Saturday, 14 January 2012

පුතා එනතුරු..

වෙනදා වෙලාවට වඩා හෝරාවක් වේලාසනින් අවදි වු සිරිපාල මුහුණ කට සෝදාගෙන ලෑස්ති වූයේ අළුයම හිරු කිරණ පොළවට වැටෙන්නත් මත්තෙන්ය.. නව වසරක උදා හිරු කිරණ පායා එන්නටත් මත්තෙන්ම බලාපොරොත්තුවේ පැතුම් පොදි බැදන් ආලින්දයේ වාඩි වූ සිරිපාල පෙරමග බලාගෙන සිටියේ තම ලොකු පුතා එනතුරුය..

අවුරුද්දකට වතාවක් හෝ දෙවතාවක් තමන් බලන්නට එන පුතා  ගැන සිරිපාල අහිතක් නොසිතුවේය.. තම ලේලිය පුතාට තාත්තට සලකන්නට ලැබෙන ඉඩ හැම විටම අහුරන බව දැන ගෙනත් සිරිපාල කිසිවිටත් ඇයට වෛර නොකලේය..

“ පුතා ලොකු රස්සාවක්නේ කරන්නේ.. ඉතින් මං බලන්න එන්නත් නිවාඩු ගන්න පුතාට අමාරුයිනේ..”

සත්‍ය එය නොවන බව දැන උන්නත් මහළු නිවාසයේ තමා මෙන්ම තනිවූ තම මිතුරන් හා පුතා නොයෙන්නේ ඇයිදැයි විමසන්නන්ට ඔහු පැවසුවේ එලෙසය.. හිතේ රැදුන වේදනාව කොතරම් කඳුළු ගෙනාවත් තනියම හැඩූ සිරිපාල කිසි විටෙකවත් එය කාටවත් දැනෙන්නට නොහැරියේය.. හැම මොහොතකම සිනහවක් මුවගේ රදවා ගත් සිරිපාල තම මහළු මිතුරන් හා හැම වෙලේම සතුටින් ගත කලේය..

“ මම ඒ දවස් වල වැඩ කලේ රේල්ලුවේ.. හැම වෙලේම කෝච්චියේ එහේ මෙහේ ගියත් පුතා පොඩි කාලේ අවුරුදු 7ක් විතර වෙනකම්ම කොල්ලා කෝච්චියක ගිහින් තිබුනේ නෑ.. තාත්තේ මාවත් දවසක කෝච්චියේ එක්කන් යන්නකෝ කියලා ඒ දවස් වල මට බේරිල්ලක් නෑ.. ඉතින් දවසක් මම මගේ නෝනත් එක්ක පුතාව කෝච්චියේ ගාළු එක්කන් යන්න කියලා හිතාගෙන ස්ටේශන් එකට ගියා.. කෝච්චිය එනකම් අපි ස්ටේශන් එකට වෙලා බලාගෙන ඉද්දි ඈතින් කෝච්චියේ නලා හඩ ඇහිලා මම පුතාට කිවුවා අන්න පුතේ කොච්චිය එනවා කියලා.. කොල්ලත් හරි ආසාවෙන් මගේ අතින් අල්ලගෙන ඉස්සරහට ආවා කෝච්චිය එනවා බලන්න.. ඒත් එකපාරම කොල්ලා අඬන්න පටන් ගත්තා.. කොල්ලා කෝච්චියක් එච්චර ලගින් දැක්කේ එදා.. ඈතින් දුම් පිටකරන් එන කෝච්චිය දැකලා කොල්ලා බය වෙලා ඇඩුවා කෝච්චියේ යන්න බෑ කියලා.. අපි කොච්චර කිවුවත් එදා ඒ ඇඬිල්ල නවත්තගන්න අපිට බැරි උනා.. අන්තිමේ අපි කෝච්චි ගමන පැත්තක දාලා ආයෙම එන්න ආවා.. කොල්ලගේ ඔය කෝච්චියට තියෙන බය ගොඩක් කල් තිබුනා.. සිස්සත්තේ පාස් වෙලා කොළඹ එන්න ගත්තට පස්සේ තමයි ඒ බය ඇරුනේ..”

