Monday, 16 January 2012

අත් පටලා යමු ආයේ

මට මුලින්ම රස්තියාදුකාරයා කියලා කතාකලේ ඔයා.. මීට අවුරුදු ගානකය කලින් මාව කේන්ති ගස්සන්න එහෙම කතා කරපු ඔයාම මාත් එක්ක ඕනම තැනක ඇවිදින්න යන්න ආවා.. ඒ වෙලාවට මම ඔයාට මගේ රස්තියාදුකාරී කියලා කතා කරද්දි ඔයාගේ මුණේ මැවෙන හිනාව අදත් මට ඒ වගේම මැවිලා පේනවා..

ජීවිතේ නිදහස විදින්න සැහැල්ලුවෙන් හෙට දවස දිහා බලන්න ඔයා ආස කලා.. ඔයාට ගොඩක් හීන තිබුනේ නෑ කියලා මං හොදිම දන්නවා.. ඔයා මගෙන් ගොඩාක් ඉක්මනින්ම වෙන් වෙනවා කියලා දැන දැනම මං අපේ නිහඩ ආදරේ පටන් ගත්තේ ඒ ඉස්සර හිතේ තිබුන රස්තියාදු ගති නිසා වෙන්න ඇති.. ගොඩක් දෙනෙක් විරුද්ධ වෙද්දි මගේ තනි තීර්ණේට ඔයාට ආදරේ කලේ  ඒ නිසා වෙන්න ඇති..

හිරු නිවෙන මුහුදු වෙරළ දිගේ මුකුත් කතා නොකර ගොඩක් දුර ඇවිදන් යද්දි මගේ හිතට දුකක් නොදැනුනාම නොවෙයි.. ඒත් මම ඒ නිහඬ බවට ආදරේ කලා.. ඔයාගේ කතා කරන ඇස් වලට ආදරේ කලා.. අපේ නිහඬ බව බිදින්න මම තනියම ගොඩක් දේවල් කතා කලා.. සමහර වෙලාවට තේරුමක් නැති දේවල්.. ඒත් ඒ වෙලාවට ඔයා ගොඩක් හිනාවෙනවා.. ඔය ලස්සන ඇස් වලට කඳුළු එනකම් ඔයා හිනාවෙනවා.. ඒ වෙලාවට මම ඔයාගේ ඇස් ලගට ඇවිත් ඒ කඳුළු පිහදාන්නේ මම මටම උන පොරොන්දුවක් නිසා..

දවසක් එහෙම ඔයාගේ ඇස් වල කඳුළු දැකලා ඇහුවම ඔයා දුකින්ද කියලා ඔයා නෑ කියලා කිවුවා.. එහෙනම් ඇයි මේ කදුළු කියලා මං අහද්දි ඔයා ඔයාගේ ඇගිල්ලෙන් වෙරළේ  “සතුටට” කියලා ලියද්දි ජීවිතේ මං කිසිම දවසක නොවිදපු ආදරයක් හිතට දැනුනා..

මගේ පපුවට ලං වෙලා වෙරළ දිගේ ඇවිදන් ගිය දවස් වගේ ලස්සන කාලයක් මගේ ජීවිතේට ලං වෙලා නෑ.. ඒ සතුට කවදා හරි මගෙන් දුර ඈතක ඇදෙන බව දැන දැනම හිත තව තවත් ඔයා ලගට ඇදිලා ආවේ ඇයි කියන්න මම අදටත් දන්නේ නෑ.. ඒත් ඒ දවස් වලට මම ආදරේ කලා.. ඒ කවදා හරි මගේ ලග ඉතුරු වෙන්නේ ඒ මතක විතරයි කියලා ම දැනගෙන හිටිය නිසා..

“මං වෙනුවෙන් ගොඩක් ලොකු හින දකින්න එපා..”

“ කවදා හරි මට ඉතුරු වෙන්නේ මේ හීන විතරයි.. ඒ හින්දා මට මේ හීනයේ ජීවත් වෙන්න දෙන්න.. මේ හීනෙට මම ආදරෙයි පූජා..”

දවසක් ඔයා මට එවපු මැසේජ් එකකට මම පිළිතුරු එවුවේ එහෙම.. එදායින් පස්සේ කවදාවත්ම ඔයා මට මේ හීනයෙන් මිදෙන්න කියලා කිවුවේ නැතත් හිතින් ඔයා ඒ ගැන ගොඩක් දුක් උන බව මම දැන ගත්තේ ඔයා මගෙන් දුරකට ගිහින් කාලයක් ගත උනාටත් පස්සේ..

