෙකේ සුවද මොහොතකට විද//

    ඉස්කෝලේ මහත්තයා ගැන කියන්න ඕන හැම දේම මේ වාක්‍යය ඇතුලේ තියනවා කියලා මට හිතෙනවා...හරිම අගෙයි..

    ReplyDelete
  2. හරිම ලස්සන කතාවක්.. :) පුංචි නිමල් හරියට ඒ වැව මැද පිපුණ මල් වගේ.. පුංචි හිත්වල මැවුන අහිංසක හීන සැබෑකරගන්න කොයිතරම් නම් නිර්භීතද.. අපූරු ළමා කෙටිකතාවක්.. :)

    ReplyDelete
  3. ඕන්න ඉතින් අපේ ඉස්සර කාලේ හිටපු ගුරුවරු..දැන් කාලේ ටියුෂන් පස්සෙම නොයන ඔය වාගේ අව්‍යාජ අය හොයාගන්නවත් ඉන්නවද ඉතින්

    ReplyDelete
  4. ලෝකේ හැමෝම වේ වගේ යහපත් අය වුණා නම්! ඒත් ඒක එහෙම නෑනේ නේද! ලස්සනයි මලයෝ!

    ReplyDelete
  5. දැන් ටිකකට ඉස්සෙල්ල බ්ලොග් පොස්ට් එකක් කියෙව්ව, ළමයින් ලව්ව තමන්ගෙ ප්‍රයෝජනේට ගෙදරට පලතුරු ගෙන්න ගත්ත ඉස්කෝලේ මහත්තයෙක් ගැන.

    මනුස්සයො විවිධයි නේද?

    ReplyDelete
  6. ලස්සන නිර්මාණයක්......කතාවේ සමහර තැන් වලදි මම ඉබේම මගේ පුන්චි කාලෙට ගියා......

    ReplyDelete
  7. අවුරැදු අටේ ලමයෙක්ට සරැංගලයක් හදනවයි කියන එක මහ ලොකු දෙයක්.ඒක ඒකාලෙදි කරන්න බැරි වෙන එක නම් හොඳ දෙයක් නෙමේ.නිමල් වගේ ලමයි අද නෑ කියන්න අපිට බෑ.මොකද ලංකාවෙ උතුරැ පැත්තට ගියාම ඕන තරම් අදත් ඉන්නවා නිමල්ලා.ඒත් අද යමක් කමක් තියන දෙමව්පියන්ගෙ ලමයින්ටත් සරැංගලයක් හදාගන්න බැරි වීම ගැන පසුතැවිලි වෙන්න ඕනෙ ඒ ලමයි
    නෙමෙයි දෙමව්පියො.

    කෙටි කතාවෙ මූලික අරමුණ හොඳට කතාව පුරාම පැහැදිලි කරලා තියනවා.
    සයුරි අක්කා කියන එකට මාත් එකඟයි ඔන්න.

    ReplyDelete
  8. අද කාලේ සමාජයක් වෙන්න බෑ.. හැබැයි ලස්සනයි...

    ReplyDelete
  9. ලස්සන කතාව අයියේ .......
    …කාලෙකට පස්සේ ඇවිත් දැම්ම පළවෙනි කමෙන්ට් එක... :)

    ReplyDelete
  10. ලස්සන, අනුවේදනීය කතාවක් අයියේ... අයියා ලියන්න ගොඩක් දක්ෂයි... :DD

    "සුදු නෙළුම කෝ සොරබොර වැවේ,
    සුවඳ දුන් මහියංගනේ"

    රත්න ශ්‍රී විජේසිංහ මහත්තයා මහියංගනේ පැත්තේ ඉස්කෝලෙක උගන්නනකොට ඒ පන්තියේ ඉගෙන ගත්ත පුංචි ගෑනු ළමයෙක් සොරබොර වැවේ නෙලුම් මල් කඩලා, මහියංගන පන්සලට යන අයට විකුනනවලු. දවසක් ඒ ළමයාවැවේ ගිලිලා මැරිලා. ඒ ගැන තමයි මේ සංවේදී සින්දුව ලියවෙලා තියෙන්නේ.. අයියගේ කතාව දැකල මේ සින්දුව මතක් වුණා. :))

    ReplyDelete
  11. හරිම ලස්සන කතාවක්..මම නම් අදමයි මේ පැත්තේ ආවේ..ආයිත් එන්නම්

    ReplyDelete
  12. හරිම ලස්සනයි අයියේ කතාව.. පුංචි හිතක ඇතිවෙච්ච අඅසාව නෙ සරුංගලයක් හදාගන්න එක..

    ReplyDelete
  13. ලස්සන කතාවක් !
    මට මේ කතාව කියවගෙන යනකොට මතක් උනේ සමනල තරු චිත්‍රපටිය. ඒකෙත් ඒ ළමයට බයිසිකලයක් ගන්න නොවිඳිනා දුක් විඳිනවා.
    බලාපොරොත්තු තමයි අපිව ජීවත් කරවන්නේ. මේ කතාවෙන් මම ගත්ත ආදර්ශය ඕකයි.

