Monday, 9 January 2012

ඇය යන්න ගියා මැකිලා

ඔයාගේ ආරාධනාව පිළි නොගෙන ඉන්න තරම් ශක්තියක් මගේ හිතට නොතිබුනේ ඇයි කියන්න මම දැනන් හිටියේ  නෑ.. මගේ හිත කිවුවේ මම ආදරේ කල  ඔයාගේ ජීවිතේ ලස්ස්න දවසට ගිහින් ඔයාගේ සතුට බෙදා ගන්න කියලා.. ඒ නිසා වෙන්න ඇති මම කවුරු එපා කිවුවත් මේ ගමන එන්න හිත හදාගත්තේ.. අද අපේ ආදරේ අන්තිම දවස..

ලස්සනට සැකසුන මංගල පෝරුව මං ඉදිරියේ තියෙද්දි හිතට දුකක් නොදැනුනාම නෙමෙයි.. ඒ මම හිතින් මේ වගේම දවසක් ගැන හීන දැකපු නිසා.. ඒත් අපි අපෙන් ගොඩාක් දුරයි කියලා ඔයා ඉස්සෙල්ලාම කියපු දවසේ මම හිතින් හදාගෙන හිටපු ඒ මංගල පෝරුව කෑලි කෑලි කැඩිලා ගිය හැටි සමහර විට ඔයා නොදන්නවා ඇති.. මම කිවුවොත් ඔයා පිළි නොගනීවි මම එදා ඇඩුවා කියලා.. ඒත් මම එදා ඇඩුවා.. මං ලගදි සමහරදාට ඔයා අඬද්දි ඒ කඳුළු මං ආදරෙන් පිහදැම්මත් ඔහේ ගලාගිය මගේ කඳුළු ආදරෙන් පිහදාන්න ඔයා මගේ ලගින් හිටියේ නෑ..

“ අයියේ..”

“ සෙනුරි නංගී.. කෝ අක්කා?”

“ එයා තාම ලෑස්ති වෙනවා අයියේ.. අපි හිතුවේ නෑ අයියා ඒවි කියලා..”

“ ඒ ඇයි?”

“ නෑ අක්කා කිවුවා ඔයා එන එකක් නෑ කියලා..”

“ නෑ නංගී.. සමහරවිට මේ අපි දකින අන්තිම දවස වෙන්න ඇති.. ඒකයි මම ආවේ..”

“ නැකත් වෙලාව ලගයි අයියේ.. මම යනවා අක්කා ලගට.. ඔයා වාඩි වෙලා ඉන්න..”

ගෙවි ගිය පුංච් මොහොතක් උනත් මගේ හිත අරන් ගියේ අපේ මතකයන් අතරට.. කාලයේ නිනවුවක් නැතිව බලාගෙන හිටපු මට නුඹේ සුපුරුදු සුවද දැනෙද්දි ඉබේටම වගේ මගේ දෑස් ඔයාව හෙවුවේ ඒ අතීතයේ ආදරය නිසා වෙන්න ඇති.. සුදු පාට මංගල සාරියට වෙනදටත් වඩා ලස්සනට හිටපු ඔයා දිහා මං ගොඩක් වෙලා බලන් හිටියත් ඔයා මාව දැක්කේ නෑ..

මං ආදරෙන් හිත ලග තියා ගත්ත ඔයාගේ දෑත වෙන කෙනෙක් අල්ලගෙන මංගල මුදුව පලදවද්දි ඔය දෑස් එකම එක වරක් එසවිලා මං දිහා බලනවා මම දැක්කා.. ඒත් මට ඒ දෑස් කියවන්න උනේ නෑ.. ඔයාගේ ආදරණිය දෑස් ඉක්මනින්ම වගේ අන්සතු වෙද්දි වාතලයට නික්මුන මගේ හුස්ම පොද මගේ හිත නතර නොකලා පුදුමයි..