ඔයා අද මගෙන් ගොඩාක් දුරකට ගිහින් ඉවරයි.. මේ හිත ලග මැවුන ඒ හීනවල තවත් ජීවත් වෙන්න බෑ කියලා හිත තේරුම් ගනිද්දි ගොඩක් කාලය ගෙවිලා තිබුනා.. ඒ හිනවලට සමුදීලා පියවර මනිද්දි ආයෙමත් ඇහුන “රස්තියාදුකාරයා” කියන වචනය මගේ හිතට දුකක් වෙනුවට අරන් ආවේ සතුටක්..

ඔව්.. සතුටක්.. කාලෙකට කලින් මම ජීවිතේ නතර කල තැනට ආයෙම ගිහින් කියලා සතුටක් මගේ හිතට ආවා.. එතන ඉදන් ඉස්සරහට යන්න මම දැකපු හීන නෑ.. ඒත් එකම එක හීනයක් තියෙනවා.. ඒ ඔයා මං වෙනුවෙන් දැකපු හීනය..

ආයෙම රස්තියාදුකාරයාගේ ජීවිතය පටන් ගන්න ඔයා බලාපොරොත්තු උන විදිහට.. ඒත් ඒ ගමන එදාට වඩා ගොඩක් පාළු වේවි.. ඒ එදා මාත් එක්ක රස්තියාදුවේ ගිය මගේ රස්තියාදුකාරී නැති ගමන් මග ඔයාගේ මතකත් එක්ක අත් පටලන් මම ආයෙම යන්නම්.. ඒ ඔයා එදා වෙරළේ ලියපු "සතුට" කියන දේ හොයාගෙන..
 

අපි හැගුම් වලට ඉඩදී මොහොතක්..
ඉඩ ලබා ගනිමු තරමින් වියතක්..
හද පානේ ..
මද අදුරේ..
අත් පටලා යමු ආයේ....

                   




 

62 comments:

  1. ආයෙත් රස්තියාදුවක් ගිහින් සතුට තියන තැන හොයා ගන්න ලැබේවා....!!

    ReplyDelete
  2. හ්ම්ම්ම්ම්ම්.... මොන රස්තියාදුවක ගිහින් හරි අයියා සතුටින් ඉන්නවනම් හොදයි!!!!!

    ReplyDelete
  3. ලස්සනට ලියල තියෙනව මචන්... මම හිතන්නෙ වික්ටර් මහත්තයගෙ සින්දුව අහල හිතට ආපු එකක් මිසක් පෝස්ට් එක ලියල ඉවරවුනහම සින්දුව මතක් වුනා නෙමෙයි වෙන්න ඕන... :)

    ReplyDelete
  4. අාදරේ! නොතේරේ :( :( :D
    හබැයි ලස්සනයි! :)

    ReplyDelete
  5. අනේ අයියේ මටත් මතක් වුණා ගිය හැටි... මන් අයියට කිව්වනේ ඉතින් කතාව

    ReplyDelete
  6. ෂාහ්...ඔයාගේ ලිවීමේ හැකියාව නම් අපූරුයි අයියා... ලස්සනයි....මාත් ඉස්සර ඔහොම රස්තියාදු ගැහුවා :)

    ReplyDelete
  7. හ්ම්...මාත් අතීතයට ඇදිල ගියා....

    ReplyDelete
  8. අනේ මටත් ආපහු හිතුන ගාල්ලේ සී ලයින් 1 දිගේ අපහු රස්තියාදුවක් ගහන්න!:(

    ReplyDelete
  9. “ කවදා හරි මට ඉතුරු වෙන්නේ මේ හීන විතරයි.. ඒ හින්දා මට මේ හීනයේ ජීවත් වෙන්න දෙන්න.. මේ හීනෙට මම ආදරෙයි ""

    හොරකම් කරන්න අවසරද මල්ලී... :) :)

    ඒ තරම්ම ලස්සනයි ඔයාගේ වචන ටික..

    ReplyDelete
  10. හීන දකින්න, හිනා වෙන්න, අඩන්න, දුක් වෙන්න.... එතකොට දැනෙයි ජිවත් වෙනවා කියලා. ඇයගේ කැමැත්ත ඒකයි...

