Tuesday, 17 January 2012

ඉස්සර වැඩ

මේ ලගදි දවසක පරණ මතකයන් ටික හිතින් අවුස්සගෙන යද්දී ඒ දවස් වල ආසාවෙන් කරපු විනෝදාංශ ටිකක් මතක් උනා.. කොහොමත් අපි කවුරුත් ඉස්කෝලෙ 11 පන්තියට එනකං විතර එක එක ජාතියේ විනෝදාංශ එක එක ජාතියේ එකතුන් තියාගෙන එනවා.. ඔය කාලෙන් පස්සේ හිත යන්නේ වෙන වෙන දේ වලටනේ.. ඉතින් ඊට පස්සේ ඔහොම දෙයක් කරන්නේ බොහොම කලාතුරකින් තමයි.. ඔන්න ඉතින් මමත් ඒ 11 වසරට එන්න කලින් කාලේ තිබුන එකතුන් කීපයක් ගැන තමයි මේ කියන්න යන්නේ..

කියන්න කලින් බලලම ඉන්නකෝ මේ මොනවද කියලා..







මේ තමයි මං ලග තියෙන වෙනත් රටවල කාසි එකතුව.. ඉතාලි, සුවිස්, ප්‍රංශ රටවල වගේම සමහර අරාබි රටවල කාසි වර්ග මේ එකතුවේ තියෙනවා.. මට ඉතින් ඉතාලියේ කාසි හොයන එක ඒ තරම් මහන්සි වෙන්න ඕන දෙයක් නෙමෙයිනේ ඒ දවස් වල.. ඔය 2002 අවුරුද්දේ ඉතාලිය යූරෝ පාවිච්චි කරන්න ගත්තට පස්සේ එතෙක් තිබුන ලීරා මුදල් වර්ගයේ කාසි සෑහෙන ගොඩක් මට හම්බුනා.. එක ජාතියෙන් මට මතක හැටියට කාසි 10-12 තිබුන වෙලාවල් තිබුනා..

ඉතින් මම කලේ එක ජාතියෙන් කාසි දෙකක් විතරක් ඒ වැඩියෙන් තියෙන ඒවයෙන් මගේ ලග තියාගෙන අනිත්වා මං වගේම ඒ පිස්සුව තියෙන යාළුවෝ එක්ක හුවමාරු කර ගත්ත එක.. එයාලගෙන් තමයි මම සුවිස්, එංගලන්තය වගේ රටවල කාසි හොයා ගත්තේ.. ඒ දවස් වල අපේ තාත්තා වැඩි හරියක් ලංකාවට ආවේ ඩුබායි හරහා නිසා ඒ රටේ කාසිත් ගොඩක් මගේ ලග එකතු උනා..

ඕවා ඉතින් වෙනම පෙට්ටියක දාගෙන ආරක්ෂා කරගෙන ඉද්දි තමයි අපේ අයියා මට මේ ජාතියේ කාසි දාන පොතක් එවුවේ.. පස්සේ ඉතින් ඕකේ එකින් එක ලස්සනට අඩුක් කරලා මම මගේ කාසි පොත හදාගත්තා.. එක එක රටට වෙනම පිටුවක් ගානේ ලස්සනින් වැඩිම ඒවා ඉස්සරහට දාලා මම මගේ කාසි පොත හදා ගත්තා..  අපි ඉතින් පිළිවෙලට වැඩ කරන අයනේ..

ඔය කාසි එකතු කරන කාලෙම එකතු කරපු තව දෙයක් තමයි මුද්දර.. මම හිතනවා ගොඩක් දෙනෙක් ලග මුද්දර එකතුනම් ඇති කියලා.. ඒත් මගේ ලග වැඩියෙන්ම තියෙන්නේ පිටරට ඒවා තමයි.. මෙතනත් ඉතින් මම පාවිච්චි කලේ අර කාසි වල තියරි එකම තමයි.. ඉතාලි මුද්දර දීලා වෙනත් රටවල මුද්දර ගත්ත එක.. කාසි වලට වැඩිය හැබැයි මුද්දර එකතු කරන එක ලේසියි..
  