දවස පුරාවටම මට ඇහුන ඔයාගේ හිනා හඩ එකම එක දෙයක් මගේ හිතට තේරුම් කරලා දුන්නා.. ඒ ඔයා සතුටින් කියන එක.. අපි ආදරේ කරපු හැම මොහොතකම මං බලාපොරොත්තු උනෙත් ඒ දේම උනත් ඒ සතුට ඔයා ලගට අරං එන්න මට බැරි උනා.. ඒත් ඔහු මටත් වඩා හොදින් ඔයාව සතුටින් තියාවි කියලා මට දැනෙනවා..

මම කවදාවත් ප්‍රර්ථනා නොකලා උනත් අද අපේ ආදරේ අන්තිම දවස.. මේ වෙද්දිත් ඒ ආදරේ අතීතයට එකතු වෙලා යද්දි ඔයා සමහරවිට මං ගැන හිතනවා වෙන්න පුළුවන්.. මම සතුටින්ද? ඔව් ඔයාගේ ලස්සන අනාගතේ දිහා බලලා මම සතුටින් ඉන්නම්.. මේ මංගල පෝරුව ලගම ඔයා ගියාට පස්සේ ඔයාගේ මතකත් මම තනිකරලා යන්නම්..


කඳුළැලි සැලෙන
හැම මොහොතකම
ඒ කදුළු පිසලන්න
මම හිටියා ඔබේ ලගින්
ආදරයෙන් හදවතට තුරුළු කරන්..

හැමදාමත් සිනාසෙන්න
ඔබ පැතු මගේ ලෝකයට
නුඹම කඳුළක් උනා අද
නුඹටත් නොදැනිම
හදවතට වේදනා එක්කර..

ඔබෙ අතගෙන ආගන්තුකයකු
නික්මයන හැටි හැමදාටම
බලා උනිමි මම සැගව රහසින්
වසන් කරගෙන වැටෙන කඳුළු
නුඹට නොපෙනෙන්නට..

ඔහුත් සමග ඔහුගේ ලොවේ
ඔබ හිනැහේනම් හැමදාමත්
දිවුරම ඔබේ නමින් මම
නොසලන බවට එකදු කඳුළක්
නුඹේ නමින් මින් මතුවට..









81 comments:

  1. මම දැනන් හිටියෙ නැහැනෙ 'වර්ණ' කියන්නෙ දිනේශ් කියල..මට දිනේශ්ගෙ බ්ලොග් එකක් කලින් හමු උනේම නැහැ..හ්ම්ම්..කෝම උනත් ඔයා ලියනව හරිම ලස්සනයි,පැහැදිළියි,කියවන්න එපා වෙන්නෙ නැහැ.....

    ReplyDelete
  2. @ ඔබ නොදුටු ලොවක් : මේක මම මුහුණ දුන්න දෙයක් නෙමෙයි අයියේ.. සිතුවිල්ලක් විතරයි..

    ReplyDelete
  3. @ වින්චැට්කිරිල්ලී : මම "අළු පාට හැන්දෑවට" නම් නිතරම ගොඩ උනා.. දැන් එහෙනම් මෙහේ එන්න පාර මතකයිනේ.. වර්ණ වෙන කෙනෙක් ලියනවා කියලද හිතාගෙන හිටියේ??

    ReplyDelete
  4. ඇයි ඉතින් ඒ දෙන්නා ඈත් වෙලා තියෙන්නේ? හ්ම්ම් ඒක මෙතනට අදාළ නෑ නේද..

    ReplyDelete
  5. හික් හික් මම දන්නවා.....

    ReplyDelete
  6. අද තමයි මුලින්ම මේ පැත්තට ආවේ !
    අත්දැකීමක් නැතුව ඔහොම දෙයක් ලියන්න අමාරු නැද්ද??
    මට නම් බෑ!

    ReplyDelete
  7. //දිවුරම ඔබේ නමින් මම
    නොසලන බවට එකදු කඳුළක්
    නුඹේ නමින් මින් මතුවට..//
    කරන්න පුළුවන් වැඩක්ද අප්පා...