    ReplyDelete
  11. ආයෙමත් රස්තියාදු ගහන්න ලැබේවා !
    තමන්ගේ හිතේ සතුට ලැබේවා !

    ReplyDelete
  12. හපොයි... රස්තියාදු නම් මතක් කරන්න එපා... මතක්වෙනකොටත්...!

    ReplyDelete
  13. ගොඩක් පරන දේවල් මතක් උනා.......

    ReplyDelete
  14. රස්තියාදුවක තියෙන වින්දන රස්තියාදු ගහන අපි හැර ගෙවල් වලට වෙලා ඉන්න ගොන්තඩි නොදනී..


    වෙනද වගේම මේකත් සුපිරියටම ලියල තියෙනවා.ජයෙන් ජය..!!

    ReplyDelete
  15. මටත් ඔය බීච් එකේ වැල්ලේ ලියපු සිද්ධියක් මතක් උනා එක පාරටම මේ පොස්ටුව නිසා...

    නියම සිංදුව නේද මල්ලී.. බස් රේඩියොවේ නිතරම වගේ යනවා.. ඒකම විතරක් වුනත් මටනම් අහන් හිටියෑකි පැය ගානක්..

    ReplyDelete
  16. @ වින්චැට් කිරිල්ලී : සතුට හොයාගෙන යන ගමන ඒ තරම්ම ලේසි ගමනක් නෙමෙයි.. ඒත් දවසක හමුවේවි කියලා හිතනවා..

    ReplyDelete
  17. @ හිතුවක්කාරී : මේ උත්සාහයත් ඒකට තමයි නංගී.. අපි බලමු..

    ReplyDelete
  18. @ සාතන් : ඔව් ඇත්තෙන්ම මේ සිංදුවේ මුල් පද පේලි කීපය මතකේ තියාගෙන තමයි මේ ලිපිය ලිවුවේ.. මේක සිතුවිල්ලක්ම නෙමෙයි මචං.. මම අත් විදපු සිදුවීම් පෙලක්..

    ReplyDelete
  19. @ තනි අලියා : තේරුන දවසට ඔහොම කියන එකක් නෑ.. බලමුකෝ අපිත් තව කාලයක් මේකේ ඉන්නවනේ..

    ReplyDelete
  20. @ රහස් පරීක්ෂකයා : ආදරේ හැටි ඔහොම තමයි මලයා.. නොලැබීම අතරෙත් ආදරේ තියෙනවා කියලා මතකේ තියාගන්න..

    ReplyDelete
  21. @ Shani : ඔය එළිවෙන්නේ අනිත් අයගෙත් රස්තියාදු කතා..

    ReplyDelete
  22. @ තරුගේ ලෝකය : අතීතය වෙලාවකට සුන්දරයි.. වෙලාවකට වේදනාත්මකයි..

    ReplyDelete
  23. @ Nuwan Tharaka : ඉතින් කාගෙන්වත් තහනමක් නැත්නම් ආයෙම ඒ සොදුරු මතක දිගේ ඇවිදන් ගියානම් හරිනේ..

    ReplyDelete
  24. @ සුදු හංසී : අවසර ගත්තම ඒක හොරකමක් වෙන්නේ නෑනේ අක්කේ.. කමක් නෑ අරගන්න..

    ReplyDelete
  25. @ වර්ණා : ඇත්ත නංගී ජීවිතේ ගඟක් වගේ ගලාගෙන යන්න ඕන.. භාදක හමුවෙන්න ඕන.. එත්කොටයි ජීවිතේ ලස්සන වෙන්නේ..

    ReplyDelete
  26. @ මධුරංග : දැනටමත් ඒ රස්තියාදුව පටන් අරන් ඉන්නේ අයියේ.. ඒ ගමන් බිමන් ගැන මම හෙමීට ලියන්නම්කෝ..

    ReplyDelete
  27. @ ලහිරු : මොකද අයියේ රස්තියාදුවත් එක්ක මෙච්චරම තරහක්??

    ReplyDelete
  28. @ ඔබ නොදුටු ලොවක් : ඒ පරණ දේවල් සුන්දර මත්කයන්නම් ලියමු ඒවා අපිටත් කියවන්න..

    ReplyDelete
  29. @ අසරණයා : ඒ කතාවනම් මාත් පිළිගන්නවා.. ඔය ගෑණු ළමයි අපිට රස්තියාදුකාරයා කියලා අනං මනං කිවුවට ඒකේ සුන්දරත්වය එයාලා දන්නවයි.. දන්න අයත් ඇති..