    ReplyDelete
  14. @ සයුරි : ඔව් අක්කේ නිමල්ගේ වාසනාවට ඉස්කෝලේ මහත්තයා වගේ කෙනෙක් මුන ගැහුනේ.. ඒ නිසා නිමල්ගේ හීනය හැබෑ උනා..

    ReplyDelete
  15. @ නන්දු : ගොඩක් ස්තූතියි නන්දු.. අපි උනත් ඒ දවස් වල හිතේ බලාපොරොත්තුවක් ඉටු කර ගන්න කොච්චරනම් හීන දකිනවද??

    ReplyDelete
  16. @ ChammA : ඒ කතාවනම් ඇත්ත චම්මා.. හැබැයි මං හිතනවා නගරයෙන් පිට ගම් වල ඉස්කෝල වල මේ වගේ ගුරුවරු තාම ඇති කියලා..

    ReplyDelete
  17. @ ලහිරු : ලෝකේ හැමෝම යහපත් උනානම් මේක දිව්‍ය ලෝකයක් වේවි.. ඒත් එහෙම නෑ.. මිනිස්සුයි විශමයි.. මේ සමාජය විශමයි..

    ReplyDelete
  18. @ Observer : ඇත්ත ඔබා මාමේ.. මිනිස්සු විවිධාකාරයි.. මේ ඉස්කෝලේ මහත්තයා වගේ ගුරුවරු විරල උනත් මමා කියවපු පෝස්ට් එකේ වගේ ගුරුවරුනම් ඕන තරම් ඉන්නවා අද..

    ReplyDelete
  19. @ කුබුවි : අපි කාටත් මේ වගේ ලස්සන බලාපොරොත්තු තිබුන පුංච් කාලයක් තිබුනා යාළුවා.. හැබැයි ඒක නිමල්ට වඩා වෙනස් වෙන්න පුළුවන්..

    ReplyDelete
  20. @ සංජීව මලයා : අවංකවම අවුරුදු 8 කාලේ මටත් සරුංගලයක් හදා ගන්න බෑ.. දන්නේ නෑ.. ඇත්ත නිමල් වගේ දරුවෝ ඕන තරම් ඉන්න පුළුවන්..
    නගර වල හැමදේම සල්ලිවලට මිල කෙරෙන නිසා නගරයේ ළමයි ඒ හැකියාවන් වලින් ඈත් වෙනවා..

    ReplyDelete
  21. @ නරකයා : ඇත්ත අද කාලේ සමාජයක් වෙන්න බෑ කියලා ඔබ කරපු උපකල්පනයේ මම කිසිම වැරැද්දක් දකින්නේ නෑ.. ඒත් හොද මිනිස්සුත් තාම ඉන්නවා..

    ReplyDelete
  22. @ බීටා : ගොඩක් ස්තූතියි මලයා... දිගටම ආයෙ එකතු වෙමු..

    ReplyDelete
  23. @ Ice (අයේෂා කුලතුංග) : මාත් ආසම සිංදුවක් නංගී ඒක.. අපේ ළමා කාලේ දිහා බලද්දි අපිට සතුටු වෙන්න පුළුවන් උනත් එහෙම බැරි කී දෙනෙක් නම් ඉන්නවා ඇද්ද...

    ReplyDelete
  24. @ පුංචි කුමාරිහාමි : වර්ණයට සාදරයෙන් පිළිගන්නවා.. ගොඩක් ස්තුතියි අදහසට..

    ReplyDelete
  25. @ හිතුවක්කාරී : ඔව් නංගී මටත් තාම මතකයි මට සරුංගලයක් හදා ගන්න බැරි කාලේ මම අපේ අයියා එනකම් බලාගෙන ඉන්නවා..

    ReplyDelete
  26. @ මධුරංග : මම එහෙම ෆිල්ම් එකක් බලලා නෑනේ අයියේ.. අයියා කියපු පුංචි විස්තරෙන් හිතෙනවා ඒ කතාව ලස්සන ඇති කියලා.. ඇත්ත අයියේ ජීවිතේට බලාපොරොත්තුවක් තියෙන්න ඕන.. එතකොට ඒ බලාපොරොත්තුව අපිව ජීවත් කරනවා..

    ReplyDelete
  27. කතාව බැලුවාම සරුංගල් නිසා ගහ මරාගත්ත මගේ පොඩි කාලේ මතකෙට ආවේ මටත් නොදැනූමයි

    ReplyDelete
  28. කතාව කියවන්න පටන් ගත්තා..ඔයාගෙ කතා කියවන්න අසා හිතෙන විදිහට තියනවා.අයෙ මිස් නොවෙන්න ෆලො පාරකුත් දාලා බ්ලොග් රොලටත් දාගන්නම්......