    ReplyDelete
  8. හ්ම්ම් ..ලස්සනයි..ඔයා ලියන ඒවා කියවන්න මම කවදත් ආසයි..හැමදාම කියනව වගේ මාර විදියට හිතට දැනෙනවා..

    ReplyDelete
  9. හ්ම්... අයියගේ අත්දැකීමක් නොවුණත් මේ අත්දැකීමට මූන දීපු ආදරවන්තයොත් මේ ලෝකේ ගොඩක් ඇති... :(
    මං නම් හිතන්නේ නෑ මට හිත හදාගෙන ඔය වගේ අවස්ථාවකට මූන දෙන්න පුළුවන් වෙයි කියලා. අම්මේ...... වනේ වන හතුරෙකුටවත් වෙන්න එපා මෙහෙම වැඩක්..

    ReplyDelete
  10. //ඔබෙ අතගෙන ආගන්තුකයකු
    නික්මයන හැටි හැමදාටම
    බලා උනිමි මම සැගව රහසින්
    වසන් කරගෙන වැටෙන කඳුළු
    නුඹට නොපෙනෙන්නට..//

    හයියෝ... දුක හිතෙනවානෙ.. :'( :'( මටනම් කවදාවත්ම බෑ මම ආදරේ කරපු කෙනෙක්ගෙ මඟුල් ගෙදර ගිහින් බලන් ඉන්න.. මම පපුව පැලිල මැරෙයි...:'( මේකනම් හුඟාක් දුක හිතෙන කතාවක් අයියා...සංවේදි විදියටම ලියලා තියෙනවා...

    ReplyDelete
  11. ලස්සනයි, හැබැයි දුක හිතෙනවා ටිකක්!

    ReplyDelete
  12. හ්ම්.... ඔයා ලියපු ඉස්සෙල්ලා කතාක දෙවෙනි කොටස වගේ.

    අනික් කෙනා සතුටින් නිසා අපිටත් සතුටින් ඉන්න පුලුවන් නම්.....මං නම් එච්චර පරාර්තකාමී වෙන එකක් නෑ.

    ReplyDelete
  13. ඇයි මේ? ඇයි අපි මෙහම දුක් විදින්නේ

    ReplyDelete
  14. ලස්සනයි. දුකයි. දීපිකාගෙ "මට කඳුළු එන්න කලියෙන් මා දමා යන්න" සින්දුව මතක් උනා. ඒකෙ මම ආසම පදය "ඔය ඇස් බැලුවම බැරිවෙයි මුදු පළඳවන්න"

    ReplyDelete
  15. :දවස පුරාවටම මට ඇහුන ඔයාගේ හිනා හඩ එකම එක දෙයක් මගේ හිතට තේරුම් කරලා දුන්නා.. ඒ ඔයා සතුටින් කියන එක."
    මේ කොටස තදින්ම හිතට වැදුනා..
    මේ දේ මටත් කවදාහරි අත්විදින්න ලැබෙනවා...

    ReplyDelete
  16. This comment has been removed by the author.

    ReplyDelete
  17. දුක හිතෙන කතාවක්.කවියට තවත් දුක වැඩිවෙනවා.

    ReplyDelete
  18. මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ
    ඔබ එපා යැයි මට සිතුනත් සිත පිළිගන්නේ නෑ
    යළි ඒවියැයි සිත කීවත් ඔබ යළි එන්නේ නෑ
    සිත පුරා අදරේ කරන්නට මට දැන් කවුරුත් නෑ....
    (අනේ මන්දා මේ ටිකේම මට කමෙන්ට් කරද්දී ඔළුවට එන්නේ සිංදු විතරමයී. මේක ලෙඩක්ද හැබෑට)

    ReplyDelete
  19. අනේ ඇයි මෙහෙම දෙයක් ලිව්වේ අයියේ.....ඇත්තටම ඇස්දෙකේ කඳුළු...ඒ ඇයි කියන්න මන් දන්නේ නැ...ඒත්....අනේ මන්දා....