    ReplyDelete
  30. @ නාකියා : බස් එකේ මේ සිංදුව නොගියොත් මම ප්ලේයර් එකේ හරි මේක අහනවා.. ඒතරමටම මම මාරම ආසයි මේ සිංදුවට..

    ReplyDelete
  31. සිතේ අගට තනිවෙලා ඉකිලන
    දිග කතාවක කඳුළු සීතල
    තවම නොලිවුණ හිතක දුක් බර
    මතක් විය සිතිවිලි අතීතෙක.. :)

    "ඔව්.. සතුටක්.. කාලෙකට කලින් මම ජීවිතේ නතර කල තැනට ආයෙම ගිහින් කියලා සතුටක් මගේ හිතට ආවා.. එතන ඉදන් ඉස්සරහට යන්න මම දැකපු හීන නෑ.. ඒත් එකම එක හීනයක් තියෙනවා.. ඒ ඔයා මං වෙනුවෙන් දැකපු හීනය.. "

    ඒ හීනය සතුටින් හැබැහින් දකින්න.. :)

    ReplyDelete
  32. ගොඩක් ලස්සන හීන තියෙන්නෙ දකින්න විතයයි.ඒව හැබෑ වෙන්නෙ බොහොම කලාතුරකින් මචන්

    ReplyDelete
  33. සිරා මචං...

    සෑමාට මතක් වුණ සිංදුව..

    එකම වීදියේ දෙතුන් වතාවක්..
    එහා මෙහා අපි යන්න ඇතී...

    අහල ඇති කියා සිතමි.. ජය !

    ReplyDelete
  34. මේ වගේ රස්තියාදු ගැහුවට නම් කමක් නෑ මලේ...ආයෙ අතරමංවෙන්න නම් එපා..

    ReplyDelete
  35. ඇත්තටම එයා මටත් හීන විතරක් දීලා ගියා..ඒ හීන පස්සෙ ගිහින් මාව අතරමං වෙද්දි එයා හිතන්න නැතුව ඇති මම එහෙම කරයි කියලා.

    ReplyDelete
  36. ලස්සනයි..මේ පෝස්ට් එක හදවතින්ම ලියවුන බව දැනෙන නිසා මීට වඩා මුකුත් නොකිය ඉන්නම්..

    ReplyDelete
  37. රස්තියාදුවේදී උනත් අපූරු සුන්දරා අත්දැකීම් ලැබෙනවා නම් මොන තරම් හොඳද...

    ReplyDelete
  38. මං මෙහෙම ගෑල්ලමයෙක් එක්ක තියා ආච්චියේ ක් එක්කවත් ගිහින් නෑහැ...මට මුකුත් ඒ නිසා හිතෙන්න නැ මේ ගැන...

    ReplyDelete
  39. අනේ මන්දා කවදාවත් තේරුම් ගන්න බැරි දෙයක්....ආදරය..වෙලාවකට ඒක සුන්දර වරදක් වගේ..මොනා වුනත් ලස්සන වචන ටික සහෝදරයා..

    ReplyDelete
  40. ආදරය කියන්නෙත් මාර මාතෘකාවක්නේ......පික්ශු හැදෙනවා.........
    පස්සෙ ඇඬෙනවා......

    ReplyDelete
  41. ජීවිතය කොයි තරම් වෙනස් උනත් කොච්චර කල් ගියත් පරන මතක වෙලාවකට අමතක කරන්න අමාරුයි

    ReplyDelete
  42. ආදරයේ වේදනාව හදට දැනෙන යම් දවසක
    හුදකලාව නොතැවී යලි එන්න මා සොයා...කියලත් කෙනෙක් කියලා තියෙනවනේ මල්ලී...

    ReplyDelete
  43. අනේ මෙහෙම ඒවා ලියන්න එපා අයියේ.:( සිරාවටම වදින්න ඕන ඇතුලටම ඒක වැදුනා. කාලෙකට පස්සේ අයිය කියපු කතාවක් කියවලා දුක් වුනේ. මට නම් පලවෙනි පේලි දෙක තුන කියවනකොටම තේරුනා කියන්න යන දේ. මට කියන්න තියන දේ මේකේ ලියවිලාම තියනවා. පූජා අක්ක ඔයා වෙනුවෙන් දැකපු හීනේ සැබෑ කරන එක තමයි ඔයාට කරන්න තියෙන්නේ. ඒක මම ආයෙත් කියන්න ඕන නෑ නේ.

