Friday, 13 January 2012

වහල්ලු - අටවන දිගහෙරුම



බොහෝ කාලයක් යනතුරුම වත්තේ කාගෙවත් වැඩි අවදානයට යොමු නොවුන සුනිල් අද හැමෝගේම කතාබහට ලක්වන අයෙක් වී ඇත්තේ ගාමිණිත් ගුණදාසත් නිසා බව හැමදෙනෙක්ම පවසන්නේය.. වත්තේ හැමෝගෙම බලාපොරොත්තු බිද දමා ගුණදාස සුනිල්ගේ නම ඉදිරියට ගෙනෙද්දි ඇතමුන් ඊට විරුද්ද වූයේ ඔහු ගැන නොදත් නිසාය.. ඒත් මේ වන විට මිනිසුන්ගේ හැගීම් බොහෝ දුරට වෙනස් වි ගොසින්ය.. ඔවුන් හැමෝම සුනිල්ගේ කතාවට ඇහුම්කන් දීගෙන ඉන්නේ ඒ නිසාවෙන්ය..

“ කොල්ලා හොදට කතාව කරනව නේද ගුණෙ?”

වේදිකාවෙන් පිටුපසට වී සිටි ගාමිණි ගුණදාසගෙන් විමසුවේය..

“ ඔව් ගාමිණියෝ.. කට්ටියත් කෑ ගහන්නේ නැතුව අහගෙන ඉන්නේ..”

වෙනදාට වත්තේ කිසිම රැස්වීමක නිහඩව සිටින්න බැරි උන් පවා සුනිල්ගේ කතාව හොදින් අසාගෙන සිටියේය..

“ ....... මේ වත්ත ගැන මම මේ හැමෝටම අමුතුවෙන් කියන්න ඕන නෑ කියලා හිතනවා.. මගේ වයසටත් වඩා වැඩි කාලයක් මේ වත්තේ ජීවත් උන මේ ගොඩ දෙනෙක් දන්නවා අපේ ජීවිත වලට මේ වත්තෙන් පිට ඉන්න අය දීලා තියෙන වටිනාකම.. මම නගරේ ඉස්කෝලෙට ගිහින් ඉගෙන ගත්ත නිසා මේ අම්මලා තාත්තලා ගොඩක් දෙනෙක් මාත් අනිත් අය වගේම මේ වත්ත ගැන නොහිතා ඉදිවි කියලා කල්පනා කරන්න ඇති.. ඒ හින්දම මම මේ චන්දෙට ඉල්ලන ආපු එකත් වැරැද්දක් විදිහට දකින්න ඇති.. ගුණේ මාමාගේ අදහසක් නොවෙන්න ඇත්තටම මම අද මේ වගේ තීරණයක් නොගන්න තිබුනා.. අපි මේ වත්තෙම ඉපදුන මිනිස්සු.. ඉපදුන දා ඉදන්ම හැදෙන වැඩෙන පරිසරයෙම අපේ ජීවිතෙත් අවසන් වෙනවනම් ඒක ලොකු වැරැද්දක්....”

වත්තේ හැමෝම උනන්දුවෙන් අසාගෙන සිටි කතාව මොහොතකට නතර වෙද්දි හැමෝම පුදුමයෙන් ඔහු දෙස බලා සිටියේය.. වේදිකාව පිටුපස සිටි ගාමිණිත් ගුණදාසත් සුනිල්ගේ දෑස් යොමු වු දෙසට නෙත් යොමු කලේය..

“ රණවීර..”

ගාමිණිගේ මුවගින් ඔහුගේ නම පිට උනේ ඉබේම වාගේය.. තම පිරිස පිරි වරාගෙන වාහන කීපයකින් පැමිනුන රණවීරගේ ගෝලයෝ අතේ පොළු මුගුරුද විය..

“ උඹ බය නොවී හිටපන් පුතේ..”   සුනිල් වෙතට ලං උන ගුණදාස ඔහුගේ හිත ශක්තිමත් කරමින් පැවසීය..

“ ආ.. අනාගත මංත්‍රීතුමා.. මොකද කතාව නැවැත්තුවේ? ආයෙම පටන් ගන්න.. අපිත් ආවේ මේ සුනිල් මංත්රීතුමාගේ කතාව අහන්න..”    රණවීර එසේ පැවසුවේ සමච්චලයටය..