    ReplyDelete
  20. කාට මේ වගේ දෙයක් වෙයිද කියලා කාටද කියන්න පුලුවන්..... :(

    ReplyDelete
  21. @ සයුරි : ඒක ගැන නම් ඉතින් මමත් හිතුවේ නෑ අක්කේ.. ඒක කියවන ඔයාලට බාරයි..

    ReplyDelete
  22. @ ඔබ නොදුටු ලොවක් : එහෙනම් කියමුකෝ බලන්න....

    ReplyDelete
  23. @ Nuwan Tharaka : මම හිතනව අත්දැකීමක් නැතුව උනත් ලියන්න පුළුවන් කියලා.. මම ලියපු ගොඩක් දේවල් එහෙමයි.. වර්ණයට සාදරයෙන් පිළිගන්නවා යාළුවා..

    ReplyDelete
  24. @ රූ : බැරි වේවි සමහර විට.. ඒත් අමාරුවෙන් උනත් ඒ දේ කරන්නම වෙනවනේ අක්කේ.. මොකද දැන් ඒ කෙනා හිමි වෙන කෙනෙක්ටනෙ..

    ReplyDelete
  25. @ සිත්රූ සිහින : මම ලියන දේවල් ආදරෙන් වැලදගන්න අක්කා වගේම ගොඩක් අය ඉන්න නිසාම මම හැමදාම උත්සාහ කරන්නේ හොද දෙයක් ලියන්න.. ගොඩක් ස්තුතියි හැමදාම මේ දෙන සහයෝගයට..

    ReplyDelete
  26. @ Ice (අයේෂා කුලතුංග) : සමහරවිට මට මේ අවස්ථාවට මූන දෙන්න උනොත් මගේ හිතත් ටිකක් විතර සැලේවී.. නොයා ඉන්න හිතේවි.. ඒ කොහොම උනත් මම නොයා ඉන්නේ නම් නෑ..

    ReplyDelete
  27. @ හිතුවක්කාරී : ඒත් මගේ අදහසනම් ආදරේ වෙනුවෙන් එහෙම යන එක හොදයි කියලා.. හිතින් පස්සේ තැවෙනවට වඩා.. මේ වගේම එයාගේ සතුට දැකලා තමන්ගේ අතීතය දුකක් කර ගන්නේ නැතුව අමතක කරලා දාලා එන්න හිත හදාගන්නවත් පුළුවන්න්නේ..

    ReplyDelete
  28. හිතට වදින්න ලියල තියෙනවා මචං...

    කිරිල්ලි වගේම තමයි, මමත් කලින් දැනගෙන උන්නේ නැහැ "වර්ණ" ලියන්නේ දිනේශ් කියලා
    බොහොම මෑතකදී තමයි දැනගත්තේ

    ReplyDelete
  29. උඹේ ‍බ්ලොගයක් තියෙනව කියල දන්නෙ අද... ඒකත් හිරණ්‍යට මොකෝ උනේ බලන්න උගේ බ්ලොග් එකට ගිහාම පැත්තක තිබුන ලින්ක් එකකින් ඇවිත්..

    පෝස්ටුව නම් නියමෙට ලියල තියෙනව.. ඔය වගේ දවසක් එන්න තිබුනට වෙඩිමට ඉන්විටේෂන් එක නම් එන එකක් නෑ.. ;)

    ReplyDelete
  30. දවසක මේ හැමදේම දාල අපිට යන්න වෙනව.ඉතින් ආදරය කරපු අයට වුනත් සමු දෙන්න හිත හදාගන්න පුලුවන්නම් තමා හොඳ.
    ලස්සන අදහසක් මචෝ

    ReplyDelete
  31. සිරාවට ලියලා බොල.. "එදා‍ මෙදාතුර" ගීතයත් මෙහෙම සීන් එකක් නේද??