    ඔය 'රස්තියාදුකාරය' කියල කියපු තැන මමත් හිටියද කොහෙද.:) කියපු කෙනාටත් මතක නැද්ද කොහෙද? ;)

    ReplyDelete
  44. අර අන්තිමට ලියල තියෙන සින්දුව හරිම අහිංසක ආදරයක්... මංආසයි ඒ සින්දුවට.. :)

    ReplyDelete
  45. මේක මගේ හිතට ගොඩක් ඇල්ලුවා..මං දන්නේ නෑ ඇයිද කියන්න..මං කියවපු උඹේ හොඳම පෝස්ටුව!

    ReplyDelete
  46. රස්තියාදුවේ යනවාට අපේ මනාපය..

    ReplyDelete
  47. @ නන්දු : ඒ හිනය දුකක් කියලා මම දන්නවා.. ඒත් ඒ හීනය පස්සේ යන්න මගේ හිත තාමත් ආස කරනවා..

    ReplyDelete
  48. @ කස්ස : ඇත්ත මචං.. අකමැත්තෙන් උනත් අපිට පිලිගන්න වෙන දෙයක් තමයි ඒක.. හීන හැබෑවෙන්නේ ගොඩක් අඩුවෙන්..

    ReplyDelete
  49. @ sAm (සෑම්) : ඔව් සෑමා මම ඒ සිංදුව අහලා තියෙනවා..

    ReplyDelete
  50. @ රූ : නෑ අක්කේ.. ආයෙම අතරමං වෙන්න ඕනකමක් දැං මේ හිතට නෑ..

    ReplyDelete
  51. @ අපි වගේ : පුළුං රොදක් වගේ පෙනුනට මේ හීන ගොඩක් බර වැඩියි මල්ලි.. ඒ නිසා පරිස්සමින්..

    ReplyDelete
  52. @ සිත්රූ සිහින : අතීත මතකයන් නිසා ලිය උන එකක් අක්කේ..

    ReplyDelete
  53. @ දිල් : රස්තියාදුව කියන තරම්ම නරක දේකුත් නෙමෙයි.. අළුත් දේවල් හොයාගෙන යන්නත් ඒක එක මාවතක්..

    ReplyDelete
  54. @ amila chathuranga : අනාගතේ දවසක එහෙම යන්න දවසක් එන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
  55. @ කල්ප : ආදරය සුන්දර වරදක් කිසිදාක සමාවක් නොලැබෙන.. ඒ කතාවේ ඇත්තක් තියෙනවා..

    ReplyDelete
  56. @ uwiniran : තේරුම් ගන්න බැරි මාතෘකාවක්..

    ReplyDelete
  57. @ පිණිබිදු : ඒකනම් ඇත්ත අක්කේ.. අපි කොච්චර අමතක කලා කියලා හිත හදාගෙන හිටියත් ඒ මතක අපේ හිත් වල ඉදලා හිටලා හොල්මන් කරනවා..

    ReplyDelete
  58. @ සුජානි : ආදරේ වේදනාව ලග අන්තිමේ ඉතුරු වෙන්නේ හුදෙකලාව විතරයි අක්කේ..

    ReplyDelete
  59. @ Kasun : ඔව් කසුන් කාලෙකින් තමයි දුක හිතෙන දෙයක් ලිවුවේ.. ලියන්නේ නෑ කියලා තමයි මම හිතන් හිටියේ.. ඒත් මේ හිත ඒකට ඉඩ දුන්නේ නෑ..

    ReplyDelete
  60. @ Ice (අයේෂා කුලතුංග) : ඔව් නංගී.. ලස්සන සරළ වචන ටිකකින් ගොඩාක් ලොකු ආදර කතාවක් කියවෙන සිංදුවක්..

    ReplyDelete
  61. @ Sabith : තෑන්ක්ස් මචං.. සමහරවිට මේ මගේ ජීවිතේම කොටසක් නිසා වෙන්න පුළුවන්..

    ReplyDelete
  62. @ සයුරි : අපේ අක්කා තමයි මම රස්තියාදු යනවට ඉහලින්ම කැමැත්ත දුන්නේ එහෙනම්..

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්