Wednesday, 11 January 2012

ගූගල් දෙවියන් කෝප වෙලා

මේ කාටවත් කරදරයක් හිංසාවක් නැතුව බ්ලොග් එක ලියාගෙන ඉන්න මටත් වෙන්නේ පුදුමම දේවල් තමයි.. කාලයක් දාන පෝස්ට් බ්ලොග් රෝල් එකට අප්ඩේට් නොවි තිබුනා.. එක පාරක්නම් බැරියෑ.. තුන් පාරක්ම.. අපේ මලයා එක්ක එකතු වෙලා ඕක අමාරුවෙන් හදාගෙන සාමයෙන් සතුටින් ඉද්දි මෙන්න ආයෙම අළුත් ප්‍රශ්ණයක් ඇවිත්..

මම හැමදාම දවසට පැය 4ක්වත් මේ බ්ලොග් එක වෙනුවෙන් වැය කරනවා.. මට පෝස්ට් එකක් ලියන්න පැයක් විතර ගියාට පස්සේ අනිත් ඔක්කොම කාලය යන්නේ යාළු ඔයාලා ලියන දේවල් බලන්න.. ඉස්සරනම් ඔය කාලය මදි උනා ඒ ලිපි කියවලා ඉවර කරලා කමෙන්ට් කරන්නත්.. ඒත් මේ මාසෙකට දෙකකට විතර උඩදි ඉදන් මට කියවන්න තියෙන කාලයට කලින් මම බ්ලොග් පෝස්ට් කියවලා ඉවර කරනවා.. මුලින් ඒ තරම් ගනන් නොගත්තත් පස්සේ පස්සේ කාලය ඉතුරු වෙනාවා වඩියි කියලා මට තේරුනා.. “කට්ටිය දැං අඩුවෙන්ද ලියන්නේ..” මම එහෙමත් කල්පනා කලා.. ඒත් ඉතින් මම ඒ ගැන එච්චර හිතුවේ නෑ..

වෙනදටත් වඩා කාලය ඉතුරු වෙන එකේ මම ඒ කාලය ගෙවුවේ මුහුණු පොතේ.. ටැග් කරලා තියෙන ෆොටො වලට කමෙන්ට් එකක් දාලා.. ස්ටේටස් එකක් අප්ඩේට් කරලා මමත් මුහුණු පොතේ වැනි වැනි හිටියා.. ආ තව මැසේජ් එවපු ගෑණු ළමයින්ටත් රිප්ලයි කලා..

ඉතින් ඔහොම ඉන්න අතරේ මම ගොඩක් කාලෙකට පස්සේ “බ්ලොග් අවකාශයේ මිතුරෝ” කියන ගෲප් එක පැත්තෙන් ගොඩ උනා.. බොහොම කාලෙකින් තමයි ඒ පැත්තේ ගියේ.. මගේ ඇස් දෙක උඩ ගියේ ඒ වෙලාවේ තමයි.. මෙච්චර දවසක් ලිපි දන්නේ නෑ කියලා හිතාගෙන හිටපු බ්ලොග් ඔක්කොම වගේ පෝස්ට්  දාලා.. මම ඒ වෙලාවෙම දිවුවා මගේ ඩෑශ් බෝර්ඩ් එකට.. ගිහින් ඒවයේ දින එක්ක මගේ ඩෑශ් බෝඩ් එක බැලුවා.. මම කියවන ඒවයෙන් බාගෙට බාගයක් අප්ඩේට් වෙලා නෑනේ..

මම පස්සේ මගේ බ්ලොග් යාළුවෝ  කීපදෙනෙක්ගෙන් මේ ගැන අහලා බැලූවා.. ඒයාලගේ නම් හරි වෙලාවට අප්ඩේට් වෙලා.. එතකොට මොකද මට උනේ?? මාරම ප්‍රශ්ණේ.. වහාම මම අපේ මලයා ඇමතුවා.. මේ ලෝකෙත් නැති ප්‍රශ්ණ ඔක්කොම එන්නේ තොට තමයි කියලා මුවින් නොකියා බැන බැන අපේ මෑන් බැලුවා ප්‍රස්නේ මොකක්ද කියලා..