දවසක් මාත් එක්කම මුද්දර එකතු කරපු මගේ ඉස්කෝලේ යාළුවෙක් කිවුවා “මගේ මුද්දර පොතේ ඉතාලියේ මුද්දර වලින් පිටුවක් පිරුනේ උඹ නිසා” කියලා.. දවසක් මම උගේ ගෙදර ගිහින් පොත බලද්දි තමයි මටත් ඒක ඇත්ත කියලා තේරුනේ.. ඔක්කොම තියෙන්නේ මම දීපුවා.. හැබැයි ඒ වෙනුවට මට ඒ යාළුවගෙන් එක එක රටවල මුද්දර හම්බුනා..

ඒ දවස් වල මැදපෙරදිග රටක ( මට දැන් රට හරියට මතක නෑ. ) තිබුනා එක ජාතියේ මුද්දර 22ක්.. ඒ මුද්දර 22ම එක රටාවකට එකතු කලාම ඒකෙන් හැදෙනවා ලෝක ගෝලය.. ඒ දවස් වල ඔය ලෝක ගෝලේ හදන එක තමයි තිබුන අමාරුම වැඩේ.. ඒ මොකද ඒ මුද්දර හොයාගන්න අමාරුයි.. එක ජාතියෙන් වැඩිපුර එකක් තියෙන එකෙක් ඒක මාරු කරන්නෙත් අර ලෝක ගෝලේ හදාගන්න මුද්දරයක් ලැබෙනවනම් විතරයි.. අවාසනාවට වගේ මට ඒ ලෝක ගෝලේ සම්පූර්ණ කර ගන්න බැරි උනා.. මුද්දර 6ක් හෝ 7ක් මට ඒකට මදි උනා..

දැනට මුද්දර 4000කට කිට්ටු ගානක එකතුවක් මගේ ලග තියෙනවා..  මේතියෙන්නේ මගේ ඒ මුද්දර එකතුව..







ඒත් ඉතින් මම අර කියපු කාලය එද්දි ඔය හැම දෙයක්ම  නිකම්ම වගේ නැවතිලා ගියා.. සමහරු කිවුවේ “නිකන් පොඩි එවුන් කරන වැඩ කරන්න එපා බං..” කියලා.. ඉතින් ඒකත් ඇත්තටම එක හේතුවක් උනා.. අනික තමයී ඊළගට මුහුන දෙන්න තිබුන විභාග වලට ලෑස්ති වෙද්දි ඉබේම වගේ මේ දේවල් වලින් හිත ඈතට ඇදිලා ගියා.. ඒත් අදටත් ෆාමසියට පිට රටවලින් ලියුම් එනකොට ඒකේ මුද්දරේනම් මම අර ගන්නවා.. හැබැයි කවදාවත් උන් නම මට අර කලින් කතාව කියලා නෑ.. ඉස්සර මුද්දරේ ගැන හිතන්නේ නැතුව ලියුම් ඉරපු උන් දැං මට ඒ මුද්දරේ අරන් තියනවා..

ඔය කාසි වලින් මුද්දර වලින් පස්සේ කාලෙක හිත ගිය දෙයක් තමයි සීඩී එකතු කරන එක.. සොෆ්ට්වෙයාර්, ගේම්ස්, සිංදු සීඩී වගේ එවත් කාලයක් එකතු කලා.. ඒවනම් ඉතින් කලින් වගේ පරිස්සම් නොකරපු නිසා එක එකා උස්සන් ගිහින් දැං ඒවා කොහේ තියෙනවද කියලවත් දන්නේ නෑ..

ඔය A/L එහෙම ඉවර වෙලා ගෙදර ඉන්න කාලේ රෙස්ලින් පිස්සුව ඔළුවට ගැහුවනේ.. තාම එහෙම තමයි.. ඒ දවස් වල තමයි මගේ ඇද කැඩුනෙත්.. කට්ටියට ඒක මතක ඇතිනේ.. ඔය කාලේ මට තව එක පිස්සුවක් ඔළුවට ආවා.. ඒ ගැන කියනවට වැඩිය හොදයි පල්ලෙහා පින්තූර බලලා තේරුම් ගන්න එක.. ඔය ඉතින් මගේ කාමරේ හැටි තමයි.. සල්ලි කීයක් නම් මම ඕකට වියදම් කරන්න ඇත්ත.. හයියෝ සල්ලි කිවුවලු..




