Wednesday, 18 January 2012

එන්නට හැකිනම් ආයෙමත්



“ අපි මේ ගැන අදම තීරණයක් ගන්න ඕන තරිදු..”

“ ඇයි නිමාශා ඔයා එහෙම කියන්නේ? පොඩ්ඩක් තේරුම් ගන්න මාව..”

“ නෑ තරිදු.. මට තවත් මේ විදිහට ඉන්න බෑ.. පත්තර වල ඔයා ගැන යන විස්තර හැමදාම දැකලා මම ඉවසන් හිටියේ පුළුවන් කමකට නෙමෙයි.. ඒ ඔයා මගේ කසාද සැමියා නිසා.. එක එක අයගේ නම් ඈදලා ඔයාගේ සම්බන්දකම් ගැන අහන්න මට තවත් බෑ තරිදු..”

“ මගේ එහෙම කා එක්කවත් සම්බන්දයක් නෑ නිමාශා.. පත්තරකාරයෝ පොඩි දේත් ලොකුවට දානවා.. නළුවෙක් උනාම මේ වගේ දේවල් වලට මූණ දෙන්න වෙනවා..”

“ නෑ තරිදු.. මම තීරණයක් ගත්තා.. මම අපේ ගෙදර යනවා..”

එදත් අද වගේම අහස අදුරු වෙලා තිබුන මහා මූසල දවසක්.. එකින් එක හීන එකතු කරලා හදාගත්ත අපේ පුංචි කැදැල්ලට අනෝරා වෑස්සක් ඇදගෙන වැටුන ඒ මූසල දවස මේ නෙතු අද්දර තාමත් මැවිලා පේනවා.. එදා ඇය යන්න ගියේ ආයේ කවදාවත්ම නොඑන්නම කියලා මම මොහොතකටවත් හිතුවේ නෑ..

මට නිමාශා මුණ ගැහුනේ ෆිල්ම් සෙට් එකකදි.. ඒ කාලේ මම ෆිල්ම් වල සුළු චරිත කලේ..  කිසිම ජනප්‍රියත්වයක් නැතුව හිටපු මට හමු උන මගේ පළවෙනි රසිකාවිය උනේ ඔයා.. ඒ ඔයත් එතනම මාත් එක්ක වැඩ කල නිසා.. විවේකී හැම වෙලාවකම නිතරම දොඩමළු උන අපි අතරේ ආදරයක් ඇති වෙන්න ගත උනේ ටික කාලයක් විතරයි..

ගෙවල් වලින් අපිට විරුද්ධ වෙද්දි අපේ කැමැත්තට අපි එක වහලක් යටට ආවේ අපේ හිත්වල එකතු උන හීන කන්දකුත් අරගෙන.. එකින් එක ඒ හීන හැබෑකරගෙන ආපු ගමන් මග ඒ තරම්ම සොදුරු නෑ කියලා ඔයත් මමත් හොදින්ම දන්නවා.. 

“ දැන් ඔයත් එහෙනම් ජනප්‍රිය නළුවෙක්..”

“ නැතුව නැතුව..”

“ එහෙනම් රසිකාවියොත් ඇති ඒ වගේම..”

“ හ්ම්ම්ම්.. ඔව්..”

මම එහෙම කියද්දි තරහින් රතු වෙන ඔයාගේ මූණ අදත් ඒ වගේම මට මතකයි..

“ මගේ  පළවෙනි රසිකාවිය ඔයා.. මට හදවතිම ආදරේ කරපු.. ඒක මම කවදාවත්ම අමතක කරන්නේ නෑ..”

තරහින් ඉන්න ඔයාව සනසන්න මම එහෙම කියද්දි ඔයා හැමදාම මගෙන් අහන්නේ එකම එක ප්‍රශ්ණයක්..

“ මේ ඔයාගේ හදවතින්ම එන වචන මිසක් කාගෙවත් අතින් කලින් ලිය උන ඒවා නෙමෙයි නේද?”

ඒ වචන මගේ හිතට ආවේ හදවතින්ම කියලා ඔයා දන්නවා උනත් එහෙම අහන්නේ මගෙන් තවත් ආදර බස් අහන්න කියලා මම හොදින්ම දන්නවා..ඒ වෙලාවට ඔයාගේ මුණේ ඇදෙන හිනාව මගේ ජීවිතේට වාසනාව ගෙනාපු ඒ හිනාවමයි කියලා මං අනන්තවත් ඔයා එක්ක කියලා ඇති..