“ ඔය තියෙන්නේ ඔක්කොම්... තමුසෙට පිස්සුද?”

එහෙම කෙලින්ම නොඇහුවට හිතින් අහන්න ඇති බව මම දන්නවා.. මලයට පේන ඒත් මට නොපෙනෙන මේ අරුමය කුමක්ද කියලා මම දහ අතේ කල්පනා කලා.. ආයෙම මලයට කෝල් කරන්න බෑ.. මොකද බැනුම් අහන්න වෙන එක ශුවර්.. ඒත් ඉතින් මේකට විසදුමක් තියෙන්නත් ඕනනේ.. මම ඒ අප්ඩේට් නොවෙන ඔක්කොම බ්ලොග් බුක්මාර්ක් කර ගත්තා.. දිනකට දෙවරක් බැගින් ඒ බ්ලොග් පැත්තේ රිංගුවා.. එතකොට යාළුවෝ තරහා වෙන්නේ නෑනේ.. ප්‍රශ්ණෙත් විසදුනා..

සිත් ආර, අසරණයා, මතකයේ රැදුන තැන්, හිම හංසී, මහී.. ඔන්න ඔයවගේ තවත් බ්ලොග් ගොඩක් මම බුක්මාර්ක් කර ගත්තා...

ටික දවසක් යහතින් හිටියත් ආයෙම මට නිදහසක් නැති උනා.. පෝස්ට් එකක් දාන්නත් හෙනම වදයක් විදින්න ඕන.. එක එක error මැසේජ් එනවා බ්ලොග් එකට ලොග් වෙලා ඉද්දි.. ඒත් ඉතින් හැමදේම ඉවසා දරාගෙන මම බ්ලොග් එක ලියාගෙන ආවා.. ඒත් ඉතින් ඉවසීමෙත් සීමාවක් තියෙනවනේ.. දවසක් මම අළුත් බ්ලොග් එකක් ෆලෝ කරද්දි මෙන්න මෙහෙම මැසේජ් එකක් ආවා..

We're sorry...
We were unable to handle your request. Please try again or return a bit later.

කාට කියන්නද මේ දුක ඉතින්.. මුල් දවසේ නම් ගනන් ගත්තේ නෑ.. ඒත් පස්සේ තේරුනා මේකත් සෑහෙන බොන්න වෙන ප්‍රශ්ණයක් තමයි කියලා.. අඩු ගානේ මට මගේ එකේ ෆලෝ ලිස්ට් එකට ලොග් වෙන්න බෑනේ.. ටික දවසක් ඕකට විසදුම් හොයද්දි මම නිකමට වගේ  FIREFOX  එහෙමත් නැත්නම් ගිණි නරියාගේ උදවු පැතුවා.. මම නිකමට වගේ ගිණි නරියාගෙන් ලොග් උනා බ්ලොග් එකට..

අළුත් බ්ලොග් එකකට ගියා.. ෆලෝ කරලා බැලූවා.. ඔය ෆලෝ වෙන්නේ අපූරුවට.. බ්ලොග් රෝල් එකට එබුනා.. බැලුවා මට අතුරුදහන් උන බ්ලොග් තියෙනවද කියලා.. ඔය තියෙන්නේ හරි අපූරුවට.. එදා දාන්න හිටිය පෝස්ට් එකත් එහෙමම ඉදන්ම දැම්මා.. ගූගල් එකේ ආපු කිසිම කරදරයක් ඒකේ ආවේ නෑ.. වෙනදට ටික වෙලාවක් පරක්කු වෙලා බ්ලොග් රෝල් එකට අප්ඩේට් වෙන පෝස්ට් එක දාපු ගමන් අප්ඩේට් උනා.. එතකොට මට මොකද වෙලා තිබුනේ?

මේ ඊයේ තමයි අළුත්ම ආරංච්ය ආවේ.. ඒ ආරංච්ය ගෙනාවේ ලොකු පුතයි.. වින්චැට් කිරිල්ලියි.. අපි කවුරුත් බ්ලොග් එකේ අළුතින් කෙනෙක් කමෙන්ට් කලාම ඒ නම උඩ ක්ලික් කරලා මේ කවුද කියලා හොයනවනේ.. මගේ  අනිත් විස්තර පෙන්නලා.. ඒත් මට බ්ලොග් එකක් තියෙනවා කියලා පෙන්නලා නෑ.. කාට කියන්නද මේ අවනඩුව?? මේ ප්‍රශ්ණේට නම් විසදුමක් නොදන්නවා උනත් කලින් ප්‍රශ්ණ නම් මම විසදගත්තා..