 (මේකේ මේ පින්තුරේ ගන්න අලියා කවුද කියලා දන්න අය දන්නවනේ)


දැං කට්ටිය කල්පනා කරනවා ඇති මූට මේ හදිස්සියේ මේවා මතක් උනේ ඇයි කියලා.. ඒ ගැන කියන්න තමයි මේ ආරම්භය අරගත්තේ.. මේ දවස් වල අළුත් එකතුවක් මගේ අනිත් එකතුන් අතරට එකතු වෙනවා.. ඒ ගැන මම වෙනින් දවසක කියන්නම්.. පුළුවන්නම් කට්ටිය ගෙස් කරලා කියලා යන්න ඒ එකතුව මොකක්ද කියලා..

මොන්ටිසෝරි යන කාලේ මදටියා ඇට, රබර් ඇට එකතු කරපු අපි හැමෝම මොනවා හරි දෙයක් පොඩි කාලේ ආසාවෙන් එකතු කරා.. සමහර විට මේ වෙද්දිත් එකතු කරනවා.. ඉතින් එහෙම ඔයාලා ලග තියෙන එකතුවක් ගැනත් කියලා යන්න අමතක කරන්න එපා..




57 comments:

  1. හපෝ මට ඇති උන ඉරිසියාව ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ...රට රටවල් වල කාසි එකතු කරන්න මමත් මාර ආසයි...දැනට නම් මගේ ලග තියෙන්නේ ඩොලර් විතරයි :( අනිත්වා ලංකාවේ දාලා ආවේ...එතනත් යුරෝපේ කාසි නම් නෑ මගේ හිතේ..

    ReplyDelete
  2. අහ මගේ ළඟ තියන අනිත් එකතු තමයි...බුක් මාර්ක්,ඇන්ටික් භාණ්ඩ, සුවඳ විලවුන් බෝතල් :)

    ReplyDelete
  3. හිහිහී මුද්දර එකතු කරන එක මගෙත් විනෝදාංශයක්.. ඉස්සර වගේම අදටත්.. ඉස්සර කුරුළු පිහාටු එකතු කලා.. වර්ග කරලා ලස්සනට හැඳුවා.. අදටත් මා ළඟ තියෙනවා.. දවසක දාන්නම්.. :) හයියෝ සල්ලි.. ඒ කාලෙ ඉතින් කවුරුත් ඔහොමනෙ... :D ම්ම්ම.. මේ දවස් වල... ඉතාලියේ ලස්සන තැන්වලට ගිහින් කැමරාවෙන් මතක සටහන් එකතු කරනවද...? නැතිනම්.. මේ බ්ලොග් පෝස්ට් එකතුවද..? :) හාෆූ කවදාවත් ගෙස් කරන්නෙනම් නැතෝ මං දිනේෂ් කියනකල් ඉන්නවා මිසක්.. :D

    ReplyDelete
  4. මට තිබුනේ ක්‍රිකටෙර්ස් ලගේ ස්ටිකර් එකතු කරන පිස්සුවක්.ඒවා එකතු කරලා දෙන තෑගි ගන්න.ස්ටිකර් සෙට් 4 ක් විතර තිබුනා ඒත් එක තෑග්ගක්වත් ගන්න බැරි උනා.ස්ටිකර් ඔක්කොම සෙට් කරගද්දී ඒ තරගේ ඉවර වෙලා.

    ReplyDelete
  5. @ සයුරි : අක්කා මල්ලියාටම මෙහෙම ඉරිසියා කරන එක හරි නෑ නේද :) ඩොලර් නම් 10 කොල වගයක් මං ලග තියෙනවා.. ඔයාලග ඩොලර් නැත්නම් ඉතින් කා ලග තියෙන්නද.. සුවද විලවුන් බෝතල් වලට කොහොමත් කාන්තා පාර්ශවය කැමතියිනේ.. ආ අර ඇන්ටික් බඩු වලටනම් මමත් මාරම කැමතියි..