    ReplyDelete
  32. මගේ කතාවට වඩා පොඩ්ඩක් වෙනස් කතාවක්
    මේක මම දැන් කාලයක් තිස්සේ ඉදන් ආසම සින්දුව
    මගේ කදුලින් නිමා වූ මාවතේ මාවතේ
    ඔහු සමගින් ඔබ මන්දහාසින් යන ගමනේ
    මගේ යුග නෙත් ඔබට හිරු සදු වේවා.............
    .

    ReplyDelete
  33. මේ වගේ ලඟින් යන දෙයක් මට වෙලා තියෙනවා.ඒත් මං ඇඩුවේ නැහැ..

    ReplyDelete
  34. ඔව් අයියේ ... මේක හරිම අසාධාරණයි... කොච්චර හොද කරත් වැඩක් නෑ...!!

    ReplyDelete
  35. @ ලහිරු : ඔවු අයියේ.. ආදරයේ වේදනාකාරී එක් පැත්තක්...

    ReplyDelete
  36. @ නිසූපා : ඔව් අක්කේ... " මේ මුතුකැට වැටෙන පෝරුව අබියස" කියන එකේ ඊළග කොටස විදිහට තමයි මම මේක ලිවුවේ.. අක්කට හොද මතකයක් තියෙනවනේ..

    ReplyDelete
  37. @ Dush : හ්ම්ම්.. හොද ප්‍රශ්ණයක්.. ඒත් ඒකට දෙන්න උත්තරයක්නම් මමත් දන්නේ නෑ..

    ReplyDelete
  38. @ පිණිබිදු : මම ඒ සිංදුවනම් වැඩිය අහලා නෑ.. ඒත් අක්කා කිවුවම මතක් උනා.. ආයෙම වතාවක් අහලා බලන්න ඕන..

    ReplyDelete
  39. @ වර්ණා : අපි ආදරේ කරපු කෙනා සතුටින් නම් ඒ සතුට වෙනුවෙන් අපිත් සතුටු වෙනවනම් හොදයි කියලා මට හිතෙන්නේ.. ඇයි වර්ණාටත් මේදේ අත්විදින්න වෙයි කියලා කිවුවේ??

    ReplyDelete
  40. @ Mithuru : ආදරේ සමහර වෙලාවට වේදනාවක්.. මේ වගේ වෙලාවට ඒ විරහ වේදනාව දැනෙනවා වැඩියි..

    ReplyDelete
  41. @ බට්ටී : අන්න ඒ කාරණාවනම් ටිකක් හොයලා බලන්න ඕන අක්කේ.. මොකද හේතුවක් නැතුව නම් ඔහොම වෙන්නේ නෑ..

    ReplyDelete
  42. @ සිතුවිලි නිහඩයි : හැමදාම හිනාවෙන දේවල්ම ලියන්න බෑනේ නංගී.. ඉදලා හිටලා මෙහෙම දේවල් ලියන්නත් ඕන..

    ReplyDelete
  43. @ බ්ටා : ඒක ඇත්ත මලයා.. කෝකටත් සූදානමින් ඉන්න එක හොදයිනේ..

    ReplyDelete
  44. @ සාතන් : මමනම් සාතන්ගේ අඩවියට නිතරම වගේ එනවා.. පුදුමයි මග ඇරුන එක..

    මම නම් හිතන්නේ වෙඩින් ඉන්විටේශන් එක නොඑන තරමටම හොදයි.. මොකද ආවොත් නොයා බෑ.. ගියොත් දුක් නොවී බෑ..

    ReplyDelete
  45. @ ලොකු පුතා : අපි නිතරම වගේ බ්ලොග් එකේ මුණ ගැහුනනේ මචං.. මම මතකයේ රැදුන තැන් හැමදාම වගේ කියවනවනේ..