සිරිපාල ගොඩක් වෙලාවට තම පුතාගේ මිහිරි මතක මිතුරන් හා පවසන්නේ පුතා නොමැති තනිකම හිතින් මකා ගන්නටය..  තමන්ගේ වගේම ජීවිත කතාවකට උරුම තම මිතුරන් කිසිවිටෙකවත් හිත රිදෙන මතකයන් හාර අවුස්සන්නේ නෑත..

“ කොල්ලා උසස් පෙල පාස් වෙලා විශ්ව විද්යාලෙට තේරෙද්දි කොල්ලගේ අම්මා නැති වෙලා අවුරුද්දක් ගෙවුනා විතරයි.. මම හිතින් ගොඩක් බයේ හිටියේ අම්මගේ මරණය නිසා කොල්ලා විභාගේ හරියට කර ගන්න එකක් නැති වෙයිද කියලා.. වාසනාවකට එහෙම උනේ නෑ.. ඒත් බෝඩිං ගාස්තුයි වෙනත් දේවලට වියදමුයි එද්දි ඒ හැම දෙයක්ම මගේ පඩියට දරන්න බැරි උනා.. ඒ වෙද්දි මට පැන්ශන් යන්නත් අවුරුදු 8ක් විතර ඉතුරු වෙලා තිබුනා.. මම අපේ ගේ කුලියට දීලා රේල්ලුවෙන් මට ලැබෙන ක්වාටස් එකට ගියා.. ගේ කුලියට දීලා හම්බෙන ඔක්කොම සල්ලි මම යැවුවේ පුතාට.. ඒ අග හිග කම් දැනෙද්දි කොල්ලා ඉගෙන් අගන්න එක නවත්තයි කියලා හිතුන නිසා..”

සිරිපාලගේ තනියට ඉස්තෝප්පුවේ වාඩි වී උන මිතුරෙක් හා කතා කරමින් සිටි සිරිපාලට හිරු උදාවී හෝරා කීපයක් ගතව ඇති බව දැනුනේවත් නැත.. හිදගෙන සිටි පුටුවෙන් මොහොතකට නැගිට්ට සිරිපාල ගේට්ටුව දෙසට නෙත් යොමා බැලුවේ පුතා එනවාදැයි බැලීමටය..

“ ඉතින් ඔච්චර සිරිපාල අයියා ආදරෙන් හිටපු පුතා වෙනස් උනේ කොහොමද?”

“ නෑ.. කවුද කියන්නේ අපේ පුතා වෙනස් උනා කියලා..  පුතා බැන්දට පස්සේ මාවත් එයාලා ලගට අර ගත්තා.. අපි ගොඩක් කාලයක් සතුටින් හිටියා.. ඒත් ඒ දෙන්නම රස්සාවක් කරන නිසාම මාව බලාගන්න විදිහක් නැති උනා.. ඒක නිසයි මම මගේ කැමැත්තෙන්ම මෙහේ ඇවිත් නතර උනේ..”

ගේට්ටුව දෙසට නෙත් යොමු කරගෙනම සිරිපාල බොරුවක් පැවසුවේ පුතා ගැන අහිතක් ඔවුන් හිතාවියි සිතු නිසාය.. ලේලියගෙන් ලැබුන සැලකුම් කොතරම් කටුක උවත් සිරිපාල කිසිවිටෙකවත් ඒ ගැන කා එක්කවත් කතා නොකලේය..  ඒ ඉද හිට හෝ ඔවුන් තමා බලන්නය එන නිසාය..

“ සිරිපාල අයියට තව ළමයි හිටියනම් මෙහෙම ඉන්න වෙන්නේ නෑනේද?”

“ අපිට ඒ දවස් වල තිබුන ප්‍රශ්ණත් එක්ක තව දරුවෙක් ගැන හිතන්න වාසනාව තිබුනේ නෑ චාල්ස් මල්ලි.. අපේ නෝනයි මායි මේ දරුවා හැදුවේ ඇස් දෙක වගේ..”