    ReplyDelete
  6. @ නන්දු : පොඩි කාලේ ඉස්කෝලේ වැඩකට පොතක් හදන්න මමත් කුරුළු පිහාටුනම් කාලයක් එකතු කලා.. ඒක තාම ඇති ගෙදර මට මතක හැටියට.. තව ටිකක් උත්සාහ කරලා බලමු නන්දු.. ඔයා දන්නවනේ මං ගැන.. :)

    ReplyDelete
  7. @ අසරණයා : මගේ ලගත් ඉස්සර ස්ටිකර් තිබුනා.. ඒත් ඒක ඒ තරම් ආසාවෙන් කරපු දෙයක් නෙමෙයි.. කොහොමත් ඔය තෑගි දෙන තරග වලදි වෙන්නේ ඕක තමයි.. අපි ඔක්කොම හොයා ගනිද්දි තරගේ ඉවරයි..

    ReplyDelete
  8. මා ලඟත් එක එක රටවල සල්ලි තියනව...සුවඳ විලවුන් බෝතල් 63 ක් තියනවා.(හිස් ඒවා)තාම පාවිච්චි කරන ඒවත් ගොඩක් තියනවා..එක එක ගල් වර්ග එකතු කරනවා...මම ගොඩාක්ම ආසාවෙන් කරන්නෙ ඒ ලස්සන පාට ගල් වර්ග එකතු කරන එක තමා...!!

    ReplyDelete
  9. මමත් පොඩි කාලෙ එකතු කළා මුද්දර. ඊට පස්සෙ එක එක හැඩයේ බෝතල් පාට පාට වතුර දාලා ඩිස්ප්ලේ කැබිනට් එකක තියලා තිබුණා. දැන් නම් ෆ්‍රිජ් මැග්නට්. :)

    ReplyDelete
  10. මම නම් කිසිම දෙයක් එකතු කලේ නැහැ, අනේ මම දන්නේ නැහැ ඒ මොකෝ කියලා, අපේ මල්ලියා නම් මුද්දර එකතු කළා.

    ReplyDelete
  11. සිරා මචං.. ඉස්සර මම එකතු කලේ මුද්දර ‍අපේ අක්ක එකතු කලේ කාසි..

    //අපි ඉතින් පිළිවෙලට වැඩ කරන අයනේ.. // මේ ටිකට පොඩ්ඩක් හිනා ගියා.. :))

    මටත් රෙස්ලිං උණ තිබ්බා ඒත් පොටෝ ගැහුවේ නැහැ. in your house 10 විතර ඉදන් 100 ගාණකට වැඩිය බලන්න ඇති.

    ReplyDelete
  12. මුද්දර නම් මාත් එකතු කලා ගොයියො.. ඒත් පිටරට ඒව වලට වඩා ගේමක් දුන්නෙ ලංකාවෙ පරණ මුද්දර එකතු කරන්න... ඒකෙනුත් ශ්‍රී ලංකා‍ව කියන එක වෙනුවට ceylon කියල ගහල ආපු ඒවට තිබුනෙ මාර ඉල්ලුමක්... සාතන් ගාව නම් සෙට් එකම තිබුන මතක විදිහට... ඕකත් උඹ කිව්ව ලෝක ගෝල කේස් එක වගේ තමයි... එක වගේ ceylon මුද්දර 2ක් තියෙන එකෙක් මුද්දර මාරු කලේ සෑහෙන ඩිමාන්ඩ් කරල තවත් ceylon මුද්දරේකටමයි... පුංචි ‍ඩැමේජ් එකක්වත් තියෙන්න බෑ... තැපැල් කන්තෝරුවෙන් ගත්ත කොලිටියටම තියෙන්නත් ඕන... ඊට පස්සෙ වැඩිම පොයින්ට් හම්බුවුනේ ත්‍රිකෝණ මුද්දර වලට... අපරාදෙ දැන් නම් ඒව කොහෙද කියල නෑ..

    ReplyDelete
  13. මමත් පොඩිම කාලේ කුරුළු පිහාටු එකතු කරා.අපේ ගෙදර වත්ත ලොකු නිසා ඕන තරම් පිහාටු ලැබුනා මට.ඊට පස්සේ ජිල් බෝල එකතු කලා..ගහමරාගෙන තමයි ඒක කලේ.පස්සේ සීඩී එකතු කරා.දැන් ලොකුම දේ පොත් එකතු කරනවා...