    ReplyDelete
  46. @ කස්ස : ඒ කතාවටනම් මමත් එකගයි.. කොච්චර ආදරේ කලත් ජීවිතෙන් සමුදෙන දාට ලැබුන නොලැබුන හැමදේම දාලා යන්න වෙනෙවා.. ඒකයි ඇත්ත..

    ReplyDelete
  47. @ sAm sRi : ඔව් සෑමා එකෙත් කියවෙන්නේ මෙහෙම දෙයක් ගැන තමයි.. තව ගොඩක් සිංදු තියෙනවා.. මට මතකයි කාලෙකට කලින් කවුරුහරි ඔය හැම සිංදුවක් ගැනම පෝස්ට් එක් ලිවුවා.. කවුද කියලා දැං මතක නෑ..

    ReplyDelete
  48. @ රෙප් මහත්තයා : මේ කතාව ඔබේ කතාවට වඩා වෙනස් නම් මම සතුටුයි.. මොකද මෙහෙම දෙයක් කාටවත් වෙන්න එපා කියලයි මම නම් හිතන්නේ..

    ReplyDelete
  49. @ අසරණයා : කොච්චර හිත හයිය උනත් සමහර වෙලාවට අඩන වෙලා තියෙනවා.. නරකද ඒ කතාව ලිවුවනම්.. අකමැත්තක් නැත්තම්..

    ReplyDelete
  50. @ රහස් පරීක්ෂකයා : එහෙමම කියන්නත් එපා මලයා.. සමහර වෙලාවට දෙමවුපියන්ගේ තීරණ වලට එකග වෙන්න වෙන වෙලාවලුත් තියෙනවා..

    ReplyDelete
  51. යම් යුගයකදි මගෙ ඔලුවෙ හොල්මන් කල සිතිවිල්ලක් තමයි "මුං පෝරුවේ නැග්ග දාට මට තනිකම දරාගන්න පුලුවන් වෙයිද" කියන එක. අාදරය විවාහය කියන්නෙ මිනිස්සුංගෙ මානුශීය දේවල් දෙකේ කොලේට දාන කරුණුය යන මගෙ වැටහීම නිසා එ් වෙලාවල් වලට ඉතිං දුක හිතෙනව ටිකක් වැඩියි! අවසාන ප්‍රතිඵලය,.. අවුරුදු තුනකිං මගුල් ගෙයක් තියන පලාතකිං වත් ගිහින් නැති එක!

    ReplyDelete
  52. නැට්ට පිටින් අලි මැරෙන සීන් එක වගේ නේ බන් මේකත්.

    ReplyDelete
  53. මොනා කරන්නද මල්ලි.
    අපි කැමති හැමදේම අපට උරුම වෙන්නේ නෑනේ.

    ReplyDelete
  54. ලස්සනයි කියන්න බැ දිනේෂ් අයියේ
    දුක හිතෙන කතාවක් ලස්සනට ලියලා තියෙනවා

    ReplyDelete
  55. කොහොම කියන්නද මන්දා...කාටද ලිව්වෙ මේක මටද.....තව මාස කීපයකින් ඔය තැැනට මටත් එන්න වෙනවා...ඒත් මොනව කරන්නද..ආදරේ වෙනුවෙන් දරාගන්නව මිසක්....තව ටයිප් කරන්නත් අමාරුයි...හ්ම්.....

    ReplyDelete
  56. ම්ම්ම්... හරි ලස්සනයි අයියෙ.. ඔයා ලියල තියෙන්නෙ ඇත්තට උනා වගේනෙ... ඉස්සරහටත් මේ වගේ පෝස්ට් දාන්න. ජයවේවා!!!

    ReplyDelete
  57. දිනේෂ්.තවම හිතල නැහැ ලියනවද නැද්ද කියල පස්සේ බලමු.