සිරිපාල දිගු හුස්මක් හෙලා හිතේ වෙදනාව පිට කලේ දුක තුනි කර හරින්නටය.. දෑස මෙන් රැකි තම එකම දරුවා මෙලෙස වෙනස් වේවියි කෙදිනෙකවත් සිතුවේදැයි සිරිපාල තනිවම කල්පනා කලේය.. කාලය කොතරම් වෙනස්වීදැයි සිතන්නට තරම්වත් ඕනෑකමක් සිරිපාලට නොවුයේ දැන් කිසිවක් වෙනස් කරන්නට නොහැකි නිසාය.. ජීවිතේ දුටු හීන කොතෙකුත් තිබුනත් ඒ හැම දෙයක්ම තම එකම පුතා වෙනුවෙන් කැප කල තමන්ට දැන් හිමි මේ මහළු ජීවිතේ විතරක්ම නේදැයි සිරිපාල කල්පනා කල අවස්ථා බොහෝය..

“ අංකල් දවල්ට කන්නේ නැද්ද?”

සිරිපාලගේ කල්පනාවට බාදා කරමින් එතනට පැමිනි තරුණ දියණිය එසේ අසත්ම සිරිපාලගේ දෑස ඉබේම වගේ යොමු උනේ අතැති ඔරලෝසුව වෙතටය.. දහවල් එක පසුවී ඇති බව එහි සදහන් උවත් කුසගින්නක් සිරිපාලට නොදැනුනේය..

“ මම පුතා ආවම කන්නම් ළමයෝ..”

සිරිපාලගේ හිතේ තිබුන ඒ අහිංසක හැගීම තේරුම් ගන්නට ඕනෑම කෙනෙකුට පුළුවන්ය.. ආලින්දයෙන් එළියට විත් තණකොල පිස්ස දිගේ ගේට්ටුව අසලට ඇවිදන් ගිය සිරිපාල ගේට්ටුවට වාරු වී ඉදහිට ඒ මේ අත යන වාහන දෙස බලා සිටියේ පුතා කොයි මොහොතේ හෝ ඒවියි යන බලාපොරොත්තුවෙනි..

ඉස්සර තමන් වැඩ නිමවී ගෙදර එන වේලාවට හැමදාම ගේට්ටුව ලගට වී බලා ඉන්නා තම පුතුගේ සිනහව ජීවිතේ කොතෙකුත් දුක් වේදනා නිවුවාදැයි සිරිපාල තනියම කල්පනා කලේය..

“ තාත්තා.. අද මට මොනවද ගෙනාවේ?”

“ හ්ම්ම්ම්.. කෝ බලන්න.. මගේ පුතා අද බත් කොච්චර කෑවද?”

“ ගොඩාක්..”

“ හොද පුතා.. ආ... අම්මටත් දීලා කන්න..”

හිතේ සතුට ගතේ මහන්සියට වඩා දැනුන ඒ දවස් කොච්චර සුන්දරදැයි පසක් කරමින් දෙනෙතට නැගුන කදූළ  ඔහේ බිමට වැටෙන්නට ඉඩ දුන් සිරිපාල නිස්කලංක මාවත දෙස බලාගෙන සිටියේය..

“ අංකල්ට පුතාගෙන් කෝල් එකක්..”

ගේට්ටුව ලගට වී උන් සිරිපාලව  ඇමතු තරුණ දියණිය ගෙනා පණිවිඩයෙන් සිත සතුටින් පුරවා ගත් සිරිපාල ආලින්දයේ වූ දුරකතනය වෙතට දිව ආවේ තමන්ට හැකි උපරිම වේගයෙනි..

“ පුතේ.. මම..”

“ තාත්තේ.. මට අද තාත්තව බලන්න එන්න වෙන්නේ නෑ.. රුචිරා එයාලගේ මහ ගෙදර යන්න කතා කරනවා..”