ඒ කියන්නේ ගූගල් දෙයියෝ මාත් එක්ක කෝප වෙලා.. මේ අහිංසක ගැත්තා මොනා කලාටද දෙවියනේ?? බ්ලොග් මවා දුන්න ගූගල් දෙවියන්ම මට මෙහෙම කරනවානම් මේ දුප්පත් මම මොනා කරන්නද?? මම යනවා ගිණි නරියාගේ උණුසුමට.. තවත් එන්නේ නෑ ගූගල් දෙයියන්නේ හාස්කම් බලන්න..     මේ ගියාට ගිණි නරියත් මට කොච්චර කාලයක් හොදින් සළකයිද කියන්න දන්නේ නෑ.. එතකන් ඉන්නවා.. මොකද මගේ වෙලාව එච්චර හොද නෑ කියලා මං දන්නවා.. 









72 comments:

  1. හයියෝ!!! ඒකනෙ මම යන එන තැන් වලට අයියාගෙ බ්ලොග් එක ඇඩ් කරගන්න ගිහින් ඒ ලිස්ට් එකේ අයියාගෙ බ්ලොග් එකෙ නම පෙන්නුවෙත් නෑනෙ...ගූගල් දෙයියො කෝප වෙන්න අයියා මොකක්වත් නොහොබිනා වැඩක්වත් කලාද??

    // ආ තව මැසේජ් එවපු ගෑණු ළමයින්ටත් රිප්ලයි කලා.. //
    රස්තියාදුවට අමතරව දැන් මල් බිස්නස් පටන් අරන් ව්අගේ...හික්ස්ස්... :D කොහොමහරි ඉක්මණින් ගූගල් දෙයියෝ ශේප් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මම

    ReplyDelete
  2. මොකද කියන්නේ දිනේෂ් අයියා? ගූගල් දෙයියන්ගෙන් ගේම ඉල්ලමුද? මටත් හිටී ගමන් පොඩි පොඩි වද දෙනවා.

    ReplyDelete
  3. මටනම් ඉතින් එදත් අදත් කවදත්..ගිනි නරියා ම තමයි

    ReplyDelete
  4. හෆ්ෆා... මම කාලෙකින් එක වෙලා :D වෙන්දට අන්තිමයා :D

    ReplyDelete
  5. අනේ අයියේ මටත් ඔහොම දේවල් වෙනවා. එත මම කැමති නැහැ ගිනි නරියට. එයා කැතයි..
    :((

    ReplyDelete
  6. පුබුදුවා11 January 2012 at 17:04

    ade boru kiyanna epa hode...mama ehema hithuwe naaa hariiiiiii...google aiyage nangita line parak wath dammada?

    ReplyDelete
  7. ඒකනේ කියන්නේ... උඹ බ්ලොග් එකක් ලියනව කියල හොයාගන්න බැරිවුනේ එක තමයි එහෙනම්.. වෙලාවට දවස් දෙක තුනකට උඩදි ලින්ක් එක හම්බුවුනේ :)

    හැබැයි මට සෙට්වෙලා තියෙනව නම උඩ ක්ලික් කරහම විස්තර දෙන්නෙ නැති ගොඩ දෙනෙක්ව.. මම ලියන්න පටන්ගත්ත දවස්වල ඉඳන්ම ආපු ගියපු පිණිබිදු බ්ලොග් එකක් ලියනව කියල දැනගත්තෙත් මාස 3-4කට පස්සෙ..