    ReplyDelete
  14. මුද්දර සහ කාසි එකතුව තාම ඇති කියල හිතනව. කල් යන්න යන්න ඕවයෙ වටිනා කම වැඩි වෙනව. ඉස්කෝලෙ යන කාලෙට වඩා පහසුවෙන් ට්‍රයි එකක් දුන්නොත් දැන් අර ලෝක ගෝලෙ සම්පුර්ණ කොරගන්න හැකි වෙයි.

    ReplyDelete
  15. මගේ ළඟ මුද්දර එකතුව නම් තාම තියෙනවා.... ඒ වගේ අර ඉස්සර ක්‍රිකටර්ස් ලගේ ස්ටිකර් සෙට් එකකුත් තියෙනවා....නියමයි දිනේෂ් අයියා....

    ReplyDelete
    Replies
    1. දැන් නම් මගේ හිතේ එහෙම ක්‍රිකටර්ස්ලගේ ස්ටිකර් චොකලට් වල එන්නේ නෑ නේද?

      Delete
  16. අපේ චූටි මල්ලිටනම් ඔහොම එක එක පිස්සු තිබුනා. මායි ලොකු මල්ලියි කලේ එයාට උදව් කරන එක තමයි.මට තිබුන ලොකුම හීනෙ තමා පොත් එකතු කරලා පුස්තකාලයක් දාන්න තරම් අල්මාරි, පොත් රාක්ක දාන එක. දැන්නම් ගෙදර ඉඩ නැති නිසා පොත් කියවලා පුස්තකාලෙම තියල එන එක තමා කරන්නෙ..මටත් ආයෙ පුංචි කාලෙ මතක්වුනා..ඔයාගෙ අළුත් විනොදාංශය ගැන නම් කියන්න තියෙන්නෙ රස්තියාදු ගහපු තැන්වල පින්තූරු එකතු කරන එක වෙන්නැති..මොකද කියන්නෙ මලේ..

    ReplyDelete
    Replies
    1. එකතුවක් තියාගන්නවා වගේම තමයි අක්කේ එහෙම දෙයකට උදවු කරන එකත්.. දෙකම හිතට සතුටක් ගේන්නේ.. පොත් කියවන්න මමත් ආසයි.. ඒත් ඒකට විවේකයක් හොයාගන්න හටි අමාරුයි..

      නෑ අක්කේ අළුත් දේ එහෙම අකක් නෙමෙයි..

      Delete
  17. මගේ ලඟත් තිබුණා ඔය වගේ ලොකු මුද්දර එකතුවක්... එක පාරක් නුවර තැපැල් කාර්යාලයට ගිහින් විස්තර අරගෙන අමාරුවෙන් පරණ පොස්ට් මාස්ටර් කෙනෙක්ගේ ගෙයක් හොයාගෙන ගියා අප්පච්චිත් එක්ක. එහෙදි මට හම්බවුණා බොහොම දුර්ලභ මුද්දරයක්. මට රට නම් මතක නෑ. එත් ඒ මුද්දරේට තිබුනේ මල් කුඩෙක හැඩයක් කියල නම් මතකයි. ඒ මුද්දරේට තමයි මං ආසම. දවසක් මුද්දර කාර්යන්ශේ තිබුණ ප්‍රදර්ශනෙකට පොත තියලා, ඒ මුද්දරේ ඇතුළුව මගේ ළඟ තිබුණු වටිනා මුද්දර ගොඩක් නැතිවෙලා තිබුණා. එදා ඇතිවුන කලකිරීම නිසා මං මුද්දර එකතු කරන එක නැවැත්තුවා. ඉතුරු මුද්දර ටිකත් අපේ මල්ලි කෙනෙක්ට දීල දැම්මා.. :(

    ReplyDelete
    Replies
    1. අපරාදේ.. ඔය වගේ ප්‍රදර්ශනේකට යැවුවම පරිස්සමනම් අඩුයි තමයි.. ම නම් අවුම ගානේ ඉස්කෝලෙටවත් අරගෙන ගියේ නෑ මගේ මුද්දර ටික..