සිරිපාලගේ බලාපොරොත්තු සුණු විසුණු කල ඒ වදන් පෙල හද නතර කරවන තරමටම සිතට වේදනාව්ක් ගෙන ආවේය..

“ ආ.. ඒකට කමක් නෑ පුතේ..”

“ මම ලබන ඉරිදා එන්නම් තාත්තේ.. මට සමාවෙන්න..”

“ මම පුතා එනකම් බලාගෙන ඉන්නවා.. පුතාට බුදු සරණයි..”





නිමි..



54 comments:

  1. ඒ පුතාත් දවසක , තමන්ගේ පුතා එනකම් මෙහෙම බලා ඉදීවි. අන්න එදාට එයාට තේරේවි තමන් කල වරද.

    ReplyDelete
  2. ඒ පුතා බැඳපු නෝනගේ වැරද්දක් නෙවෙයි.ඒ පුතා දැනගන්න ඕනේ ලෝකයා මොනවා කිවුවත් තමන්ගෙන් වෙන්න ඕන යුතුකම ඉටුකරන්න.

    කතාව වෙනද වගේම ලස්සනට ලියල තියෙනවා
    ජයෙන් ජය!!..

    ReplyDelete
  3. සොඳුරු සිත කියපු දේ තමා මටත් හිතුනේ..

    ReplyDelete
  4. වැඩිහිටි නිවාස වල විතරක් නෙමෙයි දිනේෂ්.. දැන් දැන් සාමාන්‍ය ජනතා ජීවිතයෙත් මේ වගේ.. දරුවන් ගෙදර හිටියත් නෑ වගේ ඉන්නෙ.. දරුවො දෙමාපියන් එක්ක කතා නෑ.. :( සොසී අක්කා කියනවා වගේ.. දරුවන්ට ඒ දේ තේරෙන්න තමන්ගෙ දරුවොත් ඒදේම එදාට කල දාට..

    ඇත්තටම ලස්සනට ලියලා තියෙනවා දිනේෂ්..
    සුබ පැතුම් තව තවත් නිර්මාණ ගෙනෙන්න.. :)

    ReplyDelete
  5. ලෝකෙ කොච්චරනම් තාත්තල ඔයවගේ දුක් විඳිනව ඇතිද?
    හැඟීම් බර කතාවක් මචන්

    ReplyDelete
  6. අනේ මන්ද මෙහෙම පුත්තු....මෙහෙම ගෑනු....ඔයා ලස්සනට ලියල තියෙනව....

    ReplyDelete
  7. නෝ කමෙන්ට්ස් :)

    ReplyDelete
  8. සමාජයේ පොදු සහ නිතර ඇසෙන කතාවක් ගැන සූක්ෂම කෝණෙකින් සංවේදීව ලියපු කතාවක්.අද සමාජ ගැටළුවක් වෙලා තිබෙන මෙය ආකල්ප මත බිහිවෙන්නක්.දෙමව්පියන් අපි හදපු වඩපු විදිය මතක තියනකන් මේ වගේ වැරදි කරන්නේ නෑ

    ReplyDelete
  9. ගොඩක් අය දන්නේ නෑ තමනුත් වයසට යන දවසක් එනවා කියලා...ඒකයි, ඒවා තේරෙද්දී ප්‍රමාද වෙලා වැඩියි! ලස්සනට ලියලා තියෙනවා!

    ReplyDelete
  10. සොඳුරු අක්කා කියපු කතාව කවදාහරි ඒ පුතාටත් වෙයි.
    හොඩක් සංවේදී සටහනක් !!!