    ReplyDelete
  58. එයාගෙ සතුට ඒදේනම්.. එයා සතුටින් නම්.. ඒ හිනාව දිගටම ඒ මුණෙ වගේම හදවතෙත් රැදෙනවනම්.. අනිවාර්යයෙන්ම.. ඇය යන්න ගියේ සතුටින්.. හැබැයි අපේ හිත්වල මතකයන් අළුත් කරලා.. :)

    ReplyDelete
  59. හරිම ලස්සන කතාවක් එත් දුකයි..ඔයා ලස්සනට ලියනවා

    ReplyDelete
  60. ඔයා මුලින්ම අළු පාට හැන්දෑවට ආපු දවසෙ මම ට්‍රයි කලා ඔයාට බ්ලොග් එකක් තියනවද බලන්න..ඒත් එදා මම මේක දැක්කෙ නැහැ...ඉතින් මම හිතුවෙ ඔයාට බ්ලොග් එකක් නැහැ කියල..(ගූග්ල් මාමත් වෙලාවකට අන්දමන්ද දූපතට යනවලු.)

    ReplyDelete
  61. ඔන්න බලන්නකො වෙලා තියන දේ.මං මේ Post එක කියෙව්වෙ දාපු දවසෙමයි.වෙලාව නැති හින්දා ආයෙම ආවහම මගෙ ස්ථානෙ මේක. හරිම අසාධාරණයි.. :(
    (විහිලුවට කිව්වෙ..)

    අයියා මේ කතාව ලියලා තියෙන්නෙ හිතේ තිබුනු දුකකින් කියලයි මට කියවද්දි හිතුනෙ.ඒක මොනවගේ දුකක්ද කියන්න දන්නෑ.හැබැයි මම එකක් දන්නවා මේක කතාව මගෙ හිතට තදින්ම වැදුනා කියලා.

    ලස්සනයි අයියේ කවි සිතිවිල්ලත්.

    ReplyDelete
  62. ඔව් බං ඒක ඇත්ත.... අපි දෙන්න හැමදාම වගේ හම්බවෙන මිනිස්සුනේ
    කිරිල්ලට උනා වගේ මමත් උඹේ ප්‍රොෆයිල් එක බැලුවහම උඹට බ්ලොග් එකක් තිබුනේ නැහැ
    ඒ නිසා මම හිතුවා උඹ බ්ලොග් එකක් ලියන්නේ නැහැ කියලා

    ඒත් කොහේ හරි යන අතරමගකදී වර්ණ බ්ලොග් එක දැකලා මමත් පස්සෙන් පන්නන්න ගත්තා
    හැබැයි ඒක ලියන්නේ උඹ බව දැනගෙන නෙමෙයි.... :)

    අර කිව්වත් වගේ ගුගුල් දෙයියෝ උඹත් එක්ක ප්‍රකෝපවෙලා හිටියද දන්නේ නැහැ ඒ දවස්වල

    ReplyDelete
  63. අතැරලා දාන්න මෙයා. වෙන කෙල්ලෝ නැතුවද.....:)

    ReplyDelete
  64. @ තනි අලියා : උඹට එහෙම උනාටනම් මම දුක් වෙන්නේ නෑ.. මොකද ඉතින් ඒ ඔක්කොම අක්කලානේ.. ඒ කවුරුවත් අලියට ලවු කලේ නෑනේ.. අලියා ලවු කලාට.. එහෙනම් ඔන්න මම මගේ වෙඩින් එක අලියට කියන්නෙත් නෑ.. එන්නේ නැති නිසා..

    ReplyDelete
  65. @ පැණි දොඩම් : ඔව්.. ඒත් ඒකෙන් අපේ හිත් වලට කාලයක් පුරාවට රැදෙන දුකක් ඉතුරු වෙන්නේ නෑනේද?? ඒත් ආදර විරහවකදි...

    ReplyDelete
  66. @ මධුරංග : ඒක ඇත්ත අයියේ.. අපි ආස කරන ගොඩක් දේවල් අපේ ජීවිත වලට ලං වෙනවා අඩුයි.. ස්මහර වෙලාවට් ආදරෙත් ඒ වගේ තමයි..