    ReplyDelete
  8. අප්පච්චියේ අයියටත් වෙන වැඩ

    ReplyDelete
  9. අනේ මන්ද මට හිතෙන හැටිද නැත්තන් ඇත්තටම ද කියලා, මගේ ලැපේ එක්ස්ප්ලෝරා සහ ගිනි නරියා පට්ටම ස්ලෝ.
    ගූගල් පට පට ගාලා වැඩ..
    නොදැනුවත්ව ඔහොම වැඩ මටත් වෙනවද දන්නේ නෑ.පොඩ්ඩක් බලන්න ඕනේ.. :))

    ReplyDelete
  10. ඔය සීන් 1 මටත් වෙනව! :/

    ReplyDelete
  11. වෙලාවකට මාත් එක්කත් ගුගල් දෙයියා තරහා වෙනවා.
    එතකොට ඉතින් මාත් වෙන අතක් බලාගන්න එක තමා කරන්නේ.

    ReplyDelete
  12. ඔය වගේ එරර් එකක් මටත් ආවා.
    එහෙම උනාම ෆලෝ කිරිල්ලත් එපා වෙනවා.
    මල්ලි පයක් අරගෙන ලියන නිසා පෝස්ට් ටික ගින්දර වගේ තියෙනවා. මම නම් පෑ බාගෙන් ඔහේ මොනාහරි කොටලා කොටලා දාන නිසා සමහර එවුවා මෙලෝ රහක් නෑ.

    ReplyDelete
  13. ඕක තමයි කියන්නේ ධනපති පන්තියේ නිෂ්පාදන අමතක කරලා නිර්ධන පන්තියේ ඒවට මුල් තැන දෙන්න කියලා .

    ReplyDelete
  14. මගෙ ලිස්ට් එකට ඔයාගෙ පෝස්ට් කාලෙකින් ආවේ නෑ..මම හිතුවේ ඔයා ලියලා නෑ කියලා...ගූගල් දෙයියන්ගෙන් නෙමේ මට ඔය දේම මට ගිණි නරියාගෙන් උනා...ඒක හන්දා දැන් මම ගිණි නරියගෙන් ලොග් වෙන්නෙම නෑ...

    කොහොම හරි කමක් නෑ ප්‍රශ්ණය විසඳ ගත්තනෙ.....

    ReplyDelete
  15. අනේ මටත් ඔය සන්තෑසියම උනානේ. දැන් මම ඉන්නේ ගිනි නරියා ලග විතරයි...

    ReplyDelete
  16. මටත් ඔය සීන් එක තියෙනවා.සමහර බ්ලොග් අප්ඩේට් වෙලා නැහැ.ගුගල් දෙවියොත් එක්ක තමයි මං ජිවත් වෙන්නේ.

    ReplyDelete
  17. මම නං හැමදාම මක්‍රෝසොෆ්ට් එක්ක...මේ වෙනකං කරදරයක් නෑ....

    ReplyDelete
  18. උඹට ගුගුල් දෙයියෝ එළව එලවම ගහලනේ...
    මම ඉස්සර ඉඳලම සරණ පැතුවේ "ඔපෙරා" මහත්මියගෙන්නේ
    මටනම් එයා හොඳා... :)

    ReplyDelete
  19. බීටා නම් එයාගේ අම්මා ජංජාල කෙනෙක්සොං එක අරන් දුන්න දවසේ ඉදලා ඉතින් ගිනි නරියා තමයි..... තවම කිසි ප්‍රශ්ණයක් නෑ....

    ReplyDelete
  20. ගිනි නරියා රොක්ස්!

    ReplyDelete
  21. @ හිතුවක්කාරී : මේ මම එහෙම නොහොබිනා වැඩ කරනවද නංගියේ.. ඔයා ඉතින් ඔය මං ගැන හිතන හැටි තමයි.. තනිකඩ මම පොඩි මල් බිස්නස් එකක් කරනවට මෙයාලා ඉරිසියයි.. ආයේ ගූගල් දෙයියෝ එක්ක මගේ බ්ලොග් සම්බන්ද ගණුදෙනු නෑ..

    ReplyDelete
  22. @ Kasun : මමනම් දිගටම වර්ජනය කරන්න හිතන් ඉන්නේ.. කාටද පාඩු වෙන්නේ බලන්න.. එක අතකට ඒකෙන් කාටවත් වෙන පාඩුවක් නෑනේ..