    ReplyDelete
  11. මෙහෙමයි, තමන්ට සළකන්න බැරිනම් දෙමාපියන්ව වැඩිහිටි සත්කාරක මද්‍යස්තානයක(මඩම් ගැන නෙවේ මේ කියන්නේ) නතර කරවලා හරි ඒ දේ කරන එකත් ලොකු දෙයක් එක අතකට. මොකද ඒවයේ රැකවරණය කරුණාව වගේ දේවල් උපරිමෙන්ම ලැබෙන නිසා.නොලැබෙන තැන් ගැන නෙවේ මම මේ කියන්නේ. අනික අර වගේ ලේලිලාත් එක්ක ඉන්න සිද්ධ වුනාම කොහොමත් ඊට වඩා දුක්ඛිතයිනේ.
    හැබැයි මොන භාහිර සැප සම්පත් තිබුනත් එක දවසක්වත් අනිවා දෙමාපියන් එක්ක ඩිංගිත්තක්වත් ගත කරන්න වෙලාව හොයා ගන්නත් තමන් දැන ගන්න ඕනේ.ඒක ඒ අයට අනික් සියළු දේට වඩා වටිනවා.

    මෙහෙම නොකර දෙමාපියන්ව තමන් ගාවම තියාගන්න එක තමා මම අනුමත කරන්නේ.දෙක පටලවා ගන්න එපා අරී.

    හිතන්න දෙයක් තියෙන කෙටි කතාවක් මල්ලී.හරවත්...

    ReplyDelete
  12. මොන දේ ගැන වුණත් වැඩි බලාපොරොත්තු එපා...

    ReplyDelete
  13. දුක හිතුනා.. හරි සංවේදීයි... ඇත්ත. හැමෝම කියලා තියෙනවා වගේ.. පුතාටත් ඔය දේ දැනෙයි... දවසක එයත් තාත්තා කෙන්ක් වෙලා බලන් ඉන්න වුනාම...

    ReplyDelete
  14. ඔවට බඩු හම්බෙනවා මේ ආත්මෙදිම... දෙමාපියන් දරුවන්ගෙන් බලාපොරොත්තුවෙන්නෙත් එකයි.. සල්ලි නෙවෙයි..

    නියමයි අයියේ ඇඩෙන්න ලියලා තිනවා

    ReplyDelete
  15. දුක හිතෙන කතාවකි..

    ReplyDelete
  16. තමන්ගේ දෙමාපියන්ට පවුලට සලකන්නේ නැති උන්ට කවදාවත් හරියන්නේ නෑ!ජීවිතේ කොතනකදි හරි වරදිනවා!

    ReplyDelete
  17. මේ වගේම කතාවක වෙන පැත්තක් කියවෙන සින්දුවක් ඊයෙ ඇහුව. නන්දා මාලිනී ගයන ' හිතුමතේට දීග ගිය දුවේ '

    ReplyDelete
  18. හිරු නාවත් කමක් නැතේ සින්දුව මතක් වුනා මලේ...

    ReplyDelete
  19. @ සොදුරු සිත : ඔව් අක්කේ ඒකනම් ඇත්ත.. ඒත් චක්කරේ වගේ දිගටම යන මේ දේ කවුරුහරි එක පුතෙක් නැවැත්තුවොත් ජීවිතේ ලස්සන වේවි..

    ReplyDelete
  20. @ අසරණයා : ඇත්ත.. බිරිද කියන හැමදේම අහන්න ගියාම තමයි මේ වගේ දේවල් වෙන්නේ.. කොච්චර ප්රඩශ්ණ තිබුනත් තමන්ගේ තාත්තට සලකන එක අමතක කරන්න නරකයි..

    ReplyDelete
  21. @ සයුරි : වත් අක්කා කියපු දේ හරි සයුරි අක්කේ.. ඒත් ඒ පුතා තාත්තා කෙනෙක් උනදාට තම්න්ගේ පුතා ගොඩාක් හොදින් සළකනවනම් එතකොටත් දැනේවි නේද මම මගේ තාත්තට කලේ වරදක් කියලා..

    ReplyDelete
  22. @ නන්දු : ඒකනම් ඇත්ත නන්දු.. මමත් දන්න මගේ යාළුවෙක් ඉන්නවා තාත්තා එක්ක කතා කරන්නේ හරිම අඩුවෙන්.. ගෙදර හිටියා උනත්.. අම්මා අතේ තමයි පණිවිඩ යවන්නෙත්..