      Delete
  18. ශා... අයියා නියම වැඩනෙ කරන්නෙ.. හරිම පිළීවලයි.. මුද්දර පොතක් ඉස්සර මා ළඟත් තිබුනා. එකතු කලා පිස්සුවෙන් ව්අගේ.. ඒත් A/L වලට ආවට පස්සෙ නතර වුනා ඒක. එකතුකරපුවත් කටද දුන්නා. හැබැයි Bookmark නම එකතුකලා. තාමත් එකතු කරනවා..:D

    ම්ම්.. අයියාගෙ ඊළඟ එකතුව මොකක්ද??? :O ගෙස් කරන්න අමාරුයි ව්අගේ.. කවි ලියපුවද?? නැත්තම් රස්තියාදු ගහන්න ගිහින් ගත්තු පින්තූරද??

    ReplyDelete
    Replies
    1. " එකතුකරපුවත් කටද දුන්නා.." හරිම මෝඩ වැඩක්නේ ඒක.. බුක්මාර්ක් වලටනම් මගේ හිත ගිහින් නෑ.. ඒ කවදාවත් පාවිච්චි කරලා නැති නිසා වෙන්න ඇති..

      නෑ නෑ ඔයත් වැරදියි..

      Delete
  19. chik mawa wadilane photo eke...ali badak ne mata thiyenne hik hik...meh eke bada wadi aththatama echchara loku badak naha mata

    ReplyDelete
    Replies
    1. මාව වැදිලනේ කියන්නේ මමද ෆොටෝ ගත්තේ.. කාන එකයි බුදිය ගන්න එකටයි අමතරව තව මොනවා හරි කරනවා..

      Delete
  20. අයියගෙ කාසි එකතුව නියමයි. ලංකාවෙ පරණ කාසිත් එකතු කරන්න.

    අදටත් මම මුද්දර එකතු කරනවා. ඒක පොඩි එවුන් කරන වැඩක් කියනව නම් අපේ පන්තිවල හිටිය එවුන් තාමත් පොඩියි. ඒ තියා අපේ අයියත් එහෙනම් පොඩි එකෙක්.

    මගෙ ලඟත් ඉස්සර ඉදන්ම එකතු කරපු මුද්දර ගොඩක් තියනවා. අපේ තාත්තා එයා පොඩි කාලේ එකතු කරපු මුද්දර ඔක්කොම මට දීලා ගියා. තාත්තා කයිට්ස් වල ඉන්දැද්දි එහෙන් සිප්පි කටු වේලපු මුහුදු අශ්වයො එහෙම ගෙනාවා. ඒවත් තාම තියනවා.

    රෙස්ලින් පෝස්ටර් එකතු කරනවා කියලා දන්නෙ දැනුයි.ඒකත් නරකම නෑ වගේ...


    අයියා එකතු කරන්නෙ මොනවද කියන්න මට හරියටම බෑ. හිතෙනවා වැදගත් දෙයක් වෙන්න ඇති කියලා...

    ReplyDelete
    Replies
    1. එහෙනම් මලයත් මං වගේ.. ඒ උනාට රෙස්ලින් වැඩේ ගැනනම් හිතන්න එපා මලයෝ..

      අළුත් දේ නම් ඒ තරම්ම වැදගත් දෙයක් නෙමෙයි.. ඒත් නිකන් ඉන්න ගමන් හිතුන විකාර අදහසක් ඒක.. ඉක්මනට එකත් කියන්නම්කෝ..

      Delete
  21. මේක නියම විනෝදාංශයක් මචං
    මමත් ඉස්සර ඔය වගේ එක එක දේවල් එකතු කලා
    ඒත් කාලයත් එක්ක ඒවා මග ඇරිලා ගියා
    මගේ ගාව සත විසි පහේ කාසි බර තොගයක් තියෙනවා එකතු කරපු
    ජෑම් බෝතල් දෙකක් පිරෙන්න තියෙනවා :))

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඒ දේවල් අත ඇරුන කාලය අපරාදේ කියලා දැං තමයි හිතෙන්නේ.. මගේ කල්පනාවනම් ආයෙම මුද්දර වැඩේ පටන් ගන්න.. මොකද සත විසිපහේ කාසි විතරක් එකතු කලේ??