කාලය ගත වෙද්දි අපේ ජීවිතත් ගොඩක් වෙනස් උනා.. කාර්ය බහුල ජීවිත අපි අපෙන් තරමක් ඈත් කලා.. සමහර වෙලාවට දවස් දෙක තුනක් අපි නොදැක හිටියා.. සැකය කියන ඒ පුංච් විසබීජය ඔයගේ හිතට එන්න ඒ කාලය හොදින්ම ප්‍රමාණවත්.. ටිකින් ටික ඔයා වෙනස් උනේ මම කවදාකවත්ම බලාපොරොත්තු නොවුන විදිහට..

හීන කන්දක් පුරවගෙන ගොඩනගපු මේ කැදැල්ල අත ඇරලා ඔයා යන්න ගිහින් අපිටත් නොදැනිම ගොඩක් කාලයක් ගෙවිලා ගිහින්.. ඒ අතරේ මං කී පාරක් නම් ඔයා මුණ ගැහෙන්න එන්න ඇත්ද.. ඒත් ඔයා තාම එදා අර ගත්ත ඒ තීරණේම.. අපිට අපෙන් වෙන් වෙලා ඉන්න බෑ කියලා අපේ හිත් හොදින්ම දන්නවා.. ඒ හින්දම ඔයා ආයෙම ඒවියි කියන බලාපොරොත්තුවෙන් මම තාමත් මේ කැදැල්ලේ දොරකඩට වෙලා බලාගෙන ඉන්නවා..
 



හීන අද්දර හිනැහෙන
හිතවතියේ නුඹට
අමතකව ඇත අද
මගේ සිහිනය නුඹම බව..

ඉස්සරනම් හැමදාමත්
ඇවිදින් මගෙ සිහින අතරට
සැතපුව යහන්තල අද
පාළුයි නුඹ නැතුව මගේ ලග..

එන්නට හැකිනම් ආයෙමත්
එනුමැන මගේ හීනයට එක් වතාවක්
ඇත මගෙ යහන අදත්
නුඹ වෙනුවෙන් පාළු වී...








66 comments:

  1. කවදා හරි එයි :(

    ReplyDelete
    Replies
    1. අපි එහෙම බලාපොරොත්තු වෙමු අක්කේ..

      Delete
  2. සැකය කියන කාරණාවෙදි නම් සාතන් කැමතී හොඳ දරුණු තීරණ වලට... කැමතී, සැකය හින්ද කෙල්ල හරි කොල්ල හරි දාල යනකම් ඉන්නෙ නැතුව උන්ව එලවල දාන චරිත වලට... ඒ වගේම කැමතී සැකය හින්ද තමන්ව දාල ගිය උන්ගෙ හෙවනැල්ලවත් ලංකරගන්නෙ නැති චරිත වලට :)

    ReplyDelete
    Replies
    1. සාතන් පුදුම කෙනෙක්නේ.. ඔය සැකය නිසා ගොඩක් දෙනෙක් ගොඩක් වෙලාවට ගන්නේ වැරදි තීරණ.. ඉතින් ඒ වගේ දරුණු තීරණ වල බලපෑම කොහොම වේවිද...

      Delete
    2. අත්දැකීමෙන් දන්නව ඒ වගේ තීරණ සැකය කියන ලෙඩේ හදාගත්තු කෙ‍නාට හොඳ පාඩමක් වගේම ඒ අය ඊළඟ පාර කෙනෙක්ව සැක කරන්න කලින් දෙපාරක් හිතන්න සලස්සනව කියල :)

      සැකේට භාජනය වෙච්ච මිනිහගෙ පැත්තෙන් ගත්තොත් ඒ මනුස්සයට තියෙන ප්‍රශ්නයක් හරි ප්‍රශ්න සෙට් එකක් හරි විසදෙනව..

      Delete
    3. සාතන්ගේ අදහස මට දැනුයි හරියටම තේරුනේ.. ඒ කාරණාවත් ඇත්ත තමයි.. එහෙම තීරණ ගත්තම ආයේ සැක කරන්නේ නෑ..

      Delete
  3. යන්න ගියත් මා හැරදා
    ඒත් නැවත එනතුරා
    රැගෙන සතුට අපේ පුංචි කැදැල්ලට
    හිඳිමි මඟ බලා සැමදාම

    ReplyDelete
    Replies
    1. නුඹ ඒවි ආදරය අරගෙන
      හිතෙනවා මට ගෙවෙන හැම තත්පරයකම
      මග බලා හිටිය කාලය වැඩියි නේද
      ඇයි නුඹ ප්‍රමාද එන්න මේ කැදැල්ලට..

      Delete
  4. සංකීර්ණත්වය,කාර්යබහුල බව අපේ ජීවිත වලට ප්‍රශ්ණ තමයි ගේන්නෙ!
    ලස්සන නිර්මාණයක්!