    ReplyDelete
  23. @ කස්ස : අනන්තවත් ඇති අපි නොදන්නවා උනාට.. වැඩිහිටි නිවාස වල නොහිටියත් ආදරය නොලැබෙන අය ඇති..

    ReplyDelete
  24. @ වින්චැට් කිරිල්ලි : හැමෝම වැරදියි.. තමන්ගේ යුතුකම් හරියට ඉටු කරන්නේ නැතිවයින් තමයි මේ හැමදේම..

    ReplyDelete
  25. @ සාතන් : අනාගත පරපුර විදිහට අපිවත් මේ වරද නොකර ඉමු..

    ReplyDelete
  26. @ Janaranga Wijaindu Dewasurendra : ඔව් අපි වෙනුවෙන් දෙමවුපියෝ ජීවිතේ කොච්චරනම් දුක් විදිනවද.. අපිට ලස්සන අනාගතයක් හදන්න කොච්චර දේවල් කැප කරනවද.. මේ දේවල් අමතක කරලා අපි දෙයක් ලබාගන්නවනම් ඒකේ කිසිම වටිනාකමක් නෑ..

    ReplyDelete
  27. @ ලහිරු : ඒ නැත්ත් තමන් පොඩි කාලේ කැත කුණු අතගාලා හදාවඩා ගත්ත දෙමවුපියන්නට එයාලට බැරි වෙද්දි සළකන්න බැරිනම් වැඩක් තියෙනවද?

    ReplyDelete
  28. @ මධුරංග : ඔව් අයියේ.. මේ ආත්මෙදිම ඒවායේ ප්‍රතඵල විදින්න වෙනවා..

    ReplyDelete
  29. @ නාකියා : ඇත්ත කාර්‍යබහුල ජීවිතයක් ගෙවන අයට ගෙදරදි සම්පුර්ණයෙනම දෙමවුපියන් ගැන බලන්න අමාරුයි.. එහෙම වෙලාවට හැමෝගෙම කැමැත්තෙන් මෙහෙම තීරණයක් ගත්තට කමක් නෑ.. ඒත් අඩුගානේ දවසට එක වතාවක්වත් දරුවොයි දෙමවුපියොයි මුණ ගැහෙනවනම් මේ හිත් වේදනාව, පාළුව දැනෙන එකක් නැති වේවි.. ඒත් අද වෙන්නේ ඕක නෙමෙයිනේ.. ඒකයි මම මෙතන කියන්න උත්සාහ කලේ..

    ReplyDelete
  30. @ පැණි දොඩම් : ඒකනම් ඇත්ත අයියේ.. දවසක අපිටත් මොනවා වේවිද කියලා කවුද දන්නේ..

    ReplyDelete
  31. @ හිතුවක්කාරී : එකනම් ඇත්ත.. රොශාන් ප්‍රන්නදුගේ සිංදුවක තියෙන්නේ " මමත් පියෙකි අද අප්පච්චි" කියලා

    ReplyDelete
  32. @ රහස් පරීක්ෂකයා : ඇත්ත.. මිල මුදල් සැප සම්පත් වලට වඩා දෙමවුපියෝ වයසට යද්දි දරුවන්ගෙන් බලපොරොත්තු වෙන්නේ ආදරය, රැකවරණය..

    ReplyDelete
  33. @ amila chathuranga : යතාර්ථයත් මේකයි යාළුවා.. අපි ඒක තේරුම් ගන්න උත්සාහ කරමු..

    ReplyDelete
  34. @ Sabith : ඔව්.. කොච්චර සල්ලි හම්බුකලත් ඒවයෙන් ගන්න බැරි දේවලුත් තියෙනවා කියලා තේරෙන දවසකුත් එනවා.. ඒත් ඉතින් එතකොට පරක්කු වැඩියි..

    ReplyDelete
  35. @ Observer : ඔව් මාමේ මාත් ඔය සිංදුව අහලා තියෙනවා.. දුවෙක් උනත් පුතෙක් උනත් තමන්ගේ දමවුපියෝ වෙනුවෙන් කරන්න ඕන යුතුකම් කොටසක් තියෙනවා..