      Delete
  22. හ්ම්.... පොඩිම කාලෙ තිබුනා මුද්දර එකතු කරන පිස්සුව.පස්සෙ ඕ ලෙවල් කාලෙ තිබුනෙ ලියලා ඉවර වුන පෑන් එකතු කරන එක.තඩි පර්ස් එකක් පුරවලා පෑන් තාම තියෙනවා.දැන් නම් මුකුත් එකතු කරන්නෙ නෑ.එකතු කරන්න තරම් දෙයක් හිතෙන්නෙ නෑ අප්පා..... :(((

    ReplyDelete
    Replies
    1. අපේ අයියත් ඔය පෑන් එකතු කරන වැඩේනම් කරනවා.. තාම තියෙනවා.. මොනවා හරි දෙයක් හිතලා බලන්න.. අළුත් දෙයක් හොයාගන්න පුළුවන් වේවි..

      Delete
  23. @ වින්චැට්කිරිල්ලී : " සුවඳ විලවුන් බෝතල් 63 ක් තියනවා.."

    හම්මෝ මේ ගෑණු ළමයි සෙන්ට් පාවිව්ච්චි කරන තරම්.. :) ලස්සන ගල් කිවුවම මතක් උනේ.. වතාවක් රෝස තිරිවාන කන්ද බලන්න ගිය වෙලේ ගල් වගයක් අරන් ආවා මාළු ටැංකියට දාන්න..

    ReplyDelete
  24. @ Music girl : ෆ්‍රිජ් මැග්නට්නම් හරි සුළබයි මෙහේ.. අර බෝතල් වලට වතුර පුරවලා ලසනට තියන එකත් අපූරු වැඩක්නේ..

    ReplyDelete
  25. @ වර්ණා : ඔයා හරි කෙනෙක් තමයි.. මුකුත්ම එකතු කරලා නැද්ද??

    ReplyDelete
  26. @ sAm (සෑම්): රෙස්ලිං පීස් නම් අපේ ගෙදර බර ගානක් ඇති.. දැන් නම් සීඩි තියාගන්න ඉඩත් නෑලු..

    ReplyDelete
  27. @ සාතන් : පරණම ලංකාවේ මුද්දර වගකක් මං ගාවත් තියෙනවා.. හැබැයි ගොඩක් ඒවායේ ඔය කියපු කොලිටියනම් නෑ.. අනික දැං ඉස්සර වගේ ඕවා නඩත්තු කරන්න කවුරුවත් ඇත්තෙත් නෑනේ..

    ReplyDelete
  28. @ Janaranga Wijaindu Dewasurendra : එකතුවක් නොතිබුනත් ඒ දවස් වල ජිල්බෝල වලටනම් සෑහෙන ගහමරා ගත්තා.. පොත් එකතු කරන එක කාලයත් එක්ක බලද්දි ගොඩක් වටිනම එකතුවක්..

    ReplyDelete
  29. @ Observer : ඒකනම් ඇත්ත ඔබා මාමේ.. කොයිදේත් පරණ වෙද්දි අගේ වැඩියි.. ලෝක ගෝලේ ගැන හිතලා බලන්න ඕන.. ඒත් ඒ රටේ මම දන්න කෙනෙක්වත් නෑනේ..

    ReplyDelete
  30. මම නම් එකතු කළේ ජිල් බෝල තමයි, ඒත් ගෙදරට පො වුන් ආවා ම ඒව නැතිකරන නිසා ඉබේ ම ඒ වැඩේ අතෑරිලා ගියා... ලස්සන එකතුවක් මලයෝ!

    ReplyDelete
    Replies
    1. ජිල් බෝල පොඩි එවුන්ගෙන් බේර ගන්න බැරි කතාවනම් ඇත්ත.. මාත් ඉස්සර පොඩි කාලේ ගිය තැවල තිබ්බම සාකුවේ දාගෙන එනවා..

      Delete
  31. මම එකතු කරන්නෙ සුවඳ විලවුන් බෝතල්..හැබැයි මමම පාවිච්චි කරපු ඒවා විතරයි.. :D

    ReplyDelete
    Replies
    1. ඔන්න අක්කලා තුන් දෙනෙක්ම විලවුන් බෝතල් එකතු කරනවා.. බලාගෙන යද්දෙ කාන්තා පාර්ශවය වැඩියෙන් කැමති ඒවටද කොහේද..