    ReplyDelete
  23. @ සයුරි : එහෙනම් අක්කගේ කවදත් තේරීම ගිණි නරියා... :)

    ReplyDelete
  24. @ හිතුවක්කාරී : අද ඉතින් මම අවේලාවේ පෝස්ට් එක දාපු නිසානේ ඒ.. නැත්නම් ඉතින් අපේ සයුරි අක්කා තමයි හැමදාම එක..

    ReplyDelete
  25. @ වර්ණා : මොකක් ගිණි නරියා කැතයි කිවුවා.. ඉතින් එයා ලස්සන කරගන්නත් විදි තියෙනවනේ..

    ReplyDelete
  26. @ පුබුදුවා : අපිට ඉතින් කාගෙවත් හිත් කියවන්න බෑනේ.. අනික එහෙම හිතුවත් මම මුකුත් කියන්නේ නෑ.. අපි ඔය කාටවත් ලයින් දාන්නේ නෑ කියලා දන්නවනේ..

    ReplyDelete
  27. @ සාතන් : ඒකනේ කියන්නේ මචං.. මම උඹෙ අඩවිය පැත්තේ ආවේ කොයි කාලේ ඉදන්ද.. මටත් ඔය වගේම නම ක්ලික් කලාම බ්ලොග් එක නොපෙන්නුව ගොඩක් දෙනෙක් පස්සේ හමුවෙලා තියෙනවා..

    ReplyDelete
  28. @ මහිම මදුරංග : දුප්පත් මිනිහට කියනවනේ හැමදාම ප්‍රශ්ණ එන්නේ..

    ReplyDelete
  29. @ Ice (අයේෂා කුලතුංග) : ආ කියන්න අමතක උනා.. අයේශා නංගිගේ බ්ලොග් එකත් මට ගූගල් දෙයියෝ අතුරුදහන් කලා.. පොඩ්ඩක් හොයාල බලන්න.. ඒක කෝකටත් හොදයිනේ..

    ReplyDelete
  30. @ Nuwan Tharaka : නරකද ගිණි නරියට මාරු වෙලා බැළුවනම් හරි යනවද කියලා..

    ReplyDelete
  31. @ නාකියා : අනේ මන්දා මෙච්චර දියුණු වගේම ගොඩක් ජනප්‍රිය සයිට් එකක් මෙහෙම තමන්ගෙම වැඩසටහනක පිස්සු නටන එක හිතන්නත් අමාරුයි..

    ReplyDelete
  32. @ මධුරංග : අනේ මන්දා අයියේ.. මට එපා වෙලා බ්ලොග් එකෙන් ලොග් අවුට් වෙලා හිටපු දවසුත් තියෙනවා.. කවුද කියන්නේ අයියා ලියන දේවල් මෙලෝ රහක් නෑ කියලා? මටනම් කවදාවත් එහෙම හිතිලා නෑ..

    ReplyDelete
  33. @ හිස් අහස : ඒකනේ සදරුවෝ.. ධනවාදි රට වලට ආවට පස්සේ අපිත් ඒවට පුරුදු උනා.. දැන් තමයි හරි වැරැද්ද තේරෙන්නේ..

    ReplyDelete
  34. @ දිල් : කාලයක් හැබැයි මගේ පෝස්ට් කාගෙවත් රීඩර් වල අප්ඩේට් නොවෙන ප්‍රශ්ණයක්නම් තිබුනා.. මම හිතනවා දැං ඒක හරි කියලා.. ඒ කියන්නේ ගිණි නරියත් කාලෙකදි නපුරු වෙන්න පුළුවන් කියන එක.. සූදනම් සරීරෙන් ඉන්න එක හොදයි වගේ..

    ReplyDelete
  35. මෙන්න මට ගූගුලා කරපු දේ.......බ්ලොග් එක පටන් අරන් මාසයයි කොමෙන්ට්ස් වලට රිප්ලයි කරන්න බැරි උනා...comment as.. කියල විතරයි තියෙන්නෙ... වින්චැට්කිරිල්ලි කියල නැහැ....මොන විදියකින් වත් හදා ගන්න බැරි උනා..පස්සෙ ප්‍රියන්ත අයිය කිව්ව ගිනිනරියගෙන් පටන් ගන්න කියල..මම දැන් වැඩ කරන්නෙ නරිය එක්ක...ගූගුලාට තාම පිස්සු....!!