    ReplyDelete
  29. ලස්සන චූටි කතාවක්! :)

    ReplyDelete
  30. නිමල්ට එයාගෙ සරුංගළේ ගැන ලොකු හීනයක් තිබුන වගේ අපේ ජීවිත වලත් ඒවගේ හීන කොච්චර තියනවද,ඒව ඉශ්ඨ කර ගන්න ගිහින් ජීවිතේම අමාරුවේ වැටුනු වෙලාවල් කොච්චර ඇතිද.
    නියම කතා පොඩ්ඩ මචන්

    කස්ස
    ගෙදර නෙමේ ඉන්නේ ඒකයි ඇනෝ දැම්මේ

    ReplyDelete
  31. නියම කතාව. මට මතක් වුණා අමරදේව මහත්තයාගේ පරසිද්ද නැති සිංදුවක්.. පුළුවන් නම් අහල බලන්න අර්ථය.

    සුදු නෙලුම කෝ සොරබොර වැවේ..
    මල් නෙලා විකිණු පන්සලේ...

    අසරණයාගේ පෝස්ටුවක උබේ ගැන තිබ්බ බොල ඒකයි බුක් මාර්ක් පාරක් දාගෙන මේ පැත්තේ ආවේ. ජය...

    ReplyDelete
  32. හැමදාම වගේ මේ කතාවත් සුපිරියි මලේ..
    මොන පසුබිමක ජීවත් වුනත් පොඩ්ඩොන්ගෙ ප්‍රාර්ථනා සිහින හරිම සරලයි අවංකයි..

    ReplyDelete
  33. හැම දාම වගේ මේකත් සංවේදීව ලියල තියෙනවා.මං මේ නිකන් කියන්නේ උඹේ හැකියාවෙන් ප්‍රොයෝජනයක් අරන් බ්ලොග් වලිනුත් එහාට පලයං.

    සදා ජය!!.

    ReplyDelete
  34. @ හිස් අහස : අල්ලපු ගමේ සීන් එක නේද? මටත් මතකයි.. මේ කතාවේ නිමල්ට වඩා සොදුරු සරුංගල් කාලයල මතක උඹට තියෙනවා..

    ReplyDelete
  35. @ Ruka : ගොඩක් ස්තූතියි රුකා අයියේ.. මේ කතාවනම් මෙතනින් ඉවරයි.. තව කතාවකින් හමු වෙමු..

    ReplyDelete
  36. @ ඔබ නොදුටු ලොවක් : තෑන්ක්ස් අයියේ මේ සරුංගලය කියවන්න ආවට..

    ReplyDelete
  37. @ තනි අලියා : ලස්සන චූටි කමෙන්ටුවක්.. :)

    ReplyDelete
  38. @ කස්සා : ඇත්ත මචං.. සමහර හීන අපේ ජීවිත වෙනස් කලා.. සමහර හීන හොයාගෙන අපි තාමත් යනවා..

    ReplyDelete
  39. @ sAm sRi : මාත් මාරම ආසම සිංදුවක් මචං ඒක.. ඔව් ඔව්.. අසරණයා උදේ පාන්දරම මඩක් ගහගෙන ගිහින් තියෙනවා.. මේ පැත්තට සාදරයෙන් පිළි ගන්නවා..

    ReplyDelete
  40. @ රූ : ඔව් අක්කේ.. පොඩි එවුන්ගේ හීන වලට දුප්පත් පොහොසත් කමක් නෑ.. වැඩිහිටියෝ තමයි ඒ හීන වලට ඒ වෙනස් කම් ගේන්නේ..

    ReplyDelete
  41. @ අසරණයා : බ්ලොග් වලිනුත් එහාට යන්නනම් ඕන කමක් මගේ හිතෙත් තියෙනවා.. ඒත් ඒකත් මේ නිමල්ගේ හීනේ වගේ තමයි..

    ReplyDelete
  42. අනේ මන්දා මගේ ඇස් වල කඳුලු පිරුනා..ඔයා අහිංසක දුප්පත් පුංචි ළමයින්ගෙ කතා කීපයක්ම ලියල තිබුනා..ඒවා ගොඩාක් ලස්සනයි..ඒ වගේම මේ වගේ දරුවො ඕන තරම් සැබෑ ජීවිතේත් අපි අතර ඉන්නවා..ඒ අයට අපිට පුලුවන් තරමකින් උදව්වක් කරන්න පුලුවන්නම්.. ඒ පුන්චි දරුවෙක්ගෙ මූනකට හිනාවක් දෙන්න පුලුවන්නම්.. ඒක මේ ජීවිතේ අපි අත් කරගන්නන ගොඩාක් ලොකු පිනක්..

    ReplyDelete
  43. මම බය වුනා නිමල් ඉවරයි කියලා.මටත් මතක් වුනේ සුදු නෙලුම කෝ කියන සින්දුව.

    ReplyDelete
  44. හිතට වදින ලස්සන කතාවක්...දිගටම ලියන්න සහෝ! ජය වේවා!!

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්