“ ආ ගාමිණි.. උඹත් ඉන්නේ.. මම උඹවත් බලන්න එක්ක තමයි මේ ආවේ..”    සුනිල්ගේ ඉදිරියෙන් වේදිකාව මත සිටි ගාමිණි දැක රණවීර තම කෝන්තරය එළියට අදිමින් පැවසීය..

“ මම ඔබ තුමාට තවත් වැඩ කරන්නේ නෑ මංත්‍රීතුමා..”

“ ඒක මම දන්නවා බොල.. උඹ හිතුවද මම හරකෙක් කියලා.. මගේ අනිත් වැඩ වලටත් උඹට කතා නොකර හිටියේ උඹව විස්වාස නැති නිසා තමයි..”

“ එහෙනම් ඒක තවත් හොදයි මංත්‍රීතුමා.. මොකද මම තවත් ඔහේලට වහල්කම් කරන්න ලෑස්ති නෑ..”

“ මොකද උඹ කිවුවේ? වහල්කම් කරන්න ලෑස්ති නෑ.. මට උඹලගේ තතත්වේ මතක් කරන්න දෙන්න එපා ගාමිණි..  මේ වත්තේ උඹලා හැම එකෙක්ම වහල්ලු.. අන්න ඒක මතක තියා ගනිනි..”

ගාමිණි කේන්තියෙන් වේදිකාවෙන් බිමට එන්නට හදද්දි ගුණදාස ඔහුව නතර කර ගත්තේය.. ඒ ඔවුන් බලා සිටියේ රණ්ඩුවකට පොටක් පාදා ගන්නට නිසාය..

“ ඔවු මංත්‍රීතුමා.. ඔබ තුමා හරි.. මේ වත්තේ අපි ඔක්කොම වහල්ලු.. මේ චන්දරේ වැඩ කරන්නේ කුණූ ටැක්ටරේ.. එතකොට සෝමේ, සෝමේයි ලොකු කොල්ලයි පොලේ මුට්ට කර ගහනවා.. එතකොට මේ ගොඩක් අය කරන්නේ ඔබ තුමාලගේ කුණු පාරවල් වලින් අයින් කරන එක.. ඒ නිසා ඔබ තුමා හරි.. අපි වහල්ලු.. ඒත් තව දුරටත් අපි එහෙම ඉදියි කියලා හිතන්න එපා මංත්‍රීතුමා..”

“ ගුණේ.. උඹට උඹේ තත්වේ අමතක වෙලා..”

“ මට.. නෑ මංත්‍රීතුමා.. ඔබ තුමාමනේ දැං ටිකකට කලින් ඒක මතක් කරලා දුන්නේ.. මමත් වහලෙක්.. ඒත් කවදාවත් ඔබ තුමාට කත් නොඇද්ද..”

රණවීර කේන්තියෙන් ගුණදාස දෙස බලා සිටියේ කිසිවක් කර ගත නොහැකිවය..

“ මේ වහල්ලු මෙච්චර කාලයක් ඔබතුමා වෙනුවෙන් කොයිතරම්නම් දේවල් කලාද.. ඒත් ඔබතුමාගෙන් මුන්ට මොනවද ලැබිලා තියෙන්නේ.. මුකුත්ම නෑ.. මේ වත්තම සුනිල්ගේ පැත්තට හිටියොත් ඔබතුමා චන්දෙන් පරදිනවා.. ඒ ගැන ඔබතුමත් හොදටම දන්නවා..”

“ මාව එහෙම පරද්දන්න බෑ යකෝ.. මම පරදින්නෙත් නෑ..”

“ ඔවු.. ඔබතුමා පරදින එකක් නෑ.. ඒත් චන්ද අඩුනිසා මැම්බර් වෙන එකක් නෑ.. ඒක ඔබතුමාට පරදිනවටත් වඩා ලැජ්ජාවක්..”

“ ගුණේ.. මට අද වෙනකන් උඹත් එක්ක කිසිම තරහක් තිබුනේ නෑ.. උඹ දැන හෝ නොදැනුවත්ව මාව තරහ කරගෙන කර ගන්නේ ලොකු වැරැද්දක්..”

“ මට ඔබතුමා එක්ක මීට කලින් ගණුදෙනුවක් තිබුනෙත් නෑනේ මංත්‍රීතුමා..”