    ReplyDelete
  36. ගූග්ල් දෙයියට දරුණු කස්ටමර් කෙනෙක් අහිමි වෙලා වගේ..හික්ස්..

    ReplyDelete
  37. ඔය ගූගල් දෙයියා හිටපු ගමන් පරල වෙලා පිස්සු කෙලිනවා..ගනන් ගන්න එපා..මොලයක් තියෙන එකෙක්යැ..

    ReplyDelete
  38. ම්ම් මටත් මුලින් ඔයා බ්ලොග් එකක් ලියන බව සොයාගන්න බැරිඋනා..මටත් ඔහොම කරදර ගොඩායි..කාලයක්comments දාන්න බැරිව හිටියා..දැන් followers පෙන්නනැහැ..:D

    ReplyDelete
  39. අනේ මටත් ඔය වගේ වෙනවා මල්ලි.මාත් ගොඩක් වෙලාවට ගෲප් එකෙන් තමා බ්ලොග් හොයා ගන්නෙ.

    ReplyDelete
  40. හයියෝ අයියාටත් වෙන වැඩ.....දෙයියන්ගේ පිහිටෙන් තාම මටනම් අවුලක් වෙලා නැ...කවුද දන්නේ මොනා වෙයිද කියලා....

    මට නම් ගිනි නරියා පෙන්නන්න බැ....

    ReplyDelete
  41. මාත් නම් තවම ගූගල් එක්ක තමා ගණුදෙනුව. ඔයාගේ පෝස්ට් හැම එකක්ම නම් මට අප්ඩේට් උනා හැබැයි....

    ReplyDelete
  42. මාත් පාවිච්චි කරන්නෙ ගිණිනරිය. ඒත් මොකක්හරි ට්‍රබල් එකක් උනොත් නං බ්ලොග් කෙරුවාව නවත්වන්න වෙන්නෙ. මොකද ඔය ටැක්නිකල් පැත්ත මංතුමා දන්නෙම නෑ. ලගකදි ඉදල මගෙත් පොඩි අව්ලක් තියනව. ඒ තමයි බ්ලොගේ කොමෙන්ටු ඩබල් වෙලා තමයි මේල් එකට එන්නෙ. ඔය විදියට, යන්න පුළුවන් තරම් දුර යනව.

    ReplyDelete
  43. මානව හිමිකම් යමු බොල.. මගේ එකේ නම් බොලාව නියමෙට අප්ඩේට් වෙනවා. ඒකයි වෙලාවට මේ පැත්තට රිංගන්නේ !

    ReplyDelete
  44. මම අන්තිම වෙන්නෙ ඇයි අනේ හැමදාම.. :( කමක් නෑ.ලබන පාර බලමුකෝ...

    මං Dinesh අයියා ගත්ත තීරනේට කැමතියි.ඇයි අපි ගුගල් වලට වහල් වෙන්නෙ.
    හිතන්න,එකම එක දවසක් Internet එකේ ගුගල් කියන නම ගෑවිලාවත් නැති තැනකට අපිට යන්න පුළුවන්ද?

    උත්තරේ:බෑ

    මම කියන්නෙ ගුගල් වරජනය කරන්නවත් ඒක පාවිච්චි නොකර ඉන්නවත් නෙමේ.ගුගල් කට්ටිය හැම දේම(Chrome එක වගේ) කරන්නෙ අනිත් අයව(Firefox වගේ) වට්ටන්න.ඒ අරමුණ පැහැදිලියි.

    ඉන්ටනෙට් කියන එක කාගෙවත් බුදලයක් නෙමේ. ගුගල් අය ඒක හිතන්නෙ නෑ කියන්නත් අපිට බෑ. මොකද,ගුගල් ලොකු සේවාවක් මිනිස්සුන්ට කරනවා.

    Chrome කියන්නෙ වෙලඳාම් පොලක්.ඇයි අපිට බැරි Firefox පාවිච්චි කරන්න? ඕපන්සෝස් බ්‍රව්සරයක් පාවිච්චි කරන්න ලැජ්ජා කට්ටිය අද කාලෙ නැතුව නෙමේ.