    ReplyDelete
  36. @ රූ : "නුඹේ අතින් බත් දෙකටක් කවාපංකො පුතේ.."

    මොනතරම් අහිංසක ඉල්ලිමක්ද.. ඒත් ඒකත් ඉටු කරන්න බැරිනම්..

    ReplyDelete
  37. නියමයි මචං... අමුතුවෙන් මුකුත් කියන්න ඉතරි කරලා නැහැ.. ජය !

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් සෑමා...

      Delete
  38. ජීවිතේටවත් ඒ වගේ ගෑනියෙක්නම් ලැබෙන්න එපා....
    ලස්සනයි..දුක හිතෙනවා..ඒත් සමහර තැන්වල හැංගුනු යතාර්ථය ඕක...

    ReplyDelete
    Replies
    1. මගේ ප්‍රාර්ථනයක් ක තමයි.. ඒත් අපි දැන ගන්න ඕන එහෙම කිවුවා උනත් ඒ දේට විරුද්ධ වෙන්න..

      Delete
  39. තාත්ත කෙනෙක් කොච්චර මහන්සි වෙලා වැඩකරල ගෙදර ආවත්, ඒ ඉක්මනින් ගෙදර දුවගෙන එන්නෙ එයාගෙ කොලුපැටියගෙ හරි, කෙලිපැටික්කිගෙ හරි මූණබලන්න හිතාගෙන.ඒ වෙලාවට එයාලගෙ හැම ප්‍රශ්නයක්ම අමතක කරල එයා දරුවගේ හුරතල් දාන්ගලේ බල බල ඉන්නව.

    ඒත් වයසට යද්දි එයාල හරියට පොඩි ළමයි වගේ.ආදරේ ලබන්න ගොඩාක් ආසයි.ඒ වගේම දරුවන් හිතුවත් තමන් දැන් ලොකු ළමයි කියල, අර අහිංසක තාත්තටනම් එයාගෙ දරුපැටියව එදාටත් පේන්නෙ පුංචි කාලෙ දැකපු හුරතල් දරුව වගේ.

    මම දැන් ඉන්නෙ මගේ තාත්තගෙන් ගොඩාක් දුර.ෆෝන් කරද්දි ඇරෙන්න, කලින් වගේ දැන්නම් දුවගෙන ගිහින් බෙල්ලෙ එල්ලෙන්න වාසනාව නැහැ.ඒත් මතක් වෙන හැම වෙලාවකම දරාගන්න බැරි ලොකූ දුකක් දැනෙනව.ඒදේ වචන වලට පෙරලන්න දන්නෙ නැති වුනත් මතක් වෙන හැම වෙලාවකම ඇස්දෙකේ කඳුළු පුරෝගෙන කල්පනා කරන්නෙ, මගේ තාත්තව ඇයි මම දාල මේ වෙන රටකට ආවෙ කියල.තාත්ත හැමවෙලාවෙම කියන්නෙ මමයි, අම්මයි දැන් ළඟ නැති පාලුව ගොඩාරියක් දැනෙනවලු.අනේ...මට මගේ තාත්ත ළඟ ඉන්න තිබුනනම් කියල හිතුන වාරනම් අනන්තයි......

    මේ ලිපිය ගොඩාක් හැඟීම් බරයි.කියවන් යනකොට දන්නෙම නැතුව ඇස් වලට කඳුළු ආව.ඔයාට ගොඩාක් ස්තූතියි.හොඳින් ලියල තියෙනව....!!!

    ගොඩක් ඉඩ ගත්තනම් සමාවෙන්න!!!!

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න මේකට පිළිතුරක් දෙන්න පරක්කු උන එකට..

      ඇත්ත ළමයි කොච්චර ලොකු මහත් උනත් දෙමවුපියන්ට වෙනදා වගේමයි තමන්ගේ ළමයි.. මමත් අම්මගෙන් තාත්තගෙන් ඈත් වෙලා පිට රටක ඉන්නේ.. තනිකමත් එක්ක එයාලා මතක් වෙනවා වැඩියි.. ආපහු දුවන්නමයි මේ හිත කියන්නේ..