එක වරෙම නැගුන “හූ” හඩ තව තවත් රණවීරව අවමානයට ලක් කලේය.. පොළු මුගුරු රැගත් රණවීරගේ ගෝලයෝ තමන්ට විදානය එනතුරා බලාගෙන සිටියේය..

“ ඔබතුමා දැං මෙතනින් යනවනම් ඒක අපි කාටත් ඉස්සරහට ප්‍රශ්ණයක් වෙන එකක් නෑ.. ඔබ තුමාගේ ගෝලයෝ ලෑස්ති වෙලාම ආවට උඹතුමා දැං මේ ඉන්නේ අපේ වත්තේ කියන එක අමතක කරන්න එපා..”

එතෙක් වේලා නිහඩවම වේදිකාවේ උන් ගාමිණි රණවීර වෙතට පිය මැන්නේ කේන්තියෙන් හිදිනා ඔහුගේ මුහුණ දෙස බලාගෙනමය..

“ මංත්‍රීතුමා, ඔහේ අපේ ප්‍රශ්ණ  විසදාවි කියලා අපි ගොඩක් කල් බලාගෙන හිටියා.. ඒත් චන්දේ කාලෙට විතරක් වත්තට ආපු ඔහේගෙන් මේ වත්තේ උන්ට උන දෙයක් නෑ.. ඒ නිසා ඔහේගේ නම්බුව ආරක්ශා කරගෙන මෙතනින් යනවනම් ඒක අපි කාටත් හොදයි..”

“ හරි ගාමිණි.. උඹලා අදට දිනුම් කියලා හිතා ගනන්.. ඒත් මේක මෙතනින් නතර වෙන්නේ නෑ කියලත් හොදට මතක තියාගනින්..”

ගාමිණි දෙසත් ගුණදාස දෙසත් කෝපයෙන් මොහොතක් බලා උන රණවීර ආපසු යන්නට තම ගෝලයන්ට විදාන කරත්ම වත්තේ නැගුන මහා “හූ” හඩ රණවීර තව තවත් ලැජ්ජාවට පත් කලේය.. ඔවුන්න් වාහන වල නැගී ටික දුරක් යන තෙක්ම වත්තේ ගෝෂාව රැදුනේය.. ආයෙම වේදිකාවට නැගුන ගාමිණි නැවතත් සුනිල්ට කතාව කරගෙන යන්නට අවස්ථාව සැලසීය..
                                      ................................

“ මංත්‍රීතුමා ඇයි එවෙලේ උන්ට ඔළුව පහත් කලේ?”

“ එහෙම කලේ පුළුවන් කමකට නෙමෙයි සෝමේ.. ඌ කියපු කතාව හරි.. අපි හිටියේ උන්ගේ වත්තේ.. මිනිස්සුත් වැඩියි අපිට වැඩිය.. අපි ඉස්සර උනානම් අපේ එක්කෙනෙක් දෙන්නෙක් එතන වැළලෙනවා..”

“ ඉතින් මංත්‍රීතුමා ඒ එක්කම අපිට උන්ගෙත් දෙතුන් දෙනෙක් පස් යටට යවන්න තිබුනනේ..”

“ යකෝ.. කියන දේ තේරුම් ගනින්.. හදිස්සි වෙලා තීරණ ගන්න බෑ.. උන් හැමදාම ඔය වත්තෙම රැස්වීම් කරන්න නෙමෙයිනේ.. ඕකෙන් එළියට එන්නත් ඕනනේ..”

“ ඔබතුමා කියන්න ඕනම දෙයක්... අපි ලෑස්ති පිට ඉන්නම්..”

“ ගාමිණියි ගුණේයි නැත්නම් සුනිලා නිකම්ම නිකන් පොඩි කොල්ලෙක් විතරයි.. අපි හොද වෙලාව බලලා ඉස්සෙල්ලම උන දෙන්නා මේකෙන් අයින් කරලා ඉමු..”








     

41 comments:

  1. හම් හම්...පොඩි මිනිස්සුන්ට ඉස්සරහට එන්න නොදෙන්නේ ලොකු මිනිස්සු තමන්ගේ තැන නැතිවෙන නිසා...බලමුකො ඉස්සරහට.....

    ReplyDelete
  2. අද තමයි ඉස්සෙල්ලාම කියෙව්වේ....මුල ඉදන්ම කියවන්න ඕනි...