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඒත් ඒක තේරුම් ගන්න පුළුවන් දෙන්නෙක් එකතු උනොත් ප්‍රශ්ණ එනවා අඩුයි කියලා මම හිතනවා..

      Delete
  5. සමහර දේවල් තේරුම් යනකොට ගොඩක් පමා වැඩියි....නිමාෂාටත් එහෙම වෙයිද දන්නේ නැ....

    ReplyDelete
    Replies
    1. සමහරවිට.. ඒත් කාලයක් යද්දි නිමාශා හැමදෙයක්ම තේරුම් ගන්න පුළුවන්..

      Delete
  6. මොකෝ මල්ලි මේ පාට වෙනස් කරලා.....

    හ්ම්.... ඕක නලුව්න්ට විතරක් නෙවෙයි කාර්යබහුල හැම ජීවිතේකටම වෙන්න පුලුවන් දෙයක්....

    ReplyDelete
    Replies
    1. ඇයි අක්කේ අළුත් පෙනුම හොද නැද්ද??

      ඔව් අක්කේ.. ඒ ඳේ තේරුම් ගන පුළුවන් අය ඉන්නවනම් මේවගේ ප්‍රශ්ණ අඩු වේවි..

      Delete
  7. //එන්නට හැකිනම් ආයෙමත්
    එනුමැන මගේ හීනයට එක් වතාවක්//
    මෙහෙම කියද්දිවත් එන්න බැරිද අප්පා..

    ReplyDelete
    Replies
    1. තද හිතක් තියෙන කෙනෙක් තමයි අක්කේ මෙහෙම කියද්දිත් නෑවිත් ඉන්නේ..

      Delete
  8. හ්ම්ම් කියන්න වචන නැහැ මට,..

    ReplyDelete
    Replies
    1. ආදරය අතරට සැකය කියන දේ ආවොත් ඒ ආදරේ වැඩ් කල් රැදෙන්නේ නෑ..

      Delete
    2. ඇත්ත, එහෙම සැකය කියන දේ තියෙනවානම් එතන ආදරයකුත් නැහැ

      Delete
    3. ආදරය කියන්නේ බොහොම පරිස්සමින් කරන්න ඕන දෙයක්..

      Delete
  9. මේ දවස් වල සෑහෙන අහන්න දකින්න වෙන කතාවක්

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත අක්කේ..

      Delete
  10. ම්ම්ම්... එයා ආපහු එයිද?

    ReplyDelete
    Replies
    1. මේ දේවල් තේරුම් අරගෙන දවසක ආයෙම ඒවි කියලා අපි හිතමු..

      Delete
  11. ලස්සන කතාවක්.

    ReplyDelete
  12. ඇත්ත කතාවක් ද මන්දා... ඵල!

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාවක් නෙමෙයි.. ඒත් වෙන්න පුළුවන් දෙයක්...

      Delete
  13. Replies
    1. අපි එහෙම ප්‍රාර්ථනා කරමු..

      Delete
  14. පරවුනු මේ හදවත් අරගෙන
    ආයෙමත් එන්නෙ කොහොමද
    හීනෙන්වත් ඇවිදින් නුඹ ළඟට
    කුමට හදවත පාරවන්නද මම....

    ලස්සනයි අයියේ... සැකය ඇති වුනොත්, මොනතරම් ශක්තිමත් බැදීමක් වුනත්, දෙදරලා යන්න පුළුවන්..

    ReplyDelete
    Replies
    1. හදවත පාරන්නේ දැනුයි නුඹ
      නෑවිදින් මගේ ලගට
      සිහිනයෙන්වත් එන්න දවසක මගෙ ලෝකෙට
      සිනහව අරගෙන ආයෙමත්..

      Delete
  15. ටිකක් තේරුම ගන්න..වැඩ වැඩි එකයි වෙනස් වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ඒත් ඉතින් ඕක තේරුම් ගන්න අමාරු අයත් ඉන්නවනේ.. ඒ නිසානේ මේ වගේ ප්‍රශ්ණ..

      Delete
  16. ඔය හාදයගෙන් බේරුනේ දෙනවක හාමිනේ විතරලු :-))

    ReplyDelete
    Replies
    1. ඒකනම් නියම කතාව ඔබා මාමේ...

      Delete
  17. කවිය පට්ට හැබැයි !

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් සෑමා.. එතකොට කතාව?

      Delete
  18. සැකේ නිසා දෙදරලා ගිය පවුල් ජීවිත වගේම, සැකේ නිසා රඳා පවතින පුළුවන් වුණ පවුල් ජීවිතත් මං දැකලා තියෙනවා. ඒ නිසා මට ඒ සම්බන්දව තියෙන්නේ 50% ,50% අදහස්. :D

    ReplyDelete
    Replies
    1. සැකය නිසා රදා පවතින පවුල් ගැනනම් මම අහලා නෑ.. ඒත් සමහරවිට නැති වෙන්නත් බෑ..