    ReplyDelete
  67. @ මහිම මදුරංග : ඒත් ඒ දුක කවදාහරි විදගන්න හිත හදාගෙන හිටියොත් හොදයි කියලා හිතනෙවා මලයෝ..

    ReplyDelete
  68. @ තරූගේ ලෝකය : සමාවෙන්න හිත් වේදනාවක් මේ පෝස්ට් එක නිසා අළුත් උනානම්.. ආදරේ වෙනුවෙන් අපිට සමහර දේවල් කැප කරන්න වෙනවා..

    ReplyDelete
  69. @ Shani : ඇත්තටම විදින්න නොලැබුන එක ගැන මම සතුටු වෙනවා.. ඒත් මම ආදරේ කරන කෙනා හැමදාටම වෙන් වෙල යනවා බලාගෙන ඉන්න මට සිද්ද උනා..

    ReplyDelete
  70. @ අසරණයා : ඒක අයියගේ කැමැත්තක්.. අයියගේ ජීවිතේට සම්බන්ද දෙයක් නිසා කැමැත්තක් කරන්න..

    ReplyDelete
  71. @ නන්දු : ඇත්ත.. ඒත් අපේ හිත්වල මතකයන් අළුත් වෙනවනම් ඒක මම දකින්නේ වැරැද්දක් විදිහට.. මොකද තමන් ආදරේ කලා උනත් දැන් එයා හැමදාටම වෙන කෙනෙකුට අයිති වෙලා ඉවරයි..

    ReplyDelete
  72. @ පුංච් කුමාරිහාමි : ගොඩක් ස්තුතියි කුමාරිහාමි..

    ReplyDelete
  73. @ වින්චැට්කිරිල්ලී : ගූගල් දෙයියෝ කාලයක් මාව රවුමේ යවලා තියෙනවා කියලා මම දැන්නේ දන්නේ.. මොනා කරන්නද ඉතින්..

    ReplyDelete
  74. @ අපි වගේ : ඒකනේ කියන්නේ මලයා අපායට ගියත් කලින් යන්න කියලා.. :)

    හ්ම්ම්.. හිතේ දුකක් තිබුනා.. ඒ මොකද මේක ලියාගෙන යද්දී මට මම ආදරේ කරපු කෙනා මතක් උන නිසා.. එයා මගේ ජීවිතෙන් හැමදාටම යන්න ගියා.. ඒත් ඒ මේ විදිහට නෙමෙයි..

    ReplyDelete
  75. @ ලොකු පුතා : ඔය දේම මටත් කීප සැරයක්ම උනා.. ප්‍රකෝප වෙලා කියන්නේ.. වැඩක් නෑ කියලා..

    ReplyDelete
  76. @ Kasun : එකත් ඇත්ත.. එහෙනම් අමතක කරල දාමු..

    ReplyDelete
  77. අයියාගෙ කතාව කියවන් යනකොටම මට ඇඩුනා.ඔහොම හිත බාගෙට හරි හදාගෙන වෙඩින් එකට යන කොල්ලො හරිම අඩුයි අනික එයාගෙ සතුටම ප්‍රාර්තනා කරන.ලස්සනයි අය්යෙ.ඒත් දුකයි හුගක්

    ReplyDelete
  78. පට්ටයි අයියේ අද දවසම OFFICE එකේ ඉදලා කරපු එකම දේ තමා ඔයා ලියපු POST ඔක්කොම කියෙවුවා ඔක්කොම නියමයි මෙක නම් හොදටම දෑනුනා අයියා

    ReplyDelete
  79. පට්ටයි අයියේ අද දවසම OFFICE එකේ ඉදලා කරපු එකම දේ තමා ඔයා ලියපු POST ඔක්කොම කියෙවුවා ඔක්කොම නියමයි මෙක නම් හොදටම දෑනුනා අයියා තව ලියන්න

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්