    ReplyDelete
  3. මේක කියෙව්වෙ පලවෙනිපාරට, ලස්සනයි ඉතිරිවත් කියවන්න ඕනේ....
    දිගටම ලියන්න.

    ReplyDelete
  4. දැන් තමා නැගලම යන හරිය එන්නෙ වගේ.

    ReplyDelete
  5. මේ තියෙන්නේ මගේ කමෙන්ට් එක උඩින්ම....ආයෙම මාව ස්පැම් කරොත් බලාගමු අයියා....:P

    ReplyDelete
  6. කරකවල උඩ දැම්ම වගේ මොනවත් තේරුනේ නැහැ.කලින් කතා ටිකම කියවන්න වෙනවා නේ.

    ReplyDelete
  7. ආහ් කතාව ලියන්න මතක් වුනාද?:) දැන් නම් තත්ත්වේ ගොඩක්ම දරුණුයි වගේ නේද? මුල ටික කියවනකොට මම හිතුවේ අදම ගේම ඇදේවී කියලා.

    ReplyDelete
  8. අපි දකින ඒ පිලිකුල් සමාජයේ නිරුවත....

    ReplyDelete
  9. කොච්චර හිතන්න ඕන පැති තීද???
    අයියේ මාරම කතාවක්.., සමාජයේ මේ ක්‍රමය අරක් ගෙන ඉවරයි වගේ.. මන් නම් කියන්නේ එකෙක් හරි අඩු වුනොත් ගේම පටන් ගන්න ඕන කියලයි..!!

    ReplyDelete
  10. අනේ මන්දා, නොකිව්වට හැමතැනම තත්වේ ඕක තමයි. උනුත් කාලකන්නි වෙන ගමන් අපිවත් කාලකන්නි කරනවා...

    ReplyDelete
  11. @ සිතුවිලි නිහඩයි : ඒ කතාවට මාත් එකගයි.. තමන්ග් තැන ආරක්ෂා කර ගන තමයි කවුරුත් බලන්නේ..

    ReplyDelete
  12. @ තරූගේ ලෝකය : එහෙනම් මුල ටිකත් කියවගෙන එන්නකො.. ඉස්සරහට තමයි කතවේ තීරණාත්මක හරිය එන්නේ..

    ReplyDelete
  13. @ uwiniran : බොහොම ස්තූතියි.. අනිත් කොටස ලබන සතියේ..

    ReplyDelete
  14. @ Observer : ඔව් ඔබා මාමේ.. තීරණාත්මක හරිය කිවුවොත් හරි..

    ReplyDelete
  15. @ සිතුවිලි නිහඩයි : අනේ නෑ.. එහෙමත් කරනවද මම.. ඒත් ඉතින් ඒ පැත්තට ගියොත් නම් කරන්න දෙයක් නෑ..

    ReplyDelete
  16. @ අසරණයා : අයියා අදද මේ කතාවට එකතු උනේ? මේක මම ගොඩක් කල් ඉදන්නේ ලියන්නේ..

    ReplyDelete
  17. @ Kasun : සති දෙකක් කතාව මග ඇරුනා.. අනිත්වා වගේ කලබලේ මේක ලියන්නත් බෑනේ.. ගේමට තව කල් තියෙනවා..

    ReplyDelete
  18. @ අසංක : ඔව් ඇත්තෙන්ම.. ඒත් ඒ නිරුවත බොරුවෙන් වැහිලයි තියෙන්නේ..

    ReplyDelete
  19. @ රහස් පරීක්ෂකයා : මල්ලි හරි.. දැන් මේක අපේ සමාජයට එකතුවෙලා ඉවරයි.. මේ දේවල් අයින් කරන්න සෑහෙන උත්සාහයක් ගන්න වෙයි..

    ReplyDelete
  20. @ ලහිරු : ඒකනම් ඇත්ත.. දේශපාලනය මඩ ගොහුරක් කියන්නේ ඒකනේ..

    ReplyDelete
  21. කාලෙකින් කතාව දාලා වගේ...ඔහොම යන්....

    ReplyDelete
  22. මම ඒත් බැලුවා කතාව නැත්තෙ මොකද කියලා.... හ්ම්ම්... පොඩි මිනිස්සුන්ව හැමදාමත් පාගන්න හදන්නෙ ලොකු වුන්ම තමා..:/

    ReplyDelete
  23. නැ මචං බ්ලොග් පටන් ගත්තේ ලගදිනේ.එතකොට කොට බරගානක් ගිහිල්ලා.