    මම පොද්ගලිකව හිතන දේ මම කියන්නෙ.කෙනෙක් මේකට කැමති නැති වෙන්න පුළුවන්.ඒකට කරන්න දෙයක් නෑ.
    අපි Firefox රැකගන්න ඕනෙ.ඒක නැති කරන්න දෙන්න බෑ. ඒ නිසා මම (පොද්ගලිකව) Chrome වලට කැමති නෑ.

    මේ ලින්ක් එක අපේ දේදුනුගෙ Blog එකේ. එයා මේ දේවල් ගැන හොඳට දන්නවා.
    dedunu.info/2011/12/22/why-we-should-protect-firefox/

    අයියේ..ගිනි නරියා අපිට නරකක් කරන්නෑ.ඒ හින්දා බය නැතුව පාවිච්චි කරන්න.
    (Post එක ලස්සනට ලියලා තියනවා)

    ReplyDelete
  45. මටත් ඔය කචල් තියෙනව, 'ෆයර් ෆොක්ස්' ගිහිං බලන්න ඕනෙ.

    ReplyDelete
  46. හයියෝ ගූ.ගල් කල හරියක්.....

    ReplyDelete
  47. @ Pradeep Gunarathna : වැඩක් නෑ කියලා.. එක ප්‍රශ්ණයක්නම් බැරියෑ.. මට කීයක් දේවල්ද??

    ReplyDelete
  48. @ අසරණයා : ගිණි නරියගෙන් ගිහින් බලන්න.. ඒ අප්ඩේට් නොවෙන ඒවා වැටිලා ඇති..

    ReplyDelete
  49. @ ඔබ නොදුටු ලොවක් : මම අඩුවෙන්ම පාවිච්චි කරන්නේ ඕක.. ඒත් බලන්න ඕන ඒ පැත්තටත් ගිහින්.. මොකද මේකෙත් මොන අඩු පාඩු තියෙනවද දන්නේ නෑනේ..

    ReplyDelete
  50. @ ලොකු පුතා : මාත් එක්ක පුදුම වෛරෙකින්නේ උන්දෑ උදලා තියෙන්නේ.. ඔපෙරා මහත්මිය කිවුවේ කවුද?? ඒක හොදද??

    ReplyDelete
  51. @ බීටා : මට වගේ අතුරු ආන්තරාවක් එන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා.. මොකද ඒ හිසරදේ ගැන කියලා වැඩක් නෑ..

    ReplyDelete
  52. @ විසිතුරු : දැනටනම් මටත් එහෙමයි.. ඉදිරියටත් එහෙම වෙයි කියලා හිතනවා..

    ReplyDelete
  53. @ වින්චැට්කිරිල්ලී : දෙයියන්නට පිස්සු හැදුනම අපිට පිස්සු තද වෙනවා.. ඇයි ඉතින් බ්ලොග් එක කියන්නේ අපේ ජීවිතේ වගේනේ දැං..

    ReplyDelete
  54. @ රූ : වෙන්න පුළුවන්.. ඒත් ඉතින් මම මිලියන ගානක් අතරින් එක්කෙනෙක් විතරනේ.. ඒ නිසා වැඩිය දැනෙන එකක් නෑ..

    ReplyDelete
  55. @ Janaranga Wijaindu Dewasurendra : මේ මනුස්සයට මොළයක් තිබ්බනම් කොච්චර වටිනවද?? මෙච්චර දේවල් කරන එකේ..

    ReplyDelete
  56. ක්රෝම් එකත් හිටපු ගමන පිස්සු කෙලිනවා...ඒක හින්දද දන්නේ නැහැ..

    ReplyDelete
  57. ගුගල් දෙයියා මාත් එක්කත් හැමදාම කොක්ක, එත් මම නම් ගුගල් දෙයියව දාල යන්නේ නෑ

    ReplyDelete
  58. ගූගල් දෙයියන් මටත් වෙලාවකට ප්‍රශ්න දානව.මම අනිත් යාළුවන්ගේ බ්ලොග්ස් වලට ප්‍රතිචාර දැක්වුවම පස්සෙ පෙන්නන්නම් කියයල වැටෙනව​, ඒත් පස්සෙ මගෙ ප්‍රතිචාරේ වැටිල නැහැ.