      ගොඩක් ස්තූතියි යාළුවා මේ අදහස් වලට..

      Delete
  40. තාත්තලා කියන්නේ මහ පුදුම ජාතියක්..මමත් ගෙදර එන්න ලංවෙලා මොනවද ඕනේ තාත්තට ඇහුවට කිසිදාක කියන්නේ නෑ...පුතා එන්නකෝ කියනවා....පරන කොම්පූටරේ කැඩිලා ලු...තාත්තා වින්ඩෝස් ඉගෙන ගන්නවා..මම පොඩි ලැපෙක් ගත්තා මේපාර තාත්තට දෙන්න...මට මුල්ම කොම්පූටර් එක ගන්න තාත්තගේ පඩියෙන් සල්ලි ඉල්ලලා කරදර කරා මතක් වෙනකොට දැං ඇස් වලට කඳුලු එනවා..

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත..මමත් තාත්තගෙන් උපන්දිනේට මොනවද ඕනා කියලා අහුවම කියන්නේ මේ වයසක මට මොකටද ඕවා කියලා.. ඒ උනත් මම පොඩි කාලේ හැම උපන්දිනේකටම තාත්තා මොනවා හරි අරං දුන්නා.. මම තාම අතේ බදින්නේ තාත්තා මගේ 20 වෙනි උපන්දිනේට අරන් දුන්න ඔරලෝසුව..

      Delete
  41. තාත්ත කෙනෙක්ගේ වටින කම කියල නිම කරන්න බෑ!
    හැගීම්බර කතාවක්!

    ReplyDelete
    Replies
    1. අපි අද යම් තත්වෙක ඉන්නවනම් ඒ අපේ දෙමෙවුපියෝ නිසා.. ඒක කවදාවත්ම අමතක කරන්න හොද නෑ..

      Delete
  42. සංවේදී අයියා...ඇත්තටම....

    තියන්න ඕන ටික සොසී අක්කා මුලින්ම කියලා.....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගියෝ...

      Delete
  43. හ්ම්ම්... ඇහැට කඳුලක් උනන කතාවක්. තමන්ව මේ ලෝකෙට බිහි කරලා, කවල පොවලා, උගන්නල කසාද බන්දල දීල ඔක්කොම අහවර උනාට පස්සේ අවුරුදු 24 ක් 25 ක් තිස්සෙ තමන්ව බලාගත්තු දෙමව්පියන්ව නොසලකා හැරල පස්සේ ආපු කෙනා ලොකු කර ගන්නවා කියන්නේ මහා ගුණමකු කමක්..

    ReplyDelete
    Replies
    1. අන්න ඒක තමයි නංගී ලොකුම වැරැද්ද.. සමහරු ඇයි එහෙම කරන්නේ කියන එකනම් ඇත්තටම ප්‍රශ්ණයක්..

      Delete
  44. දුක හිතුනා.හැම අම්මා කෙනෙක්ම,තාත්තා කෙනෙක්ම ඔහොම තමයි නේද...

    ReplyDelete
    Replies
    1. පිටින් නොපෙන්නුවත් ගොඩක් තාත්තලගේ ආදරේ ඔය වගේ තමයි අක්කේ.. අපිට පුළුවන් වෙන්න ඕන ඒක තේරුම් ගන්න..

      Delete
  45. කතාවව ලස්සනට ලියලා තියනවා අයියේ.......
    …කෑඋරු මොනව කිවුවත් දරුවෝ තමන්ගේ දෙමාපියන්ට සලකන්න දැන ගන්න ඔනේ

    ReplyDelete
    Replies
    1. ඇත්ත මල්ලි.. අපේ ජීවිත වලට පස්සේ එන අය කැමති අපි එයාලා ලගටම වෙලා ඉන්නවට.. ඒත් අපි අම්මා තාත්තා අමතක කරන්න නරකයි..

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්