    ReplyDelete
  24. සුදු වෑන් එකක් එයි ද ගාමිනීලගේ ගෙදරට....

    ReplyDelete
  25. දැන් ඉදිරි කතා වල වලි සීන් ටිකක් බලාගන්න පුලුවන්
    මට නම් හිතෙන්නෙම මංත්‍රි තුමා පරාද වෙලා මේ කොල්ලා දිනයි වගේ.

    ReplyDelete
  26. හනේ... මටත් මෙලෝ සසරක් තේරුනේ නැතෝ... වෙලාවට තාම 8 යි.

    ReplyDelete
  27. මටත් මුල ඉදන් කියවන්න වෙයි. කියවලම පාටක් තවරන්නම්.

    ReplyDelete
  28. මේ කතාව කලින් සෙට් වුනේ නැහැ බොල.. මගේ බ්ලොග් රෝලට දාගත්ත දවසේ ඉදන් අද තමා මේක දැක්කේ.. එල එල..

    ReplyDelete
  29. වහල්ලු තවදුරටත් වහල්කම් නොකරයි.
    දැන් පටන්ගන්නේ ඉහත මාතෘකාවට අදාළව කතාවේ පෙරළිකාර කොටස නේද අයියේ?

    නියමයි.මටත් ආවේගී සිතිවිලි පහළ උනා.

    ReplyDelete
  30. ගොඩක් මන්ත්‍රි අයට අමතකවෙන දෙයක්..ජනතාවට එල්ලකරන චෝදනා අනිත්පැත්තට තමන්ටත් එල්ලවෙන බව..

    කතාවෙ හොඳම හරියට ඇවිත්.. බලාගෙන ඉන්නවා ඊ ළඟ කොටසටත්.. :)

    ReplyDelete
  31. @ සයුරි : නෑ අක්කේ වැඩ නිසා ලියන්න උනේ නෑ.. තව ටිකෙන් මටත් කතාව අමතක වෙනවා..

    ReplyDelete
  32. @ අසරණයා : ආ.. එහමත් දෙයක්ද.. අද ඉදන් එකතු වෙමුකෝ එහෙනම්..

    ReplyDelete
  33. @ ඔබ නොදුටු ලොවක් : ඔව් ඔව්.. ඒව කියන්න බෑ.. ඒත් රණවිර මොන පක්ෂෙද කියලා මං කිවුවේ නෑනේ.. ඒ හින්දා ඒ ගැන අපි නොහිතා ඉමු.. මේකේ අන්තිමේ සුදු වෑන් මාව හොයාගෙන ඒවිද දන්නේ නෑ..

    ReplyDelete
  34. @ මධුරංග : ඔව් ප්‍රචන්ඩ ක්‍රියා එහෙම උග්‍ර වේවි.. අපි බලමු දිනන්නේ කවුද කියලා..

    ReplyDelete
  35. @ Shani : තාම මම මේ කතාවේ මැද ඉන්නේ.. ඉක්මනට අනිත් ටිකත් කියවලා ඉන්න..

    ReplyDelete
  36. @ අපි වගේ : අනිවාර්යෙන්..මග හැරුන ඒවා කියවගෙන ඉමු..

    ReplyDelete
  37. @ sAm (සෑම්) : ඔව් මම සති දෙකකට පස්සේ මම මේ කතාව ලිවුවේ.. වැඩිය කොටස් පහු වෙලා නෑ තාම.. අනිත් කොටස ලබන සතියේ..

    ReplyDelete
  38. @ Mithuru : ඇත්ත වහල් කමින් මිදෙන්න හොදම කාලය මේක තමයි.. සිතිවිලි පාලනය කරන් ඉමු.. මොකද තව ඉස්සරහට ගොඩක් දේවල් වෙන්න තියෙනවා..

    ReplyDelete
  39. @ නන්දු : අපේ ලංකාවේ අයටනම් ඕවා දැං මතක නෑ.. චන්දේ කාලේ එද්දි අපේ මිනිස්සුටත් ඕවා මතක නෑ..

    ReplyDelete
  40. @ හිතුවක්කාරී : කතාව ටිකක් පරක්කු උනා නංගී.. පොඩි මිනිස්සු පාගන් ඉන්න තරමටම ලොකු මිනිස්සුන්ට වාසියි..ඒකයි මේ හැමදේම..

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්