    ගිණි නරිය කොහොමද දන්නෙ නැහැ.බලල අපිටත් විස්තර කියන්නකෝ....

    ReplyDelete
  59. @ සිත්රූ සිහින : මටත් අක්කගේ බ්ලොග් එකේ අප්ඩේට් ආවේ නෑ.. අක්කත් ගිණි නරියට මාරු වෙලා බලන්න හරි යනවද කියලා..

    ReplyDelete
  60. @ නිසූපා : ඔව් අක්කේ මාත් සමහරදාට ගෘප් එකෙන් තමයි සමහර බ්ලොග් කියවන්නේ..

    ReplyDelete
  61. @ සිතුවිලි නිහඩයි : අවුලන් නැත්නම් හොදයි නංගී.. ඒත් කල්පනාවෙන් ඉන්න කෝකටත්.. මොකද ගිණි නරියට ඔච්චරම අකමැති?

    ReplyDelete
  62. @ Shani : ඔයා වර්ණත් එක්ක එකතු වෙන්න කලින් නංගී මට ඒ අප්ඩේට් නොවෙන ප්‍රශ්ණේ ආවේ.. දැනටනම් ඒක හරි..

    ReplyDelete
  63. @ රාජ් : මටත් තියෙන ප්‍රශ්ණේ ඔය ටෙක්නිකල් ගැන නොදන්න එක තමයි.. ඒ වෙලාවට ඉතින් කාගේ හරි උදවු ඉල්ලන එක තමයි කරන්නේ.. අන්තිම පාර පොස්ට් අප්ඩේට් නොවෙන වෙලාවේ මාත් බ්ලොග් එක නවත්තන්න ගියේ..

    ReplyDelete
  64. @ sAm sRi : යමු යමු.. ලංකාවෙන් පැමිනිල්ල කිවුවම අනිවාර්යෙන් ඉක්මනට බාර ගන්නවා...

    ReplyDelete
  65. @ අපි වගේ : මලයා හොද පැහැදිලි කිරිමක් කරලා තියෙනවා.. ඇත්ත මාත් එකගයි.. අන්තර්ජාලය කිවිවොත් ඉස්සෙලම එන්නේ ගූගල් කියන නම.. මයික්‍රෝසොෆ්ට් පාවිච්චි කරන කීදෙනාද ඉන්ටනෙට් එක්‍ස්ප්ලෝරා එක පාවිච්චි කරන්නේ.. අපි නොදැනුවත්වම ගුගල් එකට ඇබ්බැහි වෙලා..

    ReplyDelete
  66. @ Observer : ගිහින් බලන්න ඔබා මාමේ.. මාමගෙත් පෝස්ට් බබ්ලිශ් වෙන්නේ නැති ප්‍රශ්ණයක් තියෙනවනේ..

    ReplyDelete
  67. @ තරූගේ ලෝකය : ඔයා කිවුවා හරී... ගූ.ගල් කල හරියක්..

    ReplyDelete
  68. @ ChammA : මමත් හිටියේ ගූගල් ක්රෝම් එකේ තමයි.. ඒකේ ප්‍රශ්ණ නිසයි මාරු උනේ..

    ReplyDelete
  69. @ රෙප් මහත්තයා : අර මොකෝ ඒ? හැමදාමත් කොකුනම් දාලා නොයන්නේ?

    ReplyDelete
  70. @ සිහින මතකයන් : ගිණි නරියගෙන් දැනටනම් ප්‍රශ්ණ නෑ මට.. උඩින් කියපු ප්‍රශ්ණ ඔක්කොම දැං නම් නෑ..

    ReplyDelete
  71. හිහිහී.. දිනේෂ් නෝටි වැඩක් කරන්න ඇති.. ඒකනෙ කෝපවෙලා තියෙන්නෙ.. :D සමහර පෝස්ට් මගෙත් බ්ලොග් රෝල් එකේ පෙන්නන්නෙ නැති තත්වයක් තියෙනවා.. ගිනි නරියව ගහලා පැන්නුව නිසා ආයෙ අඩගහන්න කම්මැලියි.. :D

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්