      Delete
  32. :( එකතු කරපුව මුකත් නෑ :(

    ReplyDelete
    Replies
    1. ඇයි තියෙන්නේ.. මෙතන කියන එක හරි නෑ කියලා හිතෙන නිසා නොකියා ඉන්නම්..

      Delete
  33. මා ගාවත් තියෙනවා පිටරට මුද්දරයි, ලංකාවේ මුද්දර ගොඩකුයි.. අපේ චුටි අය්යා මට දුන්න එයාගේ මුද්දර ටිකත්...ම්ම්ම් තව ලස්සන ලස්සන චූටි ස්ටිකර්, ගල් ස්ටිකර් එකතු කරන්නත් මම ආසයි.(තාමත් කරනවා ඒක නම්)

    ReplyDelete
    Replies
    1. ඔය ගල් ස්ටිකර් නම් අපේ ඉස්කෝලේ කෙල්ලොත් එකතු කලා.. අපි කරන්නේ හොරෙන් අරං පොත් වල අලවන එක..

      Delete
  34. මමත් කාසි එකතු කරා මම scouting කරන දවස්වල!
    එත් පස්සේ වෙන වෙන ආසාවල් ආවට පස්සේ කාසි වලට උන දෙයක් නෑ!
    :((

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඔය පස්සේ ආපු ආසාවල් නිසා කීයක් දේවල් අත ඇරුනද?

      Delete
  35. වාව්...පුංචිකාලේ අපේ ගෙදරත් කාසි එකතුවක් තිබිලා..ඒත් මම ඒවා මිදුලට වීසිකරලා නැතිකරාලු...අපරාදේ....

    ReplyDelete
    Replies
    1. සහෝදරයා ජාතික අපාරාදයක්නේ කරලා තියෙන්නේ..

      Delete
  36. මමත් ඉස්සර මුද්දර එකතු කලා.
    දැන් නම් ඒ ටික අපේ නංගි කෙනෙක් අරගෙන ගිහින්.
    අපරාදේ !!!


    මල්ලිගේ කලෙක්ෂන් එක දැක්කම ආඅයෙමත් මුද්දර එකතු කරන්න ආස හිතුනා.

    ReplyDelete
    Replies
    1. ආයේ එකතු කරන්න හිතුනට අර නංගී කීයටවත් ඒ ටික දෙන්නේ නම් නෑ අයියේ.. අපරාදේ..

      Delete
  37. අපේ තාත්ත අපි පුංචි කාලෙදි සෑහෙන්න මහන්සි වුණා මායි මල්ලියි ලවා මුද්දර පොතක් හදවන්න. ඒ වුණාට තාත්තගෙ උවමනාව විතරක්ම මිසක් අපිට කවදාවත් ඒ වැඩේ අල්ලල ගියෙ නෑ. ඊට පස්සෙ 6-7-8 පන්තිවලදි එක එක ජාතියෙ ස්ටිකර් එකතු කලාට පස්සෙ මම මොකක්වත් එකතු කරන විනෝදාංශෙකට සෙට් වුණේම නෑ. හැබැයි දැන් නම් බලන හොඳ චිත්‍රපටි 3-4 ගානෙ ඩීවීඩි වලට අරගෙන ඒව ඉන්ඩෙක්ස් කරල එකතුවක් තියාගන්න උනන්දුවක් තියෙනවා. :D

    ReplyDelete
    Replies
    1. චිත්‍රපටි එකතුවත් හොදයි අයියේ.. අපේ අයියා ලගත් සිංදු , ෆිල්ම් සෑහෙන ගොඩක් තියෙනවා..

      Delete
  38. අයියා රෙස්ලින්ග් වලටත් පිස්සු හැදිලා ..... මන් එකතු කරපු මුද්දර ටික කොහෙද දන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. තාමත් රෙස්ලිං බලනවා.. හැබැයි අර ඉස්සර වගේ පෝස්ටර් වලට නම් උනන්දුවක් නෑ..

      Delete
  39. රබර් ඇටනං එකතු කරා...බිම උලලා උලලා එක එකාගේ පස්ස පැත්තේ තියන්න.....

    ReplyDelete
    Replies
    1. අපිත් ඕක කලා.. ඊට පස්සේ ඉතින් රණ්ඩු තමයි..

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්