      Delete
  19. අයියා මන් කියනවට අහන්නකො... එනවා ලොවෙත් එනවා..!!

    ReplyDelete
    Replies
    1. හොදටම ශුවර් නේ ඒවි කියලා..

      Delete
  20. if you have much time,please visit my blog again..

    ReplyDelete
    Replies
    1. වර්ෂා නංගී ආයෙම ලියන්න පටන් ගන්නකෝ.. මම එන්නම්..

      Delete
  21. අද පොදු සමාජයේ සූක්ෂම කොටසක තිබෙන පොදු ගැටළුවක් ගැන හොඳ විවරණයක්..ලස්සනයි සහෝදරයා

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. සුළු පිරිසක් විතරයි සැකය නිසා ජීවිතය අවුල් කර ගන්නේ..

      Delete
  22. කාට කලත් කොහොම කලත් මොකා කලත්..........

    ReplyDelete
    Replies
    1. "අවසානයේ ඔහොම තමයි" කියලද කියන්න හැදුවේ??

      Delete
  23. කවුරුත් වැඩිය නොදකින පැත්තක් ගැන ලියල තියෙන්නෙ...සුබ පතනව අයියෙ මගේ පළමු කොමෙන්ටුවෙන්...ජය වේවා...!!!

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා මලයා.. මේ එදිනෙදා සමහරවිට අපි මුහුන දෙන සිද්දි..

      Delete
  24. සැකයේ වාසිය... පිතිකරුට...

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ not out..

      Delete
  25. මට හිතෙන්නෙම කවදාහරි ඒවි කියලා. :)

    ReplyDelete
    Replies
    1. කවදා හරි එද්දි පරක්කු වැඩි උනොත්??

      Delete
  26. Replies
    1. තපි එහෙම බලාපොරොත්තු වෙමු අයියේ..

      Delete
  27. "හීන අද්දර හිනැහෙන
    හිතවතියේ නුඹට
    අමතකව ඇත අද
    මගේ සිහිනය නුඹම බව.."

    කාට කවදා මෙහෙම කියන්න වෙයි කියලා කවුද දන්නේ... :(

    ReplyDelete
    Replies
    1. කාටවත් කවදාවත්ම එහෙම කියන්න නොලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා..

      Delete
  28. කිසි දා කිසිවෙකුට මෙහෙම වෙන්න එපා... කියල පතනව...

    බැරි වෙලාවත් උනොත් එහෙම.... ආපහු එන්න කියලත් පතනව :)

    ReplyDelete
    Replies
    1. ඔව් එක හොද ප්‍රාර්ථනාවක්.. ආපහු ඉක්මනින් එන්න කියලා පතමු..

      Delete
  29. හේතුවක් නැතුව දාල ගියෙ ආදරයක් නැති නිසානෙ මම නම් බලාගෙන ඉන්නෙ නැහැ..............

    ReplyDelete
    Replies
    1. ඔව් ඔයා හරි වෙන්න පුළුවන්.. ඒත් විවාහයකදී එහෙම හිතන්න අමරුයි නේද??

      Delete
  30. මචන් කෙනෙක් ගෙ ඔලුවට ඔය සැකේ කියන විශබීජෙ ගියාම හරියට බෙහෙත් නොකලොත්, ටික කාලෙකින් ඒකමුලු ඇඟ පුරාම යනව.ඊට පස්සෙ ඉතින් කවර කතාද.විශෙෂයෙන් බවලත් උදවියගෙ.
    කාතාව උපරිමයි.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත මචං.. ඊට පස්සේ ඉතින් පොඩි දේටත් ප්‍රශ්ණ තමයි...

      Delete
  31. සැකයක් ඇතිවුනායින් පස්සෙ අනිත් කෙනා ඒක හරිගස්සන්න හැදුවත්, අයේ කවදහරි දවසක පුන්චිම පුන්චි ප්‍රශ්නයකදි වුනත් කලින් පාරටත් වඩා අනෙක් කෙනාගැන සැකයක් හිතෙනව.අද්දැකීමෙන් නෙවෙයි.ඒත් ඇත්ත ඒකයි.මහා ගොඩක් ආදරයක් වුනත් සැකයක් ඇතිවුනාම නිකන්ම කඩාවැටෙනව.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.. මාත් පිළි ගන්නවා.. කොච්චර හිත සැනසුවත් කොහේ හරි තැනක ඒ සැකේ කොනක් ඉතුරු වෙනවා..

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්